The Loku Effect

#56 - Damitha Nipunajith - Science Fiction Author


Listen Later

විද්‍යා ප්‍රබන්ද ලේඛක දමිත නිපුණජිත් සමග කල සාකච්ඡාව------------------------------------------------------------- 
සිංහල භාෂාවෙන් ලියවුන ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ද පොත් අතුරින් මම පෞද්ගලිකව ඇලුම් කරපු, සිතට දැනුනු, Mind Blowing ගනයේ පොත් දෙකක් තමයි "විස්මිත සිහින දකින්නා" සහ "කාලාවකාශයේ සිරකරුවා". මේ පොත් දෙකම කෙටි කතා එකතුවක ප්‍රතිපලයක්. මම මේ පොත් කියවනකන් හිතුවේ නැහැ ලංකාවේ සිංහලෙන් මේ වගේ ලස්සනට හිතලා විද්‍යා ප්‍රබන්ද ස්වතන්ත්‍ර නිර්මාණ බිහිවෙලා ඇති කියලා. ඉතින් මේ පොත් කියෙව්වට පස්සේ මට හිතුනා මේ පොත් ලියපු, මේ පොතට පාදකවෙච්ච කතා ඔලුවේ මැවිච්ච දමිත නිපුනජිත්ව මගේ මේ Podcast එකට එකතුකර ගන්න. 
මේ පොත් ගැන වගේම තවත් කාරණා පිළිබඳව මගේ හිතේ තිබ්බ ප්‍රශ්න ගණනාවකට දමිතගේ අදහස් මේ Episode එකෙන් දමිත ඉදිරිපත් කරනවා. ඉතින් විද්‍යා ප්‍රබන්ද වලට ආසකරන්න, දමිතගේ පොත් කියවපු රසිකයන්ට වගේම, අනාගතයේදී විද්‍යා ප්‍රබන්ද ලේඛනයේ යෙදෙන්න බලාපොරොත්තු වෙන හැමෝටමත් මට වගේම සැහෙන ගොඩක් දේවල් මේ Episode එක අහලා දැනගන්න ඉගෙනගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් කට්ටියම මේ Episode එක අහලා ඔයාලගේ අදහස් උදහස් ඉදිරිපත් කරන්නත් අමතක කරන්නත් එපා.
---------------------------------------------------
Official "The Loku Effect" Facebook Page
www.facebook.com/thelokueffect
 
Join "The Loku Effect" Facebook Group
www.facebook.com/group/thelokueffect
...more
View all episodesView all episodes
Download on the App Store

The Loku EffectBy Deen