CYBER Wiparama

Episode 47: වෙස් මුහුනු බැඳන් එන SMS හෙවත් SMiShing scams


Listen Later

Broadcast on 3ZZZ radio on 1 Sep 2019

මේ කාලෙ ජංගම දුරකතනයක් අත නැති කෙනෙක් හොයා ගන්නම නැති තරම්. පරිගණකයක් භාවිතා නොකරන කෙනෙක් වුනත් ජංගම දුරකථන හරහා තමන්ගේ කුදු මහත් කාර්‍යයන් කර ගන්නවා. මේ නිසාම සයිබර් හොරුන් ජංගම දුරකථන හරහා මිනිසුන් රවටා මුදල් හෝ වෙනත් පුද්ගලික විස්තර සොරා ගැනීමේ ස්කෑම් දැන් වැඩි වැඩියෙන් දියත් කරලා තියෙනවා.

උදාහරණයක් විදියට මීට සති කිහිපයකට කලින් ඔස්ට්‍රේලියා පෝස්ට් වෙතින් එන ලෙසින් ආ ටෙක්ස්ට් පනිවිඩයකයින් කියවුනේ 'Package detained in Terminal' හෝ ' We are having problems delivering your package' - මේ එක්කම වැඩි විස්තර සඳහා වෙබ් අඩවියක ලිපිනයත් ඒ එක්කම සටහන් කරලා තිබුනා. දැන් මේ වෙබ් අඩවියට ගියාම එය හරියටම ඔස්ට්‍රේලියා පෝස්ට් වෙබ් අඩවියක් වගේ පෙනුනත් එය ඇත්තටම ඔවුන් මේ වංචනික වැඩය වෙනුවෙන් හදපු වෙබ් අඩවියක්. 

 

 For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/

...more
View all episodesView all episodes
Download on the App Store

CYBER WiparamaBy Champike Yatagama