Hustle Life

Hustle Life

By HimaBusiness
Download on the App Store

Hustle Life episodes

  • How to Build and Sell Property for Extra Income in Australia
    අද මේ episode එකේ මාත් එක්ක අද join වෙලා ඉන්නෙ චරිත් බණ්ඩාර අයියා. අපි අද කතා කරන්නේ කොහොමද ඔස්ට්‍රේලියාවේ propity flipping, එහෙමත් නැත්නම් ගෙයක් හදලා කොහොමද profit එකක් තියාගෙන විකුනන්නෙ සහ ඒක business එකක් විදිහට කරගෙන යන්න යන්නේ කොහොමද, ඇතිවෙන ප්‍රශ්න සහ ගැටළු වලට මුහුණ දෙන්නෙ කොහොමද, සාර්ථකව මේ වැඩේ කරගෙන යාමේ හැකියාව කොහොමද ලබාගන්නේ කියලා තමයි අද අපි කතා කරන්නෙ. අහලා බලන්න ගොඩක් වැදගත් වේවි අනාගතයට. ජයෙන් ජය!
    1 hr 6 min
  • How to Build and Sell property for extra income in Melbourne, Australia - The Hustle Life
    අද මේ episode එකේ මාත් එක්ක අද join වෙලා ඉන්නෙ චරිත් බණ්ඩාර අයියා. අපි අද කතා කරන්නේ කොහොමද ඔස්ට්‍රේලියාවේ propity flipping, එහෙමත් නැත්නම් ගෙයක් හදලා කොහොමද profit එකක් තියාගෙන විකුනන්නෙ සහ ඒක business එකක් විදිහට කරගෙන යන්න යන්නේ කොහොමද, ඇතිවෙන ප්‍රශ්න සහ ගැටළු වලට මුහුණ දෙන්නෙ කොහොමද, සාර්ථකව මේ වැඩේ කරගෙන යාමේ හැකියාව කොහොමද ලබාගන්නේ කියලා තමයි අද අපි කතා කරන්නෙ. අහලා බලන්න ගොඩක් වැදගත් වේවි අනාගතයට. ජයෙන් ජය!
    1 hr 7 min
  • Tiktok හරහා හොඳ following එකක් හදාගන්නෙ කොහොමද
    ආයුබෝවන් hustlers, හැමෝවම සාදරයෙන් පිළිගන්නවා hustle life podcast එකේ අලුත් episode එකට. අද අපි කතා කරන්නෙ tiktok වලින් තමන්ට ආදරේ කරන following එකක් හදාගන්නෙ කොහොමද කියලා සහ brand එකක් හදාගන්න විදිය ගැන. අද මාත් එක්ක tiktok ගැන කතා කරන්න එකතු වෙලා ඉන්නේ මගෙ හොඳ යාලුවෙක් වෙන නිසල් සිල්වා. ඔහුට මේ වන විට tiktok එකේ 31,000ක ජාත්‍යන්තර following එකක් තියෙනවා. ඔහුගෙ fansලා ඔහුට හරිම ආදරෙයි. මේ බැඳීම හදාගන්න විදිය ගැන අපි ගොඩක් කතා කළා මේ episode එකෙන්. අහලා බලන්න social media වලින් brand එකක් සහ following එකක් හදාගන්න ඕන අයට මේක වැදගත් වේවි!
    1 hr 1 min
  • How to create wealth with Real Estate and Stocks with Charith Bandara
    තමංගේ net worth එක වැඩි කරගන්නෙ කොහොමද? ප්‍රධානම ක්‍රමය තමයි තමංගේ සල්ලි ආයෝජනය කරන එක. ආයෝජනය, නැත්නම් investing කියන්නෙ මොකක්ද සහ මොනවාද හොඳම ආයෝජන අපිට කරන්න පුළුවන්, වගේ ගොඩක් දේවල්, investing basics ගැන මේ episode එකෙන් චරිත් බණ්ඩාර අයියා එක්ක මම කතා කරනවා. ඔහු ලංකාවේ ඉඳං මෙහේ ඇවිත් සෑහෙන මහන්සි වෙලා සාර්ථක ව්‍යාපාර කටයුතු ගොඩක නිරත වෙලා ඉන්න ලාංකිකයෙක්. අහලා බලන්න, ඔයගොල්ලන්ට සෑහෙන වැදගත් කරුණු දැනගන්න පුළුවන් වේවි
    1 hr
  • How to own Real Estate in Australia - with Sam Wee
    හැමෝගෙම සිහිනයක් තමයි කවදාක හරි Aussie වලින්, හොඳ පැත්තකින් ගෙයක් ගන්න එක. නමුත් ගෙයක් ගන්න කලින් දැනගෙන සිටිය යුතු කාරණා කීපයක් තියෙනවා. මේ දේවල් කතා කරන්න අද මේ episode එකෙන් ඇවිත් ඉන්නෙ සෑම් වීරවර්ණ අයියා. Aussie වල real estate game එකේ සෑහෙන දෙයක් කරන, ඉස්සරහට යන කෙනෙක් විදියට තමයි මම සෑම් අයියාව දකින්නෙ. Real estate වලට අමතරව, ලංකාවෙන් මෙහෙට එන්න ඉන්න කොල්ලො කෙල්ලන්ටත් ජීවිතේට අවශ්‍ය වෙන වැදගත් කරුණු කාරණා ගොඩාක් සෑම් අයියා කතා කළා. අහලා බලන්න. ගොඩාක් වැදගත් වේවි. ජය!
    50 min
  • Cryptocurrency ගැන ඉගෙනගන්න with Crypto තිවංක
    ආයුබෝවන් hustlers හැමෝවම ආදරයෙන් පිළිගන්නවා hustle life podcast එකේ අලුත් episode එකකට. මේ episode එකෙන් අද අපි කතා කරන්නේ cryptocurrency ගැන. මගේ හොඳ යාලුවෙක් වෙන තිවංක සමරසිංහ තමයි අද crypto ගැන කතා කරන්න එකතු වෙලා ඉන්නේ
    43 min
  • තමන්ගේ සිහින කරා යාමට අවශ්‍ය mindset එක හදාගන්නේ කොහොමද ?- with තනුක
    ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද දෙයක් පටන් ගන්නෙ කියන එක. මේ episode එකේ ප්‍රධාන අරමුණ entrepreneur mindset එක හදාගන්න එක ගැන. අද episode එකේ guest වෙලා ඉන්නේ Thanukz Veg Cafe ව්‍යාපාරයේ අයිතිකරු සහ අධ්‍යක්ෂ, මගේ හොඳ මිත්‍ර විදානගමගේ තනුක. ඔහු ලංකාවට veganism කියන concept එක ප්‍රචලිත කරන්න වෙර දරන තරුණ ව්‍යවසායකයෙක්. මේ episode එකෙන් තනුකගේ ආරම්භය ගැන සහ, ඔහුට මේ ව්‍යාපාරය පටන් ගන්න මූලික වෙච්ච දේවල් වගේ සෑහෙන වටින කරුණු කිහිපයක්ම කතා කරනවා. අහලා බලන්න, ඔයාලට සෑහෙන වැදගත් වේවි! ජය!
    51 min
  • Hustle Life Episode 8 - How to manage your money with Sonny De Silva
    ආයුබෝවන් hustlers සාදරයෙන් පිළිගන්නවා හැමෝවම Hustle Life Podcase එකේ අටවෙනි episode එකට. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ සල්ලි කොහොමද හරියට manage කරගන්නෙ කියන එක. මේ episode එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ money management. අද episode එකේ guest වෙලා ඉන්නේ DS Advisory ව්‍යාපාරයේ අයිතිකරු සහ අධ්‍යක්ෂක සනී ද සිල්වා අයියා. ඔහු ඕස්ට්‍රේලියාවේ දැනට වාසය කරන ලාංකික ව්‍යවසායකයෙක්. ඔහු පොඩි තැනික ඉඳන් පටන් ගෙන ගොඩක් කට්ට කාලා අද ලොකු ව්‍යාපාරිකයෙක් වෙලා ඉන්න අපේ කෙනෙක්. මේ episode එකෙන් සනී අයියාගේ ආරම්භය ගැන සහ සල්ලි කළමණාකරණය ගැන වටිනා කරුණු ගොඩාක් සාකච්ඡා කරනවා. අහලා බලන්න, ඔයගොල්ලන්ට සෑහෙන වැදගත් වේවි. ජය!
    51 min
  • Hustle Life Episode 7 -ක්‍රීඩකයන්ගෙන් ආදර්ශයට ගතහැකි ව්‍යවසායකත්ව mindset එක - with Rangana De Silva
    ආයුබෝවන් hustlers සාදරයෙන් පිළිගන්නවා හැමෝවම Hustle life podcast එකේ හත්වෙනි episode එකට. අද episode එකේ guest වෙලා ඉන්නේ යසිත රංගන ද සිල්වා, මගේ හොඳ යාලුවෙක්. ඔහු ලංකාවේ නම ටෙනිස් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට ගෙනිහින් අපේ රටට ජයග්‍රහණ ගොඩක් ලබාගෙනදුන්න පුද්ගලයෙක්. ඔහු මෙවැනි තරඟකාරී ක්‍රීඩාවක් කරන ගමන් ඔහුගේ අධ්‍යාපන කටයුතු ත් සාර්ථකව කරගෙන යමින් දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරණ උපාධිය හදාරමින් සිටිනවා. ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් ක්‍රීඩාවයි ව්‍යවසායකත්වයයි අතර තියන සම්බන්ධතාවය මොකක්ද කියල. Sports වලින් ලැබෙන work ethic එක, විනය ,ඉවසීම සහ විශේෂයෙන්ම give up නොවන ගතිය අපිට entrepreneurship life එක සාර්ථක කරගන්න යොදාගන්න පුළුවන්. අහලා බලන්න, ලංකාවේ කොල්ලෙක්, ඕගොල්ලෝ මොන දේ කළත් මේ කියන දේවල් ඕනෑම තැනකට apply කරන්න පුළුවන්. ජය!
    50 min
  • Hustle Life Episode 6 නිදාගැනීමේ අපහසුතාවයන් වලට පිලිතුරක් -with Bhanu Wijethilake
    නින්ද යන්නේ නැද්ද ?
    ගොඩක් Entrepreneurship game එකේ හරි Hustling game එකේ හරි ඉන්න අයට නින්ද කියන්නේ හරි අවශ්‍ය දෙයක්. හැබැයි ගොඩක් අයට නිදාගැනීමේ ප්‍රශ්න තියෙනවා. Hustle Life podcast එකේ මේ එපිසෝඩ් එකෙන් මම අද කතා කරන්නේ නින්ද ගැන. මාත් එක්ක එකතු වෙලා ඉන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන මගේ හොඳ මිත්‍ර භානු විජේතිලක. ඔහුගේ නින්ද ගැන තිබෙන වෛද්‍ය විද්‍යා දනුම මේ එපිසෝඩ් එකෙන් ඕගොල්ලොන්ට නින්ද ගැන තියෙන හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලබා දීලා තියෙනවා. නින්ද නොයාමේ හේතු ,නිදාගැනීමට නොහැකිවීමට වළක්වාගෙන සුව නින්දක් ලබන්නේ කොහොමද, ඒ වගෙම කොපමණ කාලයක් ඕගොල්ලො නිදා ගතයුතුද අදියේ ප්‍රශ්න රැසකට පිළිතුරු, භානු විසින් මේ එපිසෝඩ් එකෙන් ලබා දෙනවා. අහලා බලන්න. ගොඩාක් වැදගත් වේවි
    36 min

About Hustle Life

From the publisher's feed

Podcast by Hima