DILUU_DM

මතක හරි බරයි.


Listen Later

මතක කියන්නෙ හරි භයානක දෙයක් කියලා මට දැන් තේරෙනවා.


අපි වෙන්වෙලා අවුරුදු දෙකක් වෙලත් ඔයාගෙ උණුසුම මට තාම දැනෙනවා. මහ පාන්දරටත් ඇහැරෙනවා ඔයාව මතක් වෙලා. ඒ වෙලාවට දැනෙන තනිකම අමාවකටත් වඩා කලුවරයි. නොගැලපෙන නිසා වෙන්උනත් අපි ගතකරපු හැම⁣ මොහොතක්ම මම ගතකලේ මම විදියටමයි. ඔයාගෙ උකුලට ඔලුව තදකරපු එක තත්පරෙත් ඇති උනා හැම ⁣වේදනාවක්ම දියකරලා දාන්න. ඉතින් ඒ හැම මතකයක්ම වැස්සක් වගේ කඩාහැලෙද්දි ⁣ලෝකෙ තියන හොඳම කුඩේ යට හිටියත් බැහැ.


අදත් ඒ වගේ දවසක්. මිනිස්සු හිතනවා මම හරි දරදඬු මනුස්සයෙක් කියලා. මගෙ හැසිරිම ඒ වගේ කියලා මම දන්නවා. ඒත් මට ලෝකෙට පේන්න සංවේදී මිනිහෙක් වෙන්න ඕන නැහැ. මම මොනවගේ මිනිහෙක්ද කියලා ඔයා හොඳටම දැනගෙන හිටියා. මම දන්නවා ඔයාට ඒ ⁣දේවල් අමතක නැතුවැති කියලා.



ඒත් අද මට අයිතියක් නැහැ ඔයාට කතාකරන්න ,ඔයාගෙන් හිනාවක්වත් බලාපොරොත්තු වෙන්න. ගෙදරින් ගෙනාපු යෝජනා මං නිසා මඟෑරපු ඔයා මං නිසාම ඒ එකකට එකඟ වෙලා මනමාලියක් වෙන දවස බලන්නවත් මට විදිහක් තිබුනෙ නැහැ. ඒ මගෙ ලැබීම.


කෙනෙක්ට කියන්න පුලුවන් නොගැලපෙන තැන් ගලපගන්න එකයි ආදරය කියලා. ඔව් , ඒත් ඒ ගලපගන්න යන ගමනෙ මට මාව මඟැරෙනවනම් , දවසක ආයෙ ඒ නොගැලපෙන තැන් මගෙන් ඔයාට ලැබෙනවා. ඔයාගෙනුත් එහෙමයි. මොනදේටත් වඩා ආදරේදි වටින්නෙ අපිට අපි විදියට ඉන්න ලැබෙන එකයි, ඒ අපිව අනිත් කෙනා තේරුම්ගන්න එකයි.


දැන් ආයෙ නින්ද යන්නෙම නැති තරම්. මම දවස් ගනන් නිදාගෙන නැහැ දැන්. ඒ හැම⁣ වෙලාවකම ඔයා මට දවසක අහන්න දුන්න සින්දුව අහලා තමා මම මගෙ තනිකම නැතිකරගන්නෙ. ඕකතමයි ජීවිතේ වෙලා තියෙන්නෙ. මට මතකයි ඔයා දවසක් මට කිව්වා මටත් හොඳ කෙනෙක් හම්බෙයි කියලා. ඒත් දැන් මම බයයි. ආයෙ මේ ⁣වේදනාව විඳින්න මට හරි අමාරුයි.


මොකද , මතක හරි බරයි.


✍️ ඩිලූ


#ඩිලූ2022ජූනි


xysPIrzrCUkfltHfAZyY

A podcast where cinema, music, and real life quietly meet.

Each episode is a feeling, stories told through films, songs, moments, and emotions we often don’t say out loud.

No noise. No rush. Just honest storytelling, reflections, and human connections.


From Sri Lanka to the world ❤️

Hosted on Acast. See acast.com/privacy for more information.

...more
View all episodesView all episodes
Download on the App Store

DILUU_DMBy DILUU_DM