Dharmadhanaya Podcast

Pirith | සර්ව ආරක්ෂක පිරිත් සජ්ජායනාව | - අති පූජනීය පිටිගල ගුණරතන මාහිමිපාණන් වහන්සේ


Listen Later

මෙම පටිගත කිරීමේ සම්පුර්ණ හිමිකම දේශකයාණන් වහන්සේ සතුවන බව කරුණාවෙන් සලකන්න. උපුටා ගැනිමට අවසර ලබාගත යුතු බව කරුණාවෙන් දන්වා සිටිමු. විමසීම් -: [email protected] ================================================================================= බුද්ධාදී රත්නත්‍රයේ අනන්ත වූ ආශිර්වාදයෙන් සූවිසි අනන්ත වූ මහා ගුණ බලයෙන් තුණුරුවන්ගේ ආනුභාවයෙන් සිදු කරනු ලබන සර්ව ආරක්ෂක පිරිත් සජ්ජායනාව. පිරිත යනු කුමක්‌ද ? හාත්පසින්ම ආරක්ෂාව රැකවරණය සලසා ගැනීම සූත්‍ර පිටකයේ “පරියත්ත සුත්ත” ලෙස හඳුන්‌වන තෝරාගත් සූත්‍ර කොටසක්‌ තිබෙනවා. අපට අධ්‍යාත්මිකව හෝ භෞතිකව, කායිකව හෝ මානසිකව ආරක්ෂාව සලසා ගත හැකි විශ්වාසයක් තිබෙන සූත්‍ර එකතුවක් අඩංගු කොට ඒවාට “සූත්‍ර” කියන නමට අමතරව “පරිත්ත” කියන වචනයක් යොදා තිබෙනවා. පරිත්ත කියන වචනයෙහි තේරුම හාත්පසින්ම ආරක්ෂාව රැකවරණය සලසා දෙනවා යනුයි. විපත්ති නැති කර ගැනීම සහ සම්පත්ති උදාකර ගැනීම පිරිතක් කියවා ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ විපත්ති නැති කර ගැනීම සහ සම්පත්ති උදාකර ගැනීමයි. විපත්ති ලෙස දුක්, භය, රෝග සැලකෙනවා. ලෙඩ, දුක් කරදර, භය, සන්ත්‍රාසය, මරණය ආදීය විපත් හැටියට සැලකෙනවා. පිරිත් දේශනා කරන්නේ සැපය සලසා ගන්නයි. ඒ වාගේම පිරිත කියන පුද්ගලයා තමා කියන පිරිතේ අර්ථය දැනගැනීම ඉතා වැදගත්‌. එය නියමාකාරයෙන් සත්‍ය ක්‍රියාවක් හැටියට කරන්න පුළුවන්කම ලැබෙන්නේ එහි අර්ථය දන්න පුද්ගලයාට යි. අසන පුද්ගලයාට වඩා පිරිත් කියන පුද්ගලයා එහි තේරුම දැන ගැනීම වැදගත්. වචනයෙන් විස්තර කරන ධර්ම කාරණය කුමක්ද? කියා පිරිත් කියන්නා දැනගැනීම ඉතා වැදගත් වෙනවා.

 

:::::::listen without any ads::::::: 

Listen on Google Podcast: https://bit.ly/2YiIQTx

Listen on Apple Podcast : https://podcasts.apple.com 

Listen on Amazon Music/Audible : https://music.amazon.com/podcasts/530ab53f-bd10-4a51-9f9a-d8a983d242cf 

TuneIn + Alexa : http://tun.in/pj2bm 

Listen on Podbean Podcast: https://dharmadhanaya.podbean.com

Listen on Spotify : https://open.spotify.com/show/6RYqQuRK0yu37ARRSdcBZT 

...more
View all episodesView all episodes
Download on the App Store

Dharmadhanaya PodcastBy ධර්මදානය