Sign up to save your podcasts
Or

‘‘අද්ධමිදං, භික්ඛවෙ, ලාභානං යදිදං ආරඤ්ඤිකත්තං (අරඤ්ඤකත්තං (සබ්බත්ථ)) …පෙ…. පිණ්ඩ පාතිකත්තං… පංසුකූලි කත්තං … තෙ චීවරිකත්තං… ධම්මකථිකත්තං… විනයධරත්තං (විනයධරකත්තං (ස්‍යා. කං. පී. ක.)) … බාහුසච්චං… ථාවරෙය්‍යං … ආකප්පසම්පදා… පරිවාරසම්පදා… මහාපරිවාරතා… කොලපුත්ති… වණ්ණපොක්ඛරතා… කල්‍යාණ වාක්කරණතා… අප්පිච්ඡතා… අප්පාබාධතා’’ති.
AN 01-17-01 ආරඤ්ඤකත්ත සූත්‍රය.
“මහණෙනි, වනවාසි භාවය,
“මෙය ලාභයන් අතුරෙන් මෙය ඒකාන්ත ලාභයකි.’
[අද්ධමිදං යනාදියෙහි අද්ධං යන මෙය ඒකාන්ත යන්නට නමෙකි. ලාභයනගෙන් මෙය ඒකාන්තය, ලාභයන්ගෙන් මෙය නිශ්චිතයයි කියනලද්දෙවෙයි යදිදං ආරඤ්ඤකත්තං යනු යම් මේ ආරණ්‍යක භාවය ලාභයන්ට ඒකාන්තය. අවශ්‍යභාවිතයකි. ආරණ්‍යකයා විසින් ලාභ නොලැබීමට නොහැකියයි මෙය කියනලද්දේවෙයි. ආරණ්‍යක භික්‍ෂුව වනාහි තමන්ගේ අරණ්‍ය වාසයට සුදුස්සක් කරමැයි පවක් නම් නොකරයි. මේ භික්‍ෂුව ආරණ්‍යවාසියෙකැයි ඔහුට හටගත් ගෞරවය ඇති මහජනයා සිවුපසයෙන් පූජා කරයි. ‘මහණෙනි, යම් මේ ආරණ්‍යක භාවයක් වේද? මෙය ලාභයන්ට ඒකාන්ත’යයි එහෙයින් කියනලදී.
AN 01-17-02 පිණ්ඩපාති සූත්‍රය
“මහණෙනි, පිණ්ඩපාතික භාවය ,
“ ලාභයන් අතුරෙන් මෙය ඒකාන්ත ලාභයකි.’
“උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය ධම්මං සුචරිතං චරේ,ධම්මචාරී සුඛං සේති අස්මිං ලෝකේ පරම්හි ච..,ධම්මං චරේ සුචරිතං න නං දුච්චරිතං චරේ, ධම්මචාරී සුඛං සේති අස්මිං ලෝකේ පරම්හි ච.”
(ධම්මපද ලෝකවග්ග)
තේරුම :- “පිඬු සිඟා යෑම හැර ප්‍රණීත භෝජන සොයමින් පිණ්ඩපාත වත අමතක නොකළ යුතු ය. නො මනා ලෙස ආහාර සෙවීම හැර පිඬු සිඟා ගැනීම වූ සුචරිතයෙහි හැසිරිය යුතු ය. එසේ ධර්මයෙහි හැසිරෙන පැවිද්දා මෙලොව පරලොව දෙක්හි ම සුව සේ වෙසෙන්නේ ය.”
“පිණ්ඩියාලෝපසන්තුට්ඨෝ අපරායත්තජීවිකෝ,
පහීණාහාරලෝලුප්පෝ හෝති චාතුද්දිසෝ යති.
“විනෝදයති කෝසජ්ජං ආජීවස්ස විසුජ්ඣති,
තස්මාහි නාතිමඤ්ඤෙය්‍ය භික්ඛාචරිය සුමේධසෝ.”
තේරුම:
“පිණ්ඩපාත භෝජනයෙන් සතුටු වන්නා වූ අනුන් අයත් නොවන දිවි පෙවෙතක් ඇත්තා වූ ආහාර තණ්හාව දුරු කළා වූ පැවිදි තෙමේ කා කෙරෙහිවත් බැඳීමක් නැති බැවින් පැකිළීමක් නැති ව සතර දිශාවෙහි හැසිරෙන්නේ වේ. පිණ්ඩපාතයෙන් ජීවත් වන පැවිද්දා හට අලස බව ද දුරු වේ. ආජීවය ද පිරිසිදු වේ. එබැවින් නුවණැත්තේ, පිණ්ඩපාතික වත පහත් කොට නො සිතන්නේ ය.” LINK]
AN 01-17-03 පාන්සුකූලික සූත්‍රය
“මහණෙනි, පංසුකූලික භාවය,
“මෙය ලාභයන් අතුරෙන් මෙය ඒකාන්ත ලාභයකි.’
[බුදුන්වහන්සේ ජීවමානව වැඩසිටියුගයේ වස්ත්‍ර චීවර රෙදි පිලි සුලබ නොවීය. තිබුනත් එදා ඉතා අධික මිලෙන් යුක්තවිය. මේ පාසුකුලික චීවරය ගැන මෙසේ සඳහන් කිරීම ඒ කාලය ගැන සලකා තේරුම් කර ගත යුතුය. මේ ධුතාන්ග වෘතයක් ලෙස සමාදන්වීම අද කරන්නට බැරි දෙයකි.
තිලෝගුරු බුදුරජාණන් වහන්සේගෙන් දෙව්දත් තෙරණුවන් ඉල්ලා සිටි වර පහෙන් එකක් වූයේ භික්‍ෂුන් වහන්සේලා දිවි ඇති තෙක් පාංශුකූල සිව්රු දැරිය යුතුය යන්නයි. එය ඉතා හොඳයෑයි දේශනා කළ බුදු පියාණෝ එය නීතියක් ලෙසට පිළිගන්නට නොහැකියෑයි දෙව්දත් තෙරණුවන්ට දන්වා සිටියහ. එම ඉල්ලීම බැහැර හැරීම ඉතා සුදුසු යෑයි වැටහෙන්නේ එදාට වඩා අද සමාජයටය. අද වෙළෙඳ පොළෙහි විවිධ වටිනාකම් ඇති දේශීය හා විදේශීය වශයෙන් නිෂ්පාදිත සිවුරු වර්ග කොපමණ ඇතත් පාංශුකූල සිවුරක් නම් සොයාගත නොහැක. එමෙන්ම පන්සලකද නැත. සමරහවිට ආරණ්‍ය දෙක තුනක ඇත. පාංශුකූල රෙද්දක් සොයා ගැනීමද උගහටය. අද පාංශුකූලයක් පන්සලකට ලැබෙන්නේද නැත. ලැබෙන්නේ මතක වස්‌ත්‍ර පූජාවන්ය. මතක වස්‌ත්‍රය පාංශුකූලය ලෙස සලකන බොහෝ බෞද්ධයන්ගෙන් අප රට පිරී ඉතිරී පවතී. නමුත් පාංශුකූලය යනු මතක වස්‌ත්‍රය නොවන බව වටහා ගත යුතුය. මතක වස්‌ත්‍රය පුදන්නේ කෙනෙකු මියගිය පසු හෝ ජීවත් වන විට සිදු කරන පූජාවක් ලෙස එම පුද්ගලයාගේ අවසාන කටයුතු කරන සොහොන් පළේදී හෝ නිවසේ දීය. කෙනෙකු ජීවත්ව සිටින විට සිදු කරන මතක වස්‌ත්‍ර පූජාව ඔහුට කැමති තැනකදී සඟරුවනට පිදිය හැක. ඒ සියල්ල මතක වස්‌ත්‍ර මිස පාංශුකූල නොවනු ඇත. එයට හොඳ නිදසුනකි මතක බණ හා මතක දන. මේ සියල්ල පටලවා ගත් බෞද්ධ පිරිස් මතක වස්‌ත්‍රය පාංශුකූලය ලෙස සලකත්. මතක වස්‌ත්‍රය පූජාකරන ගාථාවෙන්ද පවසනුයේ “ඉමං මතක වත්තං” යනුවෙනි. මතක වස්‌ත්‍රය හා පාංශුකූලය අතර කිසිම සබඳතාවක් නොමැත.
පාංශු යන්නෙහි සිංහල තේරුම වන්නේ පාංශු යනු පස් යන්නයි. කුල යනු පිළිකුල් යන්නයි. එබැවින් පස්‌වලට දිරායන පිළිකුල් වූ රෙදිකඩ පාංශුකූල රෙද්ද ලෙස සලකන අතර සමහර තැනකදී මෙහි වෙනත් අර්ථයක්‌ද ලබාදී ඇත. පාංශු පස් – කුල – මුදුන සොහොන් බිම් ආදී තැන්වල මළමිනී ඔතා දමා මුඳුන් වී තිබෙන රෙදි කැබැල්ල යන අරුත ගෙනදෙයි. කෙසේ වෙතත් පිළිකුල්වී පසට දිරායන රෙදිකඩ පාංශුකූල රෙද්ද ලෙස හැඳින්වීම අර්ථාන්විතය. එමෙන්ම නිවැරදිය. මෙලෙස පිළිකුල් කොට අහකට දමා දිරායන පාංශුකූල වස්‌ත්‍ර 23 ක් චීවර හෙවත් සිවුරු මැසීමට සුදුසු බව විශුද්ධි මාර්ගය නම් ධර්ම ග්‍රන්ථයේ සඳහන්ව ඇත. නමුත් මෙම පාංශුකූල වස්‌ත්‍ර 23 න් එකකින්වත් මැසූ සිවුරු ලොවෙහි සිටින භික්‍ෂුන් වහන්සේලා විසින් අඳිනවාද යන්න අපි නොදනිමු මේ ගැන විස්තරයක් විසුද්ධි මග්ග යෙහි මෙසේ දැක්වේ…..
පංසුකූලිකඞ්ගය සමාදන්වන්නහු විසින් “ගහපතිදාන චීවරං පටික්ඛිපාමි. පංසුකූලිකඞ්ගං සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. “ගෘහපතීන් විසින් දෙන සිව්රු හැරැපියමි පංසුකූලිකඞ්ගය සමාදන් වෙමි” යනු එහි අර්‍ථ යි.
පංසුකූලිකඞ්ග විධානය :-
පංසුකූලිකඞ්ගය සමාදන්වූවහු විසින් සෝසානිකය, පාපණිකය, රථියචොලය, සඞ්කාරචෝලය, සොත්‍ථිය, නහානචෝලය, තිත්‍ථචෝලය, ගතපච්චාගතය, අග්ගිදඩඨය, ගෝඛායිතය, උපචිකාඛායිතය, උන්‍දුරඛායිතය, අන්තචජින්නය, දසාච්ඡිනනය, ධජාහටය, ථූපචීවරය, සමණචීවරය, ආභිසෙකිකය, ඉද්ධිමයය, පන්ථිකය, වාතාහටය, දෙවදත්තිය, සාමුද්දිය යන මේ තෙවිසි වැදෑරුම් වස්ත්‍ර අතුරෙන් යම්කිසි වස්ත්‍රයක් ලබාගෙන කැබැලි කොට ඉරා අබල තැන් හැරැ සබල වූ කැබලි සෝදා සිවුර සාදා ගෙනැ පරණ ගෘහපති චීවරය හැරැ දමා පරිභෝග කළ යුතු යි.]
AN 01-17-04 තෙචීවරිකත්ත සූත්‍රය
“මහණෙනි,
තෙචීවරික භාවය,
“ ලාභයන් අතුරෙන් ඒකාන්ත ලාභයකි.’
තථාගතයන් වහන්සේ විසින් පැවිද්දන් ගේ පරිභෝගය පිණිස සිවුරු නවයක් අනුදැන වදාරා තිබේ. “අනුජානාමි භික්ඛවෙ නිචීවරං දිග – ණං සංඝාමිං
එකචචියං උත්තරාසංඝං, එකවචියං අන්තරාවාසකං”
මහණෙනි, මම දෙපටක් ඇති සඟල සිවුරුද එක් පටක් ඇති උතුරු සඟළ සිවුරුද, එක් පටක් ඇති අඳනා සිවුරුද අනුදනිමි” යනුවෙන් වදාළහ. මෙය වරදවා වටහාගත් භික්ෂූන් වහන්සේලා එක් තුන් සිවුරකින්ම ආරාමවෙහිද නවතුන් සිවුරකින් ගමෙහිද,අනෙක් තුන් සිවුරකින් නෑමෙහිද යෙදීමෙන් ඔවුන්ගේ අල්පේච්ඡ බව ඉක්මවා ගොස් සංකීර්ණත්වය පැමිණියේය. එහෙයින් අතිරේක සිවුරු දැරීම අනුමත නොකළහ. එයින් සංඝාටි උත්තරාසංග, අන්තරවාසක යන තුන ප්‍රධාන ය. අන්තරවාසක යනු අඳනය ය. උත්තරාසංග යනු උඩුකය වසනු පිණිස පොරෝනා සිවුර ය. සංඝාටි යනු විහාරයෙන් පිටත යන කල්හි ශරීරය හොඳින් වසාගනු පිණිස පාවිච්චි කරන සිවුර ය. දැනට අඳනය – තනි පට සිවුර – දෙපර සිවුරය” යි ව්‍යවහාර කරන්නේ මේ තුනටය.]
AN 01-17-05 ධම්ම කථිකත්ත සූත්‍රය
“මහණෙනි, ධර්ම කථික භාවය ,
“ ලාභයන් අතුරෙන් ඒකාන්ත ලාභයකි.’
[ කලින් ඇති චතුක්ක නිපාතයේම 14 වන පුග්ගල වග්ගයේ ධර්ම කථික සුත්‍රයේ ද අන් තැන් කිහිපයකම ධර්ම කථික භාවය යනු කෙබඳු ගති ඇති භික්ෂුවක් දැයි සඳහන් වේ.ධර්ම සන්නිවේදකයෙකු සතු විය යුතු චරිත ලක්ෂණ ලෙස.
ප්‍රියශීලි අයෙකු වීම, ගරු සම්භාවනාවට සුදුස්සෙකු වීම, ව්‍යක්ත අයෙකු වීම, නො ඉක්ම විය යුතු වදන් ඇත්තෙකු වීම, ගැඹුරු කථා ඇත්තෙකු වීම,භාෂා, ව්‍යවහාර ජනකාන්ත වීම, ශ්‍රාවකයා වෙත අනුකම්පා සහගත වීම, ස්ව මතය නොව බුද්ධ මතය ප්‍රකාශ කිරීම, ප්‍රත්‍ය ලාභය පිණිස නොව ධර්ම ඥානය පිණිස ධර්මය දේශනා කිරීම සහ හාස්‍ය උපදවන චරිතයක් නොවීම හඳුන්වා ඇත. ගිහියන්ගෙන් සිව්පසය ලබන භික්ෂුව විසින් ගිහියාට කළයුතු ප්‍රධානතම උපකාරය වන්නේ ධර්ම දානයෙන් ඔවුනට පිහිට වීම බව පෙන්වා දී ඇත.]
AN 01-17-06 විනය ධරත්ත සූත්‍රය
“මහණෙනි, විනය ධර භාවය,
“ ලාභයන් අතුරෙන් ඒකාන්ත ලාභයකි.’
[ සමාජයක් යනු විවිධ වූ විෂම වූ පුද්ගලයන්ගේ එකතුවකි. සංඝ සමාජය ද එබඳුය. සංඝයා උදෙසා විනය ශික්‍ෂාපද පනවන්නට සිදු වූයේද ඒ විවිධත්වය නිසාම හටගත් අර්බුද හේතුවෙනි. වරින් වර විද්‍යාමාන වූ ශ්‍රමණ සාරුප්‍යයට අගෝචර සිදුවීම් පදනම් කර ගනිමින් පැනැවුණ විනය ශික්‍ෂාපද ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යාම නිසා ඒවා ගණනින් 227 ක් වී තිබේ.
විනය ශික්‍ෂාපද විමර්ශනය කරන විට අපට දක්නට ලැබෙන විශේෂ ලක්‍ෂණය නම්, ඉන් 225 ක්ම ආගම වජ්ජ හෙවත් ආගමික සම්ප්‍රදායට පටහැනි වූ වැරදි වාරණය කිරීමට පනවා ඇති බවය. ව්‍යවහාර නීතිය අනුව වැරදි සංඛ්‍යාවට ගැනෙන්නේ. මනුෂ්‍ය ඝාතනය හා අදත්තා දානය සම්බන්ධ ශික්‍ෂාපද පමණි. මේ නිසාම විනය ශික්‍ෂා කඩ කරන්නවුන්ට නියම වන්නේද ආගමික දඬුවම්ය. රාජ නීතිය යටතේ දඬුවම් ලබන්නකු ඒ දඬුවමට අනිවාර්යයෙන්ම යටත් විය යුතු වුවත්, ආගම වජ්ජ වරදක් නිසා ආගමික දඬුවම් ලබන්නකුට එසේ අනිවාර්ය යටත් වීමක් ඇති නොවේ. දඬුවමට මුහුණ දිය යුත්තේද සිය කැමැත්තෙන් පමණි. උදාහරණයක් වශයෙන්, ව්‍යවහාර නීතිය යටතේ වරදක් සඳහා බන්ධනාගාරයට නියම වූවකු අධිකරණ ක්‍රියා මාර්ගයකින් නිදොස්ව නිදහස් වුවොත් මිස ඒ දඬුවමින් මිදිය හැකි නොවේ. එහෙත් කවර තරාතිරමේ හෝ විනය ශික්‍ෂා පදයක් කඩ කළ භික්‍ෂුවකට ලැබෙන දඬුවම විඳීමට හෝ එසේ නොවිද සසුනින් බැහැර වීමට අයිතියක් මෙන්ම නිදහසක්ද තිබේ. එයින් ආධ්‍යාත්මික හානියක් මිස කවර ආකාරයේ හෝ සමාජ හානියක් ඔහුට සිදු වන්නේද නැත. බොහෝ භික්‍ෂූන් විනය විරෝධීව හැසිරෙන්නේ මේ පුද්ගල ස්වාධීනතාව අවියක් කර ගැනීමෙනි. ඒ අනුව විනය ශික්‍ෂාපද යනු අවබෝධයෙන් ස්වේච්ඡාවෙන් හා උදාර අරමුණින් යුතුව ආරක්‍ෂා කරගත යුතු ඒවා මිස බලහත්කාරයෙන්, ද¾ඩුවමින්, අකැමැත්තෙන් ආරක්‍ෂා කරවිය හැකි ඒවා නොවන බව වටහා ගත යුතුය. ඒවා භික්‍ෂු භික්‍ෂුණීන්ට පමණක් ම සීමිත ශික්‍ෂා මාර්ගයක් පමණි. විනය ශික්‍ෂා පදවල ස්වභාවය හා අන්තර්ගතය විමසීමෙන් මේ බව වඩාත් පැහැදිලිවේ. විනය ශික්‍ෂාපද පනවා ඇත්තේ අරමුණු කීපයක් සපුරා ගැනීම සදහාය. විනය ශික්‍ෂාපදවල අන්තර් ගත වන්නේ ඒ සඳහා පාදක වන කාරණා වන්ය. මෙහි පහත දැක්වෙන්නේ ඒ අරමුණුයි.
1. භික්‍ෂු සමූහයාගේ යහපත් පැවැත්ම සඳහා
2. භික්‍ෂු සමූහයාගේ හිත සුව සඳහා
3. භික්‍ෂු සමූහයා අතර සිටින නොහික්මුණු අවිනීත පුද්ගලයන්ට නිග්‍රහ කොට, ඔවුන් හික්මවා ගැනීම සඳහා
4. සුපේශල භික්‍ෂූන්ගේ ඵාසු විහරණය සඳහා
5. මෙලොව දී ඇතිවන ආශ්‍රවයන්ගෙන් ආරක්‍ෂා වීම සඳහා
6. පරලොව දී ඇති විය හැකි ආශ්‍රවයන්ගෙන් දුරුවීම සඳහා
7. නොපැහැදුනවුන් ගේ පැහැදීම ඇති කිරීම සඳහා
8. පැහැදුනවුන්ගේ පැහැදීම වැඩි දියුණු කරලීම සඳහා
9. නිර්මල වූ ධර්මය බොහෝ කාලයක් පැවතීම සඳහා
10. භික්‍ෂූන්ගේ කාය වාග් සංවරය ඇති කර ගැනීමට උපකාර වීම සඳහා
ශික්‍ෂාපද අනු ශික්‍ෂා පද ආදී වශයෙන් හා පාරාජිකා සංසාදිසේස, අනියත, නිසගි පචිති හා පචිති පාටි දේශනීය අධිකරණ සමථ, සේඛියා යන කාණ්ඩ වශයෙන් වූ 227 ක් වන ශික්‍ෂාපදයන්හි අන්තර්ගත වන්නේ මෙකී අභිප්‍රායයන් සපුරා ගැනීමට ඉවහල් වන ව්‍යවස්ථාවන්ය. විනය පිටකයේ දක්නට නොලැබෙන, එහෙත් භික්‍ෂූන්ගේ ආයති සංවරයට ඉවහල් වන විනය නිර්දේශ සමූහයක් අට්ඨකතාවලින් ඉදිරිපත් වේ. “ පාලි මුන්පාක විනය” නමින් හඳුන්වන්නේ ඒවාය. මේ හැම ප්‍රඥප්තියක්ම විනය නිර්දේශ හැටියට ථේරවාදිහු පිළිගනිති.
කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති
රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය
ඌව – වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති
ආචාර්ය අලුත්වැව සෝරත නා හිමි].]
AN 01-17-07 බහුසච්ච සූත්‍රය
“මහණෙනි, බහුශ්‍රැත භාවය,
“ ලාභයන් අතුරෙන් ඒකාන්ත ලාභයකි.’
“බහුශ්‍රැත” බව යන්නට සාමාන්‍ය සිංහල තේරුම බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව යන්න යි. මෙහි ඇසූ “ යන්නෙන් අසා ඇති බවත් ,පිරූ යන්නෙන් මතක තබා ගෙන ඇති බවත් කියැවේ. මේ අනුව බොහෝ දේ අසා මතක තබාගෙන ඇති තැනැත්තා සමාජ ව්‍යවහාරයේ අයුරින් බහුශ්‍රැතයෙකු වේ. එසේ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයට බහුශ්‍රැත බව යනු ඊට වඩා බොහෝ උසස් දෙයකි. ධර්මය බොහෝ සේ අසා මතක තබා ගත් පමණින් ම ඔහු බහුශ්‍රැතයෙකු නොවේ. අංගුත්තර නිකාය පඨම නාථකරණ සූත්‍රය ආදි සූත්‍ර දේශනාවන් හි බහුශ්‍රැතභාවය හඳුන්වා දී ඇති ආකාරය විමසා බැලීම මෙහි දී වැදගත් වේ.
“ යෙ තෙ ධම්මා ආදි කල්‍යාණා,
මජ්ඣෙකල්‍යාණා පරියොසාන කල්‍යාණා
සාත්ථා සබ්‍යඤ්ජනා කේවල පරිපුණ්ණං
පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති.
තථාරූපාස්ස ධම්මා බහුස්ස්‍රතා හොන්ති,
ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා
දිට්ඨියා සුප්පටිවිද්ධා “
මුල යහපත් වූ මැද යහපත් වූ අවසානයද යහපත් වූ අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත මුළුමනින්ම නිවන් මග පෙන්වා දෙන යම් ධර්මයක්වේ ද? ඒ ධර්මය මැනවින් අසා (සුතා) මතක තබාගෙන (ධතා) නැවත නැවතත් වචනයෙන් පුරුදුකොට (වචසා පරිචිතා) ඉතා හොඳින් නුවණින් විමසා බලා (වනසානුපෙක්ඛිතා) දෘෂ්ටිමය වශයෙන් නිවැරදි වැටහීමකට පැමිණියේ වෙයි”
අසා මතක තබා ගැනීම පමණක් බහුශ්‍රැත බව නොවේ. මතක තබා ගත් දෙය නැති වී නො යන ලෙස නැවත නැවත පුරුදු කොට නුවණින් විමසා බැලිය යුතු ය. නුවණින් විමසීමෙන් ඔහු දෘෂ්ටිමය වශයෙන් නිවැරැදි වැටහීමක් ලැබ තිබිය යුතුය..
මෙහි කියැවෙන නුවණින් විමසා බැලීමත් දෘෂ්ටිමය වැටහීමත් යන කරුණු දෙක ඉතා වැදගත් වේ.මෙ කල ධර්මය අසන බොහෝ දෙනෙකුගෙන් මතක තබා ගන්නේ ඇතැම් විට ඉතා ටික දෙනෙකි. විලාසිතාවක් ලෙස ධර්මය ඇසූවත් මතක තබාගැනීමට උනන්දු නොවන අය ද වේ. අංගුත්තර නිකායට අයත් සුස්සුස්සති සූත්‍රයේ දී, ධර්මය ඇසීමේදි ඉතා හොඳින් අසන්න (සූස්සූස්සති) කන් යොමාගෙන අසන්න (සෝකං ඕදහති) අවබෝධය පිණිස සිත පිහිටුවා ගන්න (අඤ්ඤාය චිත්තං උපට්ඨඵති) අර්ථවත් දේ ගන්න (අත්ථං ගන්හාති) අර්ථවත් නැති දේ අත හරින්න (අනත්ථං රිඤ්වති) යනුවෙන් බුදු පියාණන් වහ්නසේ පෙන්වා වදාළහ. ධර්මය ඇසීමට ද පූර්ව සූදානම තිබිය යුතුය. එසේම මේ සූත්‍රයේ සඳහන් වන ආකාරය ධර්මය ඇසීමේ යම් අරමුණක් (නිවන් අවබෝධය) තිබිය යුතුය. එවැනි උතුම් අරමුණක් ඉටු කර ගැනීම පිණිස ධර්මය අසන තැනැත්තා ඉතා හොඳින් එම ධර්මය මතක තබා ගනි.
ඇතැම් දෙනෙකු නුවණින් විමසා බැලීමට නොව දහම් දැනුම වැඩිකර ගැනීමට උත්සාහ කරයි. පංච උපාදානස්කන්ධය ගැන අසා ඇතත්. කොතැනක හටගන්නා කෙසේ හටගන්නා දෙයක් දැයි ඇතැම් විට නොසිතයි. දොළොස් ආයතන, අටළොස් ධාතු ආදි අවබෝධයට අදාළ වන ධර්ම කරුණු පිළිබඳ දැනුමක් ඇතත්, ජීවිතයට ගලපා ගනිමින්, ආර්ය සත්‍යයන්ට ගලපා ගනිමින් විමසා බැලීමක් නැත. ඒවා හුදු දැනුමක් පමණි.
දෘෂ්ටිය වැටහීමකට පැමිණිය හැක්කේ ද ධර්මය විමසා බැලීමෙන් පමණි. විමසීමෙන් තොරව ඒ වැටහීමට පැමිණිය නො හැකිය. “ දිට්ඨියා සුප්පටිවිද්ධා” යන වැටහීම ධර්මය අවබෝධ වීමක් නොවේ. මෙය බහුශ්‍රැතභාවයේ ඉහළම තැනයි. මෙයින් අදහස් වන්නේ නිවන් අවබෝධය පිණිස මේ අයුරින් නිවන් මාර්ගය වැඩිය යුතුයි යන නිවැරැදි වැටහීමක් ලබා ගැනීමයි.මේ වැටහීම ලබාගත් තැනැත්තාට ඉවසීමෙන් යුතුව ක්‍රමයෙන් නිවන් මග ප්‍රගුණ කළ හැකිය. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, ධර්ම සාකච්ඡාව පැවැත්වීම, ධර්මය ඇසීම ආදියෙන් සිහිය වීර්ය දියුණු කර ගැනීමට උදව් ලැබේ. ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන්, අනිත්‍ය දර්ශනය ඇති කර ගන්නේ කෙසේ දැයි නිවැරැදි වැටහීමක් ඔහුට ඇත.
බහුශ්‍රැත භාවයට අයත් මේ සියලු අංග සම්පූර්ණ කර ගැනීමට උනන්දුවීම ඉතා වැදගත් වේ. ඒ වැදගත් කම පෙන්වා දෙන සූත්‍ර දේශනා දෙකක් අංගුත්තර නිකායේ ඇතුළත් වේ. චතුක්ක නිපාතයට අයත් “සෝතානුධත” සූත්‍රයේ දී මේ බහුශ්‍රැත බවෙහි ආනිසංස හතරක් පෙන්වා දේ. මේ සූත්‍ර දේශනාවට අනුව මරණින් පසු දිව්‍ය ලෝකයකදී හෝ ධර්මය අවබෝධය පිණිස මේ බහුශ්‍රැතභාවය ඇත කර ගැනීම ඉතා වැදගත්වේ.
අංගුත්තර නිකාය දසක නිපාතයට අයත් “ මිගසාලා” සූත්‍රයෙහි ද මේ බහුශ්‍රැතභාවයේ වටිනාකම පිළිබඳව කියැවේ. එම සූත්‍ර දේශනාව ට අනුව,මෙලොව ජීවත් වන එක් පුද්ගලයෙකුගේ සීලයෙහිද අඩුපාඩු කම් ඇත. සමාධිය ප්‍රඥාව පිළිබඳවද ඇති සැටියෙන් දන්නා නුවණක් නැත. සීලයෙහි අඩුපාඩු සකස් කර ගෙන සමාධි ප්‍රඥා දියුණු කර ගැනීම පිළිබඳ ව අසා දැන ගැනීමක් හෝ බහුශ්‍රැතභාවයක් හෝ දෘෂ්ටිමය වශයෙන් වටහා ගැනීමක් හෝ නැත. ඔහු මරණින් පසු පිරිහෙන පුද්ගලයෙක් බවට පත් වේ. විශේෂගාමී පුද්ගලයෙකු නොවේ.
මෙලොව ජීවත්වන තවත් පුද්ගලයෙකුද සීලයෙහි අඩු පාඩුකම සහිත වේ. නමුත් සමාධිය ප්‍රඥාව පිළිබඳව ඇති සැටියෙන් දන්නා නුවණක් ඇත. ඔහුගේ සීලයෙහි අඩු පාඩු සකස් කරගෙන සමාධි ප්‍රඥා දියුණු කර ගැනීම පිළිබඳ ව අසා දැනගෙන ඇත. බහුශ්‍රැතභාවයෙන් යුක්තය. දෘෂ්ටිමය වශයෙන් වටහා ගැනීමක් ඇත. ඔහු මරණින් පසු නො පිරිහෙන පුද්ගලයෙකි. විශේෂගාමී වේ. ඒ පුද්ගලයාගේ නුවණින් විමසීම බාහිර කිසිවෙකුට නො පෙනේ. නමුත් ඒ විමසා බැලීම හේතුකොට ගෙන ඔහු දහම් සැඩ පහරට ඇතුල් වන බව (මාර්ගඵලයන්ට පත් වන බව) එම දේශනයෙහි සඳහන් වේ.
මේ අනුව බාහිරින් දක්නට ලැබෙන සීලයෙහි ඇති දුර්වලතා අනුව පුද්ගලයන් ප්‍රමාණ කළ නොහැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. කෙනෙකු කොපමණ සිල්වත් වුවත් නුවණින් විමසා බැලීමක් නැති නම් ඔහු ප්‍රමාදී පුද්ගලයෙකි. නමුත් සීලයෙහි යම් දුර්වලතා ඇතත් නුවණින් විමසා බැලීම ඔහුගේ දියුණුවට හේතුවේ. එසේ නමුත් මේ කරුණ වැරැදි ලෙස තේරුම් නො ගත යුතුය. මෙයින් දුස්සීල වීමට හෝ සීලය අවතක්සේරුවට ලක් කිරිමට හේතුවක් නොවේ. බුදුපියාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කොට වදාළේ සීලය පමණක් මුල් කරගෙන පුද්ගලයන් ප්‍රමාණ කිරීම වැරැදි බව පෙන්වා දීමට යි. ඒ නිසා අපි හැකිතාක් දුරට සිල්වත් ජිවිත ගත කරමින් ධර්මය නුවණින් විමසා බැලීමට උනන්දු විය යුතුය. එය අපගේ දෙලොව දියුණුව සලසා දෙයි.
ලිව්වේ. මීගලෑව කුඩා කත්නොරුව
මුදියන්නෑගම-නිබ්බුතාරාම ආරණ්‍යයේ
පොතුහැර විපස්සි හිමි]
AN 01-17-08 සථාවරෙය්‍ය සූත්‍රය
“මහණෙනි, ස්ථවිර භාවය,
“ ලාභයන් අතුරෙන් ඒකාන්ත ලාභයකි.’
[ස්ථාවරෙය්‍යං යනු බොහෝකල් පැවිදිව සිටීමෙන් තහවුරුබවට පත්බවයි. උපසම්පදා වී අවුරුදු (වස්) 10ක් සම්පූර්ණ නම් ස්ථවීර යන නම භාවිත කරයි.උපසම්පදාවෙන් අවුරුදු (වස්) 20ක් සම්පූර්ණ නම් මහා ස්ථවීර යන නම භාවිත කරයි]..
AN 01-17-09 ආකප්ප සම්පදා සූත්‍රය
“මහණෙනි,
යහපත් ආකල්ප සම්පත්තිය
“ ලාභයන් අතුරෙන් ඒකාන්ත ලාභයකි.’ ,
AN 01-17-10 පරිවාර සම්පදා සූත්‍රය
“මහණෙනි,
(යහපත්) පිරිවර ඇති බව, “ ලාභයන් අතුරෙන් ඒකාන්ත ලාභයකි.’
AN 01-17-11 මහා පරිවාරතා සූත්‍රය
“මහණෙනි, මහත් පිරිවර ඇති බව,
“ ලාභයන් අතුරෙන් ඒකාන්ත ලාභයකි.’
AN 01-17-12 කොලපුත්තියතා සූත්‍රය
“මහණෙනි,
කුලපුත්‍ර භාවය “ ලාභයන් අතුරෙන් ඒකාන්ත ලාභයකි.’
AN 01-17-13 වණ්ණ පොක්ඛරතා සූත්‍රය
“මහණෙනි, වර්ණ (ශරීර) සෞන්දර්‍ය්‍යයෙන් සමන්විත භාවයක් වේද.
“ ලාභයන් අතුරෙන් ඒකාන්ත ලාභයකි.’
AN 01-17-14 කල්‍යාණ වාක්කරණතා සූත්‍රය
“මහණෙනි,
(යහපත්) වචන ඇති බව “ ලාභයන් අතුරෙන් ඒකාන්ත ලාභයකි.’
AN 05-20-08 සුභාසිත වාචා සුත්‍රය :
මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත වචනය සුභාෂිතය වෙයි. දුර්භාෂිත නො වෙයි, අනවද්‍ය ද වෙයි, නුවණැතියන් විසින් නො ගැරැහිය යුතු ද වෙයි. කවර පසෙකින් යත්:
කාලභාෂිතද (නිසි කල්හි කියනලදුයේ) වෙයි.
සත්‍යභාෂිත ද වෙයි.
ශලක්ෂණභාෂිත ද (සිළුටු වචන) වෙයි.
අර්‍තථසංහිත භාෂිත ද වෙයි.
මෙත් සිතින් (කියන) භාෂිත ද වෙයි.
AN 01-17-15 අප්පිච්ඡතා සූත්‍රය
“මහණෙනි, අල්පෙච්ඡ භාවය, “ ලාභයන් අතුරෙන් ඒකාන්ත ලාභයකි.’
අප්පිච්ඡතා යනු නොයෙක් දෙයට ආශා නො කරන බව ය. සන්තුට්ඨිතා යනු යහපත් වූ හෝ අයහපත් වූ හෝ මද වූ හෝ තමාට ඇති දෙයින් සතුටු වන බව ය, මේ දෙක එකට බැඳී පවත්නා ගුණ දෙකකි. යමකුට අප්පිච්ඡතා ගුණය ඇත්තේ නම් ඔහුට සන්තුට්ඨිතා ගුණය ද ඇත්තේ ය. මේ ගුණ දෙක්හි පිහිටි පැවිද්දන් හට අත්‍රිච්ඡතා මහිච්ඡතා පාපිච්ඡතා යන දුර්ගුණ තුන ද ඇති නොවේ. ඒ දුර්ගුණ තුන ගැන ද පැවිද්දන් දැන සිටිය යුතු ය. විද්‍යමාන ගුණ සඟවන බව ද, පිළිගැනීමෙහි පමණ දන්නා බවද අප්පිච්ඡතා නම් වේ. එයින් සමන්විත වූ පුද්ගලයා තමන් කෙරෙහි විද්‍යමාන වූ ගුණය සඟවනු කැමති බැවින් සැදැහැ ඇතියේ සැදැහැ ඇතියයි ජනයා දැනගනීවායි නො කැමති වෙයි. සිල් ඇත්තේ, විවේක ඇත්තේ, බහුශ්‍රැත වූයේ, ප්‍රඥාවන්ත වූයේ පටන්ගන්නා ලද වීර්යය ඇත්තේ, සමාධි සම්පන්න වූයේ, ප්‍රඥාවත් වූයේ, ක්‍ෂීණාශ්‍ර වූයේ, මා ක්‍ෂීණාශ්‍රවයෙකැයි ජනයා දැනගනීවායි නො කැමති වේ. මජ්ඣන්තික ස්ථවිරයන් වහන්සේ මෙනි.
මජ්ඣන්තික තෙරුන් වහන්සේ මහා රහතන් වහන්සේ නමකි. එහෙත් උන්වහන්සේගේ පා සිවුරු පාදයක් (කහවනුවෙන් හතරෙන් එකක්) පමණ අගී. උන්වහන්සේ අශෝක රජුගේ විහාර පූජා දිනයෙහි සංඝ ස්ථවිර වූහ. උන්වහන්සේගේ රූක්‍ෂභාවය දැක මිනිස්සු ස්වාමීනි, මදක් බැහැර වුව මැනවැයි කීහ. රහතන් වහන්සේ මා වැනි රහත් කෙනෙකු රජුට සංග්‍රහ නො කරන කල්හි අන් කවරෙක් පිහිට වන්නේදැයි, පොළවෙහි කිමිද සංඝස්ථවිරයන්ට පුදන ලද පිණ්ඩය ගනිමින්ම නැගුනු සේක. මෙසේ මහ රහතන් වහන්සේ නමක් වූයේ ම ‘මේ රහත් කෙනෙකැ’යි මිනිසුන් දැනගන්නවාට නො කැමති විය. මෙසේ අල්පේච්ඡ භික්‍ෂුව නූපන් ලාභය උපදවයි. උපන් ලාභය තහවුරු කරයි. දායකයන්ගේ සිත ආරාධනය කරයි. හෙතෙම යම් විධියකින් තමාගේ අල්පේච්ඡ භාවයෙන් මදක් ගනී ද ඒ ඒ පරිද්දෙන් ඔහුගේ වතෙහි පැහැදුණු මිනිස්සු බොහෝකොට දෙන්නාහුය.
මීට වෙනස් වූ ද සතර වැදෑරුම් අල්පේච්ඡයක් වෙයි.
ප්‍රත්‍ය අල්පේච්ඡය,
ධුතංග අල්පේච්ඡය,
පරියත්ති අල්පේච්ඡය,
අධිගම අල්පේච්ඡය යනුවෙනි.
ඔවුන් අතරෙන් සිවුපසයෙහි අල්පේච්ඡ වූයේ ප්‍රත්‍ය අල්පේච්ඡයයි. ඔහු දායකයාගේ කැමැත්ත, ශක්තිය දනී. දාන වස්තුවේ ප්‍රමාණය දනී. තමාගේ තරාතිරම ශක්තිය දනී. ඉදින් දාන වස්තුව බොහෝ වේද? දායකයා මදක් දෙනු කැමති වේද, දායකයාගේ වශයෙන් ස්වල්පයක් ගනී. දාන වස්තුව ස්වල්ප වූයේ දායකයා බොහෝ දෙනු කැමති වේද, තමාගේ ශක්තිය දැන ප්‍රමාණයෙන් ගනී. දාන වස්තුවත් බොහෝ වේද, දායකයා බොහෝ දෙනු කැමතිත් වේද, එකල තමාගේ ශක්තිය ගැන ප්‍රමාණයෙන් ගන්නේ ය.
දුවඟ පිළිවෙත් තමා සන්තකව ඇති බැව් නො දන්වනු කැමැත්තේ, ප්‍රචාරය නො කරනු කැමැත්තේ ධුතංග අල්පේච්ඡයයි. එය ප්‍රකෘති කිරීම පිණිස මේ වස්තූහු වෙති. සෝසානික මහා කුමාර ස්ථවිරයෝ අවුරුදු හැටක් සුසාන භූමියෙහි විසීය. වෙනත් එකම භික්‍ෂුවක් වත් එය නො දත්තේය.
සුසානෙ සට්ඨි වස්සානි – අබ්බොකිණ්ණං වසාමහං
දුතියො මං නජානෙය – අහො සොසානිකුත්තමො.
මම හැමවසක් සොහොනෙහි විසුවෙමි. වෙනත් කෙනෙකු හා සම්බන්ධ නොවී විසූවෙමි. දෙවැන්නෙක් මා පිළිබඳව නො දන්නේය. සෝසානික ධුතංගයාගේ උතුම් බව පුදුම සහගතය.
සෑගිරි පර්වතයෙහි සහෝදරවරු දෙනමක් විසූහ. බාල තැනැත්තා උපස්ථායකයා විසින් එවන ලද උක්දඬු කීපයක් ගෙන වැඩිමහල්ලා වෙත ගියේය. ස්වාමීනි, පරිභෝග කළ මැනවැයි ඉල්ලීය. තෙරුන්ගේද දන් වළඳා අවසන මුව සෝදන වෙලාව විය. හෙතෙම කම් නැතැයි කීය. ඇයිද ස්වාමීනි, ඒකසනිකංග වූයේදැයි විමසීය. ඇවැත්නි, උක්දඬු ගෙනෙව කීය. පනස්වසක් ආරක්‍ෂා කළ ඒකාසනිකංගය සඟවා උක්දඬු පරිභෝග කොට මුව සෝදා දමා නැවත ඒකාසනිකංග ධුතංගය අධිෂ්ඨාන කළේය.
යමෙක් වනාහි සාකෙතකතිස්ස තෙරුන් මෙන් බහුශ්‍රැත භාවය දන්වන්නට නො කැමැති වීම මේ පර්යාප්ති අල්පේච්ඡතාවයයි. ස්ථවිරයන් වහන්සේ වනාහි, උදෙසීම් පිළිවිසීම් ආදිය නො කරන්නේ මොහොතක් (වෙලාවක්) නැතැයි කියයි. එහිදී මරණ ඇසිල්ල ලබන්නෙහිදැයි සමහරු චෝදනා කළහ. එසේ චෝදනා කරන ලද සඟ පිරිස අත්හැර කිහිරිවැල මුහුදු විහාරයට වැඩියහ. එහිදී වස් කාලය තුළ ස්ථවිර නවක මජ්ඣිම භික්‍ෂූන්ට උපකාරව සිට මහා පවාරණ පොහෝ දිනයෙහි ධර්ම කථාවෙන් මුළු ජනපදය (තම බහුශ්‍රැත) බවින් එකලු කොට ගියේය.
යමෙක් වනාහී සෝවාන් ආදි මාර්ගඵල ලබාත්, නය දන්වන්නට අකැමැති වේද, එය අධිගම අල්පේච්ඡභාවය වේ. කුලපුත්‍රයන් තුන්දෙනා මෙන් ද, ඝටීකාර කුඹල්කරු මෙන් ද වේ.
ආයුෂ්මත් පුණ්ණ තෙරුන් වහන්සේ වනාහි අත්‍රිච්ඡතාව (අධික ආශා ඇති බව) පාපිච්ඡතාව (පව් කිරීමට ආශාව) මහිච්ඡතාව (බොහෝ දේ අවශ්‍ය බව) යන සියල්ල හැර හැම අයුරකින්ම ඉච්ඡාවන් දුරුකොට තෘෂ්ණාරහිත වූ පිරිසිදු වූ අපිස් බවින් සමන්විත වූයේ අල්පේච්ඡ නම් වේ. භික්‍ෂූන්ට ද ඇවැත්නි, අත්‍රිච්ඡතා (ආශාධික වූයේ) පාපිච්ඡතා (පාපී බවට යොමුවූයේ) මහිච්ඡතා (බොහෝ දේ අවශ්‍ය වූයේ) යන මේ සියලු ධර්මයන් පහකළ යුතුයයි ඒ ධර්මයන්හි ආදීනව දක්වා මෙබඳු වූ අපිස් බවම සමාදන්ව පැවැතිය යුතුයයි අල්පේච්ඡ කථාව වදාළේය. “අත්තනාව අප්පිච්ඡො අප්පිඤ්ච කථංච භික්ඛුනං කත්‍ථා” යනු එහෙයින් කියන ලදී]
“මහණෙනි,
නිරෝගි භාවය, මෙය ලාභයන් අතුරෙන් ඒකාන්ත ලාභයයි”
[අප්පබාධතා යනු නීරෝගී සම්පත්තියයි. නීරෝගී භික්‍ෂුව තමන්ගේ ශරීරයෙහි යහපත්බවින් වාස (විදර්‍ශනා) ධුරයන්ද ග්‍රන්ථධුරයන්ද සම්පූර්‍ණ කරන්නෙක් වෙයි. එහෙත් මේ ධර්ම විනයේ නීරෝගිබව, ආරෝග්‍ය සම්පත්තිය මේ කුණු ශරීර කුඩුවේ යහපත් ස්භාවය ලෙස ගතහොත් ඔබ ඇස් නැත්තෙක් ලෙස ගැනෙන බව ඉහලින් එක් කොට ඇති දේසනාවෙන් මනා ලෙස විස්තර කර ඇත.]
By ‘‘අද්ධමිදං, භික්ඛවෙ, ලාභානං යදිදං ආරඤ්ඤිකත්තං (අරඤ්ඤකත්තං (සබ්බත්ථ)) …පෙ…. පිණ්ඩ පාතිකත්තං… පංසුකූලි කත්තං … තෙ චීවරිකත්තං… ධම්මකථිකත්තං… විනයධරත්තං (විනයධරකත්තං (ස්‍යා. කං. පී. ක.)) … බාහුසච්චං… ථාවරෙය්‍යං … ආකප්පසම්පදා… පරිවාරසම්පදා… මහාපරිවාරතා… කොලපුත්ති… වණ්ණපොක්ඛරතා… කල්‍යාණ වාක්කරණතා… අප්පිච්ඡතා… අප්පාබාධතා’’ති.