Sign up to save your podcasts
Or

AN 02-06-01 චෙ පුග්ගල සූත්‍රය.
AN 02-06-02. අච්ඡරිය මනුස්ස සූත්‍රය.
AN 02-06-03 කාලකිරිය සූත්‍රය.
AN 02-06-04. ථූපාරහ සූත්‍රය
AN 02-06-05. චෙ බුද්‍ධ සූත්‍රය.
AN 02-06-06. අසනි සූත්‍රය.
AN 02-06-07. දුතිය අසනි සූත්‍රය.
AN 02-06-08. තතිය අසනි සූත්‍රය
AN 02-06-09. කිම්පුරිස සූත්‍රය.
AN 02-06-10.අතිත්ත මාතුගාම සූත්‍රය.
AN 02-06-11. සන්නිවාස සූත්‍රය.
AN 02-06-12. වචීසංසාර සූත්‍රය.
“මහණෙනි,
බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ ජනයාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස පුද්ගලයෝ දෙදෙනෙක් මේ ලෝකයෙහි උපදිත්.
කවර දෙදෙනෙක්ද යත්.
(i). අර්හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ,
තථාගතයන්ද,
(ii). සක්විති රජ ද
යන දෙදෙන වෙත්.
මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙන ලොව උපදින්නේ , බොහෝ දෙනාට හිත පිණිසය, බොහෝ දෙනාට සැප පිණිසය, බොහෝ ජනයාට වැඩ පිණිසය, දෙවි මිනිසුන්ට හිත පිණිසය, සැප පිණිසය
[290:- තථාගතයන් වහන්සේ ගැන නිතර යෙදෙන ලෝකානුකම්පාය යන වචනය මේ යොදා නොගත්තේ සක්විති රජ තුමාද මේ බහු නාම පදයට ඇතුල්ව ඇති නිසාය. චක්‍රවර්ති රජුන් ගැන භාරත ජන සාහිත්‍යයේ බොහෝ සේ සඳහන් වෙතත් බුද්ධ කාලීනව හෝ ඉන් පෙර කාලයක් සිටියාය කියන්නට සාධක නැත..]
පුජ්‍ය අමුණුපුර පියරතන හිමි
2008 ජුනි 03
ඒක පුග්ගලස්ස භික්ඛවෙ පාතුභාවා මහතො චක්ඛුස්ස පාතුභාවො හොති. මහතෝ ආලෝකස්ස පාතුභාවො හොති. ඡන්නං අනුත්තරියානං පාතුභාවො හොති. චතුන්නං පටිසම්භිධානං සච්ඡිකිරියා හොති. අනේකධාතු පටිවෙධොහොතිත නා නා ධාතු පටිවෙධොහොති. විජ්ජා විමුත්ති ඵල සච්ඡිකිරියා හොති. සෝතාපත්ති ඵල සච්ඡිකිරියා හොති. සකදාගාමි ඵල සච්ඡි කිරියා හොති. අනාගාමි ඵල සච්ඡිකිරියා හොති. අරහත්ත ඵල සච්ඡිකිරියා හොති. කතමස්ස එක පුග්ගලස්ස ? තථාගස්ස අරහතො සම්මා සම්බුද්ධස්ස
සකල ජන මන පුබුදන ඉර සඳ දහසක් පෑ යූ සේ දස දහසක් සක්වල එකළු කරමින් මොහොතක ආලෝකයක් පැතිර යමින් පෙර නොවු විරූ අසිරිමත් සිද්ධීන්ගෙන් මෙම මනුලොව එකම ශාන්ති නිකේතනයක් කරමින්, ඒ අසිරිමත් බුදු උපත මූර්තිමත් වන්නේය.
මෙයට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර අප ගෞතම බෝසතාණන් වහන්සේ සුමේධ නම් තාපසව නියත විවරණ ලැබීම, වෙසතුරු අත්බැව් හිදී පංච මහා පරිත්‍යාග කිරීම , තුසිත දෙව්ලොව සන්තුසිත නම් දෙව්රජව දෙව් සැපත් විඳ දේවරාධනයෙන් පස් මහ බැලුම් බලා දෙව්ලොවින් චුතව සදා බුද්ධ භූමී වූ දඹදිව ශාක්‍ය ජනපදයේ කපිලවස්තු පුර මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, කුසින් මෙලොව බිහිවීම, අභිනිෂ්ක්‍රමණය, සයවසරක් දුෂ්කර තවුස්දම් සපුරා, වෙසඟ මස පුර පසළොස්වක් පෝදින බෝමැඩදී ලොව්තුරා බුදුබව ලැබීම, ප්‍රථම ධර්ම දේශනය පිරිනිවන් පෑම යන ප්‍රධාන අවස්ථාවල අද්භූත ධර්ම සිදු වූයේ, අසමසම බුදු ගුණ මහිමය ප්‍රකට කරමින් ජන හදවත් ආනන්ද සාගරයේ ගිල්වමිනි. සොබාදහමේ ආශිර්වාදය අපමණ සත්වයන්ගේ දෙලොව අභිවෘද්ධිය හේතුවක් කරමිනි.
සිව් සස් දම් නැණින් අවිදු අඳුර දුරු කළ සංසාර විමුක්ති මාර්ගය දේශනා කළ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසාම උතුම් අනුත්තරීය ධර්ම සයක් ලොවට හිමි වීමද, ඉමහත් ආශ්චර්යකි. බුද්ධාදී රත්නත්‍රය දැකීම , දැකීම් අතර ඇති ශ්‍රේෂ්ඨ දර්ශනය බැවින් දස්සනානුත්තරීය නම් වෙයි. අසන ශබ්ද කොතරම් ඇතත් බුද්ධ ධර්මය ඇසීමම උතුම් වන බැවින් සාවනානුත්තරිය නම් වන්නේය. ධන ධාන්‍ය, මුතු මැණික් ආදී කොතරම් ලබන දේ තිබුණද සක්විති රජකම දක්වා භෞතික ලාභ ප්‍රයෝජන තණ්හාදී ක්ලේශ ධර්ම වර්ධනය කරන බැවින් උත්තරීතර ලාභ නම් සප්තාර්ය ධනය බැවින් එය ලාභානුත්තරිය නම් වන්නේය. සතුන් පුද්ගලයන් කොතරම් හික්මීමට දැන සිටි යද සංසාර විමුක්තියට එය හේතු නොවන බැවින්, අධිසීල , අධි චිත්ත අධි පඤ්ඤා යන ත්‍රිවිධ ශික්‍ෂාවෙහි හික්මීම ‘සික්ඛානුත්තරිය ‘ නම් වෙයි. එමෙන්ම රත්නත්‍රයට ආවතේව කිරීම් වශයෙන් තම ජීවිතය කැප කිරීම , ‘පාරිචරියානුත්තරිය’ නම් වන්නේය. තෙරුවන් ගුණ සිහි කිරීම සියලු සිහි කිරිම් අතර උත්තම තම වන නිසා ‘අනුස්සතානුත්තරිය ‘ නම් වෙයි. වෙනත් කිසි ධර්මයක නැති නිසා මෙම අන්තරීය ධර්ම හය, බුදු කෙනකුගේ පහළ වීමෙන්ම සත්ව ලෝකයට හිමිවෙයි.
චතුන්නං පටි සම්හිධානං සච්ඡිකිරියාහොති.
අර්ථ , ධර්ම , නිරුක්ති, ප්‍රතිභාන යන සතර ප්‍රතිසම්භිධාන ඤාණ ඇතිවන්නේ, එය තමාගේම ඤාණයෙන් අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ නමක් මනුලොව පහළ වන නිසාය. වචනයක , ගාථාවක අදහස ශාස්ත්‍රීය වශයෙන් දැන ගැනීමට නම් එවන් උතුමන් ලොව වැඩ සිටිය යුතු වන අතර, ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කරගැනීමට ධර්මානුධර්ම ප්‍රතිපදාව පිළිපැදිය යුතු වන්නේය. අර්ථාදී ප්‍රතිසම්භිධා බුද්ධෝත්පාද කාලයට පමණක් සීමා වන්නේය. පෙර ජාතිවලදී ධර්මානුධර්ම ප්‍රතිපදා පිරීමේ ප්‍රතිවිපාක වශයෙන් ලොවුතුරා බුදු කෙනකු හමුවේදී හෝ සම්බුද්ධ ශාසනය පවතින කාලයක දී හෝ ධර්මය දැනීම් මාත්‍රයෙන් සිව් පිළිසිඹියාපත් රහත් බව ලබාගත හැකි වන්නේය.
අනේක ධාතු පටිවෙධො හොති. නා නා ධාතු පටිවෙධො හොති.
චක්ඛු ධාතු, රූප ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු ආදී නයින් – සෝත, ඝාණ, ජිව්හා, කාය, මනෝ යන ඉන්ද්‍රිය හයක් ඊට ගෝචර වන අරමුණු හයත්, විඤ්ඤාණ හයත් යන අටළොස් ධාතූන් ද එම ධාතූන් සම්බන්ධ සුවිශේෂ කාර්ය වන නා නා ධාතූන් ද අවබෝධ කරගත් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එය ලෝකයට ප්‍රථමයෙන් දේශනා කළ සේක.
විජ්ජා විමුත්ති ඵල සච්ඡිකිරියා හොති.
විද්‍යා විමුක්ති ඵලය හෙවත් ඵල ඤාණයේ හා ඵලය හා සම්ප්‍රයුක්ත ධර්ම ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කිරීමේ ආර්ය ඤාණය ප්‍රථමයෙන් දැනගන්නේ බුදුරජාණන් වහන්සේ බැවින් – එය ද බුද්ධෝත්පත්තිය නිසා බිහි වන ආශ්චර්ය කාරණයකි. සෝවාන්, සකදාගාමී, අනාගාමී අර්හත් යන සතර මාර්ග හා සතර ඵල පිළිබඳ ආර්ය ඤාණය සත්වයන්ට ලැබෙන්නේ බුදු කෙනෙකු නිසාමැයි.
බුදු දහම යනු, හුදෙක් චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඒ පිළිබඳ මූලික පර්යේෂණවල පසුබිම, බුද්ධ පූර්ව කාලයේ භාරතයේ පැවැති වග – වේද ග්‍රන්ථවලින් මෙන්ම, ජෛන මහාවීරාදී ශාස්තෘන්ගේ ධර්මවලින් මොනවට පැහැදිලි වෙයි. මනු ලොව සත්ව සන්තතියේ පැවැත්මට අදාළ වෙනත් පිටස්තර ලෝක හා එම සත්වයන්ගේ කර්ම පිළිබඳ බුද්ධිමය පර්යේෂණාත්මක දැනීමක් ලබාගෙන එමඟින් මානව ධර්ම පිළිබඳ සත් අසත් භාවය තීරණය කිරීමේ පරිඥානයක් ලබාගෙන තිබුණි.
ආධ්‍යාත්මික විශ්ලේෂණය මගින් සත් චර්යා ධර්ම මිනිස් ලෝකයේ තහවුරු කිරීමට, මිනිසා උත්තරීතර භාවයට පත් කර ගැනීමට මරණින් මතු ලෝකය යහපත් එකක් කරගැනීමට ප්‍රයත්න දැරූ සෘෂිවරයන්ට සදාකාලික විමුක්තිය පිළිබඳ චින්තාව මනෝරථයක් පමණක් වූයේ ශාස්වත හා උච්ඡේද දෘෂ්ටි ප්‍රධාන දෘෂ්ටි වාදයෙන් ඔවුන් නැවතී සිටි බැවිනි.
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සෑම සූත්‍ර දේශනාවකම අවසානයේ අවධාරණය කැරෙන ප්‍රධාන ඉගැන්වීම පරම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය යි. එහෙත් මෙතෙක් මිනිසා පුරුදු වූයේ, භෞතික ලෝකය පිළිබඳ පරපුරෙන් පරපුරට ආ චින්තන ක්‍රමයකටය. එමෙන්ම තම තමන්ගේ පුහුදුන් සිතට අවබෝධ වන තීරණවල පිහිටා ක්‍රියා කිරීමටය.
බුදුරදුන් විසින් ප්‍රථමයෙන් ලොවට හෙළි කළ ධර්මය වන චතුරාර්ය සත්‍ය, අවිද්‍යා දී හේතූන් නිසා සංවෘත වූ සිත්වල තිබූ වැරැදි දෘෂ්ටි නිසා අවබෝධ කර ගැනීම දුෂ්කර විය. ජාති, ජරා, ව්‍යාධි, මරණ යන ප්‍රධාන දුක් වේදනා ඇතුළු සංසාර දුක් පීඩා ඇතිවන හේතුව, අවිද්‍යාව යැයි දක්වන ලද ;නාදැනීම යි. පටිච්ච සමුප්පාද ධර්මතාව පෘථග්ජනයාගේ ද බුද්ධියට ගෝචර නොවන අතර, ඒවා අනාවරණය කොට පහදා දීමේ ඤාණ කුසලතාව ඇති වන්නේ, ලොවුතුරා බුදු කෙනකු තුළය.
විශ්වයේ සෑම ලෝකයකම ලොවුතුරා බුදුවරුන්, පසේ බුදුවරුන්, සහ රහතන් වහන්සේ පහළ වන්නේ හෝ ධර්මය හෙළි වන්නේ හෝ නොවේමැ යි. මනුලොව දඹදිව මධ්‍ය දේශයේ කල්ප ගණනකින් ලොවුතුරා බුදු කෙනකුන් පහළ වන සමයක, ලොවුතුරු දහම දැනගැනීමට ප්‍රඥාවාසනාභාගී කුසල බලය ඇති බුදුරජාණන් වහන්සේ විසින්.
කිච්ඡෝ මනුස්ස පටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං
කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ
ආදී ලෙස ඉතා දුර්ලභ කාරණා හතරක් දේශනා කරන ලදී.
උපන් සෑම සත්වයාගේම කැමැත්ත වන්නේ නොමැරී ජීවත් වීමයි. එහෙත් උපතින්ම ගෙනෙන තණ්හා, මාන, දිට්ඨි නිසා අවබෝධ කරගත නොහැකිව සිටින ක්‍ෂණයක් පාසා නාම රූප ධර්ම මැරි මැරී යළි උපදින වග. ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කරගන්නට ලොවුතුරා බුදු කෙනකුගේ පහළ වීම අත්‍යවශ්‍ය වන්නේ ය. එසේ නාම රූප ධර්ම වල අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් සියලු සංඛාර ධර්ම අතහැර නිවන් පසක් කරගැනීමට නම්, ධර්ම ශ්‍රවණය අවශ්‍ය බව පැහැදිලි ය.
මම ය, මාගේ ය යනුවෙන් සිතෙන මමත්වයට යටත්වන්නා, කෙසේවත් චේතෝ විමුක්තියට, පඤ්ඤා විමුක්තියට නොපැමිනෙන්නේය. පුද්ගලයාට ත්‍රිවිධ ශික්‍ෂාවෙන් කාමාදී ආශ්‍රව නැති කිරීමෙන්, උපධීන් දුරු කිරීමෙන්, තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙන් උතුම් නිවන පසක් ගැනීමට ලැබීම, බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළවීමෙන් ලැබෙන ප්‍රධානම ප්‍රයෝජනයයි.
සංඛාය ලෝකස්මිං පරොවරානි
යස්සිංජිතං නථි කුහිංචි ලොකෙ
සන්තෝ විධූමො අනීඝො නිරාසො
අතාරි සො ජාති ජරන්ති බ්‍රෑමී
“මහණෙනි,
ආශ්චර්‍ය්‍යවත් මනුෂ්‍යයෝ පුද්ගලයෝ දෙදෙනෙක් මෙලොව උපදිත්.
කවර දෙදෙනෙක්ද යත්.
(i). අර්හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, තථාගතයන් වහන්සේද,
(ii). සක්විති රජ ද
යන දෙදෙනා වෙත්.
මහණෙනි,
මේ පුද්ගලයෝ දෙදෙන ලොව උපදින්නාවූ ,
ආශ්චර්‍ය්‍ය මනුෂ්‍යයෝ දෙදෙනා වෙත්.”
“මහණෙනි,
පුද්ගලයන් දෙදෙනෙක් කාලක්‍රියා කලවිට ලෝකයා බොහෝ සේ කම්පා වේ. දැඩි සේ ශෝක කරයි.
කවර දෙදෙනෙක්හුගේද යත්,
(i). තථාගතවූ, අර්හත්වූ තථාගතයන්ගේ
පිරිනිවීම ද,
(ii). සක්විති රජහුගේ අභාවයද
වෙත්.
මහණෙනි,
මේ පුද්ගලයන් දෙදෙනාගේ කාලක්‍රියාකිරීම ලෝකයා හට දැඩි සිත් තැවුල් ඇති කරයි.”
[291:- බහුනො ජනස්ස අනුතප්පා හොති යනු මහජනයාට තැවුල් ඇතිකරන්නෙවෙයි.
එහි සක්විති රජුගේ මරණයෙන් එක් සක්වළක දෙවිමිනිසුන්ට තැවුල ඇති කරයි.
තථාගතයන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් දස දහසක් සක්වළෙහි දෙවිමිනිසුන්ට තැවුල් ඇතිකෙරෙයි.]
“මහණෙනි,
මේ දෙදෙනෙක් චෛත්‍යයට සුදුස්සෝ වෙත්.
කවර දෙදෙනෙක්ද යත්,
(i). තථාගතවූ, අර්හත්වූ සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේද,
(ii). සියලු ක්ලේශයන් සිඳලු රහත් උත්තමයන්ය.
යන දෙදෙනා වහන්දසේ වෙත්.
මහණෙනි,
මේ දෙදෙන ථූපයට සුදුස්සෝ වෙත්.”
[292:- මෙහි ථූපාරහා යනු ස්තූප ඉදිකොට සැමරිය යුතු, සුදුසු අයයි. සක්විති රජුන් මියගිය පසු ඔවුන් ආදාහනය කොට ඉතා උත්තම ලෙස සෑ ගොඩ නැගු බව භාරත ඉතිහාසයේ නැතත් ඉන්දීය ජන කතාවල කියැවේ. බුද්ධ කාලයේ හෝ ඉන් පසුව කිසිම සක්විති රජෙක් වූ බවට බෞද්ධ ත්‍රිපිටකයේ සඳහන් නොවේ. සෑ නංවා පුජා කරන්නට පස් කම් අනුභව කල සක්විති රජ කෙනෙකුට වඩා අරහත්වය සාක්ෂාත් කල බුදු, පසේ බුදු අරහත් උතුමන් සුදුසු බව දැක්වීම මේ සුත්‍රයේ අදහසය.
බුදුවරුන්ගේ හා රහතුන් ගේ වෛත්‍යයට සත්කාරකොට ලෝකයා ලබන සැප තුනකි.
තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලාද, බුද්ධ ඥාන රත්නයද ත්‍රිවිධ සම්පත් ඉපිදවීමට හේතුව වෙයි. භව දුකින් පීඩිත වූ සත්වයෝ ධාතුන් වහන්සේලාද ධර්මයද විනයද අනුශාසනාවද හේතුකොට සැප කැමති අය සැප ලබා ගනිති….. තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලාට ද බුද්ධ ඥාන රත්නයට ද පූජා පවත්වා කුසල් උපදවා, ඒ කුසල් බලයෙන් රාග ද්වේෂ මෝහ යන ත්‍රිවිධාග්නියෙන් හටගන්නා සන්තාප පරිදාහ නිවා ගනිති. සංසිඳුවා ගනිති.
…..පළමු වරට දඹදිව සම්බුද්ධ ශාරීරික ධාතු චෛත්‍ය අටක් ඇතුවූ පසු මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ අනාගතයෙහි ඒ ධාතූන් වහන්සේලාට තීර්ථකයන්ගෙන් අනතුරු පැමිණිය හැකි බව දැක ඒ බව අජාසත් රජතුමාට දන්වා රාමග්‍රාමයේ ධාතූන් වහන්සේ හැර ඉතිරි සත්තැන පිහිටවූ ධාතූන් වහන්සේ ගෙන ධර්මාශෝක රජතුමා විසින් දඹදිව යොදුනෙන් යොදුන චෛත්‍යයෝ කරවන ලදහ. ඒ ධාතූන් වහන්සේලා ගෙන් පාත්‍රයක් පුරා ලක්දිවටද ලැබිණ. දෙවන පෑතිස් රජතුමා ඒ ධාතූන් වහන්සේලා පිහිටුවා ලක්දිව ද යොදුනෙන් යොදුන චෛත්‍ය කරවීය….. පුන්යෝපදේශය READ]
[මනෝරථ පුරණිය මෙසේ කියයි:
..” රාජා චක්කවත්ති යනු මෙහි කුමක්හෙයින් භාග්‍යවතුන් වහන්සේ ගිහිගෙහි වැස කලුරිය කළ රජුට ස්තූපකරණය අනුදන්නා සේක්ද?
සිල්වත් පෘථග්ජන භික්ෂුවට නොඅනුදත් සේක්ද? ආශ්චර්‍ය්‍යවත් බැවිනි, පෘථග්ජන භික්ෂූන්ට ස්තූපයන් අනුදන්නා කල්හි තම්බපණ්ණි දිවයිනෙහි (ලංකාවෙහි) ගම් පටුන්වල ඉඩ ද නැතිවන්නේය. අන් තැන්හිද එසේය, එබැවින් ඒවා ආශ්චර්යයවත් නොවන්නේයයි නොඅනුදනිති, එකම (සක්විති රජ කෙනෙක් උපදියි. එබැවින් ඔහුගේ ස්තූපය ආශ්චර්‍ය්‍යවත් වෙයි, පුහුදුන් සිල්වතාට පිරිනිවන් පෑ භික්ෂුවට මෙන් මහත්වූද සත්කාර කිරීමට වටනේමය, සවැනි සත්වැනි සූත්‍ර පැහැදිලි අරුත් ඇත්තේමය
“මහණෙනි,
මේ බුදුවරයෝ දෙදෙනෙක් වෙත්.
කවර දෙදෙනෙක්ද?
(i). තථාගතවූ අර්හත්වූ, සම්මා සම්බුද්‍ධයන් වහන්සේද ,
(ii). පසේ බුදුන් වහන්සේ 293
යන දෙදෙනෙයි.
මහණෙනි, මේ දෙදෙන බුදුවරයෝ වෙත්.”
[293:- සම්මා සම්බුද්ධ යනු තමන්ගේ ආනුභාවයෙන් සතර සත්‍යයන් අවබෝධකළ අයයි. ලොවුතුරා බුදුවරයෝ බොහෝ සත්ත්වයනට පිහිට වනු පිණිස බොහෝ කල් පැරුම් පුරා බුදු වෙති.
පච්චේක බුද්ධ යන වචනයේ තේරුම වෙන ම සත්‍යයන් අවබෝධ කළ තැනැත්තාය යනුයි. පසේ බුදුවරයෝ ලොවුතුරා බුදුවරයන්ගෙන් හෝ බුද්ධ ශ්‍රාවකයන්ගේන් හෝ උපදෙස් නොලබා ස්වෝත්සාහයෙන්ම සම්බෝධියට පැමිණෙති. ශ්‍රාවකයෝ ස්වෝත්සාහයෙන් ම සම්බෝධියට පැමිණීමට සමත් නොවෙති. පසේ බුදුවරයෝ ලොවුතුරා බුදුවරයන් නූපදනා කාලවලම උපදිති. ලොවුතුරා බුදුවරු තමන් අවබෝධ කළ ධර්මයන් අන්‍යයන්ට ද අවබෝධ කරවා අන්‍යයන් ද සසරින් එතර කරවති.
පසේ බුදුවරු වනාහි තමන් අවබෝධ කළ ධර්මය වචන වලින් අන්‍යයන්ට ප්‍රකාශ කිරීමට සමත් නො වෙති. උන්වහන්සේලා අවබෝධ කළ ධර්මය ගොළුවකු දුටු සිහිනයක් බඳුය. ගොළුවා සිහිනය තමා ම දැන සිටිනවා මිස අනෙකකුට දැන්වීමට සමත් නොවේ. එමෙන් ම පසේ බුදුවරු ද ධර්මය තමන් ම දැන සිටිනවා මිස අනුන්ට අවබෝධ කරවීමට නො සමත් වෙති. එහෙත් සියලු ම සමාපත්ති සෘද්ධි ප්‍රතිසම්භිදාවෝ උන්වහන්සේලාට ඇත්තාහ. උන් වහන්සේලා ගුණ විශේෂයන් ගෙන් ලොවුතුරා බුදුවරයන්ට පහත් තැනක ද බුද්ධ ශ්‍රාවකයන්ට උසස් තැනක ද සිටිති. උන් වහන්සේලා ලොවුතුරා බුද්ධශ්‍රාවකයන් සේ අන්‍යයන් පැවිදි කොට නො හික්මවන්නාහ…. ..පාරමිතා ප්‍රකරණය LINK.]
“මහණෙනි,
දෙදෙනෙක් හෙන පුපුරණ කල්හි තැති නොගනිත්.
කවර දෙදෙනෙක්ද යත්.
(i). ක්‍ෂීණාශ්‍රව (රහත්) භික්‍ෂුවද,
(ii). අජානීය හස්තියා 294
යන දෙදෙනා වෙත්.
මහණෙනි,
මේ දෙදෙන හෙන පුපුරණ කල්හිද තැති නොගනිත්.”
[294:- අජානීය: හස්තීන් අතර හා තුරඟුන් අතර සුලබ නොවන කලාතුරකින් හමුවන උතුම් උසස් ගුණ පහකින් යුතු සතුන් අජානීය් හස්තීන් හා අජානීය තුරඟුන් ලෙස දැක්වෙයි. ඒ ගුණ පහ නම් (i) සෘජුත්වයෙන් (අවඞ්කගමන), (ii) ජවයෙන (පදජවය), (iii) මෘදුත්වයෙන් (සිරුරුමෘදුබව), (iv) ක්ෂාන්තියෙන (ඉවසීම), (v) සුරතභාවයෙන. මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත රජුගේ හස්තියා හෝ අශ්වයා , අජානීය රාජාර්හභ වෙයි. රාජභොග්‍ය වෙයි. රාජාඞ්ග සඞ්ඛ්‍යාවටම යෙයි…]
රහත් උතුමන් තැති නොගන්නේ නොසැලෙන්නේ බියක් නොවන්නේ එතුමන් සක්කාය දිට්ඨිය මුළුමනින් ප්‍රහීන කල නිසාය. අජානීය හස්තියා අජානීය අශ්වයා තැති නොගන්නේ උන්ගේ සක්කාය දිට්ඨිය ඉතා බලවත් බැවින්ය කියා මනෝරථ පුරණිය කියයි.]
“මහණෙනි,
දෙදෙනෙක් හෙන පුපුරණ කල්හිද තැති නොගනිත්295.
කවර දෙදෙනෙක්ද යත්.
(i). ක්‍ෂීණාශ්‍රව (රහත්) භික්‍ෂුන් වහන්සේද ,
(ii). අජානීය අශ්වයාද
යන දෙදෙනා වෙත්.
මහණෙනි, මේ දෙදෙන හෙන පුපුරණ කල්හි පවා තැති නොගනිත්.”
[295:- ලන්තියා යනු ශබ්ද කරන්නියෝයි. න සන්තසන්ති යනු බිය නොවෙත්.
මෙහි කෙලෙසුන් දුරුකළ පුද්ගලයා තමන්ගේ සත්කාය දෘෂ්ටිය ප්‍රහීන කළ බැවින් බිය නොවෙයි.
ආජානීය හස්තියා සත්කාය දෘෂ්ටිය බලවත් බැවින් බිය නොවෙයි.]
“මහණෙනි,
දෙදෙනෙක් හෙන පුපුරණ කල්හි බිය නොවෙත්.
කවර දෙදෙනෙක්ද යත්.
(i). ක්‍ෂීණාශ්‍රව (රහත්) භික්‍ෂුවද ,
(ii). මෘගරාජවූ සිංහ රාජයාද
යන දෙදෙනා වෙත්.
මහණෙනි, මේ දෙදෙනා, හෙන පුපුරණ කල්හිද බිය නොවෙත්.”
“මහණෙනි,
කරුණු දෙකක් සලකන්නාවූ කිඳුරෝ මිනිස් බසින් නොදොඩති.
කවර කරුණු දෙකක් සිතාද යත්,
(i). අපි බොරු නොකියමු.
(ii). අන්‍යයෙකුට බොරු කියා අවමන් නොකරමු.
මහණෙනි, මේ කරුණු දෙක සලකමින් කිඳුරු, කින්නරයෝ මිනිස් බසින් නොදොඩත්.”
[296:- මේ සූත්‍රයෙහි කිමපුරිසා යනු කිඳුරෝයි. මානුසි චාචං න භාසන්ති යනු මිනිස් බසින් කතා නොකරයි.
වරක් ම්නිසෙක් ධර්‍මශෝක රජුට එක් කිඳුරකු ගෙනවුත් දැක්වූයේය. රජතෙමේ මොහු ලවා කථාකරවන්නැයි කීවේය. කිඳුරා කථා කිරීමට නොකැමතිය. එක් පුරුෂයෙක් මම මොහු කථා කරවන්නෙමැයි කියා කිඳුරා මතු මහලින් බස්වා ඔහුට පෙනෙන සේ මිදුලේ කණු දෙකක් සිටුවා ඒ මත සැළියක් එහි තැබීය. ඒ සැළිය දෙපසින් කණු දෙක මත නො රැඳෙයි. වැටෙයි. කිඳුරා එය දැක කිම? තවත් එක් කණුවක් සිටුවීමට නොවටීදැ’යි මෙපමණක්ම කීවේය. යළි පසු කලෙක කිඳුරන් දෙදෙනකු රජුට දැක්වූහ. රජතෙමේ මොවුන් කථාකරවහු යයි කීවේය. ඔවුහු කථා කිරීමට නොකැමති වූහ. රක්පුරුෂයෙක් මම මොවුන් කථා කරවන්නෙමැ’ යි (ඔවුන්) ගෙන අවන්හලක් තුළට ගියේය. එහිදී එකෙක් අඹ ගෙඩියක්ද මසුන්ද දුටුවේය. එකෙක් දිවුල් ගෙඩියක්ද බිලින් ගෙඩියක්ද දුටුවේය. එහිදී පළමු කිඳුරා ‘මිනිස්සු මහා විෂ කති. කෙසේ නම් සුදු කබර රෝගීහු නොවෙත්දැයි ඇසීය. අනෙක් කිඳුරා කෙසේනම් මේ මිනිස්සු මෙය නිසා කුෂ්ට රෝගීහු නොවෙත්දැයි කීවේය. මෙසේ මිනිස්බස කථා කිරීමට හැකි නමුත් කරුණු දෙකක් දකිමින් කථා නොකරති.]
“මහණෙනි,
කරුණු දෙකක් හේතු වී ගැහැණුන් සිත් තැවූලින් මියැදෙයි.
කවර කරුණු දෙකක් සම්බන්‍ධවද යත්,
(i). මෛථුන්‍ය සේවනය නිසාද ,
(ii). දරුවන් වැදීමේදීද
යන සම්බන්‍ධවද වෙත්.
මහණෙනි, මේ දෙයාකාර හේතු නිසා මාගමුන් කලුරිය කෙරේ.
[297:- ද්වින්නං ධම්මානං අතිත්තො අප්පටිවානො මාතුගාමො කාලං කරොතී’’ති. යන්න අප්පටිවානො යනු උකටලී නොවූයේයි. පසුබට නොවූයේයි කියා එය පැහැදිලිව විස්තර කිරීම මනෝරථ පුරණිය කර නැත.]
“මහණෙනි,
තොපට
(i). අසත් පුරුෂයන් එකතුව
අසත් පුරුෂය සමාගමයේ යෙදීම ද,
(ii). සත් පුරුෂයන් එකතුව,
සත් පුරුෂයන්ගේ සමාගමයද
දේශනා කරන්නෙමි.
ඒ අසව්. හොඳින් සිත්හි තබා ගනිව්. කියන්නෙමි.
“එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
(i). “මහණෙනි,
කෙසේනම් අසත්පුරුෂයන්ගේ සහවාසය වේද,
කෙසේනම් අසත්පුරුෂයෝ එක්ව වෙසෙද්ද?
මහණෙනි, මේ ශාසනයෙහි ස්ථවිර භික්‍ෂු නමකට මෙබඳු සිතක් ඇති වෙයි.
“යම්කිසි ස්ථවිර භික්‍ෂුවක් මට අනුකම්පාවෙන් නොව, මගේ ඇවැත් මතු කොට මා දොෂි ලෙස දක්වනු පිණිස මගේ යම් දොසක් මට නොපෙන්වත්වා ! මට අවවාද උපදෙස නොකියාවා.
මධ්‍යම භික්‍ෂුවක් මට අනුකම්පාවෙන් නොව, මගේ ඇවැත් මතු කොට මා දොෂි ලෙස දක්වනු පිණිස මගේ යම් දොසක් මට නොපෙන්වත්වා ! මට අවවාද උපදෙස නොකියාවා !!
නවක භික්‍ෂුවක්ද මට අනුකම්පාවෙන් නොව, මගේ ඇවැත් මතු කොට මා දොෂි ලෙස දක්වනු පිණිස මගේ යම් දොසක් මට නොපෙන්වත්වා ! මට අවවාද උපදෙස නොකියාවා!! .
මෙසේ හෙයින් මම ඔහුනට තොපගේ වචනය පිලි නොගන්නෙමැයි මම ඕහට කියන්නෙමි. ඕහට එසේ වෙහෙස කර වන්නෙමි. ඔහුගේ වචනය (සත්‍යයයි) ම දන්නේ නමුදු මම ඊට ප්‍රතිකර්‍ම නොකරන්නෙමි’ යි “කියා මෙබඳු සිතක් උපදී.
“මධ්‍යම භික්‍ෂුවක් අනුකම්පාවෙන් නොව, මගේ ඇවැත් මතු කොට මා දොෂි ලෙස…………
නවක භික්‍ෂු තෙමේත් මට අනුකම්පාවෙන් නොව, මගේ ඇවැත් මතු කොට මා දොෂි ලෙස …… (නොපිළිපැදීමෙන්) ඕහට වෙහෙසද කරමි. ඔහුගේ වචනය සත්‍යයයි දන්නේ නමුදු මම මගේ දෝෂයට ප්‍රතිකර්‍ම නොකරමි.
“මමද යම් ස්ථවිර භික්ෂුවකගේ, …..
යම් මධ්‍යම භික්ෂුවකගේ…….
යම් සාමනේර භික්ෂුවකගේ යම් ඇවතක් දුටුවත් ඒ ගැන ඔවුනට නොකියමි. නොහසුරවමි.
“මහණෙනි, අසත්පුරුෂයන්ගේ එක්ව විසීම, අසත්පුරුෂ සහවාසය මෙසේ වෙයි. මෙසේ වූ අසත්පුරුෂයෝ අසත්පුරුෂයන් සමග වෙසෙත්.
(ii). “මහණෙනි,
කෙසේ නම් සත්පුරුෂයන්ගේ සහවාසය වේද,
කෙසේ නම් සත්පුරුෂයන්, සත්පුරුෂයන් සමග වෙසෙද්ද?
මහණෙනි, මේ ශාසනයෙහි ස්ථවිර භික්‍ෂුවකට මෙබඳු අදහසක් වෙයි.
“යම් ස්ථවිර වහන්සේ කෙනෙක් මගේ ඇවතක් දුටුවේ නම් මට යම් දොසක් මට පෙන්වත්වා ! මට අවවාද උපදෙස කියත්වා………..
“යම් මධ්‍යම භික්ෂුන් වහන්සේ කෙනෙක් මගේ ඇවතක් දුටුවේ නම් මට යම් දොසක් මට පෙන්වත්වා ! මට අවවාද උපදෙස කියත්වා..
“යම් නවක භික්ෂුන් වහන්සේ කෙනෙක් මගේ ඇවතක් දුටුවේ නම් මට යම් දොසක් මට පෙන්වත්වා ! මට අවවාද උපදෙස කියත්වා. මගේ යහපත පිණිස, මගේ දියුණුව පිණිස මට අනුකම්පා අනුග්‍රහයෙන් ඔවුන් කියන ඇවත මා නිදොස් කර ගනිමි. මම ඕහට ‘මැනව, තොප කීයේ යහපතැ’ යි කියන්නෙමි. ඕහට වෙහෙස නොකරන්නෙමි. (මගේ දෝෂය) දක්නේ ඊට ප්‍රතිකර්‍ම කරන්නෙමි’ යි කියායි.
“මමද යම් ස්ථවිර භික්ෂුන් වහන්සේ නමකගෙ හෝ, මධ්‍යම භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ හෝ නවක භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ දෝෂයක් වරදක් දුටුවොත් ඔහු කෙරෙහි අනුකම්පාවෙන්, ඔහුගේ දියුණුව තකා ඒ ඇවත ඔහුට දන්වමි. ” කියායි.
“මහණෙනි,
සත්පුරුෂයන් , සත්පුරුෂයන් හා සහවාසය මෙසේ වෙයි.
මෙසේ සත්පුරුෂයෝ එක්ව වාසය කෙරෙත්.”
[ 298:- මනෝරථ පුරණිය
මෙහි අසතං සන්නිවාසං යනු දුදනන්ගේ, අසත්පුරුෂයන්ගේ එක්ව විසීමයි. න වදෙය්‍ය යනු අවවාදයෙන් හෝ අනුශාසනයෙන් නොකියන්නේයි. නොකියව යන අරුත්ය. ථෙරම්පහං න වදෙය්‍යං යනු මමද ස්ථවිර භික්‍ෂුවට අවවාද අනුශාසනාවශයෙන් නොකියන්නෙමි. අභිතානුකම්පී යනු අයහපතක් කැමති වන්නේයි. නො හිතානුකම්පී යනු යහපතක් නොකැමැත්තේයි. නොති තං වදෙය්‍යං යනු මම ඔබගේ වචනය නොකරන්නෙමැයි ඔහුට කියන්නෙමි යනුයි. විහෙසෙය්‍යං යනු වචනය (කීදෙය) නොකිරීමෙන් වෙහෙසවන්නෙමි පස්සම්පිස්ස න පටිකරෙය්‍යං යනු දකිමින්ද දනිමින්ද මම ඔබගේ වචනය නොකරන්නෙමි. මේ ක්‍රමයෙන් සියලු තන්හි අර්‍ත්‍ථය දතයුතුය. යහපත් අංශයෙහි සාධූති නං වදෙය්‍යං යනු ඔබ විසින් මනාදෙයක් හොඳ දෙයක් මනාව කියනලදැයි ඔහුගේ කීමට සතුටු වෙමින් ඔහුට කියන්නෙමි යන අර්‍ත්‍ථයි.
“මහණෙනි,
අධිකරණ නීති රීතියට අනුව විසඳිය යුතු යම් කරුණෙක් ගැන දෙපක්ෂය වචන හුවමාරු කර ගනීද289 වෙනස් මතයන් දරමින් වාද විවාද කර ගනිත්ද, සමථයකට ඒමට දෙපාර්ශවය අසමත්වේද මේ අධිකරණ කාරණය මේ දෙපාරශවය අතර බොහෝ කල් පවතින නොමනාපයන්, පිණිස, සංඝ අසමගිය පිණිස හේතු වේ. 290
” මහණෙනි! එවැනි විනය කාරනාවක් දෙපාර්ශවය සමාදානයෙන්, කෝප නොවී සංවරව කාරනා සාකච්චාකර සමථයට පැමිණේ නම් සංඝයා අතර අසමගියක් ඇති නොවන්නේය. ඒ සංඝ සමාගම සුවසේ වසන්නෝය290
[289:- උභතෝ විෂමාචාරෝ ලෙස ඇති මේ පදය දකින්නට අපහසු එකකි. මනෝරථ පුරණිය එය සම්සර මාන (නොනවතින බැන ගැනීම් ලෙස දක්වයි.]
[ 290: – බුද්ධ ජයන්ති පරිවර් තනයේ මේ කොටස අලුත් සුත්‍රයක් ලෙස දක්වා ඇත ත් පාලි සමිතියේ පරිවර්තනය හා බුරුම පරිවර්තනයේ ඇති ලෙස එම කොටස මේ සුත්‍රයේම ඇතුල් කරමි.
[290:- අජ්ඣත්තං අවූපසන්තං හොති, ලෙස බුද්ධ ජයන්ති පරිවර් තනයේ ඇති අර්ථය සම්පුර්ණයෙන්ම වැරදි ලෙස පෙනෙන නිසා පුරාණ සිංහළ පුස්කොල වල හා බුරුම පරිවර්තනයේ ඇති අජ්ඣත්තං න අවූපසන්තං හොති, මෙහි යෙදුවේ මුළු සුත්‍රයේ හරය විකෘති නොවන ලෙස බව සලකන්න. .]
By AN 02-06-01 චෙ පුග්ගල සූත්‍රය.