SINHALA TIPITAKA

AN 02-09


Listen Later

AN 02-09-01 විමුත්ති සූත්‍රය.
AN 02-09-02 පග්ගාහා සූත්‍රය.
AN 02-09-03 නාමරූප සූත්‍රය.
AN 02-09-04 විජ්ජාවිමුත්ති සූත්‍රය.
AN 02-09-05 භවදිට්ඨි සූත්‍රය
AN 02-09-06 අහිරික සූත්‍රය
AN 02-09-07 හිරි සූත්‍රය
AN 02-09-08 දොවචස්ස සූත්‍රය
AN 02-09-09 සොවචස්ස සූත්‍රය
AN 02-09-10 ධාතුමනසිකාර සූත්‍රය
AN 02-09-11 ආපත්ති සූත්‍රය.

AN 02-09-01 විමුත්ති සූත්‍රය.

“මහණෙනි,
විමුක්තිය ලබන්නට ධර්‍ම ක්‍රම දෙකක් වෙත්.
මොනවාද යත්,

(i). චිත්ත විමුක්තිය 308
(ii). පංඥා විමුක්තිය 309

මහණෙනි, මේ විමුක්ති ධර්‍ම දෙක වෙත්.

[සසර දුක නැති කිරීමට, සසරින් මිදීමට , විමුක්තියට මග භාවනාවය. භාවනාව 1. ශමථ භාවනාවය, 2. විදර්ශනා භාවනාව යැ යි දෙවැදෑරුම් වෙයි. භාවනාවේ යෙදෙන්නා මේ දෙක ගැන මැ තරමක හැඳිනීමක් මුලැදී මැ තබාගැනීම ප්‍රයෝජනවත් වෙයි. එහි සමථ භාවනාව නම්: සිත් තුළ පහළ වන්නා වූ කෙලෙසුන් යටපත් කොට උපචාර ධ්‍යාන අර්පණා ධ්‍යානයන් ලැබගන්නා ක්‍රමයයි. මේ සුත්‍රයේ චෙත්තෝ හෝ චිත්ත විසුද්ධිය ලෙස දක්වා ඇත්තේ එයය.]

[308:- චිත්ත විශුද්ධිය නොහොත් චේතෝ විමුක්තිය මෙහි සමාධිය රාගයෙන් මිදුන බැවින් චෙතො විමුත්ති නම් වේ
ස්ත්‍රී පුරුෂ සත්ත්ව පුද්ගල ආත්මාදි වශයෙන් ම පෙනෙන සේ ඇත්තා වූ, සත්‍ය ස්වභාවය නොපෙනෙන සේ සන්තති සමූහ කෘත්‍ය ආරම්මණ සංඛ්‍යාත චතුර්විධ ඝනයෙන් වැසී පවන්නා වූ නාම රූප ධර්මයන්ගේ, ස්වභාව දැන ගැනීම අති දුෂ්කරය. පොත පත උගෙනීමෙන් ඒවා පිළිබඳ ව ලබන්නා වූ දැනුම කෙලෙසුන් නසා මාර්ග ඵලවලට පැමිණීමට ප්‍රමාණ නොවේ. පොත පත උගෙනීමෙන් ලැබුණු දැනුම අනුමාන ඥානයක් මුත් ප්‍රත්‍යක්ෂ දර්ශනයෙක් නොවේ. මාර්ග ඵල ලැබීමට උගෙනීමෙන් ලැබුණු දැනුමට වඩා බොහෝ උසස් වූ ඇසට පෙනෙන පෙනීම බඳු ශුද්ධ දර්ශනයෙක් වුවමනාය. ඒ දර්ශනය භාවනා කිරීමෙන් ලැබිය යුත්තකි. තද දෙයක් කැපීමට සූදානම් වන තැනැත්තා පළමු කොට කටයුත්තට සුදුසු පරිදි ආයුධයක් මුවහත් කර ගන්නාක් මෙන් අවබෝධ කර ගැනීමට දුෂ්කර වූ නාම රූප ධර්මයන්ගේ තත්ත්වය ද අවබෝධ කර ගැනීමට සුදුසු වන පරිදි පළමු කොට තමාගේ සිත සකස් කර ගත යුතුය. එසේ සකස් කර ගන්නා ලද චිත්තය නීවරණයන්ගෙන් පිරිසිදු බැවින් ඒ චිත්ත විශුද්ධි නමි.
සිත ශුද්ධ කර ගැනීම සඳහා කළ යුත්තේ සමාධිය වැඩීමය. වැඩි වේලාවක් එක් අරමුණෙක නො සිට අරමුණෙන් අරමුණට පැන පැන යාම සිතේ ප්‍රකෘතියය. වේගයෙන් ගමන් කරන රථයක නැගී යන්නහුට මග දෙපස තිබෙන දෑ එකකුදු හොඳින් නො පෙනෙන්නාක් මෙන් ඉක්මනින් අරමුණෙන් අරමුණට යන අසමාහිත සිතට යම්කිසි ධර්මයෙක සැබෑ තත්ත්වය අසු නොවේ. නාමරූප ධර්මයන් විදර්ශනා කරන කල්හි සිත ඒවායේ නොනැවතුණ හොත් ඉක්මනින් ම අරමුණෙන් අරමුණට ගමන් කරන්නට වුවහොත් ඒ සිතට පරමාර්ථ ධර්මයන්ගේ තත්ත්වය අඩු කර ගන්නට නුපුළුවන් වනු ඇත. එසේ නුපුළුවන් වන කල්හි විදර්ශනා ඥානය ඉක්මනින් නොවැඩෙන්නේය. එහෙයින් ඉක්මනින් විදර්ශනා ඥානය දියුණු කර ගත හැකි වීමට පළමුකොට සමාධිය වඩා සිත සකස් කරගත යුතුයි.
සිහියෙන් යුක්තව උත්සාහයෙන් සිත එක අරමුණක පිහිටිය හැකි වූ ඒ ශක්තිය, මඳින් මඳ වැඩෙන්නේය. සිතෙහි වූ ඒ ශක්තිය “සමාධිය” නමි. අතර දී අන් එක සිතකුදු ඇති වන්නට නොදී කැමති කැමති කාලයක් මුළුල්ලෙහි සිත් පරම්පරාව එක ම අරමුණක පැවැත්විය හැකි සේ දියුණු වූ සමාධිය “ධ්‍යාන” නම් වේ. පූර්ව භාගයේ සමාධිය නොවඩා විදර්ශනාව පමණක් වඩා මාර්ගාධිගමය කරන යෝගාවචරයෝ ද ඇත්තාහ. එහෙයින් සමාධිය වඩනු නොකැමතියන් විසින් ශුද්ධ විදර්ශනාව ම වැඩුවාට කමක් නැත. සමාධිය වඩා විදර්ශනා වඩන්නවුන් ගෙන් සමහරු ධ්‍යාන උපදවා ගෙන ම විදර්ශනා වඩති. සමහරු තරමක් දුරට සමාධිය වඩා කාමාවචර සමාධියක් පමණක් ඇති කරගෙන විදර්ශනා වඩති. තවත් සමහරු දෙකම එකට ගෙන යති. මේ ක්‍රම වලින් ධ්‍යාන උපදවා විදර්ශනා වඩන්නට යාම කාලයට නුසුදුසු ය. එසේ කරන්නට ගිය හොත් විදර්ශනාවට කලක් නො ලැබී යා හැකි හෙයිනි.
දැනට කළ යුත්තේ තරමක් දුරට සමාධිය පුරුදු කර ගෙන විදර්ශනා වැඩීම හෝ දෙකම එකවර කරගෙන යෑමෙන් හෝ විදර්ශනාව පමණක් වැඩීමය. පළමුවෙන් මාස කිහිපයක් සමාධිය වඩා ඉන් පසු දෙක ම කර ගෙන යෑමේ ක්‍රමය ඉතා ම හොඳ ක්‍රමය ය යනු අප අදහසයි. කියවන්නෝ තම තමන් කැමති පරිද්දෙකින් පිළිපදිත්වා! සමාධිය වඩනු කැමති පින්වතුන් උදෙසා ගිහි ගෙවලදී වුව ද පහසුවෙන් කළ හැකි භාවනා ක්‍රමයක් දක්වනු ලැබේ. FROM ]

[309:- පඤ්ඤා විමුත්ති යනු ඵල ප්‍රඥාවයි. ප්‍රඥාව අවිද්‍යාවෙන් මිදුන බැවින් පඤ්ඤා විමුත්ති යයි නම් වේ.
තමා ගේ රූපාදි ස්කන්‍ධයන් නුවණින් ගෙන පටන් ගන්නා ලද විදර්‍ශනා ප්‍ර‍ඥාව – අජ්ඣත්තාභිනිවෙසය (තමා සතන්හි පිළිපැදීම කරන්නා වූ) ප්‍ර‍ඥාවය.
මෙරමා ගේ රූපාදි පඤ්චස්කන්ධයෙහි හෝ බැහැර අනින්‍ද්‍රිය බද්ධ රූප හෝ නුවනින් මෙනෙහි කොට පටන් ගත් විදර්‍ශනා ප්‍ර‍ඥාව බහිද්‍ධාභිනිවෙශ (බාහිර සන්තානයෙහි නුවණ පිහිටුවීමෙන් පිළිපදනා) ප්‍ර‍ඥා නම් වේ.
අධ්‍යාත්ම බාහිර දෙපක්‍ෂයම නුවණින් ගෙන පිහිටුවන ලද්දේ අධ්‍යාත්ම – බාහිරාභිනිවේශප්‍ර‍ඥාය යි. මෙසේ අධ්‍යාත්මාභිනිවෙශාදි වශයෙන් ප්‍ර‍ඥාව ත්‍රිවිධ වේ. මේ ත්‍රිවිධ ප්‍ර‍ඥා භේදය යි. උභතෝභාග විමුක්‌තියේ දී සිදුවන්නේ රූපය පිළිබඳ ඇතිකරගත් නානත්ව රූප සංඥා උපෙක්‌ඛාව, ඒකත්ව සංඥා උපේක්‌ඛාවන් බවට පත්කර ගනී. එනම් රූපය සම්පූර්ණයෙන්ම අතහැරීමෙන් ඇතිවන හිස්‌ ස්‌වභාවය හෙවත් ආකාසානඤ්ඤායතනය, රූපයත් ආකාසයත් දැනුවත් වූ විඤ්ඤාණ ධාතුව තුළ හෙවත් විඤ්ඤාණඤ්චායතනය, සංඥා ප්‍රතික්‌ෂේප කිරීමෙන් ඇතිවන ආකිඤ්චඤ්ඤායතනය සහ සංඥාවක්‌ නැත කියාත් සංඥාවක්‌ ඇති බැවින්, සංඥාවක්‌ ඇත්තෙත් නැත නැත්තේත් නැත යන අවබෝධයෙන් ඇතිවන නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන අරූප ධ්‍යාන ඇතිකර ගනී. එහි ආකිඤ්චඤ්ඤායතනයේදී ත්‍රිලක්‌ෂණය මෙනෙහි කිරීමෙන් ඉහත ආකාරයෙන්ම නිවිය හැකිය. එනම් මෙහිදී සිදුවන්නේ අකිඤ්චඤ්ඤායතනය, අනිත්‍ය වශයෙන් දැකීමෙන් අනිමිත්ත ෙච්තෝ විමුක්‌තිය තුළින් හෝ අකිඤ්චඤ්ඤායතනය, දුක්‌ඛ වශයෙන් දැකීමෙන් අප්පාහිත ෙච්තෝ විමුක්‌තිය තුළින් හෝ අකිඤ්චඤ්ඤායතනය, අනාත්ම වශයෙන් අවබෝධයෙන් ශූන්‍යතා ෙච්තෝ විමුක්‌තිය තුළින් හෝ නිර්වාණය සාක්‌ෂාත් වීමයි.

නේවසඤ්ඤානාසඤ්ඤායතනයේදී අලුතෙන් සංස්‌කාර සෑදීමක්‌ නොමැත. සාදාගත් සංස්‌කාරය පවත්වාගෙන යයි. එහි සංඥාව ඉතා සියුම්ය. අවබෝධය ඇති අය මෙම සංඥාවත් අතහැරීමට දක්‌ෂ වේ. නමුත් අතහරින වෙලාවක්‌ කිව නොහැක. එහිදී සංඥා වේදයිත නිරෝධය හෙවත් නිරෝධ සමාපත්තියට පත්වේ. දෙවැනි ධ්‍යානයේ දී වචී සංස්‌කාර සංසිඳී ඇත. හතරවැනි ධ්‍යානයේ දී කාය සංඛාර සංසිඳේ. ඉතිරිව ඇති වේදනා,සංඥා හෙවත් චිත්ත සංඛාරද සංඥාව අතහැරීමත් සමගම සංසිදේ. නිරෝධ සමාපත්තියේ දී වේදනා සංඥා පිළිබඳ දැනීමක්‌ නොමැත. නිරෝධ සමාපත්තිය යනු ලෝකය තුළ ඇතිකර ගත හැකි උත්තරීතර තත්ත්වයයි. එය ලෝකෝත්තර සිතක්‌ නොවේ. මාර්ගඵල සහ ඵලසමාපත්ති සිත් ලෝකෝත්තර සිත් වේ. ඵලසමාපත්ති සිතක දී වේදනා සංඥා දැනුවත් වුවද ඊට ප්‍රතිචාර නොදක්‌වයි. SOURCE.]

AN 02-09-02 පග්ගාහා සූත්‍රය.

“මහණෙනි,
මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්.
කවර දෙදෙනෙක්ද යත්,
(i). “ප්‍රග්‍රහය (වීර්‍ය්‍යය)ද, 310
(ii). අවික්‍ෂෙපය (සිතෙහි එකඟ බව)311 ද
(යන දෙදෙන) වෙත්.

“මහණෙනි,
මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.

[310:- විරිය නම් මානසික වූ ප්‍රග්‍රහ කෘත්‍යය යි. එය සිත වැටෙන්නට නොදී, හැකිළෙන්නට ඉඩ නො තබා, සිත කුසල් විෂයෙහි ඔසවා තබා ගනියි. කමටහන් අරමුණෙන් සිත හැංගෙන්නේ මේ කෘත්‍යය නැතිකමේ පාඩුවෙනි. පග්ගහ නම් වීර්යය ය. එය ඉන්ද්‍රියකි. බලයකි. සම්බෝජ්ජන්ගයකි. සම්බෝජ්ජන්ගයක් ලෙස කීමේදී
විරිය සම්බොජ්ඣංගය ඉපදවීමට උපකාර වන කරුණු එකොළොසෙක් ඇති බව කියැවේ. එනම්:
1. අපාය භය පච්චවෙක්ඛණතා,
2. ආනිසංසදස්සාවිතා,
3. ගමනවීථි පච්චවෙක්ඛණතා,
4. පිණ්ඩපාත අපචායනතා,
5. දායජ්ජමහත්ත පච්චවෙක්ඛණතා,
6. සත්ථුමහත්ත පච්චවෙක්ඛණතා,
7. ජාතිමහත්ත පච්චවෙක්ඛණතා,
8. සබ්‍රහ්මචාරී මහත්ත පච්චවෙක්ඛණතා,
9. කුසීතපුග්ගල පරිවජ්ජනතා,
10. ආරද්ධ විරිය පුද්ගලසේවනතා,
11. තදධිමුත්තතා
යනු යි. SOURCE.] .

[311: අවික්ෂේප නම් . වික්‍ෂේප දුරුකිරීම් වශයෙන්
කර්‍මස්ථානය හැරැ පියා පිටත පුථුත්තාරම්මණයෙහි සිත නෙ හෙලිය යුතු ය. ඒකපදික ප්‍ර‍පාත මාර්‍ගයෙක ගමන් ගත් පුරුෂයා ඇක්මෙන පියා නො සලකා ඔබ මොබ බලමින් යන්නේ පදචාරය වැරදිණි නම් ශතපෞරුෂ ප්‍ර‍පාන්තාතයෙහි හෙන්නා සේ චිත්ත වික්‍ෂේපය ඇති කල කර්‍මස්ථානය පිරිහෙන්නේ ය – නැති වැ යන්නේ ය. එ බැවින් වික්‍ෂේප දුරු කිරීම් වශයෙන් මෙනෙහි කට යුතු යි. (රූපාදීහු නීලාදි විසින් නානා ස්වභාව ඇති හෙයින් පුථුත්තාරම්මණ නම් වෙත්. අශුචිය, පිළිකුලැ යි කේශාදියෙහි පැවතිය යුතු වූ අශුභානුදර්‍ශනාව හැරැ ශුභාදි විසින් ගන්නා ලබන කේශාදීහු බහිද්ධා පුථුත්තාරම්මණ නම් වෙති යි දත යුතු” යනු සන්න යි LINK.)

AN 02-09-03 නාමරූප සූත්‍රය.

“මහණෙනි,
ධර්‍මයෝ දෙකක් පමණක් වෙත්.
කවරක්ද යත්,

(ii). “නාමයද,
(ii). රූපයද 312
යන දෙකය

“මහණෙනි,
මේ නාම රුප යනු ලොව ඇති ධර්‍ම දෙක වෙත්.

[312:- නාම රුප:- ලෝකයෙහි පරමාර්ථ සත්‍ය වශයෙන් ඇත්තේ නාම රූප ධර්ම පමණෙකි. ඒ ධර්මයෝ සත්ත්වයෝ නොවෙති. පුද්ගලයෝ නොවෙති. ආත්ම නොවෙති. බාල දරුවන් පොල් කටුවල වැලි දමා ඒවාට බත්ය මාළුය කියා නම් තබන නමුත් ඒවා වැලිම මිස බත් මාළු නොවන්නාක් මෙන්, නාම රූප ධර්මයනට සත්ත්වයාය, පුද්ගලයාය, මමය, නුඔය, නෝනාය, මහත්තයාය, රාළහාමිය, අප්පුහාමිය යනාදි නම් තැබුයේ වී නමුත් ඒවා නාම රූප ධර්ම මිස සත්ත්ව පුද්ගල ආත්මයෝ නොවෙති. නෝනාවරු, මහත්වරු, රාළහාමිලා, අප්පුහාමිලා නොවෙති. ඒවා වචන පමණකි….. [කියවන්න.]

AN 02-09-04 විජ්ජාවිමුත්ති සූත්‍රය.

“මහණෙනි,
මේ ධර්‍මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්,

(ii). “විද්‍යාව313 (සතරඵල ඥානයද),
(ii). විමුක්තිය314 ද
යන දෙක වෙත්.

“මහණෙනි, මේ ලෝකයේ ඇති ධර්‍ම දෙක වෙත්.

[313:- විද්‍යාව කියන එක පැහැදිලි කරන්නේ දර්ශනයකින්. චතුරාර්ය සත්‍යය උපදින දර්ශනයක් තියෙනවා. අන්න ඒ දර්ශනයට තමයි විද්‍යාව කියන්නේ. අන්න ඒ විද්‍යාවට තමයි අවිද්‍යාව කියන ධර්මය දුරු වෙලා විරාග මනසක් හැදෙන්නේ. ඒ අවිද්‍යා විරාගයට පත් කරන දර්ශනය එනම් විද්‍යාව හැම වෙලාවේ ම අපිට සාක්ෂාත් කර ගන්න තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබබ, ධම්ම කියන බාහිර ආයතන හය පැත්තෙන්. ඒ හින්දා නිවන බාහිර ධර්මතාවයක් කියලා කියනවා. විද්‍යාව සාක්ෂාත් කර ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ සඳහා වෙන් වූ අංග දෙකක් තියෙනවා. සම්මා දිට්ඨි හා සම්මා සංකප්ප කියලා..]

AN 02-09-05 භවදිට්ඨි සූත්‍රය

“මහණෙනි,
මේ ධර්‍මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්,

(ii). “භව දෘෂ්ටියද, (ශාස්වත දිට්ඨිය )314
(ii). විභව දෘෂ්ටියද – (උච්ඡේද දිට්ඨිය)
යන දෙක වෙත්.

“මහණෙනි,
මේ ලෝකයා අදහන ධර්‍ම දෙක වෙත්.

[314:- ජාතියෙන් ජාතියට යෙමින් සුව දුක් විඳින නො මැරෙන ආත්මයක් ඇත යන දෘෂ්ටිය භවදිට්ඨි නම් වේ. ශාස්වත දෘෂ්ටිය යනු ද එයට නමෙකි. මේ ශාස්වත දෘෂ්ටිය මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මයන් ලැබීමට බාධාවක් වුව ද ස්වර්ග සම්පත්තියට බාධක නො වේ. ඒ දෘෂ්ටිය ඇත්තෝ ආත්මය සැපවත් කරනු සඳහා පිනවනු සඳහා පින් කොට ස්වර්ගයෙහි උපදිති. ආත්මය දුකට පත් නො කොට රැකීම පිණිස පව්කම් වලින් වලකිති.]

[315:- මරණින් මතු ආත්මය සිඳෙන්නේය, කෙළවර වන්නේය යන දෘෂ්ටිය විභව දිට්ඨි නම් වේ. උච්ඡේද දෘෂ්ටිය යනු ද එයට නමෙකි. එය බුදුන් කල විසූ අජිතකේසකම්බල විසින් පවසමින් සිටි දෘෂ්ටිය ය. “මිනිසා පඨවි ආපෝ තේජෝ වායෝ යන භූතයන් ගේ පිණ්ඩයෙක, මළ පසු ශරීරයේ පඨවි ධාතුව බාහිර පඨවි ධාතුවටත් ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුවටත් තේජෝ ධාතුව බාහිර තේජෝ ධාතුවටත් වායෝ ධාතුව බාහිර වායෝ ධාතුවටත් වන්නේය. ඉන්ද්‍රියයෝ අහසට යන්නාහ. එයින් සත්ත්වයා කෙළවර වන්නේය. දුන්නා වූ යාග පූජා ද්‍ර‍ව්‍ය අලුවීමෙන් කෙළවර වන්නේ ය. දානය මෝජයන් ගේ වැඩක් ය” යනු ඔහු පවසන දෘෂ්ටිය ය. LINK]

AN 02-09-06 අහිරික සූත්‍රය

“මහණෙනි,
ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්.
කවර දෙදෙනෙක්ද යත්,

(ii). “පව් කිරීමෙහි ලජෆ්ජා රහිත බවද,
(ii). පව් කිරීමෙහි බිය නොවන බවද
(යන දෙදෙන) වෙත්.
හිරි සූත්‍රය.

AN 02-09-07 හිරි සූත්‍රය

“මහණෙනි,
මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්.
කවර දෙදෙනෙක්ද යත්,

(ii). “පව් කිරීමෙහි ලජ්ජා ඇති බවද,
(ii). පව් කිරීමෙහි බියද (යන දෙදෙන) වෙත්.

“මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.

“මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.
දොවචස්ස සූත්‍රය.

AN 02-09-08 දොවචස්ස සූත්‍රය

“මහණෙනි,
මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්.
කවර දෙදෙනෙක්ද යත්,

(ii). “දුර්‍වච (අකීකරු) බවද,
(ii). පාප මිත්‍රයන් ඇති බවද (යන දෙදෙන) වෙත්.

“මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.

AN 02-09-09 සොවචස්ස සූත්‍රය

“මහණෙනි,
ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්.
කවර දෙදෙනෙක්ද යත්,

(ii). “සුවච (කීකරු) බවද,
(ii). කල්‍යාණ මිත්‍රයන් ඇති බවද
(යන දෙදෙන) වෙත්.

“මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.
ධාතුමනසිකාර සූත්‍රය.

AN 02-09-10 ධාතුමනසිකාර සූත්‍රය

“මහණෙනි,
මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්.
කවර දෙදෙනෙක්ද යත්,

(ii). “ධාතුකුශලත්‍වය (ධාතූන් දැකීමෙහි දක්‍ෂබව)ද,
(ii). මනසිකාර කුශලත්‍වය (අනිත්‍යාදී ලක්‍ෂණ දැකීමෙහි දක්‍ෂබව)ද
(යන දෙදෙන) වෙත්.

“මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.

AN 02-09-11 ආපත්ති සූත්‍රය

“මහණෙනි,
මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්.
කවර දෙදෙනෙක්ද යත්,

(ii). “ආපත්ති කුසලත්‍වය (ඇවැත් දැකීමෙහි දක්‍ෂභාවය)ද,
(ii). ආපත්ති උට්ඨාන කුසලත්‍වය (ඇවතින් නැඟීමෙහි හෙවත් මිදීමෙහි දක්‍ෂකම)ද
යන මේ දෙදෙන වෙත්.

“මහණෙනි, මේ වනා

...more
View all episodesView all episodes
Download on the App Store

SINHALA TIPITAKABy