Sign up to save your podcasts
Or

“මහණෙනි,
සැදැහැවත් භික්‍ෂුවක්, “තමා මෙසේ ගුණ ඇත්තෙක් වෙමැ”යි පතන්නේ නම්.
“මම සාරිපුත්ත, මොග්ගල්ලාන ස්වාමින්වහන්සේලා බඳු ගුණ ඇති භික්ෂුවක් වන්නෙමැ”යි
ප්‍රාර්ථනා කිරීම මැනවි.
‘ මහණෙනි,
ශාරීපුත්‍ර, මොග්ගල්ලාන ස්ථවිර දෙනම, මේ සාසනයේ සියලු භික්‍ෂූන්ට ප්‍රමිතිය වේ.
තුලාව වේ. මේ දෙනමගේ ආදර්ශය මේ සාසනයේ හැමට ප්‍රමිතිය වේ.”
[” එවං සම්මා අායාචමානො ආයාචෙය්‍ය යනු සැදැහැවත් භික්‍ෂුව නැඟිට සැරියුත් තෙරණුවෝ නුවණින් යම්බඳු වෙත්ද මමද එබන්දෙක් වෙමි. මුගලන් තෙරණුවෝ සෘද්ධියෙන් යම්බඳු වෙත්ද මමද එබඳු වෙමියි මෙසේ යදින්නේ ඇලුම්කරනනේ පතන්නේ නම් එයම මනාව කරන පැතීම නම්වෙයි. මෙයින් වෙනස් යමක් පතන්නේ නම් වැරදි පැතීමක්ය. මෙබඳුවූ පැතුම, යමක් නැත්ද එය පැතුබැවින් වැරදි පැතීම නම් වෙයි.
කුමක් හෙයින්ද?
එසා භික්‍ඛවෙ තුලා එතං පමාණං යනු රන් හෝ අමුරන් කිරන්නෙකුට යම්සේ තුලාව (තරාදිය) කැමතිවිය යුතුද, ධාන්‍ය මනින්නෙකුට මිම්ම යම්සේ කැමතිවිය යුතුදැයි, කිරා බැලීමෙහි තුලාවද, මැනබැලීමෙහි මිම්මද ප්‍රමාණය වේද, එසේම මගේ ශ්‍රාවක භික්‍ෂුන්ට සැරියුත් මුගලන් දෙනම , තුලාව බඳුය. මැනීම එයමය. මිම්ම එයමය. ඔවුන් දෙදෙනා (මිම්ම වශයෙන්) ගෙන මමද ඥානයෙන් හෝ ගුණයෙන් හෝ එපමණ වෙමියි තමා තුලනය කිරීමට හෝ ප්‍රමාණ කිරීමට හැකිය. එයින් වෙනස් අයුරකින් නොවේ.]
සාරිපුත්ත රහතුන් වහන්සේ ගේ චරිත කතාව කියවන්න.
මුගලන් රහතුන් වහන්සේ ගේ චරත කතාව කියවන්න.
“මහණෙනි,
සැදැහැවත් භික්‍ෂුනියක්, “තමා මෙසේ ගුණ ඇත්තෙක් වෙමැ”යි පතන්නේ නම්.
“මම ඛෙමා, උප්පලවණ්ණා ස්ථවිරීන් වහන්සේලා බඳු ගුණ ඇති භික්ෂුනියක් වන්නෙමැ”යි
ප්‍රාර්ථනා කිරීම මැනවි.
‘ මහණෙනි,
ඛෙමා, උප්පලවණ්ණා ස්ථවිරීන් වහන්සේලා දෙනම, මේ සාසනයේ සියලු භික්‍ෂූනීන්ට ප්‍රමිතිය වේ.
තුලාව වේ. මේ දෙනමගේ ආදර්ශය මේ සාසනයේ හැම භික්ෂුනියකටම ප්‍රමිතිය වේ.”
[ මෙය වනාහි විශේෂ මාත්‍රයයි. ඛෙමා ච භික්‍ඛුනී උප්පලවණ්ණා ච යනු මොවුනතුරින් ඛෙමා තෙරණිය ප්‍රඥාවෙන්ද උප්පලවණ්ණා තෙරණිය සාද්ධියෙන්ද අග්‍රය. එහෙයින් ප්‍රඥාවෙන් හෝ සෘද්ධියෙන් හෝ මෙවැන්නියන් වෙමියි මනාව කැමති වන්නී අයදින්නේය.
උප්පලවණ්ණා
වාරිපොක්ඛර පත්තොවා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී උප්පලවණ්ණා තෙරණියන් නිමිති කරගෙන දේශනා කළහ. කථා වස්තුව මධුවා මඤ්ඤතී බාලෝ යන ගාථා වර්ණනාවේ විස්තර කෙරෙයි.
“වාරි පොක‍්ඛරපත‍්තෙව, ආරග‍්ගෙරිව සාසපො;
යො න ලිම‍්පති කාමෙසු, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.
නො ඇලෙන පරිදි අබ ඇට ඉදි කටු මුණෙක
නො රැදෙන පරිදි දියබිදු මුදු අල පතෙක
පස්කම් සුව පතා එහි නො ඇලෙන කලෙක
බමුණා ඔහුම යයි සඳහන් වෙයි ගයෙක
ඉන් පසු කාලයේදී මහජනයා ධර්මසභාවේ දී කථාවක් ඇතිකළහ. රහතුන් වහන්සේලා ද කාම සේවනයේ යෙදෙති. ඇයි නොයෙදෙන්නෙ ඔවුහු ගස් නොවේ තුඹස් නො වේ මස් ලේ සහිත ශරීර ඇත්තෝයි. එනිසා ඔවුන්ද කාම සැපය විදගනිති. බුදුරදුන් පැමිණ කිනම් කථාවකින් යුතුව සිටියෝදැයි විමසා මේ පිළිබඳව යයි පැවසුවිට මහණෙනි රහතන් වහන්සේලා කාමසුව නොවිඳිති. කාම සේවනය නොකරති. යම් සේ නෙළුම් කොළයේ වැටුන ජලබිඳුව සේ නො ඇලේ. නොපිහිටයි. වැටී පෙරලී යයි. මේ ලෙසට රහතන් වහන්සේගේ සිත විවිධ වූ කාමයෙහි නොඇලේ. නොපිහිටයි. එකිනෙකට සම්බන්ධ කර ධර්මදේශනා කරන්නේ මෙම ගාථාව පැවසුහ.
නෙළුම් කොළයේ ජලය ඉදිකටු මූණෙහි අබ ඇටයක් නොරඳන මෙන් යමෙක් කාමයන්හි නො ඇලේද ඔහු බ්‍රාහ්මණ යයි කියමි. ඒහි යො න මපති මේ ලෙසට යමෙක් අභ්‍යන්තරයේ ද්විධවූ කාමයෙහි නොඇලේද යම් තැනක කාමය නොපිහිටාද ඒ විරාගී තැනැත්තා ……. බ්‍රාහ්මණ යනුවෙන් හදුන්වමි.
දේශනය අවසානයේ බොහෝදෙන සෝවාන් ආදී මාර්ගඵලයන්ට පත්වුහ.]
“මහණෙනි,
සැදැහැවත් උපාසක කෙනෙක්,
“තමා මෙසේ ගුණ ඇත්තෙක් වෙමැ”යි පතන්නේ නම්.
“මම චිත්ත ගහපති, හත්‍ථක ආලවක දෙදෙනා බඳු
ගුණ ඇති උපාසක කෙනෙක් වන්නෙමැ”යි
ප්‍රාර්ථනා කිරීම මැනවි.
‘ මහණෙනි,
චිත්ත ගහපති, හත්‍ථක ආලවක දෙදෙනා, මේ සාසනයේ සියලු උපාසකයන්ට ප්‍රමිතිය වේ.
තුලාව වේ. මේ දෙදෙනාගේ ආදර්ශය මේ සාසනයේ හැම උපාසකයෙකුටම ප්‍රමිතිය වේ.”
[එසේම චිත්ත ගැහැවියා ප්‍රඥාවෙන් අග්‍රය. හත්‍ථක රජකුමරුවා මහත්සෘද්ධියෙන් අග්‍රය. එබැවින් ප්‍රඥවෙන් හෝ සෘද්ධියෙන් එබන්දෙක් වෙමියි මනාව පතන්නේ පතන්නේය.
කියවන්න චිත්ත ගෘහපති කථාව
කියවන්න හත්තක ආලවක කථාව ]
““මහණෙනි,
සැදැහැවත් උපාසිකාවක්,

“මම ඛුජ්ජුත්තරා,
වෙළුකණ්ටකී (නම් නුවර වැසි) නන්‍දමාතා
යන උපාසිකාවන් බඳු ගුණ ඇති උපාසිකාවක් වන්නෙමැ”යි
ප්‍රාර්ථනා කිරීම මැනවි.
‘ මහණෙනි,
ඛුජ්ජුත්තරා, වෙළුකණ්ටකී (නම් නුවර වැසි) නන්‍දමාතා යන උපාසිකාවන් දෙදෙනා, මේ සාසනයේ සියලු උපාසිකාවනට ප්‍රමිතිය වේ. තුලාව වේ. මේ දෙදෙනාගේ ආදර්ශය මේ සාසනයේ හැම උපාසිකාවක්ටම ප්‍රමිතිය වේ.
[ඛුජ්ජුත්තරා මහාප්‍රඥාවෙන් අග්‍රය. නන්දමාතා මහත්සෘද්ධි ඇතිබවින් අග්‍රය. එබැවින් ප්‍රඥාවෙන් හෝ සෘද්ධියෙන් මෙවැන්නියක් වෙමයි මනාව පතන්නේ පතන්නේය.
ඇය උදේන මහ රජුගේ ප්‍රධාන බිසව් වූ සාමාවතියගේ දාසියය. ඇය ශරීරයෙන් මදක් කුදු වූ තැනැත්තියකි. ඇයගේ ප්‍රධාන රාජකාරිය වූයේ මාලාකාරයාගේ මල්වත්තට ගොස් සාමාවතී බිසවට මල් රැගෙන ඒමයි. ඇයට මල් ගෙන ඒම සඳහා සාමාවතී බිසව කහවණු අටක් දෙයි. එහෙත් මල් මිලදී ගන්නේ කහවණු හතරක පමණි. ඉතිරි කහවණු හතර ඇය සඟවා ගනියි. දිනක් සාමාවතී බිසවට මල් රැගෙන ඒමට සුමන නම් මාලාකාරයාගේ මල්වත්තට පැමිණි පසු ඇයට මාලාකාරයා ඔහුගේ නිවසේ වූ මහා සංඝරත්නයට දානය පිළිගැන්වීමේ මහා පින්කමකට ආරාධනා කළේය. එයට සහභාගි වූ ඛුජ්ජුත්තරා දහම් අසා සෝවාන් ඵලයෙහි පිහිටියාය. වෙනදා කහවණු හතරක පමණක් මල් මිලදී ගන්නා ඛුජ්ජුත්තරාව එදින කහවණු අටෙහිම මල් මිලදී ගත්තාය. එදින වෙනදාට වඩා මල් ගෙන ආ ඛුජ්ජුත්තරාව දුටු සාමාවති බිසව එයට කරුණු විමසීය. ඊට පසු සියල්ල පැවසූ ඇය දහම් අසා සෝවාන් ඵලයෙහි පිහිටි බව පැවසීය. සාමාවති බිසව ඛුජ්ජුත්තරාව ඇසූ බණ තමාටද දෙසන ලෙස පැවසීය. මීට පසු ඛුජ්ජුත්තරාව තමා ඇසූ බණ එලෙසින්ම කීවාය. එය ඇසූ සාමාවති බිසව මෙන්ම ඇගේ පරිවාර ස්ත්‍රීහුද සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඊට පසු සාමාවතී බිසව ඛුජ්ජුත්තරාව දාස බවින් මුදා මව් තනතුරෙහි තැබීය.
එදින දම් සභාවට රැස් වූ භික්ෂූන් වහන්සේලාට ඛුජ්ජුත්තරාව පිළිබඳ ප්‍රශ්න කිහිපයක් ඇතිවිය. එනම් ඛුජ්ජුත්තරාව දාසියක්ව කුදුව ඉපදීමට හේතුවත් ඥානවන්තව ඉපදීමට හේතුවත්, සෝවාන් වීමට හේතුවත් කුමක් ද යන්නයි. දම්සභාවෙහි වූ භික්ෂූන් වහන්සේලාගේ මේ ප්‍රශ්නය දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ දම් සභාවට වැඩම කොට ඛුජ්ජුත්තරා පිළිබඳ වූ ප්‍රශ්නයන්ට පිළිතුරු දෙමින් ධර්මය දේශනා කළහ.
ඛුජ්ජුත්තරා පන, භන්තෙ, කෙන කම්මෙන ඛුජ්ජා ජාතා, කෙන කම්මෙන මහාපඤ්ඤා
,කෙන කම්මෙන සොතාපත්තිඵලං අධිගතා, කෙන කම්මෙන පරෙතං සෙනකාරිතා ජාතාති.
ඛුජ්ජුත්තරාව දාසියක්ව ඉපදීමට හේතුව.
පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරන සමයේ ඛුජ්ජුත්තරා බරණැස් නුවර සිටුවරයාගේ දියණියක්ව ඉපිද සිටියා. තරුණ වයසෙහි වූ ඇය දිනක් තම ශරීරය සරසමින් සිටියාය. එම අවස්ථාවෙහි එක් රහත් මෙහෙණින් වහන්සේ නමක් එම සිටු දියණිය හමුවීම සඳහා මාලිගයට වැඩියහ. කෙළිදෙලින් සිටි සිටු දියණිය ,මෙහෙණින් වහන්සේ දැක ගරු සරු නොමැතිව “මාගේ ආභරණ පෙට්ටිය ගෙන එව“යි (ආය්‍යෙ, එතං තාව මෙ පසාධනපෙළකං ගහෙත්වා දෙරා”ති ආහ( එම රහත් මෙහෙණින් වහන්සේට අණ කළාය. එවිට රහත් මෙහෙණින් වහන්සේ සිතන්නේ “මැයට මෙය ගෙනත් නොදුන හොත් මාව මරවා අපායෙහි උපදින්නේය. මැය කියු දෙය කළොත් මාගෙන් වැඩගත් නිසා දාසියක්ව උපදින්නේයැයි දිවැසින් දැක අපායෙහි උපදිනවාට වඩා මැය දාසියක්ව ඉපදීම මැනවයි” සිතා ඇය කෙරෙහි අනුකම්පාවෙන් ඇය කී දෙය කළාය. රහත් මෙහෙණින් වහන්සේට දාසියකට සේ අණ කොට වැඩලත් පාපය නිසා ඇය ආත්ම ගණනාවක්ම දාසියක්ව ඉපිද අප බුදුරජාණන් වහන්සේගේ කාලයේද දාසියක්ව උපන්නාය.
ඛුජ්ජුත්තරාව කුදුව ඉපදීමට හේතුව
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි ඛුජ්ජුත්තරා එම රජුට දාසියක්ව උපන්නාය. නිතර රජ ගෙදරට මදක් කුදු ගැසුණු පසේ බුදුරජාණන් වහන්සේ නමක් දානය සඳහා වඩිති. පසේ බුදුරජාණන් වහන්සේ දන් වළඳා ආපසු වැඩිකල්හි එම දාසිය රතු රෙද්දක් පොරවා රන් තැටියක්ද අතැතිව අපගේ පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයේ වඩින්නේ මෙසේ යැයි පවසමින් කුදු ගැසී උන්වහන්සේ පිණ්ඩපාතයට වඩින අයුරු අනුකරණය කොට පෙන්වා අන් අය සිනා ගස්වයි. මෙසේ පසේ බුදුරජාණන් වහන්සේට අපහාස වන අයුරින් හැසිරුණු නිසා ආත්ම ගණනාවක් කුදුව ඉපිද මේ අත්භවෙහිද කුදුව උපන්නාය.
(අතෙකා උපට්ඨායිකා ඉත්ථී කම්බලං පාරුපීත්වා සුවණ්නසරණං ගහෙත්වා,
“අම්හාකං පච්චේකඛුද්ධො එවඤ්ච එවඤ්ච විවරති”ති
ඛුජ්ජා සුත්වා තස්ස විවරණාකාරං දස්සෙසි.
තස්ස නිස්සන්දෙන ඛුජ්ජා ජාතා)
ඛුජ්ජුත්තරාව සෝවාන් වීමට හේතුව
පසේ බුදුවරුන්ට කළ උපස්ථාන නිසා ඇය සෝවාන් වන්නට තරම් භාග්‍යසම්පන්න වූවාය.
(පච්චේක බුද්ධානං කතඋපට්ඨානස්ස නිස්සන්දෙන පන සොතාපත්තිඵලං පත්තා)
ඛුජ්ජුත්තරාව ඤාණවන්තව ඉපදීමට හේතුව
තවද එක් අත් බවක ඛුජ්ජුත්තරාව බරණැස් නුවරම රජ ගෙදර දාසියක්ව උපන්නාය. දිනක් රජ ගෙදරට දානය පිණිස පසේ බුදුවරු අටනමක් වැඩියහ. දානය පිණිස උන්වහන්සේලාට ලැබුණේ උණු කිරිබත්ය. උණු කිරිබත් පාත්‍රවලට බෙදූ නිසා පාත්‍ර රත්විය. අත මත පාත්‍රය තබා ගන්නට නොහැකි තරමට පාත්‍රය රත් වූ නිසා පසේ බුදුරජාණන් වහන්සේලාට පාත්‍රය දකුණතින් වම් අතටත් වමතින් දකුණූ අතටත් මාරු කරන්නට සිදුවිය. මෙය දුටු මෙහෙකාර ස්ත්‍රිය ස්ථානෝචිතව කල්පනා කොට තමා සන්තකයේ තිබු ඇත්දත් වළලු අට පූජා කළාය. ඒවා පිළිගත් පසේ බුදුරජාණන් වහන්සේලා පාත්‍රය ඒ මත තබා අපහසුතාවකින් තොරව දානය වැළඳූහ. මෙසේ තැනට සුදුසු ලෙස ඤාණවන්තව කටයුතු කළ නිසා මේ අත් භවෙහි ඇය සෝවාන් වීමට තරම් ඤාණයෙන් යුක්ත වීමට භාග්‍යවන්ත වූවාය.(සා ඉත්ථ තෙ තථා කරොන්තෙ දිස්වා අත්තනො සන්තකානි අට්ඨ දන්තවලයානී දත්වා” “ඉධ ඨපෙත්වා ගණ්හථා”ති ආහ)
ඛුජ්ජුත්තරාව මාලිගයේ ඇති වූ ගින්නෙන් බේරීමට හේතුව
උදේන රජුගේ අනෙක් ප්‍රධාන බිසවක වු මාගන්දියා නම් බිසව සාමාවතිය කෙරේ ඊර්ෂ්‍යාවෙන් පසු වුවාය. මාගන්දියා බුදුන් වහන්සේ කෙරෙහි ක්‍රෝධයෙන් පසු වූයෙන් , බුදුන් සරණ ගිය සාමාවතිය කෙරෙහි මහත් වූ වෛර සිතකින් පසු වූවාය. කෙසේ හෝ සාමාවතිය මැරවීමට කිහිපවරක්ම උත්සාහ කළද සාමාවතිය ගේ මෛත්‍රී සිතෙහි බල මහිමයෙන් ඒවා අසාර්ථක වූ අතර , එහෙත් අවසානයේ සිය සුළු පියාගේ මාර්ගයෙන් සාමාවතී බිසවගේ මාලිගයට ගිනි තැබීමට මාගන්දියට හැකි විය. ඒ ගින්නෙන් සාමාවතී බිසව සහ පන්සියයක් කාන්තාවෝ දැවී අළු බවට පත් වුවද කෙසේ හෝ දිවි ගලවා ගැනීමට ඛුජ්ජුත්තරා සමත් වූවාය. ඇය එසේ ගින්නෙන් දිවි බේරා ගත්තේ පෙර කරන ලද කුසල කර්මයක විපාක ලෙසිණැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මෙසේය.
එක් අබුද්ධෝත්පාද කාලයක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රජ කරන සමයෙකි. දිනක් රජු තම බිසෝවරුන්ද සමඟ උයන්කෙළි සඳහා උයනට පැමිණියහ. ඒ අතරේ එක් පසේ බුදුවරයෙන් එම උයනට වැඩ එහි තිබූ පිදුරු කුටියක නවාතැන් ගෙන සිටි සේක. උයන් කෙළියේ යෙදුණු බිසෝවරු පොකුණෙන් දිය නෑමෙන් පසු දැඩි සීතලයෙන් පෙළෙන්නට වූවාය. රජුගේ අග මෙහෙසිය සිය දාසියකට මෙසේ කීවාය.
“මේ සීතල ඉසිලිය නොහැකියි .. අර පිදුරු කුටියට ගිනි තබාපන් . එවිට උණුසුම ලැබේවි. “
ගිනි අවුලන්නට ගිය දාසිය එහි වැඩ සිටි පසේ බුදුන් වහන්සේ දැක, ආපසු විත් එහි හාමුදුරුනමක් වැඩ සිටින බවත් ඒ නිසා ගිනි තැබිය නොහැකි බවත් කීවාය..
“ කවුරු වුණත් ඔහෙ හිටපුදෙන් .. නුඹ ගොස් ගිනි තබාපන් .”
බිසව යළිත් අණ කළ නමුත්, දාසිය ගිනි තැබීමට අකමැති වූයෙන් බිසවම ඊට ගිනි තැබුවාය. කුටිය ගිනිගන්නවා දුටු පසේ බුදුන් වහන්සේ සෘධියෙන් පිටතට පැමිණ පෙළ හර පෑවාය. තමන් ගිනි තැබුවේ පසේ බුදු කෙනෙකුන් වැඩ සිටි කුටියට බව දැනගත් බිසව සහ පිරිස සමාව ගත්තද කුටියට ගිනි තැබීමේ අකුසල කර්මය එළෙසම පැවතිණි. ඉන් බොහෝ කලකට පසු සසර මඟ ගෙවා උදේන රජුගේ අග මෙහෙසිය වී, ගින්නට හසු වි මිය ගිය සාමාවතියව උපන්නේ පසේ බුදුන් වැඩ සිටි කුටියට ගිනි තැබූ බිසවය. රජ බිසවගේ අණින්වත් කුටියට ගිනි තැබීමට අකමැති වූ කුසලයෙන් ඛුජ්ජුත්තරාව උපන් මේ භවයේදී ගින්නෙන් බේරී පලා යාමට දාසියට හැකිවිණි. එසේ පෙර කරන ලද යහපත් හා අයහපත් කර්මයන්හි විපාක විඳිමින් සසර මඟ ගෙවු ඛුජ්ජුත්තරාවෝ ගෞතම සම්බුදුරජාණන් අබියස සැදැහැවත් උපාසිකාවක් බවට පත් වී බහුශ්‍රැත උපාසිකාවන් අතර අග්‍රස්ථානය ලද්දීය.]
[AN 07-05-10 (වෙළුකණ්ටකී) නන්‍දමාතු සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලායන ස්ථවිරයන් වහන්සේද මහත්වූ භික්‍ෂු සංඝයා සමග දක්‍ෂිණගිරියෙහි චාරිකාවෙහි හැසිරෙත්. එකල්හි වනාහි වෙළුකණ්ඨකී නම් නන්‍දමාතා උපිසිකාව රෑ අළුයම් කාලයෙහි නැගිට පාරායන සූත්‍රය හඬනගා කියයි. එකල්හි වනාහි වෛශ්‍රවණ මහරජතෙම යම් කිසිවක් සඳහා උතුරු දිශාවෙන් දකුණු දිශාවට යයි. නන්‍දමාතා උපාසිකාවගේ පාරායන සූත්‍රය ශබ්දනගා කිම වෛශ්‍රවණ මහරජතෙම ඇසුවේය. අසා, කථාවේ කෙළවර බලාපොරොත්තුවෙන් සිටියේය. ඉක්බිති නන්‍ද මාතා උපාසිකාව පාරායන සූත්‍රය ශබ්ද නගා කියා නිශ්ශබ්ද විය. ඉක්බිති වෛශ්‍රවණ මහරජතෙම නන්‍දමාතා උපාසිකාවගේ කතාවේ කෙළවර දැන, “සාධු! සොහොයුරිය, සාධු! සොහොයුරිය,” යි අනුමෝදන් විය.
“, මේ (ඔබ) කවරෙක්ද?”
“සොහොයුරිය, මම ඔබේ සහෝදර වෛශ්‍රවණ මහරජය.”
“, හොඳයි. මෙයමත් මට වේවා.
හෙට සැරියුත් මුගලන් දෙනම ප්‍රමුඛ භික්‍ෂු සමුහය උදය නොවළඳා වෙළුකණ්ඨකයට වඩිත්.
“ඒ භික්‍ෂු සංඝයා වළඳවා, මට දානය අනුමෝදන් කරන්නෙහිය. මෙසේත් මට ආගන්තුක සත්කාරය වේය’ යි (කියායි.)
ඉක්බිත්තෙන් වනාහි නන්‍ද මව් වු උපාසිකාව රැය එළිවූවිට, තමාතේ ගෙහි රසවත් කෑම් පීම් පිළියෙළ කරවීය. ඉක්බිත්තෙන් වනාහි සැරියුත් මුගලන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයා උදය නොවළඳා වේළුකණ්ඨකයට පැමිණියහ.
“පින්වත් පුරුෂය, එව. ඔබ පන්සලට ගොස්, ‘ස්වාමීනි, ආර්යයන්ට මේ කාලය වේ. නන්‍දමාතා ආර්‍ය්‍යාවගේ ගෘහයෙහි දානය පිළියෙළ වීය’ යි ආරාමයට ගොස් භික්‍ෂු සංඝයාට කාලය දන්වව.’
“එසේය, ආර්‍ය්‍යාවෙනි.” යි ඒ පුරුෂතෙම නන්‍දමාතා උපාසිකාවට පිළිතුරු දී, ආරාමයට ගොස් ‘ස්වාමීනි, මේ කාලය වේ. නන්‍දමාතා ආර්‍ය්‍යාවගේ ගෘහයෙහි දානය පිළියෙළ වීය’ යි භික්‍ෂු සංඝයාට කාලය දැන්වීය.
ඉක්බිති සැරියුත් මුගලන් දෙනම ප්‍රමුඛ භික්‍ෂු සංඝතෙම පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන, නන්‍දමාතා උපාසිකාවගේ ගෘහය යම් තැනකද, එතැන්හි වැඩියහ. එසේ වැඩ, පැනවූ අස්නෙහි හිඳගත්හ. ඉක්බිති, නන්‍දමාතා උපාසිකාව, සැරියුත් මුගලන් දෙනම ප්‍රමුඛ භික්‍ෂු සංඝයා ප්‍රණිතවූ කෑම් පීම්වලින් සියතින් මනාකොට පැවරුයේය. ඉක්බිති නන්‍දමාතා උපාසිකාව වළඳන ලද පාත්‍රයෙන් අත බහා තබන ලද සැරියුත් මහ තෙරුන් වහන්සේ එකත්පසෙක හුන් නන්‍ද මව් වූ උපාසිකාවගෙන් මෙසේ ඇසීය.
“නන්‍දමාතාවනි !, කවරෙක් නම් භික්‍ෂු සංඝයාගේ පැමිණිම ඔබට කීවේද?”
“ස්වාමීනි, මම මෙහි පසුගිය රෑ අපයම් වේලෙහි නින්දෙන් නැගිට පාරායණ සූත්‍රය හඬනගා…….” ආදී ලෙස ඒ සිදුවීම කීවාය. එසේ කියා
“ස්වාමීනි, මේ දානයෙන් යම් පිනක් වේද, ඒ පින වෛශ්‍රවණ මහරජහට යහපත පිණිස වේවා.” යි කීය. එවිට සැරියුත් මහ තෙරුන් වහන්සේ මෙසේ වදාළහ.
“යමෙකදී වෛශ්‍රවණ මහරජු වැනි මෙබඳු බොහෝ ඎද්ධි ඇති, මෙබඳු මහෙශාඛ්‍යවූ, දෙව් පුතුන් හා සම්මුඛව, සමගි කථාවන් කරන්නේද, නන්‍ද මාතාවෙනි, මේ කාරණය පුදුමයි. නන්‍ද මාතාවෙනි, මේ කාරණය ආශ්චර්යයි…
“ස්වාමීනි, මට මේ පුදුම ආශ්චර්‍ය්‍ය කාරණය මේ ම නොවේ. ස්වාමීනි, මට අනෙකුත් පුදුම ආශ්චර්ය කාරණයක් ඇත.
“ස්වාමීනි, මෙහි මාගේ ප්‍රියවූ, මනාපවූ නන්‍දක නම්වූ එක් පුත්‍රයෙක් විය. ඔහු රජවරු කිසියම් කරුණක් නිසා හිංසා කොට බලහත්කාරයෙන් දිවි තොර කළහ. ස්වාමීනි, ඒ අවස්ථාවෙහි දරුවා ගන්නා ලද කල්හි හෝ, ගණු ලබන කල්හි හෝ, බැඳි කල්හි හෝ, වද දෙන කල්හි හෝ, නැසූ කල්හි හෝ, නසනු ලබන කල්හි හෝ, සිත වෙනස්වූ බවක් මම නොදනිමි.”
“ආශ්චර්‍ය්‍යයකි, නන්‍ද මාතාවෙනි, පුදුමයකි. නන්‍ද මාතාවෙනි. යම් තැනක සිත ඉපදවිම් මාත්‍රයම පිරිසිදු කරන්නෙහිය.”
“ස්වාමීනි, මාගේ මෙයම ආශ්චර්‍ය්‍යවූ පුදුමවූ ධර්‍මය නොවේ. අනිකුදු ආශ්චර්‍ය්‍ය පුදුම ධර්‍මයක් ඇත. ස්වාමීනි, මෙහි මාගේ ස්වාමියා කළුරිය කළේ, එක්තරා යක්‍ෂ යෝනියක උපන්නේය. හෙතෙම මට පෙර ආත්ම භාවයෙන් පෙණෙයි. ස්වාමීනි, ඒ හේතුකොටගෙණ සිතෙහි වෙනස්විමක් මම නොදනිමි.”
“ආශ්චර්‍ය්‍යයකි, නන්‍ද මාතාවනි, පුදුමයකි. නන්‍ද මාතාවනි. යම් තැනෙක සිත ඉපදීම් මාත්‍රයම පිරිසිදු කෙළෙහිය.”
“ස්වාමීනි, මෙයම මාගේ ආශ්චර්‍ය්‍යවූ පුදුමවූ ධර්‍මය නොවේ. අනිකුදු ආශ්චර්‍ය්‍ය පුදුම ධර්‍මයක් ඇත. ස්වාමීනි, තරුණවූ ස්වාමියාට මා තරුණ කල්හිම ගෙන එන ලදී. යම් හෙයකින් මම සිතින්වත් ස්වාමියා හැර වෙන කෙනෙකු නොපැතීමි. කයින් කියකුම කිම.”
“ආශ්චර්‍ය්‍යයකි, නන්‍ද මාතාවනි, පුදුමයකි. නන්‍ද මාතාවනි. යම් තැනෙක සිත ඉපදවීම් මාත්‍රයම පිරිසිදු කෙළෙහිය.”
“ස්වාමීනි, මෙයම මාගේ ආශ්චර්‍ය්‍ය පුදුම ධර්‍මය නොවේ. අනිකුදු ආශ්චර්‍ය්‍ය පුදුම ධර්‍මයක් ඇත. ස්වාමීනි, යම් දිනක උපාසිකාවයයි මා ප්‍රසිද්‍ධවීද, එදා පටන් දැන දැන කිසියම් ශික්‍ෂා පදයක් ඉක්මවු බව මම නොදනිමි.” – “ආශ්චර්‍ය්‍යයකි, නන්‍ද මාතාවනි, පුදුමයකි. නන්‍ද මාතාවනි.”
“ස්වාමීනි, තවත් ආශ්චර්‍ය්‍යවූ පුදුමවූ ධර්මයක් ඇත. ස්වාමීනි, යම්තාක් මම කාමයන්ගෙන් වෙන්ව, අකුශලයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීති සුවයෙන් යුත්, ප්‍රථම ධ්‍යානයට සමවදිමියි, විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, සිතේ එකඟත්‍වයක් ඇති විතර්‍ක රහිත, විචාර රහිත, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති, ද්වීතීයධ්‍යානයට සමවැද වාසය කරමියි ප්‍රීතියගේ වෙන්වීමෙන් සිහි ඇත්තේ, මනා දැනිම් ඇත්තේ, උපෙක්‍ෂා සහිතව වාසය කරමි. කයින්ද සැපය විඳිමි. යම් ධ්‍යානයකට උපෙක්‍ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සුඛ විහාරියයි ආර්‍ය්‍යයන් වහන්සේලා කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට සමවැද වාසය කරමියි, සැපයෙන් වෙන්වුද, දුකින් වෙන්වුද, දුක් නොවූ, සුව නොවූ, උපෙක්‍ෂා ස්මෘති පාරිශුද්ධියෙන් යුත්, චතුර්ත්‍ථධ්‍යානයට සමවැද වාසය කරමියි බලාපොරොත්තු වෙමි.
“මාගේ අනිකුදු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයක් ඇත.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද පඤ්ච ශරම්භාගිය සංයෝජනයෝ (මුල් බැඳුම් පසක්) වෙද්ද, ඔවුන්ගෙන් කිසිවක් අප්‍රහීනවු බවක් නොම දකිමි.”
“ආශ්චර්‍ය්‍යයකි, නන්‍ද මාතාවනි, පුදුමයකි. නන්‍ද මාතාවනි.”
ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නන්‍ද මාතා උපාසිකාව දැහැමි කථාවෙන් විස්තරකොට සමාදන්කොට, උත්සාහවත්කොට, සතුටුකොට අස්නෙන් නැගිට වැඩියහ.]
“මහණෙනි,
කරුණු දෙකක් නිසා , අව්‍යක්ත, අසත්පුරුෂ, අඥානයා
ගුණ සිඳුණු , යහ ගුණ නැත්තෙක් ලෙස ජීවත් වේ.
නුවනැත්තෝ ඔහුගේ වරද දැක ඔහුට අවඥඥා කරන්නෝය.
ඔහුද මහත් අකුසල් කර ගනී.
කවර කරුණු දෙකක් නිසාද යත්,
(i) “සොයා බැලීමෙන් තොරව
ගැරහිය යුත්තන්ටත් ප්‍රසංසා කරයි නම්.
(ii) “සොයා බැලීමෙන් තොරව
ප්‍රසංසා කල යුත්තන්ට ගරහයි නම්.
“මහණෙනි,
මේ කරුණු දෙකින් යුත්, අව්‍යක්තවූ, අසත්පුරුෂවූ, බාලයා,
උදුරා දමන ලද ගුණ ඇති, ගුණ නසන ලද ජීවිතයක් , ගත කරයි.
නුවනැත්තෝ ඔහුගේ වරද දැක ඔහුට දොස් කියත්. අවඥඥා කරත්.
ඔහුද මහත් අකුසල්ද කර ගනී.
[ ඛතං යනු ගුණයන් විනාශවූ බැවින් ඛත නමි.
උපහතං යනු ගුණයන් නැසූ බැවින් උපහත නමි.
සිඳුණු ගුණ ඇති නටුවාවූ ගුන ඇති යන අරුත්ය.
අත්තානං පරිහරති යනු ගුණ රහිත තමන් පිළිදැඟුම් කරයි, පෝෂණය කරයි.
සාවජජො යන දොස් සහිත වූයේයි. සානුවජජො යනු උපවාද සහිත වූයේයි.
පසවති යනු යළි ලබයි. අනනුචිච්ච යනු නොදැන, විනිශ්චය නොකොටයි.
අපරියොගාහෙත්‍වා යනු නොපිවිසයි.
අවණ්ණාරහස්ස යනු නුගුණෙන් යුත් වැරදි මගට බට තීර්ථකයෙකුගේ හෝ තීර්ථකශ්‍රාවකයෙකුගේ හෝයි.
වණ්ණං භාසති යනු මෙතෙම සුපිළිපන්ය. මනාව පළිපන්නේයයි ගුණය කියයි.
වණ්ණාරභස්ස යන බුද්ධාදීන් අතුරෙන් මනාව පිළිපන් යමෙකුගේයි.
අවණ්ණං භාසති යනු මෙතෙම දුපිළිපන්ය. වැරදි ලෙස පිළිපන්නෙකැයි අගුණ කියයි.
අවණ්ණාරස්ස අවණ්ණං භාසති යනු මෙහි ඇතැම් පුද්ගලයෙක් දුපිළිපන්, වැරදි ලෙස පිළිපන් තීර්ථකයන්ගේද තීර්ථක ශ්‍රාවකයන්ගේද මෙසේද දුපිළිපන්නෝය. මෙසේද වැරදි ලෙස පිළිපන්නෝයයි නුගුණ කියයි.
වණ්ණාරහස්ස වණ්ණං යනු සුපිළිපන්වූ, මනාව පිළිපන්නාවූ බුදුවරුන්ගේද බුදුසව්වන්ගේද මෙසේද සුපිළිපන්නෝය, මෙසේද මනාව පිළිපන්නෝයයි ගුණය පවසයි.
“මහණෙනි,
කරුණු දෙකක් නිසා , අව්‍යක්ත, අසත්පුරුෂ, අඥානවන්තයා

නුවනැත්තෝ ඔහුගේ දෝසය දැක ගරහන්නෝය.
ඔහු මහත් අකුසල්ද කර ගනී.
කවර කරුණු දෙකක් නිසාද යත්,
(i) “හොඳින් සොයා නොබලා, හොඳින් විභාග නොකොට
සැක කටයුතු දේ විස්වාස කරත් නම්
(ii) “හොඳින් සොයා නොබලා, හොඳින් විභාග නොකොට ,
විස්වාස කටයුතු දේ ගැන සැක කරත් නම්
නුවනැත්තෝ ඔහුගේ ඒ සිරිත දැක ඔහුට ගරහන්නෝය.
ඔහුද මහත් අකුසල් කර ගනී.
“මහණෙනි, දෙකරුණකින් යුක්තවූ, අව්‍යක්තවූ, අසත්පුරුෂවූ අඥනයා ,
ගුණ නැති, ගුණ නසන ලද, ජීවිතය්ක් ගත කරයි.”
මෙහි අප්පසාදනීයෙ ඨානෙ යනු අපැහැදීමට හේතුවෙහියි.
පසාදං උපදංසෙති යනු නරක ප්‍රතිපත්තියෙන්, වැරදි ප්‍රතිපත්තියෙන් මෙය හොඳ ප්‍රතිපත්තිය, නිවැරදි ප්‍රතිපත්තියයි පැහැදීම ඇතිකරයි.
පසාදනීයෙ ඨානෙ අප්පසාදං යනු හොඳ ප්‍රතිපදාවෙහි මනාප්‍රතිපදාවෙහි මෙය නරක ප්‍රතිපදාවය, මෙය වැරදි ප්‍රතිපදාවයයි අපැහැදීම ඇතිකරයි.
අද ලංකාවේ බොහෝ දෙනා අළුත ඇතිවූ ගුරුවරු, ගුරුකුල අන්ධානුකරනය කරමින් අධර්මය, ධර්මය යයි විස්වාස කරති. කපටි දුර්ජන චීවරධාරීන් පාලි වචනවල වචනාර්ථ වෙනස් කරමින් මිනිසුන් මුලා කරත්. ධර්මය අධර්මය කෙසේ හඳුනා ගතයුතු දැයි භාග්‍යවතුන් වහන්සේ දේසනා කර ඇත. මහ මෙව්නාවේ වේවා, වහරක වේවා, මී වන පල්ලේ වේවා, අධර්මය හඳුනාගන්නට බුදුන් වහන්සේ දේසනා කර ඇති ඒ නිර්නායක සෑහේ. කෙනෙකු බෞද්ධයෙක් ලෙස පිළිවෙත් පුරන්නට හේතුව සසරින් මිදීම මය. ඒ පිණිස ආර්ය අෂ්ඨාංගික මාර්ගය හැර වෙන මගක් නැත. මේ සාසනයේ ධර්ම විනය දෙකට පරිබාහිරව පසුව එක් කරගත් නොයෙක් කොටස් බුද්ධ භාෂිත ධර්මයට වඩා වැදගත්ය”යි සිංහල බෞද්ධයා සිතීම ඉතා කණගාටුදායකය. කලින් කල සිංහලයා බුද්ධ භාෂිතය පසෙක ලා අන්‍ය කාරනා මුලට ගත්හ. කාලයක් අභිධර්මය මුල් තැනට ගෙන සැලකුහ. අභිධර්මය බුදුන් දේසනා කල බව කිසිම සුත්‍රයක සඳහන්ව නැතත් , එය බුදුන් වහන්සේගේ ධර්මයේ සාරය බව කියමින් වාද විවාද කළහ. ඉන් පසු විසුද්ධි මාර්ගය නැතිනම් නිවන් දකින්නට බැරිය කියමින් ඒ ගැන කාලය වැනසුහ. දැන් “පට්ඨාන” ඉගෙන නොගත්තොත් නිවන් දකින්නට බැරිය කියමින් කෑ මොර දෙති.
මාර්ගය එකකි. අපි යන්නේ කොහෙද කියා අපිම නොදනිමු. බයිසිකල් පදින හැටි ඉගන ගත්තොත් ගෙදර සිට ටවුමට සයිකලය පැදගෙන යත හැක. අපි බයිසිකලය පදින්නට පුරුදු නොවී, සයිකල් රිපෙයාර් කරන හැටි හා සයිකලයේ කොටස් එකින් එක සාදා ඇති සැටි ගැන ඉගෙන ගන්නට පටන් ගත්තොත් ටවුමට යන්නට වෙන්නේ තව මාස ගණනකට පස්සෙ ය. ඒත් සයිකලය පැදගෙන නොව තල්ලු කරගෙනය.
අභිධර්මය, විසුද්ධි මාර්ගය, පට්ඨාන ඉගෙන ගැනීමේ වරදක් නැත. එනමුත් විමුක්ති සාධනය පිණිස ඒවා අත්‍යාවශ්‍ය නොවේ. සයිකලය සාදා ඇති කොටස් ගැන දැන ගැනීමේ වරදක් නැත. ටවුමට යන්නට ඕනෑ කරන්නේ ඒ දැනීම් නොව පදින්නට පුරුදු වීමය.
සර්වඥ වූ බුදු රජාණන් වහන්සේ ලෝක සත්වයාට විමුක්ති සාධනය පිණිස ඕනෑකරන සියල්ල සතලිස් පස් වසක් උගන්වා වදාළ සේක. වේ අරමුණ පිණිස මේ සක්කර වට්ටම් අවශ්‍යනම් භාග්‍යවතුන් වහන්සේ නිසැකවම ඒ ගැන උගන්වනු ඇත. මේවා ඈ ඳා ගෙන මේවා බුද්ධාගමට ඕනෑම කොටස්ය කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ට නින්දා අපහාස කරන්නෝ නොවේද?
“මහණෙනි,
ව්‍යක්තවූ, සත්පුරුෂ ප්‍රාඥයා, කාරනා දෙකක් නිසා නැණවතුන් ගෙන් පැසසුම් ලබයි.
බොහෝ කුසල්ද රැස්කරයි.
කවර දෙකරුණකින්ද යත්,
(i) “හොඳින් සොයා බලා, හොඳින් විභාග කොට
සැක කටයුතු දේ විස්වාස නොකරත් නම්
(ii) “හොඳින් සොයා බලා, හොඳින් විභාග කොට ,
විස්වාස කටයුතු දේ ගැන විස්වාස කරත් නම්
“මහණෙනි, මේ කරුණු දෙකින් යුක්තවූ, සත්පුරුෂයා , සිය යහ ගුණ සිඳ නොගෙන නිදොස් සිතින් ජීවත් වෙයි.. ප්‍රාඥයන්ගේ ප්‍රසන්සා ලබයි. බොහෝ කුසල්ද රැස් කෙරේ.”
“මහණෙනි,
දෙදෙනෙකුට යහපත් ලෙස නොපිළිපදනාවූ, අව්‍යක්තවූ, අසත්පුරුෂ, බාලයා ගුණ නැති, දුදනකු මය. නුවණැත්තන්ගේ උපවාදයට අපවාදයට පත්වේ. බොහෝ අකුසල්ද රැස් කෙරෙයි.
කවර දෙදෙනෙකුන් කෙරෙහිද යත්,
(ii). “මව කෙරෙහිද,
(ii). පියා කෙරෙහිද
යන දෙදෙන කෙරෙහිය.
“මහණෙනි,
මේ දෙදෙන කෙරෙහි වනාහි, වරදවා පිළිපදනාවූ, අව්‍යක්තවූ, අසත්පුරුෂවූ බාලයා , යහ ගුණ නැති, ජීවිතයක් ගෙවයි. ප්‍රාඥයන්ගේ උපවාද ලබයි, වරද සහිත වූයේ බොහෝ අකුසල්ද රැස් කෙරෙයි.”
[මනෝරථ පුරණිය: ද්විසු යනු අවස්ථා දෙකෙහි, කරුණු දෙකෙහියි. මිච්ඡා පටිප්ජමානො යනු වැරදි ප්‍රතිපත්තියකට පිළිපන්නේයි. මාතරී ච පිතරී ච යනු මිත්ත වින්‍දක මෙන් මව කෙරෙහිද අජාතසත්තු මෙන් පියා කෙරෙහිද වේ.]
[ මහළු මව්පියන්ට ඔවුන්ගේ දේපල ලියා ගන්නට හිංසා පීඩා කල දුදනන් අද සමාජයේ සිටිති. අනෙක් දරුවන්ගේ කොටස මට දුන් කොටහට වඩා වැඩිය කියා ඔවුනට ගහන බනින දරුවන් ද සිටී. පංච ආනන්තරිය කාර්ම ලෙස දක්වා ඇතිබරපතලම විපාක ලැබෙන ක්‍රම පහෙන් මුලින්ම ඇත්තේ මව හෝ පියා මැරීමය. මැරුවේ නැත්ත ගහ බැනීම් ඔවුනගේ සිත් රිදවීමද ඒ ආකාර වූ දරුණු විපාක ලැබෙන දුර්ජන ක්‍රියාවේ.
දෙමාපියන්ට නොසැලකීමද අද සමාජයේ බෙහෙවින් දක්නට ලැබෙන ප්‍රවණතාවයකි. ඒ නිසාම බොහෝ විට වැඩිහිටි නිවාසවල අසරණව දුක්විඳින මව්පියන් දක්නට ලැබේ. තම සිරුරේ ලෙය කිරට හරවා අම්මා දරුවන් පෝෂණය කලාය. මුලු ජීවිත කාලය දහදිය හෙලමින් බොහෝ දුක් වින්ද පියා ධනයක් ඉපැයුවේ දරුවන්ට කන්ට අඳින්ට දෙන්නටය්. දරුවන් තැනීමට දෙමාපියන් විඳි දුක් අපමණය. යම් දරුවෙක් තරුණ බව ඉක්ම වූ මහලු මව හෝ පියා හෝ ඔවුන් පෝෂණය කළ හැකිව සිටම පෝෂණය නොකෙරේ නම්, එය පිරිහීමට හේතුවක් බව පරාභව සූත්‍රයේදී දක්වා ඇත.
“යෝ මාතරං වා පිතරංවා ජින්නකං ගත යොබ්බනං
පහූසන්තෝ න භරති තං පරාභවතෝ මුඛං” යනුවෙන් දේශිතය. මව්පියන්ට නොසැලකීම ඉතා බරපතළ වරදක් බවත් ඒ සඳහා වෙන ම නීතියක් පවා පනවා තිබේ. “තම මහලු මව්පියන් දුක් විඳින්නට හැර මාපියනට නොසලකන තැනැත්තා මරණින් මතු නරකයට යන බවද දක්වා තිබේ. කිසි විටෙක සිය දෙමාපියනට හිත් රිදෙන සේ කතා කිරීම සැරපුරුෂ වීම බලවත් පාපයකි. වචනයකින් හෝ ඔවුන්ගේ සිත් නොරිදවිය යුතුය. තමන් අතින් යම් වරදක් වූයේ නම් සමාව අයැදීමට පෙර ඔවුන් කළුරිය කළ හොත් මළ සිරුරට හෝ වැඳ සමාව ඉල්ලා සිටිය යුතු ය. දෙලොව වැඩ කැමැති සෑම දෙනාම තම තමන්ගේ මාපියනට හැකි පමණින් උපස්ථාන කිරීමෙන්ද කීකරුව හැසිරීමෙන්ද ඔවුන්ගේ සිත් සතුටු කිරිමට වගබලා ගත යුතුය.
යමෙක් ඉහත සඳහන් කළ කරුණු මනාව තේරුම් ගෙන සිය දෙමාපියන් නිසි ලෙස ආරක්ෂා කරවා ගනිමින් සුවර්ග මෝක්ෂ සාධනය ලබාගනිත්, දෙමාපියන් ගෙන් යුතුකම් ලබාගත් දරුවන් පෙරලා සිය දෙමාපියන්ට මහලු වියට පත් කල පෝෂණය කරති. කළ යුතු වැඩ කරදෙති. පවුල ශක්තිමත් කරති. වංශය රැකගනිති. මිය පරලොව ගිය පසු පින් දහම් කර පින් අනුමෝදන් කරවති.
(ප්‍රභාත් එරන්දගේ ලිපියකින්)
පුජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමි කල දේසනාවක් ඉහල ඇත.
“මහණෙනි,
දෙදෙනෙකුන් කෙරෙහි යහපත් ලෙස පිළිපදනාවූ, ව්‍යක්තවූ, සත්පුරුෂයා , ප්‍රාඥයා විසින් පසසනු ලබයි. , නොනසන ලද ගුණ ඇති, ජීවිතයක් ගෙවයි. නිර්දෝෂ වූයේද වේ. බොහෝ කුසල්ද රැස් කෙරෙයි.
කවර දෙදෙනෙකුන් කෙරෙහිද යත්,
(i). “මව කෙරෙහිද,
(ii). පියා කෙරෙහිද
යන දෙදෙන කෙරහිය.
“මහණෙනි,
මේ දෙදෙන කෙරෙහි , යහපත් ලෙස පිළිපදනාවූ,පිළිපදනාවූ, සත්පුරුෂවූ, ප්‍රාඥයාය. ඔහු වඩන ලද ගුණ ඇති, නොනසන ලද ගුණ ඇති, ජීවිතයක් ගෙවයි. නුවණැත්තන්ගෙන් ප්‍රසංසා ලබයි. නිර්දෝෂ වූයේද වේ. බොහෝ කුසල්ද රැස් කෙරෙයි.
[පින්වත් ඔබත්, ධර්මයේ සන්දිට්‌ඨික ගුණය පවතින මේ උතුම් අවස්‌ථාවේ ඉපැදුන අවාසනාවන්තයෙක් වෙන්න එපා. මේ අවීචි මහ නිරයට අයත් අකුසල් වලින් එකක් තමයි දෙමාපියන් මැරීම. මව්පියන් ඝාතනය නොකළත්, වර්තමාන සමාජයේ දෙමාපියන්ට මානසිකව මරණීය වේදනාවන් දෙනවා. මහළු නිවාස, දෙමාපියන් නොසලකා හැරීම, සේවකයන් ලෙස වැඩ ගැනීම, සමාජය තුළ හුඟක් සිද්ධ වෙනවා. මේ අකුසල් අවීචි මහ නිරයට අයත් නැතිවුණාට, මේවායේ විපාක බොහොම බලවත්. මවගෙන් බීපු කිරි වෙනුවෙන් ඔබ මවට පෙරළා කෘතවේදී නොවුණහොත් අනිවාර්යයෙන්ම කිරි වෙනුවට ගින්දර බොන්න වෙනවා. අම්මා කෙනෙකුගේ රුධිරය කිරි බවට පත්වුණේ, කරුණාව නිසාමයි. එවන් ‘කරුණාවක්’ ඔබ මහලු මඩමක ගාල් කරනවා නම්, නොසලකා හරිනවා නම්, සේවිකාවක් හැටියට දකිනවා නම්, අම්මා තාත්තා පිච්චෙන වේදනාවේ දුක්‌ගිනි වලින් ඔබත් කවදාහරි දවසක පිච්චෙනවාමයි. සංස්‌කාරයෝ බොහෝම බියකරු බව නැවත මතක් කරනවා. අඹුදරුවන් සමග පවුල් ජීවිතයක් ගතකරන ඔබ, අම්මා තාත්තාට දිය යුතු තැන, කොතැනද කියලා සිතන්න යන්න එපා. ඔබ ඔය තැනට පැමිණියේ අම්මා තාත්තා නිසා කියලා හිතන්න දක්‌ෂ වෙන්න. අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් කියන්නේ ඉල්ලමක්. ඔබගේ සැපයට අවශ්‍ය කළමනා ලබාදෙන ඉල්ලමක්. ඔබ දක්‌ෂ වෙන්න ඒ ඉල්ලම සුවසේ ගරමින්, භවයේ සැපයට අවශ්‍ය කලමනා එකතුකර ගන්න. වැඩිකාලයක් ඒ ඉල්ලම පවතින්නේ නැහැ. එය මැරිලා යනවා. ඒ නිසා ඔබ ඉක්‌මන් වෙන්න. ඔතැනයි සැබෑම සැපය උපදවන මැණික් දියමන්ති තියෙන්නේ. අපි මහපොළව හාරලා මැණික් පතලක් බැස්‌සොත්, සැම මොහොතකම දුකමයි සකස් වෙන්නෙ. මැණික් ලැබෙන්න ලැබෙන්න තෘෂ්ණාව සහ බියමයි සකස් වෙන්නෙ. සතර අපායට යන මාර්ගයයි සකස් වෙන්නෙ. ඒත් අම්මා තාත්තා කියන ඉල්ලම ගරන්න ගරන්න පින සහ කුසලයමයි සකස් වෙන්නෙ. මව්පිය උපස්‌ථානය තුළ මේ ලෝකධාතුවේ ඉහළම ලෞකික සැපය වන ශක්‍රයා වීමේ අවස්‌ථාව සැඟවී තිබෙන බව ලොව්තුරා බුදුරජානන් වහන්සේ දේශනා කරනවා. LINK.]

(ii).“තථාගතවන් වහන්සේ කෙරෙහිද,
(ii). තථාගත ශ්‍රාවකයන් වහන්සේ කෙරෙහිද
යන දෙදෙන කෙරහිය.
“මහණෙනි, මේ දෙදෙන කෙරෙහි වරදවා පිළිපදනාවූ, නොපිළිපදනාවූ, අව්‍යක්තවූ, අසත්පුරුෂ, බාලයා ගුණ නැති, දුදනකු මය. නුවණැත්තන්ගේ උපවාදයට අපවාදයට පත්වේ. බොහෝ අකුසල්ද රැස් කෙරෙයි.
[තථාගතෙ ච තථාගතසාවකෙ ච යනු තථාගතයන්වහනසේ කෙරෙහි දෙවිදතුන් මෙන්ද
තථාගත ශ්‍රාවකයන් කෙරෙහි කොකාලික මෙන්ද වෙයි.
යහපත් අංශයෙහි තතාගතයන් වහන්සේ කෙරෙහි අනඳ තෙරුන් මෙන්ද
තථාගත ශ්‍රාවකයන් කෙරෙහි භූතවාලික සිටු පුත්‍රයා මෙන් ද වේ.]

(i). “තථාගතවන් වහන්සේ කෙරෙහිද,
(ii). තථාගත ශ්‍රාවයක් වහන්සේ කෙරෙහිද
යන දෙදෙන කෙරහිය.
“මහණෙනි, මේ දෙදෙන කෙරෙහි යහපත් ලෙස පිළිපදනාවූ, ව්‍යක්තවූ, සත්පුරුෂවූ, ප්‍රාඥයා සාරා නොදමන ලද ගුණ ඇති, නොම නසන ලද ගුණ ඇති, ජීවිතයක් ගෙවයි.. නුවණැත්තන්ගෙන් ප්‍රසංසා ලබයි. උපවාද රහිතවූයේ, නිර්දෝෂ වූයේද වේ. බොහෝ කුසල්ද රැස් කෙරෙයි. .”
[ නවදහස් හත්සිය අසූ කෝටි පනස් ලක්ෂ සතිස් දහසක් සංවර ඇත්තා වූ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් හා මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් ද ඔවුනොවුන් හා සමාන වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක වූ, සැරියුත් මුගලන් ආනන්ද රාහුල ආදි පුද්ගල සමූහය ආර්ය සංඝරත්නයය. ගිහියන් වූ අපට අපේ දු දරුවන් ගේ දොර වතු පිටි, රැකි රක්ෂා අතහැර දවසක් ඉන්නට බැරි නමුත් අප සේම පුලක සිටි මේ මිනිසා ඒ සියල්ල අත හැර මේ කසා වත හෑඳ තැනින් තැනට ගොස් කරන ක්‍රියාව ශ්‍රේෂ්ඨ බව වටහා ගන්නට පහසුය. මේ සංඝරත්නයට අයත් භික්ෂූන් වහන්සේලා කෙරෙහි සෑම කල්හි ම මෛත්‍රී සහගත සිත පැවැත්විය යුතුය. සර්වඥ ශාසනය ගෙන යන්නා වූ උන්වහන්සේලාට උපකාරකළයුතුය. උන්වහන්සේලාගේ සුව දුක් ගැන කල්පනා කළ යුතු ය. උන්වහන්සේලාට සෑම කල්හි ම ගෞරව කළ යුතු ය. උන්වහන්සේලා දුටු විට හුනස්නෙන් නැගිටිය යුතු ය. උන්වහන්සේලා ඉදිරියේ උසසුන්වල නො හිඳිය යුතු ය. වහන් පය ලා හිස් වැසුම් ලා නො සිටිය යුතු ය. උන්වහන්සේලා හා කථා කරන කල්හි ගිහියන් හා කථා කරන්නාක් මෙන් කථා නො කොට, හාමුදුරුවන් වහන්සේ, ස්වාමීන් වහන්සේ යනාදි වචන වලින් ගෞරවයෙන් කථා කළ යුතු ය. නැති තැන්හි ද උන්වහන්සේලාට අගෞරව වන වචනවලින් කථා නො කළ යුතු ය. බෞද්ධයා විසින් නිතර භික්ෂූන් වහන්සේලා ගෙන් අවවාදානුශාසනා ලබා ගත යුතුය. භික්ෂූන් වහන්සේලා ආශ්‍රය කිරීමේදී උන් වහන්සේලා හා අධික මිත්‍රත්වයට නො පැමිණ ගින්න ආශ්‍රය කරන්නාක් මෙන් පරෙස්සමින් ආශ්‍රය කළ යුතුය. භික්ෂූන් වහන්සේ හා අධික මිත්‍රත්වයට පැමිණිය හොත් උන් වහන්සේ කෙරෙහි ගෞරව නැති වීමෙන් ද සඟ සතු දෑ තමාගේ ප්‍රයෝජනයට ගන්නට පුරුදු වීමෙන් ද අපාගත විය හැකි ය. නපුරු නො මනා අදහස් ඇති දුශ්ශීල භික්ෂූන් ආශ්‍රයෙන් වැළකිය යුතුය. පෙර එක් උපාසිකාවක් පාප භික්ෂුවක ගේ අනුශාසනය පිළිගෙන සිල්වත් භික්ෂූන් වහන්සේලාට ගර්හා කොට ඒ භික්ෂුව සමඟ වැසිකිළි වළක ප්‍රේතව උපන්නී ය.
තමාට අවවාද අනුශාසනා ලබා ගැනීම හා උපස්ථාන කොට පින් සිදු කර ගැනීමටත් මිස අන් ලාභයක් ප්‍රයෝජනයක් සඳහා භික්ෂූන් ආශ්‍රය නො කළ යුතුය. තමා විසින් භික්ෂූන් වහන්සේට කෙතෙක් උපකාර කළත් ප්‍රත්‍යුපකාර වශයෙන් උන් වහන්සේගෙන් ආගමික කටයුතු හැර අනෙකක් බලාපොරොත්තු නො විය යුතුය.
භික්ෂූන් වහන්සේලා එක්විසි අනේසනයෙන් වෙන් ව වාසය කළ යුත්තෝ ය. තමාට සංග්‍රහ කරන දායකයන් සතුටු කරවීමට ඔවුනට සංග්‍රහ කරන්නට ගියහොත් භික්ෂුව වරදට පැමිණේ. එබැවින් සිල්වත් භික්ෂූහු එසේ නො කරති. එබැවින් බෞද්ධ ගෘහස්ථයා විසින් භික්ෂූන් වහන්සේගෙන් යම් කිසිවක් ලබා ගත නො හැකි වීම නිසා හෝ උන් වහන්සේ ලවා වැඩක් කරවා ගත නොහැකි වීම නිසා හෝ භික්ෂූන් වහන්සේට නො කිපිය යුතුය. LINK.]
“මහණෙනි,
තොප කරගත යුතු ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්.
කවර දෙදෙනෙක්ද යත්,
(i). ස්වකීය චිත්තයාගේ පිරිසිදු කර ගැනීමද,
(ii). ලෝකයෙහි කිසිවක් උපාදාන කර නොගැනීමද
යන දෙකයි
මහණෙනි, මේ වඩාගත යුතු ධර්‍ම දෙකකි.”
[සචිත්ත වොදානඤ්ච න ච කිඤ්චි ලොකෙ උපාදියති
චිත්ත විසුද්ධිය මේ ධර්ම මාර්ගයේ පළමු පියවර වේ. සීලය නැතිව ධර්මය ගැන සිතීම නිෂ්ඵලය සීලයෙන් තුන් දොර සංවර කර ගන්නා මනුෂ්‍යයා සිය සන්තානය කෙලෙස් වලින් සුද්ධ කර ගනී. සතියෙන් සැලකිල්ලෙන් ජීවත්වන මනුෂ්‍යයා ට මෙය අසීරු නොවේ..
උපාදාන කර ගැනීම ඊට වඩා තරමක් අසීරුය. මේ උපද්දන මුල්වුයේ මම ක් ඉන්නවාය යන වැරදි ආත්ම දිට්ඨියනිසාය. මම නිසා මගේ දේ ලෙස ලෝකයේ කොටහක් වෙන් කරගෙන ඒවාට ලේබල් ගසා ඔප්පු ලියා, විවාහ සහතික උප්පැන්න සහතික සාදාගෙන ඒවා බැඳගෙන මැරෙන තෙකෙවා උසුලා එන ජීවත්වීම උපාදාන ය කර ගැනීමයි.]
“මහණෙනි,
මේ ධර්‍මයෝ දෙක තොප සිතින් දුරු කල යුතු වෙත්.
කවර දෙකක්ද යත්,
(i). නොමනාපය ,
(ii). අනුන් කෙරෙහි තරහව
යන දෙකයි.
මහණෙනි, මේ වැළකිය යුතු ධර්‍ම දෙකකි.”
[නොමනාපාය, අකමැත්ත : යන සිතේ ස්වභාවයන් සත්ව සන්තානයේ ඇතිවීමට නොයෙක් හේතු ඇත. තමන කැමති ලෙස අනුන් නොහැසිරීම ඉන් ප්‍රධාන හේතුවයි. පෙර භවයකදී ඔහු සමග වූ සිද්ධියක් නිසා ඔහු දුටු ගමන්ම නොමනාපයක් මතු විය හැක. මේ සත්වයාද මා මෙන්ම බත් පාන් කා ලෙයින් මසින් හැදුනු සතර මහා භූත කොටස් වලින් සැදුන රූපයකි. ඔහු හැසිරෙන්නේ ඔහුගේ කර්මය නිසා ඇති වූ ඔහුගේ ඔපරේටින් සිස්ටම් එකට අනුවය. ඔහු කරන ක්‍රියා ඔහු සිතා කරන ඒවා නොව පෙරදී කල කර්ම නිසා ඔහුට කරන්නට සිදුවන දේය. ඒ “ඔහු” ගේ වරදක් නොවේ. මම ඒ ගැන උපේක්ෂා වෙමි”ය කියා තමන් තම සිත පාලනය කර ගත මනාය. ඔහු කෙරෙහි මෛත්‍රිය වැඩිය යුතුය. ඔහුට යහපතක් පැතිය යුතුය. ]
“මහණෙනි,
තොප විසින් මැඩලිය යුතු ධර්‍මයෝ දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්,
(i). නොමනාපය මැඩ පැවැත්වීමද,
(ii). තරහව මැඩලීමද
යන දෙකයි.
මහණෙනි, මේ මැඩලිය යුතු ධර්‍ම දෙකකි.”
[ අල්ලන්නේ නැති කම කියා කියන්නේ තමාගේ පළමුවන නොමනාප ගතිය ය. ඉන් පටන් ගත මේ දෝස ප්‍රවාහය, නොමනාපය, අකැමැත්ත, තරහව, ද්වේශය, ක්‍රෝධය, වෛරය, බද්ධ වෛරය ලෙස වැඩී මිනී මැරීමටත් සේරිවාණිජ කතාවෙ සේ භවයෙන් භවයට යන දරුණු විපාක ඇති කර්මයක් විය හැක. ගිනි බෝලයකින් කෙනෙකුට විසිකර ගසන මිනිසාගේ අත පළමුවෙන්ම පිච්චෙයි. මේ නොමනාපයෙන් වැඩිම හානිය වන්නේ ඔබටය. ඒ බව මතක් කරගෙන අනුන් කුමක් කලත් මම නොමනාප නොවෙමි”යි තමන් සංවර විය යුතුය.]
By “මහණෙනි,