SINHALA TIPITAKA

AN 02-14


Listen Later

AN 02-14 -01. සන්ථාර සූත්‍රය
AN 02-14 -02. පටිසන්ථාර සූත්‍රය. .
AN 02-14 -03. ඵසනා  සූත්‍රය.

AN 02-14 -04. පරියෙසනා සූත්‍රය
AN 02-14 -05. පරියෙට්ඨි සූත්‍රය.

AN 02-14 -06. පූජා සූත්‍රය
AN 02-14 -07. ආතිථෙය්‍ය  සූත්‍රය.

AN 02-14 -08.ශුද්ධි  සූත්‍රය.
AN 02-14 -09. වුද්ධි  සූත්‍රය

AN 02-14 -10. රතන සූත්‍රය.
AN 02-14 –11. යනනිවය සූත්‍රය.

AN 02-14 -12. වෙපුල්ල සූත්‍රය

AN 02-14-01 සන්ථාර සූත්‍රය.

“මහණෙනි,
මේ ඇතිරීම් (සඳර) දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්,

ආමිස සන්ථාරයද,
ධර්‍ම සන්ථාරයද
යන දෙකයි..

මහණෙනි,
මේ දෙක වනාහි ඇතිරීම් වෙත්.
මහණෙනි, මේ ඇතිරීම් දෙක අතුරෙන්
ධර්‍ම ඇතිරීම ශ්‍රේෂ්ඨය., අග්‍රය.”

[තමන්ගේද අනුන්ගේද පරතරය වැසීම්වශයෙන් සිවුපසයෙන් ඇතිරීම ආමිස්සන්‍ථාරො නමි.
ධර්‍මයෙන් ඇතිරීම ධම්මසන්‍ථාරො නමි. දෙවැන්නෙහි උපසර්‍ග මාත්‍රය විශේෂයයි.

ආමිස පූජාව නිවන නමැති චූඩාමාණික්‍යය දරා සිටින දාගැබේ පාදම ය. ආමිස පූජාවලින් තොරව ප්‍රතිපත්ති පූජාව පිරීම ඉතා දුෂ්කර ය. ප්‍රතිපත්ති පූජාව යනු බුදුන් වහන්සේ දේශනා කළ නිවන් මාර්ගයේ ගමන් කිරීමයි. වහා කෙලෙස් නැසීමට ක්‍රියා කිරීමයි. නිවන් මාර්ගය වළකන ලෝභ, ද්වේෂ, මෝහ විනාශ කිරීමයි. ශ්‍රද්ධාව පදනම් ව කටයුතු කිරීමයි. බුදු ගුණ හඳුනා ගනිමින් තම මනස තුළ ප්‍රඥාව දියුණු කිරීම ප්‍රතිපත්ති පූජාව නම් වෙයි.”

බෞද්ධයෝ බුදුන් වහන්සේ පිදීමට ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා භාවිත කරති. තෙරුවන් සරණ ගිය සෑම බෞද්ධයකු ම මේ වචන අසා ඇත. එයින් ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වඩා වැදගත් බව ද අසා ඇත. එහෙත් ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා අතර වෙනස සහ ඒවායේ අර්ථ පිළිබඳ එතරම් අවබෝධයක් නොමැති බව පෙනේ. උපතින් බෞද්ධ වූ පමණින් බුදු දහමේ ධර්ම කරුණු ඔහුට හෝ ඇයට දායාද වන්නේ නැත. අසා දැනගත යුතු ය. එසේත් නොමැති නම් ධර්ම කරුණු අධ්‍යයනය කිරීමෙන් උගත යුතු ය. මේ දෙකින් එකක්වත් නිසි පරිදි ක්‍රියාවට නො නඟා විවිධ පුද්ගලයින් විසින් අනවබෝධයෙන් පවසන කරුණු නිසා ආමිස පූජාවලට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් ය. එබැවින් ආමිස පූජා අත්හැර දැමිය යුතු ය. ප්‍රතිපත්ති පූජාව ම ක්‍රියාවට නැඟිය යුතු ය යනුවෙන් පවසන ප්‍රකාශ අසන්නට ලැබේ.

ආමිස පූජාව අත්හැර ප්‍රතිපත්ති පූජාව පමණක් ක්‍රියාවට නැඟිය යුතු බව පවසන අය අසූහාර දහසේ පහන් පූජා පැවැත්වීමෙන් තෙල් සහ පහන් විශාල ප්‍රමාණයක් අපතේ යයි. ඒවාට වියදම් කරන මුදලින් අසරණ දුප්පත් පවුල්වලට සැලකීම වටියි. මල්, පහන්, සුවඳ දුම්, ඖෂධ පූජා, සිවුරු පිරිකර පූජා, තූර්ය නාද පූජා, ධජ පතාක පූජා ඇතුළු පංචේන්ද්‍රියන්ට හසුවන සියලු පූජා, බුද්ධ පූජා ලෙස තැබීමෙන් ප්‍රයෝජන නැත. තොරණ පැවැත්වීමෙන්, පහන් කූඩු සැකසීමෙන්, පෙරහර පැවැත්වීමෙන්, ප්‍රතිමාකරණයෙන්, චෛත්‍ය ගොඩනැඟීමෙන්, වෙසක් සහ පොසොන් පොහොය වෙනුවෙන් දන්සල් පැවැත්වීමෙන් ප්‍රයෝජන නැත. ඒ වෙනුවට එම මුදල් සහ කාලය වෙනත් වැඩකට යෙදීමෙන් ප්‍රයෝජන ලබා ගැනීමට හැකියාව ලැබෙන බව දක්වමින් ආමිස පූජාව ප්‍රතික්ෂේප කර, ප්‍රතිපත්ති පූජාව පමණක් අගයන ඇතැම් පිරිසක් නූතන සමාජයේ බිහි ව ඇත.

ඔවුහු දීමට අකැමැත්තෝ ය. අකුසලය පුරන්නෝ ය. ද්වේෂ සහිත වූවෝ ය. ප්‍රඥාවෙන් හීන වූවෝ ය. ආමිස පූජා පැවැත්වීමෙන් ශ්‍රද්ධාව වැඩේ, තෘෂ්ණාව ක්ෂය වේ, කාය, වාග් සහ මනෝ සුචරිතය ඇති වේ. එය භාවනාමය සිතිවිලි පුහුණු කරන ක්‍රියාවලියකි, යන්න නොහඳුනති.

මෙයින් ලෝභ, ද්වේෂ සහ මෝහ අකුසල මූලයන් තදන්ග වශයෙන් යටපත් කර තබයි. මල් පහන් පූජා කිරීම, ආහාර පාන දන්දීම, චිත්ත සන්තුෂ්ටිය ඇතිවන දේවල් ක්‍රියාවට නැඟීම ප්‍රමුඛ කර ගත් යම් දෙයක් සුළු වශයෙන් හෝ ඉටු කිරීමෙන් සසරේ සැප සම්පත් ලැබූ කතා පුවත් විශාල ප්‍රමාණයක් අපදානපාලි, විමානවත්ථු ආදි ග්‍රන්ථවල සඳහන් වෙයි. එයින් සසර සුගතියත්, බෞද්ධ ප්‍රබෝධයත් මතුවෙයි.

එබැවින් ආමිස පූජාව බෞද්ධ සමාජයේ පැවැතිය යුතු ය. එය නිවන නමැති චූඩාමාණික්‍ය දරා සිටින දාගැබේ පාදම ය. ආමිස පූජාවලින් තොරව ප්‍රතිපත්ති පූජාව පිරීම ඉතා දුෂ්කර ය. ප්‍රතිපත්ති පූජාව යනු බුදුන් වහන්සේ දේශනා කළ නිවන් මාර්ගයේ ගමන් කිරීමයි. වහා කෙලෙස් නැසීමට ක්‍රියා කිරීමයි. නිවන් මාර්ගය වළකන ලෝභ, ද්වේෂ, මෝහ විනාශ කිරීමයි. ශ්‍රද්ධාව පදනම් ව කටයුතු කිරීමයි. බුදු ගුණ හඳුනා ගනිමින් තම මනස තුළ ප්‍රඥාව දියුණු කිරීම ප්‍රතිපත්ති පූජාව නම් වෙයි.]

AN 02-14-02 පටි සන්ථාර සූත්‍රය.

මහණෙනි,
මේ පිළිසඳර දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්,

සිවුපසය පිළිබඳ පිළිසඳරද,
ධර්‍මය පිළිබඳ පිළිසඳරද
යන දෙකයි.

මහණෙනි,
මේ දෙක වනාහි පිළිසඳර වෙත්.
මහණෙනි,
මේ පිළිසඳර දෙක අතුරෙන්
ධර්මය ගැන කරණු ලබන පිළිසඳරම,
අග්‍රය. ශ්‍රේෂ්ඨය”

[වෙළඳාම් ගොවිකම් ආදිය කොට ධනය සපයා දිවි පැවැත්වීමට පැවිද්දන්ට අවසරයක් නැත. එසේ ජීවත් වත හොත් එය මිථ්‍යාජීවිකාවෙකි. පැවිදි වීමෙන් පසු ජීවත් විය යුත්තේ සැදැහැවතුන් දෙන සිවුපසයෙනි. “මේ පැවිද්දන් වහන්සේලා සිල්වත්හුය, ගුණවත්හු ය. ඔවුහු පූජා සත්කාර කිරීමට සුදුස්සෝ ය.” යි සලකා සැදැහැවත්හු ඩහදිය මහන්සියෙන් ඉතා දුක සේ සපයා ගත් වස්තුව තමන්ගේ ප්‍රයෝජනයට නො ගෙන දූ දරුවන්ට නොදී භික්ෂූන්ට දෙන්නාහ. සමහරවිට තමන් යම්තම් දෙයකින් යැපී ප්‍ර‍ණීතවත් ලෙස දානය පිළියෙළ කොට දෙන්නාහ. සමහර විට තමන් නිරාහාර ව සිට ද පැවිද්දන්ට දන් දෙන්නාහ. එසේ දෙන සිවුපසය ගැන සැලකිල්ලක් නැති ව විනෝදයෙන් පරිභෝග කරනවා නම්, තෘෂ්ණා මානාදිය වඩමින් ඒවායේ ඇලී ගැලී මුළාවට පැමිණ ඒවා පරිභෝග කරනවා නම්, එය බරපතළ කරුණෙකි.

ථෙය්‍යපරිභෝගය ඉණපරිභෝගය දායජ්ජපරිභෝගය සාමිපරි-භෝගය කියා සිවුපස පරිභෝග කිරීම් සතරක් ඇත්තේ ය.
මෙ ශාසනයෙහි භික්ෂුසාමණේරයන්ට චීවරාදි සිවුපසය ලැබෙන්නේ ඒවා පිළිගැනීමට තථාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇති නිසාය. උන් වහන්සේ නො අනු දැන වදාළ සේක් නම්, මේ සිවුපසය නො ලැබෙන්නේ ය. එබැවින් ඒ සිවුපසය බුදුන් වහන්සේ අයත් ය. උන් වහන්සේ ඒවා අනුදැන වදාළේ දුශ්ශීලයන්ට නොව සිල්වතුන්ට ය. දුශ්ශීලයන්ට ඒවා අයිති නැත. සැදැහැවතුන් ඒවා දෙන්නේ “මේ භික්ෂූහු සිල්වත්හුය” යි සලකා ගෙන ය. ඒ නිසා ද දුශ්ශීලයන්ට ඒවා අයිති නැත. සිල්වතුන්ට ම අනුදැන වදාළ, සිල්වතුන්ට ම දෙන සිවුපසය දුශ්ශීලව හිඳ පරිභෝග කිරීම සොරකමෙකි. එබැවින් එසේ කරන පරිභෝගය “ථෙය්‍ය පරිභෝග” නම් වේ.

සිවුපසය සිල්වතුන් විසින්ද පරිභෝග කළ යුත්තේ ප්‍ර‍ත්‍යවේක්ෂාවෙන් යුක්ත ය. මිනිසුන්ට ප්‍රයෝජන වන ආහාර පාන වස්ත්‍රාදි සියල්ල ම තෘෂ්ණා මාන ඊර්ෂ්‍යා මාත්සර්‍ය්‍යාදි ක්ලේශයන්ට වස්තූහු ය. මේ සිවුර ලස්සන ය සිනිඳුය හොඳය කියා සිවුර ගැන තෘෂ්ණාව උපදී. මේ ආහාරය රසය – ගුණය – හොඳය කියා ආහාර ගැන ද, මේ ආවාසය මේ ඇඳ පුටු කොට්ට – මෙට්ට ඇතිරිලි හොඳය කියා ද එසේ ම තෘෂ්ණාව උපදී. හොඳ සිවුරු දෙස බලා මෙවැනි සිවුරු ලබන මම කොතරම් වාසනාවන්තයෙක් ද, මෙසේ ප්‍ර‍ණීත දානය ලබන හොඳ ආවාසයෙක වෙසෙන හොඳ ඇඳ පුටු ආදිය පරිභෝග කරන මම කොතරම් වාසනා වන්තයෙක් ද කියා, චීවරාදිය ගැන මානය උපදී. තමාට අයත් ව ඇති ප්‍ර‍ත්‍යයෙන් අනිකකු ප්‍රයෝජන ලබනවාට නො කැමැත්ත වූ මාත්සර්‍ය්‍යය ද, අන්‍යයන්ට එවැනි ප්‍ර‍ත්‍යය ලැබෙනවාට විරුද්ධත්වය වූ ඊර්ෂ්‍යාව ද උපදනේ ය. තමාගේ ප්‍ර‍ත්‍යවලට හානියක් වන කල්හි කෝපය ඇති වේ. බාල සිවුරක් ලද හොත් කටුක ආහාරයක් ලද හොත් එකල්හි ද ද්වේෂය උපදී. පැවිද්දන්ට දීම දායකයන්ට මහත්ඵල වන්නේ සිවුපසය නිසා උපදින කෙලෙස් නූපදනා ලෙස පැවිද්දන් විසින් ඒවා පරිභෝග කළ හොත් ය. ඒවා පරිභෝග කිරීමේ දී කෙලෙස් නූපදින්නට ඇත්තා වූ උපාය නම් ප්‍ර‍ත්‍යවේක්ෂා කිරීම ය. ප්‍ර‍ත්‍යවේක්ෂාවෙන් යුක්ත ව කෙලෙස් නූපදනා පරිදි ප්‍ර‍ත්‍ය පරිභෝග කළා ම දායකයන්ට ඒ ප්‍ර‍ත්‍යය දානය මහත් ඵල වේ. ප්‍ර‍ත්‍යවේක්ෂාවෙන් තොර ව තෘෂ්ණා මානාදියෙන් යුක්ත ව ඒවා පරිභෝග කළ හොත් දායකයන්ට මහත් ඵල නො වේ. මහත් ඵලයක් බලාපොරොත්තුවෙන් දෙන සිවුපසය පිළිගෙන දුන්නහුට මහත් ඵල නො වන සැටියට පරිභෝග කිරීම ණයට ගැනීමක් වැනිය. එසේ ඒ සිවුපසය පරිභෝග කළ පැවිද්දාහට අනාගත භවවලදී දායකයන්ට ණය ගෙවන්නට සිදුවේ. ප්‍ර‍ත්‍යවේක්ෂාවෙන් තොරව ණයකාරයකු වන පරිදි කරන සිවුපස පරිභෝගය ඉණපරිභෝග නම් වේ. සිවුපස පරිභෝගයට සුදුස්සකු වීමට ශීලය ම ප්‍ර‍මාණවත් නො වේ. ඉණපරිභෝග භාවයෙන් මිදීමට සිල්වතුන් විසින් ද ප්‍ර‍ත්‍යවේක්ෂා කොට සිවුපසය පරිභෝග කළ යුතුය.

ප්‍ර‍ත්‍යවේක්ෂා නො කොට ප්‍ර‍ත්‍ය පරිභෝග කිරීම සුළු දෙයක් නොව මහත් වරදකි. තථාගතයන් වහන්සේ ප්‍ර‍ත්‍යවේක්ෂාවෙන් තොරව ආහාරයෙහි ගිජු ව එය වළඳන නවක පැවිද්දන් දැක, ඉමහත් සංවේගයට පැමිණ, පස් වන පාරාජිකාවක් පනවත හොත් ප්‍ර‍ත්‍යවේක්ෂා නොකොට ආහාර වැළඳීම පස් වන පාරාජිකාව ලෙස පැනවිය යුතු බවත්, එහෙත් ආහාරය සත්ත්වයන් විසින් සැමදා අනුභව කළ යුත්තක් වන නිසා ඒ ගැන එතරම් මහත් සිකපදයක් පැනවීම නුසුදුසු බවත් සිතා වදාරා,[1] මේ සූත්‍ර‍ය දේශනය කළ කල්හි භික්ෂූහු ප්‍ර‍ත්‍යවේක්ෂා නො කරන ආහාර වැළඳීම මහත් වරදක් බව දැක ප්‍ර‍ත්‍යවේක්ෂා කොට සිවුපසය පරිභෝග කරන්නාහු යි සලකා “පුත්‍ර‍මාංසෝපම සූත්‍ර‍ය” වදාළ බව සංයුක්ත නිකායට්ඨ කථාවෙහි කියා තිබේ. තථාගතයන් වහන්සේ විසින් ධර්ම දායාද සූත්‍ර‍ය දේශනා කරන ලද්දේ ද මේ කරුණ නිසාමය.

සෝවාන් සකෘදාගාමි අනාගාමි යන ශෛක්ෂ පුද්ගලයන් තිදෙනාගේ ප්‍ර‍ත්‍යය පරිභෝගය දායජ්ජපරිභෝග නම් වේ. ඔවුහු තථාගතයන් වහන්සේගේ පුත්‍රයෝ ය. පුත්‍රයෝ වනාහි පියාගේ දෙයට උරුමක්කාරයෝ ය. ශාසනයට ලැබෙන ප්‍ර‍ත්‍යය තථාගතයන් වහන්සේ අයත් ය. ශෛක්ෂ පුද්ගලයෝ තථාගතයන් වහන්සේගේ පුත්‍ර‍ත්වයට පැමිණ ඒ ප්‍ර‍ත්‍යය තමන්ගේ උරුමය වශයෙන් පරිභෝග කරන්නාහ. උරුම දෙය පරිභෝග කිරීම නිරවද්‍ය පරිභෝගයෙකි.

රහතන් වහන්සේලාගේ ප්‍ර‍ත්‍යයපරිභෝගය සාමිපරිභෝග නම් වේ. උන්වහන්සේලා තෘෂ්ණා දාසත්වයෙන් මිදී හිමියන් වී ප්‍ර‍ත්‍යය පරිභෝග කරති. සකල ක්ලේශයන් ප්‍ර‍හාණය කොට ශුද්ධියට පැමිණ වාසය කරන බැවින් ද දාන මහත් ඵල කිරීමට සමත් වී ඉන්නා බැවින් ද රහතන් වහන්සේලා මහත් ඵලය අපේක්ෂා කොට දෙන දානය පිළිගැනීමට සර්වාකාරයෙන් ම සුදුසු වන්නාහ. එබැවින් ද උන් වහන්සේලා ශාසනයට ලැබෙන ප්‍ර‍ත්‍යයේ ස්වාමිවරු වන්නාහ.

මේ පරිභෝගයන් ගෙන් දායජ්ජපරිභෝග සාමි පරිභෝග දෙක නිරවද්‍ය පරිභෝගයෝ ය. ඉණපරිභෝග ථෙය්‍යපරිභෝග දෙක සාවද්‍ය පරිභෝගයෝ ය. සිල්වත් පැවිද්දන් විසින් ප්‍ර‍ත්‍යවේක්ෂා කොට කරන පරිභෝගය ඉණපරිභෝගයට විරුද්ධ බැවින් අනණ පරිභෝග නම් වේ. ණය ඇති පරිභෝගය යනු එහි තේරුම ය. එයත් දායජ්ජ පරිභෝගයට ඇතුළත් වන බව ද කිය යුතුය. ]

AN 02-14-03 ඵසනා සන්ථාර සූත්‍රය.

“මහණෙනි,
මේ සෙවීම් දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්,

සිවුපසය සෙවීමද,
ධර්‍මය සෙවීමද
යන දෙකයි.

මහණෙනි,
මේ දෙක වනාහි සෙවීම් වෙත්.

මහණෙනි, මේ සෙවීම් දෙක අතුරෙන් ධර්‍මය සෙවීම අග්‍රය.”

AN 02-14-04 පරියෙසනා සූත්‍රය.

“මහණෙනි,
මේ හාත්පස පවත්නා සෙවීම් දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්,

සිවුපසය පරියෙසනාවද,
ධර්‍ම විමසමින් සෙවීමද
යන දෙකයි.

මහණෙනි,
මේ දෙක සෙවීම් නම් වෙත්.
මහණෙනි, මේ හාත්පස සෙවීම් දෙක
අතුරෙන් ධර්‍ම හාත්පස සෙවීමක් වේද, මෙය අග්‍රය.”

AN 02-14-05 පරියෙට්ඨි සූත්‍රය.

“මහණෙනි,
මේ සම්පූර්‍ණවූ සෙවීම් දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්,

සම්පූර්‍ණ සිවුපසය සෙවීමද,
සම්පූර්‍ණ ධර්‍මය සෙවීමද
යන දෙකයි.

මහණෙනි,
මේ දෙක වනාහි සම්පූර්‍ණවූ සෙවීම් දෙකක් වෙත්.
මහණෙනි, මේ සම්පූර්‍ණ සෙවීම් දෙක අතුරෙන්
මේ සම්පූර්‍ණ ධර්‍මය සෙවීම අග්‍රය. ශ්‍රේෂ්ඨය.

AN 02-14-06 පූජා සූත්‍රය.

“මහණෙනි,
මේ පූජා දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්,

ආමිස පූජාවද,
ධර්‍ම පූජාවද
(යන දෙකයි.)

මහණෙනි,
මේ පූජා දෙක වෙත්.
මහණෙනි, මේ පූජා දෙක අතුරෙන්
ධර්‍ම පූජාව අග්‍රය.”

[දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනයේ
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති,
අධ්‍යාපනපති
[පදියතලාවේ අමරවංශ හිමි බුදු සරණ සඟරාව ට ලියු ලිපිය ,
“ආමිස පූජාව නිවන නමැති චූඩාමාණික්‍යය දරා සිටින දාගැබේ පාදම ය. ආමිස පූජාවලින් තොරව ප්‍රතිපත්ති පූජාව පිරීම ඉතා දුෂ්කර ය. ප්‍රතිපත්ති පූජාව යනු බුදුන් වහන්සේ දේශනා කළ නිවන් මාර්ගයේ ගමන් කිරීමයි. වහා කෙලෙස් නැසීමට ක්‍රියා කිරීමයි. නිවන් මාර්ගය වළකන ලෝභ, ද්වේෂ, මෝහ විනාශ කිරීමයි. ශ්‍රද්ධාව පදනම් ව කටයුතු කිරීමයි. බුදු ගුණ හඳුනා ගනිමින් තම මනස තුළ ප්‍රඥාව දියුණු කිරීම ප්‍රතිපත්ති පූජාව නම් වෙයි.”

බෞද්ධයෝ බුදුන් වහන්සේ පිදීමට ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා භාවිත කරති. තෙරුවන් සරණ ගිය සෑම බෞද්ධයකු ම මේ වචන අසා ඇත. එයින් ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වඩා වැදගත් බව ද අසා ඇත. එහෙත් ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා අතර වෙනස සහ ඒවායේ අර්ථ පිළිබඳ එතරම් අවබෝධයක් නොමැති බව පෙනේ. උපතින් බෞද්ධ වූ පමණින් බුදු දහමේ ධර්ම කරුණු ඔහුට හෝ ඇයට දායාද වන්නේ නැත. අසා දැනගත යුතු ය. එසේත් නොමැති නම් ධර්ම කරුණු අධ්‍යයනය කිරීමෙන් උගත යුතු ය. මේ දෙකින් එකක්වත් නිසි පරිදි ක්‍රියාවට නො නඟා විවිධ පුද්ගලයින් විසින් අනවබෝධයෙන් පවසන කරුණු නිසා ආමිස පූජාවලට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් ය. එබැවින් ආමිස පූජා අත්හැර දැමිය යුතු ය. ප්‍රතිපත්ති පූජාව ම ක්‍රියාවට නැඟිය යුතු ය යනුවෙන් පවසන ප්‍රකාශ අසන්නට ලැබේ.

ආමිස පූජාව අත්හැර ප්‍රතිපත්ති පූජාව පමණක් ක්‍රියාවට නැඟිය යුතු බව පවසන අය අසූහාර දහසේ පහන් පූජා පැවැත්වීමෙන් තෙල් සහ පහන් විශාල ප්‍රමාණයක් අපතේ යයි. ඒවාට වියදම් කරන මුදලින් අසරණ දුප්පත් පවුල්වලට සැලකීම වටියි. මල්, පහන්, සුවඳ දුම්, ඖෂධ පූජා, සිවුරු පිරිකර පූජා, තූර්ය නාද පූජා, ධජ පතාක පූජා ඇතුළු පංචේන්ද්‍රියන්ට හසුවන සියලු පූජා, බුද්ධ පූජා ලෙස තැබීමෙන් ප්‍රයෝජන නැත. තොරණ පැවැත්වීමෙන්, පහන් කූඩු සැකසීමෙන්, පෙරහර පැවැත්වීමෙන්, ප්‍රතිමාකරණයෙන්, චෛත්‍ය ගොඩනැඟීමෙන්, වෙසක් සහ පොසොන් පොහොය වෙනුවෙන් දන්සල් පැවැත්වීමෙන් ප්‍රයෝජන නැත. ඒ වෙනුවට එම මුදල් සහ කාලය වෙනත් වැඩකට යෙදීමෙන් ප්‍රයෝජන ලබා ගැනීමට හැකියාව ලැබෙන බව දක්වමින් ආමිස පූජාව ප්‍රතික්ෂේප කර, ප්‍රතිපත්ති පූජාව පමණක් අගයන ඇතැම් පිරිසක් නූතන සමාජයේ බිහි ව ඇත.
ඔවුහු දීමට අකැමැත්තෝ ය. අකුසලය පුරන්නෝ ය. ද්වේෂ සහිත වූවෝ ය. ප්‍රඥාවෙන් හීන වූවෝ ය. ආමිස පූජා පැවැත්වීමෙන් ශ්‍රද්ධාව වැඩේ, තෘෂ්ණාව ක්ෂය වේ, කාය, වාග් සහ මනෝ සුචරිතය ඇති වේ. එය භාවනාමය සිතිවිලි පුහුණු කරන ක්‍රියාවලියකි, යන්න නොහඳුනති. මෙයින් ලෝභ, ද්වේෂ සහ මෝහ අකුසල මූලයන් තදන්ග වශයෙන් යටපත් කර තබයි. මල් පහන් පූජා කිරීම, ආහාර පාන දන්දීම, චිත්ත සන්තුෂ්ටිය ඇතිවන දේවල් ක්‍රියාවට නැඟීම ප්‍රමුඛ කර ගත් යම් දෙයක් සුළු වශයෙන් හෝ ඉටු කිරීමෙන් සසරේ සැප සම්පත් ලැබූ කතා පුවත් විශාල ප්‍රමාණයක් අපදානපාලි, විමානවත්ථු ආදි ග්‍රන්ථවල සඳහන් වෙයි. එයින් සසර සුගතියත්, බෞද්ධ ප්‍රබෝධයත් මතුවෙයි.
එබැවින් ආමිස පූජාව බෞද්ධ සමාජයේ පැවැතිය යුතු ය. එය නිවන නමැති චූඩාමාණික්‍ය දරා සිටින දාගැබේ පාදම ය. ආමිස පූජාවලින් තොරව ප්‍රතිපත්ති පූජාව පිරීම ඉතා දුෂ්කර ය. ප්‍රතිපත්ති පූජාව යනු බුදුන් වහන්සේ දේශනා කළ නිවන් මාර්ගයේ ගමන් කිරීමයි. වහා කෙලෙස් නැසීමට ක්‍රියා කිරීමයි. නිවන් මාර්ගය වළකන ලෝභ, ද්වේෂ, මෝහ විනාශ කිරීමයි. ශ්‍රද්ධාව පදනම් ව කටයුතු කිරීමයි. බුදු ගුණ හඳුනා ගනිමින් තම මනස තුළ ප්‍රඥාව දියුණු කිරීම ප්‍රතිපත්ති පූජාව නම් වෙයි.
බුදුන් වහන්සේ සියලු බුද්ධ කෘත්‍යයන් නිමවා මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේ දී පිරිනිවන් පෑමට සූදානම් වූ මොහොතෙහි දෙවියන් සහ බ්‍රහ්මයින් අතුරු සිදුරු නැතිව පිරිවරමින් දිව්‍ය මල් සුවඳින්, දිව්‍ය තූර්ය නාදවලින් පූජා පැවැත්වීමට පටන්ගනියි.

මේ අවස්ථාවෙහි ආනන්ද තෙරුන් වහන්සේ අමතා බුදුන් වහන්සේ මෙසේ වදාළහ. “ආනන්දයනි, මල්, සුගන්ධය, තූර්ය නාදය ආදියෙන් තථාගතයන් වහන්සේට සත්කාර කළේ හෝ ගරු කළේ හෝ පූජා කළේ හෝ නො වෙයි. යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසක උපාසිකාවක් හෝ ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි, සම්‍යක් ප්‍රතිපත්තියෙහි හැසිරෙයි ද, එය ට තථාගතයන් වහන්සේට කරන උසස් ම සත්කාරයත්, ගරු කිරීමත්, පූජා කිරීමත් වෙයි. (දීඝ නිකාය-මහාපරිනිබ්බාන සූත්‍රය)

බුදුන් වහන්සේගේ මේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ ධර්මයෙහි හැසිරීම භෞතික පූජා පැවැත්වීමට වඩා උතුම් බවයි. නිවන් මාර්ගයට පිවිසි පුද්ගලයා කාම සම්පත් පසුපස ම යන්නේ නම් නිවන ලැබීමේ මාර්ගය දිගුවනු ඇත. එබැවින් සසුනට ඇතුළත් වූ සිව්වනක් පිරිස ම අප්‍රමාදී ව කටයුතු කිරීම වැදගත් බව අනුදැන වදාළහ. ආමිස පූජාව සිදු නොකරන ලෙස එයින් ප්‍රකාශ කර නොමැත. ආමිස පූජාව බුදුන් වහන්සේ ම ප්‍රතික්ෂේප කර ඇති බව තහවුරු කිරීමට ආමිස පූජා පළ රහිත බව ප්‍රකාශ කරන්නෝ මෙම කරුණ මතු කර දක්වති.

බුදුන් වහන්සේ පිරිනිවන් පෑ පසු ආදාහන කෘත්‍ය කෙසේ පැවැත්විය යුතු ද යන ප්‍රශ්නය ඇති වූ කල්හි පෙන්වා දෙන්නේ චක්‍රවර්ති රජ කෙනකුගේ ශරීරය ආදාහනය කරන අයුරින් කළ යුතු බවයි. එහි දී බුදුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ අමතා “ආනන්දය, ස්තූප තනා වැඳුම්-පිඳුම් කිරීමට සුදුසු පුද්ගලයෝ හතර දෙනෙකි.
එනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේබුදු රජාණන් වහන්සේ, තථාගත ශ්‍රාවක වූ ආර්යයන් වහන්සේ, සක්විති රජු යන මේ සතර දෙනා ය.

ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගතයන් වහන්සේ වෙනුවෙන් ස්තූප තනා වැඳුම් පිදුම් කිරීම සුදුසු වන්නේ ද? ආනන්දයෙනි, මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්තූපයයි. සිත පහදාගෙන බොහෝ දෙනා මරණින් මතු සුගතිගාමී වන හෙයිනි, යනුවෙන් දේශනා කළහ. (දීඝ නිකාය – පරිනිබ්බාන සූත්‍රය)
ආමිසයට වඩා ප්‍රතිපත්තිය උතුම් බව දේශනා කළේ ප්‍රතිපත්තියට මිනිසුන් යොමු කිරිමට ය. ආමිස පූජාව අනුමත කළේ ඒ ඇසුරින් මිනිසුන් ක්‍රමයෙන් ප්‍රතිපත්ති කෙරෙහි යොමු කිරිමට ය. එසේ නොමැති ව ආමිස පූජාව ප්‍රතික්ෂේප කිරීමට නොවන බව අවබෝධ කර ගත යුතු ය. තථාගතයන් වහන්සේට මල් පහන් පූජා කර වැඳීමටවත් ශ්‍රද්ධාවක් නොමැති නම් ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිපත්ති පූජාව කුමක්දැයි යන ප්‍රශ්නය මතුවෙයි.

බුදුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ නොසිටින දිනවල දී එහි පැමිණෙන ශ්‍රද්ධාවත් පිරිස් උදෙසා ආනන්ද තෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන් ආනන්ද බෝධිය රෝපණය කරන්නේ ද ආමිස පූජාව ශ්‍රද්ධාව ඉපදවීමටත්, නිවන් ලැබීමේ මාර්ගයේ ගමන් කිරීමටත් උපකාර වන බැවිනි. බුදුන් වහන්සේ එහි දී ශාරීරික, පාරිභෝගික සහ උද්දේසික යන ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව හඳුන්වා දෙති. ප්‍රතිපත්ති පූජා පූරණය කිරීමට ආමිස පූජාව උපකාර වන බව මෙයින් පෙනෙ

AN 02-14-07 ආතිථෙය්‍ය සූත්‍රය.

“මහණෙනි,
ආගන්තුක සත්කාර දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්,

ආමිසයෙන් කරණ ආගන්කුක සත්කාරයද,
ධර්‍මයෙන් කරණ ආගන්තුක සත්කාරයද
යන දෙකයි.

මහණෙනි, මේ දෙක වනාහි ආගන්තුක සත්කාර වෙත්.
මහණෙනි, මේ ආගන්තුක සත්කාර දෙක අතුරෙන්
ධර්‍මයෙන් කරණ ආගන්තුක සත්කාරය අග්‍රය.”

AN 02-14-08 ශුද්ධි සූත්‍රය.

“මහණෙනි,
සමෘද්ධිහු දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්,

ආමිස සමෘද්ධියද,
ධර්‍ම සමෘද්ධියද
යන දෙකයි.

මහණෙනි,
මේ දෙක වනාහි සමෘද්ධීහු වෙත්.
මහණෙනි, මේ සමෘද්ධි දෙක අතුරෙන්
ධර්‍ම සමෘද්ධියම අග්‍රය. ශ්‍රේෂ්ඨය ”

AN 02-14-09 වූද්ධි සූත්‍රය.

160. වුද්ධි සූත්‍රය.

“මහණෙනි, මේ වැඩීම් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, ආමිසයෙන් වැඩීමද, ධර්‍මයෙන් ඩැඩීමද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි වැඩීම් වෙත්. මහණෙනි, මේ වැඩීම් දෙක අතුරෙන් යම් මේ ධර්‍මයෙන් වැඩීමක් වේද, මෙය අග්‍රය.”

AN 02-14-10 රතන සූත්‍රය.

“මහණෙනි,
රත්නයෝ (ඇලුම් කරණු ලබන්නෝ)
දෙකක් වෙත්.
මොනවාද යත්,

ආමිස රත්නයද,
ධර්‍ම රත්නයද
යන දෙදෙනයි.
මහණෙනි, මේ දෙක රත්නයෝ වෙත්.

මහණෙනි,
මේ රත්න දෙක අතුරෙන්
ධර්‍ම රත්නය අග්‍රය. ශ්‍රේෂ්ඨ ය ”

[ධම්ම යනු පිටකත්‍රයෙහි ඉතා සුලභ දහස් ගණන් තැන්වල දක්නට ලැබන වචනයකි. එහි අනේකාර්ථ ඇත්තේ ය. බොහෝ අර්ථ ඇත්තේ ය. ධම්ම පදය දුටු කල්හි සැම තැනදී ම එක් අර්ථයක්ම නො ගෙන තැනට සුදුසු අර්ථය ගත යුතු ය. මෙහි අප විසින් විස්තර කරන්නට යන්නේ “ධම්මං සරණං ගච්ඡාමි” යන වැකියෙහි ධම්ම යන වචනයේ අර්ථය ය. ඒ වචනයෙන් කියැවෙන්නේ පර්‍ය්‍යාප්ති ධර්මය හා නව ලෝකෝත්තර ධර්මය ද යන සත්ත්වයනට පිහිට වන දස වැදෑරුම් ධර්මය ය.

සියල්ල දත්තා වූ මහාකාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝකානුකම්පාවෙන් පන්සාළිස් වසරක් මුළුල්ලෙහි ඒ ඒ තැන්වලදී වදාළ සුපරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය දක්වන්නා වූ බුද්ධවචන රාශිය පර්යාප්ති ධර්ම නම් වේ. එය ධර්ම විනය වශයෙන් දෙවැදෑරුම් වේ. බුද්ධවචන සමූහයෙන් විනය පිටකය විනය නම් වේ. අන් බුද්ධවචන සියල්ල ධර්ම නම් වේ. තවද ඒ බුද්ධවචන රාශිය ප්‍රථම බුද්ධවචන, මධ්‍යම බුද්ධ වචන, පශ්චිම බුද්ධවචන වශයෙන් ත්‍රිවිධ වේ. අප මහාබෝසතාණන් වහන්සේ වෙසක් මස පුණ්පොහෝ දිනයක සන්ධ්‍යාකාලයේ චතුරංගවීර්‍ය්‍යාධිෂ්ඨානයෙන් මහාබෝධිමූලයේ වැඩ හිඳ යුදයට පැමිණි වසවත් මරු හිරු අවර වන්නට පළමුව ම පරාජය කොට භාවනාවෙහි යෙදෙන සේක්, ඒ රාත්‍රියේ ප්‍රථමයාමයේදී පෙර විසූ අත්බැව් පිළිවෙළ දැකිය හැකි පූර්වේනිවාසානුස්මෘතිඥාන උපදවා මධ්‍යමයාමයෙහි ලෝකයෙහි ඒ ඒ තැන මැරෙන උපදින සත්ත්වයන්ගේ මරණෝත්පත්ති දක්නා දිව්‍යංචක්ෂුරභිඥානය උපදවා, පශ්චිමයාමයෙහි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ප්‍රතීත්‍යසමුත්පාදය සම්මර්ශනය කොට අනතුරුව ආනාපාන චතුර්ථධ්‍යානය උපදවා, විදර්ශනා කොට මඟපල පිළිවෙළින් අරුණෝද්ගමනයේදී අර්හත්වයට පැමිණ ලොවුතුරා බුදුබව ලබා සියලු බුදුරදුන්ගේ සිරිත පරිදි උදන් ඇනීම් වශයෙන්,

“අනෙකජාතිසංසාරං – සන්ධාවිස්සං අනිබ්බිසං,
ගහකාරකං ගවෙසන්තො – දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨොසි – පුන ගෙහං න කාහසි
සබ්බ තෙ ඵාසුකා භග්ගා – ගහකූටං විසංඛිතං
විසංඛාර ගතං චිත්තං – තණ්හානං ඛයමජ්ඣගා.”

යන දෙ ගය වදාළ සේක. ඒ ප්‍රථම බුද්ධවචනය ය. එතැන් පටන් පන්සාළිස් වසරක් ලෝවැඩ කෙරෙමින් වැඩ වදාළා වූ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි සැතපී භික්ෂූන් අමතා අන්තිමට ම වදාළ “හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වො, වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” යන වදන පශ්චිම බුද්ධවචනය ය. එදෑතුරෙහි වදාළ බුදුවදන් සියල්ල මධ්‍යමබුද්ධවචන නම් වේ.

බුදු වදන් සියල්ල විනය පිටකය, සූත්‍රපිටකය, අභිධර්ම පිටක යයි පිටක වශයෙන් ත්‍රිවිධ වේ. සමාන ලක්ෂණ ඇති බුද්ධ වචන සමූහයෝ පිටක නම් වෙති. ප්‍රාතිමෝක්ෂ දෙකය, විභංග දෙකය, ඛන්ධක දෙවිස්සය, පරිවාර සොළසය යන මෙය විනය පිටකය නම් වේ. දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දකපාඨ – ධම්මපද – උදාන – ඉතිවුත්තක – සුත්ත නිපාත – විමානවත්ථු – පේතවත්ථු – ථෙරගාථා – ථෙරිගාථා – ජාතක – නිද්දේස – පටිසම්භිදා – අපදාන – බුද්ධ වංස – චරියාපිටක යන මොවුන්ගේ වශයෙන් පසළොස් වැදෑරුම් ඛුද්දක නිකාය යන මේ ධර්ම රාශිය සූත්‍රපිටක නම් වේ. ධම්ම සංගණී – විභංග – ධාතු කථා – පුග්ගල පඤ්ඤත්ති – කථාවත්ථු – යමක – පට්ඨාන යන ප්‍රකරණ සත අභිධර්ම පිටකය ය.

තවද පර්‍ය්‍යාප්ති ධර්මය නිකාය වශයෙන් දීඝනිකාය මජ්ඣිමනිකාය සංයුක්තනිකාය අංගුත්තරනිකාය ඛුද්දකනිකාය ය යි පසකට ද බෙදා තිබේ. දීර්ඝ වූ සූත්‍රයන්ගේ සංග්‍රහය දීඝනිකාය නම් වේ. එහි ශීලස්කන්ධ වර්ගය මහාවර්ගය පාථෙය්‍ය වර්ගය යි වර්ගත්‍රයක් හා සූත්‍ර සූතිසක් ඇත්තේය.

“චතුත්තිංසෙව සුත්තන්තා – තිවග්ගො යස්ස සංගහො,
එස දීඝනිකායොති – පඨමො අනුලොමිකො.”

මධ්‍යම ප්‍රමාණ සූත්‍රයන්ගේ සංග්‍රහය මජ්ඣිමනිකාය නම් වේ.
එහි වර්ග පසළොසකින් සංගෘහිත සූත්‍ර එකසිය පනස් දෙකක් ඇත්තේ ය.

“දියඩ්ඪසත සුත්තන්නා – ද්වේව සුත්තානි යත්ථ සො
නිකායො මජ්ඣිමො පඤ්ච – දසවග්ගපරිග්ගහො.”

දේවතා සංයුත්තාදි වශයෙන් සිටි ඕඝතරණ සූත්‍රය ආදි කොට ඇති සත් දහස් සත්සිය සැට දෙකක් සංග්‍රහය සංයුත්තනිකාය නම් වේ.
“සත්ත සුත්ත සහස්සානි – සත්තසුත්ත සතානි ච,
ද්වාසට්ඨි චෙව සුත්තන්තා – එසො සංයුත්තසංගහො

එක් එක් අංගය අතිරේක වශයෙන් සිටියා වූ චිත්තපර්‍ය්‍යාදාන සූත්‍රාදි නව දහස් පන්සිය පනස් සතක් වූ සූත්‍රයන්ගේ සංග්‍රහය අංගුත්තර නිකාය නම් වේ.

නවසුත්ත සහස්සානි – පඤ්චසුත්ත සතානි ච,
සත්තපඤ්ඤාස සුත්තානි – සංඛා අංගුත්තරෙ අයං

දීඝනිකායාදි නිකාය සතර හැර ඉතිරි බුදු වදන් සියල්ල
ඛුද්දක නිකාය නම් වේ. විනය පිටකය හා
අභිධර්ම පිටකය නිකාය වශයෙන් ධර්මය බෙදීමේදී ඛුද්දකනිකායට අයත් වේ.

ඨාපෙත්වා චතුරො පෙතෙ – නිකායෙ දීඝ ආදිකෙ,
තදඤ්ඤං බුද්ධ වචනං – නිකායො ඛුද්දකො මතො,”

(සමන්තපාසාදිකා)

පර්‍ය්‍යාප්ති ධර්ම සංඛ්‍යාත බුද්ධ වචන සමූහය ධර්මස්කන්ධ වශයෙන් සුවාසූ දහසක් වන්නේය. මහාසතිපට්ඨාන සූත්‍රාදි එක් අනුසන්ධියක් ඇත්තා වූ සූත්‍රයක් එක් ධර්මස්කන්ධයකි. “එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා” යනාදීන් සතිපට්ඨානයන් සැකෙවින් දක්වා ඒවාම විභාග කරන බැවින් සතිපට්ඨාන සූත්‍රය ඒකානුසන්ධික සූත්‍රයෙකි. අනේකානුසන්ධික සූත්‍රයන්හි අනුසන්ධික ගණන අනුව ධර්මස්කන්ධ ගණන් ගනු ලැබේ. ගාථාවන්හි ප්‍රශ්න ඇසීම එක් ධර්මස්කන්ධයක් වශයෙන් ද පිළිතුරු දීම අනික් ධර්මස්කන්ධයක් වශයෙන් ද ගණන් ගනු ලැබේ.

“කති ඡින්දෙ කති ජහෙ – කති චුත්තරි භාවයෙ,
කති සංගාතිගො භික්ඛු – ඔඝතිණ්ණොති චුච්චති”

මේ ප්‍රශ්න ගාථාව එක් ධර්මස්කන්ධයෙකි.

“පඤ්ච ඡින්දෙ පඤ්ච ජහෙ – පඤ්ච චුත්තරි භාවයෙ,
පඤ්ච සංගාතිගො භික්ඛු – ඔඝතිණ්ණොති චුච්චති.”

මේ විසර්ජනය එක් ධර්මස්කන්ධයෙකි. අභිධර්මයෙහි
එක් එක් තික දුක විභාගයක් එක් ධර්මස්කන්ධයෙකි.
එක් එක් චිත්තවාර විභාගයක් එක් ධර්මස්කන්ධයෙකි.

කතමෙ ධම්මා කුසලා? තීණි කුසලමූලානි අලොභො අදොසො අමොහො තං සම්පයුත්තො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සංඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො තං සමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං ඉමෙ ධම්මා කුසලා, කතමෙ ධම්මා අකුසලා? තීණි අකුසලමූලානි ලොභො දෙසො මොහො තදෙකට්ඨා ච කිලෙසා තං සම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- මනොකම්මං, ඉමෙ ධම්මා අකුසලා, කතමෙ ධම්මා අව්‍යාකතා? කුසලාකුසලානං ධම්මානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා වේදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, යෙ ච ධම්මා ක්‍රියා නෙව කුසලා නාකුසලා න ච කම්ම විපාකා සබ්බඤ්ච රූපං අසංඛතා ච ධාතු ඉමෙ ධම්මා අබ්‍යාකතා.

මේ අභිධර්මයෙහි එක් ධර්මස්කන්ධයෙකි.
විනයෙහි සිකපද පිළිබඳ වස්තු ඇත්තේය, මාතිකා ඇත්තේය, පදභාජනිය ඇත්තේය, අන්තරාපන්ති ඇත්තේය, අනාපත්ති ඇත්තේය, ත්‍රිකපරිච්ඡේද ඇත්තේය, ඒ එක් කොට්ඨාසයක් එක් ධර්මස්කන්ධයෙකි. එහි වස්තු නම් ඒ ඒ සිකපද පැනවීමට නිමිත්ත වූ සුදින්නකථාදිය ය. මාතෘකා යනු “යො පන භික්ඛු භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො සික්ඛං අපච්චක්ඛාය” යනාදි සිකපදයෝ ය. පදභාජනිය යනු සිකපදයේ වචන විස්තර කිරීමය. අන්තරාපත්ති යනු සිකපද ඇතුළත ම පනවා ඇති කුඩා සිකපදයෝය. අනාපත්ති යනු සිකපදය සම්බන්ධයෙන් ඇවැත් නො වීම දක්වන “අනාපත්ති අජානන්තස්ස අසාදියන්තස්ස උම්මත්තකස්ස ඛිත්තචිත්තස්ස වෙදනට්ඨස්ස ආදිකම්මිකස්ස” යනාදි ඇවැත් නො වීම දක්වන කොටස ය. ත්‍රිකපරිච්ඡේද යනු “දසහාතික්කන්තෙ අනික්කන්තසඤ්ඤී නිස්සග්ගියං පාචිත්තියං, දසාහාතික්කන්තේ වෙමතිකො නිස්සග්ගියං පාචිත්තියං, දසාහාතික්කන්තේ අනතික්කන්තසඤ්ඤී නිස්සග්ගියං පාචිත්තියං” යනාදී ත්‍රිකපාචිත්ති ත්‍රිකදුෂ්කෘතාදි ප්‍රභේදය දක්වන කොටස ය. මෙසේ වූ ධර්මස්කන්ධ විසි එක් දහසක් විනය පිටකයෙහි ඇත්තේය. සූත්‍ර පිටකයෙහි ද විසි එක් දහසක් ඇත්තේය. අභිධර්ම පිටකය විශාලය. එහි ධර්මස්කන්ධ සතළිස් දෙදහසක් ඇත්තේ ය. මුද්‍රිත පොත් බැලුවාම අභිධර්ම පිටකය කුඩා සේ පෙනෙන්නේ එය “පේයාල” යොදා කෙටිකර ඇති බැවිනි.

AN 02-14-11 යනනිවය සූත්‍රය.

“මහණෙනි,
මේ රැස්කිරීම් දෙකක් වෙත්.
කවර දෙකක්ද යත්,

සිවුපසය රැස්කිරීමද,
ධර්‍මය රැස්කිරීමද
යන දෙකයි.

මහණෙනි,
මේ රැස්කිරීම් දෙක වෙත්.

මහණෙනි, මේ රැස්කිරීම් දෙක අතුරෙන්
ධර්‍මය රැස්කිරීම අග්‍රය.”

අතීත ධර්ම දේශනා ක්‍රම


පූජාපිටිය බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති,
නාලන්දේ විමලවංශ හිමි

දේශනාවක ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ යහපත් ගුණධර්ම දියුණු කර ගැනීම මඟින් ආධ්‍යාත්මික සංවර්ධනය කරා ළඟාවීමයි. ධර්මය නුවණැත්තන් සඳහාම දේශනා කර ඇතත්, දියුණු නොවූ මනසකින් යුතු පුද්ගලයන්ට ද එයින් ලෞකික සතුටක් වුව ද ලබා ගැම උගහට නොවේ. එහෙයින් අතීත මෙරට ජනතාව ධර්ම දේශනා, පින්කම් සංවිධානය කිරීම අලංකාරවත්ව, උත්සවාකාරයෙන් සංවිධානය කිරීමට වග බලා ගත්හ. අතීත ලංකාවේ ධර්ම දේශනා ක්‍රම පිළිබඳ සිත් සතන් යොමා බැලූ විට ඒ බැව් මැනවින් පසක් වෙයි.

පැරැණි ලක්දිව ධර්ම දේශනා පැවැත්වීම උත්සවාකාරයෙන් කරන ලද්දේ රටෙහි සාමය සහ සමෘද්ධිය පැවති වකවානු වල බව ඉතිහාසය පිරික්සීමේ දී පෙනෙයි. එකල බණ ඇසීමට භික්ෂූන් වහන්සේලා මෙන්ම, ගිහි ජනතාව ද සිව් දිගින් පැමිණෙති. සවස් භාගයේ රැස්වෙන ජනතාව උදෑසන වන තෙක් ධර්ම ශ්‍රවණය කරති. එහිදී ඒකාකාරී බවෙන් මිදෙනු වස්, විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදී. දිවාකථික, පද භාණක, ධම්මකථික යනුවෙන් තුන් නමක් සහභාගි වූහ. ඒ අතරතුර හේවිසි ශබ්ද පූජා, මඟුල් බෙර වාදන, ජාම කාසි එකතු කිරීම වැනි කටයුතු ප්‍රධාන තැනක් ගනියි. දිවා කථීක හිමියන් ජනතාව රැස්වන තුරු පොදු අනුශාසනාවන් පවත්වයි. පදභාණක හිමියෝ මාතෘකා සූත්‍ර කිහිපයක් කටපාඩමින් දේශනා කරති. වඩාත් උගත් ධම්මකථික හිමියෝ එම සූත්‍රවල අර්ථ විග්‍රහ කරමින් ධර්ම දේශනා කරති.
ර්ම දේශනා සඳහා ජනපි‍්‍රය සූත්‍ර ගණනාවක් තිබුණු. මහාවංසය වැනි වංස කතාවල සඳහන් පරිදි, දක්ඛිණවිභංග සූත්‍රය, දේවදූත සූත්‍රය, ගිලාන සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය, අරියවංස සූත්‍රය වැනි සූත්‍ර දේශනා සහ ජාකත කතා දේශනාවන් ප්‍රධාන තැනක් ගන්නා ලදී. මෙම දේශනා උත්සව සඳහා රාජ්‍ය අනුග්‍රහ නොමදව ලැබුණි. වෝහාරතිස්ස, රජතුමා අරියවංස දේශනා උත්සවය සඳහා දානය පිරිනැමීම සම්පූර්ණයෙන් භාර ගන්නා ලදී. තෝනිගල සෙල් ලිපියට අනුව ‘දේව නමැත්තෙක් කාලසුමනක නම් බැංකුවෙහි වී, උඳු, මුං වැනි ධාන්‍ය තැන්පත් කොට එහි පොලියෙන් ‘යහිසපවිය’ විහාරයෙහි අරියවංස සූත්‍ර දේශනාවට ආධාර කරයි.

ලබුඇටබැඳිගල සෙල් ලිපියට අනුව පුද්ගලයන් දෙදෙනෙක් කහවණු සියයක්ද විස්සක් ද, තැන්පත් කර, එම පොලියෙන් දේවගිරි විහාරයෙහි අරියවංස සූත්‍ර දේශනා පින්කමට ආධාර කරයි. පසු කාලෙයහි අතීත ධර්ම දේශනා ක්‍රම වෙනස් වී නව මුහුණුවරකින් එළි දකින්නට විය. ඒ අනුව ‘ආසන ධර්ම දේශනා, යුගාසන ධර්ම දේශනා, ජාතක ධර්ම දේශනා, සඟි ධර්ම දේශනා, අභිධර්ම දේශනා, රත්නාවලී ධර්ම දේශනා, වැනි ක්‍රම ප්‍රධාන තැනක් ගනියි.මෙම ධර්ම දේශනා ක්‍රම ද අභාවයට ගොස්, නාට්‍යානුසාරයෙන් රඟ දක්වන ධර්ම දේශනා ක්‍රම ආරම්භ විය. ඒවා අතරින් ‘සච්චක දමනය, ආලවක දමනය, යමරජුගේ නඩු තීන්දුව, සඳකිඳුරු ජාතකය, වෙස්සන්තර ජාතකය, යන මේවා ප්‍රධාන තැනක් ගනියි.
මෙම ධර්ම දේශනා ක්‍රම පිළිබඳ දැනුමක් තිබෙන දේශකයන් වහන්සේලා ද සොයා ගැනීම අපහසුය. එහෙත් ඇතැම් පිටිසර බද ප්‍රදේශවල අදද මෙම දේශනා ක්‍රම නොනැසී පැවතීම වාසනාවකි.

හුදෙක් ධර්මාවබෝධය ලබා ගැනීම පමණක් මේවා මඟින් අපේක්ෂා නොකළ අතර, දැයෙහි සමගිය, සමාදානය, සහජීවනය වැනි මානුෂික ගුණදම් පෝෂණය වීමද බලාපොරොත්තු වූ බවත් එම චාරිත්‍ර පිළිබඳ විමසීමේ දී පෙනෙයි.
මෙම ධර්ම දේශනා ක්‍රම ජනතාව අතර ජනපි‍්‍රය වන්නටත්, ජනතාව මේවා නොකඩවා ග්‍රහණය කර ගන්නටත් මේවා ඉදිරිපත් කළ දේශකයන් වහන්සේලා අනුගමනය කළ ක්‍රියාමාර්ගයන් බෙහෙවින් බලපා ඇත. වත්මන් ධර්ම දේශනාවක් පැයකට පමණ සීමා වන බව කව්රුත් දනිති. එහෙත් ඉහත සඳහන් ධර්ම දේශනා රැයක් පුරාවට පැවත්වුණි. ගොවිතැන් කර, අස්වනු කපා, අටුකොටු පුරවා ගත් සරු සාර කාලයෙහි ගැමියාගේ සිත්සතන් ප්‍රබෝධයට පත් වෙයි. නිදහසේ මෙවැනි පින්කම්වලට සහභාගි වීමට හැකියාව ලැබුණි. එයින් ඔවුහු අසීමිත ආශ්වාදයක් ලැබූහ. ධර්ම දේශනාවක් පැවැත්වීමට පෙර ඒ ගැන ප්‍රදේශය පුරා ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කරයි. ආලවක දමනය, සච්චක දමනය වැනි නාට්‍යානුසාරයෙන් රඟ දක්වන ධර්ම දේශනා ඇසීමට ද නැරඹීමට ද ජනතාව බෙහෙවින් කැමති විය. එවැනි දේශනාවක් පැවැත්වෙන බව ප්‍රදේශය පුරා කටින් කට පැතිරෙයි. දැන්වීම් පත්‍රිකා මගින් ද ප්‍රචාරය කරයි. මුද්‍රණ කටයුතු පහසුවෙන් කර ගත නොහැකි එදා, අත් අකුරන් ලියන ලද දැන්වීම් මඟින් ද ප්‍රචාරය කරයි.

“සම්බුදු පියා දෙසූ බණ ටික අහගන් න
බිහිසුණු අලව් යකු දමනය කරලන් න
දහ අට වන දිනය අමතක නොකරන් න
පිළිහුඩුගොල්ලෙ පන්සල වෙත පැමිණෙන් න

මෙය අදට වසර හැටකට පමණ පෙර ප්‍රචාරය කරන ලද දැන්වීම් පත්‍රිකාවකින් උපුටා ගත් කවියකි. ධර්ම දේශනාවක් පැවැත්වෙන දින ගෘහණියෝ වේලාසනින් ආහාර පිළියෙළ කරති. අඳුර වැටෙත්ම පන්දම්, හුළු එළි දල්වාගෙන කව්රුත් පන්සලට පැමිණෙති. පන්සලට උචිත ඇඳුමින් සැරසීමට කව්රුත් වග බලා ගත්හ. නොගැළපෙන ඇඳුමෙන් පැමිණීම අන්‍යයන්ගේ විවේචනයට ලක්වීමේ හේතුවක් විය. ධර්ම දේශනාව ආරම්භ වීමට පෙර මූලික කටයුතු රැසක් සිදු විය. බුදුන් උදෙසා මල් පහන් ගිලන්පස පිදීම විශේෂ විය. පංච තූර්ය වාදනය මැද්දේ එම කටයුතු සිදු විය. අනතුරුව මල් බඳුන් වෙන්දේසි ආරම්භ වෙයි.මෙවැනි ක්‍රියා මගින් ගැමියෝ අහිංසක විනෝදාශ්වාදයක් ලැබූහ. මල් බඳුන් අලෙවියෙන් පසු සල්පිල් භාණ්ඩ අලෙවිය සිදු වෙයි. මේ සියල්ල සිදු කරන්නේ විහාරස්ථානයේ දියුණුව වෙනුවෙනි. මේවා අතරට පන්තේරු නැටුමක් වැනි නැටුමක් ඉදිරිපත් කරන්නේ විවිධත්වය අරමුණු කරගෙනය. ඒ සඳහා සුදුසු ශිල්පීන් ගමෙන්ම සොයා ගත හැකි විය. මෙම මූලික කටයුතු වලින් පසුව දේශකයන් වහන්සේ වැඩමවන්නේ හේවිසි හඬ මධ්‍යයේ අත් පුටුවෙන් ය. අත් පුටුව යනු ශක්තිමත් දායකයන් දෙදෙනකු හෝ සිව් දෙනකු ඔවුනොවුන්ගේ බාහු වලින් අල්ලා ගෙන පුටුවක් මෙන් සකස් කර ගත් එම අත් මත දේශකයන් වහන්සේ වාඩි කරවා ගෙන ඔසවාගෙන ධර්මාසනය මතට වැඩම වීමයි. මෙසේ දේශකයන් වහන්සේ ආසනය මත වැඩ හිඳීමෙන් පසු, මංගල හේරි නාදය පවත්වයි. රැස්ව සිටින සියලු දෙනා එකවර සාධු නාද පවත්වයි. අනතුරුව පන්සිල් සමාදන් වීමට සූදානම් වෙති. නිකම්ම පන්සිල් දෙන්නේ නැත. පන්සිල් ඉල්ලිය යුතු ය. පන්සිල් ඉල්ලීමට හැකියාව ඇති හඬ නඟා මිහිරිසරෙන් ගායනා කළ හැකි බොහෝ දෙනකු ගම්මානයේ සිටියද, එක් අයකු දේශකයන් වහන්සේ ඉදිරියෙහි දොහොත් මුදුන් තබාගෙන,

බුද්ධමානි චිත්‍යපාද පුම්බුපේත රෝරුගම්
නිත්‍ය සත්‍ය සාගරන්තු දේව බ්‍රහ්ම වන්දිතම්
කාමනාථ සග්ග පාද නිබ්බුතේන අන්ත්‍යගම්
නිත්‍ය සත්‍ය සාගරේන පංචශීල දේථමං”

මෙවැනි ගාථා සහ කවි කියමින් පන්සිල් ආයාචනා කරයි.
පන්සිල් ඉල්ලීමෙන් පසු නමස්කාරය කීමට
අවසර ඉල්ලන්නේ මෙසේ ය.

‘පවර විසිතුරු සත්ජනන්ගෙන් සැදුම් ලත් මෙම මන්දි රේ
එවෙනි සව්සත දහම් අසමින් නිවන් පුරයට සන්තො සේ
දිව පුරට ගොස් ඉසුරු විඳිනට සැම සතුන්ටම සිද්ධ වේ
මෙ අපි සැමටම නමස්කාරය කියන්නට දැන් අවස රේ’

මෙලෙස නමස්කාරය කීමට අවසර ඉල්ලා නමස්කාරය කියති. අනතුරුව පන්සිල් දෙති. පන්සිල් සමාදන් වීමෙන් පසුව දහම් දෙසන මෙන් ආරාධනා කරයි. ඒ සඳහා කවි ගාථා රැසක්ම ඇත. මේ එවැනි කවියකි. මෙලෙස ආරාධනා කිරීමෙන් පසු දේශකයන් වහන්සේ ‘සග්ගේ කාමේච රූපෙආදී වශයෙන් වර්තමානයේ ද භාවිතා වන ගාථා කිහිපය දේශනා කිරීමෙන් දේවාරාධනය කරති. අනතුරුව පැරණි තාල අනුව නමස්කාර ගාථා කියයි. එනම්,

“ගගන තල මැද දිලෙන පුන් සඳ ලෙසට බැඳි සොඳ උඩු විය න්
අවට වට තරු විලස බබළන අඳුර දුරු කරලා පහ න්
රුවට වගුරැළ පෙළට මලලොඹු දොරටු වල සැදි පුන් කළ ස්
එමැද වැඩ උන් බණ අසුන් පිට යතිඳු පාවැඳලා කිය ම්

‘සංපීන ලක්ඛණ විරාජිත රූප සාරං
සාරං විචිත්ත නයධාරිත ධම්ම දේහං
දේහං වරක්ිත භවන්තය ඤෙය්‍ය ලෝකං
ලෝකඤ්ඤුතං ජිනවරං සිරසා නමාමී

සන්තින්ද්‍රියං විත පාපමලං විසුද්ධං
සම්බුද්ධ සාසන නහේ විය පුණ්ණ චන්දං
යං අග්ග පුග්ගල පවග්ග මහග්ඝ දානං
ජිනේන්ද්‍ර සංඝ පවරං සිරසා නමාමී’

අනතුරුව දීර්ඝ ‘චූර්ණිකාව‘ කියයි. මෙය අනුප්‍රාස සමාස වලින් සපිරි කියමනක් නිසා උවසු උවැසියෝ සැදැහැයෙන් යුතුව අසාගෙන සිටිති. මෙලෙස චූර්ණිකාව දේශනා කිරීමෙන් පසු ත්‍රිවිධ රත්නයේ ගුණ ඇතුළත් ‘සංග්‍රහවක්’ කියයි. එය දීර්ඝ පාඨයන්ගෙන් සමන්විතය. ‘මෙසේ පූර්ව කටයුතු රැසක් සිදු කිරීමෙන් පසු, මාතෘකා පාඨයක් හෝ සූත්‍රයක් කියයි. ධර්ම අවවාද කරයි. මාතෘකාව ඇසුරෙන් ධර්ම දේශනා කරයි.

‘ආලවක දමනය’ වැනි නාට්‍යානුසාරයෙන් පැවැත්වෙන ධර්ම දේශනා වලදී, බුදු හිමියන් සහ අලව් යකු අතර ඇතිවන සංවාදය මඟින් දහම් කරුණු ලිහිල්ව ඉදිරිපත් කරයි. අකුරු ශාස්ත්‍රය නොදත් බොහෝ දෙනකුට මෙම දේශනා පහසුවෙන් වටහා ගත හැකිය. දහස් ගණන් සෙනඟ රැස්වී පාන්දර ජාමයේ අලව් යකු පැමිණෙන තුරු බලා සිටිති. ඝෝරබිරං හඬ නංවමින් අලව් යකු පැමිණෙන විට නින්දට වැටී සිටි ළමා ළපටියන් බියට පත් වී හඬ නගති. එය ඉතා උණුසුම් අවස්ථාවකි. කෙසේ වෙතත් දේශනාව නිමාවත් සමඟ අලව් යකු දමනයට පත් වෙයි. සුරතල් බිලිඳු අලව් කුමරු අලව් යක්ෂයාට බිලි පිණිස පිළිගැන්වීමත්, යකු විසින් කුමරු බුදු හිමියන්ට පූජා කිරීමත් දකින සංවේදී කාන්තාවන්ගේ දෑසින් කඳුළු කඩා වැටීම අනුවේදනීය දර්ශනයකි.

සියල්ල අවසන් වීමෙන් පසු, ‘මෛත්‍රී වර්ණනාවෙන්’ ධර්ම දේශනාව නිමාවට පත් වෙයි. මෛත්‍රී වර්ණනාව මගින් පැවසෙන්නේ මෛත්‍රී බුදුන් දකින සහ නොදකින අය පිළිබඳවයි. පුණ්‍යානුමෝදනාව කිරීමෙන් පසු, හේවිසි මධ්‍යයේ දේශකයන් වහන්සේ පෙර පරිදිම අත් පුටුවෙහි තබාගෙන පන්සල තුළට වැඩමවනු ලබති. මේ පුරාණ ධර්ම දේශනා ක්‍රම සකස්වී තිබූ ක්‍රමයන්ය. මෙවැනි සද් කාර්යයන්ගෙන් එදා ජනතාව මෙන්ම මහා සංඝරත්නයද බලාපොරොත්තු වුණේ දැයේ සමගිය, සමාදානය, සෞභාග්‍යය වැනි කරුණු මිස යම් යම් ලාභ ප්‍රයෝජන අත්කර ගැනීම නොවන බව පැහැදිලිය. 

...more
View all episodesView all episodes
Download on the App Store

SINHALA TIPITAKABy