Sign up to save your podcasts
Or

AN 04-18-01. සඤ්චෙතනා හේතුක සූත්‍රය
AN 04-18-02. සාරිපුත්ත – පටිසම්භිදා සූත්‍රය
AN 04-18-03. පටිසම්භි සච්ඡිකරණ සූත්‍රය.
AN 04-18-04. මහා කොට්ඨිත සූත්‍රය
AN 04-18-05. ආනන්ද / ඵස්සායතන සූත්‍රය
AN 04-18-06. උපවාන/ විජ්ජායන්තර සූත්‍රය
AN 04-18-07. ආයාචමාන සූත්‍රය.
AN 04-18-08. රාහුලොවාද සූත්‍රය
AN 04-18-09. චෙතොවිමුත්ති/ ජම්බාලියොපම සූත්‍රය
AN 04-18-10. දිට්ඨධම්ම පරිනිබ්බාන හෙතු සූත්‍රය
AN 04-08-11 මහාපදේස සූත්‍රය-
AN 04-18-01. සඤ්චෙතනා හේතුක සූත්‍රය
§ 1. “මහණෙනි,
(a). මේ පංචස්කන්ධය, එනම් “කය” කියනා අසුචි වැනි පස්වර්ග යක ජරාව පිරවූ ගෝනිය,
“මම“ය කියා ගන්නා මුලාව (=අවිද්‍යාව)866 නිසා
“කයේ ක්‍රියාකාරකම්, මගේ ක්‍රියාකාරකම්ය”යැයි යන වැරදි සිතුවිල්ල නිසා
මිනිසුන් ගේ සන්තානයන්හි හා දුක උපදී.
(b). එසේම, මම කතා කරනවාය, මා කියනවාය, ආදී වචනයේ හෝ වාග් සඤ්චෙතනාවන් හේතුවෙන්ද
සන්තානයන්හි සැප දුක උපදී.867
(c), එසේම සම්පජඥවූ සිතින් සිතීම හා මනො සංචෙතනා හේතුවෙන් (අවිද්‍යාව හේතුවෙන් ) සන්තානයන්හි සැප දුක උපදී..
(d). සම්පජඥ නොවූ සිතින් සිතීම හා මනො භාව, හේතුවෙන් තොරව (අවිද්‍යා හේතුවෙන් ) සන්තානයන්හි සැප දුක උපදී..
[866:-අවිද්‍යාව:- සත්‍යය වසන්නා වූ ස්වභාවයෙන් අවිද්‍යාව අන්ධකාරයක් වැනි ය. කාරණය වරදවා දක්වන්නාවූ ස්වභාවයෙන් පාට කන්නාඩියක් වැනිය. නිල් කන්නාඩියකින් ලෝකය බලන්නා හට හැම දෙයක්ම නිල් පැහැයට පෙනේ. එමෙන් අවිද්‍යා සහගත සිතින් තමාගේ පඤ්චස්කන්ධය හා බාහිර ලෝකයත් බලන්නා වූ හෙවත් සිතන්නා වූ තැනැත්තාට ඇති සැටියට නොව අවිද්‍යාපටලයේ සැටියට ඒවා මම කියා පුත්ගලයෙක් ඉන්නවාය. ඒ “මම” මෙසේය. මට අයිති දේ තියෙනවාය. මගේ දරුවෝ, මගේ නෑ දැයෝ ඉන්නවාය. ආදී ලෙස නොයෙක් ආකාරයට පෙනේ. කිසිම හරයක් නැත්තා වූ, නිතර ම දුක් ගෙන දෙන්නා වූ පඤ්චස්කන්ධය, පරම සුන්දර දෙයක් ලෙස පෙනෙන්නේ ය. ලෝකයෙහි ඇති ඉතා ම උතුම් දෙය ඉතා ම වටිනා දෙය සැටියට පෙනෙන්නේ ය. එසේ පෙනීමෙන් ඔහුට ස්වකීය පඤ්චස්කන්ධය කෙරෙහි මහත් ඇල්මක් ඇති වේ. අන්‍ය ඇතැම් පුද්ගලයන්ගේ පඤ්චස්කන්ධයන් පිළිබඳව ද එයට දෙවැනි තරමේ හෝ ඒ තරමේ ම හේ ඇල්මක් ඇති වේ. LINK
මෙහි කායෙ යනු කාය ද්වාරයෙහියි, කාය විඥප්තිය ඇතිවිට යන අරුත්ය, කාය-සඤ්චෙතනා හෙතු යනාදියෙහි කාය සංඤ්චෙතනා නම් කායද්වාරයෙහි චේතනා ඇතිකොට ගැනීමයි, එය කාමාවචර කුසල් වශයෙන් අට වැදෑරුම් හා අකුසල වශයෙන් දොළොස් වැදෑරුම් යයි විසි වැදෑරුම්ය,
[867:- එසේම වාග්සංචෙතනාද, මනො සංචෙතනාද වෙයි, තවද මෙහි නව වැදෑරුම් මහග්ගත චෙතනා ද ලැබෙයි, කාය සංචෙතනා හෙතු යනු කාය සංචෙතනයන්ට ප්‍රත්‍යයෝයි, උප්පජ්ජති අජ්ඣත්තං සුඛ දුක්ඛං යනු අටවැදෑරුම් කුශලකර්‍ම ප්‍රත්‍යයෙන් ස්වකීය අධ්‍යාත්මයෙහි සුවය උපදියි, දොළොස් අකුශලකර්‍ම ප්‍රත්‍යයෙන් දුක උපදියි, සෙසු දොරටුවලද මේ ක්‍රමයමැයි, අවිජ්ජා පච්චයා යනු අවිද්‍යා හේතු වෙන්මය, ඉදින් අවිද්‍යාව වසනු ලබන්නා වූ ප්‍රත්‍යයක් වේද? එසේ ඇති කල්හි තිදොරෙහි සුවදුක්වලට හේතු වූ චෙතනාව උපදියි, මෙසේ මූලභූත වූ අවිද්‍යාව වශයෙන් මෙය කියන ලදි.
[ හුදු විජානන ලක්‍ෂණය විඥානයැ.
එයින් වදාළහ. “විජානාති විජනාති ඛො ආවුසො තස්මා විඤ්ඤාණන්ති වුච්චති”[1] ‘ඇවැත්නි! අරමුණු දැනගන්නා හෙයින් විඥානය යි කියනු ලැබේ. යම් ස්වභාව ධර්‍මයෙක් විජානනාර්‍ථයෙන් විඥාන වේ නම් එය ම අරමුනු සිතීම් අර්ථයෙන් ‘චිත්ත’ නමුදු වේ. අරමුණු හඟනා අර්‍ථයෙන් ‘මනෝ’ නමුදු වේ. මෙසේ විඥාන-චිත්ත-මනෝ යනු එකාර්‍ථ ය.මෙතෙකින් ස්කන්‍ධ වශයෙන් ද, භේද වශයෙන් ද, පර්‍ය්‍යාය වශයෙන් ද, විඥානය ප්‍රකාශ කරන ලදි. පෙර කී පද තුන ම අර්ථ වශයෙන් එකක් වුව ද ජාති වශයෙන් 1. කුශලය 2. අකුශලය 3. අව්‍යාකෘතයැ යි ත්‍රිවිධ වේ.(ඔවුන් අතුරින්)
(1) කුශලය (අ) භූමි භේදයෙන් i කාමාවචරය ii රූපාවචරය iii අරූපාවචර iv ලෝකෝත්තරයැ යි සතර වැදෑරුම් වේ.(i) (ඔවුනතුරින්) කාමාවචර කුශලය, සොමනස්ස – උපෙක්ඛා – ඤාණ සඞ්ඛාර භේදයෙන් අටවැදෑරුම් වේ.ඒ මෙසේ යි.
(1). “මම“ක් ලෙස වූ අවිද්‍යාව ප්‍රත්‍යය වීමෙන් තිදොරින්ම අධ්‍යාත්මයෙහි සැප දුක් උපදී,
ඒ කාය සංස්කාරය “මම” සකස් කරයි.
මමක් ප්‍රත්‍යය වීමෙන් සන්තානයෙහි සුව දුක් උපදී,
ඒ කාය සංස්කාරය අනුන්ය යන සඥාවන් රැස් කරයි.
මමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි සුව දුක් පහළවේ,
සම්‍යක් ප්‍රඥාවෙන් ඒ කාය සංස්කාරය රැස්කරයි.
අනුන් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි සැප දුක් පහළවේ,
අසතියෙන් ඒ කාය සංස්කාර රැස් කරයි.
[869:- අවිජ්ජාපච්චයා වා සාමං වා” යනාදියෙහි අනුන් විසින් නොපණවන ලද්දේ තෙමේම පිළියෙල කරන්නේ තමා කාය සංස්කාරය අභිසංස්කරණය කරයි නමි, යම් සංස්කාරයක් අනුන් සමාදන්කරවා අණවා කෙරෙත් ද ඔහුට එම කායසංස්කාරය අනුන් පිළියෙල කෙරෙත් නමි, යමෙක් කුශලය කුශල යයි ද, අකුශලය අකුශල යයි ද කුශල විපාකය කුශල විපාක යයි ද අකුශල විපාකය අකුශල විපාක යයි ද දන්නේ කායද්වාරයෙහි විසිවැදෑරුම් කායසංස්කාරය අභිසංස්කරණය කරයි, මෙතෙම දන්නේ අභිසංස්කරණය කරයි’ නමි, යමෙක් මෙසේ නොදන්නේ අභිසංස්කරණය කරයි ද මෙතෙම ‘නොදන්නේ අභි සංස්කරණය කරයි’ නමි, සෙසු දොරටුවල ද මේ ක්‍රමයමැයි,]
“අවිද්‍යාව ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි සුඛ දුක්ඛ වේදනා පහළවේ, අජ්ජත්ත වාග් සංස්කාර රැස්කරයි. අවිද්‍යාව ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි සුඛ දුක්ඛ වේදනා පහළවේ, අජ්ජත්ත මනෝ සංස්කාර රැස්කරයි.
(2) මහණෙනි, තමන්ගේ චේතනා නිසා නොව අනුන් (ය කියා හිතනා පංච ස්කන්ධ ගොඩවල් වල බලපෑම්) නිසා තමන් වාග් සංස්කාර කරයි. ඒද අවිද්‍යාව ප්‍රත්‍යය වීමෙන්ය. ඉන්ද අධ්‍යාත්මයෙහි සුඛ දුක්ඛ වේදනා පහළවේ,870
[870:- මනොපදොසිකා දෙවිවරු අනුන්ගේ චෙතනා හේතුවෙන් සැවවෙත්, මොවුහු චාතුම්මහාරාජික දෙවියෝමය, ඔවුනතුරින් එක් දිව්‍ය පුත්‍රයෙක් නැතැක් කෙළිමියි පිරිවර සහිතව රථයෙන් වීදියට එළඹෙයි ද ඉක්බිති එහි සිට නික්මෙන වෙනත් දෙවිකෙනෙක් ඉදිරියෙන් යනු ඔහු දැක, “කිම මේ දිළින්දා පෙර නොදිටු විරූවකු මෙන් මෙ දැක ප්‍රීතියෙන් ඉදිමුණෙකු මෙන් ද ගොරවන්නකු මෙන් ද යතැ”යි කිපෙයි, ඉදිරියෙන් යන්නා ද ආපසු හැරී ඒ කිපුණහු දැක කුපිත වූවාහු මනාව දත හැක්කෝ වෙතියි ඔහු කිපුණු බව දැන, “කිපුණු නුඹ මට කුමක් කරන්නෙහිද? මේ සම්පත් මවිසින් දානශීලාදි වශයෙන් ලබන ලදි, නුඹ නිසා නොවේ”යයි පෙරළා කිපෙයි, එකකු කිපුණු විට අනෙක් කිපුණු තැනැත්තේ රකියි, දෙදෙනාම කිපුණු විට එකෙකුගේ ක්‍රෝධය අනෙකාගේ ක්‍රෝධයයට හේතුවෙයි, ඔහුගේ ද ක්‍රෝධය අනෙකාට ප්‍රත්‍යය වේ යයි දෙදෙනා හඬමින් විරොධව සිටියදීම චුතවෙත්, මිනිස්සු තමන්ගේ සංචෙතනා අනුන් නිසා ඇතිවන සංචෙතනා ද හේතුවෙන් මියයත්, ආත්ම සංචෙතනයන්ගේ හා පරසංචේතනයන්ගේ හේතුවෙන් මියයතියි අර්‍ත්‍ථයි, මිනිස්සු කිපී තමා විසින්ම තමාට ආයුධවලින් ද දඬුමුගුරු වලින් ද පහර දෙති. රැහැන් බැඳුම් ආදියෙන් බඳිත්, කඩුවෙන් හිස සිඳිත්, වස විස කති, ප්‍රපාතයන්හි වැටෙත්, දියට වැටෙත්, ගින්නට පිවිසෙත්, අනුන් ද ඔවුන් දඬු මුගුරින් හෝ අවියෙන් හෝ පහරදී මරත්, මෙසේ ඔවුන් දඬු මුගුරින් හෝ අවියෙන් හෝ පහරදී මරත්, මෙසේ ඔවුන් කෙරෙහි ආත්ම සංචෙතනාව ද පරසංචේතනාව ද අතිවෙයි,
(3). සම්පජන්නයෙන් යුතුව කාය සංස්කාර කරයි. හෝ වචනයෙන් වාග් සංස්කාර කරයි. ඒද අවිද්යාවම ප්‍රත්‍යය වීමෙන්ය. ඉන් අධ්‍යාත්මයෙහි සුඛ දුක්ඛ වේදනා පහළවේ,
(4). සම්පජන්නයෙන් තොරව ද, මහණෙනි, කෙනෙක් කාය හෝ වාග් සංස්කාර කරයි. ඒ ද අවිද්යාවම ප්‍රත්‍යය වීමෙන්ය. ඉන් අධ්‍යාත්මයෙහි සුඛ දුක්ඛ වේදනා පහළවේ, 871
[871:- අසම්පජන්න කර්‍මය මෙසේ දතයුතුය:
කුඩාදරුවෝ මාපියන් කළ දෙය තමනුත් කරමැයි චෛත්‍ය වඳිත්, මල් පුදත්, භික්ෂු සංඝයා වඳිත්, කුසලයයි නොදන්නා වූවද ඔවුනට එය කුසලයක්ම වෙයි, එසේම මෘග, පක්‍ෂි ආදී තිරිසන්නුද ධර්‍මය අසති, සංඝයා වඳිති, සෑ වඳිති, මේ පිනකැයි දන්නා වුව ද නොදන්නාවුව ද ඔවුනටද එය කුසලයක්ම වෙයි, කුඩා දරුවෝ මාපියන්ට අත්පාවලින් පහර දෙත්, භික්ෂූන්ට තර්ජනය කරත්, ගල් විසිකරත්, බැණවදිත්, ගව දෙන්නු භික්ෂු සංඝයා ලුහුබඳිත්, බල්ලෝද භික්ෂුන් ලුහු බඳිත්, සපාකත්, සිංහ ව්‍යාඝ්‍රාදීහු ලුහුබඳිත්, දිවිතොර කරත්, ඔවුන් ඒ දන්නේ හෝ නොදන්නේ වුව ද ඔවුනට අකුසල කර්‍මයක් වේයයි දතයුතුය.]
(i). “මමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි සුව දුක් පහළවේ,
ඔහු මනො සංස්කාර රැස්කරයි.
(ii). අනුන් නිසා අධ්‍යාත්මයෙහි මනො සංස්කාරය පහළවේ,
අනුන්නිසා, මනො සංස්කාර රැස්කරයි.
(iii). බාහිර බලපෑම් ප්‍රත්‍යය වීමෙන් සති සම්පජන්ඥව මනො සංස්කාර පහළවේ,
සම්‍යක් ප්‍රඥාවෙන් මනො සංස්කාර රැස්කරයි.
(iv). බාහිර බලපෑම් ප්‍රත්‍යය වීමෙන් අසතියෙන් ඔහු මනො සංස්කාරය රැස්කරයි.872
[872:- දැන් දොරටු තුනෙහි ආයූහන (එක්රැස් වීමේ) චේතනාව එක්කොටගත යුතුය,
කෙසේදයත්?
කායද්වාරයෙහි තමාකළ බව මුල්කොට ඇති චෙතනා විස්සය,
ඇණවීම මුල්කොට ඇති විස්සය,
දැනීම මුල්කොට ඇති විස්සය,
නොදැනීම මුල්කොට ඇති විස්සයයි චෙතනා අසූවක් වෙයි,
වාග්ද්වාරයෙහි එසේමය,
මනොද්වාරයෙහි වනාහි එක් එක් විකල්පයෙහි විසිනවය බැගින් එකසියදහසක් වෙයි,
මෙසේ දොරටුතුනෙහි සියල්ලම දෙසිය සැත්තෑසයක් චෙතනා වෙයි,
ඒ සියල්ලම සංස්කාර ස්කන්ධ යයි පිළිගැනීමට යයි.
එක්ව යෙදුනු විඳවීම් ආකාර ඇති වේදනාස්කන්ධය,
හැඳිනීම් ආකාර ඇති සංඥාස්කන්ධය,
දිත්ත සංඛ්‍යාත විඥානස්කන්ධය
ශරීරය, උපාදාරූප, එයට හේතු වන ධාතු සතර, මහාභූත සතර යන මේ පඤ්චස්කන්ධයෝ දුක්ඛ සත්‍යය නමි,]
“යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ සැප දුක් පහළවේ නම් ,
මේ ධර්‍මයන් අවිද්‍යාව නිසාම හටගත් ඒවාය.
අවිද්‍යාව සම්පුර්ණයෙන්ම නිරුද්‍ධවීමෙන්,
අධ්‍යාත්මයෙහි සැප දුක් නුපදී,
“තත්ථ කතමා අවිජ්ජා?
දුක්ඛේ අඤ්ඤාණං, දුක්ඛ සමුදයේ අඤ්ඤාණං,
දුක්ඛ නිරෝධේ අඤ්ඤාණං,
දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය අඤ්ඤාණං,
අයං වුච්චති අවිජ්ජා”
දුක නො දැනීම ය, දුක් ඇති වීමේ හේතුව නොදැනීමය,
දුඃඛ නිරෝධය නොදැනීමය,
දුඃඛ නිරෝධයට පැමිණිමේ ප්‍රතිපදාව නොදැනීමය යන කරුණු සතර අවිද්‍යාව බව එයින් දැක්විණ.
විද්‍යාව වනාහි ඇති සැටියටම ඇත්ත ස්වභාවය දැනීමය, අවිද්‍යාව යනු විපල්ලාස නිසා වරදවා දැනීමය.
පිදුරු පුරවා සාදු පඹයෙකු දැක එය සැබෑ මිනිසකු වශයෙන් ගැනීම අවිද්‍යාවයි. පෙර භවවල කල කාර්ම වල විපාක ලෙස මෙහි ඇතිව, බතින් ආහාරයෙන් පොශ්යව වැදුණු මේ මාංශ රුපය මමය කියා ගැනීම අවිද්‍යාවයි. LINK]
යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි සුඛ දුක්ඛ උපදීද, ඒ ක්‍රියා කරනා ශරීරය මම නොවේ.
යම් වචනයක් ප්‍රත්‍යයවීමෙන් අධ්‍යාත්මයෙහි සුඛ දුක්ඛ උපදීද, ඒ වචන මගේ නොවෙත්.
යම් සිතුවිල්ලක් ප්‍රත්‍යයවීමෙන් අධ්‍යාත්මයෙහි සුඛ දුක්ඛ උපදීද, ඒ සිත මම නොවේ.
යමක් හේතු කොට ගෙන අධ්‍යාත්මයෙහි සුව දුක් උපදීද, ඒ ක්‍ෂෙත්‍රය නොවේ. ඒ වස්තුව නොවේ. ඒ ආයතනය නොවේ. ඒ ආධාරය නොවේ.”
[ ඛෙත්තං යනාදිය ද කුසලාකුසල කර්‍මයටම නම්ය, එය විපාකය වැඩෙන යන අර්‍ත්‍ථයෙන් ක්ෂෙත්‍රය නමි, පිහිටීම් අරුතින් වස්තුවයි, හේතු අර්‍ත්‍ථයෙන් ආයතනයයි, අධිකරණාර්‍ත්‍ථයෙන් අධිකරණ යයි කියනු ලැබේ.මෙසේ ශාස්තෲන් වහන්සේ මෙපමණ තැනකින් තිදොරෙන් රැස්කරන ලද කර්‍මය දක්වා දැන් ඒ කර්‍මයාගේ පැසවන තැන දැක්වීමට “චත්තාරො මෙ භික්ඛවේ” යනාදිය කීසේක, එහි අත්තභාවපටිලාභා යනු ලබන ලද ආත්මභාවයෝය, අත්තසඤ්චෙතනා කමති යනු තමා විසින් කල්පනා කරන ලද චෙතනාව පවතියි.
කත තෙන දෙවා දට්ඨබ්බා යනු කවරනම් ඒ දෙවිවරු දැකිය යුත්තාහුද යන අර්‍ත්‍ථයි, කුමක්හෙයින් තෙරණුවෝ මේ ප්‍රශ්නය අසත්ද? කි තමා විසින් කීමට නොහැකි වේද යත් හැකිවෙයි, මේ පදය තම ස්වභාවයෙන් බුද්ධවිෂයක ප්‍රශ්නයකැයි තෙරණුවෝ නොකීහ, තෙන දට්ඨබ්බා යනු ඒ අත්බවින් දැක්විය යුතුය, මේ ප්‍රශ්නය යට කාමාවචරයෙහි ද රූපාවචරයෙහි ද ලබයි, භවාග්‍රයෙන් පිරිසිඳ කියන ලද්දේ නිරවශේෂයෙන් කියන ලද්දේ වේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ කියන ලදි,
ආගන්තාරො ඉත්‍ථත්තං යනු පඤ්චස්කක්ධභාවයම වූ ස්ත්‍රීභාවයට පැමිණෙන්නාහු එහි උපදින්නේ ද මත්තෙහි උපදින්නෝ ද නොවෙත් යනුයි, අනාගත්තාරො ඉත්‍ථත්තං යනු මේ ස්කන්ධ පඤ්චකයට නොඑන්නෝ යට උපත් ඇත්තෝ නොවෙති, එහි උපත් ඇත්තෝ හෝ එහිම පිරිනිවන් පාන්නෝ හෝ වෙතියි අර්‍ත්‍ථයි, මෙහිද යටම භවයෙහි උපන්නවුන්ගේ වශයෙන් මත්තෙහි උපන ඇත්තෝ දතයුත්තාහ, භවාග්‍රයෙහි වනාහි මෙය නැත, සෙස්ස සියලු තැන පැහැදිලිමය.
[රීස් ඩේවිස් මැතිනිය PTS දී මෙය වේනම් සුත්රය්සක් ලෙස අඩංගු කර ඇතත්, බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේද, බුරුම පරිවර්තනයේද මෙම කොටස පළමුවැන් සුත්‍රයේම ඊළඟ කොටස ලෙස දැක්වේ. ගරු සොයිසා මහත්මාද පාලි ඉංග්‍රීසි සමාගමේ පරිවර්තනය අනුව මෙය වෙනමම සුත්‍රයක් ලෙස ලෙසේ දක්වයි. මනෝරථපුරණි අටුවාව ද මෙම කොටස පළමු සුත්රයේම කොටසක් ලෙස දක්වමින් පළමු සුත්‍රයේ තුන් දොරින් කාර්ම ඇති කරගන්න ආකාරය දැක්වෙන බවත්, මෙතන සිට විපාක දීම පිණිස කර්මය මේරීම සිදුවන ආකාරය අත්ථභාව පටිලාභය යටතේ උගන්වා අදාළ සැටි බවය. ]
[873:- මෙහි අත්‍ථ පටිසම්භිදා යනු පස්වැදෑරුම් අර්‍ත්‍ථයන්හි ප්‍රභෙදගත වූ ඥානයයි, ඔදිසො යනු කරුණු වශයෙනි, ඛ්‍යංජනසො යන අකුරු වශයෙනි, අනෙකපරියායෙන යනු නොයෙක් කාරණයන්ගෙනි, ආචික්ඛාමි යනු කියමියි, දෙසෙමි යනු ප්‍රකටකොට කියමියි, පඤ්ඤාපෙමි යනු දන්වමියි, පට්ඨපෙමි යනු පිහිටුවා පවත්වා කියමියි විවරාමි යන විවෘතකොට කියමියි, විභජාමි යනු බෙදා බෙදා කියමියි, උත්තානීකරොමි යනු නොගැඹුරුවූවක් තැනිතලාවූවක් (පැහැදිලිවූවක්) කොට කියමි, සො මං පඤ්හෙන යනු හෙතෙම මා වෙත ප්‍රශ්නයෙන් එළඹේවායි, අහං ව්‍යාකරණෙන යනු මම ඔහුගේ ප්‍රශ්න නිරවුල් කිරීමේ කථාවෙන් සිත සතුටු කරන්නෙමියි, යො නො ධම්මානං සුකුසලො යනු යමෙක් අප අවබෝධ කළ ධර්‍මයන් පිළිබඳ අතිදක්ෂයෙක් වේද ඒ ශාස්තෲන් වහන්සේ හමුවූ සේක, ඉදින් අප විසින් අර්‍ත්‍ථ පටිසම්භිදා ප්‍රත්‍යක්‍ෂ නොකරන ලද්දේනම්, සාරිපුත්‍රය, (ඔවුන්ට) ප්‍රත්‍යක්ෂ කරවයි පවසා මා වළක්වන්නාහු යයි ශාස්තෲන් වහන්සේගේ ඉදිරියෙහි හුන්නේම සිංහනාද කරයි. මේ අයුරින් සියලු තන්හි අර්‍ත්‍ථය දතයුතුය, මේ පටිසම්භිදාවන් අතුරින් පටිසම්භිදා තුනක් ලෞකිකය, අර්‍ත්‍ථපටිසම්භිදාව ලෞකික ලෝකෝත්තරය.]
§1. “මහණෙනි,
උපදින සත්වයා චේතනා ඇතිකරන ආකාර (අත්තලාභ පටිලාභ) සතරෙකි.
කවර සතරක්ද යත්.
(a). මහණෙනි, තමාම උපදවා ගන්නා චේතනාවෙන්ය.
(b). අනුන් කරන කියන දේ නිසා තමා තුල ඇතිවන චේතනාවන්ය.
(c). තමන් විසින් හා අනුන් කරන කියන දේ නිසා යන දෙකම නිසා ඇතිවන චේතනාය.
(d). තමන් ගේද නොවන, අනුන් නිසාද නොවන චේතනාය.
යන , මේ සතර ආත්ම පටිලාභයෝයි.
§2 . මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය .
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් වදාරණ ලද ම ධර්මයේ විස්තර වශයෙන් අර්ත්‍ථය මෙසේ දනිමි” යි කීයේය.
[a]“ස්වාමීනි,
යම් අත්ත ප්‍රතිලාභයෙක්හි තමාගේම ඇතිවන චේතනා නිසා ක්‍රියාත්මක වෙනවා මිස පිටස්තර යමෙක්ගේ ක්‍රියාවන් බල නොපාන වෙතනා නිසා සමහර සත්වයන් සිය භවයෙන් චුත වෙයි.874
[874:- අත්ත සඤ්චෙතනා හෙතු තෙසං සත්තානං තම්හා කායා වූතී හොති යනාදියෙහි කිච්චාප දොසික දෙවිවරු තමන්ගේ සංචෙතනා හේතුවෙන් චුතවෙත්, නඳුනුයන චිත්තලතා වන ඵාරුසකවනාදියෙහි දිව්‍යරතියෙන් පිණවී ක්‍රීඩා කරන්නා වූ ඔවුනට කෑම බීම් අමතකවීම් නිසා ඔවුහු අහර නැතිවීමෙන් අවුවෙහි දැමු මල්දමක් මෙන් මැලවෙත්, දේව බවයෙන් චුත වෙති.]
[b]. “ස්වාමීනි, තමාගේම සන්තානයේ ඇතිවන චේතනා නිසා නොව පිටස්තරයකුගේ ක්‍රියාවන් බලපා ඇතිවන වෙතනා නිසා යම් ආත්මභාව ප්‍රතිලාභයක් වේ., තමා ගැනද සිතයිද, අනුන් ගැනද සිතයිද, තමා ගැනද, අනුන් ගැනද සිතීම් හේතුවෙන් ඒ සත්ත්‍වයන් ඒ ශරීරයෙන් චුතවේ. ස්වාමීනි, එහි යම් මේ ආත්මභාව ප්‍රතිලාභයක් වේද, යම් ආත්මභාව ප්‍රතිලාභයෙක්හි තමා ගැනද නොසිතයිද, අනුන් ගැනද නොසිතයිද, එයින් කවර දෙවි කෙනෙක් දතයුත්තාහුද?” “ශාරීපුත්‍රය, ඉන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි දෙවියෝ දත යුත්තාහ.”
[c]. “ස්වාමීනි, ඇතැම් සත්ත්‍වයෝ ඒ ශරීරයෙන් චුතව, මේ ආත්මභාවයට එන සුළු ආගාමී පුද්ගලයෝ වෙත්ද, ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද?
[d]. “ස්වාමීනි, ඇතැම් සත්ත්‍වයෝ ඒ ශරීරයෙන් චුතවූවාහු, මේ ආත්මභාවයට යලි නොඑන සුළු (අනාගාමී) පුද්ගලයෝ වෙත්.
ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද?
[ආගාමි: 2. ‘, – හැරී එන්නේ ආගාමී නම් වේ. ඔහුගේ (හැරී එන්නහු ගේ) මාර්ග චිත්තය යි. මේ සෝතාපන්න මාර්ග චිත්තය ලැබූ පුද්ගලයා මේ මාර්ග චිත්තය ලබන්නේ අන්‍ධකාර ගෘහයෙක තුබූ දීප්තිමත් ස්වර්ණ භාජනයක් විදුලි එළියෙන් දක්නා සේ නිර්වාණය දකින්නේ ය.]
“ශාරී පුත්‍රය,
මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට කාමධාතුව භජනය කරණ (බැමි) ඕරම්භාගිය සංයෝජන මුළුමනින්ම ප්‍රහීන නොවූනේද, හෙතෙම මේ ආත්ම භාවයෙහිම නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. හෙතෙම එය ආස්වාදය කරයි. එයට කැමති වෙයි. ඉන් තෘප්තියට පැමිණෙයි.
[ඕරම්භාගිය සංයෝජන පසකි. කවර පසක් ද යත්; (1) පටිඝ සංයෝජනය. (2). සක්කාය දිට්ඨි සංයෝජනය. (3). විචිකිච්ඡා සංයෝජනය. (4). සීලබ්බත පරාමාස සංයෝජනය. (5). කාමරාග සංයෝජනය. යන පසය. මේ සංයෝජන හීන කලත් සම්පුර්ණයෙන්ම සිඳලීම පහසු නොවේ.]
ඔහු එහි සිටියේ, ඊට බැසගත්තේ, එයට නිතොර නිතොර එළඹෙන්නේ එනම් බහුල වශයෙන් කරන්නේ, එම ධ්‍යානයෙන් නොපිරිහේ., ඔහු මේ ජීවිතය නිමවී මරණයෙන් පසු , නෙවසඤ්ඤා- නාසඤ්ඤායතනට අයත් දෙවියන් අතර උපදියි. හෙතෙම කවදා හෝ ඉන් චුතවූයේ, මේ ආත්මයට එන සුළු (ආගාමී) පුද්ගලයෙක් වේ.
“ශාරීපුත්‍රය,
ඇතැම් පුද්ගලයෙකු කාම ලෝකයට අයත් සංයෝජන ප්‍රහීන කරගත් පසු මෙලොවම නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. හෙතෙම එය ආස්වාද කරයි. එය කැමති වෙයි. ඉන් තෘප්තියට පැමිණෙයි. එහි සිටියේ, ඊට බැසගත්තේ, එහි බහුල වශයෙන් වසන්නේ, නොපිරිහුනේ, කළුරිය කල පසු, නෙවසඤ්ඤා නාසඤ්ඤායතනට අයත් දෙවියන් අතර පහල වෙයි. හෙතෙම ඉන් චුතවූ පසුද , මේ ආත්මයට නොඑන සුළු (අනාගාමී) පුද්ගලයෙක් වේ.
ශාරීපුත්‍රය, ඇතැම් සත්ත්‍වයෝ, ඒ සත්ත්‍ව සමූහයෙන් වුතවූවාහු, මේ ආත්මයට එන සුළු ආගාමී පුද්ගලයෝ වේද, මේ ඊට හේතුවයි. මේ ඊට ප්‍රත්‍යයයි.
යම් සත්ත්‍වයෝ චුතවූවාහු මේ ආත්මයට යලි නොඑන අනාගාමීහු වෙත්ද, ශාරීපුත්‍රය, මේ ඊට හේතුය. මේ ඊට ප්‍රත්‍යයයි.”
[874 :-පටිසම්භිදානං මග්ගොති තන්නාම විසෙසිතොච යනුවෙන් කියන ලද හෙයින් ප්‍රතිසම්භිදා මාර්ගයාගේ, ප්‍රතිසම්භිදා මාර්ගතාවය පළමුකොට කිවයුතුය. ප්‍රතිසම්භිදා සතරක් වන්නේය. අර්ථ ප්‍රතිසම්භිදා, ධර්ම ප්‍රතිසම්භිදා, නිරුක්ති ප්‍රතිසම්භිදා, ප්‍රතිභාන ප්‍රතිසම්භිදා යනු ඒවා වෙති. ඒ ප්‍රතිසම්භිදාවන්ගේ මාර්ගය නවලොව්තුරු දහමයයි කියනු ලබන අධිගමයට උපාය මාර්ගය වේනුයි ප්‍රතිසම්භිදා මාර්ග නම් වේ. ප්‍රතිසම්භිදා ලැබීමට හේතුවේයයි කියන ලදි. කෙසේ මෙය ඒවාට පැමිණීමේ මාර්ගය වේද යත්? විවිධාකාරයෙන් දේශනා කරන ලද දේශනාවන්ගේ ප්‍රතිසම්භිදා ඥානය ගෙන එන බැවිනි. නොයෙක් කොටස්වලට කැඩුණු ධර්මයන්ගේ නොයෙක් කොටස්වලට කැඩුණු දේශනා අසන ආර්ය පුද්ගලයන්ට ප්‍රතිසම්භිදා ඥාන ප්‍රභේද (කොටස්) හැඳින ගැනීමට හැකිවෙයි. පෘථග්ජනයින්ට මතු මත්තෙහි ප්‍රතිසම්භිදා ඥාන විශේෂ ලබාගැනීමට උපකාරී වේ. කියන ලද්දේද වේ. ප්‍රභේද වශයෙන් වනාහි එකට ඝනව ඇති දෑ වෙන්කොට දක්වන දේශනාව ප්‍රතිසම්භිදා ඥාන ගෙන එන්නේ වෙයි. (උපදවයි). මෙයද නොයෙක් ආකාර බිඳුම්වලින් බිඳී ඇති දේශනාවකි. එහෙයින් මෙය ඒ ප්‍රතිසම්භිදාවන්ගේ මාර්ග සිද්ධියට අදාළ වර්ණනයකි]
[ පටිසම්භිදා යනු ප්‍රභේදයි. වෙන් කිරීමයි. එහි අර්ථයෙහි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි. ධර්මයෙහි ඤාණය ධර්ම ප්‍රතිසම්භිදාවයි. අර්ථ, ව්‍යාකරණ කී මෙහි (දැනීමෙහි) ඤාණය නිරුක්ති ප්‍රතිසම්භිදාවයි. ඤාණයන්හි ඤාණය ප්‍රතිභාන ප්‍රතිසම්භිදාවයයි කියන ලද හෙයින් වෙන අන් කිසිවක ප්‍රභේදයක් නොව මේ ඤාණයෙහිම ප්‍රභේදයි. ]
§ 1. “එකල්හි ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, “ඇවැත්නි, මහණෙනි’ යි භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු, ‘ඇවැත්නි’ යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, මෙසේ දේසනා කල සේක.
“ඇවැත්නි,
උපසම්පදාවෙන් අඩමසක් ඉක්ම ගිය අවදියේ මා විසින් “අර් ථ ප්‍රතිසම්භිදාව“කොටස් වශයෙන්, ව්‍යඤ්ජන වශයෙන්875 , ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දෙමි.
[875:- දුකෙහි දැනුම අර්ථ ප්‍රතිසම්භිදාවයි. දුක හට ගැනුමෙහි ඤාණය (දැනුම) ධර්ම ප්‍රතිසම්භිදාවයි. දුක නිරුද්ධ කිරීමෙහි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි. දුක නිරුද්ධ කිරීමට පමුණුවන ප්‍රතිපදා ඤාණය ධර්ම ප්‍රතිසම්භිදාවයි. හේතුවෙහි ඤාණය ධර්ම ප්‍රතිසම්භිදාවයි. හේතුවෙහි හා ඵලයෙහි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි. එහෙයින් සතර ප්‍රතිසම්භිදා යනු ඤාණයන්ගේ සතරාකාර ප්‍රභේදයෝය යනු තේරුමයි. අර්ථයෙහි ප්‍රභේද සිතා බැලීම විශේෂයෙන් සලකා බැලීම, වෙන්කොට තේරුම් ගැනීමට දක්ෂ වූ අර්ථයෙහි ප්‍රභේදගත ඤාණය අත්‍ථ පටිසම්භිදා යි.
[ඔදීසෝ ව්‍යන්ජනන්සෝ අත්‍ථපටිසම්භිදා යනු පස්වැදෑරුම් අර්‍ත්‍ථයන්හි ප්‍රභෙදගත වූ ඥානයයි, ඔදිසො යනු කරුණු වශයෙනි, ඛ්‍යංජනසො යන අකුරු වශයෙනි, ]
එය මම නොයෙක් අයුරින් ප්‍රකාශ කරමි. දේශනා කරමි. පනවමි. තබමි. විවරණය කරමි. බෙදමි. පහසු කරවමි. යමෙකුට සැකයක් හෝ වටහාගන්නට අපහසු වන්නේද, මගෙන් ප්‍රශ්න කළහොත්, මම ඒ විසඳා දෙන්නෙමි. පැහැදිලි කර දෙන්නෙමි. මේ ධර්මය අපට විවර කර දුන්නාවූ අපගේ ශාස්තෘවරයන් වහන්සේ සමීපයෙහි වැඩ සිට්න සේක.876
[876:- යො නො ධම්මානං සුකුසලො යනු යමෙක් අප අවබෝධ කළ ධර්‍මයන් පිළිබඳ අතිදක්ෂයෙක් වේ ද ඒ ශාස්තෲන් වහන්සේ හමුවූ සේක, ඉදින් අප විසින් අර්‍ත්‍ථ පටිසම්භිදා ප්‍රත්‍යක්‍ෂ නොකරන ලද්දේනම්, “සාරිපුත්‍රය, (ඔවුන්ට) ප්‍රත්‍යක්ෂ කරවයි පවසා මා වළක්වන්නාහු ය”යි ශාස්තෲන් වහන්සේගේ ඉදිරියෙහි හුන්නේම සිංහනාද කරයි. මේ පටිසම්භිදාවන් අතුරින් පටිසම්භිදා තුනක් ලෞකිකය, අර්‍ත්‍ථපටිසම්භිදාව ලෞකික ලෝකෝත්තරය.]
“ඇවැත්නි,
උපසම්පදාවෙන් අඩමසක් ඉක්ම ගිය අවදියේ මා විසින් ධර්ම ප්‍රතිසම්භිදාව කොටස් වශයෙන්, ව්‍යඤ්ජන වශයෙන්, ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දෙමි.
[ ධම්මපටිසම්භිදා :-ධර්මයෙහි ප්‍රභේද සිතා බැලීම විශේෂයෙන් සලකා බැලීම වෙන්කොට තේරුම් ගැනීමට දක්ෂ වූ ධර්මයෙහි ප්‍රභේදගත ඤාණය ධම්ම පටිසම්භිදා යි. ධම්මො යනු සංක්‍ෂේපයෙන් ප්‍රත්‍යයයි. එය වනාහි ඒ ඒ දෙය නියම කරයිද පවත්වයිද පමුණුවයිද එහෙයින් ධර්මයයි කියනු ලැබේ. ප්‍රභේද වශයෙන් වනාහි, ඵලය නිපදවන හේතුව ද, ආර්ය මාර්ගය ද, බුද්ධ දේශනාව ද කුසලය ද, අකුසලය ද යන මේ කරුණු පහ ධර්මයයි දතයුතුය.
යම් ධර්ම කෙනෙක් උපන්නේද, ඇතිවීද, හටගත්තේද, උපන්නේද, විශේෂයෙන් උපන්නේද, පහළ වූයේද මේ ස්වභාවයන්හි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදා නමි. යම් ස්වභාවයකින් ඒ ස්වභාවයන් උපන්නේද, ඇතිවීද, හටගත්තේද, උපන්නේද, විශේෂයෙන් හටගත්තේද, පහළවූයේද, ඒ ස්වභාවයන්හි ඤාණය ධර්මප්‍රතිසම්භිදාවයි. ඒ ධර්මය මෙනෙහි කරන්නහුට ඒ ධර්මයෙහි ප්‍රභේදගත ඤාණය ධර්ම ප්‍රතිසම්භිදා නම් වේ. අභිධර්මයෙහිද මෙම අර්ථයම වේ,
ජරාමරණ පිළිබඳ දැනුම අර්ථ ප්‍රතිසම්භිදාවයි. ජරාමරණ නැති කිරීමෙහි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි. ජරාමරණ නිරුද්ධ කිරීමට පමුණුවන ප්‍රතිපදාවෙහි ඤාණය ධර්ම ප්‍රතිසම්භිදාවයි.
උපතෙහි ඤාණය -පෙ- භවයෙහි ඤාණය -පෙ- දැඩිව ගැනීමෙහි ඤාණය -පෙ- ස්පර්ශයෙහි ඤාණය -පෙ- ආයතන සයෙහි ඤාණය -පෙ- නාමය හා රූපයෙහි ඤාණය -පෙ- විඤ්ඤාණයෙහි ඤාණය -පෙ- සංස්කාරයන්හි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි. සංස්කාර හටගැනීමෙහි ඤාණය ධර්ම ප්‍රතිසම්භිදාවයි. සංස්කාර නිරෝධයෙහි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි. සංස්කාර නිරෝධයට පමුණුවන ප්‍රතිපදාවෙහි ඤාණය ධර්මප්‍රතිසම්භිදාවයි.
මේ සස්නෙහි භික්‍ෂුව, සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භුතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෲ ශාසනයට අයත් ධර්මය දනීද? මෙය ධර්ම ප්‍රතිපදාවයැයි කියනු ලැබේ. (යුසේපි) හෙතෙම ඒ ඒ කියන ලද්දෙහි අර්ථය මේ මෙම කියන ලද්දෙහි අර්ථයය, මේ, මෙම කියන ලද්දෙහි අර්ථය යැයි අර්ථ දනීද මෙය අර්ථ ප්‍රතිසම්භිදාව යැය කියනු ලැබේ.
සල්දම් කවරහුද? යම් වෙලාවක සොම්නස් සහගත ඤාණ සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිතක් උපන්නේ වේද, එය රූපයක් අරමුණුකොට හෝ වේද? -පෙ- ධර්මයක් අරමුණුකොට හෝ වේද? යම් යම් දැයක් අරමුණුකොට එසමයෙහි ස්පර්ශයෙක් වේද? -පෙ- අවික්‍ෂේපයක් වේද මෙම ධර්ම කුසල්යයි දනීද? මෙම ධර්මයන්හි ඤාණය ධර්ම ප්‍රතිසම්භිදාවයි. ඒවාහි විපාකයෙහි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි. ආදී ක්‍රමයෙන් විස්තර වශයෙන් බෙදා බෙදා දක්වන ලදි.
අත්‍ථධම්මනිරුත්තාභිලාපෙඤාණං’ යනු එම අර්ථයෙහිද, ධර්මයෙහිද යම් ස්වභාව නිරුක්තියක් අවිශේෂ ව්‍යවහාරයක් වේද, එහි අභිලාසයෙහි, භාෂණයෙහි, උදීරණයෙහි, එම ලිපිනය, භාෂිතය, උදීරිතය ස්වභාව නිරුක්ති ශබ්දය අරමුණුකොට, ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහුට එම ස්වභාව නිරුක්ති අභිලාෂයෙහි නිරුක්තිය යයිද, මෙසේ එම ධර්ම නිරුක්ති සංඥීතාවයෙන්, ස්වභාව නිරුක්තියෙහි, සියලු සත්ත්වයින්ගේ මුල් භාෂාව වූ මාගධියෙහි ප්‍රභේදගත ඤාණය නිරුක්ති ප්‍රතිසම්භිදාවයි. මෙසේ මේ නිරුක්ති ප්‍රතිසම්භිදාව ශබ්දයක් අරමුණු කොට හටගත්තේ වෙයි. ප්‍රඥප්තියක් අරමුණුකොට නොවේ. කුමක් හෙයින්ද යත්? ශබ්දයක් ශ්‍රවණය අසා මෙය ස්වභාව නිරුක්තියයිද, මෙය ස්වභාවික (උචිත) නිරුක්තිය නොවේයයි දැනගනීද, ප්‍රතිසම්භිදා ප්‍රාප්තවූවහු ඵස්සො යන වචනය කී කල්හි මෙය ස්වභාව නිරුක්තිය යයි දැනගනීද ඵස්ස හෝ ඵස්සන්ති යයි කී කල්හි මෙය ස්වභාවික නිරුක්තිය නොවේ යයි දැනගනීද වේදනාදී ශබ්දයන්හිද එසේමැයි. මෙහි විශේෂයක් නම් සමහරු නාම ආඛ්‍යාත උපසර්ග නිපාත ව්‍යංජනාක්‍ෂරාදී ශබ්ද දන්නාහු හෝ නොදන්නාහු වෙති. යම් වේලාවක සිට ශබ්දයක් අසා මෙය ස්වභාව නිරුක්තිය යයිද මෙය ස්වභාව නිරුක්තියක් නොවේයයි දැනගනීද, එතැන් සිට ඔහු එය තේරුම්ගෙන මෙය ප්‍රතිසම්භිදා කෘත්‍යයක් නොවේයයි ප්‍රතික්‍ෂේප කොට භාෂාව සත්ත්වයෝ ඉගෙන ගනිත් යයි කියා පහත දැක්වෙන කරුණු ඉදිරිපත් කරයි. මව්පියවරු ළමයින් ළදරු වියෙහිදී ඇඳෙහි හෝ පුටුවෙහි හොවවා (හිටුවා) යම් යම් දේ කියන කල්හි ඒ ඒ කටයුතු කරති. දරුවෝ ඔවුන්ගේ ඒ කියමන් අසා මේ වචනයෙන් කියන ලද්දේ වෙයි. මේ වචනයෙන් කියන ලද්දේ මෙයයි කරුණු තේරුම් ගනිති. කල් යත් යත්ම සියලුම භාෂාව දැනගනියි. මව දෙමළය, පියා ආන්ද්‍ර යයි ඔවුන්ට උපන් දරුවා ඉදින් ප්‍රථමයෙන් මවගේ කථා ශ්‍රවණය කරයිද එවිට දෙමළ බස කථා කරන්නේය. පියාගේ කථා කිරීම පළමුව ශ්‍රවණය කරයිද ආන්ද්‍ර භාෂාව කථා කරන්නේය. දෙදෙනාගේම කථා ශ්‍රවණය නොලදහොත් මාගධී භාෂාව කථා කරන්නේය.
කථාකරන අන් කිසිවකු නොමැති ගමක් නුවූ මහා කැලයක යම් පුද්ගලයෙක් උපන්නේ වේද? ඔහුද ඔහුට උපතින් ලද ශක්තිය තුළින් වචන උපදවන්නේ මාගධී භාෂාවම කථා කරන්නේය. නිරයෙහි තිරිසන් යෝනියෙහි, ප්‍රේත ලෝකයෙහි, මිනිස්ලොව, දෙව්ලොව යන හැමතැනම මාගධී භාෂාවම උසස්ව පවතී. එහි අනෙක් අශිෂ්ටගොත්‍රික වැදි ආන්ද්‍රදෙශික, මුස්ලිම්, දෙමළ ආදි භාෂා කලින් කල වෙනස් වේ. බ්‍රහ්මයින් ආර්යයන් වැනි ශ්‍රේෂ්ඨ ගණයේ භාෂාව මාගධී භාෂාවයි. බුදුරජාණන් වහන්සේද ත්‍රිපිටක බුද්ධ වචනය පෙළට නගන්නේ මාගධී භාෂාවටම නැගූ සේක. කුමක් හෙයින්ද යත්? මෙසේ වූ විට තේරුම ගෙනහැර දැක්වීම පහසුයි. ප්‍රතිසම්භිදා පත් උතුමන්ට මාගධී භාෂාවෙන් පෙළට නැගූ ධර්මයෙහි අවබෝධ ප්‍රමාදය කණෙන්‍ද්‍රියට පැමිණීම පමණි. කණෙහි ගැටුණු සැණින් සියක් නයින් දහසක් නයින් (ක්‍රමයෙන්) අර්ථය වැටහෙයි. වෙනත් භාෂාවකින් පෙළට නැගූ බුදුදහම පෙළ පෙළා (අති දුෂ්කරව) ඉගෙනගත යුතු වෙයි. බොහෝකොට උගත් නමුදු පෘථග්ජනයින්ට ප්‍රතිසම්භිදා ප්‍රාප්තියක් නම් නැත. ප්‍රතිසම්භිදාවට නොපැමිණි ආර්ය ශ්‍රාවකයෙක් නම් නැත.]
එය මම නොයෙක් අයුරින් ප්‍රකාශ කරමි. දේශනා කරමි. පනවමි. තබමි. විවරණය කරමි. බෙදමි. පහසු කරවමි. යමෙකුට සැකයක් හෝ වටහාගන්නට අපහසු වන්නේද, මගෙන් ප්‍රශ්න කළහොත්, මම ඒ විසඳා දෙන්නෙමි. පැහැදිලි කර දෙන්නෙමි. මේ ධර්මය අපට විවර කර දුන්නාවූ අපගේ ශාස්තෘවරයන් වහන්සේ සමීපයෙහි වැඩ සිට්න සේක…..
“ඇවැත්නි,
උපසම්පදාවෙන් අඩමසක් ඉක්ම ගිය අවදියේ මා විසින් නිරුත්ති ප්‍රතිසම්භිදාව කොටස් වශයෙන්, ව්‍යඤ්ජන වශයෙන්, ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දෙමි.
[ නිරුක්ති ප්‍රභේදයන්හි ප්‍රභේද සිතා බැලීම, විශේෂයෙන් සලකා බැලීම වෙන්කොට තේරුම් ගැනීමට දක්ෂ වූ නිරුක්තියෙහි ප්‍රභේදගත ඤාණය නිරුත්ති පටිසම්භිදා යි ]
එය මම නොයෙක් අයුරින් ප්‍රකාශ කරමි. දේශනා කරමි. පනවමි. තබමි. විවරණය කරමි. බෙදමි. පහසු කරවමි. යමෙකුට සැකයක් හෝ වටහාගන්නට අපහසු වන්නේද, මගෙන් ප්‍රශ්න කළහොත්, මම ඒ විසඳා දෙන්නෙමි. පැහැදිලි කර දෙන්නෙමි. මේ ධර්මය අපට විවර කර දුන්නාවූ අපගේ ශාස්තෘවරයන් වහන්සේ සමීපයෙහි වැඩ සිට්න සේක
“ඇවැත්නි,
උපසම්පදාවෙන් අඩමසක් ඉක්ම ගිය අවදියේ මා විසින් පටිභාන ප්‍රතිසම්භිදාව කොටස් වශයෙන්, ව්‍යඤ්ජන වශයෙන්, ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දෙමි.
[ පටිභාන පටිසම්භිදා :-වැටහීම් ප්‍රභේදයන්හි ප්‍රභේද සිතා බැලීම, විශේෂයෙන් සලකා බැලීම වෙන්කොට තේරුම් ගැනීමට දක්ෂ වූ ඤාණය පටිභාන පටිසම්භිදා යි.
ඤාණෙසු ඤාණං යනු හැමතැන නුවණ අරමුණුකොට සිහි කරන්නහුට ඒ ඤාණයෙහි ප්‍රභේදගත ඤාණය කියන ලද ත්‍රිවිධ ඤාණයන්හි ගෝචර කෘත්‍ය ආදි වශයෙන් විස්තර කරන ලද ඤාණය ප්‍රතිභාන ප්‍රතිසම්භිදාවයි.
එය මම නොයෙක් අයුරින් ප්‍රකාශ කරමි. දේශනා කරමි. පනවමි. තබමි. විවරණය කරමි. බෙදමි. පහසු කරවමි. යමෙකුට සැකයක් හෝ වටහාගන්නට අපහසු වන්නේද, මගෙන් ප්‍රශ්න කළහොත්, මම ඒ විසඳා දෙන්නෙමි. පැහැදිලි කර දෙන්නෙමි. මේ ධර්මය අපට විවර කර දුන්නාවූ අපගේ ශාස්තෘවරයන් වහන්සේ සමීපයෙහි වැඩ සිට්න සේක .
[මේ සතර ප්‍රතිසම්භිදා දෙතැනකදී ප්‍රභේදයකට (වෙන් කිරීමට) නයයි කරුණු පසකින් (5) ප්‍රකට වේ යයි දතයුතුය.
කවර දෙතැනක ප්‍රභේදයට යයිද?
ශෛක්‍ෂ්‍ය, අශෛක්‍ෂ්‍ය වශයෙනි.
එහි, සැරියුත් මහමුගලන්, මහාකාශ්‍යප, මහා කච්චායන, මහාකොට්ඨිත ආදී අසූමහා ශ්‍රාවකයන්ගේ ප්‍රතිසම්භිදා ප්‍රාප්තිය අශෛක්‍ෂ්‍ය භූමියෙහි වූයේ යයි වර්ග කළහැකිය. අනඳ තෙරුන්, චිත්‍ර ගෘහපති, ධම්මික උපාසක, උපාලි ගෘහපති, ඛුජ්ජුත්තරා උපාසිකාව යන මොවුන්ගේ ප්‍රතිසම්භිදා ප්‍රාප්තිය ශෛක්‍ෂ්‍ය භූමියේ වූයේ යයි වර්ග කළ හැකිය. මෙම භූමි දෙක අනුව කොටස් දෙකකට යයි. (ගණන් ගැනේ).
කවර කරුණු පහකින් (5) ප්‍රකට වෙයිද? අවබෝධයෙන් පර්ය්‍යාප්තියෙන්, ශ්‍රවණයෙන්, (විමසීමෙන්) විචාරීමෙන් කලින් යෙදීමෙන්. එහි අධිගම නම් රහත් බවට පැමිණීමයි. රහත්භාවයට පැමිණියහුට ප්‍රතිසම්භිදා ප්‍රකට වේ. පරියත්ති නමි. බුදුවදන්ය. එය ඉගෙන ගන්නහුට ප්‍රතිසම්භිදා ප්‍රකට වේ. ශ්‍රවණ නම් සද්ධර්මශ්‍රවණයයි. සකස්ව සිත එකඟකොට ධර්මය අසන්නාට ප්‍රතිසම්භිදා ප්‍රකට වේ. විචාරීම නම් පාලි අටුවාවන්හි ගැටපද, පදාර්ථ විනිශ්චය කථා ඉගෙනගත් පාලි ආදී භාෂාවන්හි අර්ථය විමසන්නහුට ප්‍රතිසම්භිදා ප්‍රකට වේ. පූර්වයෝග යනු පෙර බුදුවරුන්ගේ ශාසනයන්හි, යෝගාවචරතාවයෙන්, ඉදිරියට යාම, ආපසු ඒම ආදී ස්වභාවයෙන් අනුලෝමය දක්වා ගෝත්‍රභූ සමීපයට පැමිණි විදර්ශනා භාවනාවන්හි යෙදීම පූර්වයෝගාවචරයන් හට ප්‍රතිසම්භිදා ප්‍රකට වේ. මේ කරුණු පහෙන් (5) ප්‍රකට වේ…
මෙම කරුණු අතර, උගතයුතු ධර්මය, ශ්‍රවණය, විමසීම යන කරුණු තුන ප්‍රභේදය සඳහා බලවත්ය. පූර්වයෝගය අධිගමයට බලවත් හේතුවකි. ඉහත කරුණු තුනට (3) හේතුවේද නොවේද, හේතු වේ. පර්යාප්තිය (ධර්මය ඉගෙනීම) ශ්‍රවණය, විමසීම යන මේවා පෙර ආත්මයන්හි වූයේ හෝ නොවූයේ හෝ වේවා පූර්වයෝගයෙන්ද මේ ආත්මයෙහි සංස්කාරයන්ගේ උත්පාද භංග ඨිති මෙනෙහි කිරීමකින් තොරව ප්‍රතිසම්භිදාවක් නම් නොමැත. මෙම දෙකම එකට එකතුව උපකාර ලබා ප්‍රතිසම්භිදා ප්‍රකට කෙරේ. සමහරු මෙසේ කීහ.
පුබ්බයොගො බාහුසච්චං – දෙසභාසාච ආගමො,
පරිපුච්ඡා අධිගමො – ගරු සන්නිස්සයො තථා,
මිත්ත සම්පත්ති චෙවාති – පටිසම්භිද පච්චයා.
වුත්තං, වුත්තංහෙතං, වුත්තානි කියන ලදි. එය කියන ලද්දේමය. කියන ලදහ. කෙටි යෙදුම:- යූසේයි.
පූර්වයෝගය, බහුශ්‍රැත බව, දේශභාෂාව, ආගම විචෑරීම, අධිගමය, ගුරුන් ඇසුරු කිරීම, මිත්‍ර සම්පත්තිය හා මේවා ප්‍රතිසම්භිදාවට හේතුවේ. එහි පූර්වයෝගය කියන ලද පරිදිය. බහුශ්‍රැත බව නම් ඒ ඒ ශාස්ත්‍රයන්හිද, ශිල්පයන්හිද දක්‍ෂතාවයයි. දේසභාෂා නම් එක්සියයක් භාෂාවන් හැසිරවීමේ දක්‍ෂතාවයයි. විශේෂයෙන් මාගධී භාෂාවේ දක්‍ෂතාවයයි. ආගම නම් යටත් පිරිසෙයින් බුද්ධදේශනාවේ ඕපම්ම වර්ගය පමණක්වත් මනාව අධ්‍යයනය කිරීමය. පරිපුච්ඡා නම් එක් ගාථාවක හෝ අර්ථ විනිශ්චය විචාරීමය. අධිගම නම් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන සතරමග සතරඵල වේ. ගරු සන්නස්සය නම් ඇසූපිරූ තැන් බහුල (උගත් ප්‍රඥාවත්) ගුරුවරුන්ගේ ළඟ වාසය කිරීමයි. මිත්‍ර සම්පත්ති යනු එබඳුම වූ මිත්‍රයින්ගේ ලැබීමයි.
එහි බුදුරුවද, පසේබුදුවරුද, පූර්වයෝගයත්, අධිගමයත් නිසා ප්‍රතිසම්භිදාවන්ට පැමිණෙත්. ශ්‍රාවකයෝ ඉහත සඳහන් සෑම කරුණුය. ප්‍රතිසම්භිදාවන්ට පැමිණීමෙහිලා වෙන වෙන කර්මස්ථාන භාවනාවන්හි යෙදීමක් නම් නැත. ශෛක්‍ෂ්‍යයන්ට ශෛක්‍ෂ්‍ය ඵල විමුක්ති අන්තයෙහිද, අශෛක්‍ෂ්‍යයන්ට අශෛක්‍ෂ්‍ය ඵල විමුක්ති අන්තයෙහිද ප්‍රතිසම්භිදා ප්‍රාප්තිය වේ. බුදුවරුන්ට දසබලයන් මෙන් ආර්යයන්ට ආර්ය ඵලයෙහිදීම ප්‍රතිසම්භිදා ප්‍රාප්තිය සිදුවේ. මේ සතර ප්‍රතිසම්භිදාවන්ගේ මාර්ග යනුයි = ප්‍රතිසම්භිදා මාර්ග නම් වේ. ප්‍රතිසම්භිදා මාර්ග ප්‍රකරණයම = පටිසම්භිදා මග්ගප්පකරණ නම් වේ. ක්‍රමානුකූලව කරනු ලැබේ. කියනු ලැබේ. මෙහි විවිධාකාර භේදභින්න ගැඹුරු අර්ථ තිබේනුයි ප්‍රකරණ නම් වේ.
ඒ මේ ප්‍රතිසම්භිදා මාර්ග ප්‍රකරණය අර්ථසම්පන්නයි. අක්‍ෂර සම්පන්නයි. ගැඹුරුයි. ගැඹුරු අර්ථ ඇත්තේය. ලෝකෝත්තර තාවයන් ප්‍රකාශ කරයි. ශූන්‍යතාවය හා ඒකාබද්ධව ඇත. ප්‍රතිපදාවන්හි යෙදීමෙන් ලබන විපාකය නමැති විශේෂතා ගෙන එයි. විරුද්ධතා වළකාලයි. යෝගාවචරයන්ට උතුම් ඤාණය නමැති රුවනාකරයක් වේ. ධර්ම කථිකයන්ට ධර්මකථා විලාසය පවත්වාගෙන යාමට විශේෂයෙන් ආධාර වේ. සසර බිය ඇතියවුන්ට දුකින් නික්මීමේ මාර්ගයයි. ඒ උපායමාර්ග දැකීමෙන් සැනසිල්ල හටගැනීමටත්, ඊට විරුද්ධ දෑ නැසීමටත්, ගැඹුරු අර්ථයන්ට නොයෙක් සූත්‍ර හා අපදානයන් මගින් අර්ථ විවරණය කරමින් හුදී ජන හෘදයන්හි ප්‍රීතිය හටගැන්වීම සඳහාත් තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් හැමතැන අප්‍රතිහත සර්වඥතාඥාන මහා පහන් ආලෝකයෙන් සියලු ජනතාව වෙත පැතිරුණු මහා කරුණාව නමැති තෙලෙන් සිනිඳු වූ හෘදයෙන්, දම්දෙසීමෙන් හික්මවිය හැකි ජනතාවගේ හෘදයගත ක්ලේශාන්ධකාරයන් විනාශ කිරීමටත්, දල්වන ලද සද්ධර්මය නමැති මහ පහනට ඒ අදහස් පැතිරවීමට ඉසින සිනිඳු තෙලක් බඳු වූ, පන්දහසක් වස් නොවෙනස්ව බබලනු කැමැත්තෙන් ලෝකානුකම්පී වූ, පන්දහසක් වස් නොවෙනස්ව බබලනු කැමැත්තෙන් ලෝකානුකම්පී වූ, ධර්මරාජයාණන් වහන්සේගේ දම්සෙනෙවි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ කියමන අසා, ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් ප්‍රථම මහා ධර්ම සංගායනා කාලයෙහි ඇසූ පරිද්දෙන්ම සංගායනාවට නගන ලදි.
එය විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකයයි යන ත්‍රිපිටකයන් අතර සූත්‍ර පිටකයට අයත් දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය යන පස්මහ නිකායන් අතර ඛුද්දක නිකායට ඇතුළත්, සූත්‍ර ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක ජාතක අබ්භුතධර්ම, වේදල්ල යන නව ශාස්තෲ ශාසන අංගයන් අතර හටගත් පරිදි (ඇතුළත් කරුණු අනුව).
ද්වාසීතිං බුද්ධතො ගණ්හිං ද්වෙ සහස්සානි භික්ඛුතො,
චතුරාසීති සහස්සානි යෙ මෙ ධම්මා පවත්තිනොති.
කරුණු පහකදී එතදග්‍රස්ථානයෙහි තබන ලද ධර්ම භාණ්ඩාගාරික තෙරුන් විසින් ගෙනහැර දැක්වූ අසූහාර දහසක් ධර්මස්කන්ධයන් අතර භික්‍ෂූන්ගෙන් ගත් දෙදහසක් ධර්මස්කන්ධයන්හි නොයෙක් සියගණන් ධර්මස්කන්ධයන් ඇතුළත්ව ඇත.
එහි වර්ගත්‍රයකි. මහා වර්ගය, මධ්‍යම වර්ගය, චූල වර්ගය (කුඩා) යනුවෙනි. එක් එක් වර්ගයෙහි දහය දහය බැගින් වූ ඤාණ කථා මුල්කොට මාතිකා කථා අවසන්කොට කථා තිංසකි. මෙසේ විවිධාකාරයෙන් හඳුන්වා ඇති මේ ප්‍රතිසම්භිදා මාර්ග ප්‍රකරණයෙහි අනුපිළිවෙලින් පෙර නුවූ පදවල (තේරුම් නුදුන්) අර්ථ පමණක් වර්ණනා කරන්නෙමු. මෙම ප්‍රකරණය පාඨ වශයෙන්, අර්ථ වශයෙන් ඉගැන්වීමෙහිද, විස්තර කිරීමෙහිද මනාව ඉගැන්විය යුතුය. විස්තර කළයුතුද වේ. ඉගෙන ගන්නන් විසින්ද ඉගෙන ගතයුතුය. දැරිය යුතුද වේ. (සිත්හි ධාරණය) ඊට හේතු කවරේද? ගැඹුරු බැවිනි. ලෝවැසියන්ගේ හිතසුව පිණිස පවතින මෙම ප්‍රකරණය ලෝකයෙහි බොහෝ කලක් නිවැරදිව පැවතීම සඳහාය.
ඒ තිහක් වූ කථා අතර ඤාණකථා කුමක් හෙයින් පළමුව කියන ලද්දේද යත්? කෙලෙස්මල පිරිසිදු කිරීමෙහිද ඤාණය මුල්වේ. ප්‍රතිපත්ති පිරීමෙහිදීද මුල්වන හෙයිනි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය;
එහෙයින් භික්‍ෂුව ඔබ මුලදීම කුසල් දහම් අතර සීල පාරිශුද්ධියද, දෘෂ්ටියෙහි සෘජුබවද පිරිසිදු කරව.
සෘජු දෘෂ්ටිය යනු සම්‍යග් දෘෂ්ටි සංඛ්‍යාත ඤාණය දක්වයි. එහෙයින්ද ඤාණ කථාව පළමුව කියන ලදි.
මහණෙනි, එහි සම්‍යග්දෘෂ්ටිය පූර්වාංගම වේ. මහණෙනි, කෙසේ සම්‍යග් දෘෂ්ටිය පූර්වාංගම වේද? සම්‍යග් දෘෂ්ටිය සම්‍යග් දෘෂ්ටියයි දනීද? මිථ්‍යා දෘෂ්ටිය මිථ්‍යා දෘෂ්ටියයි දනීද? එයම සම්‍යග් දෘෂ්ටිය වේ. සම්‍යග් සංකල්ප – සම්‍යග් සංකල්ප යයි දැනගනීද? මිථ්‍යා සංකල්ප මිථ්‍යා සංකල්පයයි දැනගනීද, සම්‍යග් වචන සම්‍යග් වචනයයි දැනගනීද, මිථ්‍යා වචන මිථ්‍යා වචනයයි දැනගනීද, සම්‍යග් කර්මාන්ත සම්‍යග් කර්මාන්ත යයි දැනගනීද, මිථ්‍යා කර්මාන්ත මිථ්‍යා කර්මාන්ත යයි දැනගනීද? සම්‍යග් ජීවනය සම්‍යග් ජීවනයයි දැනගනීද, මිථ්‍යා ජීවනය මිථ්‍යා ජීවනයයි දැනගනීද, සම්‍යග් ව්‍යායාමය සම්‍යග් ව්‍යායාමයයි දැනගනීද, මිථ්‍යා ව්‍යායාමය මිථ්‍යා ව්‍යායාමයයි දැනගනීද, සම්‍යග් සතිය (සිහිය) සම්‍යග් සතිය යයි දැනගනීද, මිථ්‍යා සතිය මිථ්‍යා සතිය යයි දැනගනීද, සම්‍යග් සමාධිය සම්‍යග් සමාධිය යයි දැනගනීද, මිථ්‍යා සමාධිය මිථ්‍යා සමාධිය යයි දැනගනීද එය සම්‍යග් දෘෂ්ටිය වන්නේය.
පුර්වංගම වූ සම්‍යග් දෘෂ්ටියෙන් සිදුවූ, මිථ්‍යා දෘෂ්ටීන්ගේ මිථ්‍යා දෘෂ්ටි භාවය දැනගන්නේය යන්න සලකා සම්‍යග් දෘෂ්ටි සංඛ්‍යාත ඤාණය පිරිසිදු කිරීමට මුලදීම ඤාණකථාව කියන ලදි.
තවද, උදායි සසරෙහි පූර්වාන්තය තිබීයේවා. අපරාන්තයද තිබීයේවා. ඔබට ධර්මය දේශනා කරමි. මෙය ඇතිකල්හි මෙය වේ. මෙය හටගැන්මෙන් මෙය හටගනී. මෙය නැතිකල්හි මෙය නොවේ. මෙහි නිරෝධයෙන් මෙය නිරුද්ධ වේය යි, පූර්වාපරාන්ත දෘෂ්ටීන් අත්හැර ඤාණයම පිළිබඳව කියන ලද හෙයින් ඤාණකථාව මුලදී කියන ලදි.
“සුභද්‍ර කම් නැත. එය තිබීයේවා. ඒ සියල්ලෝ ස්ව ප්‍රතිඥාවෙන් මනාව අවබෝධ කරගත්තාහුද? සියල්ලෝම මනාව අවබෝධ නොකළාහුද? නොහොත් ඇතැමෙක් මනාව අවබෝධ කළාහුද? ඇතැමෙක් මනාව අවබෝධ නොකළාහුද? සුභද්‍ර ඔබට ධර්මය දේශනා කරන්නෙමි. එය අසව. මනාකොට මෙනෙහි කරව. වදාරන්නෙමියි,
බොහෝ මහණ බමුණන් විසින් ගෙනහැර දක්වන නිවන් මගින් බැහැර වූ කරුණු පිළිබඳ වාද විවාද (බැහැරකොට) අත්හැර ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ කරුණු දේශනා කළ හෙයින්, එම අෂ්ටාංගික මාර්ගයෙහිද සම්‍යක් දෘෂ්ටියයි කියනු ලබන ඤාණය ප්‍රධාන බැවින් මුලදීම ඤාණ කථාව කියන ලදි;
මහණෙනි, ශ්‍රෝතයට (සෝවාන් මාර්ගයට) පැමිණීමේ හේතුකාරක කරුණු හතරකි. (4) කි. ඒවා නම් සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යන මේවායි.
ශ්‍රරද්ධාව හටගත් තැනැත්තා භික්‍ෂූන් සමීපයට එළඹෙයි. එළඹී ආශ්‍රය කරයි. ආශ්‍රය කරන්නේ කන් යොමුකරයි. යොමුකරන ලද කන් ඇත්තේ ධර්මය අසයි. ධර්මය අසා සිත්හි දරාගනියි. සිත්හි දරා ගත් ධර්මයන්ගේ අර්ථය ප්‍රඥාවෙන් විශේෂ පරීක්‍ෂාවට ලක් කරයි. අර්ථ පරීක්‍ෂා කරන්නේ අවබෝධය ලබාගනියි. අවබෝධය ලබා මාර්ගඵල සඳහා උත්සාහ කරයි. උත්සාහකොට සමානකොට බලයි. (කිරාබලයි) කිරාබලා ප්‍රධන්වීර්යය කරයි. ප්‍රධන්වීර්ය කරන්නේ (භාවනා කරන්නේ) කයින්ද, ප්‍රඥාවෙන්ද පරමාර්ථ සත්‍යය අවබෝධ කරන්නේය. ..
“මේ ලොව තථාගතයාණන් වහන්සේ උපදිති. -පෙ- එතුමා මුල යහපත් වූ ධර්මය දේශනා කරයි යනාදී, නොයෙක් සූත්‍ර පදවල ක්‍රමානුකූලව ශ්‍රවණයෙහි ඤාණය මුල්කොට ක්‍රමානුකූලව ඤාණකථාව මුලදීම කියන ලදි.
ඒ ඤාණකථාව උද්දේස-නිද්දේස වශයෙන් දෙයාකාරයකි. උද්දේසයෙහි, කන් යොමුකිරීමේ ප්‍රඥාව සුතමය ඤාණයයි යනාදි ක්‍රමයෙන් දක්වන ලද හැත්තෑතුනක් වූ ඤාණයන්ද, මාතෘකා වශයෙන් දක්වන ලදි. නිර්දේශයෙහි (විස්තරයෙහි) කන් යොමුකිරීමේ නුවණ කෙසේ සුතමය ඤාණයක් වේද? මේ ධර්ම විශේෂයෙන් දතයුතුයයි කන් යොමුකොට දැනගැනීමේ ප්‍රඥාව සුතමය ඤාණයයි ආදි ක්‍රමයෙන් එම (73) හැත්තෑතුනක් වූ ඤාණයෝම විස්තර වශයෙන් නිර්දේශ කරන ලදහ. LINK
[ඵස්සායතනානං යනු ස්පර්‍ශයට ආකරවූවන්ගේ, ස්පර්‍ශයට උත්පත්ති ස්ථානයන්ය යන අර්‍ත්‍ථයයි,
§ 1. ඉක්බිති ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙත පැමිණ එකත්පසක සිට මෙසේ ඇසීය.
(1). “ඇවැත්නි,
සය වැදෑරුම් ස්පර්‍ශායන් ඉතුරු නොකොට ඒවායේ නොඇලීමෙන්,
නැති කිරීමෙන් පසු අන් කිසිවක් ඉතිරිවේද?”
“ඇවැත්නි, එසේ ඇසීම නොමැනවි.”
ඡන්නං, ආවුසො, ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා අත්ථඤ්ඤං කිඤ්චී’’ති
(2).“ඇවැත්නි,
සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්,
නැතිකිරීමෙන් පසු කිසිවක් ඉතිරිව නැත්තේද?”
“ඇවැත්නි, එසේ ඇසීම නොමැනවි.”
‘‘ඡන්නං , ආවුසො, ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා නත්ථඤ්ඤං කිඤ්චී’’ති?
(3).“ඇවැත්නි,

නැතිකිරීමෙන් පසු අන් කිසිවක් ඇත්තේද, අන් කිසිවක් නැත්තේද?”
“ඇවැත්නි, එසේ ඇසීම නොමැනවි.”
‘‘ඡන්නං, ආවුසො, ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා අත්ථි ච නත්ථි ච අඤ්ඤං කිඤ්චී’’ති?
(4).“ඇවැත්නි,

නැතිකිරීමෙන් පසු අන් කිසිවක් නැත්තේද, නැත්තේත් නොවේද?”
“ඇවැත්නි, එසේ ඇසීම නොමැනවි.”
[ඡන්නං, ආවුසො, ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා නෙවත්ථි නො නත්ථඤ්ඤං කිඤ්චී’’ති?
මේ ප්‍රශ්න සතර සාශ්වත, උච්ඡෙද, එකාන්ත සාශ්වත; අමරාවික්‍ෂේප වශයෙන් අසන ප්‍රශ්නයෝය. ,
එයින් තෙරණුවෝ ඔහුගෙන් විමසති, අසන ලද්ද වළහමින් මාහෙවං යනාදිය කීවේය,
මෙහි හ යනු නිපාත මාත්‍රයකි, එසේ නොකියව යන අර්‍ත්‍ථයි, ]
“ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් ඇත්තේදැයි මෙසේ විචාරණ ලද විට , ‘ඇවැත්නි, එසේ නොසිතනු මැනව.’ යි කීයෙහිය.
“ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නැත්තේද, මෙසේ විචාරණ ලද විට, ‘ඇවැත්නි, එසේ නොසිතනු මැනව’ යි කීයෙහිය.
“ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් ඇත්තේද, නැත්තේදැයි මෙසේ විචාරණ ලද විට, ‘ඇවැත්නි, එසේ නොසිතනු මැනව.’ යි කීයෙහිය.
“ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නැත්තේද, නැත්තේ නොව්දැයි, මෙසේ විචාරණ ලද විට, ‘ඇවැත්නි, එසේ නොසිතනු මැනව’ යි කීයෙහිය.
“ඇවැත්නි, මේ භාෂිතයේ අර්ත්‍ථය කෙසේ දත යුත්තේද?”
(1). “ඇවැත්නි,
සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් ඇතැයි කියතහොත් ප්‍රපංච නොකළ යුත්තක් ප්‍රපංච කළා වේ.
[ සරල වශයෙන් “ප්‍රපංච” යනු ආයතන හයෙන් හඳුනා ගත් දෙයක් පිළිබඳ ව දිගින් දිගට සිතා බැලීම ලෙස දැක්විය හැකිය. අප ඇසින් යමක් දුටු විට දුටු පමණින් නැවතීමක් නැත. එය හඳුනා ගෙන දිගින් දිගට ඒ පිළිබඳ ව සිතන්නට පෙළඹේ. උදාහරණයක් ලෙස ඇසින් දුටුවේ පුටුවක් නම්, එය සාදා ඇත්තේ කුමකින්ද ? එහි වර්ණය, හැඩය ආදී වශයෙන් විවිධ සිතිවිලි පහල කරයි. ඒ දෙවන සිතුවිල්ල ඇරඹුම ලෙස ගෙන ඒ ඔස්සේ නැවත සිතන්නට වෙනත් අරමුණකට යාම සිතේ ආවේනික ස්වභාවයයි. එකින් එකට වෙනස් මේ හඳුනා ගැනීමත් සමග ම යෙදෙන මේ සිතිවිලි හැම විටම තන්හා දිට්ඨි මාන නිසා ඇතිවන ප්‍රපංච ලෙස දැක්වේ.
මෙහි දී විතර්කය හා ප්‍රපංචය දෙකක් ලෙස දැක්වීම ද විශේෂත්වයකි. විතර්කයම තව දුරටත් දිග් ගැස්වීම ප්‍රපංචය යි. විතර්ක ප්‍රපංච දෙකටම මූලික වන්නේ විඳීම හා හඳුනා ගැනීමයි. විඳීමක් හඳුනා ගැනීමක් නොමැති තැන විතර්ක ප්‍රපංච නැත. ප්‍රපංච අකුසල සහගත පමණක් ම නොවේ. ධම්ම විතර්ක ද ඇත. ඒවා ද දිගින් දිගටම මෙනෙහි කිරීම ප්‍රපංචය යි. කෙසේ හෝ ප්‍රපංචය හේතු කොට ගෙන වීදර්ශනාවට බාධා වේ. ප්‍රපංච යනු සිත අයාලේ යාමකි. ]
(2). “ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නැතැයි කියතහොත් ප්‍රපංච නොකළ යුත්තක් ප්‍රපංච කළා වේ.
අත්‍ථඤ්ඤාං කිඤ්චි යනු මේවා ඉතිරි නැතිව නිරුද්ධ වූ කල්හි ඉන්මතු සුළුවූද යම් ක්ලෙශයක් ඇත්දැයි අසයි,
නාත්‍ථඤ්ඤං කිඤ්චි යන මෙහිදී ද සුළු වූ ද ක්ලේශයක් නැත්දැයි අසයි, සෙසු දෙකෙහි ද මේ ක්‍රමයමයි,
(3). ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් ඇත්තේද, නැත්තේදැයි කියතහොත් ප්‍රපංච නොකළ යුත්තක් ප්‍රපංච කළා වේ
[ආත්මලබ්ධි වශයෙන් හෝ අන්කිසිවක් ඇත්ද? අන්කිසි ආත්මයක් නම් ඇත්දැයි සාශ්වතාදි ආකාරයෙන් අසයි,
කිම මෙතෙම ආත්මදෘෂ්ටිකයෙක්ද? ආත්ම දෘෂ්ටිකයෙක් නොවේ, එබඳු දෘෂ්ටි ඇති එක් භික්ෂුවක් එහි හුන්නේය, හෙතෙම ප්‍රශ්න ඇසීමට නොහැක්කකි, ඔහුගේ දෘෂ්ටිය විසදාලනු සඳහා මෙසේ අසයි, අනාගතයෙහි මෙබඳු දෘෂ්ටි ඇති යමෙක් වන්නාහුද ඔවුනට බුද්ධ කාලයෙහි ද මෙම ප්‍රශ්නය මහා ශ්‍රාවකයන් විසින් විසඳන ලද්දේ (නොවේ) ද යන වචනයට ඇති ඉඩ අහුරනු සඳහා අසයිමය]
(4). “ඇවැත්නි,
සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නොද ඇත්තේය, නොද නැත්තේයයි කියතහොත් ප්‍රපංච නොකළ යුත්තක් ප්‍රපංච කළා වේ.
“ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන් හැසිරීම ක්‍රියාව කෙතෙක් වේද , ඒ සියලු අවස්ථාවේම, මුළු කාලයේම මේ ප්‍රපංච පැතිර ඒම සිද්ධ වේ. මේ ප්‍රපංච සන්තානයේ ආරම්මණය වෙනතකට ගෙනයාම නිසා ප්‍රතිපදාව ප්‍රමාද වේ. සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන්ම ප්‍රපංචයන්ගෙන් මිදීම සිද්ධ වේ.
ඇවැත්නි,
ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්,
නැතිකිරීමෙන් ක්ලේශයන් නැති වේ.
ප්‍රපංච කිරීම නතර වේ.
වැලැක්මෙන් ප්‍රමාදයන්ගේ ව්‍යපසමනය වේ.
ක්ලේශයන් නැතිවීම ක්ලේශයන්ගේ සංසිඳීම වේ.”
[අප්පපඤ්චං පපඤ්චෙති යනු ප්‍රපංච නොකළයුතු තන්හි ප්‍රපංච කරයි, නොහැසිරිය යුතු මගෙහි හැසිරෙයි,
තාවතා පපඤ්චස්සගති යනු ස්පර්‍ශායතන සයෙහි ගමන යම්තාක් වේද, තෘෂ්ණාමාන දෘෂ්ටිසංඛ්‍යාත පප්‍රංචයාගේ ගමන ද එතෙක් වෙයි,
ජන්නං ආවුසො ඵස්සායතනානං අස්සෙවිරාගනිරොධා පපඤ්චනිරොධො පපඤ්චුපසමො යනු මේ ස්පර්‍ශායතන සය සර්‍වප්‍රකාරයෙන් නිරුද්ධ වූ කල්හි ප්‍රපංචයෝ ද නිරුද්ධවූවාහුම වෙත්, සංසිඳුනාහුම වෙත්යයි අර්‍ත්‍ථයයි. අරූප බ්‍රහ්මලෝකයෙහි පෘථග්ජන දෙවියන්ගේ කිසි ස්පර්‍ශායතන පසක් නිරුද්ධය, සයවැන්න නිරෝධ නොවුන බැවින් ත්‍රිවිධ ප්‍රපංචයෝම නිරුද්ධ නොවූවාහුමය, තවද පඤ්චස්කන්ධභව වශයෙන් මේ ප්‍රශ්නය කියන ලදි, සිවුවැන්නෙහි මේ ක්‍රමයෙන් අර්‍ත්‍ථය දතයුතුය.]
මේ සුත්‍රය කලින් ඇති මහා කොට්ඨිත සුත්‍රයෙහි ඇති අන්තර්ගතයම අඩංගු නමුත් ආයුෂ්මත් ආනන්ද ස්වාමින් වහන්සේ මහා කොට්ඨිත ස්වාමින් වහන්සේගෙන් ඇසු බව දක්වයි.
“ඉක්තිබිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ වෙත පැමිණ එකත්පසක සිට මෙසේ ඇසීය.

[ඡන්නං, ආවුසො, ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා අත්ථඤ්ඤං කිඤ්චී’’ති- අත්‍ථඤ්ඤාං කිඤ්චි යනු මේවා ඉතිරි නැතිව නිරුද්ධ වූ කල්හි ඉන්මතු සුළුවූද යම් ක්ලෙශයක් ඇත්දැයි අසයි, ]

නැතිකිරීමෙන් පසු අන් කිසිවක් ඉතිරිව නැත්තේද?”
“ඇවැත්නි, එසේ ඇසීම නොමැනවි.”
[‘‘ඡන්නං , ආවුසො, ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා නාත්‍ථඤ්ඤං කිඤ්චි ති? ” යන මෙහිදී ද සුළු වූ ද ක්ලේශයක් නැත්දැයි අසයි, සෙසු දෙකෙහි ද මේ ක්‍රමයමයි,]

නැතිකිරීමෙන් පසු අන් කිසිවක් ඇත්තේද නැත්තේද?”
“ඇවැත්නි, එසේ ඇසීම නොමැනවි.”
‘‘ඡන්නං, ආවුසො, ඵස්සායතනානං අසෙස විරාග නිරොධා අත්ථි ච නත්ථි ච අඤ්ඤං කිඤ්චී’’ති?
(4).“ඇවැත්නි,
සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් පසු අන් කිසිවක් නැත්තේද, නැත්තේත් නොවේද?”
“ඇවැත්නි, එසේ ඇසීම නොමැනවි.”
ඡන්නං, ආවුසො, ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා නෙවත්ථි නො නත්ථඤ්ඤං කිඤ්චී’’ති?

““ඇවැත්නි,
සය වැදෑරුම් ස්පර්‍ශයන් ඉතුරු නොකොට ඒවායේ නොඇලීමෙන්,
නැති කිරීමෙන් පසු අන් කිසිවක් ඉතිරිවේද?යි විචාරණ ලද කල , ‘එසේ ඇසීම නොමැනවි’ යි කීයෙහිය.
“ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නැත්තේද, මෙසේ විචාරණ ලද කල , ‘එසේ ඇසීම නොමැනවි”යි කීවේය.
“ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් පසු අන් කිසිවක් ඉතිරිව නැත්තේද” යි විමසු කලද, ‘එසේ ඇසීමද නොමැනවි”යි කීවේය. “ඇවැත්නි, ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් පසු අන් කිසිවක් නැත්තේද, නැත්තේත් නොවේද?”යි, විචාරණ ලද කල , ‘එසේ ඇසීමද නොමැනවි”යි කීවේය.
“ඇවැත්නි, මේ වචනයේ අර්ත්‍ථය කෙසේ දත යුත්තේද?”
(1).“ඇවැත්නි,

නැතිකිරීමෙන් අන් කිසිවක් ඇතැයි කියන්නේ නම් ප්‍රමාද නුවූවක් ප්‍රමාද කරයි.
“ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නැතැයි කිවහොත් .
ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් ඇත්තේද, නැත්තේදැයි කියන්නේ ප්‍රමාද නොවියනුවූ යුත්තක ප්‍රමාද වෙයි.
[ආත්ම ලබ්ධි වශයෙන් හෝ අන්කිසිවක් ඇත්ද? අන්කිසි ආත්මයක් නම් ඇත්දැයි සාශ්වතාදි ආකාරයෙන් අසයි,

සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නැත්තේය, නැත්තේයයි මෙසේ කියන්නේ, ඒ ප්‍රමාද නොවිය යුත්තක ප්‍රමාද කරවන නිසාය.
අප්පපඤ්චං පපඤ්චෙති යනු ප්‍රපංච නොකළයුතු තන්හි ප්‍රපංච කරයි, නොහැසිරිය යුතු මගෙහි හැසිරෙයි,
“ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඇතිවීම යම්තාක්ද,
ප්‍රමාදයේ (කෙලෙසුන්ගේ) ගතියක් (ඇතිවීමත්)එපමණකි.
ප්‍රමාදයේ (කෙලෙසුන්ගේ) ගතිය යම්තාක්ද,
සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ගතිය ඒතාක්ය.
ඇවැත්නි,
ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්,
නැතිකිරීමෙන් ක්ලේශයන් නැති වේ.
ප්‍රමාදය වැලැක්මෙන් ප්‍රමාදයන්ගේ ව්‍යපසමනය වේ.

තාවතා පපඤ්චස්සගති යනු ස්පර්‍ශායතන සයෙහි ගමන යම්තාක් වේද,
තෘෂ්ණාමාන දෘෂ්ටිසංඛ්‍යාත පප්‍රංචයාගේ ගමන ද එතෙක් වෙයි,
ජන්නං ආවුසො ඵස්සායතනානං අස්සෙවිරාගනිරොධා පපඤ්චනිරොධො පපඤ්චුපසමො යනු
මේ ස්පර්‍ශායතන සය සර්‍වප්‍රකාරයෙන් නිරුද්ධ වූ කල්හි ප්‍රපංචයෝ ද නිරුද්ධවූවාහුම වෙත්, සංසිඳුනාහුම වෙත්යයි අර්‍ත්‍ථයයි.
අරූප බ්‍රහ්මලෝකයෙහි පෘථග්ජන දෙවියන්ගේ කිසි ස්පර්‍ශායතන පසක් නිරුද්ධය, සයවැන්න නිරෝධ නොවුන බැවින් ත්‍රිවිධ ප්‍රපංචයෝම නිරුද්ධ නොවූවාහුමය, තවද පඤ්චස්කන්ධභව වශයෙන් මේ ප්‍රශ්නය කියන ලදි, සිවුවැන්නෙහි මේ ක්‍රමයෙන් අර්‍ත්‍ථය දතයුතුය
ඉක්බිති ආයුෂ්මත් උපවාන ස්ථවිරයන්, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙත පැමිණ,
(1). “ඇවැත්නි, ශාරීපුත්‍රය,
ඔබ වහන්සේ ප්‍රඥාව නිසා සසරින් මිදුනේද?” යි ඇසීය.
[වට්ට දුක්ඛස්ස අන්තකරෝ හොතින්, සකල වට්ට දුක්ඛ පරිචින්න පරිවටුම් හ කත්වා තිත්තාති: සසරින් මිදීම නම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වූ ධර්මය කෙටියෙන් දක්වන්න විජ්ජායන්ත කරො හොති යනු ‘විද්‍යාවෙන් සසරදුක කෙළවර කරන්නේ වෙයි”, සියලු සසර දුක පිරිසිඳ හාත්පසින් වටකොට සිටියි, ” ලෙස මනෝරථ පුරණි අටුවාව දක්වයි.]
(2). “ඇවැත්නි, එසේ නොවේ.”
“ඇවැත් ශාරීපුත්‍රය,
කිමෙක්ද, සීලයෙන් සසර කෙළවරට ගියේද?”
“ඇවැත්නි, එසේ නොවේ.”
(3).“ඇවැත් ශාරීපුත්‍රය,
ඔබ වහන්සේ ප්‍රඥාව සහ සීලය යන දෙක නිසා සසරින් මිදුනේද?” යි ඇසීය.
“ඇවැත්නි, එසේ නොවේ.”
(4).“ඇවැත් ශාරීපුත්‍රය,
ඔබ වහන්සේ ප්‍රඥාව සහ සීලය යන දෙකින් පිටස්තර වෙනත් කරුණක් නිසා සසරින් මිදුනේද?” යි ඇසීය.
“ඇවැත්නි, එසේ නොවේ.”
“ඇවැත්නි, ශාරීපුත්‍රය,
කිමෙක්ද, ‘ප්‍රඥාවෙන් සසර කෙළවර කලේදැ’ යි විචාරණ ලද විට , “ඇවැත්නි, එසේ නොවේ.” යි කීවෙහිය.
‘චරණයෙන් සසර කෙළවර කලේදැ’ යි විචාරණ ලද විට, ‘ඇවැත්නි, මෙය නොවේය’ යි කීවෙහිය.
“‘ප්‍රඥාවෙන් හා චරණයෙන් සසර කෙළවර කලේදැ’ යි විචාරණ ලද විට, ‘ඇවැත්නි, මෙය නොවේය’ යි කීයෙහිය.
‘ප්‍රඥාවෙන් හා චරණයන් හැර අන් ක්‍රමයකින් සසර කෙළවර කලේදැ’ යි විචාරණ ලද විට ‘ඇවැත්නි, මෙය නොවේය’ යි කීයෙහිය.
ඇවැත්නි, ඔබවහන්සේ කෙසේ සසර කෙළවර කලේදැ’ යි ඇසීය.
(1) “ඇවැත්නි,
ඉදින් ප්‍රඥාවෙන්, සසර ගමන නිමියේය කියන්නේ නම්, උපාදාන සහිත පුහුදුන් මිනිසේකුටද සසර කෙළවර කළ කෙනෙක්ය”ය කිව හැකි වන්නේය..
(2). ඉදින් ඇවැත්නි, චරණයෙන් ඒනම් පසළොස් ආකාරයෙන් වූ වරණ ධර්‍මයන් පිළිපැදීමෙන් සසර කෙළවරට ගිය බවක් කියන්නේ නම්, උපාදාන සහිත පුහුදුන් මිනිසෙකුටද සසර කෙළවර කළ කෙනෙක්ය”යැයි කිව හැකි වන්නේය..
(3). ඉදින් ඇවැත්නි, (විද්‍යාව) ප්‍රඥාව හා හැසිරීම් /චරණයන් නිසා සසර කෙළවර කලාය කිවේ නම් උපාදානයෙන් බැඳුනු පෘතග්ජනයා උපාදාන සහිත පුහුදුන් මිනිසේකුටද සසර කෙළවර කළ කෙනෙක්යය කිව හැකි වන්නේය..
(4). ඇවැත්නි, විද්‍යාව, හා චරණයන් හැර අන් ක්‍රමයකින් සසර කෙළවරට පැමිණියේය.” යි කියන්නේ නම්, “ඇවැත්ති, චරණ සීලයෙන් තොර අවිද්‍යාවෙන් මුලාවූ පෘතග්ජනයාද සසර කෙලවර කාලය කියන්නේ වේ.
“ඇවැත්නි! චරණ ධර්මයේ නොහැසිරෙන මිනිසා තත්වූ පරිදි, ඇත්ත ඇති සැටියෙන් නොදකී. අකින්නට අපොහොසත් වේ.
චරණ ධර්මයේ හැසිරෙන්නාම ඇත්ත ඇති සැටියෙන් දකී. තත්වූ පරිද්දෙන් දන්නේය, දක්නේය, කෙළවරට ගියේ නම් වේ.”
[වරණසම්පන්නො යතාභුතන් ජානාති පස්සති, යතාභුතන් ජානාම් පස්සන් අන්තකාරෝ හොති.” මෙය කලින් දැක්වූ මතය වෙනස් ලෙසකින් කීමකි, එනම් අවිද්‍යාව දුරු කිරීමෙන් පමණක් සසර කෙලවර කිරීම සිදුකර ගැනීම නොහැකි බවද චරණ සීලය ද අවශ්‍යබවත් පසළොස් ආකාරයෙන් වූ වරණධර්‍මයෙන් යුක්ත විය යුතු බවද දතයුතු ය. ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය,
පසළොස් චරණ ධර්ම නම්:-
1 ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය. 2. ඉන්ද්‍රිය සංවරය, 3.භෝජනයෙහි මාත්‍රඥතාව, 4.ජාගරියානුයෝගය, 5.ශ්‍රද්ධාව, 6. හිරිය, 7. ඔත්තප්පය, 8. බහුශ්‍රැතභාවය, 9. වීර්‍ය්‍යය, 10. ස්මෘතිය, 11. ප්‍රඥාව, 12. ප්‍රථම ධ්‍යානය, 13. ද්විතීය ධ්‍යානය, 14. තෘතීයධ්‍යානය, 15 චතූර්ථ ධ්‍යානය,]
“මහණෙනි,
ශ්‍රද්‍ධාවන්ත මහණකු, තමන්ද ‘සැරියුත්, මුගලන් දෙනම සේ මේ භික්ෂු පිළිවෙතේ යේදෙමි”යි තම සිත්හි අධිෂ්ඨාන පිහිටුවාගෙන ඒ උතුම් වහන්සේලා ආදර්ශයට ගෙන පිළිවෙත් පිරීම මනාය. මාගේ ශ්‍රාවකවූ භික්‍ෂූන්ට මේ තුලනාවකි. මේ ආදර්ශයය..
“මහණෙනි,
ශ්‍රද්‍ධාවන්ත භික්ෂුණියක්, , තමන්ද ‘ඛෙමා , උප්පලවණ්ණාව දෙනම සේ මේ භික්ෂුනි පිළිවෙතේ යේදෙමි”යි තම සිත්හි අධිෂ්ඨාන පිහිටුවාගෙන ඒ උතුම් භික්‍ෂුණින් වහන්සේලා ආදර්ශයට ගෙන පිළිවෙත් පිරීම මනාය. මාගේ ශ්‍රාවකවූ භික්‍ෂූනීන්ට මේ තුලනාවකි. මේ ආදර්ශයය..
“මහණෙනි,
ශ්‍රද්‍ධාවන්ත උපාසකයා, තමන්ද ‘චිත්ත ගෘහපතියා හා භාහත්‍ථවක ආලවක දෙදෙනා සේ මේ සාසනයේ පිළිවෙතේ යෙදෙමි”යි තම සිත්හි අධිෂ්ඨාන පිහිටුවාගෙන ඒ උතුම් උපාසකයන් ආදර්ශයට ගෙන පිළිවෙත් පිරීම මනාය. මාගේ ශ්‍රාවකවූ උපාසකයන්ට මේ තුලනාවකි. මේ ආදර්ශයය.
“මහණෙනි,
ශ්‍රද්‍ධාවන්ත උපාසිකාව , තමන්ද ‘ඛුජ්ජුත්තරා උපාසිකාවද, වෙළු කණ්ඨකී නන්‍ද මාතාව යන දෙදෙනා සේ මේ සාසනයේ පිළිවෙතේ යෙදෙමි”යි තම සිත්හි අධිෂ්ඨාන පිහිටුවාගෙන ඒ උතුම් උපාසිකාවන් ආදර්ශයට ගෙන පිළිවෙත් පිරීම මනාය. මාගේ ශ්‍රාවකවූ උපාසිකාවන් මේ තුලනාවකි. මේ ආදර්ශයය.
[ධාතු මනසිකාරය ලෙස අප දන්නා මේ කමටහන රාහුල හිමියන්ට ලබාදුන්නේ මේ සුත්‍රයේ සඳහන් වන ආකාරයටය. සතර ධාතු වලින් නිර්මිත මේ කයේ මමක් නැති බව ආත්ම වශයෙන් ගන්නට දෙයක් නැති බව මෙසේ භාවනාව වැදීමෙන් සුළු කලකින්ම ප්‍රත්‍යක්ෂ කර ගත හැක. LINK]
වරක් ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ වෙත ආ විටෙක භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.,
“රාහුලය,
අජ්ජත්ත පඨවි ධාතුව සහ බහිජ්ජ පඨවි ධාතුව යන දෙකම පඨවි ධාතුවමය.
අජ්ඣත්තිකා යනු මස් නහර ඇට කෙස් ආදී ශරීරයේ ඇති තද බව ඇති කොටස් විස්සෙහි දැඩි වූ රළු ලක්‍ෂණයෝ පෘථිවි ධාතුවයි, බහිද්ධා යනු බාහිරව ඉන්ද්‍රිය බද්ධ නොවූ ගල්පර්‍වත ආදියෙහි දැඩි තද රළු ආකාර ලක්‍ෂණයෝ පෘථිවිධාතුවයි,
“එය මගේ නොවේ.
ඒ “මම” නොවෙමි.
මේ මාගේ ආත්මය නොවේ.
මෙය මෙසේ තත්වූ පරිද්දෙන්, සම්‍යක් ප්‍රඥාවෙන් දැක්ක යුතුයි.“
මෙය මගේ නොවේ, එය මම නොවෙමි, හෙතෙම මගේ ආත්මය නොවෙයි යන මෙම ක්‍රමය තෘෂ්ණාමාන දෘෂ්ටි වශයෙන් ගැනීම ප්‍රතික්‍ෂේප කිරීම් වශයෙන් කියන ලදි, මේ කය මමය් කියා ගැනීම නිසාම මගේ දත, මගේ නියපොත්ත, මගේ කෙස් ලෙස සියලු අජ්ජත්ත පඨවි ධාතු කොටස්ද මමායනය කරගැනීම පෘතක්ජන සත්වයාගේ ලක්ෂණයයි.
මෙය මෙසේ සම්‍යක් ප්‍රඥාවෙන් තත්වූ පරිද්දෙන්, දැකීමෙන් පඨවි ධාතුවෙහි කලකිරෙයි. පඨවි ධාතුවෙහි සිත නොඅලවයි.
“රාහුලය, අධ්‍යාත්මික ආපො ධාතුවද බාහිර ආපො ධාතුවද යන දෙකම ආපො ධාතුවමය.
එම ආපො ධාතුව මගේ නොවේ.
ඒ ආපො ධාතුව “මම” නොවෙමි.
ආපො ධාතුව මාගේ ආත්මය නොවේ.

මෙසේ එය සම්‍යක් ප්‍රඥාවෙන් දැකීමෙන් ආපො ධාතුවෙහි කලකිරෙයි.
ආපො ධාතුවෙහි සිත නොඅලවයි.
“රාහුලය,
අධ්‍යාත්මික තෙජෝ ධාතුව, බාහිර තේජෝ ධාතුවයන දෙකම තේජෝ ධාතුවමය. …………
අධ්‍යාත්මික වායෝ ධාතුව, බාහිර වායෝ ධාතුව යන දෙකම වායෝ ධාතුවමය.
සෙම සොටු ලේ සැරව මුත්‍රා මේ කයෙහි ඇති ආපෝ ධාතු සහිත වැගිරෙන ස්වභාව ඇති ධාතු කොටස්ය.
එය මගේ නොවේ. මේ මම නොවෙමි.
මේ මාගේ ආත්මය නොවේ.
මෙසේ තත්වූ පරිද්දෙන්, සම්‍යක් ප්‍රඥාවෙන් දැක්ක යුතුයි.
මෙසේ සම්‍යක් ප්‍රඥාවෙන් දැක තේජෝ ධාතුවෙහි කලකිරෙනු යුතුය. තේජෝ ධාතුවෙහි සිත නොඇලවිය යුතුය .
“රාහුලය,
අධ්‍යාත්මික වායෝ ධාතුව, බාහිර වායෝ ධාතුවය යන දෙකම තේජෝ ධාතුවමය. …………
අධ්‍යාත්මික වායෝ ධාතුව, බාහිර වායෝ ධාතුව යන දෙකම වායෝ ධාතුවමය….. මෙසේ එය සම්‍යක් ප්‍රඥාවෙන් දැක වායෝ ධාතුවෙහි කලකිරෙනු යුතුය. වායෝ ධාතුවෙහි සිත නොඇලවිය යුතුය .
[සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං යනු හේතු වෙන කාරණයෙන් මාර්‍ගප්‍රඥාවෙන් බැලිය යුතුය, දිස්වා යනු විදර්‍ශනා සහගත මාර්ග ප්‍රඥාවෙන් බලායි, අයි තබ්බං යනු හේතුවෙන් කාරණයෙන් මාර්ග ප්‍රඥාවෙන් බැලිය යුතුය, දියවා යනු විදර්ශනාසහගත මාර්ග ප්‍රඥාවෙන් බලායි යන අර්ථයි. ධාතු සතරක මල්ලකට සුමනාවතී, සුමනපාල කියා නමක් දාගෙන . මේ දාතු සතර නිසා වර්ණයක් ඇති වෙලා රෑප සටහන් දිග පලල හැඩ තලල මනසින් ඇති කරවලා ගැහැණියක්ය පිරිමියෙක්ය ලමයෙක් ය ගෙයක් ය ගස් වැල්ය පර්වත සාගරය කියා අපව මුළාවට පත් කර ගැනීම මෙසේ බල විට දැකිය හැක. ]
“රාහුලය,
යම් කලකදී භික්ෂුව මේ සතර ධාතූන් තමා නොවේය! “යි
තමා කෙරෙහි නොවේයයි මනාව දකීද, රාහුලය, එම භික්ෂුව
තෘෂ්ණාව සින්දේය.
සංයෝජනයන් පෙරලා දැම්මේය.
මනාකොට මානය ප්‍රහාණයෙන් දුක් කෙළවර කෙළේ ය’යි කියනු ලැබේ.”
[ අච්ඡෙච්ඡි තණ්හං යනු මාර්‍ගයෙන් නැසියයුතු තෘෂ්ණාව සහමුලින් සිඳලූයේය, වාවත්තයී සංයොජනං යනු දසවැදෑරුම් වූ සංයෝජනය දුරු කළේය, උදුරා අත්හළේය, සම්මා මානාභි සමයා යනු හේතුවෙන් කාරණයෙන් නවවැදෑරුම් මානය දුරුකිරීමේ අවබෝධයෙනි, අන්තමකාසි දුක්ඛස්ස යනු සසර දුක පිරිසිඳ හාත්පසින් වටකළේය, කොට සිටියේය යන අර්‍ත්‍ථයයි,
මෙසේ ශාස්තෲන් වහන්සේ විසින් සංයුත්ත මහානිකායෙහි රාහුලොවාද විපස්සනාව දේශනා කරන ලදි, චූලරාහුලොවාද සූත්‍රයෙහිදී ද විදර්‍ශනාවම කියන ලදි, අම්බලට්ඨිකරාහුලොවාද සූත්‍රයෙහි ළදරුවියෙහි සිටියකුට බොරු කීමෙන් දුරු වීම කියන ලදි, මහාරාහුලොවාදයෙහි විදර්‍ශනාව කියන ලදි, මේ අඞ්ගුත්තර මහානිකායෙහි දී මේ චතුෂ්කොටික ශුන්‍යතාව කියන ලද්දේ නමි.
ජම්බාලි යනු ගවර වලක් ය. නගරයේ කාණුවලින් එන අපවිත්‍ර දේ සියල්ල එකතුවන මේ ගවර වැවකට ජලාශයකට කල උපමාවක් නිසා ජම්බලියෝපම යි කියන ලදී.
බුදුන් වහන්සේ කියා දුන් සසරින් මිදීමේ ප්‍රතිපදාව චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් කල යුතුය. ඒ පිණිස මාර්ගය අංග අටකින් යුතු මගය. ඒ අටින් කරන්නේ “සිත” දියුණු කර ගැනීමමයි. භාවනාව යනු ඒ කොටසයි. භාවනාව දල වශයෙන් සමථ. විදර්ශනා ලෙස දෙකොටසක්ය කියා අප දනිමු. සිත “සමථ” කර නොගෙන ඉදිරියට යා නොහේ. සමථ භාවනාවෙන් සිත ධ්‍යානවලට නැංවේ. එසේ කරන්නට අපහසු නැත. (උපදෙස් මෙහි ඇත.) ධ්‍යාන ලැබූ යෝගියා ජීවිතයේ ලැබූ සුන්දරම, ප්‍රියතම ම වින්දනය, ධ්‍යාන සුඛය ලබයි. මේ කොතරම් ආනන්ද ජනකද කියතහොත් ඉන් ඔබ්බට, ඉදිරියට යාම අමතක කොට ඒ සුවය විඳිමින් එහි නතරවන්නට බොහෝසේ ඉඩ ඇත. මේ සුත්‍රයේ දැක්වෙන්නේ ඒ ආශ්වාදයේ අනතුරින් මිදී ඉදිරියට යාමේ වැදගත් කමයි.
පුජ්‍ය කොට්ටාවේ සුමන මහා ස්වාමින්වහන්සේ ගේ සුත්‍ර විවරණය අසා සුත්‍රය කියවන්න.
“මහණෙනි,
පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ.
විද්‍යමාන වෙත්.
කවර සතර දෙනෙක්ද යත්?
(1). “මහණෙනි,
සමහර මහණකු සක්කාය නිරෝධය පිණිස භාවනාවේ යෙදෙන විට ඔහුගේ සිත ඒකාග්‍ර වේ. තැන්පත් වේ. ධ්‍යානය යන ශාන්ත චිත්ත විමුක්තියකට සිත නැංවේ. ඔහු ඒ ධ්‍යානයට එළඹ වාසය කරයි. ඔහු ඉතා සුන්දර ධ්‍යාන සුඛයෙහි සිත බඳියි, එහි ඇලෙයි, එහි නතරව සිටියි, බැස ගනියි, මහණෙනි, ඒ භික්‍ෂුවට විමුක්ති මාර්ගය වැසී යන්නේය. භික්ෂුවක් විසින් සක්කාය නිරෝධය කැමතිවන්නේ නම් අතර මග ලබන ධ්‍යාන සුඛයන්හි සිත නොඇලිය යුත්තේය.”
[සක්කාය:- …. “ආයුෂ්මත, මේ උපාදානස්කන්ධයන් පහට තමයි භාග්‍යවතුන් වහන්සේ සක්කාය කියා වදාළේ. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය හා විඤ්ඤාණ උපාදානස්කන්ධය යි. මේ සංසාරයට බැඳ තබන්නේ මේ පංච ස්කන්ධයන් මමයමාගේය යන දිට්ඨි මාන ආත්ම ලෙස ගැනීම නිසාය.මේ ප්‍රතිපදාවේ අරමුණ සක්කාය නිරෝඩ්ය යි. සක්කායනිරොධං යනු ත්‍රෛභූමික සංසාර සංඛ්‍යාත වූ සත්කායයාගේ නිරොධයයි, නිවන යන අර්‍ත්‍ථයයි, ”]
මේහි සන්තං චෙතොවිමුත්තිං යනු රුප ධ්‍යාන 4 ද අරූප ධ්‍යාන සතරද යන අෂ්ට සමාපත්තීන්ගෙන් එක් සමාපත්තියකි, එක් ධ්යානයකි.
න පක්ඛන්ධති යනු අරමුණු වශයෙන් නොපැකිලෙයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි,
න පාටිකඞ්ඛො යනු නොකැමති වියයුතුයි
“මහණෙනි, මහා නදියක් තරණය කරනු රිසි පුරුෂයෙක් නදියේ තැන තැන ඇති මහා කුඹුක් ගස් අටක් දැක, ඒ පළමු ගසට නැගී ඉන් එකින් එකට මාරුවෙමින් නදිය තරණය කරන්නෙමි” යයි සිතයි. මේ ගස්වල පොත්ත සුමුදු නිසා, පහසුවන් අත් ගිලිහී යන නිසා දෑත් දෙපාවල ලාටු ගා ගන්නේය. ඔහු ලාටු ගාගත් අතින් ගසක අත්තක් අල්ලන්නේද, ඔහුගේ අත එහි ඇලෙන්නේය, අනික් අතින් අල්ලන්නේ ඒ අතද ඇලෙන්නේය,. ඔහුට ඊළඟ ගසට යන්නට නොහැකි වේ. මෙසේ ඉන්නා විට ඉහල කඳුකරයේ මහා වැස්සක් නිසා ගලා එන මහා ජල ප්‍රවාහයකට අසුවී මහ මුහුදට ගසා ගෙන යයි. මරණයට පත් වේ.
එසේම මහණෙනි, මහණකු ශාන්ත චිත්ත විමුක්තියක වාසය කරමින් සිටියද එහි නොඇලිය යුතුය. විදර්ශනාවෙන් ශරීරයේ අනිත්‍යතාව විපරිනාම ස්වභාවය මෙනෙහි කල යුත්තේය. ඒසේ නොකර පළමු ධ්‍යානයේ ඇලී ඉන්නා යෝගියා චතු සත්‍යය අවබෝධ කර නොගන්නේය. මේ ධ්‍යානයට හිරවී සිට යම් දිනක ඉන් පිරිහේ. අන් අකුසල කාර්ම නිසා සමහර විට අපා ගත වේ.
[ මෙහිදී ද පරතෙරට යනු කැමති පුරුෂයාගේ උපමාව ගෙනහැර දැක්විය යුතුය, එක් පුරුෂයෙක් සැඩපහර ඇති රුදුරු මසුන්ගෙන් ගැවසීගත් ගඟින් එගොඩට යනු කැමැත්තේ මෙතෙර සැකසහිතය, බිය සහිතය, එතෙර ආරක්‍ෂිතය, බිය රහිතය, කුමක්නම් කොට පරතෙරට යන්නෙම්දැයි පිළිවෙළින් සිටි කුඹුක්ගස් අටක් දැක මේ ගස් අනුපිළිවෙලින් යාහැකියයි සිතා කුඹුක්ගස් නම් සිලිටි අතු ඇත්තේය, අත්තෙහි අත නොපිහිටන්නේ යයි නුග අත්තික්කා ගස් අතුරින් එකෙක මැලියම් අත්පාවල අතුල්ලා දකුණු අතින් එක් අත්තක් අල්ලා ගත්තේය. අත එහිම ඇලුණි, යළි වමතින් ද දකුණු පයෙන් ද වම් පයෙන් දැයි අපා සතරම එහි ඇලුණි. හෙතෙම හිස යටිකුරුව එල්බෙන්නේ ගඟ මත්තෙහි වැසි දෙකකින් පිරුණු සැඩපහරෙහි ගිලුණේ කිඹුල් ආදීන්ගේ ගොදුරක් විය,
කුඹුක්ගස් අට යනු අෂ්ඨ සමාපත්තීන් නම් රුප අරුප ධ්‍යාන අටය]
මෙහිද ගඟදිය මෙන් සංසාර ස්‍රෝතස දැක්විය යුතුය, ගඟින් එතෙරට යනු කැමති පුරුෂයා මෙන් යෝගාවචරයා දැක්විය යුතුය, මෙතෙර සක්කාය මෙනි, එතෙර නිවන මෙනි, පිළිවෙළින් සිටි කුඹුක්ගස් අට මෙන් අෂ්ටසමාපත්තීහුය, ලහටු ඇති අතින් අතු අල්ලීම මෙන් ධ්‍යාන විදර්‍ශනාවන්ගේ තර්ජනයන් පිරිසුදු නොකොට සමවතට සමවැදීම දැක්විය යුතුය, මෙතෙර සත්කාය මෙනි, එතෙර නිවන මෙනි, පිළිවෙළින් සිටි කුඹුක්ගස් අට මෙන් අෂ්ටසමාපත්තීහුය, ලහටු ඇති අතින් අතු ඇල්ලීම මෙන් ධ්‍යාන විදර්‍ශනාවන්ගේ තර්ජනයන් පිරිසුදු නොකොට සමවතට සමවැදීම දැක්විය යුතුය, අත්පා සතරින් අත්තෙහි බැඳී එල්බීම මෙන් ප්‍රථම ධ්‍යානයෙහි ආශාවෙන් එල්ඹුණු කාලය දැක්විය යුතුයි, ගඟ මත්තෙහි වැස්ස මෙන් සදොරෙහි කෙලෙසුන් උපන් කාලයයි, පිරුණු ගඟෙහි සැඩපහරෙහි ගිලුණාහු කිඹුල් ආදීන්ගේ ගොදුරක් වූ කාලය මෙන් සංසාර ස්‍රෝතසෙහි ගිලුණු තැනැත්තාගේ සතර අපායෙහි දුක්විඳීමේ කාලය දතයුතුයි.
(2). “මහණෙනි,
තවත් මහණකු සක්කාය නිරෝධය පිණිස භාවනාවේ යෙදෙන ඔහුගේ සිත ඒකාග්‍ර වේ. තැන්පත් වේ. ධ්‍යානය යන ශාන්ත චිත්ත විමුක්තියකට සිත නැංවේ. ඔහු ඒ ධ්‍යානයට එළඹ වාසය කරයි., ඒ ධ්යානයන්හි සුඛය ඔහු විඳීනමුත් ඒ සුවයේ නොඇලේ. ඔහු අනුක්‍රමයෙන් ධ්‍යානයෙන් ධ්යානයට් සිත නංවා චේතෝ විමුක්තිය ලබයි.
හෙතෙම සක්කාය නිරෝ්ධය පිණිස විදර්ශනාවේ යෙදෙයි. සිය කයේ අනිච්ච දුක්ඛ, අනාත්ම තිලක්ෂණය විදර්ශනා කිරීමෙන් , මහණෙනි, ඒ භික්‍ෂුව විසින් සක්කාය නිරෝධය ලබා ගනියි.
මහණෙනි, එසේම “මහණෙනි, මේ මහණහු එක්තරා ශාන්ත චිත්ත විමුක්තියකට පැමිණ වාසය කරයිද, ඔහු ඒ ධ්‍යාන සමාපත්තියේ ආශ්වාදයෙන් මුලාවට නොපැමිණෙයි. හෙතෙම සක්කාය නිරෝ්ධය පිණිස ප්‍රථම ධ්‍යානයේ සමාපත්තිය ලද විට එය විදර්ශනාවට ආධාරයක් කර ගනී. ඒ විදසුන් නුවන අවබෝධ කල ඔහු ඊළඟට ඉතිරි ධ්යානයනට ද එකින් එක ඇතුල් වේ. ඒ කිසිම ධ්යානයක ආශ්වාදයේ නො ඇලේ.
, සක්කාය නිරෝධය මෙනෙහි කරණ ඔහුට සක්කාය නිරෝධයෙහි සිත ලුහු බඳියිද, පහදියිද, සිටීද, බැසගනීද, මහණෙනි, ඒ භික්‍ෂුව විසින් සක්කාය නිරෝධය කැමති විය යුතුය.
[සුද්ධෙන හත්‍ථෙන යනු මනාව සේදූ පිරිසුදු අතිනි, , කලින් කී ලෙසම පරතෙරට යනු කැමැති පුරුෂයා කුඹුක් ගස් නම් සිලිටි අතු අත්තේය, කිළිටි අතින් අල්වන්නහුගේ අත ලෙස්සා යන්නේ යයි අත්පා පිරිසුදු කොට එක් අත්තක් අල්වාගෙන පළමුගසට නැග්ගේ එයින් බැස දෙවැනි ගසට – පෙ- අටවැනිගසට නැග්ගේ අටවැනි ගසින් බැස එතෙර ක්‍ෂේමභූමියට ගියේය.
එහි මේ ගස්වලින් පරතෙරට යන්නෙමැයි ඒ පුරුෂයා සිතු කාලය මෙන් යෝගියා අටසමවතට – සමවැදී සමවෙතින් නැගිට රහත්බව ගගන්නෙමැයි සිතූ කාලය දැක්විය යුතු ය, පිරිසුදු අතින් අත්ත අල්ලා ගැනීමට මෙන් ධ්‍යාන විදර්‍ශනාවන්ගේ උවදුරු පිරිසුදු කොට සමවතට සමවැදීමයි, පළමු ගසෙන් බැස දෙවැනි ගසට නැගුණු කාලය මෙන් ප්‍රථම ධ්‍යානයෙහි ආශාවෙන් නොබැඳුණු තැනැත්තාගේ එයින් නැගී ද්විතීය ධ්‍යානයට සමවත් කාලයයි, -පෙ- සත්වැනි ගසින් බැස අටවැනි ගසට නැගි කාලය මෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙහි ආසාවෙන් නොබැඳුණු තැනැත්තේ එයින් නැගට නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට සමවත් කාලයයි, අටවැනි ගසින් බැස පරතෙරෙහි ක්ෂෙම භූමියට ගියකාලය මෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ඇලීමෙන් නොබැඳුණු තැනැත්තා සමවතින් නැගිට සංස්කාරයන් විමසා බලා රහත් බවට පැමිණි කාලය දතයුතුය,
(3). “මහණෙනි, අවිද්‍යා ප්‍රභේදය
තවත් භික්ෂුවක් එක්තරා ශාන්ත චිත්ත විමුක්තියකට පැමිණ වාසය කරයි, ඔහු අවිද්‍යාවෙන් දුරුවීම පිණිස අවිද්‍යාව ප්‍රභේදයට අවශ්‍යවන විදර්ශනාවක් නොකරයි. මේ අට තැන්හිම ඔහු කිසිදු විදර්ශනාවක් නොකරන්නේ අවිද්‍යාව පහකර ගන්නට අසමත් වන්නේය. මමය කියා ගන්නා සිය කයට ඇති උපාදානය හැර ගන්නට සුදුසු කමටහනක් නොලබයි. ඒ නිසා විදර්ශනා භාවනාවක් නොකරයි. ඒ පිනිස අවහ්‍ය ධර්මයක් ඔහුට නොඇසේ.
හෙතෙම අවිද්‍යාව දුරු කර නොගනී. ඔහු සිය චාතුර් ධාතුක කය උපාදානය කරගෙනම සිටී. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර නොගනී.
“මහණෙනි, අවුරුදු ගණනාවක් නගරයක අසුචි , කසල , ඈ දේ ගලා විත් පිරුණු පැරණි ගවර විලක් ඇත. ඒ ගවර විලට ගවර ඇතුල්වන ප්‍රවේශ මාර්ග සියල්ල වසන්නේය. ඉන් කසල දිය පිටව යන සිදුරු සියල්ලම විවෘත කරන්නේය. වර්‍ෂාවද නොවසින්නේය. මහණෙනි, එසේ වූ ඒ ගවර විලෙහි ඉවුරු බිදී යාමක් නොවන්නේය.
එසේම මහණෙනි, යම් මහනෙකු එක්තරා ශාන්ත චිත්ත විමුක්තියකට පැමිණ වාසය කරයි, ඉන් ලබන සමාපත්න සුඛයෙ හි ඇලෙයි. හෙතෙම අවිද්‍යා කොටස් මෙනෙහි කරත්ද, අවිද්‍යා කොටස් මෙනෙහි කරණ ඔහුට අවිද්‍යා ප්‍රභෙදයෙහි සිත ලුහු නොබඳියිද, නොපහදියිද, නොසිටීද, බැස නොගනීද, මහණෙනි, ඒ භික්‍ෂුව විසින් අවිද්‍යා ප්‍රභෙදය කැමති නොවිය යුතුයි.
භික්ඛු අඤ්ඤතරං සන්තං චෙතොවිමුත්තිං උපසම්පජ්ජ විහරති. සො අවිජ්ජාප්පභෙදං මනසි කරොති. තස්ස අවිජ්ජාප්පභෙදං මනසි කරොතො අවිජ්ජාප්පභෙදෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති නාධිමුච්චති. තස්ස ඛො එවං, භික්ඛවෙ, භික්ඛුනො න අවිජ්ජාප්පභෙදො පාටිකඞ්ඛො.
අවිජ්ජාපභෙදං මනසිකාරොති යනු අටතැනක නොදැනීම බුද්ධාදී අට තැන්හි සැකය දුරු නොකරයි. හේතුඵල ධර්මයන් ගැන වූ ඝන හා පෘථුල වූ මහා අවිද්‍යාවගේ ප්‍රභේද සංඛ්‍යාත අර්හත්වය මෙනෙහි කරයි. න පක්ඛන්ධති යනු අරමුණු වශයෙන්ම නොපැකිලෙයි,
(4). “මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ශාන්ත චිත්ත විමුක්තියකට පැමිණ වාසය කරයිද, හෙතෙම අවිද්‍යා ප්‍රභෙදය මෙනෙහි කරයිද. අවිද්‍යා ප්‍රභෙදය මෙනෙහි කරණ ඔහුට අවිද්‍යා ප්‍රභෙදයෙහි සිත ලුහු බඳියිද, පහදියිද, සිටීද, බැස ගනීද, මහණෙනි, ඒ භික්‍ෂුව විසින් අවිද්‍යා කොටස් කැමති විය යුතුයි.
“මහණෙනි, නොයෙක් වර්‍ෂ ගනන් ගිය ගවර විලක් යම් සේද, පුරුෂයෙක් තෙම ඒ ගවර විලට ගවර එන වැඩෙන මාර්ගයක් වේද, එය විවෘත කරන්නේය. යම් පිටවෙන මාර්ගයක් වේද, එය වසන්නේය, වර්‍ෂාවද මනාකොට වැසින්නේය. මහණෙනි, එසේ වූ ගවර විලෙහි ඉවුරු කැඩී යයි.
මහණෙනි, එසේම මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ශාන්ත චිත්ත විමුක්තියකට පැමිණ වාසය කරයිද, හෙතෙම අවිද්‍යා ප්‍රභෙදය මෙනෙහි කරයිද. අවිද්‍යා ප්‍රභෙදය මෙනෙහි කරණ ඔහුට අවිද්‍යා ප්‍රභෙදයෙහි සිත ලුහු බඳියිද, පහදියිද, සිටීද, බැස ගනීද, මහණෙනි, ඒ භික්‍ෂුව විසින් අවිද්‍යා කොටස් කැමති විය යුතුයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.”-
[ජම්බාලි යනු නගරයක නික්මෙන වසුරු කිලිටි ජලය පිහිටන තැනක් වූ මහා ආවාටයයි.
අනෙක වස්ස ගණිකා යනු ගම හෝ නගරය හෝ උපන් කාලයෙහිම උපන් බැවින් නොයෙක් වසර ගනන් උපන්නේ මැයටනුයි අනෙක වස්සගණිකා නමි,
ආයමුඛානි යනු පිවිසෙන කඳුරු සතරයි, මෙහි ඇතුල්වන, ගවර එන මාරග නම් : සප්පාය ධරමය ශ්‍රවනය කිරීමයි . සක්කාය දිට්ඨිය නැතිවීමට උදව් වන ධර්මය ඇසීමය.
අපායමුඛානි යනු පිටට බැසයන සිදුරුයි, වැසු, පිටව යන දොරටු නම් ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීමයි.
න ආළිප්පභෙදො පාටිකඞ්ඛො යනු වැටියේ බිඳීමක් බලාපොරොත්තු නොවිය යුතුය, එයින් දිය නැඟි වැටිය බිඳී රොඩු ගසාගෙන ගොස් මහ සමුදුරට නොපැමිණීමය. සසර යලි සැරිසරන්නට සිදු නොවීමය.
මෙම අර්‍ත්‍ථය පැහැදිලි කිරීම සඳහා උයන සෙවීමේ උපමාව ගෙන හැර දැක්විය යුතුය, එක් නගර වැසි කුලපුත්‍රයෙක් උයනක් සොයන්නේ නගරයෙන් ඉතා නොදුරෙහි ද ඉනොළංහි ද මහත් ආවාටයක් දුටුවේය. හෙතෙම මෙතැන සිත්කලු උයනක් වන්නේයයි සලකා උදැල්ලක් ගෙන කඳුරැලි සතරම වසා පිටකරන සිදුරු ඇර සිටියේය, වැස්ස මොනවට නොවැස්සේය, ඉතිරි ජලය පිටවන සිදුරුවලින් පෙනී ගියේය, සම්කඩ රෙදිකැබලි ආදිය එහිම කුණුවිය, පණුවෝ ගැවසීගත්හ. හාත්පස නොඑළඹිය හැකි විය. එළඹුනවුන්ට ද නාස්පුඬු වසාගෙන එළඹිය යුතු තැනක් විය, හෙතෙම කිහිපදිනකින් පැමිණ ඉවත්ව සිටියේ බලා ළංවිය නොහැකැයි පිටවී ගියේය,
එහි නගරවැසි කුලපුත්‍රයා මෙන් යෝගාවචරයා දැක්විය යුතුය, උයනක් සොයන්නහු විසින් ගම්දොරටුවෙහි ආවාටයක් දුටු කාලය මෙන් සතර මහා භූතයන්ගෙන් හටගත් ශරීරයයි, පිවිසෙන දොරටු වැසූ කාලය මෙන් දහම් ඇසීම නැමැති දිය නොලැබුණු කාලයයි, පිටවන දොරටු විවරකළ කාලය මෙන් දොරටු සය පිළිබඳ සංවරය විසිරීගිය කාලයයි, වැසි මනාව නොවන කාලය මෙන් සුදුසු කමටහනක් නොලද කාලයයි, ඉතිරි දිය පිටවන දොරටුවලින් පෙරීගිය කාලය මෙන් ඇතුළත ගුණයන් පිරිහුණු කාලයයි, දියනැගී ඉවුර කැඩී රොඩු රැගෙන මහමුහුදට පැමිණිමට නොහැකි කාලය මෙන් අරහත් මගින් අවිද්‍යා නමැති ඉවුර බිඳ කෙලෙස් රැස් වනසා නිවන ප්‍රත්‍ය කිරීමට අසමත් කාලයයි. සම්කඩ රෙදිකැබලි ආදිය එහිම කුණුබවට පත්වීම මෙන් අභ්‍යන්තරයෙහි රාගාදී කෙලෙසුන්ගෙන් පිරුණු කාලයයි, අවුත්දැක විපිළිසරව ගිය කාලය මෙන් සසරින් යුක්ත පුද්ගලයාගේ සසරෙහි ඇළුම්කරන කාලය දතයුතු යි.
ආළිප්පභෙදො පාටිකඞ්කො යනු වැටියේ බිඳීමක් බලාපොරොත්තු වියයුතුය, එයින් දියනැඟී වැටිය බිඳී රොඩු කුණු රැගෙන මහ සයුරට පැමිණීමට හැකිය යන අර්‍ත්‍ථයි,
මෙහි ද ඒ උපමාවම ගෙනහැර දැක්විය යුතුය, එහි යෝග්‍ය ධර්‍මශ්‍රවණය ලැබුණු කාලය පිවිසෙන දොරටු ඇරුණු කාලය මෙනි, සදොරෙහි සංවරය එළඹුණු කාලය පිටවන දොරටු වැසූ කාලය මෙනි, යොග්‍ය කර්‍මස්ථානයක් ලැබුණු කාලය මනාව වැසිවට කාලය මෙනි, රහත් මගින් අවිද්‍යාව බිඳ අකුශල රාශිය විනාශ කොට රහත්බව පසක්කළ කාලය දියපහර නැඟී ඉවුර බිඳ රොඩුකුණු රැගෙන මහමූදට පැමිණි කාලය මෙනි, ඇතුළත ලොවුතුරු දහමින් පිරුණු කාලය පිවිසෙන දොරටුවලන් පිවිසි දියෙන් විලපිරුණු කාලය මෙනි, දහම් පහයට නැග නිවන අරමුණු වූ පල සමවත නඟා හුන්කාලය. හාත්පසින් වැටියක් දමා ගස් වවා උයන මැද පහයක් තනා නැටුම් ඉදිරිපත් කරවා මනා බොජුන් වළඳන කාලය මෙනි. මෙහි සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය, දේශනාව ලෞකික ලෝකෝත්තර මිශ්‍රකව කියන ලදි.]
වරක් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙත ගොස් මෙසේ ප්‍රශ්නයක් අසා වදාළහ.
‘ඇවැත්නි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස,
ඇතැම් සත්ත්‍වයෝ මේ ආත්මයෙහිම පිරිනිවන් නොපාන්නට, හේතුව කවරේද, ඊට ප්‍රත්‍යය කවරේදැ’ යි ඇසුයේය.
“ඇවැත්නි, ආනන්‍දය,
(i).මේ ලෝකයෙහි සත්ත්‍වයෝ මේ සංඥාවෝ පිරිහීම් භජනය කරත්යයි තත්වූ පරිද්දෙන් නොදනිද්ද,
(ii).මේ ධර්‍මයෝ පැවැත්ම භජනය කරත්යයි තත්වූ පරිද්දෙන් නොදනිද්ද,
(iii).මොවුහු විශේෂයට පැමිණේයයි තත්වූ පරිද්දෙන් නොදනිද්ද,
(iv).මොවුහු නිවන භජනය කෙරෙත්යයි තත්වූ පරිද්දෙන් නොදනිත්ද,
ඇවැත්නි, ආනන්‍දය, සත්ත්‍වයෝ මේ ආත්මයෙහිම පිරිනිවන් නොපාන්නට , මේ හේතුය. මේ ඊට ප්‍රත්‍යය.
“ඇවැත්නි, ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ මේ ආත්මයෙහිම පිරිනිවන් පාන්නට , හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද?
“ඇවැත්නි, ආනන්‍දය,
(i). මේ ලෝකයෙහි සත්ත්‍වයෝ මේ සංඥාවෝ පිරිහීමට යන්නේයයි තත්වූ පරිද්දෙන් දනීද,
(ii). මොවුහු පැවැත්ම භජනය කරත්යයි තත්වූ පරිද්දෙන් දනිද්ද,
(iii). මොවුහු විශේෂයට පමුණුවන්නේයයි තත්වූ පරිද්දෙන් දනිද්ද,
(iv).මොවුහු නිවන භජනය කෙරෙත්යයි තත්වූ පරිද්දෙන් දනිද්ද,
ඇවැත්නි, ආනන්‍දය, ඇතැම් සත්ත්‍වයෝ මෙලොවම පිරිනිවෙත්ද මේ ඊට හේතුය. මේ ඊට ප්‍රත්‍යය.”
මෙහි භානභාගියා සඤ්ඤා යනාදියෙහි “පඨමස්සඣානස්ස ලාභිං කාමසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති හානභාගිනී පඤ්ඤා”යි අභිධර්‍මයෙහි කියන ලද අයුරින්ම අර්‍ත්‍ථය දතයුතුය. යථාභූතං නප්පජානන්ති යනු යථා ස්වභාවයෙන් මාර්‍ගඥානයෙන් නොදනිත්. ය
“එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භොග නගරයෙහි, ආනන්‍ද චෛත්‍යයෙහි වාසය කරණ සේක. එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි,’ යි භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
[මෙහි භොගනගරෙ විහරති යනු පිරිනිවන් සමයෙහි චාරිකාවෙහි හැසිරෙන සේක් ඒ නුවරට පැමිණ එහි වසන සේක, ආනන්ද චෙතියෙ යනු ආනන්ද යක්‍ෂයා වසන තැන පිහිටි විහාරයෙහියි, මහාපදෙසෙ යනු මහත් වූ පෙදෙසක හෝ මහත් කරුණෙහිය, බුද්ධාදී වූ මහත් මහත් අය දක්වමින් කියන ලද මහකරුණුය යන අරුත්ය,
නෙව අභිනන්දිතබ්බං යනු සතුටින් සාධුකාර දී මුලින්ම නොඇසියයුතුය, මෙසේ කළ කල්හි පසුව මෙය නොගැලපේ යයි කියන්නේ ද කිමෙක්ද කලින්ම මේ ධර්‍මයයි දැන් ධර්‍මය නොවේ යයි කියා ලබ්ධිය ඉවත නොදමයි, න පටික්කොසිතබ්බං යනු කුමක් මේ මෝඩයා කියත්දැයි කලින්ම මෙසේ නොකිව යුතුය. මෙසේ කීකල්හි කීමට සුදුසු දෙයද නොකියයි, එහෙයින් “අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා”යි කියන ලදි,
“පදව්‍යඤ්ජනානි යනු පදසංඛ්‍යාත ව්‍යංජනයි, සාධුකං උග්ගහෙත්වා යනු මෙතැන්හි පෙළ කියන ලදි, මෙතැන්හි අර්‍ත්‍ථය කියන ලදි. මෙතැන්හි ගැලපීම් කරන ලදි, මෙතැන්හි පූර්‍වාපරය කියනලදැයි මනාව ගෙනයි, සුතෙත ඔතාරෙතබ්බානි යනු සූත්‍රයෙහි බහාලිය යුතුයි, විනයෙ සන්දස්සෙතබ්බානි යනු විනයෙහි (විනය සමග) සැසදිය යුතුයි.
මෙහි ද සුත්තං යනු විනයයි කියන ලදි, “කත්‍ථ පටික්ඛිත්තං සාවත්ථියං සුත්තවිභඞ්ගෙ”යි කියන ලද්දේ එහෙයිනි, විනයො යනු ඛන්ධකයයි, ‘කොසම්බියං විනයාතිසාරෙ’යි කියන ලද්දේ එහෙයිනි, මෙසේ විනය පිටකයද හාත්පසින් නොගැනෙයි, උභතො විභඞ්ගයෙන් සුත්තඛන්ධ පරිවාර යන මේවා විනයයි මෙසේ විනයපිටකය හාත්පසින් ගැනෙයි, නැතහොත් සූත්‍රාන්ත පිටකය සුත්ත යයි ද විනයපිටකය විනයයි ද මෙසේ පිටක දෙකම ගනුලැබෙයි, සූත්‍රාන්ත අභිධර්‍ම පිටක හෝ සුත්ත යයි ද විනය පිටකය විනයයි මෙසේ ද තුන්පිටකය ගනු නොලැබෙයි, ජාතක, පටිසම්භිදා නිද්දෙස, සුත්තනිපාත, ධම්මපද, උදාන, ඉතිවුත්තක, විමානවත්ථු, පෙතවත්ථු, ථෙරගාථා, ථෙරීගාථා, අපදාන යනුවෙන් සූත්‍රනාමයෙන් නොගැනෙන බුද්ධ වචනයක් ඇත.
“මහණෙනි,
සතර මහා ප්‍රදේශයන් දේශනා කරන්නෙමි. එය අසව්.
මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි වදාළ සේක.
ඒ භික්‍ෂූහු, ‘එසේය, ස්වාමීනි’ යි කියා භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සතර මහා ප්‍රදේශයෝ කවරහුද?
(1). “මහණෙනි, යම් මහනෙක්, ‘ඇවැත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිටදී අසන ලදී. ඉදිරිපිටදී පිළිගන්නා ලදී. මේ ධර්‍මය, මේ විනය, මේ ශාස්තෘ ශාසනයයි,’ යැයි කියන්නේය. “මහණෙනි, ඒ භික්‍ෂුවගේ කීමට තොප විරුද්ධ නොවිය යුතුයි. ඒ ගැන නොමනාප නොකටයුතුය. නොසතුටු නොවී, ආක්‍රොශ නොකොට, ඒ කියනා පදයන්, ව්‍යඤ්ජනයන් මනාකොට උගෙන, මා දෙසනා කල අනෙක් සූත්‍රයන් හා සමකළ යුත්තාහ. විනය හා සැසඳිය යුත්තාහ.“
ඉදින් ඒ අනෙක් සූත්‍රයන් හා සමාන කරන්නේ, විනය හා සසඳන්නේ, සූත්‍රයට සමාන නොවෙත්ද, විනය හා නොසැසඳෙත්ද, ඒකාන්තයෙන් මෙය බුද්‍ධ වචනයක් නොවන්නේමය. මේ භික්‍ෂුව නපුරුකොට වරදවා ගත් එකකැයි තීරණය කල යුතුය. මහණෙනි, එය මෙසේ අත්හරිව්.
[සුදින්න නම් තෙරණුවෝ වනාහි අසුත්ත නම් වූ බුද්ධ වචනයක් ඇත්දැයි ඒ සියල්ල ප්‍රතික්‍ෂේප කොට තුන්පිටකය සුත්ත (නම්ය) විනය වනාහි කාරණයයි පැවසූහ. එයින් එකරුණ දක්වන්නෝ මේ සූත්‍රය ගෙනහැර දැක්වූහ:]
“මහණෙනි, මේ ශාසනයෙහි යම් මහනෙක්, ‘ඇවැත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිටදී අසන ලදී. ඉදිරිපිටදී පිළිගන්නා ලදී. මේ ධර්‍මය, මේ විනය, මේ ශාස්තෘ ශාසනයයි,’ යැයි කියන්නේය.“
ඉදින් ඔවුන් සූත්‍රයන් හා සම කරන්නේ, විනය හා සසඳන්නේ, සූත්‍ර හා සමද, විනය හා සැසඳෙත්ද, ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතතුන් වහන්සේගේ වචනයය. මේ භික්‍ෂුවද යහපත්සේ උගත්තේයයි නිෂ්ටාවට යා යුත්තාහ.“
මහණෙනි, මේ පළමුවෙනි මහා ප්‍රදේශය දරව්.
(2) “මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් අසවල් ආවාසයෙහි තෙරුන් සහිත, ප්‍රමුඛයන් සහිත, සංඝයා වසයි. මා විසින් ඒ සංඝයාගේ සම්මුඛයෙන් මේ අසන ලදී. ඔවුන් සම්මුඛයෙන් පිළිගන්නා ලදී. මේ ධර්‍මයය, මේ විනයය, මේ ශාස්තෲ ශාසනයයි’ කියන්නේය.“
මහණෙනි, ඒ භික්‍ෂුවගේ කීමට නොසතුටු නොවිය යුතුයි. ආක්‍රොශ නොකටයුතුය. නොසතුටු නොවී, ආක්‍රොශ නොකොට, ඒ පදයන්, ව්‍යඤ්ජනයන් මනා කොට උගෙන, සූත්‍රයන් හා සමකළ යුත්තාහ. විනය හා සැසඳිය යුත්තාහ.“
ඉදින් ඔවුන් සූත්‍රයන් හා සමාන කරන්නේ, විනය හා සසඳන්නේ, සූත්‍රයට සමාන නොවෙත්ද, විනය හා නොසැසඳෙත්ද, ඒකාන්තයෙන් මෙය භාග්‍යවයතුන් වහන්සේගේ වචන නොවන්නේමය. මේ භික්‍ෂුව නපුරුකොට වරදවා ගත් එකකැයි නිෂ්ටාවට යා යුතුය. මහණෙනි, මෙය මෙසේ අත්හරිව්.
“මහණෙනි, මේ ශාසනයෙහි මහනෙක්, ‘ඇවැත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිටදී අසන ලදී. ඉදිරිපිටදී පිළිගන්නා ලදී. මේ ධර්‍මය, මේ විනය, මේ ශාස්තෘ ශාසනයයි,’ මෙසේ කියන්නේය.“
මහණෙනි, ඒ භික්‍ෂුවගේ කීමට නොසතුටු නොවිය යුතුයි. ආක්‍රොශ නොකටයුතුය. නොසතුටු නොවී, ආක්‍රොශ නොකොට, ඒ පදයන්, ව්‍යඤ්ජනයන් මනාකොට උගෙන, සූත්‍රයන් හා සමකළ යුත්තාහ. විනය හා සැසඳිය යුත්තාහ.“
ඉදින් ඔවුන් සූත්‍රයන් හා සම කරන්නේ, විනය හා සසඳන්නේ, සූත්‍ර හා සමද, විනය හා සැසඳෙත්ද, ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවත්, අර්හත්, සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේගේ වචනය මේ භික්‍ෂුවද යහපත් සේ උගත්තේයයි නිෂ්ටාවට යා යුත්තාහ.“
මහණෙනි, මේ දෙවෙනි මහා ප්‍රදේශය දරව්.
(3). “මහණෙනි, යම් මහණෙක් මෙසේ කියයි.
“අසවල් ආවාසයෙහි බහුශ්‍රුතවූ, ආගම බොහෝ සේ දත්, ධර්‍මධර, විනයධර, මාතිකාධර බොහෝ ස්ථවිර භික්‍ෂූහු වාසය කරත්. මා විසින් ඒ තෙරුන්ගේ සම්මුඛයෙන් මේ අසන ලදී. සම්මුඛයෙන් පිළිගන්නා ලදී. මේ ධර්‍මය ය. මේ විනය ය, මේ ශාස්තෘ ශාසනයයි” යැ කියන්නේය.“
මහණෙනි, ඒ භික්‍ෂුවගේ වචනය පිලි නොගත යුතුය. නොසතුටු නොවිය යුතුය. ආක්‍රොශ නොකට යුතුය. නොසතුටු නොවී, ආක්‍රොශ නොකොට, ඒ පදයන්, ඒ ව්‍යඤ්ජනයන්, මනාකොට උගෙන, අනෙක් සූත්‍රයන් හා සමකළ යුත්තාහ. විනය හා සැසඳිය යුත්තාහ.“
ඉදින් ඒ නොයෙක් සූත්‍රයන් හා සමාන කරන්නේ, විනය හා සසඳන්නේ, සූත්‍රයට සමාන නොවෙත්ද, විනය හා නොසැසඳෙත්ද, ඒකාන්තයෙන් මෙය භාග්‍යවත්, අර්හත්, සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේගේ වචනය නොවන්නේමය. මේ භික්‍ෂුව නපුරුකොට වරදවා ගත් එකකැයි නිෂ්ටාවට යා යුතුය. මහණෙනි, මෙය මෙසේ අත්හරිව්.
මහණෙනි, මේ තුන්වෙනි මහා ප්‍රදේශයයි.
(4). “මහණෙනි,
“මහණෙනි, යම් මහණෙක් මෙසේ කියයි.,
“… අසවල් ආවාසයෙහි බහුශ්‍රුතවූ, ආගම දත්, ධර්‍මධර, විනයධර, මාතිකාධර බොහෝ ස්ථවිර භික්‍ෂූහු වාසය කරත්. මා විසින් ඒ තෙරුන්ගේ සම්මුඛයෙන් මෙසේ අසන ලදී. සම්මුඛයෙන් පිළිගන්නා ලදී. මේ ධර්‍ම, මේ විනය, මේ ශාස්තෘ ශාසනයයි කියන්නේය.“ කිවහොත් මහණෙනි, ඒ භික්‍ෂුවගේ වචනයට නොසතුටු නොවිය යුතුය. ආක්‍රොශ නොකට යුතුය. නොසතුටු නොවී, ආක්‍රොශ නොකොට, ඒ පදයන්, ඒ ව්‍යඤ්ජනයන්, මනාකොට උගෙණ, සූත්‍රයන් හා සමකළ යුත්තාහ. විනය හා සැසඳිය යුත්තාහ.
“ඉදින් ඒ කීම සූත්‍රයන් හා සමාන කරන්නේ, විනය හා සසඳන්නේ, සූත්‍රයට සමාන නොවෙත්ද, විනය හා නොසැසඳෙත්ද, ඒකාන්තයෙන් මෙය භාග්‍යවත්, අර්හත්, සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේගේ වචන නොවන්නේමය. මේ භික්‍ෂුව නපුරුකොට වරදවා ගත් එකකැයි නිෂ්ටාවට දත යුතුය. මහණෙනි, මෙය මෙසේ අත්හරිව්.
“මහණෙනි,
මේ ශාසනයෙහි මහණෙක් අසවල් ආවාසයෙහි බහුශ්‍රුතවූ, ආගම දත්, ධර්‍මධර, විනයධර, මාතිකාධර බොහෝ ස්ථවිර භික්‍ෂූහු වාසය කරත්. මා විසින් ඒ තෙරුන්ගේ සම්මුඛයෙන් මෙසේ අසන ලදී. ඔවුන් සම්මුඛයෙන් පිළිගන්නා ලදී. මේ ධර්‍මය , මේ විනය, මේ ශාස්තෘ ශාසනයයි කියන්නේය.“
මහණෙනි, ඒ භික්‍ෂුවගේ වචනයට නොසතුටු නොවිය යුතුය. ආක්‍රොශ නොකට යුතුය. නොසතුටු නොවී, ආක්‍රොශ නොකොට, ඒ පදයන්, ඒ බ්‍යඤ්ජනයන්, මනාකොට උගෙණ, සූත්‍රයන් හා සමකළ යුත්තාහ. විනය හා සැසඳිය යුත්තාහ.“
ඉදින් ඔවුන්ගේ කීම අනෙක් සූත්‍ර හා සම කරන්නේ, විනය හා සසඳන්නේ, සූත්‍ර හා සම වෙත්ද, විනය හා සැසඳෙත්ද, ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවත්, අර්හත්, සම්මා සම්බුද්‍ධයන් වහන්සේගේ වචනය ඒ තෙරුන්ද මනාකොට ගන්නා ලද්දේයයි නිෂ්ටාවට යා යුතුය. මහණෙනි, මේ සතරවෙනි මහා ප්‍රදේශය දරව්.
මහණෙනි, මේ සතරවන මහා ප්‍රදේශයයි
“මහණෙනි, මේ සතර මහා ප්‍රදේශයෝයි.”
“ගෞතමිය, මේ ධර්‍මයෝ රාගය පිණිස පවතිත්, විරාගය පිණිස නොවෙත්, සංයෝගය සඳහා පවතිත්, වියෝගය සඳහා නොවෙත්, දැඩිව ගැනීම සඳහා පවතිත්, අඩු ආශාව සඳහා නොපවතිත්, අසතුට සඳහා පවතිත්, සතුට සඳහා නොපවතිත්, අලසබව සඳහා පවතිත්, වීර්යය පටන් ගැනීම සඳහා නොපවතිත්, රැස්කිරීම සඳහා පවතිත්, තුනී කිරීම සඳහා නොපවතිත් යනුවෙන් යම් ධර්‍මයන් දන්නෙහි ද ගෝතමිය ඒකාන්තයෙන් එය ධර්‍මය නොවේය. එය විනය නොවේය, එය ශාස්තෲ ශාසනය නොවේයයි ඒකාන්තයෙන්ම දන්නෙහිය (දතයුතුය).
ගෞතමිය, මේ ධර්‍මයෝ විරාගය සඳහා පවතිත්, රාගය සඳහා නොවෙත්, විසංයෝගය සඳහා පවතිත්, සංයෝගය සඳහා නොවෙත්, දැඩිව නොගැනීම සඳහා පවතිත්, දැඩිව ගැනීම සඳහා නොවෙත්, අපිස් බව සඳහා පවතිත්, බොහෝවක් කැමති බව සඳහා නොවෙත්, සතුට සඳහා පවතිත්, අසතුට සඳහා නොවෙත්, වීර්යය ඇරඹීම සඳහා පවතිත්, අලසබව සඳහා නොවෙත්, විවේකය සඳහා පවතිත්, එක්ව ගොනුවීම සඳහා නොවෙත්, තුනී කිරීම සඳහා පවතිත්, රැස්කිරීම සඳහා නොවෙත් යනුවෙන් ධර්‍මයන් දන්නෙහි ද, ගෞතමිය ඒකාන්තයෙන්ම එය ධර්‍මයයි. එය විනයයි එය ශාස්තෲ ශාසනයයි දතයුතුය.
එබැවින් සුත්තෙ යනු ත්‍රිපිටක බුද්ධ වචනයෙහි බහාලිය යුත්තාහ. විනයෙ යනු මේ රාගය දුරුකරන කරුණෙහි සැසඳිය යුත්තාහුය යන මෙය මෙහි අර්‍ත්‍ථයයි, න චෙව සුත්තෙ ඔතරන්ති යනු සූත්‍ර පිළිවෙළින් කිසි තැනක නොගොස් පිටපොත්ත නඟා පෙන්වා සැඟවුණු වෙස්සන්තර සැඟවුණු උම්මග්ග සැඟවුණු විනය වේදල්ල පිටකයන්ගෙන් එකෙකින් ආ ඒවා පෙනෙත් යයි අර්‍ත්‍ථයයි. රාගාදි විනයෙහි ද නොපැනෙන එසේ ආ දෙය ඉවතලිය යුතුයයි එයින් කියන ලදි. ඉදං භික්ඛවෙ චතුත්‍ථං මහාපදෙසං ධාරෙය්‍යාථ යනු ධර්‍මයෙහි පිහිටීමට ඉඩක්වන මෙම සතර වැන්න දරන්නහුයි.
By AN 04-18-01. සඤ්චෙතනා හේතුක සූත්‍රය