Sign up to save your podcasts
Or

AN 04-21-01. සික්ඛාපූරක සූත්‍රය
AN 04-21-02. අස්සද්‍ධ සූත්‍රය
AN 04-21-03. සත්තකම්ම සූත්‍රය
AN 04-21-04. දසකම්ම සූත්‍රය
AN 04-21-05. අට්ඨංගික සූත්‍රය
AN 04-21-06. දසංගික සූත්‍රය
AN 04-21-07. පඨම පාපතර සූත්‍රය
AN 04-21-08. දුතිය පාපතර සූත්‍රය
AN 04-21-09. පඨම පාපධම්ම සූත්‍රය
AN 04-21-10. දුතිය පාපධම්ම සූත්‍රය
මහණෙනි,
තොපටඅසත්පුරුෂයාද,
අසත්පුරුෂය තරයාද,
සත්පුරුෂයාද,
සත්පුරුෂ තරයාද,
කවුරුන්දැ”යි දේශනා කරන්නෙමි.
එය අසව්.
මනාකොට අවබෝධ කරව්.
කියන්නෙමි.” වදාළ සේක.
“ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු පිළිවදන් දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි,
අසත්පුරුෂයා යනු කවරේක්ද?
“යමෙක් සතුන් මරන්නේද,
නුදුන් දේ ගන්නේද,
කාමයන්හි වරදවා හැසිරෙන්නේද,
බොරු කියන්නේද,
රහමෙර බොන්නේද,
“මහණෙනි, මේ මිනිසා ට
අසත්පුරුෂයායයි කියනු ලැබේ.
[මෙම සූත්‍රයෙහි අසප්පුරිසං යනු ලාමක පුද්ගලයායි, හිස් පුද්ගලයායි, මෝඩ පුද්ගලයායි, අවිද්‍යාවෙන් අන්ධ කරනලද මෝඩයායි, පඤ්ච වෛර වශයෙන් දෙසන ලදි.
1. යමෙක් ප්‍රාණඝාතය කරන්නේ, ප්‍රාණඝාතය හේතුවෙන් මෙලොව දී ද යම් භයක් හා වෛරයක් උපදවා ගනියි, පරලොව දී ද යම් භයක් හා වෛරයක් උපදවා ගනියි, සිතින් ද දුක් දොම්නස් විඳියි, ප්‍රාණඝාතයෙන් වැළකී සිටින තැනැත්තා ඒ මෙලොව දී ලබන භය හා වෛර නොලබයි. පරලොව දී ලබන භය හා වෛර ත් නොලබයි. මානසික දුක් දොම්නසුත් නොවිඳියි. මේ අයුරින් ප්‍රාණඝාතයෙන් වැළකී සිටින්නහුගේ භය හා වෛර සංසිඳුණේ වෙයි.
2 . ගෘහපතිය, නුදුන් දේ සොරකම් කරනා තැනැත්තා ….(පෙ)
…. කාමයන්හි අනාචාරී ව හැසිරෙන්නා ….(පෙ)…
. අසත්‍ය දේ පවසන්නා ….(පෙ)….
ගෘහපතිය, යමෙක් මත් වීමටත්, ප්‍රමාදයටත් හේතුවෙන සුරාමේරය පානය කරන්නේ, මත් වීමටත්, ප්‍රමාදයටත් හේතුවෙන සුරාමේරය හේතුවෙන් මෙලොවදීද භය හා වෛරය උපදවා ගනියි, පරලොවදීද භයක් හා වෛරයක් උපදවා ගනියි, සිතින්ද දුක් දොම්නස් විඳියි,
මත් වීමට ත්, ප්‍රමාදයට ත් හේතුවෙන සුරාමේරයෙන් වැළකී සිටින තැනැත්තා ඒ මෙලොව දී ලබන භය හා වෛර නොලබයි. පරලොව දී ලබන භය හා වෛර ත් නොලබයි. මානසික දුක් දොම්නසුත් නොවිඳියි. මේ අයුරින් මත් වීමට ත්, ප්‍රමාදයට ත් හේතුවෙන සුරාමේරයෙන් වැළකී සිටින්නහුගේ භය හා වෛර සංසිඳුණේ වෙයි. මෙම භය වෛර ඇතිවන පස් කරුණ සංසිඳුණේ වෙයි.]
“මහණෙනි,
අසත්පුරුෂයාටත් වඩා නරක
අසත්පුරුෂ තරයා කවරේද?
[තරයා : පාපියා සහ පාප තරයා ගැන අප අසා ඇත. පව් කරන්නා පාපියාය. ඊටත් වඩා නරක මිනිසා අනුන් ලවාද පව් කරවන්නේ නම් පාපතරයා ය කියා කියන්නෙමු. මේ ලෙසම අසත් පුරුෂයා ට වඩා නරක මිනිසෙකු අසත්පුරුෂ තරයෙකු ලෙසත් සත්පුරුෂයාට වඩා උතුම් සත්පුරුෂ තර කෙනෙකු ගැනත් මෙම සුත්‍රයේ දැක්වේ.]
“මහණෙනි,
ඇතැමෙක් තමන්ද සතුන් මරමින්,
අනුන් ලවාද සත්ව ඝාතනය කරවයි.
තමන් සොරකම් කරමින්,
අනුන් ලවාත් සොරකම් කරවයි.
තමන් කාමමිත්‍යාචාරයෙහි යෙදෙමින්
අනුන්ද කාමමිත්‍යාචාරයෙන් යොදවයි.
තමන් බොරු කියමින්,,
අනුන්ද බොරුකීමට යොදවයි.
තමන් රහමෙර බොමින්
අනුන්ද රහමෙර බීමට උනන්දු කරවයි.
“මහණෙනි,
මේ අසත්පුරුෂයාටත් වඩා නරක අසත්පුරුෂ තරයාය.
“මහණෙනි,
සත්පුරුෂයා කවරෙක්ද?
“ප්‍රාණඝාත නොකරන,
නුදුන් දේ ගැනීමෙන් වැළකුණ,
කාමයන්හි වරදවා හැසිරීමෙන්ද තොර,
බොරුකීමෙන් වැළකුන,
රහමෙර බීමෙන් වැළැකුණ,
මිනිසාට සත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි,
සත්පුරුෂයාටත් වඩා උතුම්
සත්පුරුෂ තරයා කවරෙක්ද ?
“මහණෙනි,
යමෙක් තමන් සතුන් මැරීමෙන් වෙන්ව,
අනුන්ද සතුන් මැරීමෙන් වලක්වයි.
තමන් නුදුන් දෙය නොගනීමින්
අනුන්ද නුදුන් දේ ගැනීමෙන් වෙන්කරවයි.
තමන් කාම මිත්‍යාචාරයෙන් වෙන්ව.
අනුන්ද කාමයෙහි වරදවා හැසිරීමෙන් වලක්වයි.
තමන් බොරු කීමෙන් වෙන් ව.
අන්‍යයන්ද බොරු කීමෙන් වලක්වයි.
තමන්ද මදයට හේතුවූ රහමෙර නොබොයි.
අනුන්ද මරහමෙර පීමෙන් වලක්වයි.
“මහණෙනි, මේ සත්පුරුෂයාටත් වඩා උතුම්
සත්පුරුෂ තරයායි.”
තලල්ලේ ධම්මානන්ද මහා නායක ස්වාමින් වහන්සේ ශ්‍රද්ධාව ගැන කල දේසනාව
“මහණෙනි,
තොපටඅසත්පුරුෂයාද,
අසත්පුරුෂය තරයාද,
සත්පුරුෂයාද,
සත්පුරුෂ තරයාද,
කවුරුන්දයි දේශනා කරන්නෙමි.
එය අසව්.
මනාකොට මෙනෙහි කරව්.
කියන්නෙමි.” වදාළ සේක.
“ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු පිළිවදන් දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි,
අසත්පුරුෂයා කවරේද?
“ඇතැම් කෙනෙක්ශ්‍රද්‍ධාවෙන් තොරද,
ලජ්ජාව නැත්තේද, භය නැත්තේද,
අල්පශ්‍රුතද,
කුසීතද,
සතිය මුළා වුයේද,
දුෂ්ප්‍රාඥද,
“මහණෙනි,
මේ අසත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි,
අසත්පුරුෂයාටත් වඩා වඩා පහත්
අසත්පුරුෂය තරයා කවරේකුද?
“මහණෙනි,
ඇතැමෙක් ශ්‍රද්‍ධාවෙන් තොරය,
අනුන්ගේද ශ්‍රද්‍ධාව නැති කරවයි,
තමාට ලජ්ජාව (හිරිය්) නැත්තේය,
අනුන්ගේ පවට ඇති ර්ලජ්ජාව නැති කරවයි,
තමා පවට බිය නැත,
අනුන්ගේද පවට බිය නැති කරවයි,
තමා අල්පශ්‍රුතය,
අනුන්ද අල්පශ්‍රුත බැව්හි සමාදන් කරවයි,
තමා කුසීතය,
අනුන්ද කුසීත බැව්හි සමාදන් කරවයි,
[ලෝකයෙහි මේ පුද්ගලයන් සතර දෙනෙක් ඇත්තාහ. විද්‍යමාන වෙත්.
කවර සතර දෙනෙක්ද යත්?
“ශ්‍රුතයෙන් නූපන් අල්පශ්‍රුතයාය,
ශ්‍රුතයෙන් උපන් අල්පශ්‍රුතයාය,
ශ්‍රුතයෙන් නූපන් බහුශ්‍රුතයාය,
ශ්‍රුතයෙන් උපන් බහුශ්‍රුතයාය යන සතර දෙනයි.
අප්ල්ප්ශ්‍රුත සුත්‍රය.] LINK
තමා සතියෙන් තොරය ,
අනුන්ද අසතිමත් කමෙහි සමාදන් කරවයි,
තමා දුෂ්ප්‍රාඥ ය,
අනුන්ද දුෂ්ප්‍රාඥ බැව්හි සමාදන් කරවයි,
[දුෂ්ප්‍රාඥ :-
දෝෂාරෝපණය කරන සිත් ඇති දුෂ්ප්‍රාඥයා බුදුන්ගේ අනුශාසනය
අසා නමුදු අහසට පොළොව මෙන් පිළිවෙත් සදහමින් දුරු වෙයි. …
…බුදුන්ගේ අනුශාසනය අසා නමුදු අවපසැ සඳ සෙයින්
නවලොව්තුරු දහමින් පිරිහෙයි.
…. දියත්තක මසකු සෙයින් ලොවුතුරුදහම්හි වියැළෙයි.
….. ජිනශාසනය අසා නමුදු කෙතෙහි වපුළ කුණු වූ බිජුවට
සෙයින් නවලොවුතුරු දහම්හි නො වැඩෙයි.
….. යමෙකුත් තුටුසිතින් ජිනශාසනය අසා නම්,
සියලු (කාමාදි) ආස්‍රවයන් ගෙවා අර්හත්ත්වය ප්‍රත්‍යක්ෂ කොට
පරමශාන්තියට පැමිණ ආශ්‍රව රහිත වූයේ පිරිනිවේ යයි.
මෙසෙයින් ආයුෂ්මත් යසදත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
යසදත්ත ස්ථවිරගාථා]
“මහණෙනි,
මේ අසත්පුරුෂයාටත් වඩා පහත්
“අසත්පුරුෂ තරයා”යයි කියනු ලැබේ.
“මහණෙනි, සත්පුරුෂයා කවරේද?
“මහණෙනි,
යමෙක් ශ්‍රද්‍ධාවත්ද,
ලජ්ජාවේද, බිය ඇත්තේ වේද,
බහුශ්‍රුතද, පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේද,
සිහි ඇත්තේ වේද, නුවණැත්තේ වේද,
“මහණෙනි, මේ සත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි,
සත්පුරුෂයාටත් වඩා උතුම් සත්පුරුෂ තරයා කවරේද?
“මහණෙනි,
යමෙක් ශ්‍රද්‍ධාවන්ත්ද,
අනුන්ද ශ්‍රද්‍ධා සම්පත්තියෙහි පිහිටුවයිද,
තමා ලජ්ජාව ඇත්තේ වේද,
අනුන්ද ලජ්ජා ඇති බවෙහි සමාදන් කරවයිද,
තමා බිය ඇත්තේද,
අනුන්ද බිය ඇති බැව්හි සමාදන් කරවයිද,
තමා බහුශ්‍රුතද,
අනුන්ද බහුශ්‍රුත බැව්හි සමාදන් කරවයිද,
තමන්ද පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේවේද,
අනුන්ද පටන් ගන්නා ලද වීර්‍ය්‍යයෙහි සමාදන් කරවයිද,
තමා එළඹ සිටි සිහි ඇත්තේ වේද,
අනුන්ද එළඹ සිටි සිහියෙහි සමාදන් කරවයිද,
තමා ප්‍රඥා සම්පන්නද,
අනුන්ද ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් කරවයිද,
“මහණෙනි,
මේ සත්පුරුෂයාටත් වඩා උතුම් “සත්පුරුෂ තරයා” යැයි කියනු ලැබේ.”
ලජ්ජා භය
[හිරි ඔත්තප්ප :
පාපය පිළිකුල් කරන ස්වභාවය හෙවත් පාපයට ලජ්ජා වන ස්වභාවය හිරිය ය.
පාපයට බිය වන පාපය කෙරෙන් තැති ගන්නා ස්වභාවය ඔත්තප්ප ය.
මේ ධර්ම දෙක නිසා සත්පුරුෂයන් ගේ සිත පාපයන් කෙරෙන් හැකිළේ. පසු බසී.
නුවණැත්තෝ මේ ධර්ම දෙක නිසා පාපයෙන් වෙන්ව පාපය දුරලා ස්වසන්තානය රැක ගනිති.
එබැවින් මේ ධර්මයෝ දෙක ලෝක පාලක ධර්ම නමුදු වෙති.
අහිරික අනොත්තප්ප දෙක අකුශල පක්ෂයේ මහා බල දෙකකි.
හිරි ඔත්තප්ප දෙක ඒ අකුශල බල දෙක මැඩීමට සමර්ථ මහා බල දෙකකි.
ලෝකයෙහි අකුශල් කිරීමට ලැජ්ජාව පමණක් නොව කුසල් කිරීමට ලැජ්ජාවක් ද ඇත්තේය. පින් නො කරන සෑම කල්හි ම පාපයේ ඇලී ගැලී සිටින ඇතැමුන්ට පිං කිරීමට ලැජ්ජාවක් තිබේ. සමහරු සිල් සමාදන් වීමට ලජ්ජා වන්නෝ ය. පින් කිරීම පිළිබඳ වූ ඒ ලජ්ජාව කියන ලද හිරිය නො වේ. එය කුශලය පිළිකුල් කිරීම් වශයෙන් පහළ වන්නා වූ ද්වේෂය ය. එසේ ම සමහරු කුශලයට පවා බිය වෙති. පින්කම් කරන තැන්වලට යාමට පවා බිය වෙති. පින් කිරීම පිළිබඳ වූ ඒ බිය, කියන ලද ඔත්තප්පය නොව, භයාකාරයෙන් පහළ වන්නා වූ දෝෂය ම ය. සමහරු බරක් ගෙන යෑමට බර වැඩක් කිරීමට ඇඳුම් පැළඳුම් හොඳ නැති බවට ගෙවල් හොඳ නැති බවට දුප්පත් බවට නූගත් බවට ලජ්ජා ඇත්තෝ ය. එය ද හැකිළෙන ආකාරයෙන් පහළ වන්නා වූ දෝෂය හෝ හීන මානය ය
“මහණෙනි,
තොපට අසත්පුරුෂයාද,
අසත්පුරුෂය තරයාද,
සත්පුරුෂයාද,
සත්පුරුෂ තරයාද,
කවුරුන්දයි දේශනා කරන්නෙමි.
එය අසව්. මනාකොට මෙනෙහි කරව්.
කියන්නෙමි.” වදාළ සේක.
“ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු පිළිවදන් දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි,
අසත්පුරුෂයා කවුරුන්ද?
“මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක්
“සතුන් මරන්නේද,
නුදුන් දේ ගන්නේද,
කාමයේ වරදවා හැසිරෙන්නේද,
බොරු කියන්නේද,
පිසුණු වචන කියන්නේද,
පරුෂ වචන කියන්නේද,
ප්‍රලාප දොඩන්නේද,
“මහණෙනි,
මේ අසත්පුරුෂයායයි කියනු ලැබේ.“
“මහණෙනි,
අසත්පුරුෂයාටත් වඩා නීච
අසත්පුරුෂ තරයා කවූද?
“මහණෙනි,
යමෙක් තමන් සතුන් මරමින්,
අන්‍යයන් ලවා සතුන් මරවන්නේය.
තමන් නුදුන් දේ ගනිමින් ,
අනුන්ද සොරකමෙහි යොදවයි.
තමන් කාමමිත්‍ථ්‍යාචාරයෙහි හැසිරෙමින්,
අනුන්ද එහි යොදවයි.
තමන් බොරු කියමින්,
අනුන් ලවාද බොරු කීයවයි.
තමන්ද පිසුණු කියමින්,
අනුන්ද පිසුණු කීමෙහි සමාදන් කරවයි.
තමන්ද පරුෂ වචන කියමින් ,
අනුන් ලවාද පරුෂ වචන කීයවයි.
තමන්ද ප්‍රලාප දොඩමින්,
අනුන්ද ප්‍රලාප දෙඩීමෙහි යොමු කරයි.
“මහණෙනි,
මේ මිනිසා අසත්පුරුෂයාටත් වඩා නීච
අසත්පුරුෂ තරයා යයි කියනු ලැබේ.
“මහණෙනි,
සත්පුරුෂයා කවරෙක්ද?
“සත් පුරුෂයා
ප්‍රාණඝාත නොකරන්නේය,
නුදුන් දේ ගැනීමෙන් වැළකුණේය,
කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේය,
බොරුකීමෙන් වැළකුනේය,
පිසුණු බස් කීමෙන් වෙන්වූයේය,
ඵරුෂ වචනයෙන් වෙන්වූයේය,
ප්‍රලාප දෙඩීමෙන් වෙන්වූයේය,
“මහණෙනි, මේ සත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි,
සත්පුරුෂයාටත් වඩා උතුම්
සත්පුරුෂ තරයා කවරේද?
“ ඇතැම් පුද්ගලයෙක්,
තමන් සතුන් මැරීමෙන් වෙන් වූයේය,
අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි.
තමන් නුදුන් දෙය ගැනීමෙන් වෙන් වූයේය
අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි.
තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් වූයේ,.
අනුන් කාමයෙහි වරදවා හැසිරීමෙන්
වෙන්වීමෙහි සමාදන් කරවයි.
තමන් බොරු කීමෙන් වෙන් වූයේ වේ.
අන්‍යයන් බොරු කීමෙන් වෙන් කරවයි.
තමාද පිසුණු කීමෙන් වෙන්ව,
අනුන්ද පිසුණු කීමෙන් වලක්වයිද,
තමන්ද ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වේ,
අනුන්ද ඵරුෂ වචනයෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි,
තමන්ද ප්‍රලාප දෙඩීමෙන් වෙන්වූයේ,
අනුන්ද ප්‍රලාප දෙඩීමෙන් වෙන් කරවයිද,
“මහණෙනි,
මේ සත්පුරුෂයාටත් වඩා අතිශයින්
ගුණවත් සත්පුරුෂයායයි කියනු ලැබේ.
[ පන්සිල් රැකීමේ ආනිසංස:
සිල් රකින පින්වතුන්ට ලැබෙන අනුසස් බොහෝ වෙති. සතුන් මැරීමෙන් වැළකී සිටින්නාට විශේෂ ආනිසංස විසිතුනක් ලැබේ. සොරකම් කිරීමෙන් වැලකී සිටින්නාට විශේෂ ආනිසංස එකොළහක් ලැබෙන්නා හ. කාමය වරදවා හැසිරීමෙන් වැළකී සිටින්නාට විශේෂ ආනිසංස දහනවයක් ලැබේ. බොරු කීමෙන් වැළකී සිටින්නාට විශේෂ ආනිසංස දාහතරක් ලැබේ. මත්පැන් පානයෙන් වැලකී සිටින්නාට විශේෂ ආනිසංස තිහක් ලැබේ. පන්සිල් රැකීමෙන් ම ආනිසංස අනූ හතක් ලැබෙන්නා හ.
එම ආනිසංස මොනවා ද කියා දැන ගැනීමට අති පූජනීය රේරුකානේ චන්ද්විමල ස්වාමීන් වහන්සේ ගේ පුණ්‍යොපදේශය පොත බලා දැන ගනිත්වා.
භාවනානිසංස කීමට බෙහෝ ඇත්තේ නමුදු ග්‍රන්ථය දීර්ඝ වන බැවින් ඒවා නො ලියමි. දන් දීමෙන් මෙපමණ අනුසස් ගෙන දේ නම් බුදු සසුනේ කල හැකි ඉහළ ම පිංකම් වූ භාවනාවන් සිදු කලොත් මොන තරම් ආනිසංස ලබා ගත හැක්කේ දැ යිනුවණින් සිතා සතුටින් මේ උතුම් කුසල ධර්මවල යෙදෙත්වා! පින්වතුනි, මා මෙතෙක් ලියූ දීර්ඝ විස්තරයෙන් ඔබට කියන්නට බලාපොරොත්තු වුනේ හිත හදාගෙන සිදු කරන කුඩා නමුදු පිංකම මහත් සැප විපාක ගෙන දෙන බව ය. එබැවින් මේ ධර්ම ග්‍රන්ථය කියවන සත්පුරුෂයන් පැහැදුනු සිතින් ම පින්කම් කරත්වා!
සත්පුරුෂයෙනි!
ඔබ කිසිවෙකු නො වෙහෙසන මුළු ලොවක් සනසන දෑතක් ඇත්තෙකු වන්න. එබඳුම අවිහිංසාවාදි දෙපා යුග්මයක් ඇත්තෙකු වන්න, තම දෙනෙතින් අනුන් නො රවටන්න, අනුන් නො රිදවන්න, මුළු ලොවක් සනසන දෙනෙතක් ඇත්තකු වන්න. ඔබ දෙසවන නො මඟට නො යොදවන්න, සුමඟට යොදවන්න, කය සංවර කරගන්න. නිතරම ඔබ කථා කරන වචන නිවැරදි දැයි සිතන්න. අනුන් රිදවා දුක් දී තමාට කිසිඳු සැපයක් ලැබිය නො හැකි බව සිතන්න. යහපත් වූ සැම සිත් නිවන සනසන වචන ම කථා කරන්න, ඔබ සිත නො මඟට නො යොදන්න, සුමඟට යොදන්න. ශාන්ත වූ සංවර වූ සංසිඳුනා වූ සුවපත් වූ මනසක් ඇත්තකු වන්න. කිසිඳු කිසි දින පහත් සිතුවිලි නො සිතන්න.
පින්වතුනි! මලක් වුනත් පැහැය පමණක් තිබුණාට මදි. දසත පැතිරෙන සුවඳ දතිබීම වැදගත්. එසේම ඔබ ද ලස්සන සුවඳවත් මලක් වගේ ගුණයෙන් නුවණින් හෙබි මිනිසකු වන්න. පින්වතුනි! මේ ලෝකයේ ගස් කොළන් තිබුණට සඳුන් ගස් බොහො ම අඩුයි. එසේ ම නොයෙක් පාෂාණ ඇතත් මැණික් ගල් බොහො ම අඩුයි. ඇතුන් හිටියත් ගජ මුතු තිබෙන ඇතුන් බොහො ම අඩුයි.
පින්වතුනි! මේ වගේ තමයි, ලෝකයේ මිනිසුන් සිටියට කළ ගුණ දන්න පහත් වැඩ නො කරන අනුන්ට දුක් නො දෙන හැදුනු සිතක් ඇති මිනිසුන් බොහො ම අඩුයි. සත්පුරුෂයිනි! ඔබ ගස් අතර සඳුන් ගසක් වගේ, ඇතුන් අතර ගජමුතු තිබෙන ඇතෙක් වගේ, මුවන් අතර කස්තුරි තිබෙන මුවෙක් වගේ, පාෂාණ අතර බැබළෙන මැණිකක් වගේ, ගුණයෙන් නුවණින් යුතු අනුන්ට දුක් නො දෙන සාදු ජනයා ගේ ආදර ගෞරවයට ලක් වූ මානව හිතවාදී දයානුකම්පිත මිනිසකු වන්න අධිෂ්ඨාන කරගන්න.
සැමදෙනාට ම සම්මා සම්බුදු සරණයි.!!!]
““මහණෙනි,

“ඇතැම් කෙනෙක්
“සතුන් මරන්නේද,
නුදුන් දේ ගන්නේද,
කාමයන්හි වරදවා හැසිරෙන්නේද,
බොරු කියන්නේද,
රහමෙර බොන්නේද,
විපන්න සිත් ඇත්තේද,
මිත්‍යාදෘෂ්ටික වේද,
“මහණෙනි,
මේ අසත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි,
අසත්පුරුෂයාටත් වඩා අතිශයින්
හීන අසත්පුරුෂ තරයා කවරුද?
“මහණෙනි,
තමන් සතුන් මරමින්,
අන්‍යයන් සතුන් මැරීමෙන් වෙන් නොකරවයි.
තමන් නුදුන් දේ ගනීමින්,
අනුන් සොරකම් නොකිරීමෙහි සමාදන් නොකරවයි.
තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් නොවූයේ,
අනුන් කාමමිත්‍යාචාරයෙන් වෙන් නොකරවයි.
තමන් බොරු කීමෙන් වෙන් නොවූයේ,
අනුන් බොරුකීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි.
තමන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර බෝමින්,
අනුන් රහමෙර පීමෙන් වෙන් නොකරවයි.
තමාද තෘෂ්ණා බහුලකොට ඇත්තේ,
අනුන් තෘෂ්ණා බහුල භාවයෙහි සමාදන් කරවයි,
තමාද විපන්න සිත් ඇත්තේ,
අනුන් විපන්න සිත් සමාදන් කරවයි,
තමාද මිත්‍යාදෘෂ්ටික වී,
අනුන්ද මිත්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි,
“මහණෙනි,
මේ අසත්පුරුෂයාටත් වඩා අතිශයින් හීන අසත්පුරුෂ තරයා”යයි කියනු ලැබේ.
“මහණෙනි, සත්පුරුෂයා කවරේක්ද?
“යමෙක් ප්‍රාණඝාත නොකරන්නේද,
නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද,
කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද,
බොරුකීමෙන් වැළකුනේ වේද,
රහමෙර බීමෙන් වැළැකුණේද,
සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද,
පහවූ මසුරු මලින් යුත් සිතින් ගෙයි වසයිද,
ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද,
තෘෂ්ණා බහුලකොට නැත්තේ වේද,
විපන්න සිත් නැත්තේ වේද,
සම්‍යක් දෘෂ්ටිකද,
“මහණෙනි, මේ මිනිසාට සත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි,
සත්පුරුෂයාටත් වඩා අතිශයින් උතුම්
සත්පුරුෂ තරයා කවරුන්ද?
“මහණෙනි,
යමේක් .තමන්, සතුන් මැරීමෙන් වෙන් වී,
අනුන්ද සතුන් මැරීමෙන් වෙන් කරවයි.
තමන් නුදුන් දෙය ගැනීමෙන් වෙන් වී.
අනුන්ද නුදුන් දේ නොගැනීමෙහි සමාදන් කරවයි.
තමන් කාම මිත්‍යාචාරයෙන් වෙන් ව.
අනුන් කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් කරවයි.
තමන් බොරු කීමෙන් වෙන් වූයේ .
අන්‍යයන් බොරු කීමෙන් වෙන් කරවයි.
තමන්ද රහමෙර පීමෙන් වෙන් වී,
අනුන්ද රහමෙර පීමෙන් වෙන් කරවයි.
තමාද තෘෂ්ණාව හීන කර ගනිමින්,
අනුන්ද තෘෂ්ණාවෙන් නිදහස් කරවන්නට ද,
තමාද විපන්න සිත් නැත්තේ,
අනුන්ද අව්‍යාපාදයෙහි සමාදන් කරවයි,
තමන් සම්‍යක් දෘෂ්ටිකව,
අනුන් සම්‍යක් දෘෂ්ටියෙහි සමාදන් කරවයි,
“මහණෙනි,
මේ සත්පුරුෂයාටත් වඩා අතිශයින් උතුම් සත්පුරුෂ තරයා” යැයි කියනු ලැබේ.”
“මහණෙනි,
මේ මිථ්‍යා දෘෂ්ටිය තරම් මහා සාවද්‍ය වූ අන් එකදු ධර්මයකුදු මගේ සර්වඥතා ඥාණයෙන් නොදකිමි. මහණෙනි, මිථ්‍යා දෘෂ්ටිය වරදවල් අතරින් සියල්ලට ම මහත් වරද වේ” යනුවෙන් බුදුන් වහන්සේ වදාළ සේක. මෙය දේශනා කර තිබෙන්නෙ කර්ම, කර්ම ඵල ප්‍රතික්ෂේප කරන නාස්තික, අහේතුක, අක්‍රිය යන දෘෂ්ටි වලට ය. එම දෘෂ්ටි අතුරින් කුමන දෘෂ්ටියක් ගත් අයෙකු වුවත් එය අත් නො හැරියේ නම් මරණින් පසුව සුගතියකට යෑමක් සිදු නො වේ. නිවන් අවබෝධ කිරීමක් සිදු නො වේ. ඒ දෘෂ්ටි සත්වයාගේ ස්වර්ග මෝක්ෂ දෙක ආවරණය කර තිබේ. ඒ දෘෂ්ටි ගත්තවුන් මරණය දක්වා ම එය අත් නො හැරියේ නම් ඒකාන්තයෙන් ම ඉපදීම සිදුවන්නේ නරකයෙ. එම නිසා මෙය නියත මිථ්‍යා දෘෂ්ටිය ලෙස හදුන්වනු ලබනවා. මිථ්‍යා දෘෂ්ටිකයෙකු එම දෘෂ්ටිය නිසා නොයෙක් අකුසල් කිරීමට යොමු වේ. ඒවා ද එකතු වී මිථ්‍යා දෘෂ්ටිය විපාක දීමේ දී ආනන්තරීය කර්ම වලටත් වඩා බලවත් ලෙස විපාක විඳීමට සිදු වේ. ආනන්තරීය කර්ම කළවුන් කල්ප අවසානයේ දී නරකයෙන් මිදෙන නමුදු නියත මිත්‍යා දෘෂ්ටිය ගත්තවුන් ලෝකය විනාශය සිදුවන අවස්ථාවේදී වෙනත් ලෝකයක නරකයක ඉපිද දුක් විපාක විඳීමට සිදු වේ. එමෙන්ම එසේ සිදුවන විපාකවල අවසානය පිළිබඳ නිශ්චිතව කිව නොහැකි ය.
බොහෝ අය මිථ්‍යා දෘෂ්ටික වීමට හේතුව එවැනි අය ඇසුරු කිරීමයි. එසේ මිසදිටු අය තමන්ගේ දෘෂ්ටිය අන්‍යන්ට රසවත් කොට පෙන්වා දී මෝඩ අයව ඒ දෘෂ්ටියට යොමු කරවා ගන්නවා. සම්‍යක් දෘෂ්ටිය ඇති අයෙකු මිථ්‍ය දෘෂ්ටිකයකු කිරීම තරම් විශාල අකුසල් සිදුවන ක්‍රියාවක් තවත් නැත. ධර්මයෙන් ඈත්ව වාසය කරන පුද්ගලයින් මෙවැනි අය ගේ උගුල්වලට පහසුවෙන් අසු වේ. එයට හේතුව ධර්මය නො දැනීම ම යි. කැරුණු කාරණා ධර්මානුකූලව නොබැලීම, මිසදිටු අයගේ දේශන වලට සවන් දීමෙන් ඔවුන්ගේ පොත්පත්, විද්‍යුත් සටහන් කියවීමෙන් නුවණ මඳ කෙනා මුලාවට පත්වෙලා මිථ්‍යා දෘෂ්ටිකයෙක් වී අකුසල් සිද්ධ කර ගන්නවා.]

“මේ ලෝකයෙහි යමේක්
මිත්‍යා දෘෂ්ටිකද,
මිත්‍යා කල්පනා ඇත්තේද,
මිත්‍යා වචන කියන්නේද,
මිත්‍යා කර්‍මාන්ත කරන්නේ ද,
මිත්‍යා ආජීව ඇත්තේද,
මිත්‍යා ව්‍යායාම ඇත්තේද,
මිත්‍යා සති ඇත්තේද,
මිත්‍යාවෙන් සිත එකඟ කිරීම ඇත්තේ වේද,
“මහණෙනි,
මේ අසත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි,
අසත්පුරුෂයාටත් වඩා අතිශයින් හීන
අසත්පුරුෂ තරයා කවුරුන්ද?
“මහණෙනි,
ඇතැමෙක් තමා මිත්‍යාදෘෂ්ටිකව ,
අනුන්ද මිත්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයිද,
තමන්ද මිත්‍යා කල්පනා ඇත්තේ,
අනුන්ද මිත්‍යා කල්පනාවෙහි සමාදන් කරවයිද,
තමාද මිත්‍යා වචන ඇත්තේ,
අනුන්ද මිත්‍යා වචනයෙහි සමාදන් කරවයිද,
තමාද මිත්‍යා කර්‍මාන්ත ඇත්තේ,
අනුන්ද මිත්‍යා කර්‍මාන්තයෙහි සමාදන් කරවයිද,
තමා මිත්‍යා ජීවිකාව ඇත්තේ ,
අනුන්ද මිත්‍යා ජීවිකාවෙහි සමාදන් කරවයිද,
තමාද මිත්‍යා ව්‍යායාම ඇත්තේ,
අනුන්ද මිත්‍යා ව්‍යායාමයෙහි සමාදන් කරවයිද,
තමන්ද මිත්‍යා සතිය ඇත්තේ,
අනුන්ද මිත්‍යා සතියෙහි සමාදන් කරවයිද,
තමාද මිත්‍යාවෙන් සිත එකඟ කරන්නේ,
අනුන්ද මිත්‍යාවෙන් සිත එකඟ කරවයිද,
“මහණෙනි, මේ මිනිසා අසත්පුරුෂයාටත් වඩා
අතිශයින් හීන අසත්පුරුෂ තරයා යැයි කියනු ලැබේ.
“මහණෙනි, සත්පුරුෂයා කවරේද?
“මහණෙනි,
ඇතැමේක් සම්‍යක් කල්පනා ඇත්තේද,
සම්‍යක් වචන ඇත්තේද,
සම්‍යක් කටයුතු ඇත්තේද,
සම්‍යක් ජීවිකාව ඇත්තේ ද,
සම්‍යක් ව්‍යායාම ඇත්තේද,
සම්‍යක් ස්මෘති ඇත්තේද,
සම්‍යක් සමාධි ඇත්තේ වේද,
“මහණෙනි, මේ සත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි,
සත්පුරුෂයාටත් වඩා අතිශයින් උතුම්
සත්පුරුෂ තරයා කවුරුන්ද?
“මහණෙනි,
යමෙක් තමන්ද යහපත් දැකීම් ඇත්තේ ,
අනුන්ද යහපත් දැකීමෙහි සමාදන් කරවයිද,
තමන්ද යහපත් කල්පනා ඇත්තේ,
අනුන්ද යහපත් කල්පනාවෙහි සමාදන් කරවයිද,
තමන්ද යහපත් වචන ඇත්තේ,
අනුන්ද යහපත් වචනයෙහි සමාදන් කරවයිද,
තමන්ද යහපත් වැඩ ඇත්තේ වේද,
අනුන්ද යහපත් වැඩෙහි යොදවයිද,
තමාද යහපත් දිවි පැවැත්මෙන් යුක්තව,
අනුන්ද යහපත් දිවි පැවැත්මෙහි සමාදන් කරවයිද,
තමන්ද යහපත් ව්‍යායාම කරන්නේ,
අනුන්ද යහපත් ව්‍යායාමයෙහි සමාදන් කරවයිද,
තමන්ද යහපත් සිහි ඇත්තේ,
අනුන්ද යහපත් සිහියෙහි සමාදන් කරවයිද,
තමන්ද යහපත්ව සිත එකඟ කර,
අනුන්ද යහපත්ව සිත එතඟ කිරීමෙහි සමාදන් කරවයිද,
“මහණෙනි, මේ සත්පුරුෂයාටත් වඩා
අතිශයින්ම උතුම් සත්පුරුෂ තරයා”යයි කියනු ලැබේ.

පිසුණු කියන්නේද,
පරුෂ වචන කියන්නේද,
ප්‍රලාප දොඩන්නේද,
“මහණෙනි,
මේ අසත්පුරුෂයායයි කියනු ලැබේ.“
“මහණෙනි, තොපට අසත්පුරුෂයාද, අසත්පුරුෂයන්ගෙන් අතිශයින් අසත්පුරුෂයාද, සත්පුරුෂයාද, සත්පුරුෂයන්ගෙන් අතිශයින් සත්පුරුෂයාද, දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.” වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, අසත්පුරුෂයා කවරේක්ද?
“මහණෙනි,
යමේක් මිත්‍යාදෘෂ්ටික වේද, මිත්‍යා කල්පනා ඇත්තේ වේද, මිත්‍යා වචන ඇත්තේ වේද, මිත්‍යා කර්‍මාන්ත ඇත්තේ වේද, මිත්‍යා ආජීව ඇත්තේ වේද, මිත්‍යා ව්‍යායාම ඇත්තේ වේද, වැරදි නුවණ ඇත්තේ වේද, වැරදි මිදීම ඇත්තේ වේද,
“මහණෙනි, මේ අසත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි,
අසත්පුරුෂයාටත් වඩා අතිශයින් හීන
අසත්පුරුෂ තරයා කවුරුන්ද?
“මහණෙනි,
යමේක් තමාද මිත්‍යාදෘෂ්ටිකව,
අනුන්ද මිත්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයිද,
තමන්ද මිත්‍යා කල්පනා ඇත්තේ ,
අනුන්ද මිත්‍යා කල්පනාවෙහි සමාදන් කරවයිද,
තමාද මිත්‍යා වචන ඇත්තේ ,
අනුන්ද මිත්‍යා වචනයෙහි සමාදන් කරවයිද,
තමා මිත්‍යා කර්‍මාන්ත ඇත්තේ,
අනුන්ද මිත්‍යා කර්‍මාන්තයෙහි සමාදන් කරවයිද,
තමා මිත්‍යා ජීවිකා ඇත්තේ,
අනුන්ද මිත්‍යා ජීවිකාවෙහි සමාදන් කරවයිද,
තමාද මිත්‍යා ව්‍යායාම ඇත්තේ,
අනුන්ද මිත්‍යා ව්‍යායාමයෙහි සමාදන් කරවයිද,
තමන් වැරදි ඤාණයෙන් යුක්තවූයේ ,
අනුන්ද වැරදි ඤාණයෙහි සමාදන් කරවයිද,
තමන් වැරදි මිදීමෙන් යුක්තවූයේ වේද,
අනුන්ද වැරදි මිදීමයන්හි සමාදන් කරවයිද,
“මහණෙනි, මේ අසත්පුරුෂයාටත් වඩා අතිශයින් හීන
අසත්පුරුෂ තරයායයි කියනු ලැබේ.
“මහණෙනි, සත්පුරුෂයා කවරේද?
“මහණෙනි,
ඇතැම් කෙනෙක් සම්‍යක් කල්පනා ඇත්තේද,
සම්‍යක් වචන ඇත්තේද,
සම්‍යක් කටයුතු ඇත්තේද,
සම්‍යක් ජීවිකාව ඇත්තේ වේද,
සම්‍යක් ව්‍යායාම ඇත්තේ වේද,
යහපත් නුවණ ඇත්තේ වේද,
යහපත් මිදීම ඇත්තේ වේද,
“මහණෙනි, මේ සත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි,
සත්පුරුෂයාටත් වඩා අතිශයින් උතුම් සත්පුරුෂ තරයා කවරේද?
“මහණෙනි,
කෙනෙක් තමන්ද යහපත් දැකීම් ඇත්තේ,
අනුන්ද යහපත් දැකීමෙහි සමාදන් කරවයිද,
තමන්ද යහපත් කල්පනා ඇත්තේ,
අනුන්ද යහපත් කල්පනාවෙහි සමාදන් කරවයිද,
තමන්ද යහපත් වචන ඇත්තේ,
අනුන්ද යහපත් වචනයෙහි සමාදන් කරවයිද,
තමන්ද යහපත් වැඩ කරන්නේ,
අනුන්ද යහපත් වැඩෙහි යොදවයිද,
තමාද යහපත් දිවි පැවැත්මෙන් යුක්තද,
අනුන්ද යහපත් දිවි පැවැත්මෙහි සමාදන් කරවයිද,
තමන්ද යහපත් ව්‍යායාම කරන්නේ,
අනුන්ද යහපත් ව්‍යායාමයෙහි සමාදන් කරවයිද,
තමන්ද යහපත් නුවණ ඇත්තේ,
අනුන්ද යහපත් නුවණෙහි සමාදන් කරවයිද,
තමන්ද යහපත් මිදීමෙන් යුක්තවූයේ,
අනුන්ද යහපත් මිදීමෙහි සමාදන් කරවයිද,
“මහණෙනි, මේ සත්පුරුෂයාටත් වඩා අතිශයින් උතුම්
සත්පුරුෂ තරයායයි කියනු ලැබේ.”
“මහණෙනි,
තොපට පාපී පුද්ගලයාද,
පාපතර පුද්ගලයයාද
අතිශය පාපතර පුද්ගලයාද,
නිවැරදි පුද්ගලයාද,
නිවැරදි පුද්ගලයින්ගෙන්
අතිශය නිවැරදි පුද්ගලයාද දෙසන්නෙමි.
“එය අසව්. මනාකොට මෙනෙහි කරව්.
කියන්නෙමි” යි වදාළ සේක.
“ස්වාමීනි, එසේය” යි භික්ෂුන්
පිළිවදන් දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි,
පාපී පුද්ගලයා කවරේද?
“සතුන් මරන්නේ වේද,
නුදුන් දේ ගන්නේ වේද,
කාමයන්හි වරදවා හැසිරෙන්නේද,
බොරු කියන්නේද,
රහමෙර බොන්නේද,
මිත්‍යා දෘෂ්ටිකද.
මහණෙනි, මේ පාපී පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි,
පාපී පුද්ගලයාටත් වඩා අතිශයින් පාපීවූ පුද්ගලයා කවරේද?
“මහණෙනි,
පුද්ගලයෙක් තමන් සතුන් මැරීමෙන් වෙන් නොවූයේ,
අන්‍යයන් සතුන් මැරීමෙන් වෙන් නොකරවයි.
තමන් නුදුන් දේ ගනීමින්,
අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්නොකරවයි.
තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් නොවූයේ,
අනුන් කාමමිත්‍යාචාරයෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි.
තමන් බොරුකීමෙන් වෙන් නොවූයේ,
අනුන් බොරුකීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි.
තමන් මදයට හා ප්‍රමාදයට කාරණවූ
රහමෙර පීමෙන් වෙන් නොවූයේ,
අනුන් රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි.
තමන්ද මිත්‍යා දෘෂ්ටික වේද,
අනුන්ද මිත්‍යා දෘෂ්ටියෙහි සමාදන් කරවයිද,
“මහණෙනි, මේ පාපයාටත් වඩා අතිශයින් පාපයායයි කියනු ලැබේ.
“මහණෙනි, නිවැරදි පුද්ගලයා කවරේද?
“යමෙක් ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සම්‍යක් දෘෂ්ටික වේද, “මහණෙනි, මේ නිවැරදි පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, නිවැරදි පුද්ගලයන්ගෙන් අතිශය නිවැරදි පුද්ගලයා කවරේද?
“මහණෙනි,
යමේක් සතුන් මැරීමෙන් වෙන් වූයේ
අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි.
තමන් නුදුන් දෙය ගැනීමෙන් වෙන් වූයේ.
අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි.
තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් වූයේ.
අනුන් කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් කරවයි.
තමන් බොරු කීමෙන් වෙන් වූයේ වේ,
අන්‍යයන් බොරු කීමෙන් වෙන් කරවයි.
තමන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ
රහමෙර පීමෙන් වෙන් වූයේ .
අනුන්ද රහමෙර පීමෙන් වෙන් කරවයි.
තමාත් සම්‍යක් දෘෂ්ටික ව,
අන්‍යයාත් සම්‍යක් දෘෂ්ටියෙහි සමාදන් කරවයි,
“මහණෙනි,
මේ නිවැරදි පුද්ගලයාගෙනුත් අතිශය නිවැරදි පුද්ගලයායයි කියනු ලැබේ.”
“මහණෙනි,
තොපට පාපී පුද්ගලයාද, පාපී පුද්ගලයන්ගෙන් අතිශය පාපී පුද්ගලයාද, නිවැරදි පුද්ගලයාද, නිවැරදි පුද්ගලයින්ගෙන් අතිශය නිවැරදි පුද්ගලයාද දෙසන්නෙමි.
“එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක.
“ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, පාපී පුද්ගලයා කවරේද?
“මහණෙනි,
යමෙක් මිත්‍යාදෘෂ්ටික වේද, මිත්‍යා කල්පනා ඇත්තේ වේද, මිත්‍යා වචන ඇත්තේ වේද, මිත්‍යා කර්‍මාන්ත ඇත්තේ වේද, මිත්‍යා ආජීව ඇත්තේ වේද, මිත්‍යා ව්‍යායාම ඇත්තේ වේද, වැරදි නුවණ ඇත්තේ වේද, වැරදි මිදීම ඇත්තේ වේද,
“මහණෙනි, මේ පාපී පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, පවිටු පුද්ගලයාටත් වඩා අතිශයින් පවිටු පුද්ගලයා කවරේද?
“මහණෙනි,
ඇතැම් කෙනෙක් තමාද මිත්‍යාදෘෂ්ටිකව,
අනුන්ද මිත්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයිද,
තමන්ද මිත්‍යා කල්පනා ඇත්තේ ,
අනුන්ද මිත්‍යා කල්පනාවෙහි සමාදන් කරවයිද,
තමාද මිත්‍යා වචන ඇත්තේ වේද,
අනුන්ද මිත්‍යා වචනයෙහි සමාදන් කරවයිද,
තමාද මිත්‍යා කර්‍මාන්තයන්හි යෙදෙමින්,
අනුන්ද මිත්‍යා කර්‍මාන්තයෙහි සමාදන් කරවයිද,
තමා මිත්‍යා ජීවිකාව ඇත්තේ වේද,
අනුන්ද මිත්‍යා ජීවිකාවෙහි සමාදන් කරවයිද,
තමාද මිත්‍යා ව්‍යායාම ඇත්තේ වේද,
අනුන්ද මිත්‍යා ව්‍යායාමයෙහි සමාදන් කරවයිද,
තමන් වැරදි ඤාණයෙන් යුක්තවූයේ වේද,
අනුන්ද වැරදි ඤාණයෙහි සමාදන් කරවයිද,
තමන් වැරදි මිදීමෙන් යුක්තවූයේ වේද,
අනුන්ද වැරදි මිදීමෙන් සමාදන් කරවයිද,
“මහණෙනි,
මේ පාපී පුද්ගලයාටත් වඩා අතිශයින් හීන පාපී පුද්ගලයා,
පාපතරයා යැ යි කියනු ලැබේ.
“මහණෙනි, නිවැරදි පුද්ගලයා කවරේද?
“මහණෙනි,
කෙනෙක් සම්‍යක් කල්පනා ඇත්තේද,
සම්‍යක් වචන ඇත්තේද,
සම්‍යක් කටයුතු ඇත්තේද,
සම්‍යක් ජීවිකාව ඇත්තේ වේද,
සම්‍යක් ව්‍යායාම ඇත්තේ වේද,
යහපත් නුවණ ඇත්තේ වේද,
යහපත් මිදීම ඇත්තේ වේද,
“මහණෙනි,
මේ නිවැරදි පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, නිවැරදි පුද්ගලයාටත් වඩා අතිශයින් උතුම් නිවැරදි පුද්ගලයා කවරේද?
“මහණෙනි,
කෙනෙක් තමන්ද යහපත් දැකීම් ඇත්තේ,
අනුන්ද යහපත් දැකීමෙහි සමාදන් කරවයිද,
තමන්ද යහපත් කල්පනා ඇත්තේ,
අනුන්ද යහපත් කල්පනාවෙහි සමාදන් කරවයිද,
තමන්ද යහපත් වචන ඇත්තේ,
අනුන්ද යහපත් වචනයෙහි සමාදන් කරවයිද,
තමන්ද යහපත් වැඩ ඇත්තේ,
අනුන්ද යහපත් වැඩෙහි යොදවයිද,
තමාද යහපත් දිවි පැවැත්මෙන් යුක්තව,
අනුන්ද යහපත් දිවි පැවැත්මෙහි සමාදන් කරවයිද,
තමන්ද යහපත් ව්‍යායාම කරන්නේද,
අනුන්ද යහපත් ව්‍යායාමයෙහි සමාදන් කරවයිද,
තමන්ද යහපත් නුවණ ඇත්තේ,
අනුන්ද යහපත් නුවණෙහි සමාදන් කරවයිද,
තමන්ද යහපත් මිදීමෙන් යුක්තවූයේ,
අනුන්ද යහපත් මිදීමෙහි සමාදන් කරවයිද,
“මහණෙනි,
මේ නිවැරදි පුද්ගලයාටත් වඩා අතිශයින් නිවැරදි පුද්ගලයායයි කියනු ලැබේ..
“මහණෙනි,
තොපට පාපී ස්වභාව ඇති පුද්ගලයාද, පාපී ස්වභාව ඇත් පුද්ගලයාටත් වඩා අතිශය පාපී පුද්ගලයාද, නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාද, නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාටත් වඩා අතිශය නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාද දේශනා කරන්නෙමි.
“එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක.
“ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, පාප ස්වභාව ඇති පුද්ගලයා කවරේද?
“සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද,
කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද,
බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද,
මිත්‍යා දෘෂ්ටි ඇත්තේ වේද,
“මහණෙනි, මේ පාප ස්වභාව ඇති පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි,
පාපයෙනුත් අතිශයින් පාපතර පුද්ගලයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් සතුන් මැරීමෙන් වෙන් නොවූයේ වේද, අන්‍යයන් සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් නුදුන් දේ ගැනීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් නොවූයේ වේ, අනුන් කාමමිත්‍යාචාරයෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් බොරුකීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් බොරුකීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමාද මිත්‍යාදෘෂ්ටික වේද, අනුන්ද මිත්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයිද,
“මහණෙනි, මේ පාප ස්වභාව ඇති පුද්ගලයාගෙන් අතිශයින් පාප ස්වභාව ඇති පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, යහපත් ස්වභාව ඇති පුද්ගලයා කවරේද?
“ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සම්‍යක් දෘෂ්ටික වේද,
“මේ යහපත් ස්වභාව ඇති පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, නිවැරදි පුද්ගලයාටත් වඩා අතිශයින් නිවැරදි ස්වභාවය ඇති පුද්ගලයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් .තමන්ද සතුන් මැරීමෙන් වෙන් වූයේ අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් නුදුන් දෙය ගැනීමෙන් වෙන් වූයේ වේ. අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් වූයේ වේ. අනුන් කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් බොරු කීමෙන් වෙන් වූයේ වේ. අන්‍යයන් බොරු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් වූයේ වේ. අනුන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමාද සම්‍යක් දෘෂ්ටික වේද, අනුන්ද සම්‍යක් දෘෂ්ටියෙහි සමාදන් කරවයිද.
“මහණෙනි, මේ නිවැරදි පුද්ගලයාටත් වඩා අතිශයින් නිවැරදි ි පුද්ගලයායයි කියනු ලැබේ.”
“මහණෙනි, තොපට පාපී ස්වභාව ඇති පුද්ගලයාද, පාපී ස්වභාව ඇත් පුද්ගලයාටත් වඩා අතිශය පාපී පුද්ගලයාද, නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාද, නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාටත් වඩා අතිශය නිවැරදි ස්වභාව ඇති පුද්ගලයාද දේශනා කරන්නෙමි.
“එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, පාප ස්වභාව ඇති පුද්ගලයා කවරේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් මිත්‍යාදෘෂ්ටික වේද, මිත්‍යා කල්පනා ඇත්තේ වේද, මිත්‍යා වචන ඇත්තේ වේද, මිත්‍යා කර්‍මාන්ත ඇත්තේ වේද, මිත්‍යා ආජීව ඇත්තේ වේද, මිත්‍යා ව්‍යායාම ඇත්තේ වේද, වැරදි නුවණ ඇත්තේ වේද, වැරදි මිදීම ඇත්තේ වේද,
“මහණෙනි, මේ පාප ස්වභාව ඇති පුද්ගලයාය.
මහණෙනි,
පාප ස්වභාව ඇති පුද්ගලයාටත් වඩා අතිශයින් පාපතර පුද්ගලයා කවරේද?
“මහණෙනි,
ඇතැමෙක් මිත්‍යාදෘෂ්ටික වේද,
අනුන්ද මිත්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයිද,
තමන්ද මිත්‍යා කල්පනා ඇත්තේ,
අනුන්ද මිත්‍යා කල්පනාවෙහි සමාදන් කරවයිද,
තමාද මිත්‍යා වචන ඇත්තේ වේද,
අනුන්ද මිත්‍යා වචනයෙහි සමාදන් කරවයිද,
තමාද මිත්‍යා කර්‍මාන්ත ඇත්තේ වේද,

මහණෙනි, මේ පාප ස්වභාව ඇත්තන්ගෙන්
අතිශයින් පාපතර යා යැයි කියනු ලැබේ.
“මහණෙනි, යහපත් ස්වභාව ඇත්තේ කවරේද?
“මහණෙනි,
ඇතැම් කෙනෙකුට සම්‍යක් කල්පනා ඇත්තේය,
සම්‍යක් වචන ඇත්තේය, සම්‍යක් කටයුතු ඇත්තේය,
සම්‍යක් ජීවිකාව ඇත්තේය, සම්‍යක් ව්‍යායාම ඇත්තේය,
යහපත් නුවණ ඇත්තේය, යහපත් මිදීම ඇත්තේය. වේද,
“මහණෙනි,
මේ පුද්ගලයා යහපත් ස්වභාව ඇත්තෙකැයි කියමි.
“මහණෙනි,
යහපත් ස්වභාව ඇත්තන්ගෙනුත්
අතිශයින් යහපත් ස්වබාවය ඇත්තා කවරුන්ද?
“මහණෙනි,
මේ ලෝකයෙහි ඇතැමේක් තමන්ද යහපත් දැකීම් ඇත්තේ,

තමන්ද යහපත් නුවණ ඇත්තේ වේද,
අනුන්ද යහපත් නුවණෙහි සමාදන් කරවයිද,
තමන්ද යහපත් මිදීමෙන් යුක්තවූයේ වේද,
අනුන්ද යහපත් මිදීමෙහි සමාදන් කරවයිද,
“මහණෙනි,
මේ යහපත් ස්වභාව ඇත්තාට වඩා අතිශයින් යහපත් ස්වභාව ඇත්තායයි කියනු ලැබේ.
By AN 04-21-01. සික්ඛාපූරක සූත්‍රය