SINHALA TIPITAKA

AN 05-20


Listen Later

බ්‍රාහ්මනයා කව්ද කියා කියවන්නට මේ යොමුවට යන්න.

AN 05-20-01.සොණ/ සුනඛධම්ම සූත්‍රය
AN 05-20-02. දොණබ්‍රාහ්මණ
AN 05-20-03. සංගාරව සූත්‍රය
AN 05-20-04. කාරනපාල සූත්‍රය
AN 05-20-05. පිංගියානී සූත්‍රය
AN 05-20-06. මහාසුපින සූත්‍රය
AN 05-20-07. වස්සන්තරාය සූත්‍රය
AN 05-20-08. සුභාසිතවාචා සූත්‍රය
AN 05-20-09. කුලුපසංකමන සූත්‍රය
AN 05-20-10. නිස්සාරණීයධාතු සූත්‍රය

ගිහි ජනතාවගේ ජීවිත සදාචාරාත්මකව ධර්මානුකුලව ගතකිරීමට ආධාරවන පංච සීල ප්‍රතිපත්ති වලින් සත්පුරුෂයන් ලෝකයේ ඇතිකිරීම මේ සාසනයේ එක් වැදගත් කාර්යයකි.මිනිසෙකු සිය පවුලට, සිය රටට හා ලෝකයටම යහපතක් කරන්නට යොමු කිරීම පිණිස කර වදාළ සුත්‍ර දේසනා දහයක් මේ බ්‍රාහ්මණ වග්ගයේ අඩංගු වේ.

AN 05-20-01. සුනඛ ධම්ම සූත්‍රය

“මහණෙනි,
බොහෝ කලකට පෙර බ්‍රාහ්මණයන් කල ක්‍රියා පහක් මෙකල දී බමුණන් නොකරයි. සුනඛයන් නම් ඒ සිරිත් තවම කරයි.
“කවර පසක්ද යත්?

(1). මහණෙනි,
මීට පෙර කල බ්‍රාහ්මණ පුරුෂයෝ බ්‍රහ්මන කුලයේ බැමිණියන් සමග පමණක් කාම සේවනයේ යෙදුනහ. අනෙක් තුන් කුලවල කාන්තාවන් සමග එසේ නොහැසුරුනහ.

නමුත් මේ කාලයේ බ්‍රාහ්මණ පිරිමින් අන් කුලවල ස්ත්‍රීන් සමගද මෛථුන සේවනයේ යෙදෙන්නෝය. බ්‍රාහ්මණ කුලයේ ස්ත්‍රීන් සමගද මෛථුන සේවනයේ යෙදෙන්නෝය.. එනමුත් මහණෙනි, ඒ කාලයේ මෙන්ම මේ කාලයෙහිත් සුනඛයෝ බැල්ලියන් සමග පමණක් කාමයේ හැසිරෙන්නාහ. තිරිසන්වූ අන් ගැහැණු සතුන් සමග එසේ නොයෙදෙන්නෝය. ඒ පැරණි බ්‍රාහ්මණ පිළිවෙත දැන් බමුණන් පිලිනොපදිතත් බල්ලන් පමණක් පිළිපදින්නොය.

(2).“මහණෙනි, පෙර කාලයේ බ්‍රාහ්මණ පුරුෂයෝ ඔසප්වූ බැමිණියක් සමග කාම සේවනයේ නොයෙදුනහ. මහණෙනි. මේ කාලයෙහි බමුණෝ ඔසප්නොවූ ගැහැනුන් වෙතද පැමිණෙත්. ඔසප්වූ ගැහැනුන් වෙතද පැමිණෙත්. මහණෙනි, එනමුත් කුමන කලකදීවත් බල්ලෝ ඔසප්වූ බැල්ලිය වෙත නොපැමිණෙත්. ඔසප්නොවූ බැල්ලිය වෙත පමණක් පැමිණෙත්.
මහණෙනි, මේ දෙවන පුරාණ බ්‍රාහ්මණ චාරිත්‍රය මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි පමණක් දක්නට ලැබේ. බ්‍රාහ්මණ්යන් කෙරෙහි දක්නට නොලැබේ.

(3). “මහණෙනි. පෙර කල බ්‍රාහ්මණ පුරුෂයෝ මුදල් ගෙවා ගැහැනුන් සමග කාම සේවනයේ නොයෙදුනහ. පරපුර පවත්වාගෙන යන්නට දරුවන් ලබන්නට සිය නීත්‍යානුකුල භාර්යාව සමග පමණක් කාම සේවනය කළහ. 1181

(4). “මහණෙනි, පෙර කලදී බ්‍රාහ්මණයෝ ධන, ධාන්‍යයද, රිදී, රත්‍රං ආදී වස්තුන්ද රැස් නොකලහ. එනමුත් මහණෙනි, මේ කාලයෙහි බ්‍රාහ්මණයෝ ධනයද, ධාන්‍යයද, රිදීද, රත්‍රංද රැස් කරත්.
මහණෙනි, පෙර කාලයෙහිද බල්ලෝ ධනයද, ධාන්‍යයද, රිදීද, රත්‍රංද රැස්කොට නොතැබුහ. අදද බල්ලෝ එසේ රැස් නොකරත්. මහණෙනි, මේ සතරවන පුරාණවූ බ්‍රාහ්මණ චාරිත්‍රය මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි පමණක් දක්නට ලැබේ. බ්‍රාහ්මණ්යන් කෙරෙහි දක්නට නොලැබේ.

දැන් බ්‍රාහ්මණ පිරිමින් තම බිරියන් සමගද සංවාසයේ යෙදෙයි. මුදල් ගෙවා පර ගැහැණුන් සමගද එසේ කරයි. එනමුත් සුනඛයන් එදාත් මිලට බැල්ලියන් නොගත්හ. අදද කහවනු ගෙවා බැල්ලියන් නොගන්නෝය. මේ බ්‍රාහ්මනයන් නොරකින, බල්ලන් පමණක් රකින පැරණි බ්‍රාහ්මණ සිරිත්වලින් තුන් වැනි එකය.

[1181:-සම්පියෙනෙව සංවාසං සංසග්ගත්‍ථාය සමපවත්තෙන්ති යනු ප්‍රිය වූ ප්‍රිය තැනැත්තකු වෙත එළඹ ප්‍රවේණියට ඇදීම සඳහා එක්ව විසීම පවත්වත්,.

(5) “මහණෙනි,
පෙර කල්හි බ්‍රාහ්මණයෝ සවස්හි සවස බත පිණිසද, උදෑසන උදය බත පිණිසද, පමණක් දවසට දෙවරක් පමණක් පිඬු සිඟා ගියහ.. මහණෙනි, මේ කාලයෙහි බ්‍රාහ්මණයෝ කැමති කැමති විට පිඩු සිඟා යයි. බඩ පිරෙන තුරු අනුභව කොට ඉතිරි වෙන දෙය පවා පොදී ගසා ගෙන හැරගෙන යත්.1182

මහණෙනි, මේ කාලයෙහිත් බල්ලෝ පෙර කාලයේ උන් බල්ලන් සේම සවස කෑම පිණිස පමණක් සවස් කාලයේද, උදය කෑම පිණිස පමණක් උදෑසනද, ආහාර සොයා යත්. ඒ හැරෙන්නට නිතොර නිතොර කෑම සොයා නොයති.

[1182:- උදරාව දෙහකං යනු උදරයේ කිසි හිස් ඉඩක් නොතබා අනුභව කොට පුරවාලයි, අවස්සෙං ආදාය පක්කමන්ති යනු යමක් කෑමට නොහැකිව ඉතිරි වෙත්ද එයද පොට්ටනියක් කොට ගෙනයති, ]

මහණෙනි, මේ පස්වන පැරණි චාරිත්‍රය, මේ බ්‍රාහ්මණ ධර්‍මය මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි පමණක් දක්නට ලැබේ. බ්‍රාහ්මණ්යන් කෙරෙහි දක්නට නොලැබේ.

“මහණෙනි,
මේ පුරාණ බ්‍රාහ්මණ චාරිත්‍ර පහ මේ කාලයෙහි ශුනඛයන් අතර පමණක් දක්නට ලැබෙත්. බ්‍රාහ්මණයන් කෙරෙහි දක්නට නොලැබෙත්.

AN 05-20-02. වුද්‍ධා පචායන සූත්‍රය

“ඉක්බිති දෝණ නම් වියපත් බමුණා භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවියයුතුවූ, සිහි කටයුතුවූ කථා කොට නිමවා එකත්පස්ව හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

“ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්ස,
ඔබ තුමා වයසින් වැඩිහිටි, මහළුවූ, වයසින් කල්ගියාවූ, පශ්චිම වයසට පැමිණියාවූ බ්‍රාහ්මණ ශ්‍රේෂ්ඨයන්ට වඳින්නේ නැත! දුටු විට හුනස්නෙන් නොනැගිටී , ආසනයක් පවා පවරන්නේ නැතැයි කියා මිනිසුන් කියනවා මා අසා ඇත. දැන් ඒ බව මමද හොඳින්ම දැක ගත්තෙමි. ඔබ එසේ වැඩිමහල්ලන්ට නොසැලකීම නොසුදුසුය. භවත් ගෞතමයන් වහන්ස, මේ කාරණය නුසුදුසුමය” යි කීයේය.

ත්වම්පි නො යනු නුඹත් නොවෙහිද? පවත්තාරො යනු පවත්වන්නෝයි, යෙසං යනු යමෙකුන්ට අයත් දෙයයි,  මන්තපදං යනු වෙද සංඛ්‍යාත මන්ත්‍ර මයි, ගීතං යනු අට්ටකාදී වූ පෞරාණික බ්‍රාහ්මණයන් දස දෙනා විසින් ස්වර සම්පත්ති වශයෙන් සජ්ඣායනය කරන ලද දෙයයි, පවුත්තං යනු අනුනට කියන ලද්ද කියන ලදියි අරුත්ය, සමීහිතං යනු එක් කරන ලද රැස්කරන ලද දෙය පිඬු කොට තබන ලදැයි අරුත්ය, තදනුගායන්ති යනු දැන් (වෙසෙන) බමුණෝ ඒ පෙර (විසූ) බමුණන් විසින් ගයන ලද එය අනුගායනය කරති. අනුසජ්ඣායනය කරති, තදනුභාසන්ති යනු එය අනුව කියති, මෙය මුල්පදයටම පර්‍ය්‍යාය වචනයකි. භාසිත මනුභාසන්ති යනු ඔවුන් කියන ලද දෙය අනුව කියති,  සජ්ඣායිත මනු සජ්ඣායන්ති යනු ඔවුන් විසින් සජ්ඣායනය කරන ලද දෙය අනුසජ්ඣායනය කරති, වාචිතමනුවාචෙන්ති යනු ඔවුන් විසින් අනුනට කියන ලද දෙය අනුව කියති, සෙය්‍යථිදං යනු ඔවුහු කවරහුදැයි අරුත්ය, අට්ටකො යනාදි ඔවුන්ගේ නම්ය, ඔවුහු වනාහි දිවැසින් බලා අනුන් නොපෙළා කාශ්‍යප සම්මා සම්බුදුන්ගේ වචනය සමග සසඳා මන්ත්‍රයන් රචනා කළහ, පසුව පසුව වූ බමුණෝ සත්ත්ව ඝාතනාදිය බහා ත්‍රිවිධ වේදයන් වනසා බුදුවදන් සමග ප්‍රති පක්ෂ වූවන් කළාහුය. ත්‍යාස්සු මෙ යනු මෙහි අස්සු යනු නිපාත මාත්‍රයකි, බමුණා මේ පඤ්ඤ බ්‍රාහ්මණයන් පනවතැයි අරුත්ය.]

එවිට භාග්‍යවතුන් වහන්සේ
“දොාණය, නුඹත් බ්‍රාහ්මණයෙකැයි ප්‍රතිඥා කරන්නෙහිදැ” යි ඇසූ සේක.

“එසේය භවත් ගෞතමයන් වහන්ස,
යමෙකු බ්‍රාහ්මණයෙකි ‘යි කියන්නට මේ කාරනා තිබිය යුතුය.

  • මව් පසින් හා පිය පසින් පරම්පරා හතක් දක්වා ඔහු පිරිසිදු පරම්පරා කුලයකින් පැවැත ආ කෙනෙක් විය යුතුය .
  • වේද මන්ත්‍ර, ශ්ලෝක, වන පොත් කොට, කට පාඩමින්, සිත්හි තබාගෙන ඒවා නිසි ස්වර මාධුර්යයෙන් ගායනා කිරීමට සමත් විය යුතුය ..
  • අක්‍ෂර ප්‍රභෙද සහිතවූ ඉතිහාසය පස්වෙනිකොට ඇත්තාවූ ත්‍රිවේදයන්ගේ පරතෙරට ගිය අයෙක් විය යුතුය.
  • ස්වර ව්‍යාකරණ දැන ගත යුතුය .
  • ලෝකායත මහා පුරුෂ ලක්‍ෂණයන්හි දක්‍ෂවූවෙක් විය යුතුය ..,
  • එසේ කියනු ලබන්නෙක් යම් බ්‍රාහ්මණයෙක් ගැන කියනු ලබන්නේද,
    ශ්‍රමණ භවත් ගෞතමයනි!
    ඒ මා ගැනම කීවා වැන්නේය.

    “දෝණය,
    අතීතයෙහි අට්ටකය, වාමකය, වාමදේවය, වෙස්සාමිත්තය, යමතග්ගිය, අඞ්ගීරසය, භාරවාජය, වාසෙට්ඨය, කාශ්‍යපය, භගුය නමින් සෘෂි වරු බ්‍රාහ්මණයන් අතර වුහ. ඔවුන් රචනා කරන ලද , ගායනා කරනු පිණිස ඉගැන්වූ, ස්ත්‍රෝත්‍ර බොහෝ විය. අදද බ්‍රාහ්මණයෝ ඒ ස්ත්‍රොත්‍ර කියවති, ගයති. ඒවා උගන්වති. දෝණය, , ඒ පැරණි සෘෂි වරුන් පස් ආකාරයක බ්‍රාහ්මණයන් ගැන කියා ඇත. ඔවුන් නම්

    • බ්‍රහ්ම සම බ්‍රාහ්මණයාය,
    • දේව සම බ්‍රාහ්මණයායය,
    • මර්‍ය්‍යාද බ්‍රාහ්මණයාය,
    • සම්හින්න මර්‍ය්‍යාද බ්‍රාහ්මණයාය,
    • බ්‍රාහ්මණ චණ්ඩාල බ්‍රාහ්මණයාය
    • යන මේ පස් ආකාරයක් කොට ඇත්තේය.

      දොාණය, ඔවුන්ගෙන් නුඹ කුමන කාණ්ඩයේ බ්‍රාහ්මණයෙක් දැ?” යි ඇසූ සේක.

      “භවත් ගෞතමයන් වහන්ස,
      අපි මේ බ්‍රාහ්මණයන් පස්දෙනා ගැන නොදනිමු. වැළිදු අපි බ්‍රාහ්මණයෝ යයි කියා පමණක්ම දනිමු.
      භවත් ගෞතමයන්, මේ බ්‍රාහ්මණයන් පස්දෙනා කවුරුන්දැයි මට කියා දෙන සේක්වා.” යි කීයේය.

      “බ්‍රාහ්මණය, එසේ නම් අසව, මනාකොට සිත්හි දරව, කියන්නෙමි” යි වදාළ සේක.
      “එසේය, පින්වතුන් වහන්සැ” යි කියා දෝණ පිළිවදන් දුන්නේය.
      භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

      [1]“දෝණය, බ්‍රහ්මසම බ්‍රාහ්මණයෙක් යනු කව්රුද?
      “දෝණය,
      යම් බමුණෙක් මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් මනාව උපන්නේද, පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේද, සත්වන පියමහ යුගය දක්වා අවිචින්නව පිරිසිදු බ්‍රාහ්මණ කුලයෙන් පැවැත ආවේ, ජාතිවාදයෙන් නින්‍දා නොලද්දේද, හෙතෙම අටසාළිස් වසක් කුමර බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි1184 හැසිරේ, වේද මන්ත්‍ර හදාරා ගුරුවරයාට ගුරු වැටුප් දැහැමින්ම සොයයි. අදැහැමින් නොවේ.

      [1184:- කුමර බඹසර ලෙස දැක්වූයේ, හීන වූ ග්‍රාම්‍යයවූ ලිංගික ක්‍රියාවල නොයෙදී. ගැහැනුන් හා නොහැසිරීමයි. අවුරුදු හතලිස් අට වනතුරු එසේ සිය මුල් ජීවිතයෙන් අඩක්ම, වේද සාස්ත්රෝග්‍රහණය පිණිස යොදන බ්‍රාහ්මණ මානවකයා සිය පළමු යුතුකම ලෙස ආචාර්ය ගුරු පඩුරු සොයා පිදිය යුතු වේ. හෙතෙම වනාහි පිරුණු පාත්‍රය ගෙන හිස සිට නහා කුල ගෙවල සිටම “අටසාළිස් වසක් කුමර බඹසරෙහි හැසුරුණෙමි, මවිසින් මන්ත්‍රයෝද උගන්නා ලදහ. ආචාර්‍ය්‍යවරයාටද ආචාර්‍ය්‍ය ධනය දෙන්නෙමි, මට ධනය දෙවු” යයි යදියි, එය අසා මිනිස්සු හැකි පරිද්දෙන් ඇති පරිද්දෙන් අටක් ද සොළසක් ද සියයක් ද දහසක්දැයි දෙති. මෙසේ සියලු ගමෙහි හැසිර ලද ධනය ආචාර්‍ය්‍යවරයාට හෙතෙම පවරා දෙයි. එය සඳහා මෙය කියන ලදි. එවං ඛො දොණ බ්‍රාහ්මණො බ්‍රහ්මසමො හොති යනු මෙසේ බ්‍රහ්ම විහාරයන්ගෙන් සමන්විත බැවින් බමුණා බ්‍රහ්ම සමවූයේ නමි වෙයි,]

      “දෝණය. දැහෑමින් සෙවීම කවරේද?
      ගොවිතැනින් නොව, වෙළඳාමෙන් නොව, ගව පාලනයෙන් නොව, දුනු ශිල්පයෙන් නොව, රාජ පුරුෂයෙකු වීමෙන් නොව, අන්යම් ශිල්පයකින් නොව, හුදු භික්‍ෂාචර්‍ය්‍යාවෙන් කබල ඉක්මවා නොහඟින්නේ වේ. හෙතෙම ගුරුවරයාට ගුරු පඩුරු පාවාදී, හිසකේ රැවුල්බා, කසටවත් හැඳ, ගිහිගෙන් නික්ම, බමුණු සසුනේ පැවිදි වේ, 1185 මෙසේ පැවිදිවූ හෙතෙම  මෛත්‍රී සහගත සිතින් එක් දිශා භාගයක් පතුරුවා වසයි..

      [1185:- සාමාන්‍ය බෞද්ධ පිළිගැනීමට ඉහලින්වන, වෙනස්වන කාරනා දෙකක් මේ චේදයෙන් කියැවේ. පළමු කාරණය නම් වේද සාස්ත්‍ර ඉගෙන නිම කල පසු බ්‍රාහ්මණයන් ගිහි ජීවිතයට එළඹ බැමිනියක් විවාහ කරගෙන පවුල් ජීවිතයක් ගෙවනවා නොව පැවිද්දෙන් බමුණු දිවියක් ගෙවීම ආදී කාලින බ්‍රාහ්මණයන් අගය කල බවය. දෙවන කාරණය නම් සතර බ්‍රහ්ම විහාර ලෙස බෞද්ධ අපට පමණක් ඇති භාවනාය කියා අප සිතා සිටි, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා භාවනා බ්‍රාහ්මණයන්ගේ යුගයේ සිට පැවත ආ භාවනා බවය.]

      එසේම දෙවැනි දිශාභාගයද, එසේම තුන්වැනි දිශා භාගයද, එසේම හතරවැනි දිශාභාගයද මේ ආකාරයෙන් උඩ, යට, හරහ සෑම තන්හි සියලුම ප්‍රාණීන් සහිතවූ සියලුම ලෝකය විශාලවූ මහත්වූ අප්‍රමාණවූ වෛර නැති හිංසා රහිත, මෛත්‍රී සිත පතුරුවයි. කරුණා සහගත සිතින්, මුදිතා සහගත සිතින් උපෙක්ෂා සහගත සිත එක් දිශාභාගයකට පතුරුවයි..

      එසේම දෙවැනි දිශාවටද, එසේම තුන්වෙනි දිශාවටද, එසේම හතරවැනි දිශාවටද, එසේම උඩටද, යටටද, හරහටද යන සෑම තන්හි සියලු සත්වයින් සහිතවූ සියලු ලෝකය, මහත් බවට ගියාවූ අප්‍රමාණවූ වෛර නැති හිංසා රහිතවූ උපෙක්ෂා සහගත සිතිවිල්ලෙන් පතුරුවා වසයි..

      හෙතෙම මේ සතර බ්‍රහ්ම විහරණයන් වඩා ශරීරය බිඳීමෙන්, මරණින් මතු සුගති ඇති, බඹලොව උපදී. දෝණය, මෙසේ වූ බ්‍රාහ්මණයා බ්‍රහ්මසම බ්‍රාහ්මණයා නම් වේ.

      [2] “දෝණය, කෙසේ නම් බ්‍රාහ්මණයෙකු දේවසම නම් වේද?
      දෝණය, යම් බ්‍රාහ්මණයෙක් මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් පිරිසිදුව උපන්නේද, පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේද, සත්වන පිය මහ යුගය දක්වා නොසිඳී බමුණු පරම්පරාවෙන් පැවත ආවේද , ජාතිවාදයෙන් නින්‍දා නොකරණ ලද්දේද, හෙතෙම අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් කුමර බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේ, එසේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර, වේද මන්ත්‍ර හදාරා ගුරුවරයාට ගුරු පඩුරු දැහැමින්ම සොයයි. අදැහැමින් නොවේ.

      “දෝණය. දැහැමින් ගුරු පඩුරු සොයන්නේ කෙසේද?
      සීසෑමෙන් නොව, වෙළඳාමෙන් නොව, ගව පාලනයෙන් නොව, දුනු ශිල්පයෙන් නොව, රාජ පුරුෂ සේවයෙකු වීමෙන් නොව, යම් ශිල්පයකින් නොව, හුදු භික්‍ෂාචර්‍ය්‍යාවෙන්ය. සිඟන කබල ඉක්මවා නොහඟින්නේ වේ. හෙතෙම ගුරුවරයාට ගුරු පඩුරු දී, ගිහි ජීවිතයට එළඹෙයි. “දෝණය, එසේ ගුරු පඩුරු ගෙවා ඉන් පසු ඒ බ්‍රාහ්මණයා සුදුසු ස්ත්‍රියක් සොයා ඇය හා ධර්මානුකුලව පවුල් ජීවිතය ගෙවයි.

      ධර්මානුකුලව පවුල් ජීවිතය අරඹන්නේ කෙසේද යත්,
      බ්‍රාහ්මණයකු ධන ධාන්‍ය, මිල මුදල් දී ස්ත්‍රීයක් නොගනී, අත පැන් වත්කොට බ්‍රාහ්මණ කුලයේම කාන්තාවක් හා විවාහ වේ. ක්ෂත්‍රිය කාන්තාවක් සමග නොවේ. වෛශ්‍ය කුලයේ ස්ත්‍රියක් සමග නොවේ. චන්ඩාල කුලයේ ස්ත්‍රියක් සමග නොවේ. ශුද්‍ර ස්ත්‍රියක් සමග නොවේ. දඩයක්කාර කුලයක ස්ත්‍රියක් සමග නොවේ., කසල ශෝධක ස්ත්‍රියක් සමග නොවේ.

      “දෝණය, එම බ්‍රාහ්මණයා සිය බිරිය වූ ස්ත්‍රිය ඔසප්වූ කල ඇය හා එක් නොවේ. ඇය ගැබ් ගත් පසු ඇය හා නොහැසිරේ. ඇයට කිරි එරුණ විට ඇය හා නොහැසිරේ.
      දෝණය, කුමක් හෙයින් බ්‍රාහ්මණයා ඔසප් වූ කල ස්ත්‍රිය වෙත නොයයිද?

      දෝණය, ඉදින් බ්‍රාහ්මණයා ඔසප්වූ බිරිය වෙත යේ නම් ඒ බ්‍රාහ්මණයාට මේ බැමිණිය කාමය පිණිස නොවන්නීය. ක්‍රීඩා පිණිස නොවන්නීය. ඇළුම් පිණිස නොවන්නීය. දරුවන් පිණිස නොවන්නීය.

      “දෝණය, කුමක් හෙයින් බ්‍රාහ්මණයා ගැබිණි වූ බිරිය වෙත නොයාද,?”
      දෝණය. ඉදින් බ්‍රාහ්මණයා ගැබිණිය වෙත යේ නම් ඒ කුසල තුල ඉන්නා මානවකයා හෝ මානවිකාව ඉතා අපවිත්‍රවී උපන්නෙක් වේ. දෝණය, එහෙයින් බ්‍රාහ්මණයා ගැබිණිය වෙත නොයයි.

      “දෝණය, කුමක් හෙයින් බ්‍රාහ්මණයා කිරි පොවන මව වෙත නොයයිද? “
      “දෝණය, ඉදින් බ්‍රාහ්මණයා කිරි පොවන මව වෙත යේ නම්, ඒ දරුවා හෝ දැරිය කිරි අපවිත්‍රව පානය කරණ ලද්දේ වේ. දෝණය එහෙයින් බ්‍රාහ්මණයා කිරි පොවන සිය බිරිය වෙත නොයයි.

      “හෙතෙම පුතෙකු හා දුවක උපදවා, හිසකේ රැවුල් බාවා, කසට පැහැති වස්ත්‍ර හැඳ, ගිහිගෙන් නික්ම බ්‍රාහ්මණ ශාසනයෙහි පැවිදිවේ. ඔහු කුශල කාය කර්‍මයෙන්ද, කුශල වාක් කර්‍මයෙන්ද, කුශල මනො කර්‍මයෙන්ද යුක්ත වෙයි.

      ඔහු කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, ද්වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපේක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප පහවීමෙන්ද, දුක පහවීමෙන්ද, සොම්නස, දොම්නස දෙක අස්තවීමට පෙර දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා සමෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති, සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේ.

      [1186:- කාමරාග පරියුට්ඨිතෙන යනු කාමරාගයෙන් ගන්නා ලද්දහු විසිනි, කාමරාග පරෙතෙන යනු කාමරාගයට අනුගත වූවහු විසිනි, නිස්සරණං යනු කාමරාග නිශ්ශරණය තෙවැදෑරුම් වෙයි, (i) වික්ඛම්හන නිස්සරණය, (ii) තදඞ්ග නිස්සරණය, (iii) සමුච්ඡෙද නිස්සරණය යනුවෙනි. එහි අසුභ භාවනාවෙහි ප්‍රථම ධ්‍යානය වික්ඛම්හන නිස්සරණය නමි, විදර්‍ශනාව තදඞ්ග නිස්සරණය නමි, අරහත්මාර්‍ගය සමුච්ඡෙද නිස්සරණය නමි, ඒ ත්‍රිවිධ නිශ්ශරණයම නොදනියි අරුත්ය, අත්තත්‍ථමපි යනාදියෙහි අරහත්වය සංඛ්‍යාත තමන්ගේ අර්‍ත්‍ථය අත්තත්‍ථො නමි, ප්‍රත්‍යය දෙන්නවුන්ගේ අර්‍ත්‍ථය පරදා නමි, ඒ දෙකම උභයත්‍ථො නමි, මේ ක්‍රමයෙන් සියලු වාරයන්හි අර්‍ත්‍ථය යන්න දතයුතුයි:]

      “දෝණය, හෙතෙම එසේ සතර ධ්‍යානයන් වඩා සිරුර බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග නම් බ්‍රහ්ම ලෝකයෙහි උපදී. දෝණය, මෙසේ වූ බ්‍රාහ්මණයා දේවසම නම් වේ.ි

      [3] “දෝණය, කෙසේ නම් බ්‍රාහ්මණයකු මර්‍ය්‍යාද නම් වේද?

      දෝණය, යම් බ්‍රාහ්මණයෙක් මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් පිරිසිදුව උපන්නේද, පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේද, සත්වන පිය මහ යුගය දක්වා නොසිඳී බමුණු පරම්පරාවෙන් පැවත ආවේද , ජාතිවාදයෙන් නින්‍දා නොකරණ ලද්දේද, හෙතෙම අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් කුමර බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේ, එසේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර, වේද මන්ත්‍ර හදාරා ගුරුවරයාට ගුරු පඩුරු දැහැමින්ම සොයයි. අදැහැමින් නොවේ.

      “දෝණය. දැහැමින් ගුරු පඩුරු සොයන්නේ කෙසේද?
      සීසෑමෙන් නොව, වෙළඳාමෙන් නොව, ගව පාලනයෙන් නොව, දුනු ශිල්පයෙන් නොව, රාජ පුරුෂ සේවයෙකු වීමෙන් නොව, යම් ශිල්පයකින් නොව, හුදු භික්‍ෂාචර්‍ය්‍යාවෙන්ය. සිඟන කබල ඉක්මවා නොහඟින්නේ වේ.

      හෙතෙම ගුරුවරයාට ගුරු පඩුරු දී, ගිහි ජීවිතයට එළඹෙයි. “දෝණය, එසේ ගුරු පඩුරු ගෙවා ඉන් පසු ඒ බ්‍රාහ්මණයා සුදුසු ස්ත්‍රියක් සොයා ඇය හා ධර්මානුකුලව පවුල් ජීවිතය ගෙවයි. ….(පෙර තුන් ආකාර සේම.)

      “හෙතෙම පුතෙකු හා දුවක උපදවා ඒ පුත්‍ර ප්‍රේමයෙන්ම1187 සතුටු වෙමින්….

      [1187:-තමෙව පුත්තස්සාදං නිකායමානො යනු මොහුට දුවක හෝ පුතකු උපදිනු දැක යම් පුත්‍ර ප්‍රේමයක් පුත්‍ර වාදයක් උපදියි ද එය කැමතිවනු ලබන්නේ පතනු ලබන්නේයි, 
      කුටුම්බං අජ්ඣාවසති යනු කුටුම්බය (පවුල) පිහිටුවා කුටුම්බය මැද වෙසෙයි,]

      ගිහිවම වසයි. ගිහිගෙන් නික්ම ශාසනයක පැවිදි නොවෙයි. පුරාණවූ බමුණන්ගේ සීමා නොඉක්වමවයි. පවුල් ජීවිතයට පැනවුණු පුරාණ බ්‍රාහ්මණයන්ගේ සීමාව නොඉක්මවයි . දෝණය, එහෙයින් ඔහු, බ්‍රාහ්මණ මර්‍ය්‍යාද නම් වේයයි කියනු ලැබේ. දෝණය, මෙසේ බ්‍රාහ්මණයකු මර්‍ය්‍යාද නම් වේ.

      [4] “දෝණය, කෙසේ නම් බ්‍රාහ්මණයා සම්භින්න මර්‍ය්‍යාද නම් වේද?

      දෝණය, යම් බ්‍රාහ්මණයෙක් මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් පිරිසිදුව උපන්නේද, පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේද, සත්වන පිය මහ යුගය දක්වා නොසිඳී බමුණු පරම්පරාවෙන් පැවත ආවේද , ජාතිවාදයෙන් නින්‍දා නොකරණ ලද්දේද, හෙතෙම අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් කුමර බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේ, එසේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර, වේද මන්ත්‍ර හදාරා ගුරුවරයාට ගුරු පඩුරු දැහැමින්ම සොයයි. අදැහැමින් නොවේ.

      “එසේ ගුරු පඩුරු පුදා ඔහු ගිහි ජීවිතයට එලඹෙයි. ඔහු එසේ කරන්නේ බ්‍රාහ්මණ නීතියට සිරිතට අනුව නොවේ. පවුල් ජීවිතයට පැනවුණු පුරාණ බ්‍රාහ්මණයන්ගේ සීමාව නොසළකයි .

      ඔහු සිය කුලයෙන් පිට කුලයක කාන්තාවක් හා විවාහ වේ. ක්ෂත්‍රිය කාන්තාවක් සමග . වෛශ්‍ය කුලයේ ස්ත්‍රියක් සමග චන්ඩාල කුලයේ ස්ත්‍රියක් සමග . ශුද්‍ර ස්ත්‍රියක් සමග . දඩයක්කාර කුලයක ස්ත්‍රියක් සමග., කසල ශෝධක ස්ත්‍රියක් සමග ඔහු එකතු වේ. ඔහු පැනවුණු පුරාණ බ්‍රාහ්මණයන්ගේ සීමාව නොසළකයි .

      ඔහු ස්ත්‍රිය ඔසප් නොවූ කලද ඇය හා එක් වේ. ඇය ගැබ් ගත් පසුද ඇය හා හැසිරේ. ඇයට කිරි එරුණා විටද ඇය හා හැසිරේ. මෙසේ ඔහු පැනවුණු පුරාණ බ්‍රාහ්මණයන්ගේ සීමාව නොසළකයි . .

      “දෝණය, පුරාණවූ බ්‍රාහ්මණයන්ගේ සීමාව ඉක්මවා යන හෙයින් ඒ බ්‍රාහ්මණයා ” සීමාව බිඳින ලද බ්‍රාහ්මණයා” යයි කියනු ලැබේ. දෝණය, මේසේ වනාහි බ්‍රාහ්මණයකු සම්භින්න මර්‍ය්‍යාද නම් වේ.

      [5] “දෝණය, කෙසේ නම් බ්‍රාහ්මණයකු බ්‍රාහ්මණ චණ්ඩාල වේද?

      දෝණය, යම් බ්‍රාහ්මණයෙක් මව් පසින්ද, පිය පසින්ද යන දෙපසින් පිරිසිදුව උපන්නේද, පිරිසිදු පිළිසිඳ ගැනීම් ඇත්තේද, සත්වන පිය මහ යුගය දක්වා නොසිඳී බමුණු පරම්පරාවෙන් පැවත ආවේද , ජාතිවාදයෙන් නින්‍දා නොකරණ ලද්දේද, හෙතෙම අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් කුමර බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරේ, එසේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර, වේද මන්ත්‍ර හදාරා ගුරුවරයාට ගුරු පඩුරු දැහැමින්ම සොයයි. අදැහැමින් නොවේ.

      ඔහු ගිහි ජීවිතය කැමැත්තේ බැමිනියක් හා එකතු වෙයි. සිය කුලයෙන් පිට කුලයක කාන්තාවක් සමග හෝ එක් වේ. ක්ෂත්‍රිය කාන්තාවක් සමග, වෛශ්‍ය කුලයේ ස්ත්‍රියක් සමග, චන්ඩාල කුලයේ ස්ත්‍රියක් සමග, ශුද්‍ර ස්ත්‍රියක් සමග, දඩයක්කාර කුලයක ස්ත්‍රියක් සමග., කසල ශෝධක ස්ත්‍රියක් සමග හෝ ඔහු එකතු වේ. ඔහු පැනවුණු පුරාණ බ්‍රාහ්මණයන්ගේ සීමාව නොසළකයි.

      ඔහු ස්ත්‍රිය ඔසප් නොවූ කලද ඇය හා එක් වේ. ඇය ගැබ් ගත් පසුද ඇය හා හැසිරේ. ඇයට කිරි එරුණා විටද ඇය හා හැසිරේ. මෙසේ ඔහු පැනවුණු පුරාණ බ්‍රාහ්මණයන්ගේ සීමාව නොසළකයි .

      . ඒ බ්‍රාහ්මණයාට මේ ස්ත්‍රිය කාමය පිණිසද, ක්‍රීඩාව පිණිසද. ඇල්ම පිණිසද. දරුවන් පිණිසද වන්නීය. හෙතෙම සියලු කර්‍මාන්තවලින් ජීවිකාව කරයි. ඔහුට බ්‍රාහ්මණයෝ මෙසේ කීවාහුය. කුමක් හෙයින් ඔබ බ්‍රාහ්මණයයි ප්‍රතිඥා කෙරෙමින් සියලු කර්‍මාන්ත වලින් ජීවිකාව කෙරේද, කියා අසයි.
      හෙතෙම මෙසේ කීයයි .
      “පින්වත යම්සේ ගින්න පවිත්‍රවූවක් දවාද, අපවිත්‍රවූවක් දවාද, එයින් ගින්න නොතැවරේ, පින්වත මෙපරිද්දෙන්ම සියලු කර්‍මාන්ත වලින්ම බ්‍රාහ්මණයකු ජීවිකාව කෙරේද,එයින් බ්‍රාහ්මණ කම කිලිටි නොවේ.” යි කියයි..

      “දෝණය, විවිධ කර්‍මාන්තවලින් ජීවිකාව කරන හෙයින් බ්‍රාහ්මණයා බ්‍රාහ්මණ චණ්ඩාලයයි කියනු ලැබේ. දෝණය, මෙසේ වනාහි බ්‍රාහ්මණ තෙම බ්‍රාහ්මණ චණ්ඩාල නම් වේ.

      දෝණය, බ්‍රාහ්මණයන්ගේ පූර්‍ව කාලයෙහිවූ මන්ත්‍ර කරන්නාවූ, මන්ත්‍ර පවත්වන්නාවූ, යම් ඒ ඎෂීහු වූවාහුද, යම් කෙනෙකුන්ගේ ගායනා කරණ ලද, කියන ලද. රැස් කරණ ලද, මේ මන්ත්‍ර පදය මේ කාලයෙහි බ්‍රාහ්මණයෝ එයට අනුව ගායනා කරද්ද, එයට අනුව කියද්ද, හදාරණ ලද්ද අනුව හදාරද්ද, කියවන ලද්ද අනුව කියවද්ද, එනම්, අට්ටකය, වාමකය, වාමදේවය, වෙස්සාමිත්තය, යමතග්ගිය, අඞ්ගීරශය, භාරවාජය, වාසෙට්ඨය, කාශ්‍යපය, භගුය යන මොවුහු බ්‍රාහ්මණයන් පස් දෙනා පනවත්. බ්‍රහ්මසමය, දේවසමය, මර්‍ය්‍යාදය, සම්හින්න මර්‍ය්‍යාදය, බ්‍රාහ්මණ චණ්ඩාලම පස්වෙනිකොට ඇත්තේය.
      දොාණය, ඔවුන්ගෙන් නුඹ කවරෙක් වෙහිද?”

      “භවත් ගෞතමයන් වහන්ස,
      මෙසේ ඇති කල්හි අපි බ්‍රාහ්මණ චණ්ඩාල පමණටත් නොගැනෙති..

      “භවත් ගෞතමයන් වහන්ස, “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී.”

      “මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්‍ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරත්වා.”

      නම උපතමෙම දිවිය මතු භවය 1. බ්‍රහ්මසම බ්‍රාහ්මණසියලු බ්‍රාහ්මණ ගුණ වලින් යුක්තයවේද ඉගෙන කිසිදා ගිහි නොවේ. පටිපදාවේ යෙදේ බඹ ලොව උපදී 2.දේව සම බ්‍රාහ්මණසියලු බ්‍රාහ්මණ ගුණ වලින් යුක්තය48 වියේදී ගිහිවේ.
      බැමිනියක් හා සරණ වී දරුවන් ලැබූ පසු සසුන් ගත වී බවුන් වඩයි.දිවය ලෝකයක උපදී3, මර්‍ය්‍යාද බ්‍රාහ්මණසියලු බ්‍රාහ්මණ ගුණ වලින් යුක්තයගිහිව බ්‍රාහ්මණ සිරිත් අනුව ජීවත් වේ.කල කම් අනුව යලි උපදී 4. සම්භින්න මර්‍ය්‍යාදසියලු බ්‍රාහ්මණ ගුණ වලින් යුක්තයගිගිව බමුණු සිරිත් ඉක්මවා වැඩ කරයි කල කම් අනුව යලි උපදී 5. බ්‍රාහ්මණ චණ්ඩාලසියලු බ්‍රාහ්මණ ගුණ වලින් යුක්තයඕනෑම ස්ත්‍රියක් සරණ කර ගනී,ඕනෑම වෘතියකින් ජීවිකාව කරගැනී.කල කම් අනුව යලි උපදී
      AN 05-20-03 . සඞ්ගාරව සූත්‍රය

      පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණ දේශනාව

      § 1. ඉක්බිති සඞ්ගාරව නම් බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය යුතු, සිහි කටයුතු කථාව කොට නිමවා. එකත්පසෙක ඉඳ ගෙන භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

      “භවත් ගෞතමයන් වහන්ස,
      බොහෝ කලක් අප සජ්ඣායනා කළ වේද මන්ත්‍ර සමහර විට අපට අමතක වේ.
      නොවැටහේ. බොහෝ කලක් සජ්ඣායනා නොකළාවූ මන්ත්‍ර ගැන කියනුම කවරේද?
      භවත් ගෞතමයන් වහන්ස ! ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද?

      භවත් ගෞතමයන් වහන්ස, සමහර විට අප සුළු කලක් පමණක් සජ්ඣායනා කළාවූද මන්ත්‍ර අමතක නොවේ. ඒවා හොඳින් වැටහේ . බොහෝ කලක් සජ්ඣායනා කළාහු ගැන කියනුම කවරේද? ඊට හේතු කිම, ප්‍රත්‍ය කවරේදැ” යි? ඇසීය.

      § 2 , නීවරණ සහිත සිත ඇත්තා

      § 2.1. කාම ච්ඡන්දය1189

      “බ්‍රාහ්මණය,
      යමෙක් කාම අරමුණු නිසා මඩනා ලද්දාවූ සිතින් , කාම රාගයෙන් පෙළුනාවූ, සිතින් යුක්තව වාසය කරයි නම්, උපදීන්නාවූද කාම රාගය දුරු කිරීම තත්වූ පරිද්දෙන් නොදනී නම්, ඔහු තමහට වැඩ පිණිස කල යුත්ත තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්ට වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසටම වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි.

      ඒ කාමයට බර සිතට බොහෝ කලක් හැදෑරුවත්, ඒ මන්ත්‍ර මතකයේ නොරැඳේ. අරථය නොවැටහෙත්.
      නොහැදෑරුවාහු ඒවා ගැන කියනුම කවරේද?

      පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ කල දේශනාව

      [ 1189:- කාම ච්ඡන්දය, :- ආහාර-පාන – වස්ත්‍රාභරණ – යාන – වාහන – ගෘහ භාණ්ඩ- විහාරාරාම – පුත්‍ර – භාර්‍ය්‍යා – ශිෂ්‍ය – ඥාති – මිත්‍ර – දායක- ජීවිත – කීර්ති – ප්‍රශංසා – දේශ දර්ශන – ස්ත්‍රී පුරුෂ දර්ශන – ප්‍රිය සම්භාෂණාදි ලෞකික දෑ පිළිබඳ වූ ද ඒවායින් ලබන ප්‍රීතිය හා සුවය පිළිබඳ වූ ද ආශාව කාමච්ඡන්ද නීවරණයයි. එය ගෘහස්ථ යෝගාවචරයනට ඔවුන්ගේ තත්ත්වය අනුව ද, ප්‍රව්‍රජිත යෝගාවචරයනට ඔවුන්ගේ තත්ත්වය අනුව ද, ඇති වී යෝග ක්‍රියාවට බාධා කරයි. ප්‍රව්‍රජිත යෝගාවචරයාහට ගිහියනට ඇතිවන ඖදාරික කාමච්ඡන්දයන් බඳු කාමච්ඡන්දයේ නූපදිති. කලාතුරකින් උපනත් එය කාමච්ඡන්දයක් බවත් තමාට අන්තරායකර ධර්මයක් බවත් යෝගාවචරයාට දැනේ. එ බැවින් යෝගාවචරයාට එය පහසුවෙන් දුරු කළ හැකි වෙයි. එබඳු කාමච්ඡන්දයකින් පැවිදි යෝගාවචරයකුට හානියක් වෙතොත් වනුයේ ඉතාම කලාතුරකිනි. ප්‍රව්‍රජිත යෝගාවචරයනට බාධා පිණිස පවත්නේ විහාරාරාම ශිෂ්‍ය දායකාදීන් පිළිබඳ කාමච්ඡන්දය යි. LINK

      “බ්‍රාහ්මණය,
      යම් ජල පාත්‍රයක් ලාකඩ පැහැ දියෙන් හෝ කෂා වර්‍ණයෙන් හෝ නීල වර්‍ණයෙන් හෝ මදටිය පැහැයෙන් හෝ කවලන් වී ඇත්තේය, සෙවාලපණක පරියොනද්ධො, තල ඇට ආදී භේද ඇති සෙවලින් හෝ නිල් මැඬියකුගේ පිටෙහි පැහැයෙන් හෝ දිය මතුපිට වසා හටගත් ජලජ ශාකයෙන් වැසී ඇත්තේය,  ඇස් ඇති පුරුෂයෙක් ස්වකීය මුහුණ බලන්නට ඒ භාජනයට එබී බලන්නේ නම් ඔහු තත්වූ පරිද්දෙන් සිය මුහුණ ඒ ජලයෙන් දැක ගන්නට අසමත් වේ., මන්ද යත් ඒ ජලය නොයෙක් පාට සායම් වලින් කිලිටිව ඇති නිසාය. සංසට්ඨො යන වර්‍ණභේදය ඇති කිරීම් වශයෙන් එකට මුසුවූ නිසාය.

      “බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම යමෙක් කාම ආසාවෙන් මඩනා ලද්දාවූ, කාම රාගයෙන් පෙළුනාවූ, සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූ කාම රාගය දුරු කිරීම ඔහු තත්වූ පරිද්දෙන් නොදනී නම් , තමනට වැඩ පිණිස කල යුත්ත ඔහු නොදනියි. නොදකියි. අනුන්ට වැඩ පිණිස කල යුත්තද නොදනියි. නොදකියි. දෙපසට වැඩ පිණිස කල යුත්ත නොදනියි. නොදකියි.

      “බ්‍රාහ්මණය, කාම ආසාවෙන් බර සිත ඇත්තා බොහෝ කලක් හැදෑරුවත්, ඒ මන්ත්‍ර මතකයේ නොරැඳේ. අරථය නොවැටහෙත්.
      නොහැදෑරුවාහු ඒවා ගැන කියනුම කවරේද?

      ඔහුට බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු දේ ගැන කියනුම කවරේද?

      § 2.2. . ව්‍යාපාදය 1190

      පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ කල දේශනාව

      “බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි.
      යමෙක් අමනාපයෙන් මඩනා ලද අමනාපයෙන් පෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද. උපන්නාවූද අමනාපය දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද, තමහට වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩ පිණිස කල යුත්තද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු මන්ත්‍ර ගැන කියනුම කවරේද?

      [1190:- අමනාපය , ව්‍යාපාදය යනු දෝෂයයි. එය ඇති වූ කල්හි සිත දිරූ දෙයක් සේ පිළුණු වූ – කුණු වූ දෙයක් සේ දුබල වෙයි. දුර්වල වූ සිත් සතන්හි සමාධි ප්‍රඥාවෝ නො වැඩෙති. වැඩුණු සමාධි ප්‍රඥාවෝ සිත දුබල වූ කල්හි පිරිහෙති. එබැවින් ව්‍යාපාදය යෝගාවචරයනට අන්තරායික ධර්මයකි. කිසි ධර්ම ශාස්ත්‍රයක් නො දත් අශීලාචාර මිනිසුන්ට ඇති වන ඔවුනොවුන් හා ගහ බැණ ගැනීමට තරම් වූ ද්වේෂ වැනි ඖදාරික ද්වේෂයෝ යෝගාවචරයනට නූපදිති. එබඳු ද්වේෂයක් කලාතුරකින් උපනත් එය එතරම් අන්තරායික ධර්මයක් නොවේ. එ බඳු ද්වේෂයක් උපනත් එය නීවරණයක් බව යෝගාවචරයනට පහසුවෙන් ම වැටහෙන බැවින් එය දුරු කැරගත හැකිය. LINK]

      “බ්‍රාහ්මණය, යම් දිය භාජනයක් ගින්නෙන් තවන ලද්දේ නටවා, කකියවන ලද්දේ. උනු කරණ ලද්දේද, ඇස් ඇති පුරුෂයෙක් ස්වකීය මුහුණ බලන්නට ඒ භාජනයට එබී බැලුවොත්, ඔහු තත්වූ පරිද්දෙන් සිය මුහුණ දැක නොගන්නේය, මුහුණ නොදන්නේය,

      “,වාතෙරිතො යනු වාතයෙන් සැඑණේයි කැළඹුණේයි, ආවිලො යනු නොපහන් වූයේයි, ලුළිතො යනු සන්සුන්ව නොසිටියේයි, කලලීභූතො යනු මඩ වූයේයි, අන්ධකාරෙ නික්ඛිත්තො යනු කොටු අතරක ආදී භේද ඇති ආලෝකය නැති තැනක් තබන ලද්දේයි, මේ සූත්‍රයෙහිදී භාග්‍යවතුන් වහන්සේ තුන් භවයන්ගෙන් දෙසුම ඉදිරිපත් කොට රහත්බව කුළුගැන්වීමෙන් නිමවා වදාළ සේක. බමුණා තිසරණයෙහි පමණක් පිහිටියේයි.

      බ්‍රාහ්මණය මෙපරිද්දෙන්ම අමනාපයෙන් මඩනා ලද අමනාපයෙන් පෙළුනාවූ සිතින් යුක්තව යමක් කෙරේද. උපන්නාවූද අමනාපය දුරුකිරීම කල යුත්ත නොදනීද, තමහට වැඩ වැඩ පිණිස කල යුත්ත ඔහු නොදනියි. නොදකියි. අනුන්හට වැඩ වැඩ පිණිස කල යුත්තද ඔහු තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසට වැඩද එකල්හි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි.

      “බ්‍රාහ්මණය, අමනාපයෙන් බර සිත ඇත්තාට බොහෝ කලක් හැදෑරුවාවූ, මන්ත්‍රද අමතක වේ. නොවැටහේ. නොහැදෑරුවාහු මන්ත්‍ර ගැන කියනුම කවරේද?

      § 2.3 . ථීන මිද්ධය.1191

      පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ කල දේශනාව

      “බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි.

      “යමෙක්ගේ සිතෙහි හා කයෙහි අලසබවවූ ථීනම්ද්‍ධයෙන් වසනාලද්දාවූ, ථීනම්ද්‍ධයෙන් පෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, ඔහු උපන්නාවූ ථීනම්ද්‍ධය දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද. ඔහු තමනට වැඩ වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩ වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසටම වැඩ වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි

      “බ්‍රාහ්මණය, ථිනමිද්ධයෙන් වැසුන සිත ඇත්තාට බොහෝ කලක් හැදෑරුවාවූ, මන්ත්‍රද අමතක වේ. නොවැටහේ. නොහැදෑරුවාහු මන්ත්‍ර ගැන කියනුම කවරේද?

      [1191:- චිත්ත චෛතසිකයන්ගේ ගේ දුබල බව හා අකර්මණ්‍ය බව ථීන මිද්ධ නීවරණයය. එය බලවත්ව ඇති වන කල්හි යෝගාවචරයාගේ ශරීරය ද අප්‍රාණික වේ. ශරීරය ඒ ඒ අතට බර වන්නටත් නැමෙන්නටත් වේ. යෝගාවචරයාට නිදිමත ද ඇති වේ. ථීන මිද්ධය ඉතා බලවත් වූ කල්හි නිදා වැටෙන්නට ද සිදු වේ. ථීන මිද්ධය උපන් කල්හි විදර්ශනා කිරීමේ ධෛර්‍ය්‍යය හීන වී යෑමෙන් යෝගාවචරයාගේ විදර්ශනාව ඉබේම නවතින්නේ ය. ථීන මිද්ධ දෙක අකුශල චෛතසික දෙකක් බැවින් විදර්ශනා කරන චිත්තය කවර කලෙකවත් ථින මිද්ධයෙන් යුක්ත වන්නේ නොවේ. එහෙත් යෝගාවචරයාගේ සන්තානයෙහි ථීන මිද්ධ සහගත සිත් ඇති වන්නට පටන් ගත් කල්හි ඒවාට ළංව පහළ වන්නා වූ ථින මිද්ධ විරහිත සිත් ද පහළ වූ ථීන මිද්ධයන් නිසා බලවත් ව ඇති නොවෙයි. LINK]

      “බ්‍රාහ්මණය, යම් දිය බඳුනක් දිය සෙවෙල්, පරඬැල්වලින් කිලිටිව ඇත, ඇස් පෙනෙන පුරුෂයෙක් ස්වකීය මුහුණ බලන්නට ඒ දිය බඳුනට එබුනොත් ඔහුට සිය මුහුණේ සැබෑ ආකාරය නොපෙනේ. එසේ තත්වූ පරිද්දෙන් දැන නොගන්නේය , නොදකින්නේය,

      බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම යම් කලෙක්හි සිතෙහි හා කයෙහි අලසබවවූ ථීනමිදධයෙන් වඩනාලද්දාවූ, ථීනම්ද්‍ධයෙන් පෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූ ථීනම්ද්‍ධය දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද. ඔහු තමනට වැඩ වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩ වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසටම වැඩ වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි

      “බ්‍රාහ්මණය, ථිනමිද්ධයෙන් වැසුන සිත ඇත්තාට බොහෝ කලක් හැදෑරුවාවූ, මන්ත්‍රද මතකයේ නොරැඳේ. එහි අරථ නොවැටහේ. බොහෝ කලක් නොහැදෑරුවාහු ඒවා ගැන කියනුම කවරේද?

      § 2.4 උද්දච්ච කුක්කුච්චය1192

      පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ කල දේශනාව

      “බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි.

      ‘යමෙක් නොසන්සුන් බවින් හා පසුතැවිල්ලෙන් මඩනා ලද, උඩඟු බැවින් හා කුකුස් බැවින් පෙළුනාවූ සිතින් යුක්ත වේද, ඒ උපන්නාවූ උද්ධච්ච කුක්කුච්චය දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද, ඔහු තමනට වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩ වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසටම වැඩ වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි.
      බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?

      [1192:- බිම හෙළූ සුළං බෝලයක් සේ ආරම්මණයෙහි සැලෙමින් පවත්නාවූ චිත්තයාගේ ඒ සැළෙන බව උද්ධච්චය ය. කළ වරද පිළිබඳ වටහා කර ගත නුහුණු යහපත පිළිබඳව ද තැවෙන්නා වූ චිත්තයාගේ ඒ ස්වභාවය කුක්කුච්චය. සමාධියට බාධක වෙන ආකාරය සම බැවින් ඒ දෙක එකම නීවරණයක් කොට තථාගතයන් වහන්සේ වදාළ සේක. උද්ධච්ච කුක්කුච්ච සහගත සිත බොහෝ සෙයින් ඇති වන්නට පටන් ගතහොත් භාවනාව කළේ ද සමාධිය නො වැඩේ. සමාධිය නො වැඩුණ හොත් මාර්ගයට ඵලයට පැමිණීමට තරම් බලවත් ව විදර්ශනා ඥානය ද ඇති නොවේ. එබැවින් උද්ධච්ච – කුක්කුච්ච නීවරණයක් වන්නේ ය. උද්ධච්ච – කුක්කුච්චය වීර්‍ය්‍යයේ ආකාරයෙන් යෝගාවචරයන්ගේ සන්තානයට සමහර විට පැමිණේ. සමහර විට එය ශික්ෂාකාමිත්වයේ වේශයෙන් ද පහළ වන්නේ ය. යම් කිසි කුසල ධර්මයෙක වේශයෙන් පැමිණි කල්හි එය යෝගාවචරයාට තේරුම් ගැනීමට අපහසු වන බැවින් එසේ උපදනා උද්ධච්ච – කුක්කුච්චය යෝගාවරයනට වඩා අන්තරායකරය. LINK]

      “බ්‍රාහ්මණය,
      භාජනයක ඇති ජලය සුළඟින් කම්පාවෙයිද, සැලෙයිද , කැරකෙද. රල හට ගත්තේද , කැලබුනේද යමෙක් තම මුහුණ බලන්නට ඒ දිය බඳුනට එබුනොත් ඔහුට සිය මුහුණේ සැබෑ ආකාරය නොපෙනේ. ඔහු එසේ තත්වූ පරිද්දෙන් දැන නොගන්නේය , නොදකින්නේය,

      බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම උද්ධච්ච – කුක්කුච්චයෙන් මඩනා ලද, උද්ධච්ච – කුක්කුච්චයෙන් පෙළුනාවූ සිතින් යුක්තව යමෙක් වාසය කෙරේද, උපන්නාවූද උද්ධච්ච කුක්කුච්චය දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද, ඔහු තමනට වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩ වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසටම වැඩ වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි

      බර සිතට බොහෝ කලක් හැදෑරුවත්, ඒ මන්ත්‍ර මතකයේ නොරැඳේ. අරථය නොවැටහෙත්.
      නොහැදෑරුවාහු ඒවා ගැන කියනුම කවරේද?. බොහෝ කලක් හැදෑරුවාවූද, මන්ත්‍ර නොවැටහෙත්. නොහැදෑරුවාහු කියනුම කවරේද?

      § 2.5 විචිකිච්චාව 1193

      පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ කල දේශනාව

      “බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි.
      යමෙක් විචිකිච්ඡාවෙන් මඩනා ලද විචිකිච්ඡාවෙන් පෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූ විචිකිච්ඡාව දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද. ඔහු තමනට වැඩ වැඩ පිණිස කල යුත්ත නොදනියි. නොදකියි. අනුන්හට වැඩ පිණිස කල යුත්තද නොදනියි. නොදකියි. දෙපසටම වැඩ පිණිස කල යුත්ත තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි.

      “බ්‍රාහ්මණය, විචිකිච්චාවෙන් වැසුන සිත ඇත්තාට බොහෝ කලක් හැදෑරුවාවූ, මන්ත්‍රද මතකයේ නොරැඳේ. එහි අරථ නොවැටහේ. බොහෝ කලක් නොහැදෑරුවාහු ඒවා ගැන කියනුම කවරේද?

      [1193:-බුද්ධාදීන් කෙරෙහි උපදනා සැකයට විචිකිච්ඡාවය යි කියනු ලැබේ. විශේෂයෙන් ම යෝගාවචරයකු හට තමාගේ ශාස්තෘවරයා කෙරෙහි හා තමා කරන භාවනාව ගැන ද විශ්වාසය තිබිය යුතු ය. විශ්වාසය හීන වූ පමණට භාවනා පිළිබඳ ගෞරවය හා උත්සාහය ද හීන වේ. ඒවා හීන වූ පමණට භාවනා ඵලය ද හීන වේ. භාවනා ඵලය හීන වන කල්හි විචිකිච්ඡාව වඩා දියුණු වී අන්තිමේදී යෝගාවචරයාට සම්පූර්ණයෙන් ම යෝග කර්මය අත්හැර දමන්නට සිදු විය හැකි ය. එ බැවින් විචිකිච්ඡාව ද යෝගාවචරයනට බාධා කරන එක් නීවරණයෙකි. සමහර විට යෝගාවචරයාගේ සන්තානයෙහි විමසීමේ වේශයෙන් ද විචිකිච්ඡාව පහළ විය හැකි ය. එසේ අන්‍ය වේශයකින් පහළ වන විචිකිච්ඡාව යෝගාවචරයාහට විචිකිච්ඡාවක් බව ලෙහෙසියෙන් නො දැනෙන බැවින් වඩාත් අන්තරායයෙක් වන්නේ ය. LINK]

      “බ්‍රාහ්මණය, යමේක් තම මුහුණ බලන්නට ඒ දිය බඳුනට එබුනොත් ඔහුට සිය මුහුණේ සැබෑ ආකාරය නොපෙනේ. එසේ තත්වූ පරිද්දෙන් දැන නොගන්නේය , නොදකින්නේය,

      බ්‍රාහ්මණය, මෙරිද්දෙන්ම යම් කලෙක්හි විචිකිච්ඡාවෙන් මඩනා ලද විචිකිච්ඡාවෙන් පෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූ විචිකිච්ඡාවගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් නොදනීද. ඔහු තමනට වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. අනුන්හට වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි. දෙපසටම වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් නොදනියි. නොදකියි.

      “බ්‍රාහ්මණය, විචිකිච්ඡාවෙන් මඩනා ලද සිත ඇත්තාට බොහෝ කලක් හැදෑරුවාවූ, මන්ත්‍රද මතකයේ නොරැඳේ. එහි අරථ නොවැටහේ. බොහෝ කලක් නොහැදෑරුවාහු ඒවා ගැන කියනුම කවරේද? බොහෝ කලක් හැදෑරුවත්, ඒ මන්ත්‍ර මතකයේ නොරැඳේ. අරථය නොවැටහෙත්.
      නොහැදෑරුවාහු ඒවා ගැන කියනුම කවරේද?

      § 3. නීවරණ තොර වූ සිත් ඇත්තා

      § 3.1. කාමච්චන්ද ප්‍රහීන කල සිත 1194
      “බ්‍රාහ්මණය,
      යම් කලෙක ඔහු සිය සිත කාම රාගයෙන් නොමැඩෙන ලෙස , කාම රාගයෙන් නොපෙලෙන ලෙස සංවර කර ගන්නේද, සතියෙන් යුක්තව වාසය කරයිද, උපන්නාවූ කාමරාගයා දුරු කිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි තමහට වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි අනුන්හට වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?

      “බ්‍රාහ්මණය, දිය භාජනය ලාකඩ දියෙන් හෝ කෂා වර්‍ණයෙන් හෝ නීල වර්‍ණයෙන් හෝ මදටිය වර්‍ණයෙන් හෝ නොගැවසුනේද, යමෙක් තම මුහුණ බලන්නට ඒ දිය බඳුනට එබුනොත් ඔහුට සිය මුහුණේ සැබෑ ආකාරය පෙනේ. එසේ තත්වූ පරිද්දෙන් දැන ගන්නේය , දකින්නේය,

      “බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම යමේක් කාම රාගයෙන් නොමඩනා ලද, කාම රාගයෙන් නොපෙළුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූ කාමරාගය දුරු කිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි ඔහු තමහට වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි අනුන්හට වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් දනියි. දකියි.

      එසේම ඔහු සුළු කලක් පමණක් හදාළාවූද මන්ත්‍ර අමතකව නොයේ. අරථය වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?

      [1194:- කාමච්චන්ද නීවරණය ප්‍රහීන කිරීම( වික්කම්භන ලෙස ) අසුබය නිමිතිකොට වඩාගත් පළමු ධ්‍යානයේ ඵලයක් ලෙසද තදග්ග ලෙස ප්‍රහීන කිරීම විදර්ශනාව මගින් පසු ධ්යානවලදීද සිදුවෙන බව අටුවාව කියයි.]

      § 3.2 . ව්‍යාපාදයෙන් තොරවීම1195

      “බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි.
      යමේක් ව්‍යාපාදයෙන් නොමඩනා ලද, ව්‍යාපාදයෙන් නොපෙලුන සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද ව්‍යාපාදය දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි ඔහු තමනට වැඩ පිණිස කල යුත්තද අනුන්ට වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර වැටහෙත්. හදාළාහු නම් කියනුම කවරේද?

      “බ්‍රාහ්මණය, යම්සේ දිය භාජනය ගින්නෙන් නටවන නොලද්දේනම් , පැසවන නොලද්දේ නම්, උණු නොකරණ ලද්දේ නම්. එම ජල බඳුනට එබී තම මුහුණ බලන්නට මිනිසෙකුට හැකි වේ. ඔහු තම මුහුණ බලන්නේ, තත්වූ පරිද්දෙන් දැන ගන්නේය, දකින්නේය,

      බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම යම් කලෙක ව්‍යාපාදයෙන් නොමඩනා ලද, ව්‍යාපාදයෙන් නොපෙලුනාවූ සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද ව්‍යාපාදය දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනී, එකල්හි ඔහු තමනට වැඩ පිණිස කල යුත්ත දනී. අනුන්හට වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩ පිණිස කල යුත්ත තත්වූ පරිද්දෙන් දනියි. දකියි.

      එසේම ව්‍යාපාදය දුරුකළ සිතක් ඇත්තාවූ ඔහුට සුළු කලක් පමණක් හදාළා වූද මන්ත්‍ර අමතක නොවේ. අරථය වැටහේ. හදාළාහු නම් කියනුම කවරේද? බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර ගැන කියනුම කවරේද?

      [1195:- ව්‍යාපාදය දුරලීම මෛත්‍රී භාවනාව වඩා සකෘදාගාමි බව පසක් කිරීමෙන් සිදු වේ.]

      § 3.3. තිනමිද්ධය ප්‍රහීන කල සිත 1196

      “බ්‍රාහ්මණය, නැවත අනිකක් කියමි.
      යමේක් ථීනම්ද්‍ධයෙන් නොමඩනා ලද්දාවූ, ථීනම්ද්‍ධයෙන් නොපෙළුනාවූ, සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද ථීනම්ද්‍ධය දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි ඔහු තමනට වැඩ පිණිස කල යුත්ත දනී. අනුන්හට වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩවැඩ පිණිස කල යුත්ත තත්වූ පරිද්දෙන් දනියි. දකියි.

      එසේම ථිනමිද්ධය දුරුකළ සිතක් ඇත්තාවූ ඔහුට සුළු කලක් පමණක් හදාළා වූද මන්ත්‍ර අමතක නොවේ. අරථය වැටහේ. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර ගැන කියනුම කවරේද?

      “බ්‍රාහ්මණය, දිය භාජනය සෙවෙල්, පරඬැල්වලින් ගැවසෙන නොලද්දේද, එයට එබී සිය මුහුණ බලාගන්නට මිනිසෙකු සමත් වේ. ථීනම්ද්‍ධයෙන් මඩනනොලද්දාවූ, ථීනම්ද්‍ධයෙන් නොපෙළුනාවූ, සිතින් යුක්තව යමෙක් වාසය කෙරේද, උපන්නාවූද ථීනම්ද්‍ධය දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනීද, ඔහු තමනට වැඩ පිණිස කල යුත්ත දනී. දකී. අනුන්හට වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසටම වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් දනියි. දකියි.

      ථිනමිද්ධය දුරුකළ සිතක් ඇත්තාවූ ඔහුට සුළු කලක් පමණක් හදාළා වූද මන්ත්‍ර අමතක නොවේ. අරථය වැටහේ. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර ගැන කියනුම කවරේද?

      [1196:- ථිනමිද්ධය දුරුකිරීම පිණිස ආලෝක සඥාව වඩන ලෙස අටුවාව කියයි. ]

      § 3.4 උද්‍ධච්චකුක්කුච්ඡයෙන් තොරවීම 1197
      “බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි.

      “බ්‍රාහ්මණය, දිය භාජනය සුළඟින් කම්පා නොවේනම් , එහි දිය නොසැලෙයි . නොකැරකේ , රළ හට නොගනී, එහි එබී බලන කෙනෙකුට තම මුහුණ තත්වූ පරිද්දෙන් දැකගන්නේය , දැනගන්නේය ,

      බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම, යම් කෙනෙක් උද්‍ධච්ච කුක්කුච්ඡයෙන් නොමඩනා ලද්දාවූ. උද්‍ධච්ච කුක්කුච්ඡයෙන් නොපෙළුනාවූ, සිතින් යුක්තවේද, උපන්නාවූද උද්‍ධච්ච කුක්කුච්ඡය දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනීද, ඔහු ඔහු තමනට වැඩ පිණිස කල යුත්ත දනී. අනුන්හට වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩවැඩ පිණිස කල යුත්ත තත්වූ පරිද්දෙන් දනියි. දකියි.

      එසේම උද්‍ධච්ච කුක්කුච්ඡය දුරුකළ සිතක් ඇත්තාවූ ඔහුට සුළු කලක් පමණක් හදාළා වූද මන්ත්‍ර අමතක නොවේ. අරථය වැටහේ. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර ගැන කියනුම කවරේද?

      [1197:- උද්‍ධච්ච කුක්කුච්ඡය දුරු කිරීම අරමුණක් විදර්ශනා කිරීමෙන්ම කල යුතු බවත් කුක්කුච්චය නැතිවන්නේ අනාගාමි පියවරේදී බව මනෝරත පුරණිය කියයි.]

      §3.5. විචිකිච්ඡාවෙන් තොරවීම1198

      . “බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි.

      “බ්‍රාහ්මණය, දිය භාජනය නිසලවූයේනම්, සම්පුර්ණයෙන්ම පැහැදුනේ වෙයි., එම දිය තලය නොකැළඹුනේද , ආලෝකයෙහි තබන ලද්දේද, එයට එබී සිය මුහුණ බලාගන්නට මිනිසෙකු සමත් වේ., තත්වූ පරිද්දෙන් දැනගන්නේය, දැකගන්නේය, බ්‍රාහ්මණය, මෙපරිද්දෙන්ම යම් කලෙක්හි විචිකිච්ඡාවෙන් නොමඩනා ලද්දාවූ. විචිකිච්ඡාවෙන් නොපෙළුනාවූ, සිතින් යුක්තව වාසය කෙරේද, උපන්නාවූද විචිකිච්ඡාවගේ දුරුකිරීම තත්වූ පරිද්දෙන් දනීද, එකල්හි ඔහු තමනට වැඩ පිණිස කල යුත්ත දනී. අනුන්හට වැඩ පිණිස කල යුත්තද තත්වූ පරිද්දෙන් දනියි. දකියි. එකල්හි දෙපසට වැඩවැඩ පිණිස කල යුත්ත තත්වූ පරිද්දෙන් දනියි. දකියි.

      එසේම විචිකිච්ඡාව දුරුකළ සිතක් ඇත්තාවූ ඔහුට සුළු කලක් පමණක් හදාළා වූද මන්ත්‍ර අමතක නොවේ. අරථය වැටහේ. බොහෝ කලක් නොහදාළාවූද මන්ත්‍ර ගැන කියනුම කවරේද?

      “බ්‍රාහ්මණය, යමෙකුට සමහරවිට බොහෝ කලක් හදාළාවූද මන්ත්‍ර අමතව යන්නටත්, නොවැටහෙන්නටත්. සමහරවිට සුළු කලක් පමණක් හදාළාවූද මන්ත්‍ර අමතව නොවන්නටත්, වැටහෙන්නටත්. මේ හේතුව වේ. මේ ප්‍රත්‍යවේ.” යි වදාළ සේක..

      § 9. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති.
      භවත් ගෞතමයන් වහන්ස, යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට පාර කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්‍ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරත්වා.” ‘

      [1198:- විචිකිච්චාව : සැකය දුරු කිරීම ධම්මට්ඨිතිඤාණ  ලෙස විසුද්ධි මාර්ගයේ විස්තර කර ඇත.
      -……යට කී සොළොස් විචිකිච්ඡාව ද, බුදුන් කෙරෙහි සැක කරයි, යනාදී අට තැන්හි විචිකිච්ඡාව ද දෙ සැට දෘෂ්ටිය ද ඉක්ම සිටි හෙයින් කඞ්ඛාවිතනරණ විසුදධි යැයි ද, ධර්‍ම නම් ඵලයැ, එයට ප්‍ර‍ත්‍යය වූයේ ධර්‍මස්ථිති යැයි (ප්‍ර‍ත්‍යය ධර්‍මයයි) ඒ ප්‍ර‍ත්‍යය ධර්‍මයන් පිරිසිඳ දන්නා හෙයින් ධම්මට්ඨිතිඤාණ යැයි ද, සංස්කාර ධර්‍මයන් ගේ යථාස්වභාවය වූ අනිත්‍යාදිය දන්නා හෙයින් යථාභූතඤාණ යැයි ද සම්‍යක් දර්‍ශන යැයි ද මෙයට ම නමි, එයින් වදාළහ. LINK]
      Mp does not apply “escape in a particular respect” to the last four hindrances, but Mp-ṭ says it occurs in that the hindrances can be dispelled by reflection (paṭisaṅkhā navasena tassa vinode tabbatāya tadaṅga nissaraṇampi labbhat’eva).]

      AN 05-20-04 .කාරණපාලී සූත්‍රය

      [1199:- කාරණපාලි:– යනු පාල යනු ඔහුගේ නමයි, ලිච්චවි රජුන්පැවරු ලෙස නුවර වටා වූ පවුරේ අලුත් වැඩියා කරන ක්‍රියා කරවන යන කර්‍මාන්ත කෙරේනුයි කාරණ-පාලි නම් වූයේය, කම්මන්තං කාරෙති යනු උදයෙන්ම නැගිට දොරටු අටලු ප්‍රාකාරයන්හි (නිමා) නොකළ දෙය කරවයි, දිරුණු තැන් පිළිසකර කරවයි, ]

      “එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර මහවන වෙහෙර කූටාගාර ශාලාවෙහි වැඩ වසනසේක. එකල්හි කාරණපාළී නම් බ්‍රාහ්මණයෙක් ලිච්ඡවි රජුන්ගේ කර්‍මාන්තයක් කරයි. කාරණපාළී බ්‍රාහ්මණය, පිංගියානි1200 නම් බ්‍රාහ්මණයා එන්නහු දුරදීම දුටුයේය. දැක පිංගියානි නම් බ්‍රාහ්මණයාට මෙසේ කීයේය. ‘ භවත් පිංගියානිතුමා මධ්‍යාහ්ණයෙහි කොහි සිට එන්නේද?’

      [1200:-පිඞ්ගියානිං බ්‍රාහ්මණං යනු මෙසේ නම් ඇති අනාගාමි පෙලෙහි පිහිටි ආර්යශ්‍රාවක බමුණායි, හෙතෙම උදෑසනින්ම නැඟිට ගඳමල් ආදිය ගෙන ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් වැඳ ගඳමල් ආදියෙන් පුදා නුවරට එයි, මෙය බමුණාගේ දිනපතා පිළිවෙතයි, හෙතෙම මෙසේ වත්කොට එන්නහු දුටුවේය, එතදවොච යනු මේ බමුණා නුවණැත්තෙකි, ඥානයෙන් උසස් වූවෙකි, කොහි උදෑසනින්ම ගොස් එන්නේදැයි සිතා පිළිවෙලින් සමීපයට ආවහු හැඳින භන්දකුතොනු භවං යනාදි වචන කීවේය]

      “පින්වත, මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි සිට එමි” යි. කීය.
      “භවත් පිංගියානි ඔබ , ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ප්‍රඥාපටුත්‍වය ඒ කුමකැයි හඟීද?
      පණ්ඩිතයෙකැයි සිතන්නේද?”

      “පින්වත, මම කවරෙක්ද?
      ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ප්‍රඥාව ගැන කීමට මම කවරෙක් නම් වෙම්ද?
      ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ප්‍රඥාපටුත්‍වය කවරෙක් නම් දන්නෙම්ද?
      යමෙක් ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ප්‍රඥාව කෙසේද යයි දන්නේනම් හෙතෙමේද ඒකාන්තයෙන් එබන්දෙක්ම වන්නේය.”1201 යි පිංගියානි කීය.

      [1201:- සොපි නුනස්ස තාදිසොව යනු යමෙක් ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ප්‍රඥා විශාරදත්වය දන්නේද හෙතෙමේත් ඒකාන්තයෙන්ම දශපාරමිතාවන් පුරා සර්‍වඥ බවට පත් වූ එබඳු බුදුවරයෙක්ම වන්නේය, මහමෙර හෝ පොළොව හෝ අහස හෝ මනිනු කැමැත්තහු විසින් එපමණම වූ දණ්ඩක් හෝ රැහැනක් හෝ ලැබීමට වටියි, ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාව දන්නහු විසින් ද ඔහුගේ ඥානයට සමාන වූම සර්‍වඥතාඥානය ලැබීමට වටීයයි දක්වයි, ගෞරව වශයෙන් මෙහි ආමෙණ්ඩිතය (විශ්මය ප්‍රකාශනය) කරන ලදි. උළාරාය යනු උතුම් වූ ශ්‍රේෂ්ඨවූයි, කො චාහං භො යනු පින්වත මම ශ්‍රමණ ගෞතමයන්ගේ සසුනෙහි කවරෙක් නම් වෙම්ද? කොච සමණං ගොතමං පසංසිස්සාමි යනු කුමන කරුණකින් ප්‍රශංසා කරන්නෙම්ද?]

      සත්‍ථපසත්‍ථො යනු සියලු ගුණයන්ට මත්තෙහි හැසිරෙන්නා වූ සියලු ලෝකයා විසින් පසස්නා ලද තමන්ගේ ගුණයන්ගෙන්ම පසස්නා ලද්දේයි, උන්වහන්සේට අන්‍යයන් විසින් පැසසීමේ වැඩක් නැත. යම් සේ සපුමලක් හෝ නිලුපුලක් හෝ පියුමක් හෝ රතු සඳුන් හෝ තමන්ගේ වර්‍ණගන්ධ ශ්‍රියාවෙන්ම පහදන සුලු වූයේ ද සුවඳවත් වූයේ ද වෙයි, එයට අමුතුවෙන් පැමිණෙන වර්‍ණගන්ධයන්ගෙන් ස්තුති කිරීමේ වැඩක් නැත. යම්සේ මැණික් රත්නයක් හෝ සඳමඬල හෝ තමන්ගේ ආලෝකයෙන්ම බබළයි ද එයට අන්‍යයන් විසින් බැබළවීමේ වැඩක් නැත. මෙසේ ශ්‍රමණ ගෞතමයෝ සියලු ලෝකයා විසින් පසස්නා ලද තමන්ගේ ගුණයන්ගෙන්ම පසස්නා ලද්දාහුය, ස්තුති කරන ලද්දාහුය. සියලු ලෝකයාගේ ශ්‍රේෂ්ඨබවට පැමිණියේ උන්වහන්සේට අන්‍යයකු විසින් පැසසීමේ වැඩක් නැත.]

      “භවත් පිංගියානි තුමා, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඉහළම ලෙස වර් නනා කරයි”

      “පින්වත, මම කවරෙක්ද, කෙබඳුවූ නම් මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේට ප්‍රශංසා කරන්නෙම්ද.
      ඒ භවත් ගෞතමයන්මේ වහන්සේ , පසස්නාලද්දවුන් විසිනුත් පසස්නා ලද්දාවූම දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වේ”ය.

      “භවත් පිංගියානි ඔබ තුමා , ශ්‍රමණ භවත් ගෞතමයන් කෙරෙහි කිනම් කරුණක් දකිමින් මෙසේ විශේෂයෙන් පැහැදුනේද?”

      (1)“පින්වත, යම් පුරුෂයෙක් තමා කැමතිම ඉහලම රසයෙන් යුතු ආහාරයක් ගෙන ඉන් තෘප්තිමත්ව ඉන්නේ නම් ඔහුට බාල, හීන රස ඇති ආහාර ගැන කැමැත්තක් ඇති නොවේ.

      පින්වත, මෙපරිද්දෙන්ම යමෙක් භවත් ගෞතමයන් වහන්සේගේ ධර්‍මය අසයිද, සූත්‍ර වශයෙන් හෝ ගෙය්‍ය වශයෙන් හෝ, වෙය්‍යාකරණ වශයෙන් හෝ, අද්භූත ධර්‍ම වශයෙන් හෝ, ඒ ශ්‍රී සද්ධර්මය අසයිද, ඔහු යලි කිසි කලෙක අන්‍යවූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ අසන්නට නොකැමැති වෙයි. 1202

      [1202: සද්ධර්මයේ කොටස් නවය 1)සූත්‍ත 2)ගෙය්‍ය 3)වෙය්‍යාකරණ 4)ගාථා 5)උදාන 6)ඉතිවුත්තක 7)ජාතක 8)අබ්භූත ධම්ම 9)වේදල්ල ලෙස දැක්වෙතත් පින්ගිය මෙහිදී ඉන් සතරක් පමණක් දක්වන්නේ පින්ගිය අසා ඇත්තේ එපමණක් නිසා බව හෝ මේ නව ආකාරයට බෙදීම පසු කාලයක කල එකක් නිසා හොයන කාරනා දෙකින් එකක් වය හැක.]

      (2). පින්වත, යම් මිනිසෙක් බඩ සයින්යුතුව දුර්‍වල බැවින් පෙළෙමින් අහර යදින්නේ, ඔහුට පැණි කැවුමක් ලැබෙන්නේද, හෙතෙම යම් යම් තැනකින් එය හපන්නේද ඒ සැම තැනකින්ම එකම මිහිරි රසය විඳියි.
      පින්වත, මෙපරිද්දෙන්ම ඒ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ධර්‍මය කුමන ආකාරයකින් හෝ යමෙක් අසයිද, සූත්‍ර වශයෙන් හෝ ගෙය්‍ය වශයෙන් හෝ, වෙය්‍යාකරණ වශයෙන් හෝ, අද්භූත ධර්‍ම වශයෙන් හෝ, ඒ ඒ අසන යම් ආකාරයකින් ඒ ඒ තැනින් ඔහුට සතුට ඇති වේ. ඔහු චිත්ත ප්‍රසාදය ලබන්නේමය.

      (3). “පින්වත, යම් පුරුෂයෙක් රන්වන් සඳුන් හෝ, රත් සඳුන් හෝ, සඳුන් ගැටයක් ලබන්නේ, ඔහු යම් යම් තැනකින් ඒ ආඝ්‍රාණය කරන්නේද, මුලින් හෝ මැදින් හෝ කෙළවරින් ඒ සඳුන් ලීයේ සුවඳ, අන් සුවඳකින් මිශ්‍ර නොවූ යහපත් සුවඳම ලබයි.

      මෙපරිද්දෙන්ම යම් යම් තැනකින් ඒ භවත් ගෞතමයන්ගේ ධර්‍මය අසාද, සූත්‍ර වශයෙන් හෝ ගෙය්‍ය වශයෙන් හෝ, වෙය්‍යාකරණ වශයෙන් හෝ, අද්භූත ධර්‍ම වශයෙන් හෝ, ඒ ඒ තැනින් ප්‍රමුදිත භාවය ලබයි. සතුට ලබයි.

      “පින්වත, යම් පුරුෂයෙක් ආබාධයකින් රෝගීව , දුකින් පෙළුනේ, දැඩි ගිලන් වේ, දක්‍ෂවූ වෙදෙක් ස්ථාන වශයෙන් දැන ඇවැසි තැනට බෙහෙත් යොදා ඔහුගේ ආබාධය දුරුකරන්නේය.

      පින්වත, මෙපරිද්දෙන්ම යම් යම් තැනකින් ඒ භවත් ගෞතමයන්ගේ ධර්‍මය අසාද, සූත්‍ර වශයෙන් හෝ ගෙය්‍ය වශයෙන් හෝ, වෙය්‍යාකරණ වශයෙන් හෝ, අද්භූත ධර්‍ම වශයෙන් හෝ, ඒ ඒ තැනින් ඔහුගේ ශොක, පරිදේව. දුක්. දොම්නස්, උපායාසයෝ නැසී යත්.

      (5).“පින්වත, නිර්මල ජලය ඇති, මිහිරි ජලය ඇති, සිහිල් ජලය ඇති, සුදු වැල්ලෙන් වැටවුනු, සිත්කළු පොකුණක් වේ. යම් මගියෙක් තද අව්වේ , බොන්නට දිය බිඳක් නොලැබ, බොහෝ දුර පිපාසාවෙන් එන්නේ හෙතෙම ඒ පොකුණට බැස ස්නානය කරයි.. පානය කරයි. සියලු වෙහෙස, මහන්සි. දැවිලි සංසිඳවා ගනියි.

      පින්වත මෙපරිද්දෙන්ම යම් යම් තැනකින් ඒ භවත් ගෞතමයන්ගේ ධර්‍මය අසාද, සූත්‍ර වශයෙන් හෝ ගෙය්‍ය වශයෙන් හෝ, වෙය්‍යාකරණ වශයෙන් හෝ, අද්භූත ධර්‍ම වශයෙන් හෝ, ඒ ඒ තැනින් සියලු ක්ලෙශදරථ කෙලෙස් දැවිල්ලෙන් සංසිඳෙත්ය” යි කීයේය.

      “පිංගාලිය් බ්‍රාහ්මණයා මෙසේ කී කල්හි කාරණපාළී බ්‍රාහ්මණයා හුනස්නෙන් නැගිට උතුරු සළුව ඒකාංශකොට දකුණු දණ මඬල බිම හැනගෙණ භාග්‍යවතුන් වහන්සේ යම් දිශාවෙක්හිද, ඒ දිශාවට හැරී ඇඳිලි බැඳගෙණ තුන්වරක් ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කෙළේය.
      ‘ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේට නමස්කාර වේවා,
      ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේට නමස්කාර වේවා,
      ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේට නමස්කාර වේවා”යි.

      “භවත් පිංගියානිය,
      ඉතා යහපත, භවත් පිංගියානිය, ඉතා යහපත, භවත් පිංගියානිය, යම් සේ යටිකුරුකොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසන ලද්දක් විවෘත කරන්නේ හෝ වේද, මංමුලා වූවෙකුට මග කියන්නේ හෝ වේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අන්‍ධකාරයෙහි තෙල් පහණක් දල්වන්නේ හෝ වේද, මෙපරිද්දෙන්ම භවත් පිංගියානි විසින් නොයෙක් ආකාරයෙන් ධර්‍මය ප්‍රකාශ කරණ ලදී.

      භවත් පිංගියානිය, මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංඝයාද සරණකොට යමි. භවත් පිංගියානි තුමනි මා අද පවන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වා” යි කීයේය.

      AN 05-20-05. පිංගියානී සූත්‍රය

      “එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර මහවන වෙහෙර කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හි පන්සියයක් පමණ ලිච්ඡවි රජවරු භාග්‍යවතුන් වහන්සේ දකින්නට පැමිණියහ.

      ඇතැම් ලිච්ඡවීහු නීලවර්‍ණවූ, නීලවර්‍ණ වස්ත්‍ර ඇත්තාහු, නීලවර්‍ණ ආභරණ ඇත්තාහු නිල් පැහැවූවාහු වෙත්1203. ඇතැම් ලිච්ඡවීහු පීතවර්‍ණවූ, පීත වර්‍ණ වස්ත්‍ර ඇත්තාවූ, පීත වර්‍ණ ආභරණ ඇත්තාවූ රන්වන් වූවාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු ලෝහිතක වර්‍ණවූ, ලෝහිතක වර්‍ණ වස්ත්‍ර ඇත්තාහු, ලෝහිතක වර්‍ණ ආභරණ ඇත්තාවූ රතු පැහැවූවාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු ස්වේත වර්‍ණවූ, ස්වේත වර්‍ණ වස්ත්‍ර ඇත්තාවූ, ස්වේත වර්‍ණ ආභරණ ඇත්තාවූ සුදු පැහැ ඇත්තාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ වර්‍ණයෙන්ද, යශසින්ද ඒ හැම දෙනම ඉක්මවා බබළයි.


      [1203:- “නීල” යනු මෙය සියල්ල ඇතුළත් කොට ගන්නා ලද්දේයි,  නීලවණ්ණා  යනාදිය ප්‍රභේද දැක්වීමයි, එහි ඔවුන්ගේ පියවි පැහැය නිල් පැහැය නොවේ, නිල් විලවුන් ගැල් වූ බැවින් මෙය කියන ලදි, නීල වත්‍ථා යනු දුහුල්පට කොසෙය්‍යවස්ත්‍රාදිය ද ඔවුන්ගේ නිල්ම වෙයි, නීලාලඞ්කාරා යනු නිල්මිණිවලින් නිල් මලින් අලංකාර කරන ලද ඔවුන්ගේ ඇත් සැරසිලි අස් සැරසිලි රියසැරසිලි තිර වියන් සැට්ට ද සියල්ල නිල්ම වෙයි, මේ ක්‍රමයෙන් සියලු පදයන්හි අර්‍ත්‍ථය දතයුතුය,]

      “එකල්හි පිංගියානි බ්‍රාහ්මණයා හුනස්නෙන් නැගිට, උතුරු සළුව ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන්ට දෙසට හැරී, ඇඳිලි බැඳගෙණ, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

      “භාග්‍යවතුන් වහන්ස, මට කවියක් ගොතන්නට සිතුණාය “
      සුගතයන් වහන්ස, මට මට ගාථාවක් කියන්නට සිතුණාය” යි. කීහ.

      “පිංගියානිය, එසේ නම් කියව! ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

      “එකල්හි පිංගියානි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි මෙසේ
      සුදුසුවූ ගාථාවකින් ස්තූති කෙළේය.

      අරුණට පෙර සුපිපී ලොව පුරා සුවඳ පතුරන,
      රත් පියුමක් සේ ප්‍රභා දෙන,
      නිලඹ්ර දිදුලන සුර්යයා බඳු
      අඞ්ගීරස සර්‍වඥයන් වහන්සේ බලව

      යි ගාථාවෙන් කීයේය.

      ඒ අසා සිටි ලිච්ඡවී රජුන් පිරිස ඉතා සතුටට පත්ව වටිනා උතුරුසළු පන්සියයකින් පිංගියානි බමුණා පිදූහ.
      ඉක්බිති පිංගියානි බ්‍රාහ්මණයා ඒ උතුරුසළු පන්සියයෙන් භාග්‍යවතුන් වහන්සේ පිදුයේය.
      එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ ලිච්ඡවීන්ට මෙය වදාළසේක.

      “ලිච්ඡවීනි, රත්න පසක් පහළවීම ලෝකයෙහි දුර්ලභවේ.

      කවර පසක්ද යත්?

      • අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන්ගේ පහළවීම ලෝකයෙහි දුර්ලභය .
      • තථාගතයන් දේශනා කරණ ලද්දාවූ ධර්ම විනය දේශනා කරන්නාවූ අය ලෝකයෙහි දුර්ලභවේ.
      • තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍මවිනය අසා වටහාගන්නාවුන් ලෝකයෙහි දුර්ලභවේ.
      • තථාගතයන් වදාල ධර්‍මවිනය වටහාගෙන එම ප්‍රතිපදාවට පිළිපන්නාවූ අය ලෝකයෙහි දුර්ලභවේ.
      • කාතඥවූ කළගුණ දන්නාවූ පුද්ගලයන් ලෝකයෙහි දුර්ලභය.

        යන පසයි.
      • “ලිච්ඡවීනි, එම රත්න පස පහළවීම ලෝකයෙහි දුර්ලභවේ. “යි දෙසා වදාළ සේක

        AN 05-20-06. මහා සුපින සූත්‍රය

        පුජ්‍ය අලුත්ගම පඥාසාර හිමි

        [1204:- මහා සුපින යනු මහා පුරුෂයන් විසින් දැකිය යුතු බැවින් ද මහත් අර්‍ත්‍ථයන්ට නිමිතිවන බැවින් ද මහත් වූ සිහිනයෝයි.  පාතුරහෙසුං  යනු පහළවූහ, එහි සිහින දකින්නේ ධාතු කැළඹීම් වශයෙන් හෝ කලින් අත්විඳීමක් වශයෙන් හෝ දෙවියන් විසින් ඉදිරිපත් කිරීම වශයෙන් හෝ පෙරනිමිත්තක් වශයෙන්දැයි කරුණු සතරකින් දකියි,
        1 එහි පිත ආදීන්ගේ කැළඹීම් ඇතිකරන හේතු යෙදීමෙන් කැළඹුණු ධාතු ඇත්තේ, ධාතු කැළඹීම් ඇත්තේ සිහිනයක් දකියි, දකින්නේද නා නා ආකාර ඇති සිහින දකියි, පර්‍වතයකින් වැටෙන්නේ මෙන් අහසින් යන්නේ මෙන් දරුණු මෘග ඇත් සොරුන් ආදීන් විසින් එහු බඳින්නේ මෙන් වෙයි,
        2. කලින් අත්විදීම් වශයෙන් දකින්නේ පෙර අත්විදි අරමුණක් දකියි,
        3. දෙවියන්ගේ ඉදිරිපත් කිරීමක් වශයෙන් දකින්නාට දෙවිවරු හිත කැමැත්තෙන් හෝ අහිත කැමැත්තෙන් හෝ වැඩ සඳහා හෝ ඇවැඩ සඳහා හෝ නොයෙක් අරමුණු එළවත්, හෙතෙම ඒ දෙවිවරුන්ගේ අනුභාවයෙන් ඒ අරමුණු දකියි,
        4. පෙරනිමිත්තක් වශයෙන් දකින්නේ පින්පවු වශයෙන් උපදිනු කැමැත්තාගේ යහපත් හෝ අයහපතේ පෙරනිමිත්තක් වූ සිහිනයක් දකියි, .බෝසත් මව පුතකු ලැබීමේ නිමිත්ත මෙන් ද කොසොල් රජු සොළොස් සිහිනයන් මෙන් ද භාග්‍යවතුන් වහන්සේ බෝසත්ව සිටියදී මේ පස් මහ සිහිනයන් මෙන් ද වේ,
        එහි ධාතු කැළඹීමෙන් හා කලින් අත්දැකීම් වශයෙන් යම් සිහිනයක් දකියිද එය සත්‍යයක් නොවෙයි, දෙවියන්ගේ ඉදිරිපත් කිරීමක් වශයෙන් යමක් දකියිද එය සත්‍යයක් හෝ බොරුවක් හෝ වෙයි, කිපිණු දෙවියෝ උපායෙන් නසනු කැමැත්තාහු විපරීත කොට දක්වත්, පෙරනිමිති වශයෙන් යමක් දකියි ද එය ඒකාන්ත සත්‍යයක්ම වෙයි, මේ මුල් කරුණු සතරේ එකට එක්වීමේ ප්‍රභේද වශයෙන් ද ස්වප්න භේදය වෙයි,]

        මේ සිවුවැදෑරුම් සිහිනය ශෛක්ෂ පෘථග්ජනයෝ ම දකිත්, ප්‍රහීන නොවූ විපල්ලාස ඇති බැවිනි, කිම, මෙය දකින්නේ නිදිගත් පුද්ගලයා දකියිද අවදිවූ පුද්ගලයා දකියිද, නැතහොත් නොනිදන්නේත් අවදිනොවන්නේත් දකියිද, කිම මෙහි ඉදින් දන්නේ දකියි ද එවිට අභිධර්‍මයට විරුද්ධවීමක් වේද? භවංග සිතෙන්ම නිදයි, ඒ රූප නිමිත්තාදී අරමුණ රාගාදියෙන් යුක්ත වූයේ හෝ නොවේ, සිහින දකින්නාට ද මෙබඳු සිත් උපදියි, අවදිවූයේ දකියිද විනය විරෝධයක් ඇතිවෙයි, අවදිවූයේ යමක් දකියිද එය සර්‍වව්‍යවහාරික සිතෙන්ම දකියි, සර්‍වව්‍යවහාරික සිතින් ආපත්තිව්‍යතික්‍රමයක් කළ කල්හි අනාපත්තියක් නම් නැත. (එය ඇවතක්මය) සිහිනයක් දකින්න විසින් ව්‍යතික්‍රමයක් කළ කහි නිසැකයෙන්ම අනාපත්තියක්මය, එසේ නම් නොනිඳත් අවදිනොවන්නේත් දකියිද? නොදකියි, මෙසේ ඇති කල්හි සිහිනයාගේ අභාවයක්ම වෙයිද?, අභාවයක් නොවේ, කුමක් හෙයින්ද? වඳුරු නින්දෙන් මැඬුණේ සිහිනය දකියිද එබැවිනි, “කපිමිද්ධපරෙතො ඛො මහාරාජ සුපිනං පස්සති” (මහරජ වදුරු නින්දෙන් පෙළුණු තැනැත්තේ සිහිනය දකියි) යන මෙකරුණ කියන ලදි.]

        මහණෙනි,
        අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන්ට සම්බෝධිය ලබන්නට පෙරම අභිසම්බුද්‍ධ නොවූ බොධිසත්‍ව වූවහුටම මහා ස්වප්න පසක් පහළවූහ.

        “කවර පසක්ද යත්?

        (1).මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්‍ව වූවහුටම මේ මහා පෘථිවිය මහත්වූ සයනය වූයේය. හිමවත් පර්‍වත රාජයා කොට්ටය විය. පෙරදිග මුහුදෙහි වම් අත පිහිටියේ විය. අවර දිග මුහුදෙහි දකුණු අත පිහිටියේ විය. දකුණු දිග මුහුදෙහි දෙපා පිහිටියාහුය.

        මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහිම බුදුබවට නොපැමිණියාවූ බොධිසත්‍ව වූවහුටම මේ පළමුවන මහා ස්වප්නය පහළවූයේය.

        (2).“මහණෙනි, නැවත අනිකක්ද කියමි.
        මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්‍ව වූවහුටම තිර්‍ය්‍යා නම් තෘණ ජාතිය හෙවත් (කුශතණ ගසක්) නාභියෙන් පැන නැග අහසට හැපී සිටියේය.

        මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්‍ව වූවහුටම මේ දෙවන මහා ස්වප්නය පහළවූයේය.

        (3).“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්‍ව වූවහුටම සුදුවූ, කළු හිස ඇත්තාවූ ප්‍රාණීහු පාවලින් උඩට නැගී දන මඩල දක්වා වසා ගත්තාහුය.

        මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්‍ව වූවහුටම මේ තුන්වන මහා ස්වප්නය පහළවිය.

        (4).“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්‍ව වූවහුටම නොයෙක් වර්‍ණඇති ලිහිණි සතර දෙනෙක් සතර දිගින් අවුත් පාමුල වැටී සියල්ල සුදු බවට පැමිණියාහුය.

        මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්‍ව වූවහුටම මේ සතරවන මහා ස්වප්නය පහළවූයේය.

        (5).“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්‍ව වූවහුටම මහත්වූ අශුචි පර්‍වතයක්හුගේ මතුමත්තෙහි අශුචියෙන් නොතැවරෙමින් සක්මන් කරයි.

        මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්‍ව වූවහුටම මේ පස්වන මහා ස්වප්නය පහළවූයේය.

        “මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්‍ව වූවහුටම තිර්‍ය්‍යා නම් තෘණ ජාතිය හෙවත් (කුශතණ ගසක්) නාභියෙන් පැන නැග අහසට හැපී සිටියේය. යන යමකුත් වීද, මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන් විසින් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයතෙම බුදුබවට පැමිණ යම්තාක් දෙවි මිනිසුන් හා මනාව ප්‍රකාශ කරණ ලද්දේද. ඔහුගේ අවබෝධය පිණිස මේ දෙවන මහා ස්වප්නය පහළවූයේය.

        (1) “මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්‍ව වූවහුටම මේ මහා පෘථිවිතොමෝ මහත්වූ සයනය වූයේය. හිමවත් පර්‍වත රාජයා කොට්ටය විය. පෙරදිග මුහුදෙහි වම් අත පිහිටියේ විය. අවර දිග මුහුදෙහි දකුණු අත පිහිටියේ විය. දකුණු දිග මුහුදෙහි දෙපා පිහිටියාහුය. යන යමකුත් වීද, මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන් විසින් නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කරණ ලදී. ඒ අභිසම්බොධිය සඳහා මේ පළමුවන මහා ස්වප්නය පහළවූයේය.

        [1205:- මේ පස්මහ සිහින ලෞකික පෘතග්ජනයා නොදකියි මහ රජවරු, සක්විති රජවරු අග සව්වෝ, පසේ බුදුවරු සම්මා සම්බුදුවරු නොදකිත්, හුදෙක් සර්‍වඥ බෝසතාණෝම දකිති, අපගේ බෝසතාණෝ කවර කලෙක මේ සිහින දුටුවහුද යත් හෙට බුදුවන්නෙමැයි පක්ෂයේ තුදුස්වකෙහි රාත්‍රිය ගෙවී යන කල්හි දුටහ, තෙළෙස්වකෙහි යයි ද කියත්මැයි, හෙතෙම මේ සිහිනයන් දැක නැඟිට පළක් බැඳ හුන්නේ (මෙසේ) සිතුවේය. “ඉදින් මවිසින් මේ සිහිනයෝ කිඹුල්වත් නුවරෙහිදී දුටුවාහු වෙත්ද පියමහරජුට කියන්නෙමි, ඉදින් මගේ මව ජීවත් වන්නී නම් ඇයට කියන්නෙමි, මෙතැන්හිදී මේවා පිළිගන්නෙක් නැත. මමම පිළිගන්නෙමි”, ඉක්බිති මෙය මේ සිහිනයේ පෙර නිමිත්තය. මෙය මේ සිහිනයේ පෙර නිමිත්තයයි තෙමේම සිහිනයන් පිළිගෙන උරුවෙල් ගමෙහි සුජාතාව විසින් දෙන ලද පායාසය වළඳා බෝමැඬට නැඟ සම්බෝධියට පත්ව පිළිවෙළින් දෙව්රමෙහි වසන්නේ තමන්ගේ මුකුළු බුදු කල්හි (බුදුවීමට නුදුරුව) දුටු පස්මහ සිහිනයන් විස්තර කිරීමට භික්ෂූන් අමතා මේ දම් දෙසුම ඇරඹීය,]

        (2). “මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්‍ව වූවහුටම සුදුවූ, කළු හිස ඇත්තාවූ ප්‍රාණීහු පාවලින් උඩට නැගී දන මඩල දක්වා වසා ගත්තාහුය. යන යමකුත් වීද, මහණෙනි, සුදුවත් හැන්දාවූ බොහෝ ගෘහස්තයෝ තථාගතයන් දිවිහිමියෙන් සරණ ගියාහුය. එය අවබෝධ කිරීම පිණිස මේ තුන්වන මහා ස්වප්නය පහළවූයේය.

        මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්‍ව වූවහුටම නොයෙක් වර්‍ණඇති ලිහිණි සතර දෙනෙක් සතර දිගින් අවුත් පාමුල වැටී සියල්ල සුදු බවට පැමිණියාහුය. යන යමකුත් වීද, මහණෙනි, මේ ක්‍ෂත්‍රියයෝය, බ්‍රාහ්මණයෝය. වෛශ්‍ය යෝය, ශුද්‍රයෝයයි වර්‍ණ සතරක් වෙත්. ඔවුහු තථාගතයන් විසින් වදාරණලද ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිව නිරුත්තරවූ ක්ලේශ විමුක්තිය ප්‍රත්‍යක්‍ෂකරත්. ඔහුගේ අවබෝධ කිරීම පිණිස මේ සතරවන මහා ස්වප්නය පහළවූයේය.

        “මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහිම සම්බෝධියට නොපැමිණියාවූ බොධිසත්‍ව වූවහුටම මහත්වූ අශුචි පර්‍වතයක්හුගේ මතුමත්තෙහි අශුචියෙන් නොතැවරෙමින් සක්මන් කරයි. යන යමකුත් වීද, මහණෙනි, තථාගතතෙම චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පසය, බෙහෙත් පිරිකරය යන මොවුන්ගේ ලැබීම ඇත්තේ වෙයි. එහිද තථාගතතෙම ගැට නොගැසුනේ, මුසපත් නොවූයේ, නොවැද ගත්තේ, ආදීනව දක්නා ස්වභාව ඇත්තේ, නික්මෙන නුවණ ඇත්තේ වළඳයි. ඔහුගේ අවබෝධය පිණිස මේ පස්වන මහා ස්වප්නය පහළවූයේය.

        “මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහිම අභිසම්බුද්‍ධ නොවූ බොධිසත්‍ව වූවහුටම මහා ස්වප්න පසක් පහළවූහ.

        AN 05-20-07. වස්සන්තරාය සූත්‍රය

        පුජ්‍ය විල්ඔය පඥාතිලක හිමි

        “මහණෙනි,
        නිමිති කියන්නාහු නොදන්නාවූ , නිමිති කියන්නවුන්ගේ ඇසට නොපෙනේන්නාවූ කාරනා පහක් නිසා , වර්‍ෂාව ඇති නොවේ.
        “කවර පසක්ද යත්?

        (1). මහණෙනි, ඉහල ආකාශයෙහි තේජෝ ධාතුව කිපීම නිසා දැඩි තාපය ඇතිවී හටගත්තාවූ වැසි වළාකුලු කැබලි කැබලි වලට වෙන්ව වර්ෂාව ඇති නොකර වියලී යයි.
        මහණෙනි, නිමිති කියන්නාහු නොදන්නාවූ , නිමිති කියන්නවුන්ගේ ඇසට නොපෙනේන්නාවූ වර්‍ෂාවට වන පළමුවන අන්තරායය එය වේ.

        (2). “මහණෙනි, නැවත අනිකක්ද කියමි.
        ඉහල ආකාශයෙහි වායෝ ධාතුව කිපෙයි. එයින් උපන්නාවූ හටගත්තාවූ වැසි වළාකුලු ඉවතට ගසා ගෙන යෙත්.
        මහණෙනි, නිමිති කියන්නාහු නොදන්නාවූ , නිමිති කියන්නවුන්ගේ ඇසට නොපෙනේන්නාවූ වර්‍ෂාව නැති වීමට හේතු වන දෙවන අන්තරායය එය වේ.

        (3). “මහණෙනි, නැවත අනිකක්ද කියමි.
        රාහු අසුරේන්‍ද්‍රයා අත්ලෙන් ජලය පිළිගෙණ මහමුහුදෙහි දමයි.
        මහණෙනි, නිමිති කියන්නාහු නොදන්නාවූ , නිමිති කියන්නවුන්ගේ ඇසට නොපෙනේන්නාවූ වර්‍ෂාවට වන තුන්වන අන්තරායය එය වේ.

        (4). “මහණෙනි, නැවත අනිකක්ද කියමි. වස්සවළාහක දෙවියෝ ප්‍රමාදවූවාහු වෙත්.
        මහණෙනි, නිමිති කියන්නාහු නොදන්නාවූ , නිමිති කියන්නවුන්ගේ ඇසට නොපෙනේන්නාවූ සතර වන වර්‍ෂාවට වන අන්තරායය වේ.

        (5). “මහණෙනි, නැවත අනිකක්ද කියමි.
        මනුෂ්‍යයෝ අධාර්මිකයෝ වෙද්ද,
        මහණෙනි, නිමිති කියන්නාහු නොදන්නාවූ , නිමිති කියන්නවුන්ගේ ඇසට නොපෙනේන්නාවූ වර්‍ෂාව නොලැබීමට හේතුවන පස්වන අන්තරායය එය වේ.

        “මහණෙනි, නිමිති කියන්නාහු නොදන්නාවූ , නිමිති කියන්නවුන්ගේ ඇසට නොපෙනේන්නාවූ වර්‍ෂාව ඇති නොවන්නට හේතු වන අන්තරාය පහ මේ වේ.

        AN 05-20-08. සුභාසිත වාචා සූත්‍රය

        පුජ්‍ය දෙහිපේ චන්දවිමල හිමි

        “මහණෙනි,
        අඞ්ග පසකින් යුක්තවූ වචනය සුභාසිත වේ.
        දුර්භාසිත නම් නොවේ.
        නිරවද්‍යද, නුවණැත්තන් විසින් දොස් නොකිය යුත්තීද වේ.

        “කවර පසකින්ද යත්?

        • සුදුසු කාලයෙහි කියන ලද්දේද ,
        • සත්‍යවූවක්ම කියන ලද්දේද ,
        • සිළුටුවූවක් කියන ලද්දේද ,
        • වැඩ සහිත වූවක් කියන ලද්දේද ,
        • මෛත්‍රී සිතින් කියන ලද්දේද ,
          යන පසිනි.
        • “මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ වචනය සුභාසිත නම් වේ.
          දුර්භාසිත නම් නොවේ. නිරවද්‍යද,
          නුවණැත්තන් විසින් දොස් නොකිය යුත්තීද වේ.

          AN 05-20-09. කුලුපසංකමන සූත්‍රය

          පුජනීය නාඋයනේ අරියධම්ම මහා ස්වාමින්වහන්සේ

          “මහණෙනි,
          යම් විටෙක සිල්වත්වූ පැවිදි භික්ෂුවක් යම් නිවසකට වඩිත්ද , එහි මිනිස්සු කරුණු පසකින් බොහෝ පින් රැස් කර ගනීත්.

          “කවර පසකින්ද යත්?

          (1). මහණෙනි, සිය නිවසට වඩින්නාවූ සිල්වත්වූ පැව්ද්දන් දැක මිනිස්සු සිත් පහදවා ගණිති , ශ්‍රද්ධාව සිත්හ ඇති කර ගණිති.
          මහණෙනි, එකල්හි මිනිසුන් ස්වර්‍ග සැප පිණිස පවත්නාවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි.

          (2).“මහණෙනි, සිය නිවසට වඩින්නාවූ සිල්වත්වූ පැව්ද්දන් දැක මිනිස්සු මිනිස්සු හුනස්නෙන් නැගිටිති., ගරු කරමින් වඳිති , ආසනය පණවති., මහණෙනි,
          එකල්හි ඒ නිවසේ මිනිසුන් උසස් පවුලක් ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වේ.

          (3).“මහණෙනි, සිය නිවසට වඩින්නාවූ සිල්වත්වූ පැව්ද්දන් දැක මිනිස්සු මසුරුමල දුරු කරයි.
          මහණෙනි, එකල්හි ඒ නිවස වසන මිනිසුන් මහත් පිරිවර ඇතිබැව් පිණිස
          පවත්නාවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වේ.

          (4).“මහණෙනි, සිය නිවසට වඩින්නාවූ සිල්වත්වූ පැව්ද්දන් දැක මිනිස්සු මිනිස්සු තමනට හැකි පරිද්දෙන් ඇති පරිද්දෙන්, දාන සංවිධාන කරයි., මහණෙනි, එකල්හි ඒ කුලය මහත් භෝග සම්පත් ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වේ.

          (5). “මහණෙනි, සිය නිවසට වඩින්නාවූ සිල්වත්වූ පැව්ද්දන් දැක මිනිස්සු මිනිස්සු ධර්මය ගැන කරුණු විචාරයි, ප්‍රශ්න කරයි., ධර්‍මය අසයි., මහණෙනි, එකල්හි ඒ නිවැසියෝ මහත් පුඥාව වඩා ගැනීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වේ.

          “මහණෙනි, යම් කලෙක්හි සිල්වත්වූ ප්‍රව්‍රජිතයෝ ගෙයකට එළඹෙත්ද, එහි මිනිස්සු කරුණු පසකින් බොහෝ පින් රැස් කරත්.

          AN 05-20-10. නිස්සරණීය ධාතු සූත්‍රය

          “මහණෙනි, බැහැර කළයුතු මේ ධාතු පසක් වෙත්.1206

          [1206:- නිස්සරනීය ධාතුයෝ ” මනෝරථ පුරණිය එය “විසංයුත්ත” (= නිදහස, ගැලවීම, සම්බන්ධ නැතිවීම ලෙසද “ධාතුයෝ” අත්තශුන්‍ය භාවය , ආත්මයක් නැති බව ලෙසද විස්තර කරයි.]

          “කවර පසක්ද යත්?

          (1) කාමයන්ගේ නිස්සරණය
          මහණෙනි, කාම ආරම්මණයන් සිතෙහි නැගෙන විට භික්‍ෂුව1207 ගේ සිත ඒ අරමුණුවල නොඇලේ. ඔහුගේ සිත සංවර බව දැනගත හැක. එසේ කාම අරමුණු නිසා නොසැලෙන සිත නිදහස් එකකි. කාමච්චන්දය ඔහුට යලි පීඩා නොකරයි. ඔහුට සුඛ, දුක්ඛ නිසා වේදනා වින්දනයන් ඇති නොවේ.

          නෙක්ඛම්ම සිතුවිලි සිතේ නැගෙනවිට ඔහුගේ සිත එකඟ වේ. තැන්පත් වේ. සමාධිය ලබයි. කාම දරතයන්ගෙන් නිදහස් වේ. කාමයන් සිතට ඇතුල් නොවේ, ඒවා කෙරෙහි නොපහදී, නොපිහිටයි, මිදේ ,(න සෝ තං වේදනං වේදියති.) ඔහුට කාමච්චන්දය නිසා වන සුඛ දරත වේදනා ඇති නොවේ.
          මේ පළමුවන නිස්සරණ ධාතුව වේ.

          (1).“නෛෂ්ක්‍රම්‍යය සිහිකරන්නාවූ මොහුගේ නෛෂ්ක්‍රම්‍යයෙහි සිත ඇතුල් නොවේද, නොපහදීද, නොපිහිටාද, නොමිදේද, ඔහුගේ සිත මනාව ගමන් කරන ලද්දේ. මනාව වඩනා ලද්දේ. මනාව නැගී සිටියේ, මනාව මිදුනේ, කාමයන්ගෙන් මනාව වෙන්වූයේ වෙයි.

          කාම හේතුවෙන් දුක්වූ පරිඩාහ ඇති ආශ්‍රවයන්ගෙන් ඔහු මිදුනේය. හෙතෙම ඒ වේදනා නොවිදීයි. මෙය කාමයන්ගේ බැහැර කිරීමයයි කියන ලදී.

          (2).“මහණෙනි, නැවත අනිකක් කියමි.
          ව්‍යාපාද අරමුණක් මුණ ගැසුන විට භික්‍ෂුවගේ සිතට ව්‍යාපාදය ඇතුල් නොවේද, එය කෙරෙහි ඔහු නොපහදී, නොපිහිටයි , මිදේ, ව්‍යාපාදය මෙනෙහි නොකරන්නාවූ ඔහුගේ සිතට ව්‍යාපාදයෙහි ඇතුල් නොවේ, නොපහදී, නොපිහිටයි, නොමිදේ, ඔහුගේ සිත මනාව ගමන් කරන ලද්දේ. මනාව වඩනා ලද්දේ. මනාව නැගී සිටියේ, මනාව මිදුනේ,ව්‍යාපාදයෙන් මනාව වෙන්වේ. ව්‍යාපාද හේතුවෙන් දුක්වූ පරිඩාහ ඇති ආශ්‍රවයන්ගෙන් හෙතෙම මිදුනේය. හෙතෙම ඒ වේදනාව විඳිනු නොලැබේ.
          මෙය ව්‍යාපාදය දුරු කිරීමයයි කියන ලදී.

          (3). “මහණෙනි, නැවත අනිකක් කියමි.
          අවිහිංසාව මෙනෙහි කරන්නාවූ භික්‍ෂුවගේ සිතට විහිංසාව ඇතුල් නොවේ, එහි නොපහදීද, නොපිහිටයි, නොමිදේ, අවිහිංසාව මෙනෙහි කරන්නාවූ මොහුගේ සිතට හිංසාව ඇතුල් නොවේ, එහි නොපහදී, නොපිහිටයි, නොමිදේ, ඔහුගේ සිත මනාව ගමන් කරන ලද්දේ. මනාව වඩනා ලද්දේ. මනාව නැගී සිටියේ, මනාව මිදුනේ, විහිංසාවෙන් මනාව වෙන්වේ. විහිංසාව හේතුකොට ගෙණ දුක්වූ පරිඩාහ ඇති ආශ්‍රවයන්ගෙන් , හෙතෙම මිදුනේ වේ. හෙතෙම ඒ වේදනාව නොවිඳියි.
          මෙය විහිංසාව දුරු කිරීමයයි කියන ලදී.

          (4) “මහණෙනි, නැවත අනිකක් කියමි.
          රූප අරමුණු නිත්‍ය සුඛ ආත්ම ලෙස නොගන්නාවූ භික්‍ෂුවගේ සිත කාමච්චාන්දයේ හෝ ව්‍යාපාදයෙහි නොවදී, නොපහදී, නොපිහිටයි, නොමිදේද, රූපයය යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්නාවූ ඔහුගේ සිත අරූපයෙහි ඇතුල් නොවේ, නොපහදීද, නොපිහිටයි, නොමිදේ, ඔහුගේ සිත මනාව ගමන් කරන ලද්දේය. මනාව වඩනා ලද්දේය. මනාව නැගී සිටියේය, මනාව මිදුනේය, රූපයන්ගෙන් මනාව වෙන්වූයේය. රූප හේතුවෙන් වන්නාවූ සියලු දුක්වූ පරිඩාහ ඇති ආශ්‍රවයන්ගෙන් ඔහු මිදුනේය, හෙතෙම ඒ වේදනාව නොවිඳියි.
          මෙය රූපයන්ගේ දුරු කිරීමයයි කියන ලදී.

          (5) “මහණෙනි, නැවත අනිකක් කියමි.
          සත්කාය මෙනෙහි කරන්නාවූ භික්‍ෂුවගේ සිත ස්වකීය කයෙහි නොවදී, නොපහදී, නොපිහිටයි, නොමිදේ, සත්කාය නිරෝධය පිණිස සතිමත් වන මොහුගේ සත්කාය නිරෝධයෙහි සිත ඇතුල් වේ, එහි නොපහදී, නොපිහිටයි, නොමිදේ, ඔහුගේ සිත මනාව ගමන් කරන ලද්දේය. මනාව වඩනා ලද්දේය. මනාව නැගී සිටියේය, මනාව මිදුනේය, සත්කායයෙන් මනාව වෙන්වූයේය. සත්කාය හේතුවෙන් වන්නාවූ දුක්වූ පරිඩාහ ඇති ආශ්‍රවයන්ගෙන් ඔහු මිදුනේය. හෙතෙම ඒ වේදනාව නොවිඳියි..
          මෙය සත්කාය දුරු කිරීමයයි කියන ලදී.

          ඔහුට කාමයන් පිළිබඳ සතුටක් ආශ්වාදයක් නූපදී.
          ව්‍යාපාදයන් පිළිබඳ සතුටද නූපදී.
          විහිංසාව පිළිබඳ සතුටද නූපදී.
          රූපය පිළිබඳ සතුටද නූපදී.
          ස්වකීය කය පිළිබඳ සතුටද නූපදියි.

          හෙතෙම කාමය පිළිබඳ සතුට නොඉපදීමෙන්ද, ව්‍යාපාදය පිළිබඳ සතුට නොඉපදීමෙන්ද. විහිංසාව පිළිබඳ සතුට නොඉපදීමෙන්ද. රූපය පිළිබඳ සතුට නොඉපදීමෙන්ද, ස්වකීය කය පිළිබඳ සතුට නොඉපදීමෙන්ද, මහණෙනි, මේ භික්‍ෂුතෙම අනුශය රහිතවූයේ තාෂ්ණාව සින්දේය. සංයෝජනය පෙරළුයේය. මනාකොට මානය සංසිඳවීමෙන් දුක කෙළවර කෙළේය” යි කියනු ලැබේ.

          “මහණෙනි, බැහැර කළයුතු මේ ධාතු පස වෙත්.

          ...more
          View all episodesView all episodes
          Download on the App Store

          SINHALA TIPITAKABy