Hi Travellers

Hi Travellers

Download on the App Store

Hi Travellers episodes

  • EP009: What happen?

    මාසෙකින් විතර පස්සේ podcast එකක් අරගෙන ආවේ. ඒ කාලෙදි මොකද උනේ සහ ඇයි පොඩ්කාස්ට් එක පරක්කු උනේ කියන්නයි මේ episode එක ඔයාලට අරන් ආවේ.

    31 min
  • EP007: Jaffna Village Experience

    Wedding එකෙන් පස්සේ මැලිශියා යන්න සල්ලි මදි වෙලා යන්න උනේ යාපනයට. 2017 ඉලවාලෙයි ගියන ගමේ ගෙවුනු දවස් හතර පහනම් අපි දෙන්නට ජීවිතේට අමතක වෙන එකක් නෑ. උදේ පාන්දර බයිසිකලය පැදන් යනකොට පාර දෙපැත්තේ තිබ්බ තල්ගස් අස්සෙන් කොල පාට කුඹුරු යායට වැටුනු රත්තරං පාට ඉර එලිය, යාපනේ රසට හදපු මාලු කරිය, ලස්සන හිත් තියන මිනිස්සු, අපි දෙන්නගේ ජිවිතේ අමතක නොවන දේවල් ගොඩක් එකතුකරගත්ත යාපනය ගැන තමයි අද එපිසොඩ් එක..

    යාපනයේ ඔයාලටත් සුන්දර මතක තියනවනම් telegram group එකේදි කතා කරමු.. https://t.me/hitravellers

    1 hr 24 min
  • EP006: Our Childhood Memories

    පොඩිකාලේ කොච්චරනම් සුන්දර මතක තියනවද. ඔයාටත් මතකද ඉස්කොලේ ගිය පලවෙනි දවස? සිංහල පොතේ පලවෙනි පාඩම? ඔයාගේ මොන්ටිසෝරිය.. අපි ලබපු අත්දැකීම් අපේ දරුවන්ට තියනවද? එක පැත්තකින් බයකුත් එක පැත්තකින් සතුටකුත් තියනවා. ඒ කාලෙත් එක්ක ගත්තහම අද ළමා කාලය හාත්පසින්ම වෙනස්. දරුවෝ ගොඩක් දේවල් ඉගනගෙන තියනව කියලත් හිතෙනවා. ඉදිරි පරම්පරාව මොනවගේ වෙයිද? අද එපිසෝඩ් එක වෙන් කරේ අපේ සුන්දර ළමා කාලය වෙනුවෙන්..

    ඔයාටත් ළමා කාලයේ තිබ්බ සුන්දර මතක ටික අපේ telegram group එකේදි කතා කරමු.. https://t.me/hitravellers

    1 hr 21 min
  • EP005: Our First Guest Anushka Udana's Travel Experience

    විශේෂ අමුත්තෙක් එක්ක කරන පලවෙනි podcast එක, අද episode එකෙන් අපිත් එක්ක එකතු උනේ ඔයාලා කවුරුත් දන්න අනුෂ්ක උදාන ලියනගේ මහතා. ගොඩක් අය අහපු නිසා "අභිමන්ත්‍රා" නමේ තේරුම, අනුෂ්ක ට්‍රැවල් කරලා තියනවද? දැන් ට්‍රැවල් එපාවෙලාද? අමතක නොවන සිදුවීම් එක්ක අද එපිසෝඩ් එක වෙනස්ම රසවත් කතාබහක් උනා. 

    1 hr 51 min
  • EP004: Kandy Esala Perahera

    අද එපිසොඩ් එක අපේ ජිවිතේ තිබුනු ලොකුම ආසවක් උනු ඇසළ පෙරහැර මංගල්යය රුපගත කරන්න ලැබුනු ඒ අවස්තාව ගැන. දැනුවත්ව ලංකාවේ යූටුයුබර් කෙනෙකුට ලැබුනු පලවෙනි අවස්තාව. අපි වැඩිම කාලයක් අරගෙන විඩියෝ කරපු වැඩිම කාලයක් එඩිට් කරපු වැඩියෙන්ම මහන්සිවෙලා සහ ගොඩක්ම ආසාවෙන් මෙතුවක් කාලෙකට කරපු එකම විඩියෝ එක. විඩියෝ එක බලපු නැති කෙනෙන් ඉන්නවනම් බලලම පොඩ්කාස්ට් එක අහන්න. https://youtu.be/qGtHgBNBFgQ

    1 hr 33 min
  • EP003: Our Malaysia Tour & Singapore Travel Ban

    වාසනාවකට ලැබුනු ටිකට් එකකින් අපි ගිය මැලේසියානු සංචාරය, චමරිගේ පලමු ගුවන් ගමන, නොදන්න රටකට ගිහින් කාපු කට්ට, චමරිව පුදුම කරන්න ගිහින් විසා නැතුව සිගප්පූරුවේ හිරවුන හැටි ඒ වගේම සුන්දර අත්දැකීම් ගොඩක් එක්ක තමයි අද එපිසෝඩ් එක ඔයාලට අරන් ආවේ.

    ඔයාලගේ අදහස් අපිට කියන්න. කතා කරමු වැඩි විස්තර Podcast Group: https://t.me/hitravellers

    1 hr 59 min
  • EP002: We Are Still Alive - NonPareil Accident

    අවුරුදු 6කට කලින් ජිවිතයත් මරණයත් අතර ගෙවුනු තප්පරයක අත්දැකීමක් මේ episode එකෙන් කතා කරන්න හිතුවා. පැලැන් එකක් නැතුව ට්‍රිප් එක ගියේ කොහොමද, වාහනේ පෙරලුනේ කොහොමද, ඉට පස්සේ දවස් තුනක් ගෙවල් වලටත් හොරෙන් මේ රහස හංගගෙන කාපු කට්ට, ඉගන ගත්ත පාඩම්ටික. අද අහල බලමු.

    ඔයාලගේ අදහස් අපිට කියන්න. කතා කරමු වැඩි විස්තර Podcast Group: https://t.me/hitravellers

    1 hr 38 min

About Hi Travellers

From the publisher's feed

A podcast for people who love to Travel, Hosts by Sri Lankan Travel Vloggers Kasun & Chamari.

More shows like Hi Travellers

Chooty Malli Podi Malli - OntheGo by OntheGo

Chooty Malli Podi Malli - OntheGo

2 Listeners