මෙම දේශනාවේදී පූජනීය ස්වාමීන් වහන්සේ අහේතුක අකුසල විපාක සිත් පිළිබඳව දේශනා කරයි.අභිධර්මපිටකය ධම්මසඞ්ගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතුකථා ප්‍රකරණය, පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය, කථාවස්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය, පට්ඨාන ප්‍රකරණය යන ග්රන්ථ සතකින් සංග්‍රහ වේ. බුදු දහම පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමේදී එම අභිධර්ම පිටකය සම්බන්ධයෙන් පවතින දැනුම වැදගත් වේ. අති ගම්භීර වූ අභිධර්මය අධ්‍යනය සඳහා මූලික පදනම සැකසෙනුයේ අභිධර්මාර්ථ සංග්‍රහය නම් ග්රන්ථයෙනි. අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති, පූජ්‍යපාද ගලේවෙල ඤාණදස්සන ස්වාමීන්වහන්සේ විසින් පවත්වන මෙම දේශනා මාලාව ඒ මූලික පදනම මනාව සකසා ගැනීමට මහඟු අත්වැලක් සපයයි. පූජනීය ස්වාමීන් වහන්සේ මෙම පාඩම් මාලාවේදී අභිධර්මාර්ථ සංග්‍රහය සම්බන්ධයෙන් අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් සම්පාදනය කළ අභිධර්ම මාර්ගය උපකාරක ග්‍රන්ථය ලෙස භාවිතා කරයි. එය මෙම යොමුවෙන් ලබාගත හැක. 👆 - pitaka.lk/books/abhidharma-margaya/මෙම දේශනාවේදී පූජනීය ස්වාමීන් වහන්සේ අහේතුක අකුසල විපාක සිත් පිළිබඳව දේශනා කරයි.