NoblePath.Net

සබ්බාසව සූත්‍රය - Sabbasawa Sutta


Listen Later

පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-02-25 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය.
~ මජ්‌ඣිම නිකාය, මූල පන්නාසකය, මූලපරියාය වර්ගය, සබ්බාසව සූත්‍රය
~ Youtube - https://www.youtube.com/watch?v=Nl0iLwr0vOQ
ශ්‍රද්ධාවන්ත පින්වතුනි,
උපෝසථය කියල කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය සිහි කරගන්නට, සීලය සමාදන් වී සිල් ගුණ සිහි කරගන්නට, තෙරුවණ් ගුණ සිහි කරගන්නට පෙන්වා වදාළ දිනයක්. ඉතින් මේ දිනයේ තුන් කාළය පුරාවටම පටලැවිල්ලක් නොවෙන විදියට තමයි චන්ද්‍රයාගේ ගමනත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශණා කරලා තියෙන්නේ. එතකොට මේ ලෝකයේ සූර්යාගේ ගමනත් එක්ක මේ දින දර්ශනය ගැන අවබෝධයක් නැති කෙනෙක්ට එක පාරට විශේෂ දිනයක් හොයන්න අමාරුයි. තරු වල ගමනත් එක්ක තරු ගැන අවබෝධයක් ලොකුවට අවබෝධයක් නැති කෙනෙක්ට විශේෂ දිනයක් හොයාගන්න අමාරුයි. නමුත් සඳේ ගමනත් එක්ක දින ගැන ලොකු දැනුමක් නැති කෙනෙක්ට වුනත් පුළුවන් පූර්ණ චන්ද්‍රයා පායා එන දිනය වෙන් කරලා හදුන ගන්න.
ඉතින් ඒ නිසා උපෝසථය කියන්නේ බොහෝම විශේෂ දිනයක් තෙරුවණ් ගිය ශ්‍රාවකයන්ට. අපි මජ්ඣිම නිකායේ සූත්‍ර දේශනාවක් තමයි ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. මේ දේශණාවේ නම සබ්බාසව සූත්‍රය. මේ දේශනාවේදි බුදුරජාණන් වහන්සේ ආශ්‍රව ප්‍රහාණය කිරීම පිළිබදව ධර්මය දේශණා කරනවා. සැවැත්නුවර ජේතවනාරාමයේ දී තමයි මේ දේශණාව දේශණා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා, පිනවත් මහණෙනි ඔබට සියළු ආශ්‍රවයන්ගේ සංවරය පිණිස පවතින ප්‍රතිපදාව දේශණා කරන්නම්, මනාකොට කන් යොමා ශ්‍රවණය කරන්න. දේශණා කරන්නට යි සූදානම් වෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ ශ්‍රාවකයන් එසේය ස්වාමීනී කියලා පිළිතුරු දීලා. දේශණාවට සම්බන්ධ වෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශණා කළා, පින්වත් මහණෙනි මේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම මා විසින් දේශණා කරන්නේ දන්න කෙනාටයි, දකින කෙනාටයි කිව්වා. ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම දේශණා කරන්නේ කාටද? දන්න කෙනාටයි, දකින කෙනාටයි. නොදන්න කෙනාට, නොදක්නා කෙනාට නෙමෙයි කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා කුමක් දන්න කෙනාටද? කුමක් දකින කෙනාටද ආශ්‍රාවයන් ක්ෂය වෙලා යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා යෝනිසෝමනසිකාරයත්, අයෝනිසෝමනසිකාරයත් කියන්නේ මොකක්ද කියලා දන්න කෙනාටත්, දකින කෙනාටත් තමයි මේ ආශ්‍රවයන් ක්ෂය කිරීම දේශණා කරන්නේ. යම් කිසි කෙනෙක් අයෝනිසෝමනසිකාරයේ යෙදෙනවා නම් මේ නූපන්නා වූ ආශ්‍රවයන් උපදිනවා කියනවා. උපන්නා වූ ආශ්‍රවයන් වර්ධනය වෙනවා කියනවා. ඒ නිසා අයෝනිසෝමනසිකාරයේ යෙදෙන කෙනාට ආශ්‍රවයන් ප්‍රහාණය කරන්ට අමාරුයි. නමුත් යම් කෙනෙක් ඉන්නවා නම් යෝනිසෝමනසිකාරයේ යෙදෙන කෙනාට නූපන් ආශ්‍රවයන් උපදින්නේ නෑ කියනවා. උපන්නා වූ ආශ්‍රවයන් ප්‍රහාණය වෙලා යනවා.....
Visit: www.noblepath.net
Youtube: www.youtube.com/c/noblepathnet
Soundcloud: @noblepath_net
Facebook: www.fb.com//noblepath.net
Instagram: instagram.com/noble_path
...more
View all episodesView all episodes
Download on the App Store

NoblePath.NetBy Ven Ambanpola Gnanawijaya Thero