SINHALA TIPITAKA

SN 01-01-05


Listen Later

  • SN 01-01-05-01. ආදිත්ත සූත්‍රය
  • SN 01-01-05-02. කිංදද සූත්‍රය
  • SN 01-01-05-03. අන්න සූත්‍රය
  • SN 01-01-05-04. ඒකමූල සූත්‍රය
  • SN 01-01-05-05. අනොමය සූත්‍රය
  • SN 01-01-05-06. අච්ඡරා සූත්‍රය
  • SN 01-01-05-07. වනරොප සූත්‍රය
  • SN 01-01-05-08. ජේතවන සූත්‍රය
  • SN 01-01-05-09. මච්ඡරි සූත්‍රය
  • SN 01-01-05-10. ඝටීකාර සූත්‍රය
  • SN 01-01-05-01. ආදිත්ත සූත්‍රය

    පුජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය

    මා විසින් මෙසේ අසන ලදී.
    එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි දිනක රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණයෙන් මුඵ ජේතවනය බබුඵවමින් භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිට භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.

    ‘ආදිත්තස්මිං අගාරස්මිං,
    යං නීහරති භාජනං;
    තං තස්ස හොති අත්ථාය,
    නො ච යං තත්ථ ඩය්හති“ ගිනිගත් ගෙයින් යමක්
    බේරාගන්නේ නම්
    ඒ ගින්නෙන් නොදැවුණ
    වැඩකට ගත හැකි දෙයක් විය යුතුය්. ‘‘එවං ආදිත්තකො ලොකො,
    ජරාය මරණෙන ච;
    නීහරෙථෙව දානෙන,
    දින්නං හොති සුනීහතං.ජරා හා මරණයෙනුත් ගිනි ගත්
    මෙලොව නොදැවෙන්නේ
    දානයෙන් ලබන පින පමණි.
    ඉතිරි වන්නේ දුන් දේ පමණය.‘‘දින්නං සුඛඵලං හොති,
    නාදින්නං හොති තං තථා;
    චොරා හරන්ති රාජානො,
    අග්ගි ඩහති නස්සති.“දුන් දේ පමණය සැප ගෙන දෙන්නේ .
    නුදුන් දේ එසේ සැප නොමදේ.
    සොරුගෙන යත්, රජහු සතු කර ගනිත්.
    ගින්නෙන් දැවේ. ගංවතුරෙන් වැනසේ‘‘අථ අන්තෙන ජහති, සරීරං සපරිග්ගහං;
    එතදඤ්ඤාය මෙධාවී,
    භුඤ්ජෙථ ච දදෙථ ච;
    දත්වා ච භුත්වා ච යථානුභාවං;
    අනින්දිතො සග්ගමුපෙති ඨාන’’න්ති.“ සන්තක හැම හා සිය සිරුරද අත හැර
    යන්නට වෙන බව මරනයෙන් ඔබ්බට,
    දන්නා නුවණැත්තා තම වස්තුව
    යොදයි නිසි වැඩට දෙමින්ම නැති අයටත්
    තමාද කා අනුනටද කවන්නා,
    නින්‍දා නොලබයි දෙව් සැප පවා ලබයි.”

    [96:-ජරාය මරණෙන ච මෙය දේශනා ශීර්ෂය යි. රාගාදි එකොළොස් ගිනිවලින් ලෝකය ගිනිගෙන ඇත්තේමය. 
    දානෙන දාන චේතනාවෙන්, දින්නං හොති සුනීහතං දාන පුණ්‍ය චේතනා වනාහි දායකයාටමවේ.
    ගෙහිමියාගේ බැහැර කළ භාණ්ඩ මෙනි. එහෙයින් මෙය කියන ලදි. 
    චොරා හරන්ති නො දෙන ලද භෝග සොරුත් ගෙන යති. රාජනොපි, අග්ගීපි ඩහති; තිබූ තැන ද නස්සති. අන්තෙන මරණයෙන් සරීරං සපරිග්ගහං ශරීරය ද සොරුන් ආදීන්ගෙන් නො නැසුණු භෝග ද, සග්ගමුපෙති වෙස්සන්තර මහරජු ආදීන් මෙන් ස්වර්ගයෙහි පහළ වන්නේ ය..]

    SN 01-01-05-02. කිංදද සූත්‍රය

    පුජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය

    ‘‘කිංදදො බලදො හොති,
    කිංදදො හොති වණ්ණදො;
    කිංදදො සුඛදො හොති,
    කිංදදො හොති චක්ඛුදො;
    කො ච සබ්බදදො හොති,
    තං මෙ අක්ඛාහි පුච්ඡිතො’’ති.“කුමක් දෙන තැනැත්තේ ශක්තිය දෙන්නේ වේද?
    කුමක් දෙන තැනැත්තේ පැහැය දෙන්නේ වේද?
    කුමක් දෙන තැනැත්තේ සැප දෙන්නේ වේද?
    කුමක්දෙන තැනැත්තේ ඇස් දෙන්නේ වේද?
    සියල්ල දෙන තැනැත්තෙක් වේ නම් කවරෙක්ද?
    මවිසින් විචාරණ ලද ඔබ මට (මේ) කියාදෙනු මැනවි.
    අන්නදෝ බලදො හොති,
    වත්ථදො හොති වණ්ණදො;
    යානදො සුඛදො හොති,
    දීපදො හොති චක්ඛුදො.‘‘
    සො ච සබ්බදදො හොති,
    යො දදාති උපස්සයං;
    අමතං දදො ච සො හොති,
    යො ධම්මමනුසාසතී’’ති.“ආහාර දෙන තැනැත්තේ ශක්තිය දෙන්නේ වේ.
    වස්ත්‍ර දෙන්නා වර්‍ණය දෙන්නාය.
    යාන වාහන දෙන්නා සැප පහසුව දෙන්නාය.
    එලිය දෙන තැනැත්තේ ඇස් දෙන තැනැත්තේ වේ.
    යමෙක් වාසස්ථාන දේ නම් ඔහුම සියල්ල දෙන්නාය. .
    යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම්
    ඔහු අමෘත දානය දෙන්නාය. .”

    මා විසින් මෙසේ අසන ලදී.
    එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය කල්හි එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුඵ ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

    ‘‘කිංදදො බලදො හොති,
    කිංදදො හොති වණ්ණදො;
    කිංදදො සුඛදො හොති,
    කිංදදො හොති චක්ඛුදො;
    කො ච සබ්බදදො හොති,
    තං මෙ අක්ඛාහි පුච්ඡිතො’’ති.“කුමක් දෙන්නා ශක්තිය දෙන්නේ ද?
    කුමක් දෙන්නා පැහැය දෙන්නේ ද?
    කුමක් දෙන්නා සැප දෙන්නේ ද?
    කුමක් දෙන්නා ඇස් දෙන්නේ ද?
    සියල්ල දෙන්නා නම් කවරෙක්ද?
    මට කියාදෙනු මැනවි.

    භාග්‍යවතුන් වහන්සේ

    අන්නදෝ බලදො හොති,
    වත්ථදො හොති වණ්ණදො;
    යානදො සුඛදො හොති,
    දීපදො හොති චක්ඛුදො.‘‘
    සො ච සබ්බදදො හොති,
    යො දදාති උපස්සයං;
    අමතං දදො ච සො හොති,
    යො ධම්මමනුසාසතී’’ති.“ආහාර දෙන තැනැත්තේ ශක්තිය දෙන්නේ වේ.
    වස්ත්‍ර දෙන්නා වර්‍ණය දෙන තැනැත්තේ වේ.
    යාන වාහන දෙන්නා සැප පහසු දෙන්නා වේ.
    එලිය දෙන තැනැත්තේ ඇස් දෙන තැනැත්තේ වේ.
    යමෙක් වාසස්ථාන දේ නම්
    ඔහුම සියල්ලදෙන්නා නම් වේ.
    යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම්
    ඔහු අමෘත දානය දෙන්නා නම් වේ.”

    [අන්නදො යම් සේ බොහෝ ශක්තිමත් පුද්ගලයකු වුව ද දෙතුන් වේලක් අහර නො ගෙන නැඟිට සිටීමට නො හැකි වන්නේ ද, එසේ ම දුර්වලයකු වී වුව ද, අනුභව කොට බලසම්පන්නයෙකු වන්නේ ද එහෙයින් අන්නදො බලදො යි කී ය. වත්‍ථදො යම් සේ සුරූපි කෙනකු වුව ද නො සරුප් ලෙස හැඳ ගත්තේ හෝ වස්ත්‍ර නැති ව සිටියේ හෝ විරූපි වෙයි ද, ගරහන ලද්දේ වෙයි ද, බැලීමට අපහසු වූයේ වෙයි ද, වස්ත්‍රයෙන් (සිරුර) වසන ලද්දේ දේව පුත්‍රයකු මෙන් බබළයි. එහෙයින් වත්‍ථදො හොති වණ්ණදො ය කී ය. යානදො හස්තියාන ආදිය දෙන්නා. ඒවා අතර,
    න හත්‍ථියානං සමණස්ස කප්පති
    න අස්සයානං න රථෙන යාතුං
    ඉදඤ්ච යානං සමණස්ස කප්පති
    උපාහනා රක්‍ඛතො සීලක්‍ඛන්‍ධං
    ශ්‍රමණයා හට හස්තියානය කැප නො වේ.
    අශ්ව යානය (ද කැප නො වේ.) රියෙන් යෑම (කැප නො වේ) ශීලස්කන්ධය රකින ශ්‍රමණයාට පාවහනින් යාම කැප ය.)
    එහෙයින් කුඩ, පාවහන්, සැරයටිය ආදිය දෙන්නා; යමෙක් මාවත් පිරිසිදු කරයි ද, ඉණිමං සාදයි ද, පාළම් සාදයි ද, නැව් සකස් කරයි ද යන මේ සියල්ලෝ ‘යානදො’ නම් වෙත්. සුඛදො හොති යානයෙන් සුවය (පහසුව) ගෙන දෙන හෙයින් “සුඛදො” නම් වේ. චක්‍ඛුදො හොති අඳුරෙහි ඇස් ඇතියවුනට පවා රූප දැකීමක් නො වන හෙයින් දීපදො (පහන් පුදන්නා) චක්‍ඛුදො නම් වේ. අනුරුද්ධ තෙරුන් වහන්සේ මෙන් දිවැස් සම්පත් ද ලබයි.
    සබ්බදදො හොති සියලු ම බල (ශක්තිය) ආදිය දෙන්නෙක් වේ. ගම් දෙක තුනක පිඬු පිණිස හැසිර කිසිවක් නො ලැබ ආපසු පැමිණියහුට වුව ද සිසිල් දිය පිරි විලක නා, සිටිනා තැනට පැමිණ මොහොතක් ඇඳෙහි සැතපී නැගී සිටින්නෙකුට සිරුරෙහි ශක්තිය ගෙන දෙන්නාක් මෙන් වෙයි. එළියේ හැසිරෙන්නෙකු සේ ශරීරයේ වර්ණය (පැහැය) සුළඟ අව්ව ආදියෙන් දැවෙයි. ගෙට පිවිස දොර වසා මොහොතක් සැතපුනේ විසභාගසන්තති (විවිධ අසම කොටස්) සංසිඳෙයි. සභාගසන්තති (සමාන කොටස්) ඇතුළු වෙයි. වර්ණය ගෙන හැර දෙන්නාක් මෙන් වෙයි. එළියෙහි ඇවිදින්නෙකුගේ පාදයෙහි කටුවක් ඇණෙයි. කණුවක හැපෙයි. සර්ප ආදි අනතුරු භය ද උපදී. ගෙට පිවිස දොර වසා සිටියහුට ඒ සියලු අනතුරු නො වන්නේ ය. සජ්ඣායනය කරන්නා (ඉගෙන ගන්නා) හට – ධර්ම ප්‍රීති සුඛ කර්මස්ථානය සිත්හි තබන්නා හට – සංසිඳීමේ සැපය ඇති වේ. එසේ ම බැහැර ඇවිදින්නාගේ දහඩිය ගලයි; ඇස් සෙලවෙයි. ශයනාසනයට පිවිසෙන මොහොතේ ළිඳට වැටුනා සේ වෙයි. ඇඳ පුටු ආදිය නො පෙනේ. මොහොතක් සිටියහුට චක්ෂු ප්‍රසාදය ගෙනැවිත් දැම්මා සේ වෙයි. දොර ජනෙල් ඇඳ පුටු ආදිය පෙනේ. එහෙයින් කියන ලදි. සොව සබ්බදදො හොති යො දදාති (යමෙක් ආවාස දෙයිද, හේ සියල්ල දෙන්නේ වෙයි) – උපස්සයං – ආවාස
    අමතං දදො ච සො හොති – ප්‍රණීත භෝජනයෙන් පාත්‍රය පුරවන්නාක් මෙන් අමෘත දානය නම් (දානය) දෙයි. යො ධම්මමනුසාසති යමෙක් ධර්මය අනුශාසනා කරයි ද, අර්ථකථා පවත්වයි ද, පාළි කියවයි ද, අසන ලද ප්‍රශ්නය විසඳයි ද, කර්මස්ථාන ප්‍රකාශ කරයි ද, ධර්මය දෙසයි ද, ධර්මශ්‍රවණය කරවයි ද, මේ සියල්ල ම ‘ධර්ම අනුශාසනය කරයි’ නම් වේ. සියලු දානයන් අතර මේ ධර්ම දානය ම අග්‍ර ය යි ශ්‍රේෂ්ඨ ය යි දත යුතු ය. එය (මෙසේ) කියන ලදි.

    සබ්බදානං ධම්මදානං ජිනාති
    සබ්බරසං ධම්මරසො ජිනාති
    සබ්බං රතිං ධම්මරතී ජිනාති
    තණ්හක්‍ඛයො සබ්බදුක්‍ඛං ජිනාතිධර්ම දානය සියලු දානයන් දිනයි (අභිභවා යයි)
    ධර්ම රසය සියලු රසයන් දිනයි.
    ධර්ම රතිය (කැමැත්ත) සියලු රතීන් දිනයි.
    තණ්හාව ක්ෂය කිරීම සියලු දුක් දිනයි.)

    [මෙහි – අභිනන්‍දන්ති ප්‍රාර්ථනා කරත්. භජති පැමිණෙයි (සොයා යයි), චිත්තගෘහපති, සීවලී මහතෙරුන් ආදීන් මෙන් පසුපස ලුහුබැඳ යයි. තස්මා යම් හේතුවකින් මෙලොවත් පරලොවත් අන්න දායකයා (ආහාර දෙන තැනැත්තා) ලුහුබඳී ද එහෙයින්; ඉතිරිය කියන ලද පරිදි ම ය.]

    SN 01-01-05-03. අන්න සූත්‍රය

    පුජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය

    මා විසින් මෙසේ අසන ලදී.
    එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක උන්නේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

    අන්නමෙවාභිනන්දන්ති,
    උභයෙ දෙවමානුසා;
    අථ කො නාම සො යක්ඛො,
    යං අන්නං නාභිනන්දතී’’ති.“දෙවියෝත් මිනිස්සුත්
    ආහාර පතත්මය.
    එසේවූ කල කවර නම් සත්‍වයෙක්
    ආහාරයට සතුටු නොවේද?

    (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)

    යෙ නං දදන්ති සද්ධාය,
    විප්පසන්නෙන චෙතසා;
    තමෙව අන්නං භජති,
    අස්මිං ලොකෙ පරම්හි ච.
    ‘තස්මා විනෙය්‍ය මච්ඡෙරං,
    දජ්ජා දානං මලාභිභූ;
    පුඤ්ඤානි පරලොකස්මිං,
    පතිට්ඨා හොන්ති පාණින’’න්ති.“යමෙක් සර්‍ධායෙන්,
    වෙසෙසින් පහන්වූ සිතින්, (ආහාර) දෙත්ද,
    ඒ දානයේ විපාකයම
    මෙලොවත් පරලොවත් ඔහු පසුපස යෙයි. “
    එබැවින් මසුරු බව දුරලිය යුතු.
    මසුරුමළ දුරලා දන් දිය යුතු
    සත්ත්‍වයන්ට දන් දෙන්නාට ,.
    පරලොවදී පිනම පිහිට වෙත්”

    SN 01-01-05-04. ඒකමූල සූත්‍රය

    පුජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය

    මා විසින් මෙසේ අසන ලදී.
    එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය කල්හි එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

    ‘‘එකමූලං ද්විරාවට්ටං,
    තිමලං පඤ්චපත්ථරං;
    සමුද්දං ද්වාදසාවට්ටං,
    පාතාලං අතරී ඉසී’’ති.“එක් මුලක් (තණ්හාව) ඇති, දියසුළි (දෘෂ්ටි) දෙකක් ඇති,
    මල (රාග, ද්වේෂ, මොහ) තුනක්,
    ශාස්වත උච්ඡේද ඇති, පැතිරීම් (කාම වස්තු) පසක් ඇති,
    ආවර්‍ත (අධ්‍යාත්මික බාහිර ආයතන) දොළොසක්ද ඇති,
    පතුළක් නැති සමුද්‍රය (බුද්ධ) මහ ඉර්ෂිතෙම එතර කෙළේය.”

    [මෙහි – එකමූලං අවිද්‍යාව තණ්හාවට මුල ය. තණ්හාව අවිද්‍යාවට (මුල ය.) මෙහි තණ්හාව අදහස් කරන ලදි. එය ද ශාස්වත උච්ඡෙද දෘෂ්ටිවලින් කැරකෙතියි ආවර්ත දෙකකි. එය ද රාග ආදී මළ තුනකින් යුක්ත වූයේ තිමලා. එහි මෝහය එක් ව උපත කෙළවර කොට ඇති (මළ වේ). රාග, ද්වේෂ උපනිශ්‍රය කෙළවර කොට ඇති (මළ වේ.) පඤ්චකාම ගුණය එහි ප්‍රාර්ථනාව යි. එහි එය පැතිරෙති යි පඤ්චපත්‍ථරා; එය ද නො පිරෙන අර්ථයෙන් සමුද්දො ආධ්‍යාත්මික බාහිර ආයතන දොළසෙහි එය කැරකෙති යි පරිවර්තනය වෙති යි ද්වාදසාවට්ටා ප්‍රතිෂ්ටාවක් නැති යන අර්ථයෙන් පාතාලො (ආගාධය) යි කියනු ලැබේ. එය ඒකමූල…… පාතාලය (අගාධය) අතරි එය තරණය කළේ ය. එතෙර වූයේ ය යන අර්ථ යි.

    SN 01-01-05-05. අනොමය/අනොනාම සූත්‍රය

    පුජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය

    මා විසින් මෙසේ අසන ලදී.
    එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙර යම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

    අනොමනාමං නිපුණත්ථදස්සිං,
    පඤ්ඤාදදං කාමාලයෙ අසත්තං;
    තං පස්සථ සබ්බවිදුං සුමෙධං,
    අරියෙ පථෙ කමමානං මහෙසි’’න්ති.“සම්පූර්‍ණ නම් ඇති, සියුම් අර්‍ථ දක්නාවූ
    (අන්‍යයන්ටද) ප්‍රඥාව දෙන්නාවූ,
    කාම වස්තූන්හි නොඇලුණු,
    සියල්ල දන්නා, මනා නුවණ ඇති,
    ආර්‍ය්‍ය මාර්‍ගයෙහි ගිය ඒ (බුද්‍ධ) මහා ඉර්ෂිහු බලවු.”

    [මෙහි අනොමනාමං සියලු ගුණයන්ගෙන් සමන්නාගත වූ බැවින් අවෙකල්ල (අවිකල) නම් ඇති, පිරිපුන් නම් ඇති යන අර්ථ යි. නිපුණත්‍ථදස්සිං භාග්‍යවතුන් වහන්සේ ඉතා සියුම් වූ ස්කන්ධ ආදිය දකිති යි ‘නිපුණත්‍ථදස්සිං’ (සියුම් අරුත් දන්නා)  පඤ්ඤාදදං ප්‍රඥාව ලබා ගැනීම් වස් ප්‍රතිපදාව පැවසීම් වශයෙන් ප්‍රඥාව දෙන කාමාලයෙ අසත්තං පඤ්චකාම ගුණ තෘෂ්ණාවෙහි නො ඇළුණු කම්මානං භාග්‍යවතුන් වහන්සේ මහ බෝ මැඩ දී ම ආර්යමාර්ගයෙන් වැඩි සේක. දැන් නො යන සේක, අතීතය ගෙන මෙහි කියන ලදි. මහෙසිං මහත් වූ ශීලස්කන්ධ ආදීන් සොයා බලන්නා වූ පර්යේෂණ කරන්නාවූ යි.]

    SN 01-01-05-06. අච්ඡරා සූත්‍රය

    පුජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය

    මා විසින් මෙසේ අසන ලදී.
    එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණ්න් විසින් කරවනලද ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිට මේ ගාථාව කීය.

    ‘‘අච්ඡරාගණසඞ්ඝුට්ඨං,
    පිසාචගණසෙවිතං;
    වනන්තං මොහනං නාම,
    කථං යාත්‍රා භවිස්සතී’’ති.“දිව්‍ය ස්ත්‍රී සමූහයාගේ ඝෝෂා සහිතවූ,
    දිව්‍ය ස්ත්‍රී නමැති පිශාච සමූහයා විසින් සේවනය කරනලද,
    ඒ උයන මෝහන නම්.
    මෙයින් නික්මීම කෙසේනම් වන්නේද?”

    (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)

    ‘‘උජුකො නාම සො මග්ගො, අභයා නාම සා දිසා;
    රථො අකූජනො නාම, ධම්මචක්කෙහි සංයුතො.

    ‘හිරී තස්ස අපාලම්බො,
    සත්‍යස්ස පරිවාරණං;
    ධම්මාහං සාරථිං බ්‍රූමි, සම්මාදිට්ඨිපුරෙජවං.“ඒ මාර්‍ගය, ඎජු මාර්‍ගයකි.
    එයින් යන ඒ දිශාව (භය නැති) දිශාවකි.
    ධර්‍ම චක්‍ර දෙකින් යුත් ඒ රථය
    (බර වැඩි වීමෙන් හෝ තෙල් නොදැමීමෙන් හෝ)
    හඬ නොනගයි.
    “හිරි ඔතප් දෙක (හේත්තුවන) පුවරුවය.
    සතිය එහි පිරිවර උපකරණය.
    ධර්‍මය රියැදුරායයි මම කියමි.
    විදර්‍ශනා සම්‍යග්දෘෂ්ඨිය
    (රජු යන රථයට පෙරටුව යන පුරුෂයා මෙන් මාර්‍ග සම්‍යක්දෘෂ්ඨියට) පෙරටුව යන්නාහ..

    පුජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය

    ‘‘හිරී තස්ස අපාලම්බො,
    සත්‍යස්ස පරිවාරණං;
    ධම්මාහං සාරථිං බ්‍රූමි,
    සම්මාදිට්ඨිපුරෙජවං.

    ‘‘යස්ස එතාදිසං යානං,
    ඉත්ථියා පුරිසස්ස වා;
    ස වෙ එතෙන යානෙන,
    නිබ්බානස්සෙව සන්තිකෙ’’ති.“හිරි ඔතප් දෙක (හේත්තුවන) පුවරුවය.
    සිහිය එහි පිරිවර උපකරණය.
    ධර්‍මය රියැදුරායයි මම කියමි.
    විදර්‍ශනා සම්‍යග්දෘෂ්ඨිය
    (රජු යන රථයට පෙරටුව යන පුරුෂයා මෙන්
    මාර්‍ග සම්‍යක්දෘෂ්ඨියට) පෙරටුව යන්නාහ
    “ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ
    යමකුහට මෙබඳු රථයක් වේ නම්,
    ඒකාන්තයෙන් හෙතෙම
    ඒ රථයෙන් නිවන් වෙතම යෙයි.”

    [මෙහි අච්ඡරාගණසංඝුට්ඨං මේ දේව පුත්‍රයා බුදුන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි ව වත් පිළිවෙත් පුරන්නේ පස් වස් කාලයෙහි පවාරණය කොට මාතෘකා දෙකක් ප්‍රගුණ කොට ලොකු කුඩා කටයුතු හදාරා සිත් කැමති කර්මස්ථානයක් උගෙන, සරළ දිවිපෙවෙතක් ගත කරන්නේ අරණට පිවිස භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මධ්‍යම යාමයක් නිදා ගැනීම පිණිස වූ කොටසැයි අනුදන්නා ලද ද එය පැමිණි කල්හි ද, “මම ප්‍රමාදයට බිය වෙමි” යි ඇඳ ඉවත් කොට රාත්‍රියෙහිත් දවාලෙහිත් නිරාහාර ව කර්මස්ථානය ම සිත්හි යොමු කළේ ය.ඉක්බිති ඔහුගේ අභ්‍යන්තරයේ කැපුම් වේදනාවෝ ජීවිතය අවසන් කළෝ ය. හෙතෙමේ ධුරය දරමින් සිටියදී ම කාල ක්‍රියා කළේ ය. කිසියම් භික්‍ෂුවක් සක්මන් මළුවෙහි සක්මන් කරමින් හෝ හේත්තු වීමට ඇති ස්ථම්භයක් ඇසුරෙහි සිටිමින් හෝ සක්මන් මළුවෙහි කෙළවර සිවුර හිසට තබා ගෙන සිටිමින් හෝ සැතපෙමින් හෝ පිරිස මැද අලංකාර කරන ලද ධර්මාසනයෙහි සිට දහම් දෙසමින් හෝ කාලක්‍රියා කරයි ද, ඒ සියල්ල ධුරය දරමින් කාලක්‍රියා කරයි නම් වේ.
    මෙසේ මොහු සක්මනෙහි (යෙදෙමින් සිටියදී) කාල ක්‍රියා කොට උපනිශ්‍රය අඩු බව නිසා ආශ්‍රව ක්ෂයට නො පැමිණ තව්තිසා භවනයෙහි මහා විමානයක නිදා සිට පිබිදෙන්නාක් මෙන් ප්‍රතිසන්ධිය ලැබී ය. එකෙණෙහි ම ඔහුට රුවන් තොරණක් බඳු ගව් තුනක් උසැති ආත්ම භාවය (ශරීරය) ඇති විය.
    විමානය ඇතුළත දහසක් පමණ වූ අප්සරාවෝ ඔහු දැක “විමාන අධිපති දේවපුත්‍රයා පැමිණියේ ය. ඔහු සතුටු කරවන්නෙමු.” තූර්ය භාණ්ඩ ගෙන ඔහු වටා සිට ගත්හ.
    දේව පුත්‍රයා තවමත් චුත වූ බැව් නො දනියි. පැවිදි සංඥා ඇත්තේ ම අප්සරාවන් දෙස බලා විහාර චාරිකාවකට පැමිණි කතක දැක ලජ්ජාවට පත් පංශුකුලියකු මෙන් ඉහළ තිබූ ඝන වස්ත්‍රය ඒකාංශ කරමින් අංශ කුටය (දසරුව) වසා ගෙන ඉන්ද්‍රියයන් බිමට හරවා බිම බලාගෙන ම සිටියේ ය. ඔහුගේ ශරීරයේ වෙනස් ස්වරූපය හේතුවෙන් ම ඔවුහු (ඒ අප්සරාවෝ) මේ ශ්‍රමණ දේවපුත්‍රයෙකි’යි දැන මෙසේ පැවසූහ: “ආර්යයෙනි, දේවපුත්‍රයනි, මෙය දෙව්ලොව යි. ශ්‍රමණ දහම් කරන අවස්ථාවක් මෙහි නො වේ. සම්පත් විඳින අවස්ථාවකි, මෙය” යි. හේ එසේ ම සිටියේ ය. දේවතාවියෝ තවමත් මොහු කල්පනා නො කරයි. (නො දකියි) යි තූර්ය භාණ්ඩ අතට ගත්හ. හේ එලෙසින් ම නො බලමින් සිටියේය.
    එවිට මුළු සිරුර පෙනෙන කැඩපතක් ඉදිරියෙන් තැබූහ. හේ ඡායාව දැක චුත වූ බැව් දැන මා විසින් මේ ස්ථානය පතා ශ්‍රමණ දහම් නොකරන ලදි. උසස්ම අරමුණ වූ අර්හත් භාවය පතා කරන ලද්දේ යයි සම්පත්ති පිළිබඳ විපිළිසර විය (පසුතැවිලි විය). රන් පටක් ඔට්ටු අල්ලා යුද පිටියට බට මල්ලව පොර කාරයකු මුෂ්ටියක් ලැබ මෙන්, මේ ස්වර්ග සම්පත්තිය නම් සුලභ එකකි, බුදුන් වහන්සේලා පහළ වීම දුර්ලභ යයි සිතා විමානයට නො පිවිස, නො බිඳුණු ශීලයෙන් යුතු ව අප්සරා ගණයා විසින් පිරිවරන ලදු ව බුදුන් වහන්සේ අසළට පැමිණ වැඳ එකත්පස් ව සිටියේ මේ ගාථාව ප්‍රකාශ කළේ ය.
    එහි අච්ඡරාගණසංඝුට්ඨං අප්සරා සමූහය විසින් ගීත වාදිත ශබ්දවලින් මැනවින් ඝෝෂා කරන ලද, පිසාචගණසෙවිතං ඒ අප්සරා සමූහයා ම පිසාච සමූහයක් කොට පවසයි. වනං නන්දන වනය ගැන කියයි. මෙතෙමේ නිෂ්කාම චිත්තය හේතු කොට ගෙන, තමාගේ ගෞරව භාවය නිසා දේව සමූහයා ‘දේවගණයා’ යි පැවසීමට නො කැමති වෙයි. ‘පිශාචගණයා’ යි පවසයි. නන්දන වනය ද “නන්‍දන” යි නො කියා ‘මොහනං’ යි පවසයි. කථං යාත්‍රා භවිස්සති කෙසේ නික්මීමක් වන්නේ ද? කෙසේ නම් එතෙර වීමක් වන්නේ ද? භාග්‍යවතුනි, මා හට අර්හත් බවට පත්වීමට හේතුවන විපස්සනාව වදාරනු මැනවි” යි කියයි.
    ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ දේවපුත්‍රයා බෙහෙවින් විමසන්නේ ම ය. මේ කිමදැයි ආවර්ජනය කරන සේක් තම සසුනේ පැවිදි වූ බව දැන්, “මොහු බෙහෙවින් හටගත් වීර්යය ඇති බැවින් කාලක්‍රියා කොට දෙව් ලොව ඉපිදුනේ අද ද ඔහුගේ සක්මනෙහි ම ආත්ම භාවය නො බිඳුණු ශීලයෙන් යුක්ත ව පැමිණියේ” යි සිතූ සේක. සිත්තරෙකු ප්‍රවේශයක් නො ලත් – පළපුරුද්ද නැති ආරම්භක අන්තේවාසිකයාට බිත්ති පිරියම් කිරීම (උගන්වන්නා) සේ, බුදුවරු ද ප්‍රවේශයක් නො ලත් (පුහුණුවක් නො ලත්) ආදිකර්මිකයාට ශීලය පිරිසිදු කරව, සමාධිය වඩව, කාර්යය අවසන් කිරීමෙන් ලත් ප්‍රඥාව සෘජු කරව යි පළමු ව පූර්වභාග ප්‍රතිපදාව පවසත්. (එය) කරන්නා හට, යෙදුණු – නො කඩවා යෙදුණු – අයට අර්හත් මගට පාදක වන ඉතා සියුම් ශූන්‍යතා විපස්සනාව ම වදාරත්. මේ දේවපුත්‍රයා ද (විදර්ශනාව) කරන්නේ, නො කැඩුණු ශීලය ඇත්තේ ඔහුට එක් මගක් නොපැමිණියේ යි ශූන්‍යතා විදර්ශනාව වදාරන සේක්, ‘උජුකො නාම’ ආදිය පැවසූ සේක.
    එහි උජුකො කායවංක ආදිය නො පවත්නා බව හේතු කොට ගෙන අෂ්ටාංගික මාර්ගය ‘උජුකො’ නමි. අභයා නාම සා දිසා නිර්වාණය පිළිබඳ ව (අදහස් කරමින්) පැවසූහ. එහි කිසිදු බියක් නැත. ඊට පැමිණි තැනැත්තාට බියක් නැතැයි “අභයා නාම සා දිසා” යි කියන ලදි. “රථො අකූජනො” අෂ්ටාංගික මාර්ගය ම අදහස් කරන ලදි. යථා තත්ත්වයට පත් කරන ලද රථයක් අක්‍ෂයෙහි (අලවංගුවෙහි) තෙල් නො දැමූ කල්හි හෝ බොහෝ මිනිසුන් නැග ගත් විට හෝ (කිරි කිරි ගා) හඬ නගයි. ශබ්ද නගයි. ආර්ය මාර්ගය එසේ නො වේ. එය එකවර ප්‍රාණීන් අසූහාර දහසක් නැගුනේ වුව ද හඬ නො නගයි. ශබ්ද නො කරයි. එහෙයින් “අකූජන” යි කියන ලදි. ධම්මචක්කෙහි සංයුතො කායික චෛතසික වීර්යසංඛ්‍යාත වූ ධර්මචක්‍රවලින් යුක්ත වූයේ.


    හිරි මෙහි “හිරි” (ලජ්ජාව) ගැනීමෙන් ඔත්තප්පය (භය) ද ගන්නා ලද්දේ ම ය. තස්ස අපාලම්බො යම් සේ පිටත ඇති රථයෙහි එහි සිටින යෝධයන් නො වැටීම පිණිස ලීවලින් තැනූ ආලම්බනයක් (ඇන්දක් – හේත්තු වන දණ්ඩක්) වේ ද, එසේ මේ මාර්ග රථයට ද ආධ්‍යාත්මික බාහිර වශයෙන් හට ගත් හිරිඔතප් දෙක ආලම්බන – හේත්තු වන දණ්ඩ ය. සකස්ස පරිවාරණං රථයට සිංහ හම් ආදිය පරිවාර (සැරසිල්ලක්) මෙන් මේ මාර්ග රථයට ද සම්ප්‍රයුක්ත සතිය පරිවාරණය (ආවරණය) වේ. ධම්මං ලෝකෝත්තර මාර්ගය සම්මාදිට්ඨිපුරෙජවං විපස්සනා සම්මාදිට්ඨිය ‘පුරෙ ජවා අස්ස’ (පෙරටුව යයි) මුලින් යන්නා වෙති යි = සම්මාදිට්ඨි පුරෙජවං (සම්‍යක් දෘෂ්ටිය පෙරටු කොට යන) වේ. එය (කර්ම විභක්තිය) ‘සම්මාදිට්ඨිපුරෙජව’ වේ. යම් සේ රාජ පුරුෂයන් විසින් පළමු කොට ම කණ, කුදු ආදීන් ඉවත් කිරීමෙන් මාර්ගය පිරිසිදු කළ කල්හි පසු ව රජතුමා යයි ද සේ ම සම්මාදිට්ඨියෙන් අනිත්‍යාදි වශයෙන් ස්කන්ධ ආදිය පිරිසිදු කළ කල්හි පසුව සුදුසු පදනම ලත් සංසාර වට්ටය දකිමින් මාර්ග සම්‍යක් දෘෂ්ටිය උපදී. එහෙයින් කියන ලදි. ධම්මාහං සාරථිං බ්‍රෑමි සම්මාදිට්ඨි පුරෙජවං (සම්‍යක් දෘෂ්ටිය පෙරටු කොට යන (ලෝකෝත්තර) ධර්මය (එහි) රියැදුරා ය යි මම කියමි) යි.
    මෙසේ භාග්‍යවතුන් වහන්සේ දේශනාව නිමවා අවසානයෙහි සතර සත්‍යය දැල්වූහ. දේශනාව අවසානයෙහි දේවපුත්‍රයා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. යම් සේ බොජුන් අනුභව කරන අවස්ථාවෙහි රජතුමා තමාට අවශ්‍ය ප්‍රමාණයෙන් පිඬු ගත් කල්හි ඇකයේ සිටින පුත්‍රයා තමාගේ මුඛයට සරිලන සේ ඉන් පිඬු ගනී ද, එසේ ම භාග්‍යවතුන් වහන්සේ අර්හත් බව කුටය (මුදුන) කොට ඇති දේශනාවක් දෙසද්දී වුව ද සත්ත්වයෝ තමාගේ උපනිශ්‍රයට ගැළපෙන පරිදි සෝවාන් ඵල ආදියට පැමිණෙත්. මේ දේවතාවා ද සෝවාන් ඵලයට පත් ව භාග්‍යවතුන් වහන්සේට සුගන්ධ ආදියෙන් පූජා කොට ගියේ ය.

    SN 01-01-05-07. වනරොප සූත්‍රය

    පුජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය

    මා විසින් මෙසේ අසන ලදී.
    එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්නේය, එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

    ‘‘කෙසං දිවා ච රත්තො ච,
    සදා පුඤ්ඤං පවඩ්ඪති;
    ධම්මට්ඨා සීලසම්පන්නා,
    කෙ ජනා සග්ගගාමිනො’’ති.“දහවලුත් රෑත් හැමවිටම කාගේ පින් වැඩේද?
    සුගතියට යන ධර්‍මස්ථයෝ
    (ධර්‍මයෙහි පිහිටියෝ) නම් කවුරුද?
    සිල්වත්තු නම් කවුරුද?

    (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)

    ‘‘ආරාමරොපා වනරොපා,
    යෙ ජනා සෙතුකාරකා;
    පපඤ්ච උදපානඤ්ච,
    යෙ දදන්ති උපස්සයං.

    ‘‘තෙසං දිවා ච රත්තො ච,
    සදා පුඤ්ඤං පවඩ්ඪති;
    ධම්මට්ඨා සීලසම්පන්නා,
    තෙ ජනා සග්ගගාමිනො’’ති.“ මල් වතු පලතුරු වතු (ආරාමයන්) වවන්නෝද,
    වන ලැහැබ් වවන්නෝද,
    හේදඬු පාලම් ආදිය කරවන්නෝද,
    පැන්හලුත් වැව් පොකුණුත් කරවන්නෝද,
    වාසස්ථාන දෙන්නෝද,

    දිවා රෑ හැම විටම ඔවුන්ගේ පින් වැඩේ.
    මරණින් පසු ස්වර්‍ගයට යන,
    දහම්හි පිහිටි සිල්වත්තුත් ඒ ජනයෝයි.”

    [ධම්මට්ඨා සීලසම්පන්නා (දහම්හි පිහිටි ශීලසම්පන්න වූ) කවරහු ‘ධම්මට්ඨ’ ද, කවරහු ‘ශීල සම්පන්න’ දැයි විමසති. භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රශ්නය ස්ථාවර වස්තු මගින් පැහැදිලි කරන සේක් ‘ආරාමරොපා’ ආදිය වදාළ සේක. එහි ආරාමරොපා පුෂ්පාරාම (මල් උයන්) ඵලාරාම (පලතුරු උයන්) රෝපණය කරන්නෝ වනරොපා ඉබේ හැදුණු, රෝපණය නො කළ වනයෙහි සීමාවක් දමා චෛත්‍ය, බෝධි, සක්මන් මළු, කුටි, ලෙන්, රාත්‍රි ස්ථාන, දිවාස්ථාන කරන්නෝ සෙවන සපයන රුක් රෝපණය කර දෙන්නෝ ද ‘වනරොපා’ ම නමි. සෙතුකාරකා විෂම ස්ථානයෙහි පාලම් තනන්නෝ, ජලයෙහි නැව් පිළියෙල කර දෙන්නෝ පපං පැන් දන්සල උදපානං යම් කිසි පොකුණු, තටාක ආදියක් (වේ ද ඒවා) උපස්සයං විසීමට නිවහනක්, “උපාසයං” යනු ද පාඨයකි.
    සදා පුඤ්ඤං පවඩ්ඪති අකුසල විතර්ක මෙනෙහි කරන්නහුට හෝ නිදා සිටින කෙනෙකුට හෝ නො වැඩේ. යම් යම් විටක අනුස්මරණය කරයි ද ඒ ඒ අවස්ථාවේ දී වර්ධනය වේ. මේ අර්ථය පිණිස “සදා පුඤ්ඤං පවඩ්ඪති’ යි කියන ලදි. ධම්මට්ඨා සීලසම්පන්නා ඒ ධර්මයෙහි සිටි බැවින් ඒ ශීලයෙන් ම යුක්ත වූ බැවින් ‘ධම්මට්ඨා’ “සීලසම්පන්නා,” නැතහොත් ඒ ආකාරයේ පින් කරන්නවුන්ගේ දශ කුසල ධර්ම පිරෙයි. ඒවාහි සිටි (පිහිටි) බැවින් ‘ධම්මට්ඨා,’ ඒ ශීලයෙන් ම යුක්ත වූ බැවින් ‘සීලසම්පන්නා’ යි

    SN 01-01-05-08. ජේතවන /ඉදඤ්හි සූත්‍රය

    පුජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය

    මා විසින් මෙසේ අසන ලදී.
    එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු ‘අනාථපිණ්ඩික දෙව්පුත්’ බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි අනාථපිණ්ඩික දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

    ‘‘ඉදඤ්හි තං ජෙතවනං, ඉසිසඞ්ඝනිසෙවිතං;
    ආවුත්ථං  ධම්මරාජෙන, පීතිසඤ්ජනනං මම.“භික්‍ෂු සමූහයා විසින් නිතර සෙවුනා ලද,
    ධර්මරාජයානන් වහන්සේ වාසය කරන
    මේ ජේතවනය මට ප්‍රීතිය උපදවන්නේය.”‘‘කම්මං විජ්ජා ච ධම්මො ච,
    සීලං ජීවිතමුත්තමං;
    එතෙන මච්චා සුජ්ඣන්ති,
    න ගොත්තෙන ධනෙන වා.“කර්‍මයද (මාර්‍ග චේතනාවද), විද්‍යාවද (මාර්‍ග ප්‍රඥාවද),
    (සමාධිපාක්‍ෂික) ධර්‍මයද, ශීල සම්පන්න උතුම් ජීවිතයද,
    යන මෙයින් සත්ත්‍වයෝ ශුද්‍ධවෙත්.
    ගෝත්‍රයෙන් හෝ ධනයෙන් ශුද්‍ධනොවෙත්.”‘‘තස්මා හි පණ්ඩිතො පොසො,
    සම්පස්සං අත්ථමත්තනො;
    යොනිසො විචිනෙ ධම්මං,
    එවං තත්ථ විසුජ්ඣති.“එබැවින්ම තමාගේ දියුණුව කැමැති
    නුවණ ඇති පුරුෂයා නිසි මගින් ධර්‍ම සෙවිය යුතු.
    මෙසේ ඒ ආර්‍ය්‍ය මාර්‍ගයෙහි හෙතෙම පිරිසිදු වෙයි.”‘‘සාරිපුත්තොව පඤ්ඤාය,
    සීලෙන උපසමෙන ච;
    යොපි පාරඞ්ගතො භික්ඛු,
    එතාවපරමො සියා’’ති.“ප්‍රඥායෙන්ද, ශීලයෙන්ද, කෙලෙස් සංසිඳුවීමෙන්ද,
    ශාරීපුත්‍රයන් වහන්සේම උතුම්හ.
    පරතෙර පැමිණි යම් භික්‍ෂුවෙක් වේ නම් හේ
    මේ සැරියුත් තෙරුන් පරම කොට ඇත්තේම වන්නේය.”

    [මෙහි ඉදඤ්හි තං ජෙතවනං අනාථපිණ්ඩික දේවපුත්‍රයා ජේතවනයෙහි බුද්ධාදීන්ගේත් වර්ණනාව පවසන අටියෙන් පැමිණියේ මෙසේ කී ය. ඉසිසඞ්ඝනිසෙවිතං භික්‍ෂූ සංඝයා විසින් සෙවුනා ලද;
    මෙසේ ප්‍රථම ගාථාවෙන් ජේතවනය පිළිබඳ වර්ණනාව කොට දැන් ආර්ය මාර්ගය පිළිබඳ (වර්ණනාව) කරනුයේ “කම්මං විජ්ජා” ආදිය පැවසීය. එහි කම්මං මාර්ග චේතනාව, විජ්ජා මාර්ග ප්‍රඥාව, ධම්මො සමාධි පාක්ෂිත ධර්මය, සීලං ජීවිතමුත්තමං ශීලයෙහි පිහිටියහුගේ ජීවිතය උත්තම ය යි දක්වයි. නැතහොත් විජ්ජා දිට්ඨි සංකප්ප, ධම්මො වායාම, සති, සමාධි, සීලං වාචා කම්මන්ත ආජීව, ජීවිතමුත්තමං ඒ ශීලයෙහි පිහිටි ඔහුගේ ජීවිතය නම් උත්තම ය. එතෙන මච්චා සුජ්ඣන්ති මේ අෂ්ටාංගික මාර්ගයෙන් සත්ත්වයෝ විශුද්ධ වෙත්,
    තස්මා යම් ලෙසකින් මාර්ගයෙන් විශුද්ධියට පත්වෙත් ද – ගෝත්‍රයෙන් ධනයෙන් නො වේ. යොනිසො විචිනෙ ධම්මං උපායෙන් සමාධි පාක්ෂික ධර්මය පරීක්‍ෂා කරයි; නැතහොත් රැස් කරයි එවං තත්‍ථ විසුජ්ඣති මෙසේ ඒ ආර්ය මාර්ගයෙහි පිරිසිදු වෙයි. එසේ නැතහොත් යොනිසො විචිනෙ ධම්මං උපායයෙන් පඤ්චස්කන්ධ ධර්මය පරීක්‍ෂා කරයි. එවං තත්‍ථ විසුජ්ඣති මෙසේ ඒ සත්‍ය සතරෙහි පිරිසිදු බව වේ.
    දැන් සැරියුත් තෙරුන්ගේ ගුණ වර්ණනා කරන්නේ ‘සාරිපුත්තොව’ ආදිය වදාළ සේක. එහි සාරිපුත්තොව අවධාරණය කිරීමේ වචන යි, මේ ප්‍රඥාදියෙන් සැරියුත් හිමියෝ ම ශ්‍රේෂ්ඨය යි කියන සේක. උපසමෙන ක්ලේශයන් සංසිඳීමෙන් පාරගතො නිර්වාණයට ගිය, යමෙක් නිවනට පත්වූයේ නම් ඒ භික්ඛු (භික්ෂුව), එතාව පරමො සියා තෙරුන් වහන්සේට වඩා උත්තරීතර වූවෙකු නම් නැත්තේ ය යි කියන සේක. ඉතිරිය කී පරිදි ම ය.]

    SN 01-01-05-09. මච්ඡෙර
    (නොහොත් මච්ඡරි) සූත්‍රය

    පුජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය

    මා විසින් මෙසේ අසන ලදී.
    එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක.එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක සිට මේ ගාථාව කීය.

    ‘යෙධ මච්ඡරිනො ලොකෙ,
    කදරියා පරිභාසකා;
    අඤ්ඤෙසං දදමානානං,
    අන්තරායකරා නරා.
    ‘‘කීදිසො තෙසං විපාකො,
    සම්පරායො ච කීදිසො;
    භගවන්තං පුට්ඨුමාගම්ම,
    කථං ජානෙමු තං මය’’න්ති“දැඩි මසුරුකම් ඇති, ක්‍රොධ කරන,
    අනුන් දන්දෙන කල්හි එයට අන්තරාය කරන,
    යම් මසුරු කෙනෙක් මෙලොව වෙත් නම්,
    ඔවුන්ට විපාකය කෙබඳුද?

    ඔවුන්ගේ පරලොව ගතියත් කෙසේද?
    මෙය විචාරා දැනගන්නට අවුත් සිටුම්හ.
    එය අපි කෙසේ දැන ගනුමෝද?

    (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)

    ‘‘යෙධ මච්ඡරිනො ලොකෙ,
    කදරියා පරිභාසකා;
    අඤ්ඤෙසං දදමානානං,
    අන්තරායකරා නරා.
    ‘‘නිරයං තිරච්ඡානයොනිං,
    යමලොකං උපපජ්ජරෙ;
    සචෙ එන්ති මනුස්සත්තං,
    දලිද්දෙ ජායරෙ කුලෙ“දැඩි මසුරුවූ, සිඟන්නනට නින්‍දා කරන,
    දන් දෙන අන්‍යයන්ගේ ඒ දානයට අන්තරාය කරන,
    යම් මසුරු කෙනෙක් මෙලොව වෙත්ද,
    ඔවුහු මරණින් මතු නිරයට හෝ තිරිසන් යෝනියට
    හෝ යමලෝකයට හෝ පැමිණෙන්නාහ.”‘‘චොළං පිණ්ඩො රතී ඛිඩ්ඩා,
    යත්ථ කිච්ඡෙන ලබ්භති;
    පරතො ආසීසරෙ බාලා,
    තම්පි තෙසං න ලබ්භති;
    දිට්ඨෙ ධම්මෙස විපාකො,
    සම්පරායෙ  ච දුග්ගතී’’ති.“ඉදින් ඔවුහු (පසු) මිනිස් බවට එන්නාහු නම්,
    යම් කුලයෙක රෙදිපිළි, ආහාරපාන,
    කම්සැප ක්‍රීඩා දුකසේ ලැබේ නම්
    එබඳු කුලයෙහි උපදනාහ.”

    පුජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය

    ‘‘සචෙ එන්ති මනුස්සත්තං,
    අඩ්ඪෙ ආජායරෙ කුලෙ;
    චොළං පිණ්ඩො රතී ඛිඩ්ඩා, යත්ථාකිච්ඡෙන ලබ්භති. “මෙහි මිනිස් බව ලත් යම් කෙනෙක්
    ඉල්ලන්ගේ වුවමනා වටහා ගෙන දන් දෙත්ද,
    මසුරුකම පහකළෝද,
    බුදුන් , ධර්‍මය , සංඝයා කෙරෙහි පැහැදුණාහුද,
    ස්වර්‍ගයක උපදනා ඔවුන් එහි බබළත්.”
    “ඉදින් ඔවුහු මිනිසත් බවට එන්නාහු නම්, යම් තැනෙක වස්ත්‍රාභරණ, ආහාරපාන, කම් සැප හා ක්‍රීඩා නිරායාසයෙන් ලැබේද, එසේවූ උසස් කුලයක උපදිත්.”‘‘පරසම්භතෙසු භොගෙසු,
    වසවත්තීව මොදරෙ;
    දිට්ඨෙ ධම්මෙස විපාකො,
    සම්පරායෙ ච සුග්ගතී’’ති.“එසේ උසස් කුලයේ උපන් ඔවුහු
    අනුන් රුස්කොට තැබූ වස්තුව බුත්ති විඳිත්.
    මේ මේ ආත්මයෙහි ලැබෙන විපාකයයි.
    ඔවුන්ට මරණින් පසු සුගතියෙහි උත්පත්තිය වේ.

    [මෙහි මච්ඡරිනො මසුරු බවින් යුක්ත වූ; සමහරෙක් තමා වසන තැන (සිට) භික්ෂුවකට අත දිගු කොට නො වඳිති. වෙනත් අදහසකින් ගියේ විහාරයට ඇතුළු ව සකසා වැඳ මිහිරි පිළිසඳර කථා කරති. “ස්වාමීනි, අප වසන තැනට නො එනු මැනවි. ප්‍රදේශය සමෘද්ධිමත්. ආර්යයන් වහ්නසේලාට කැඳ බත් ආදියෙන් උපස්ථාන කිරීමට හැකි වෙමු” යි (කියති) භික්ෂුව “මේ උපාසක තෙමේ ශ්‍රද්ධා සම්පන්න ය, කැඳ බත් ආදියෙන් සංග්‍රහ කරන්නේ යයි” (සිතයි.) ඉක්බිති එක්තරා භික්ෂුවක් ඔහුගේ ගමට ගොස් පිඬු පිණිස හැසිරෙයි. ඔහු භික්ෂුව දැක අන් මගකින් හෝ යයි. ගෙට හෝ යයි. ඉදින් මුහුණට මුණ ගැසිණි නම් අතින් වැඳ ආර්යයන් වහන්සේට භික්ෂාව දෙන්න. මම වැඩකට යමි යි පිටත් ව යයි. තෙරුන් වහන්සේ මුළු ගම ම ඇවිද හිස් පාත්‍රය ඇති ව පිටත් ව යයි. මෙය දායකයෙකු නො වී දායකයකු මෙන් පෙන්වන තෙක් වූ මෘදු (බරපතළ නො වූ) මසුරු බව නමි. මෙහි වනාහි දළ මසුරු බව අදහස් කෙරේ. ඉන් යුක්ත වූ පුද්ගලයා පිඬු පිණිස භික්ෂූන් වහන්සේලා පැමිණි කල්හි “භික්ෂූන් වහන්සේලා සිටිති (ඉන්නවා)” යි කී කල, “කිම? මගේ පා රිදවනවා’ යි ආදිය පවසා ගල් කණුවක් ලෙස කී කොටයක් ලෙස ස්තබ්ධ ව (තද ලෙස) සිටියි. සාමීචි මාත්‍රයක් හෝ නො කරයි. කදරියා මෙය “මච්ඡරිනො” යන පදයට සමානාර්ථවාචී ය. මෘදු මසුරු කමක් ‘මසුරුකමක්’ ම යයි කියනු ලැබේ. තද (මසුරු කම) ‘කදරිය’ නමි. පරිභාසකා ගෙයි දොරකඩ භික්ෂූන් සිටිනු දැක “කිම ඔබ වහන්සේලා වපුරලා ද ආවේ? වපුරා කපා අපි වත් නො ලබමු. ඔබ වහන්සේලාට කොයින්ද? වහා පිටවන්න” ආදි වශයෙන් තර්ජනය කරන්නෝ ය. අන්තරායකරා දායකයාට ස්වර්ග (ලාභයට) අන්තරාය, පිළිගන්නා අය හට ලැබීම (නොමැති වීමේ) අන්තරාය, තමාට උපද්‍රව යි මේ අන්තරාය කරන්නෝ;
    සම්පරායො පරලොව රතී පඤ්චකාම ගුණයෙහි ඇලීම, ඛිඩ්ඩා කායික ක්‍රීඩා ආදී ක්‍රීඩා; දිට්ඨෙව ධම්මෙ ස විපාකො ඒ උපන් ස්ථානයෙහි ඇස් ඉදිරිපිට දී ම මේ විපාක වේ. සම්පරායෙ ච දුග්ගති යනු “යමලොකං ච උප්පජ්ජරෙ යි කී කල පරලොව ද දුගතිය යි.
    වදඤ්ඤූ භික්‍ෂූහුගේ දොරකඩ සිටියාහු කිසියම් තුෂ්ණීම් භාවයකින් (කථා නො කර) සිටිති. (එහි) තේරුම නම්, “භික්ෂාව දෙනු මැනවි’යි කියත්. එහි යම් කෙනෙක් “අපි උයමු. මේ අය නො උයති. උයමින් සිටින කල්හි ළඟට පැමිණ නො ලබන්නාහු කොහෙන් ලබත් දැයි දිය යුතු දේ බෙදා දෙති. ඒ අය ‘වදඤ්ඤූ’ (දන් දෙන සුලු) නමි. පකාසෙන්ති විමාන ප්‍රභාවෙන් බබළත්. පරසම්භතෙසු අනුන් විසින් රැස් කරන ලද, සම්පරායො ච සුග්ගති මේ ස්වර්ගය යි මෙසේ කියන ලද පරලොව ද සුගතිය යි, ඒ දෙක්හිම හෝ, ඉන් චුතව යළි පරලොව ද දුගති සුගති ම වන්නේ ය.

    SN 01-01-05-10 ඝටීකාර සූත්‍රය

    පුජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය

    මා විසින් මෙසේ අසන ලදී.
    එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු ඝටීකාර බ්‍රහ්මතෙම බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඝටීකාර බ්‍රහ්මකෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.

    ‘අවිහං උපපන්නාසෙ, විමුත්තා සත්ත භික්ඛවො;
    රාගදොසපරික්ඛීණා, තිණ්ණා ලොකෙ විසත්තික’’න්ති.“භික්‍ෂූන් සත් නමක් අවිහ බඹලොවට (උත්පත්ති වශයෙන්) පැමිණියාහු, කෙලෙසුන්ගෙන් මිදුණෝ රාග ද්වේෂයන් නැසුවෝ, ලොව ඇල්ම (තෘෂ්ණාව) තරණය කළහ.”

    (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)

    ‘‘කෙ ච තෙ අතරුං පඞ්කං, 
    මච්චුධෙය්‍යං සුදුත්තරං;
    කෙ හිත්වා මානුසං දෙහං,
    දිබ්බයොගං උපච්චගු’’න්ති.“කෙලෙස් මඩ ඇති, තරණයට දුෂ්කරවූ,
    සංසාර සාගරය ඒ කවර කෙනෙක් නම් තරණය කළෝද?
    කවුරු නම් මිනිස් කය (ඔරංභාගිය සංයෝජන
    හැර දිව්‍යයෝගය (උද්දංභාගිය සංයෝජන) ඉක්මවා ලූවෝද?”

    (ඝටීකාර බ්‍රහ්මයා මෙසේ කීය.)

    ‘‘උපකො පලගණ්ඩො ච,
    පුක්කුසාති ච තෙ තයො;
    භද්දියො ඛණ්ඩදෙවො ච,
    බාහුරග්ගි ච සිඞ්ගියො;
    තෙ හිත්වා මානුසං දෙහං, දිබ්බයොගං උපච්චගු’’න්ති.“උපකද පලගණ්ඩද පුක්කුසාතිද
    යන ඔවුහු තුන්දෙනාත්,
    භද්දියද ඛන්ඩදෙවද භාහුරග්ගියද පිඞගියද
    යන මොවුහුක් (සක්දෙන)
    මනුෂ්‍ය දේශය හැර, දිව්‍යයෝගයද ඉක්මවූහ.”

    (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)

    ‘‘කුසලී භාසසී තෙසං,
    මාරපාසප්පහායිනං;
    කස්ස තෙ ධම්මමඤ්ඤාය,
    අච්ඡිදුං භවබන්ධන’’න්ති.මරහුගේ මළපුඩුව දුරැලූ ඔවුන්ගේ
    ගුණ පණ්ඩිතවූ ඔබ කීයෙහිය.
    ඔවුහු කාගේ ධර්‍මයක් දැනගෙන
    සසර බැම්ම සිඳලූහුද?”

    (ඝටීකාර බ්‍රහ්මයා මෙසේ කීය.)

    ‘‘සොහමෙතෙ පජානාමි,
    විමුත්තෙ සත්ත භික්ඛවො;
    රාගදොසපරික්ඛීණෙ,
    තිණ්ණෙ ලොකෙ විසත්තික’’න්ති. “ස්වාමීනි, ඔවුහු යමෙකුගේ ධර්‍මය දැන
    සසර බැම්ම සින්දෝ නම්,
    ඒ භාග්‍යවතුන් වහන්සේගේ මීස
    අනෙකෙකුගේ නොවේ.
    ඔබගේ ශාසනය මිස අනෙකක් නොවේ.”
    ‘‘යත්ථ නාමඤ්ච රූපඤ්ච,
    අසෙසං උපරුජ්ඣති;
    තං තෙ ධම්මං ඉධඤ්ඤාය,
    අච්ඡිදුං භවබන්ධන’’න්ති“යම් තැනෙක්හි (නිවනෙහි) සියලු නාමයත්,
    සියලු රූපයත් නිරුද්‍ධ වේද,
    (ඒ නිර්‍වාණ) ධර්‍මය ඔවුහු
    මේ සස්නෙහි දැන සසර බැම්ම සින්දහ.”

    (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)

    ‘ගම්භීරං භාසසී වාචං,
    දුබ්බිජානං සුදුබ්බුධං;
    කස්ස ත්වං ධම්මමඤ්ඤාය,
    වාචං භාසසි ඊදිස’’න්ති.“දුකසේ දතයුතු අර්ථ ඇති,
    දුකසේ අවබෝධ කටයුතු අර්ථ ඇති,
    ගැඹුරු බසක් කියෙහි, යුෂ්මත් තෙම
    කාගේ ධර්‍මයක් දැනගෙන
    මෙබඳු බසක් කීයෙහිද?”

    (ඝටීකාර බ්‍රහ්මතෙම මෙසේ කීය.)

    ‘‘එවමෙතං තදා ආසි,
    යථා භාසසි භග්ගව;
    කුම්භකාරො පුරෙ ආසි,
    වෙකළිඞ්ගෙ ඝටීකරො;
    මාතාපෙත්තිභරො ආසි,
    කස්සපස්ස උපාසකො.“ස්වාමීනි, මම පෙර වේහලිඞග ගම
    වළන් සාදන (ඝටීකාර නම් කුඹලෙක් වීමි.
    මව් පියන් රැත බලා ගන්නා ඒ මම
    කාශ්‍යප ශාස්තෘාන් වහන්සේගේ උපාසකයෙක් වීමි.”

    (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)

    ‘‘එවමෙතං තදා ආසි,
    යථා භාසසි භග්ගව;
    කුම්භකාරො පුරෙ ආසි,
    වෙකළිඞ්ගෙ ඝටීකරො;
    මාතාපෙත්තිභරො ආසි,
    කස්සපස්ස උපාසකො.“ඔබ යම්සේ කීයෙහිද එසේම එය විය,
    ඔබ පෙර වේහලිඞග ගම වළන් සාදන කුඹලෙක් විය.
    මවුපියන් රක්නෙක් වූයෙහි,
    කාශ්‍යප ශ්‍රාවකවූ උපාසක වූයෙහි.

    ‘‘විරතො මෙථුනා ධම්මා,
    බ්‍රහ්මචාරී නිරාමිසො;
    අහුවා මෙ සගාමෙය්‍යො,
    අහුවා මෙ පුරෙ සඛා’’ති.

    ‘‘එවමෙතං පුරාණානං,
    සහායානං අහු සඞ්ගමො;
    උභින්නං භාවිතත්තානං,
    සරීරන්තිමධාරින’’න්ති.
    .“මෛථූන සේවනයෙන් වැළකුණෙක් වීමි.
    නිරාමිෂ බ්‍රහ්මචාරී (අනාගාමී) වීමි.
    ඔබ හා එකම ගම වසන්නෙක් වීමි.
    ඒ පෙර ආත්මයෙමි ඔබගේ යහළුවා වීමි.

    “ඒ මම රාග ද්වේෂ ක්‍ෂයකළ,
    ලොව තණ්හාව ඉක්මවූ, අර්හත් භාවයෙන්
    (කෙලෙසුන්ගෙන්) මිදුණු මේ භික්‍ෂූන් සත්දෙනම දනිමි.”
    “මෛථුන ධර්‍මයෙන් වැළකුණු,
    නිරාමිෂ බ්‍රහ්මචාරී වූයෙහි.
    මගේ ගමෙහි වැසියෙක් වූයෙහි.
    පෙර මගේ මිත්‍රයා වූයෙහි.”

    (මෙසේ භාවනායෙන් වැඩූ සිතැති, අන්තිම සිරුරු දරන, පැරැණි යහළුවන් දෙදෙනාගේ මේ සංගමය විය.”

    [මෙහි උපපන්නා සෙ උත්පත්ති වශයෙන් පැමිණි, විමුත්තා අවිහ ආදි බ්‍රහ්ම ලෝකයෙහි උත්පත්තියට අනතුරු ව ම අර්හත් ඵල විමුක්තියෙන් විමුක්තියට පත්, මානුසං දෙහං මෙහි පඤ්ච ඕරම්භාගිය සංයෝජන ම කියන ලදි. දිබ්බං යොගං පඤ්ච උද්ධම්භාගිය සංයොජන, උපච්චගුං ඉක්මවා ගියහ (තරණය කළහ), උපකො ආදිය ඒ තෙරවරුන්ගේ නම් ය. කුසලී භාසසි තෙසං කුසලය යන මෙය මොහුට ඇතැයි ‘කුසලී’ ඒ තෙරවරුන්ට ඔබ කුසලයක් නිවැරදි දෙයක් පවසහි. ගුණ වර්ණනා කරහි, ප්‍රශංසා කරන්නෙහි, දේව පුත්‍රයා පණ්ඩිතයෙකි යි කියයි. තං තෙ ධම්මං ඉධඤ්ඤාය ඒ තෙරවරු ඒ දහම මෙහි – ඔබ වහන්සේලාගේ සසුනෙහි – දැන, ගම්භීරං ගැඹුරු අර්ථ බ්‍රහ්මචාරී නිරාමිසො නිරාමිස බ්‍රහ්මචාරී නම් වූ; අනාගාමි විය යනු අරුත යි. අහුවා විය. සගාමෙය්‍ය එක් ගමක වසන. අවසාන ගාථාව සංගීති කාරකයන් විසින් යොදන ලදි.

    ...more
    View all episodesView all episodes
    Download on the App Store

    SINHALA TIPITAKABy