Sign up to save your podcasts
Or

පුජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි දිනක රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණයෙන් මුඵ ජේතවනය බබුඵවමින් භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිට භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.
[96:-ජරාය මරණෙන ච මෙය දේශනා ශීර්ෂය යි. රාගාදි එකොළොස් ගිනිවලින් ලෝකය ගිනිගෙන ඇත්තේමය.
දානෙන දාන චේතනාවෙන්, දින්නං හොති සුනීහතං දාන පුණ්‍ය චේතනා වනාහි දායකයාටමවේ.
ගෙහිමියාගේ බැහැර කළ භාණ්ඩ මෙනි. එහෙයින් මෙය කියන ලදි.
චොරා හරන්ති නො දෙන ලද භෝග සොරුත් ගෙන යති. රාජනොපි, අග්ගීපි ඩහති; තිබූ තැන ද නස්සති. අන්තෙන මරණයෙන් සරීරං සපරිග්ගහං ශරීරය ද සොරුන් ආදීන්ගෙන් නො නැසුණු භෝග ද, සග්ගමුපෙති වෙස්සන්තර මහරජු ආදීන් මෙන් ස්වර්ගයෙහි පහළ වන්නේ ය..]

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය කල්හි එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුඵ ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
භාග්‍යවතුන් වහන්සේ
[අන්නදො යම් සේ බොහෝ ශක්තිමත් පුද්ගලයකු වුව ද දෙතුන් වේලක් අහර නො ගෙන නැඟිට සිටීමට නො හැකි වන්නේ ද, එසේ ම දුර්වලයකු වී වුව ද, අනුභව කොට බලසම්පන්නයෙකු වන්නේ ද එහෙයින් අන්නදො බලදො යි කී ය. වත්‍ථදො යම් සේ සුරූපි කෙනකු වුව ද නො සරුප් ලෙස හැඳ ගත්තේ හෝ වස්ත්‍ර නැති ව සිටියේ හෝ විරූපි වෙයි ද, ගරහන ලද්දේ වෙයි ද, බැලීමට අපහසු වූයේ වෙයි ද, වස්ත්‍රයෙන් (සිරුර) වසන ලද්දේ දේව පුත්‍රයකු මෙන් බබළයි. එහෙයින් වත්‍ථදො හොති වණ්ණදො ය කී ය. යානදො හස්තියාන ආදිය දෙන්නා. ඒවා අතර,
න හත්‍ථියානං සමණස්ස කප්පති
න අස්සයානං න රථෙන යාතුං
ඉදඤ්ච යානං සමණස්ස කප්පති
උපාහනා රක්‍ඛතො සීලක්‍ඛන්‍ධං
ශ්‍රමණයා හට හස්තියානය කැප නො වේ.
අශ්ව යානය (ද කැප නො වේ.) රියෙන් යෑම (කැප නො වේ) ශීලස්කන්ධය රකින ශ්‍රමණයාට පාවහනින් යාම කැප ය.)
එහෙයින් කුඩ, පාවහන්, සැරයටිය ආදිය දෙන්නා; යමෙක් මාවත් පිරිසිදු කරයි ද, ඉණිමං සාදයි ද, පාළම් සාදයි ද, නැව් සකස් කරයි ද යන මේ සියල්ලෝ ‘යානදො’ නම් වෙත්. සුඛදො හොති යානයෙන් සුවය (පහසුව) ගෙන දෙන හෙයින් “සුඛදො” නම් වේ. චක්‍ඛුදො හොති අඳුරෙහි ඇස් ඇතියවුනට පවා රූප දැකීමක් නො වන හෙයින් දීපදො (පහන් පුදන්නා) චක්‍ඛුදො නම් වේ. අනුරුද්ධ තෙරුන් වහන්සේ මෙන් දිවැස් සම්පත් ද ලබයි.
සබ්බදදො හොති සියලු ම බල (ශක්තිය) ආදිය දෙන්නෙක් වේ. ගම් දෙක තුනක පිඬු පිණිස හැසිර කිසිවක් නො ලැබ ආපසු පැමිණියහුට වුව ද සිසිල් දිය පිරි විලක නා, සිටිනා තැනට පැමිණ මොහොතක් ඇඳෙහි සැතපී නැගී සිටින්නෙකුට සිරුරෙහි ශක්තිය ගෙන දෙන්නාක් මෙන් වෙයි. එළියේ හැසිරෙන්නෙකු සේ ශරීරයේ වර්ණය (පැහැය) සුළඟ අව්ව ආදියෙන් දැවෙයි. ගෙට පිවිස දොර වසා මොහොතක් සැතපුනේ විසභාගසන්තති (විවිධ අසම කොටස්) සංසිඳෙයි. සභාගසන්තති (සමාන කොටස්) ඇතුළු වෙයි. වර්ණය ගෙන හැර දෙන්නාක් මෙන් වෙයි. එළියෙහි ඇවිදින්නෙකුගේ පාදයෙහි කටුවක් ඇණෙයි. කණුවක හැපෙයි. සර්ප ආදි අනතුරු භය ද උපදී. ගෙට පිවිස දොර වසා සිටියහුට ඒ සියලු අනතුරු නො වන්නේ ය. සජ්ඣායනය කරන්නා (ඉගෙන ගන්නා) හට – ධර්ම ප්‍රීති සුඛ කර්මස්ථානය සිත්හි තබන්නා හට – සංසිඳීමේ සැපය ඇති වේ. එසේ ම බැහැර ඇවිදින්නාගේ දහඩිය ගලයි; ඇස් සෙලවෙයි. ශයනාසනයට පිවිසෙන මොහොතේ ළිඳට වැටුනා සේ වෙයි. ඇඳ පුටු ආදිය නො පෙනේ. මොහොතක් සිටියහුට චක්ෂු ප්‍රසාදය ගෙනැවිත් දැම්මා සේ වෙයි. දොර ජනෙල් ඇඳ පුටු ආදිය පෙනේ. එහෙයින් කියන ලදි. සොව සබ්බදදො හොති යො දදාති (යමෙක් ආවාස දෙයිද, හේ සියල්ල දෙන්නේ වෙයි) – උපස්සයං – ආවාස
අමතං දදො ච සො හොති – ප්‍රණීත භෝජනයෙන් පාත්‍රය පුරවන්නාක් මෙන් අමෘත දානය නම් (දානය) දෙයි. යො ධම්මමනුසාසති යමෙක් ධර්මය අනුශාසනා කරයි ද, අර්ථකථා පවත්වයි ද, පාළි කියවයි ද, අසන ලද ප්‍රශ්නය විසඳයි ද, කර්මස්ථාන ප්‍රකාශ කරයි ද, ධර්මය දෙසයි ද, ධර්මශ්‍රවණය කරවයි ද, මේ සියල්ල ම ‘ධර්ම අනුශාසනය කරයි’ නම් වේ. සියලු දානයන් අතර මේ ධර්ම දානය ම අග්‍ර ය යි ශ්‍රේෂ්ඨ ය යි දත යුතු ය. එය (මෙසේ) කියන ලදි.
[මෙහි – අභිනන්‍දන්ති ප්‍රාර්ථනා කරත්. භජති පැමිණෙයි (සොයා යයි), චිත්තගෘහපති, සීවලී මහතෙරුන් ආදීන් මෙන් පසුපස ලුහුබැඳ යයි. තස්මා යම් හේතුවකින් මෙලොවත් පරලොවත් අන්න දායකයා (ආහාර දෙන තැනැත්තා) ලුහුබඳී ද එහෙයින්; ඉතිරිය කියන ලද පරිදි ම ය.]

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක උන්නේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
ම

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය කල්හි එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
[මෙහි – එකමූලං අවිද්‍යාව තණ්හාවට මුල ය. තණ්හාව අවිද්‍යාවට (මුල ය.) මෙහි තණ්හාව අදහස් කරන ලදි. එය ද ශාස්වත උච්ඡෙද දෘෂ්ටිවලින් කැරකෙතියි ආවර්ත දෙකකි. එය ද රාග ආදී මළ තුනකින් යුක්ත වූයේ තිමලා. එහි මෝහය එක් ව උපත කෙළවර කොට ඇති (මළ වේ). රාග, ද්වේෂ උපනිශ්‍රය කෙළවර කොට ඇති (මළ වේ.) පඤ්චකාම ගුණය එහි ප්‍රාර්ථනාව යි. එහි එය පැතිරෙති යි පඤ්චපත්‍ථරා; එය ද නො පිරෙන අර්ථයෙන් සමුද්දො ආධ්‍යාත්මික බාහිර ආයතන දොළසෙහි එය කැරකෙති යි පරිවර්තනය වෙති යි ද්වාදසාවට්ටා ප්‍රතිෂ්ටාවක් නැති යන අර්ථයෙන් පාතාලො (ආගාධය) යි කියනු ලැබේ. එය ඒකමූල…… පාතාලය (අගාධය) අතරි එය තරණය කළේ ය. එතෙර වූයේ ය යන අර්ථ යි.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙර යම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
[මෙහි අනොමනාමං සියලු ගුණයන්ගෙන් සමන්නාගත වූ බැවින් අවෙකල්ල (අවිකල) නම් ඇති, පිරිපුන් නම් ඇති යන අර්ථ යි. නිපුණත්‍ථදස්සිං භාග්‍යවතුන් වහන්සේ ඉතා සියුම් වූ ස්කන්ධ ආදිය දකිති යි ‘නිපුණත්‍ථදස්සිං’ (සියුම් අරුත් දන්නා) පඤ්ඤාදදං ප්‍රඥාව ලබා ගැනීම් වස් ප්‍රතිපදාව පැවසීම් වශයෙන් ප්‍රඥාව දෙන කාමාලයෙ අසත්තං පඤ්චකාම ගුණ තෘෂ්ණාවෙහි නො ඇළුණු කම්මානං භාග්‍යවතුන් වහන්සේ මහ බෝ මැඩ දී ම ආර්යමාර්ගයෙන් වැඩි සේක. දැන් නො යන සේක, අතීතය ගෙන මෙහි කියන ලදි. මහෙසිං මහත් වූ ශීලස්කන්ධ ආදීන් සොයා බලන්නා වූ පර්යේෂණ කරන්නාවූ යි.]

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණ්න් විසින් කරවනලද ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිට මේ ගාථාව කීය.

[මෙහි අච්ඡරාගණසංඝුට්ඨං මේ දේව පුත්‍රයා බුදුන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි ව වත් පිළිවෙත් පුරන්නේ පස් වස් කාලයෙහි පවාරණය කොට මාතෘකා දෙකක් ප්‍රගුණ කොට ලොකු කුඩා කටයුතු හදාරා සිත් කැමති කර්මස්ථානයක් උගෙන, සරළ දිවිපෙවෙතක් ගත කරන්නේ අරණට පිවිස භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මධ්‍යම යාමයක් නිදා ගැනීම පිණිස වූ කොටසැයි අනුදන්නා ලද ද එය පැමිණි කල්හි ද, “මම ප්‍රමාදයට බිය වෙමි” යි ඇඳ ඉවත් කොට රාත්‍රියෙහිත් දවාලෙහිත් නිරාහාර ව කර්මස්ථානය ම සිත්හි යොමු කළේ ය.ඉක්බිති ඔහුගේ අභ්‍යන්තරයේ කැපුම් වේදනාවෝ ජීවිතය අවසන් කළෝ ය. හෙතෙමේ ධුරය දරමින් සිටියදී ම කාල ක්‍රියා කළේ ය. කිසියම් භික්‍ෂුවක් සක්මන් මළුවෙහි සක්මන් කරමින් හෝ හේත්තු වීමට ඇති ස්ථම්භයක් ඇසුරෙහි සිටිමින් හෝ සක්මන් මළුවෙහි කෙළවර සිවුර හිසට තබා ගෙන සිටිමින් හෝ සැතපෙමින් හෝ පිරිස මැද අලංකාර කරන ලද ධර්මාසනයෙහි සිට දහම් දෙසමින් හෝ කාලක්‍රියා කරයි ද, ඒ සියල්ල ධුරය දරමින් කාලක්‍රියා කරයි නම් වේ.
මෙසේ මොහු සක්මනෙහි (යෙදෙමින් සිටියදී) කාල ක්‍රියා කොට උපනිශ්‍රය අඩු බව නිසා ආශ්‍රව ක්ෂයට නො පැමිණ තව්තිසා භවනයෙහි මහා විමානයක නිදා සිට පිබිදෙන්නාක් මෙන් ප්‍රතිසන්ධිය ලැබී ය. එකෙණෙහි ම ඔහුට රුවන් තොරණක් බඳු ගව් තුනක් උසැති ආත්ම භාවය (ශරීරය) ඇති විය.
විමානය ඇතුළත දහසක් පමණ වූ අප්සරාවෝ ඔහු දැක “විමාන අධිපති දේවපුත්‍රයා පැමිණියේ ය. ඔහු සතුටු කරවන්නෙමු.” තූර්ය භාණ්ඩ ගෙන ඔහු වටා සිට ගත්හ.
දේව පුත්‍රයා තවමත් චුත වූ බැව් නො දනියි. පැවිදි සංඥා ඇත්තේ ම අප්සරාවන් දෙස බලා විහාර චාරිකාවකට පැමිණි කතක දැක ලජ්ජාවට පත් පංශුකුලියකු මෙන් ඉහළ තිබූ ඝන වස්ත්‍රය ඒකාංශ කරමින් අංශ කුටය (දසරුව) වසා ගෙන ඉන්ද්‍රියයන් බිමට හරවා බිම බලාගෙන ම සිටියේ ය. ඔහුගේ ශරීරයේ වෙනස් ස්වරූපය හේතුවෙන් ම ඔවුහු (ඒ අප්සරාවෝ) මේ ශ්‍රමණ දේවපුත්‍රයෙකි’යි දැන මෙසේ පැවසූහ: “ආර්යයෙනි, දේවපුත්‍රයනි, මෙය දෙව්ලොව යි. ශ්‍රමණ දහම් කරන අවස්ථාවක් මෙහි නො වේ. සම්පත් විඳින අවස්ථාවකි, මෙය” යි. හේ එසේ ම සිටියේ ය. දේවතාවියෝ තවමත් මොහු කල්පනා නො කරයි. (නො දකියි) යි තූර්ය භාණ්ඩ අතට ගත්හ. හේ එලෙසින් ම නො බලමින් සිටියේය.
එවිට මුළු සිරුර පෙනෙන කැඩපතක් ඉදිරියෙන් තැබූහ. හේ ඡායාව දැක චුත වූ බැව් දැන මා විසින් මේ ස්ථානය පතා ශ්‍රමණ දහම් නොකරන ලදි. උසස්ම අරමුණ වූ අර්හත් භාවය පතා කරන ලද්දේ යයි සම්පත්ති පිළිබඳ විපිළිසර විය (පසුතැවිලි විය). රන් පටක් ඔට්ටු අල්ලා යුද පිටියට බට මල්ලව පොර කාරයකු මුෂ්ටියක් ලැබ මෙන්, මේ ස්වර්ග සම්පත්තිය නම් සුලභ එකකි, බුදුන් වහන්සේලා පහළ වීම දුර්ලභ යයි සිතා විමානයට නො පිවිස, නො බිඳුණු ශීලයෙන් යුතු ව අප්සරා ගණයා විසින් පිරිවරන ලදු ව බුදුන් වහන්සේ අසළට පැමිණ වැඳ එකත්පස් ව සිටියේ මේ ගාථාව ප්‍රකාශ කළේ ය.
එහි අච්ඡරාගණසංඝුට්ඨං අප්සරා සමූහය විසින් ගීත වාදිත ශබ්දවලින් මැනවින් ඝෝෂා කරන ලද, පිසාචගණසෙවිතං ඒ අප්සරා සමූහයා ම පිසාච සමූහයක් කොට පවසයි. වනං නන්දන වනය ගැන කියයි. මෙතෙමේ නිෂ්කාම චිත්තය හේතු කොට ගෙන, තමාගේ ගෞරව භාවය නිසා දේව සමූහයා ‘දේවගණයා’ යි පැවසීමට නො කැමති වෙයි. ‘පිශාචගණයා’ යි පවසයි. නන්දන වනය ද “නන්‍දන” යි නො කියා ‘මොහනං’ යි පවසයි. කථං යාත්‍රා භවිස්සති කෙසේ නික්මීමක් වන්නේ ද? කෙසේ නම් එතෙර වීමක් වන්නේ ද? භාග්‍යවතුනි, මා හට අර්හත් බවට පත්වීමට හේතුවන විපස්සනාව වදාරනු මැනවි” යි කියයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ දේවපුත්‍රයා බෙහෙවින් විමසන්නේ ම ය. මේ කිමදැයි ආවර්ජනය කරන සේක් තම සසුනේ පැවිදි වූ බව දැන්, “මොහු බෙහෙවින් හටගත් වීර්යය ඇති බැවින් කාලක්‍රියා කොට දෙව් ලොව ඉපිදුනේ අද ද ඔහුගේ සක්මනෙහි ම ආත්ම භාවය නො බිඳුණු ශීලයෙන් යුක්ත ව පැමිණියේ” යි සිතූ සේක. සිත්තරෙකු ප්‍රවේශයක් නො ලත් – පළපුරුද්ද නැති ආරම්භක අන්තේවාසිකයාට බිත්ති පිරියම් කිරීම (උගන්වන්නා) සේ, බුදුවරු ද ප්‍රවේශයක් නො ලත් (පුහුණුවක් නො ලත්) ආදිකර්මිකයාට ශීලය පිරිසිදු කරව, සමාධිය වඩව, කාර්යය අවසන් කිරීමෙන් ලත් ප්‍රඥාව සෘජු කරව යි පළමු ව පූර්වභාග ප්‍රතිපදාව පවසත්. (එය) කරන්නා හට, යෙදුණු – නො කඩවා යෙදුණු – අයට අර්හත් මගට පාදක වන ඉතා සියුම් ශූන්‍යතා විපස්සනාව ම වදාරත්. මේ දේවපුත්‍රයා ද (විදර්ශනාව) කරන්නේ, නො කැඩුණු ශීලය ඇත්තේ ඔහුට එක් මගක් නොපැමිණියේ යි ශූන්‍යතා විදර්ශනාව වදාරන සේක්, ‘උජුකො නාම’ ආදිය පැවසූ සේක.
එහි උජුකො කායවංක ආදිය නො පවත්නා බව හේතු කොට ගෙන අෂ්ටාංගික මාර්ගය ‘උජුකො’ නමි. අභයා නාම සා දිසා නිර්වාණය පිළිබඳ ව (අදහස් කරමින්) පැවසූහ. එහි කිසිදු බියක් නැත. ඊට පැමිණි තැනැත්තාට බියක් නැතැයි “අභයා නාම සා දිසා” යි කියන ලදි. “රථො අකූජනො” අෂ්ටාංගික මාර්ගය ම අදහස් කරන ලදි. යථා තත්ත්වයට පත් කරන ලද රථයක් අක්‍ෂයෙහි (අලවංගුවෙහි) තෙල් නො දැමූ කල්හි හෝ බොහෝ මිනිසුන් නැග ගත් විට හෝ (කිරි කිරි ගා) හඬ නගයි. ශබ්ද නගයි. ආර්ය මාර්ගය එසේ නො වේ. එය එකවර ප්‍රාණීන් අසූහාර දහසක් නැගුනේ වුව ද හඬ නො නගයි. ශබ්ද නො කරයි. එහෙයින් “අකූජන” යි කියන ලදි. ධම්මචක්කෙහි සංයුතො කායික චෛතසික වීර්යසංඛ්‍යාත වූ ධර්මචක්‍රවලින් යුක්ත වූයේ.
හිරි මෙහි “හිරි” (ලජ්ජාව) ගැනීමෙන් ඔත්තප්පය (භය) ද ගන්නා ලද්දේ ම ය. තස්ස අපාලම්බො යම් සේ පිටත ඇති රථයෙහි එහි සිටින යෝධයන් නො වැටීම පිණිස ලීවලින් තැනූ ආලම්බනයක් (ඇන්දක් – හේත්තු වන දණ්ඩක්) වේ ද, එසේ මේ මාර්ග රථයට ද ආධ්‍යාත්මික බාහිර වශයෙන් හට ගත් හිරිඔතප් දෙක ආලම්බන – හේත්තු වන දණ්ඩ ය. සකස්ස පරිවාරණං රථයට සිංහ හම් ආදිය පරිවාර (සැරසිල්ලක්) මෙන් මේ මාර්ග රථයට ද සම්ප්‍රයුක්ත සතිය පරිවාරණය (ආවරණය) වේ. ධම්මං ලෝකෝත්තර මාර්ගය සම්මාදිට්ඨිපුරෙජවං විපස්සනා සම්මාදිට්ඨිය ‘පුරෙ ජවා අස්ස’ (පෙරටුව යයි) මුලින් යන්නා වෙති යි = සම්මාදිට්ඨි පුරෙජවං (සම්‍යක් දෘෂ්ටිය පෙරටු කොට යන) වේ. එය (කර්ම විභක්තිය) ‘සම්මාදිට්ඨිපුරෙජව’ වේ. යම් සේ රාජ පුරුෂයන් විසින් පළමු කොට ම කණ, කුදු ආදීන් ඉවත් කිරීමෙන් මාර්ගය පිරිසිදු කළ කල්හි පසු ව රජතුමා යයි ද සේ ම සම්මාදිට්ඨියෙන් අනිත්‍යාදි වශයෙන් ස්කන්ධ ආදිය පිරිසිදු කළ කල්හි පසුව සුදුසු පදනම ලත් සංසාර වට්ටය දකිමින් මාර්ග සම්‍යක් දෘෂ්ටිය උපදී. එහෙයින් කියන ලදි. ධම්මාහං සාරථිං බ්‍රෑමි සම්මාදිට්ඨි පුරෙජවං (සම්‍යක් දෘෂ්ටිය පෙරටු කොට යන (ලෝකෝත්තර) ධර්මය (එහි) රියැදුරා ය යි මම කියමි) යි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ දේශනාව නිමවා අවසානයෙහි සතර සත්‍යය දැල්වූහ. දේශනාව අවසානයෙහි දේවපුත්‍රයා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. යම් සේ බොජුන් අනුභව කරන අවස්ථාවෙහි රජතුමා තමාට අවශ්‍ය ප්‍රමාණයෙන් පිඬු ගත් කල්හි ඇකයේ සිටින පුත්‍රයා තමාගේ මුඛයට සරිලන සේ ඉන් පිඬු ගනී ද, එසේ ම භාග්‍යවතුන් වහන්සේ අර්හත් බව කුටය (මුදුන) කොට ඇති දේශනාවක් දෙසද්දී වුව ද සත්ත්වයෝ තමාගේ උපනිශ්‍රයට ගැළපෙන පරිදි සෝවාන් ඵල ආදියට පැමිණෙත්. මේ දේවතාවා ද සෝවාන් ඵලයට පත් ව භාග්‍යවතුන් වහන්සේට සුගන්ධ ආදියෙන් පූජා කොට ගියේ ය.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්නේය, එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
[ධම්මට්ඨා සීලසම්පන්නා (දහම්හි පිහිටි ශීලසම්පන්න වූ) කවරහු ‘ධම්මට්ඨ’ ද, කවරහු ‘ශීල සම්පන්න’ දැයි විමසති. භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රශ්නය ස්ථාවර වස්තු මගින් පැහැදිලි කරන සේක් ‘ආරාමරොපා’ ආදිය වදාළ සේක. එහි ආරාමරොපා පුෂ්පාරාම (මල් උයන්) ඵලාරාම (පලතුරු උයන්) රෝපණය කරන්නෝ වනරොපා ඉබේ හැදුණු, රෝපණය නො කළ වනයෙහි සීමාවක් දමා චෛත්‍ය, බෝධි, සක්මන් මළු, කුටි, ලෙන්, රාත්‍රි ස්ථාන, දිවාස්ථාන කරන්නෝ සෙවන සපයන රුක් රෝපණය කර දෙන්නෝ ද ‘වනරොපා’ ම නමි. සෙතුකාරකා විෂම ස්ථානයෙහි පාලම් තනන්නෝ, ජලයෙහි නැව් පිළියෙල කර දෙන්නෝ පපං පැන් දන්සල උදපානං යම් කිසි පොකුණු, තටාක ආදියක් (වේ ද ඒවා) උපස්සයං විසීමට නිවහනක්, “උපාසයං” යනු ද පාඨයකි.
සදා පුඤ්ඤං පවඩ්ඪති අකුසල විතර්ක මෙනෙහි කරන්නහුට හෝ නිදා සිටින කෙනෙකුට හෝ නො වැඩේ. යම් යම් විටක අනුස්මරණය කරයි ද ඒ ඒ අවස්ථාවේ දී වර්ධනය වේ. මේ අර්ථය පිණිස “සදා පුඤ්ඤං පවඩ්ඪති’ යි කියන ලදි. ධම්මට්ඨා සීලසම්පන්නා ඒ ධර්මයෙහි සිටි බැවින් ඒ ශීලයෙන් ම යුක්ත වූ බැවින් ‘ධම්මට්ඨා’ “සීලසම්පන්නා,” නැතහොත් ඒ ආකාරයේ පින් කරන්නවුන්ගේ දශ කුසල ධර්ම පිරෙයි. ඒවාහි සිටි (පිහිටි) බැවින් ‘ධම්මට්ඨා,’ ඒ ශීලයෙන් ම යුක්ත වූ බැවින් ‘සීලසම්පන්නා’ යි

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු ‘අනාථපිණ්ඩික දෙව්පුත්’ බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි අනාථපිණ්ඩික දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
[මෙහි ඉදඤ්හි තං ජෙතවනං අනාථපිණ්ඩික දේවපුත්‍රයා ජේතවනයෙහි බුද්ධාදීන්ගේත් වර්ණනාව පවසන අටියෙන් පැමිණියේ මෙසේ කී ය. ඉසිසඞ්ඝනිසෙවිතං භික්‍ෂූ සංඝයා විසින් සෙවුනා ලද;
මෙසේ ප්‍රථම ගාථාවෙන් ජේතවනය පිළිබඳ වර්ණනාව කොට දැන් ආර්ය මාර්ගය පිළිබඳ (වර්ණනාව) කරනුයේ “කම්මං විජ්ජා” ආදිය පැවසීය. එහි කම්මං මාර්ග චේතනාව, විජ්ජා මාර්ග ප්‍රඥාව, ධම්මො සමාධි පාක්ෂිත ධර්මය, සීලං ජීවිතමුත්තමං ශීලයෙහි පිහිටියහුගේ ජීවිතය උත්තම ය යි දක්වයි. නැතහොත් විජ්ජා දිට්ඨි සංකප්ප, ධම්මො වායාම, සති, සමාධි, සීලං වාචා කම්මන්ත ආජීව, ජීවිතමුත්තමං ඒ ශීලයෙහි පිහිටි ඔහුගේ ජීවිතය නම් උත්තම ය. එතෙන මච්චා සුජ්ඣන්ති මේ අෂ්ටාංගික මාර්ගයෙන් සත්ත්වයෝ විශුද්ධ වෙත්,
තස්මා යම් ලෙසකින් මාර්ගයෙන් විශුද්ධියට පත්වෙත් ද – ගෝත්‍රයෙන් ධනයෙන් නො වේ. යොනිසො විචිනෙ ධම්මං උපායෙන් සමාධි පාක්ෂික ධර්මය පරීක්‍ෂා කරයි; නැතහොත් රැස් කරයි එවං තත්ථ විසුජ්ඣති මෙසේ ඒ ආර්ය මාර්ගයෙහි පිරිසිදු වෙයි. එසේ නැතහොත් යොනිසො විචිනෙ ධම්මං උපායයෙන් පඤ්චස්කන්ධ ධර්මය පරීක්‍ෂා කරයි. එවං තත්ථ විසුජ්ඣති මෙසේ ඒ සත්‍ය සතරෙහි පිරිසිදු බව වේ.
දැන් සැරියුත් තෙරුන්ගේ ගුණ වර්ණනා කරන්නේ ‘සාරිපුත්තොව’ ආදිය වදාළ සේක. එහි සාරිපුත්තොව අවධාරණය කිරීමේ වචන යි, මේ ප්‍රඥාදියෙන් සැරියුත් හිමියෝ ම ශ්‍රේෂ්ඨය යි කියන සේක. උපසමෙන ක්ලේශයන් සංසිඳීමෙන් පාරගතො නිර්වාණයට ගිය, යමෙක් නිවනට පත්වූයේ නම් ඒ භික්ඛු (භික්ෂුව), එතාව පරමො සියා තෙරුන් වහන්සේට වඩා උත්තරීතර වූවෙකු නම් නැත්තේ ය යි කියන සේක. ඉතිරිය කී පරිදි ම ය.]

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක.එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක සිට මේ ගාථාව කීය.

[මෙහි මච්ඡරිනො මසුරු බවින් යුක්ත වූ; සමහරෙක් තමා වසන තැන (සිට) භික්ෂුවකට අත දිගු කොට නො වඳිති. වෙනත් අදහසකින් ගියේ විහාරයට ඇතුළු ව සකසා වැඳ මිහිරි පිළිසඳර කථා කරති. “ස්වාමීනි, අප වසන තැනට නො එනු මැනවි. ප්‍රදේශය සමෘද්ධිමත්. ආර්යයන් වහ්නසේලාට කැඳ බත් ආදියෙන් උපස්ථාන කිරීමට හැකි වෙමු” යි (කියති) භික්ෂුව “මේ උපාසක තෙමේ ශ්‍රද්ධා සම්පන්න ය, කැඳ බත් ආදියෙන් සංග්‍රහ කරන්නේ යයි” (සිතයි.) ඉක්බිති එක්තරා භික්ෂුවක් ඔහුගේ ගමට ගොස් පිඬු පිණිස හැසිරෙයි. ඔහු භික්ෂුව දැක අන් මගකින් හෝ යයි. ගෙට හෝ යයි. ඉදින් මුහුණට මුණ ගැසිණි නම් අතින් වැඳ ආර්යයන් වහන්සේට භික්ෂාව දෙන්න. මම වැඩකට යමි යි පිටත් ව යයි. තෙරුන් වහන්සේ මුළු ගම ම ඇවිද හිස් පාත්‍රය ඇති ව පිටත් ව යයි. මෙය දායකයෙකු නො වී දායකයකු මෙන් පෙන්වන තෙක් වූ මෘදු (බරපතළ නො වූ) මසුරු බව නමි. මෙහි වනාහි දළ මසුරු බව අදහස් කෙරේ. ඉන් යුක්ත වූ පුද්ගලයා පිඬු පිණිස භික්ෂූන් වහන්සේලා පැමිණි කල්හි “භික්ෂූන් වහන්සේලා සිටිති (ඉන්නවා)” යි කී කල, “කිම? මගේ පා රිදවනවා’ යි ආදිය පවසා ගල් කණුවක් ලෙස කී කොටයක් ලෙස ස්තබ්ධ ව (තද ලෙස) සිටියි. සාමීචි මාත්‍රයක් හෝ නො කරයි. කදරියා මෙය “මච්ඡරිනො” යන පදයට සමානාර්ථවාචී ය. මෘදු මසුරු කමක් ‘මසුරුකමක්’ ම යයි කියනු ලැබේ. තද (මසුරු කම) ‘කදරිය’ නමි. පරිභාසකා ගෙයි දොරකඩ භික්ෂූන් සිටිනු දැක “කිම ඔබ වහන්සේලා වපුරලා ද ආවේ? වපුරා කපා අපි වත් නො ලබමු. ඔබ වහන්සේලාට කොයින්ද? වහා පිටවන්න” ආදි වශයෙන් තර්ජනය කරන්නෝ ය. අන්තරායකරා දායකයාට ස්වර්ග (ලාභයට) අන්තරාය, පිළිගන්නා අය හට ලැබීම (නොමැති වීමේ) අන්තරාය, තමාට උපද්‍රව යි මේ අන්තරාය කරන්නෝ;
සම්පරායො පරලොව රතී පඤ්චකාම ගුණයෙහි ඇලීම, ඛිඩ්ඩා කායික ක්‍රීඩා ආදී ක්‍රීඩා; දිට්ඨෙව ධම්මෙ ස විපාකො ඒ උපන් ස්ථානයෙහි ඇස් ඉදිරිපිට දී ම මේ විපාක වේ. සම්පරායෙ ච දුග්ගති යනු “යමලොකං ච උප්පජ්ජරෙ යි කී කල පරලොව ද දුගතිය යි.
වදඤ්ඤූ භික්‍ෂූහුගේ දොරකඩ සිටියාහු කිසියම් තුෂ්ණීම් භාවයකින් (කථා නො කර) සිටිති. (එහි) තේරුම නම්, “භික්ෂාව දෙනු මැනවි’යි කියත්. එහි යම් කෙනෙක් “අපි උයමු. මේ අය නො උයති. උයමින් සිටින කල්හි ළඟට පැමිණ නො ලබන්නාහු කොහෙන් ලබත් දැයි දිය යුතු දේ බෙදා දෙති. ඒ අය ‘වදඤ්ඤූ’ (දන් දෙන සුලු) නමි. පකාසෙන්ති විමාන ප්‍රභාවෙන් බබළත්. පරසම්භතෙසු අනුන් විසින් රැස් කරන ලද, සම්පරායො ච සුග්ගති මේ ස්වර්ගය යි මෙසේ කියන ලද පරලොව ද සුගතිය යි, ඒ දෙක්හිම හෝ, ඉන් චුතව යළි පරලොව ද දුගති සුගති ම වන්නේ ය.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු ඝටීකාර බ්‍රහ්මතෙම බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඝටීකාර බ්‍රහ්මකෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
(ඝටීකාර බ්‍රහ්මයා මෙසේ කීය.)
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
(ඝටීකාර බ්‍රහ්මයා මෙසේ කීය.)
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
(ඝටීකාර බ්‍රහ්මතෙම මෙසේ කීය.)
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
(මෙසේ භාවනායෙන් වැඩූ සිතැති, අන්තිම සිරුරු දරන, පැරැණි යහළුවන් දෙදෙනාගේ මේ සංගමය විය.”
[මෙහි උපපන්නා සෙ උත්පත්ති වශයෙන් පැමිණි, විමුත්තා අවිහ ආදි බ්‍රහ්ම ලෝකයෙහි උත්පත්තියට අනතුරු ව ම අර්හත් ඵල විමුක්තියෙන් විමුක්තියට පත්, මානුසං දෙහං මෙහි පඤ්ච ඕරම්භාගිය සංයෝජන ම කියන ලදි. දිබ්බං යොගං පඤ්ච උද්ධම්භාගිය සංයොජන, උපච්චගුං ඉක්මවා ගියහ (තරණය කළහ), උපකො ආදිය ඒ තෙරවරුන්ගේ නම් ය. කුසලී භාසසි තෙසං කුසලය යන මෙය මොහුට ඇතැයි ‘කුසලී’ ඒ තෙරවරුන්ට ඔබ කුසලයක් නිවැරදි දෙයක් පවසහි. ගුණ වර්ණනා කරහි, ප්‍රශංසා කරන්නෙහි, දේව පුත්‍රයා පණ්ඩිතයෙකි යි කියයි. තං තෙ ධම්මං ඉධඤ්ඤාය ඒ තෙරවරු ඒ දහම මෙහි – ඔබ වහන්සේලාගේ සසුනෙහි – දැන, ගම්භීරං ගැඹුරු අර්ථ බ්‍රහ්මචාරී නිරාමිසො නිරාමිස බ්‍රහ්මචාරී නම් වූ; අනාගාමි විය යනු අරුත යි. අහුවා විය. සගාමෙය්‍ය එක් ගමක වසන. අවසාන ගාථාව සංගීති කාරකයන් විසින් යොදන ලදි.
By පුජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ කල සුත්‍ර විවරණය