Sign up to save your podcasts
Or

SN 01-02-02-01. චන්‍දිමස සූත්‍රය
SN 01-02-02-02. වෙණ්හු සූත්‍රය
SN 01-02-02-03. දීගලට්ඨි සූත්‍රය
SN 01-02-02-04. නන්දන සුත්තං
SN 01-02-02-05. චන්‍දන සූත්‍රය
SN 01-02-02-06. සුදත්ත සූත්‍රය
SN 01-02-02-07. සුබ්‍රහ්ම සූත්‍රය
SN 01-02-02-08. කකුධ සූත්‍රය
SN 01-02-02-09. උත්තර සූත්‍රය
SN 01-02-02-10. අනාථපිණ්ඩික සුත්‍රය
SN 01-02-02-01. චන්‍දිමස සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි චන්‍දිම දේවපුත්‍රයා රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තාහු සියලු ජේතවනය සිය දේහ ප්‍රභාවෙන් බබුළුවමින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එක්පසෙක සිටි ඒ චන්‍දිම දේවපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීයේය:
(එවිට භාග්‍යවතුන් වහන්සේ
මෙසේ වදාළ සේක.)
[කච්ඡෙ ව කිස්සෙහි* මෙන්, කිස්ස – කඳුවල “කිස්ස” හා ගංගා “කිස්ස” ද වේ. එකොදි නිපකා ඒකාග්‍රතාවයට පත් සිතින් හා ප්‍රඥා නිපුණත්වයෙන් යුක්ත වූ; සතා සිහි ඇති; කියන ලද්දේ මෙය යි: යම් කෙනෙක් ධ්‍යාන ලැබ එකඟ වූ සිතින් යුතු ව, ප්‍රඥානිපුණත්වය ඇති ව හා සිහියෙන් යුතු ව වසන්නේ ද ඔවුහු (අමකසෙ = අ+මකසෙ) මදුරුවන් නැති කඳු කිස්සක හෝ නදීකිස්සක හෝ මුවන් මෙන් සුවයට යන්නෝ ද පාරං නිවනට; අම්බුජො මත්ස්‍යයා, රණඤ්ජහා කෙළෙස් දුරලන, යම් කෙනෙක් දැහැන් ලැබ අප්‍රමාදී වූවෝ කෙළෙස් දුර ලත් ද ඔවුහු නූල් දැල බිඳ (යන) මත්ස්‍යයන් මෙන් නිවනට යන්නාහු ය යි කියන ලදි.]
SN 01-02-02-02. වෙණ්හු සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු වෙණ්හු දේවපුත්‍රයා බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිට මේ ගාථාව කීය.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
[ වෙණ්හු ඒ දේව පුත්‍රයාගේ නම යි.
පයිරු පාසියා ආශ්‍රයට; අනුසික්‍ඛරෙ හික්මෙත්;
සත්‍ථිපදෙ අනුශාසන පදයෙහි;
කාලෙ තෙ අප්පමජ්ජන්තා සුදුසු කල්හි ඔවුහු අප්‍රමාද ව කරන්නාහු.
SN 01-02-02-03. දීගලට්ඨි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එසමයෙහි දීඝලට්ඨි නම් දිව්‍යපුත්‍රයා රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර පැහැ ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි දීඝලට්ඨි දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ ට ගාථායෙන් මෙසේ කීය:
[ – දීඝලට්ඨි දෙව්ලොව සියල්ලෝ සම ප්‍රමාණ ව ගවු තුනක්ම උස් වුවෝ වෙත්, මනුෂ්‍ය ලෝකයෙහි ඔහුගේ දිගු සිරුර හේතුවෙන් මෙ බඳු නමක් විය, හේ පින් කර දෙව් ලොව උපන්නේ වුව ද ඒ නමින්ම හැඳින්විණි.]
SN 01-02-02-04. නන්දන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එසමයෙහි නන්‍දන නම් දිව්‍යපුත්‍රයා රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත . පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක සිට ගාථායෙන් (මෙසේ)කීය:
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
[ගොතම භාග්‍යවතුන් වහන්සේයැයි ගෝත්‍රයෙන් ආමන්ත්‍රණය කරයි. අනාවටං තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥානය විහිදුවද්දී ගසකට හෝ පර්වතයකට හෝ ආවරණය කරලීමට (වළකා ලීමට) සමතෙක් නම් නැත. ධර්ම නැති නිසා යේ කිසි කොටසක් සඟවා නැත. වසා නැති හෙයින් ‘අනාවටං’ යි කීය. මෙසේ තථාගතයන් වහන්සේට ස්තුති කොට දෙව්ලොව දී සකසන ලද ප්‍රශ්නය විමසන්නේ ‘කථං විධං’ ආදිය කීය. එහි දුක්‍ඛමතිච්ච ඉරීයති දුක ඉක්මවා වාසය කරයි. සීලවා ලෞකික ලෝකෝත්තර ශීලයෙන් යුක්ත ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ; ප්‍රඥා ආදිය ද මිශ්‍රක යයි දත යුතු; පූජයන්ති සුවඳ මල් ආදියෙන් පූජා කරත්.]
SN 01-02-02-05. චන්‍දන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එසමයෙහි චන්‍දන නම් දිව්‍යපුත්‍රයා රෑ පෙරයම ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක සිට භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
[අප්පතිට්ඨෙ අනාලම්බෙ පහතින් ප්‍රතිෂ්ටාවක් (පදනමක්, පිහිටක්) නැති; ඉහළ එල්ලීමක් නැති, සුසමාහිතො අර්පණාවෙන් හා උපචාරයෙනුත් මැනවින් සමාධිගත වූ පහිතත්තො යැවූ (මෙහෙය වූ) සිත් ඇත්තේ. නන්‍දිරාග පරික්‍ඛීණො ප්‍රහීණ කළ නන්දිරාග ඇත්තේ, ‘නන්‍දිරාග’ නම් කර්මාභිසංස්කාර තුනය.]
මෙසේ මේ ගාථාවෙන් කාම සංඥා ගැනීමෙන් පඤ්ච ඕරම්භාගිය සංයෝජනත්, රූප සංයෝජන ගැනීමෙන් පඤ්ච උද්ධම්භාගිය සංයෝජනත් නන්‍දිරාගයෙන් කර්මාභිසංස්කාර තුනත් ගන්නා ලදි. මෙසේ යමෙකුගේ දස සංයෝජනත් කර්මාභිසංස්කාර තුනත් ප්‍රහීණ වී ද සො ගම්භීරෙ (හේ ගැඹුරු) මහා සැඬ පහරෙහි නසීදති (නො ගිලෙයි). කාම සංඥාවෙන් කාම භවය හෝ රූපසංයෝජනයෙන් රූපභවය හෝ ගන්නා ලදි. ඒවා ගැනීමෙන් අරූප භවය ගන්නා ලද්දේම ය. නන්දිරාගයෙන් කර්මාභිසංස්කාර තුන ගන්නා ලදැයි මෙසේ යමෙකුට භවත්‍රයෙහි සංස්කාර තුන නොමැත්තේද හේ සැඬ පහරෙහි නො ගිලෙතියි පෙන්වයි. ]
SN 01-02-02-06. සුදත්ත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි සුදත්ත නම් දිව්‍යපුත්‍රයා රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිට ගාථායෙන් මෙසේ කීය:
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
SN 01-02-02-07. සුබ්‍රහ්ම සූත්‍රය
පුජ්‍ය තලාවේ සුමනරතන හිමිකල සුත්‍ර විවරණය
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි සුබ්‍රහ්ම නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය.
එක් පසෙක සිටි සුබ්‍රහ්ම දෙව්පුත්රයා භාග්‍යවතුන් වහන්සේට ගාථායෙකින් මෙසේ කීය:
භාග්‍යවතුන් වහන්සේ ගාථායෙකින්ම මෙසේ කීය:
සත් වැන්නේ – සුබ්‍රහ්මා ඒ දේවපුත්‍රයා අප්සරාවන් දහසකින් පිරිවරන ලද්දේ නදුනුයනේ ක්‍රීඩා පිණිස ගොස් පරසතු රුක මුල පනවන ලද අසුනේ හිඳ ගත්තේ ය. පන්සියයක් දෙව්දූවරු ඔහු පිරිවරා සිටියාහු ය. පන්සියයක් රුකට නැඟී සිටියාහු ය.
දේවතාවන්ගේ සිත් (කැමති) පරිදි යොදුන් සියයක් වුව ද වෘක්ෂය නැමී අතට එන්නේ නම් කුමන කරුණක් නිසා ඔවුහු ගසට නැග්ගෝ ද? ක්‍රීඩාවෙහි යෙදුණු නිසා ය. නැග මධුර ස්වරයෙන් ගය ගයා මුල් පහත හෙලත් ඒවා ගෙන අන්‍යයෝ ‘එකතො වණ්ටිකමාලා’ (එක පැත්තට නැටි සිටින සේ ගෙතු මල් මාලා) ආදී වශයෙන් ගොතත්.
ඉක්බිති ගසට නැග්ගාහු උපච්ඡේදක කර්ම වශයෙන් එක් වන ම කාල ක්‍රියා කොට අවීචියෙහි උපන්නාහු මහ දුක් අනුභව කරති.
ක්බිති කාලය ගත වත් ම දේවපුත්‍රයා මේ අයගේ ශබ්දයකුත් නෑසේ. මල් වැටෙන්නේ ද නැත. කොහි ගියාහු දැයි ආවර්ජනය කරන්නේ නිරයෙහි උපන් බව දැක, ප්‍රියවස්තුක ශෝකයෙන් ඉද්දෙන්නේ (පෙළෙන්නේ) (මෙසේ) සිතී ය. “ඔවුහු යථාකර්ම වශයෙන් ගියහ. මගේ ආයු සංස්කාරය කොපමණ කලකින් ද?” හේ “සත් වැනි දවසෙහි මා ද අවශේෂ පන්සියයක් දෙනා සමඟ කාලක්‍රියා කොට එහි ම ඉපදිය යුතු වන්නේ යයි” දැක අධිකතර ශෝකයෙන් පෙළුනේ ය. හේ මාගේ මේ ශෝකය නිවීමට සදෙව් ලොව තථාගතයන් වහන්සේ හැර වෙනත් සමර්ථ වවෙක් නම් නැතැයි සිතා ශාස්තෲන් වහන්සේගේ සමීපයට ගොස් නිච්චං උත්‍රසතං යන ගාථාව පැවසී.
එහි ඉදං තමාගේ සිත දක්වයි. දෙවන පදය මුල් පදයට ම සමානාර්ථවාචී ය. නිච්චං පදයෙහි ‘දෙව් ලොව උපන් කාලයේ පටන්’ යයි අර්ථය නො ගත යුත්තේ ය. “නිච්චං” යන්න ශෝකය උපන් කාලයේ පටන් යි දත යුතු ය. අනුප්පන්නෙසු කිච්ඡෙසු (නූපන් දුක ගැන) මෙයින් සත් දිනක් අවසානයේ යම් දුකක් උපදී ද, ඒවා කෙරෙහි; අථො උප්පතිතෙසු ච භාග්‍යවතුන් වහන්ස, නිරයෙහි උපන් පන්සියයක් අප්සරාවන්ගේ යම් (දුක් රැසක්) දක්නා ලද ද ඒවා පිළිබඳ වත් මෙසේ උපන් නූපන් දුක් පිළිබඳවත් නිරන්තරයෙන් තැති ගත් මගේ සිත අභ්‍යන්තරයෙහි දැවෙන්නාක් මෙන් වෙමි යි දක්වයි.
නාඤ්ඤත්‍ර බොජ්ඣඞ්ගා තපසා බොජ්ඣංග භාවනාව හා තපෝගුණය ද වෙනතක මුදා (අත හැර) සුවයක් නො දක්නෙමි යන අර්ථ යි. සබ්බනිස්සග්ගා නිර්වාණයෙන්: මෙහි බොජ්ඣංග භාවනාව ප්‍රථමයෙන් ගන්නා ලද්දේ හා ඉන්ද්‍රිය සංවරය පසු ව (ගන්නා ලද්දේ) වුව ද, අර්ථ වශයෙන් ඉන්ද්‍රිය සංවරය ම පළමු ව දත යුත්තේ ය. ඉන්ද්‍රිය සංවරය ගත් කල්හි ම චතුපාරිශුද්ධි ශීලය ගන්නා ලද්දේ වෙයි. එම පිහිටි භික්ෂුව ඇසුරක් නොමැත්තේ ධුතංග සංඛ්‍යාත තපෝ ගුණය සමාදන් ව අරණට පිවිස කමටහන් වඩන්නේ විපස්සනාව සමග බොජ්ඣංග වඩයි. ඔහුගේ ආර්ය මාර්ගය යම් නිවනක් අරමුණු කොට උපදී ද එය ‘සබ්බනිස්සග්ගො’ යි භාග්‍යවතුන් වහන්සේ සත්‍ය සතර වශයෙන් දේශනාව අවසන් කළ සේක.
දේවපුත්‍රයා දේශනාව අවසානයේ සෝවාන් ඵලයෙහි පිහිටියේ ය.
SN 01-02-02-08. කකුධ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර සමීපයෙහි අඳුන්වන නම් මුවවනයෙහි වැඩවෙසන සේක. එකල්හි වනාහි කකුධ නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන්නාවූ ශරීර පැහැ ඇත්තේ සියලු අඳුන්වන බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එක්පසෙක සිටි කකුධ දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේගෙන් “ශුමණය, සතුටුවෙහිදැ?” යි ඇසීය.
“ඇවැත්නි, කුමක් ලැබීමෙන්දැ?”යි (භාග්‍යවත්හු ඇසූහ.)
“එසේනම් ශ්‍රමණය, ශෝක කෙරෙහිදැ?”යි (දෙව්පුත් ඇසීය.)
“ඇවැත්නි, ශෝකවන්නට කුමක් දිරාගියේදැ?”යි (භාග්‍යවත්හු ඇසූහ.)
“එසේනම් ශ්‍රමණය, සතුටුත් නොවෙහිද? ශෝකිත් නොවෙහිදැ?”යි (දෙව්පුත් ඇසී.)
“ඇවැත්නි, එසේය” යි (භාගයවතුන් වහන්සේ වදාළහ.)
“මහණ, කිම, ඔබ නිදුක්ද? කිම, ඇල්මෙක් නොවේද?
කිම, හුදෙකලාව ඉන්නා ඔබ කලකිරීමට නොපැමිනේද?”
(දෙව්පුත් ඇසීය.)
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“යක්‍ෂය, මම ඒකාන්‍තයෙන් නිදුක්වෙමි.
එසේම ඇල්මෙක්ද මට නැත. එතෙකුදු වුව කලකිරීමද මා නොමැඩලයි.”
“මහණ, ඔබ කෙසේ නම් නිදුක්වහුද?
ඇල්ම කෙසේ නම් නැත්තෝද?
කලකිරුම හුදෙකලාවූ ඔබ කෙසේ නම් නොමැඩලාද?”
(දෙව්පුත් ඇසීය.)
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“සසර දුකෙහි පිහිටියා හට තණ්හාව ඒකාන්‍තයෙන් වෙයි.
උපන් තණ්හා ඇත්තහුට ඒකාන්‍තයෙන් දුක් ඇතිවෙයි.
මම්වූ කලී තණ්හා නැති, එහෙයිම දුක්ද නැති භික්‍ෂුවක් වෙමි.
ඇවැත්නි මෙය මෙසේ දැනගන්න.”
“පව් දුරලූ, පිරිනිවනින් නිවුණු, තණ්හාව නැති, දුක් නැති,
ලොල් ඇල්ම ඉක්මවූ, භික්‍ෂුවරයකු බොහෝ කලකින් දුටිමි” යි
දෙව්පුත් කීය.
[කකුධො දෙවපුත්තො මොහු වූ කලී කෝළ නගරයේ මහා මුගලන් තෙරුන් වහන්සේගේ උපස්ථායකයාගේ පුත්‍රයා වූයේ, තරුණ කල්හිා ම තෙරුන් සමීපයෙහි වසමින් දැහැන් උපදවා කාල ක්‍රියා කොට බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේ ය. එහි ද ඔහු කකුධ බ්‍රහ්ම නමින්ම හඳුනති. නන්‍දසි සතුටු වන්නෙහි ද? කිං ලද්ධා තුෂ්ටිය නම් මනාප වූ කිසිවක් ලැබ ඇති වේ. එහෙයින් මෙසේ කී ය. කිං ජියිත්‍ථ (දිරා ගියේ ද) මනාප වූ සිවුරු ආදි කිසිවක් දිරා ගියේ වේ ද හේ ශෝක කරයි. එහෙයින් එසේ කී ය. අරති නාභිකීරති උකටලී බව මැඩ පවත්වනුයේ නැද්ද? අඝජාතස්ස දුක හටගත්තහුට, සසර දුකෙහි සිටියහුට යන අර්ථය යි. නන්‍දිජාතස්ස හටගත් තණ්හාව ඇතියහුට, අඝං මේ ආකාරවූවන්ට සසර දුක පැමිණියේ ම වේ. “දුක්‍ඛී සුඛං පත්‍ථයති” (දුකට පත්වූයේ සුවය පතයි) යි කියන ලදි. මෙසේ දුක හටගන්නහුට නන්‍දි (තෘෂ්ණාව) වේ. විපරිණාමයෙන් දුක පැමිණියේ ම යි තෘෂ්ණාව හටගන්නහුට දුක වේ.]
SN 01-02-02-09. උත්තර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි උත්තර නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්මගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය. එක් පසෙක සිටි උත්තර දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
SN 01-02-02-10. අනාථපිණ්ඩික සූත්‍රය
අතිපුජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාමින්වහන්සේ කල දේශනාව
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු අනේපිඬු දෙව්පුත් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි අනේපිඬු දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.
අනේපිඬු දෙව්පුත් තෙම මෙසේ කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහිම නොපෙනී ගියේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූසේක.
“මහණෙනි, මේ රෑ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් රැය බොහෝ ගතවූ පසු බබළන ශරීර පුභා ඇත්තේ මුළු ජේතවනය බබුළුවා මා වෙත පැමිණියේය. පැමිණ, මා වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටියේම ඔහු මා සමීපයෙහි,
“ඎෂි සමූහයා විසින් නිතර සේවනය කරනලද ධර්‍ම රාජයන් වහන්සේ විසින් විසුම්ගත් මේ ජේතවනය මට ප්‍රීති උපදවන්නේය.
“කර්‍මයද, ප්‍රඥාවද, සමාධියද, උතුම්වූ සිල්වත් ජීවිතයද යන මෙයින් සත්ත්‍වයෝ ශුද්‍ධ වෙති. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ ශුද්‍ධවීමෙක් නැත.
“එබැවින් නුවණැති, තමාගේ දියුණුව දක්නා පුරුෂයා ධර්‍මය නුවණින් විමසා බැලියයුතු. මෙසේ එහිලා ඔහු පිරිසිදුවේ.
“ප්‍රඥායෙනුත්, ශීලයෙනුත්, කෙලෙස් සංසිඳුවීමෙනුත්, සැරියුත් තෙරණුවෝම ශ්‍රාවකයන් අතුරෙහි වැඩිහිටියෝය. පරතෙර පත් (නිවන් ලත්) භික්‍ෂුන් අතුරෙන් මේ සැරියුත් තෙරුන් වහන්සේම උතුම්යයි කීය.
මහණෙනි,
ඒ දෙව්පුත් මෙසේ කියා මා වැඳ පැදකුණු කොට එහිම නොපෙනී ගියේය.”
මෙසේ වදාළවිට ආයුෂ්මත් ආනත්‍ද ස්ථවිරයන් මෙසේ කීය
“ස්වාමීණි, ඒකාන්කයෙන් ඔහු අනේපිඬු දෙව්පුකු විය යුතුය.
අනේපිඬු ගෘහපති තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පැහැදුණෙක් විය, එබැවිනි” යි කීයේය.
“ආනන්‍දය, මැනවි, මැනවි.
ඔබගේ බුද්ධිය ශේස්ටය ඔබ සිතු ලෙසම. ආනන්‍දය, ඒ ආවේ දෙව්පුත් අනාථපිණ්ඩිකමය” යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
– අනඳ තෙරුන්ගේ අනුමාන බුද්ධියේ ආනුභාවය ප්‍රකාශ කිරීම් වස් අඤ්ඤතරො යි කී ය
By SN 01-02-02-01. චන්‍දිමස සූත්‍රය