SINHALA TIPITAKA

SN 01-02-03


Listen Later

SN 01-02-03-01. සිව සූතුය
SN 01-02-03-02. ඛෙම සූත්‍රය
SN 01-02-03-03. සේරී සූත්‍රය
SN 01-02-03-04. ඝටීකාර සූත්‍රය
SN 01-02-03-05. ජන්තු සූත්‍රය
SN 01-02-03-06. රොහිතසස සූත්‍රය
SN 01-02-03-07. නන්‍ද සූත්‍රය
SN 01-02-03-08. නන්‍දිවිසාල සූත්‍රය
SN 01-02-03-09. සුසිම සූත්‍රය
SN 01-02-03-10. නානාතිර්‍ථය සූත්‍රය

SN 01-02-03-01. සිව සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු සිව දිව්‍යපුත්‍රයා බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ සිව දේවපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.

‘‘සබ්භිරෙව සමාසෙථ,
සබ්භි කුබ්බෙථ සන්ථවං;
සතං සද්ධම්මමඤ්ඤාය,
සෙය්‍යො හොති න පාපියො.“සත්පුරුෂයන් සමගම විසිය යුතුයි.
සත්පුරුෂයන් හාම මිතුරුකම් කළ යුතුයි.
සත්පුරුෂයන්ගේ ධර්‍මය දැන එය පිළිපදින්නා
හට අභිවෘද්ධිය වෙයි. කිසිදු අවැඩක් නොවෙයි.‘‘සබ්භිරෙව සමාසෙථ,
සබ්භි කුබ්බෙථ සන්ථවං;
සතං සද්ධම්මමඤ්ඤාය,
පඤ්ඤා ලබ්භති නාඤ්ඤතො.“සත්පුරුෂයන් සමගම විසිය යුතුයි.
සත්සුරුෂයන් සමග මිතුරුකම් කළ යුතුයි.
සත්පුරුෂයන්ගේ ධර්‍මය දැන් පිළිපදින්නහුට ප්‍රඥාව ලැබේ.
අන් කෙනෙකුන්ගෙන් ප්‍රඥාව නොලැබේ.‘‘සබ්භිරෙව සමාසෙථ,
සබ්භි කුබ්බෙථ සන්ථවං;
සතං සද්ධම්මමඤ්ඤාය,
සොකමජ්ඣෙ න සොචති.“සත්පුරුෂයන් සමගම විසිය යුතුයි.
සත්සුරුෂයන් සමගම මිතුරුකම් කළ යුතුයි.
සත්පුරුෂයන්ගේ සද්‍ධර්‍මය දැන පිළිපදනේ
ශෝක වස්තු මැද ශෝක නොකෙරේ.‘‘සබ්භිරෙව සමාසෙථ,
සබ්භි කුබ්බෙථ සන්ථවං;
සතං සද්ධම්මමඤ්ඤාය,
ඤාතිමජ්ඣෙ විරොචති.“සත්සුරුෂයන් සමගම මිතුරුකම් කළ යුතුයි.
සත්පුරුෂයන්ගේ ද්‍ධර්‍මය දැන පිළිපදින්නේ
නෑයන් මැද බබළයි.‘‘සබ්භිරෙව සමාසෙථ,
සබ්භි කුබ්බෙථ සන්ථවං;
සතං සද්ධම්මමඤ්ඤාය,
සත්තා ගච්ඡන්ති සුග්ගතිං.“සත්පුරුෂයන් සමගම විසිය යුතුයි.
සත්පුරුෂයන් හාම මිතුරුකම් කළ යුතුයි.
සත්පුරුෂයන්ගේ ධර්‍මය දැන සත්ත්‍වයෝ ස්වර්‍ගයට යෙත්.සබ්භිරෙව සමාසෙථ,
සබ්භි කුබ්බෙථ සන්ථවං;
සතං සද්ධම්මමඤ්ඤාය,
සත්තා තිට්ඨන්ති සාතත’’න්ති.“සත්පුරුෂයන් සමගම විසිය යුතුයි.
සත්පුරුෂයන් හාම මිතුරුකම් කළ යුතුයි.
සත්පුරුෂයන්ගේ ධර්‍මය දැන පිළිපැදී
මෙන් සත්ත්‍වයෝ බොහෝ කල් සුවසේ සිටිත්. “

භාග්‍යවතුන් වහන්සේ
සිව දිව්‍යපුත්‍රයාට මෙසේ වදාළ සේක:

‘‘සබ්භිරෙව සමාසෙථ,
සබ්භි කුබ්බෙථ සන්ථවං;
සතං සද්ධම්මමඤ්ඤාය,
සබ්බදුක්ඛා පමුච්චතී’’ති.“සත්පුරුෂයන් සමගම විසිය යුතුයි.
සත්පුරුෂයන් හාම මිතුරුකම් කළ යුතුයි.
සත්පුරුෂයන්ගේ සදහම් දැන
පිළිපදනේ සියලු දුකින් මිදේ. “
SN 01-02-03-02. ඛෙම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු ඛෙම දෙව්පුත් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය.
එක් පසෙක සිටි ඛෙම දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය.

‘‘චරන්ති බාලා දුම්මෙධා,
අමිත්තෙනෙව අත්තනා;
කරොන්තා පාපකං කම්මං,
යං හොති කටුකප්ඵලං.“යම් කර්‍මයෙක් නපුරු විපාක ඇත්තේද
අනුවණ බාලයෝ එසේවූ පව්කම් කරන්නාහු
තමන්ට සතුරකු වැනි ආත්මභාවයෙන් යුතුව හැසිරෙත්.‘‘න තං කම්මං කතං සාධු,
යං කත්වා අනුතප්පති;
යස්ස අස්සුමුඛො රොදං,
විපාකං පටිසෙවති.යම්ක් කොට සිහි වූ විට පසුතැවේ ද,
කල කර්‍මයක විපාක නිසා හඬන්නට වේද,
එබඳු දේ කිරීම නො මැනැවි.‘‘තඤ්ච කම්මං කතං සාධු,
යං කත්වා නානුතප්පති;
යස්ස පතීතො සුමනො,
විපාකං පටිසෙවති.
“යම්ක් කොට නො තැවේ ද,
කල දේ සිහිවෙත්ම ප්‍රිතියෙන් සිත පිරේද,
සොඳුරු සිතැති ව පින අනුභව කෙරේ ද,
එබඳු කුශල කර්‍ම කිරීම මැනැවි.‘‘පටිකච්චෙව තං කයිරා,
යං ජඤ්ඤා හිතමත්තනො;
න සාකටිකචින්තාය,
මන්තා ධීරො පරක්කමෙ.“කල දේ ගැන සිතා පසු තැවෙන්නේ නැතිද,
කල දේ නිසා සිත සතුටින් පිණා යත්ද,
යමෙක විපාක ලෙස සතුටු සැප විඳීද,
එසේවූ කුසල් කිරීම යහපති.යථා සාකටිකො මට්ඨං පසත්ථ ,
සමං හිත්වා මහාපථං;
විසමං මග්ගමාරුය්හ,
අක්ඛච්ඡින්නොව ඣායති.“යමක් තමහට වැඩ සැලසෙතැයි දන්නේද,
එය පළමුවෙන්ම කළයුතු.
ඥානවන්තයා ගැල් පදවන්නා
මෙන් නොදැඟලිය යුතු.‘‘එවං ධම්මා අපක්කම්ම,
අධම්මමනුවත්තිය;
මන්දො මච්චුමුඛං පත්තො,
අක්ඛච්ඡින්නොව ඣායතී’’ති.“ගැල් පදවන්නා සම මාර්‍ගයවූ මහා මාර්‍ගය හැර
විෂම මගට නැගගොස් කැඩුණු කඩඇණය ඇතියේ
යම්සේ සිතිවිලි සිතාද, එපරිද්දෙන් අඥානතෙම
දහමින් වෙන්ව අදහම් අනුව ගොස්,
මරුමුවට පැමිණියේ කඩඇණය
සුන් ගැල්කරු සේ සිතිවිලි සිතයි.
‘‘සබ්භිරෙව සමාසෙථ,
සබ්භි කුබ්බෙථ සන්ථවං;
සතං සද්ධම්මමඤ්ඤාය,
සබ්බදුක්ඛා පමුච්චතී’’ති.““යම් කර්‍මයෙක් නපුරු විපාක ඇත්තේද අනුවණ බාලයෝ එසේවූ පව්කම් කරන්නාහු තමන්ට සතුරකු වැනි ආත්මභාවයෙන් යුතුව හැසිරෙත්.“
SN 01-02-03-03. සේරී සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු සේරී නම් දිව්‍යපුත්‍රයා බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය.
එක් පසෙක සිටි සේරී දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය.

‘‘අන්නමෙවාභිනන්දන්ති , උභයෙ දෙවමානුසා;
අථ කො නාම සො යක්ඛො, යං අන්නං නාභිනන්දතී’’ති. “දෙවි, මිනිස් දෙකොටසම
ඒකාන්තයෙන් ආහාර කැමතිවෙත්.
එසේ කල්හි ආහාර කැමති නොවනුයේ කුමන යකෙක්ද?‘‘යෙ නං දදන්ති සද්ධාය, විප්පසන්නෙන චෙතසා;
තමෙව අන්නං භජති, අස්මිං ලොකෙ පරම්හි ච.
‘‘තස්මා විනෙය්‍ය මච්ඡෙරං, දජ්ජා දානං මලාභිභූ;
පුඤ්ඤානි පරලොකස්මිං, පතිට්ඨා හොන්ති පාණින’’න්ති.“යම් කෙනෙක් ශ්‍රද්‍ධාවෙන් හොඳින්,
පැහැදුන සිතින් ආහාර දෙද්ද,
ඒ ආහාරයේ විපාකය මෙලොවදීත් පරලොවදීත්
එය දුන් දායකයන් කරාම පැමිණේ.
එබැවින් මසුරු මල දුර ලියයුතු.
පරලොවදී සත්ත්‍වයාට පිහිට නම් පින්ය.”

”ස්වාමීනි, පෙර වූවක් කියමි.
මම පෙර භවයක, බොහෝ සේ දන් දෙන , දානපතිවූ, දීමෙහි ගුණ කියන, සේරී නම් රජෙක් වීමි. ස්වාමීනි, මගේ නුවර සතර දොරෙහි මහණ, බමුණු, දුගී, මගී, පුලන්නන්, යාචක පිණිස න්රතුරු දන් දෙනු ලැබීය. ස්වාමීනි, ඉක්බිති ස්ත්‍රී නිවාසයෙහි වසන ස්ත්‍රීහු මා කරා පැමිණ ‘දේවයන් වහන්සේගේ දානය නම් දෙනු ලැබේ. අපගේ දානයෙක් නොදෙනු ලැබේ. අපිත් දේවයන්වහන්සේ නිසා දන් දෙන්නට ලබන්නමෝ නම්, පින් කරන්නට ලබන්නමෝ නම්, ඒ යහපතැ’ යි කීහුය.

ස්වාමීනි, ඒ (ඇසූ) මට මේ සිත විය.: ‘මම දායකයෙක්මි. දානපති වෙමි. දීමෙහි ගුණ කියන්නෙමි, දන් දෙන්නෙමුයි නියන්නවුන්ට කුමක් නම් කියම්ද? ස්වාමීනි, ඒ මම (නුවර) පළමු දොර ස්ත්‍රී නිවාසයෙහි ස්ත්‍රීන්ට පැවරීමි. ස්ත්‍රී නිවාසයෙහි ස්ත්‍රීන්ගේ දානය දෙන ලද්දේය. මගේ දානය නැවතිණ.

ඉක්බිති, ස්වාමීනි, සේවක ක්‍ෂත්‍රියයෝ මා වෙත පැමිණ, ‘දේවයන් වහන්සේගේ දානය නම් දෙනු ලැබේ. ස්ත්‍රී නිවාසයේ ස්ත්‍රීන්ගේද දන් දෙනු ලැබේ. අපගේ වූකලී දානයෙක් නොදෙනු ලැබේ. අපිත් දේවයන්වහන්සේ ඇසුරුකොට දන් දිය හැකි වන්නමෝ නම් පින් කළ හැකි වන්නමෝ නම් යහපතැ’ යි මෙබස් කීහ.

“ස්වාමීනි, ඒ ඇසූ මට මේ සිත විය: ‘මම් වූකලී දායකයෙක්මි. දානපතියෙමි. දීමෙහි ගුණ සුල්ලෙමි, දන් දෙන්නෙමුයි කියන්නවුන්ට කෙසේ නම් කියන්නෙම්ද?’ ස්වාමීනි, ඒ මම් වනාහි දෙවෙනි දොර සේවක ක්‍ෂත්‍රියයන්ට දිනිමි. (එවිට) සේවක ක්‍ෂත්‍රියයන්ගේ දානය දෙන ලදී. මගේ දානය නැවතිණ.

“ස්වාමීනි, ඉක්බිති, බල සෙනග මා වෙත පැමිණ, ‘දේවයන් වහන්සේගේ දානය නම් දෙවේ. ස්ත්‍රී නිවාස ස්ත්‍රීන්ගෙත් දානය දෙනු ලැබේ. අපේ දානයක් නොදෙනු ලැබේ. අපිත් දේවයන්වහන්සේ නිසා දන්දෙනු හැකි වන්නමෝ නම් පින් කළ හැකි වන්නමෝ නම් යහපතැ’ යි මෙබස් කීහ.

“ස්වාමීනි, ඒ මට මෙසේ සිත් විය: ‘මම් වූකලී දායකද, දානපතිද, දීමෙහි ගුණ කියන්නෙක්ද වෙමි. දන් දෙන්නෙමුයි කියන කල්හි කුමක් නම් කියන්නෙම්ද?’ ස්වාමීනි, ඒ මම තෙවෙනි දොර බල සෙනගට දිනිමි. එහි බල සෙනගගේ දානය දෙන ලදී. මගේ දන නැවතිණ.

“ස්වාමීනි, එයින් පසු බමුණෝත්, ගෘහපතියෝත් මා වෙත පැමිණ, ‘දේවයන් වහන්සේගේ නම් දන දෙනු ලැබේ. ස්ත්‍රී නිවාස ස්ත්‍රීන්ගේත් දන දෙනු ලැබේ. සේවක ක්‍ෂත්‍රියයන්ගේත් දනද දෙනු ලැබේ. බල සෙනගගේත් දන දෙනු ලැබේ. අපේ දනෙක් නොදෙනු ලැබේ. යහපත, අපිත් දේවයන්වහන්සේ නිසා දන් දෙනු හැකි වන්නමෝ නම් පින් කළ හැකි වන්නමෝ නම් යහපතැ’ යි මෙබස් කීහ.

“ස්වාමීනි, ඒ මට මෙසේ සිත විය: ‘මම් වූකලී දායකද, දානපතිද, දීමෙහි ගුණ කියන්නෙක්ද වෙමි. ඒ මම් ‘දන් දෙන්නෙමු’ යි කියන්නවුන්ට කුමක් නම් කියන්නෙම්ද?’ ස්වාමීනි, ඒ මම සතරවෙනි දොර බමුනන්ටත්, ගෘහපතීන්ටත් දිනිමි. එහි බමුණන්ගේත් ගැහැවැයන්ගෙත් දන දෙන ලදී. මගේ දන නැවතිණ.

“ස්වාමීනි, ඉක්බිති (මගේ) රාජ පුරුෂයෝ මා වෙත පැමිණ, ‘දැන් වනාහි දේවයන් වහන්සේගේ දනෙක් කිසිම තැනෙකත් නොදෙනු ලැබේ’ යයි කීහ.

“මෙසේ කියනු ලැබූ මම ‘ස්වාමීනි, ඒ රාජපුරුෂයින්ට මෙසේ කීවෙමි. ‘එසේ නම් බැහැර දනව්වල යම් ආදායමෙක් උපදීද, එයින් හරි අඩක් ඇතුළු නුවරට ඇතුල්කරව්. අඩකින් එහිම මහණ, බමුණු, දුගී, මගී, යදියනට දන්දෙවු’ යයි කීමි.

“ස්වාමීනි, ඒ මම පින් මෙතෙකැයි කියා හෝ, පින්පල මෙතෙකැයි කියා හෝ, ස්වර්‍ගයෙහි මෙතෙක් කල් සිටිය යුතුයයි කියා හෝ, මෙසේ දික් කලක් කළ පින්වල, මෙසේ දික් කලක් කළ කුසල්වල කෙළවරකට නොපැමිණෙමි.

“ස්වාමීනි, පුදුමයි, ‘ඉතා පුදුමයි.’ හොඳින් පැහැදුන ශ්‍රද්‍ධා සිතින් ආහාර දෙද්ද, එහි විපාක මෙලොවදීත් පරලොවදීත් එය දුන් දායකයන් කරාම පැමිණේ.

‘එබැවින් මසුරුමල දුරලන්නේය. (දුරලිය යුතුය,) මසුරුමල දුරුකළ කෙනෙක්ව දන් දිය යුතුය. පරලොවදී සත්ත්‍වයාට පිහිටවනුයේ පින්ය.’

“යමක් කිරීමෙන් පසුතැවේද, කඳුළු පෙරෙන මුහුණ ඇතිව යම් කර්‍මයෙක නපුරු විපාකය විඳීද, එසේවූ පාප කර්‍මය නොකිරීම යහපති.

“යමක් කිරීමෙන් එය කළ තැතැත්තේ නොපසුතැවේද, පිණා ගියෙක්ව, සතුට ඇතිව යමෙක විපාක සැපය විඳීද, එසේවූ කුසල් කිරීම යහපති.

“යමක් තමහට වැඩ සලසතැයි දන්නේද, එය පළමුවෙන්ම කළයුතු. ඥානවන්තයා ගැල් පදවන්නා මෙන් නොදැඟලිය යුතු.

“ගැල් පදවන්නා සම මාර්‍ගයවූ මහා මාර්‍ගය හැර විෂම මගට නැගගොස් කැඩුණු කඩඇණය ඇතියේ යම්සේ සිතිවිලි සිතාද, එපරිද්දෙන් අඥානතෙම දහමින් වෙන්ව අදහම් අනුව ගොස්, මරුමුවට පැමිණියේ කඩඇණය සුන් ගැල්කරු සේ සිතිවිලි සිතයි.”

[දායකො – දෙන සුලු (පරිත්‍යාගශීලි), දානපති නම් දානයක් දෙම් ද එහි නායකයා වී දෙමි, දාසයෙකු නො වී සහායකයෙකු නො වී (දෙමි); යමෙක් තමා මිහිරි වූ දෙයක් බුදියි ද අනුනට අමිහිරි දෙයක් දෙයි ද හේ දාන සංඛ්‍යාත වූ දෙය්‍ය ධර්මයේ දාසයකු වී දෙයි. යමෙක් තමා යමක් බුදියි ද එය ම දෙයි ද හේ සහායක වී දෙයි. යමෙක් තමා විසින් ඒ මේ දෙයින් යැපෙයි ද අනුනට මිහිරි දේ දෙයි ද, හේ ස්වාමියා – ජ්‍යෙෂ්ඨයා – වී දෙයි. මම එවැන්නෙකු වීමි යි පවසයි.

චතුසු ද්වාරෙසු ඒ රජුට සින්ධව රට, සෝධික රට යි රටවල් දෙකක් විය. නගරය රෞරව නමි. ඔහුට එක් එක් දොරක දිනපතා දසදහසක් උපදියි. ඇතුළු නුවර විනිශ්චය ස්ථානයෙහි සිය දහසකි (ලක්ෂයකි); හේ රාශීභුත වුණු බොහෝ රන් රුවන් දැක කම්මස්සකතඤාණය උපදවා දොරටු සතරෙහි දාන ශාලා කරවා ඒ ඒ දොරටුවෙහි ලත් ආදායමෙන් දන් දෙවයි ඇමතිවරුන් තැබවී ය. එහෙයින් කී ය: චතුසු ද්වාරෙසු දානං දීයත්‍ථ (සිවු දොරටුවෙහි දානය දෙනු ලැබී ය) යි.
සමණබ්‍රාහ්මණකපණද්ධික වණිබ්බකයාචකානං එහි සමණා පැවිද්දට පැමිණියාහු, බ්‍රාහ්මණා – භෝවාදීහු, පාප සංසිඳ වූ – පාපය බැහැර කළ – ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඔහු නො ලද්දේ ය. කපණා දුගීහු, දිළිඳු මිනිස්සු, කණ කුදු ආදීහු, අද්ධිකා මගීහු, වණිබ්බකා යම් කෙනෙක් “දුන් දේ ඉෂ්ට ය, කාන්තය, මනාප ය, සුදුසු කල්හි නිවැරදි ලෙස දෙන දේ දෙමින් භවත්නි සිත පහදවා ගනිත්වා බ්‍රහ්ම ලෝකයට යෙත්වා ආදි ලෙස දානයේ උසස් බව ප්‍රශංසා කරමින් ඇවිදිත් ද (ඔවුහු ය.) යාචකා යම් කෙනෙක් “පතක් පමණ වත් දෙන්න,” “සරාවක් (කෝප්පයක්) පමණ වත් දෙන්න” ආදිය කියා යදිමින් හැසිරෙත් ද? (ඔවුහු ය). ඉත්‍ථාගාරස්ස දානං දීයිත්‍ථ පළමු දොරටුවට ලද බැවින් එහි ඉපයූ ලක්ෂයකට අනිකුත් ධනය ද දමා රජුගේ ඇමතිවරුන් ඉවත් කොට රාජ ස්ත්‍රීහු තමන්ගේ ඇමතිවරුන් තබවා රජු විසින් දෙන ලද දානයට වඩා ඉමහත් වූ දන් දුන්හ. ඒ ගැන මෙසේ පැවසී ය. මම දානං පටික්කමි මගේ යම් දානයක් දෙන ලද ද එය නැවැතිණි. අනෙකුත් දොරටු සම්බන්ධයෙන් ද න්‍යාය ම ය. කොචි කිසි තැනෙක, දීඝරත්තං වර්ෂ අසූදහසක්, එපමණ කාලයක් ඒ රජුගේ දානය දෙන ලදි.]

SN 01-02-03-04. ඝටීකාර සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ඝටීකාර දිව්‍යපුත්‍රයා රෑ පෙරයම ගෙවුනු පසු බබළන ශරීර ප්‍රභාවෙන් මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ හුන් තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ ඝටීකාර දේවපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය.

‘අවිහං උපපන්නාසෙ,
විමුත්තා සත්ත භික්ඛවො;
රාගදොසපරික්ඛීණා,
තිණ්ණා ලොකෙ විසත්තික’’න්ති.“ස්වාමීනි, භික්‍ෂූන් සත් නමක් අවිහ බඹලොව ගියහ.
කෙලෙස් නසා , රාග දෝෂයන් නැසුවෝ,
ලොව ඇල්ම තර්ණය කළහ.”‘‘කෙ ච තෙ අතරුං පඞ්කං,
මච්චුධෙය්‍යං සුදුත්තරං;
කෙ හිත්වා මානුසං දෙහං,
දිබ්බයොගං උපච්චගු’’න්ති.(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“කෙලෙස් මඩ ඇති, තරණයට දුෂ්කරවූ,
සංසාරවර්‍තය ඒ කවර කෙනෙක් නම් තරණය කළෝද?
කවුරුනම් මිනිස් කය හැර දිව්‍යයෝගය ඉක්මවාලූවෝද?”‘‘උපකො පලගණ්ඩො  ච,
පුක්කුසාති ච තෙ තයො;
භද්දියො ඛණ්ඩදෙවො ච,
බාහුරග්ගි ච සඞ්ගියො;
තෙ හිත්වා මානුසං දෙහං,
දිබ්බයොගං උපච්චගු’’න්ති(ඝටීකාර බ්‍රහ්මයා මෙසේ කීය.)
“උපක ද, පලගණ්ඩ ද, පුක්කුසාති ද යන
මොවුන් තුන් දෙනාත්, භද්දිය ද, ඛන්ඩදේව ද,
බාහුරග්ගි ද, පිඞ්ගිය ද යන මොවුන්
මනුෂ්‍ය දේහය හැර, දිව්‍යයෝගය ඉක්මවූහ.”‘‘කුසලී භාසසී තෙසං,
මාරපාසප්පහායිනං;
කස්ස තෙ ධම්මමඤ්ඤාය,
අච්ඡිදුං භවබන්ධන’’න්ති.(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“මරහුගේ මළපුඩුව දුරලූ ඔවුන්ගේ ගුණ ඔබ කීයෙහිය.
ඔවුහු කාගේ ධර්‍මයක් දැනගෙන සසර බැම්ම සිඳලූහුද?”‘‘න අඤ්ඤත්‍ර භගවතා,
නාඤ්ඤත්‍ර තව සාසනා;
යස්ස තෙ ධම්මමඤ්ඤාය,
අච්ඡිදුං භවබන්ධනං.“ඔවුහු යමෙකුගේ ධර්‍මය දැන සසර බැම්ම සින්දෝ නම්,
ඒ භාග්‍යවතුන්ගේ මිස අනෙකෙකුගේ නොවේ.
ඔබගේ ශාසනය මිස අනෙකක් නොවේ.‘‘යත්ථ නාමඤ්ච රූපඤ්ච,
අසෙසං උපරුජ්ඣති;
තං තෙ ධම්මං ඉධඤ්ඤාය,
අච්ඡිදුං භවබන්ධන’’න්ති.යම් තැනෙක්හි සියලු නාමයත්,
සියලු රූපයත් නිරුද්‍ධවේද,
ඒ (නිර්‍වාණ) ධර්‍මය ඔවුහු මේ සස්නෙහි දැන
සසර බැම්ම සින්දහ” යයි ඝටීකාර බ්‍රහ්මයා කීය.‘‘ගම්භීරං භාසසී වාචං,
දුබ්බිජානං සුදුබ්බුධං;
කස්ස ත්වං ධම්මමඤ්ඤාය,
වාචං භාසසි ඊදිස’’න්ති.(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“දුකසේ දතයුතු අර්‍ථ ඇති,
දුකසේ අවබෝධ කටයුතු අර්‍ථ ඇති,
ගැඹුරු වචනයක් කීයෙහි,
ඔබ කාගේ ධර්‍මයක් දැනගෙන මෙබඳු වචනයක් කීයෙහිද?”‘‘කුම්භකාරො පුරෙ ආසිං,
වෙකළිඞ්ගෙ ඝටීකරො;
මාතාපෙත්තිභරො ආසිං,
කස්සපස්ස උපාසකො.(ඝටීකාර බ්‍රහ්මයා මෙසේ කීය.)
“මම පෙර වේහලිඞ්ග ගම වළන් සාදන
(ඝටීකාර නම්) කුඹලෙක් වීමි.
මවු පියන් රැක බලා ගන්නා මම
කාශ්‍යප ශාස්තෘාන් වහන්සේගේ උපාසකයෙක් වීමි.‘‘විරතො මෙථුනා ධම්මා,
බ්‍රහ්මචාරී නිරාමිසො;
අහුවා තෙ සගාමෙය්‍යො,
අහුවා තෙ පුරෙ සඛා.“මෛථුන සේවනයෙන් වැළකුණෙක් වීමි.
නිරාමිෂ බ්‍රහ්මචාරී (හෙවත් අනාගාමී) වීමි.
ඔබ හා එකම ගම වසන්නෙක් විමි.
ඒ පෙර ආත්මබවයේ ඔබගේ යහළුවා වීමි.‘‘සොහමෙතෙ පජානාමි,
විමුත්තෙ සත්ත භික්ඛවො;
රාගදොසපරික්ඛීණෙ,
තිණ්ණෙ ලොකෙ විසත්තික’’න්ති.මම රාග, ද්වේෂ, මෝහ ක්‍ෂය කළ
ලොව තණ්හාව ඉක්මවූ,
කෙලෙසුන්ගෙන් මිදුණු
මේ භික්‍ෂූන් සත් දෙනම දනිමි.‘‘එවමෙතං තදා ආසි,
යථා භාසසි භග්ගව;
කුම්භකාරො පුරෙ ආසි,
වෙකළිඞ්ගෙ ඝටීකරො.(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“කුම්භකාරය, ඔබ යම්සේ කීයෙහිද, එසේම එය විය
පෙර ඔබ වේහලිඞ්ග ගම ඝටීකාර නම් කුඹලෙක් වූයෙහි.
මවු පියන් රක්නෙක් වූයෙහි.
කාශ්‍යප ශ්‍රාවකවූ උපාසක වූයෙහි.‘‘මාතාපෙත්තිභරො ආසි,
කස්සපස්ස උපාසකො;
විරතො මෙථුනා ධම්මා,
බ්‍රහ්මචාරී නිරාමිසො;
අහුවා මෙ සගාමෙය්‍යො,
අහුවා මෙ පුරෙ සඛා’’ති.“මෛථුන සේවනයෙන් වැළකුණු,
නිරාමිෂ බ්‍රහ්මචාරී වූයෙහි.
මගේ ගමෙහි වැසියෙක් වූයෙහි.
පෙර මගේ මිත්‍රයා වූයෙහි.‘‘එවමෙතං පුරාණානං,
සහායානං අහු සඞ්ගමො;
උභින්නං භාවිතත්තානං,
සරීරන්තිමධාරින’’න්ති.
(මෙසේ භාවනාවෙන් වැඩූ සිතැති,
අන්තිම සිරුරු දරන යහළුවන්
දෙදෙනාගේ මේ සංගමය විය.)

[මනෝරථ පුරණිය:-
 කොසලෙසු විහරන්ති භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් කමටහන් ගෙන එහි ගොස් වෙසෙත්. උද්ධතා කැප නො වූ දේ ගැන කැප ය යන සංඥාවෙනුත්, කැප වූ දේ ගැන අකැපය යන සංඥාවෙනුත්, නිවැරදි දේ ගැන වැරදි ය යන සංඥාවෙනුත්, වැරදි දේ ගැන නිවැරදි ය යන සංඥාවෙනුත් උඩඟු ස්වභාව ඇත්තන් වී, උන්නලා උග්ගතනලා (උද්ගත) උඩට නැගුණු බට ඇත්තාහු; ‘නැගී සිටි හිස් මානය ඇති’ යි කියන ලද්දේ වේ. චපලා පාත්‍ර චීනර සැරසීම ආදියෙන් චපල බවින් යුක්ත වූ, මුඛරා මුඛ ඛරා රළු වචනය ඇත්තේ යි කී සැටි යි. විකිණ්ණවාචා සංයත නො වූ වචන ඇත්තාහු, දවසෙහි ම නිරර්ථක වචන කථා කරන්නාහු, මුට්ඨස්සතිනො නැසුණු සිහිය ඇත්තාහු, සිහිය රහිත වූවාහු, මෙහි කරන ලද්ද එහි අමතක වෙයි. අසම්පජානො නුවණ නැති, අසමාහිතා අර්පණා උපචාර සමාධි රහිත වූවෝ, සැඩ දිය පහරෙහි අසු වුණු නැව් හා සමාන වූ, විබ්භන්තචිත්තා එක් අරමුණක නො පිහිටි සිත් ඇත්තාහු, මඟට වන් ව්‍යාඝ්‍ර ආදී සිවු පාවුන් හා සම වූ, පාකතින්‍ද්‍රියා සංවර නො වූ බැවින් ගිහි කල්හි මෙන් විවෘත වූ ඉන්‍ද්‍රිය ඇත්තාහු,
ජන්තු එනම් ඇති දේව පුත්‍රයා, තදහුපොසථෙ තස්මිං අහු උපොසථෙ – උපෝසථ දිනයෙහි යන අර්ථ යි. පණ්ණරසෙ තුදුස්වකට ප්‍රතිපක්‍ෂ වූ දින; උපසංකමි චෝදනා කිරීම පිණිස පැමිණියේ ය. හේ (මෙසේ) සිතී ය: මේ භික්ෂූහු ශාස්තෲන් සමීපයෙහි කමටහන් ගෙන නික්මුණෝ ය. දැන් ප්‍රමාදී ව වසත්, ඔවුන් වෙන් වෙන් ව (තනි තනි ව) සිටින කල්හි චෝදනා කරනු ලබන්නාහු උපදෙස් නො පිළිගන්නාහු ය. රැස්වන අවස්ථාවේ චෝදනා කරන්නෙමැයි පෙහෙවස් දිනයේ ඔවුන් රැස් වූ බව දැන පැමිණියේ ය. ගාථාහි අජ්ඣභාසි සියලු දෙනා මැද සිට ගාථා පැවසී ය.
එහි යම් හෙයකින් ගුණකථාව සමග නිරූපණයාගේ අගුණ ප්‍රකට වේ ද එ ලෙසින් ගුණ පළමුව පවසන්නේ ‘සුඛජීවිනො පුරෙ ආසුං’ ආදිය පැවසී ය. එහි සුඛජීවිනො පුරෙ ආසුං පූර්වයෙහි භික්ෂූහු මැනවින් පෝෂණය කිරීමට, පහසුවෙන් නඩත්තු කිරීමට හැකි වූවෝ ය. උස්පහත් කුලවලට ගෙපිළිවෙලින් පැමිණ ලත් මිශ්‍ර වූ ආහාරයෙන් යැපුනාහ යන අදහසින් මෙසේ කී ය. අනිච්ඡා තෘෂ්ණාවෙන් තොර වී,
මෙසේ පුරාණ භික්ෂූන්ගේ ගුණ වර්ණනා කර දැන් ඔවුන්ගේ නුගුණ පවසන්නේ, අප්පොසං ආදිය පැවසී ය. එහි ගාමෙ ගාමණිකා විය ගමෙහි (නින්දිත) ගම් දෙටුවෝ නානා ප්‍රකාර ලෙස මහජනයා පීඩාවට පත් කරවමින් කිරි, දී කිරි, සහල් ආදිය ගෙන්වා ගෙන අනුභව කරති. එසේ ඔබලාත් අනේසනයෙහි (භික්ෂූන් හට නොගැලපෙන ප්‍රත්‍ය සෙවීම්හි) යෙදී සිටිමින් ඔබලාගේ ජීවිකාව කරගෙන යන්නාහු ය යන අදහසින් කියයි. නිපජ්ජති උද්දෙස – පරිපුච්ඡා – මනසිකාරවලින් අර්ථයක් නැති අය වී ඇඳෙහි අත් පා විහිදා හොවිති. පරාගාරෙසු – අන් ගෙවල; පවුලේ ලේලි ආදීන් අතර යන අර්ථ යි. මුච්ඡිතා ක්ලේශ මූර්ඡාවෙන් මුසපත් වූවාහු,
එකච්චෙ කිව යුත්ත කීමෙන් ම; අපවිද්ධා (සසුනෙන්) බැහැර කළ, අනාථා පිහිටක් නැති, පෙතා සොහොනෙහි දැමූ; කාලක්‍රියා කළ මනුෂ්‍යයෝ; යම් සේ සොහොනෙහි දමන ලද්දාහු නොයෙක් පක්ෂි ආදීන් විසින් කා දමනු ලබත් ද, නෑයෝත් ඔවුනට පිහිට වීමට කටයුතු නො කරත් ද, නො රකිත් ද, ආරක්‍ෂාව නො සපයත් ද, එසේ ම මේ ආකාර වූවෝ ආචාර්ය උපාධ්‍යාය ආදීන්ගේ සමීපයෙහි අවවාද අනුශාසනා නො ලබති යි හැර දමන ලද්දෝ, අනාථ වූවෝ, මළගියවුන් යම් සේ ද එලෙස ම වෙත්.

SN 01-02-03-05. ජන්තු සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක කොසොල් රට හිමවත් පෙදෙස ආරණ්‍ය කුටියෙක බොහෝ භික්‍ෂූහු උඩඟුව, ඔසවාගත් මානනළ ඇතිව, චපලව, පාත්‍ර සිවුරු සැරසීමෙහි යෙදුණෝව, මුඛරිව, කටට ආ ආවක් දොඩනසුලුව, මුළාවූ සිහි ඇතිව, ප්‍රඥායෙන් වෙන්ව, නොඑකඟ සිතැතිව, වෙසෙති.

එකල්හි වනාහි ජන්තු නම් දෙව්පුත් ඒ පසළොස්වක් පොහෝදා ඒ භික්‍ෂූන් කරා පැමිණියේය. පැමිණ, ඒ භික්‍ෂූන්ට ගාථාවලින් මෙසේ කීය:

‘‘සුඛ ජීවිනො පුරෙ ආසුං,
භික්ඛූ ගොතමසාවකා;
අනිච්ඡා පිණ්ඩමෙසනා ,
අනිච්ඡා සයනාසනං;
ලොකෙ අනිච්චතං දිස්වා,
දුක්ඛස්සන්තං අකංසු තෙ.“පෙරැ ගෞතම ශ්‍රාවකවූ භික්‍ෂූහු
තණ්හාව නැතිව පිඬු සොයන්නාහු,
තණ්හාව නැතිව සෙනසුන් සොයන්නාහු,
සුවසේ දිවි පවත්වන්නෝ වූහ.
ලොව අනිත්‍යතාව දැන ඔවුහු දුක් කෙළවර කළහ.‘‘දුප්පොසං කත්වා අත්තානං,
ගාමෙ ගාමණිකා විය;
භුත්වා භුත්වා නිපජ්ජන්ති,
පරාගාරෙසු මුච්ඡිතා.“එහෙත් දැන් ඇතැම් භික්‍ෂූහු තමන් දායකයන් විසින්
ලෙහෙසියෙන් පෝෂිත කළ නොහැක්කවුන් කොටගෙන
ගමෙහි ගම් දෙටුවන් සේ අන් ගෙවල්හි කකා මුළාව නිදත්.‘‘සඞ්ඝස්ස අඤ්ජලිං කත්වා,
ඉධෙකච්චෙ වදාමහං ;
අපවිද්ධා අනාථා තෙ,
යථා පෙතා තථෙව තෙ.“සංඝයාට ඇඳිලිකොට (වැඳ) කියමි.
මෙහි ඇතැම් පැවිදි කෙනෙක් ඈතට
තුමූම නෙරපුණේ (එහෙයින්) අනාථවූයේ,
සොහොනෙහි දමා ගිය මළසිරුරු බඳු වෙත්.‘‘යෙ ඛො පමත්තා විහරන්ති,
තෙ මෙ සන්ධාය භාසිතං;
යෙ අප්පමත්තා විහරන්ති,
නමො තෙසං කරොමහ’’න්ති.“යම් කෙනෙක් වනාහි පමාව වෙසෙත්ද,
ඔවුන් සඳහා මෙය මා විසින් කියන ලදී.
යම් කෙනෙක් නොපමාව වෙසෙත්ද,
ඔවුන් හැමට මම නමස්කාර කෙරෙමි.”

SN 01-02-03-06. රොහිතසස සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් නරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු රොහිතස්ස දෙව්පුත් තෙම බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි රොහිතස්ස දෙව්පුත්තෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මෙසේ කීය.

“ස්වාමීනි, යම් තැනෙක නොඋපදීනම්, මහළු නොවේ නම්, චුත නොවේ නම්, නැවත නොඋපදී නම් එසේ වූ ඒ ලෝක කෙලවර දැනගන්නට හෝ දැකගන්නට හෝ එහි යා ගන්නට හෝ හැකිද?”

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“ඇවැත්නි, යම් තැනෙක්හි ඉපැද්මෙක් නැද්ද, ජරාවෙක් නැද්ද, මරණයෙක් නැද්ද, චුතවීමක් නැද්ද, මැරී නැවත ඉපදීමෙක් නැද්ද, ඒ ලෝකාන්තය ගමනෙකින් දත හැක්කැයි, දැක්ක හැක්කැයි, එහි යාගත හැක්කැයි මම නොකියමි.”

“ස්වාමීනි, ‘යමෙක්හි ඉපදීමෙක්, ජරායෙක්, මරණයෙක්, චුතවීමෙක්, නැවත ඉපදීමෙක් නැත්නම් එය ගමනින් දත හැක්කැයි නොකියමි’ යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් කොතරම් හොඳින් වදාරණ ලදද? ස්වාමීනි, ආශ්චර්‍ය්‍යයි.’ ස්වාමීනි, පුදුමයි.’

“ස්වාමීනි, පෙර මම් ඎද්‍ධිමත්, අහසින් යත හැකි, භෝජපුත්‍රවූ රෝහිතස්ස නම් ඎෂියෙක් වීමි. දුනු ශිල්පය උගත්, විදීමෙහි මනා පුරුදුබව ඇති, අන් දුනුවායන් හා කළ ද්වන්ද්ව යුද්ධ ඇති, රාජාදීන් හමුයෙහි දැක්වූ ශිල්ප ඇති, මහත්ම දුන්නක් අත ගත් දුනුවායෙක් හෑල්ලු ඊයෙකින් ගැහැටක් නැතිවම යම්සේ තල්ගසෙක සෙවනැල්ල ඉක්මවාලිය හැකි වන්නේද, එබඳුවූ ගමන් වේගයක් මට විය.

“පෙරදිග මුහුදින් අවරදිග මුහුද යම් පමණ දුරද, ඒ මගේ එපමණ දුරින් පිය ඔසවා තැබීමෙක් විය. ඒ මට ලොව කෙලවරට ගමනින් පැමිණෙන්නෙමියි” ආශාවෙක් විය.

“ස්වාමීනි, ඒ මම මෙබඳු ජවයෙන්ද, මෙබඳු පිය ඉක්මවා තැබීමෙන්ද, සමන්විත වූයෙම්, කන බොන වේලාවල් හැර, මල මූත්‍ර පහ කරන වේලාවල් හැර නිදාගන්නා විඩා දුරුකරනා වේලාවල් හැර, අවුරුදු සියයක් ආයු ඇත්තෙම්, අවුරුදු සියක් ජීවත් වන්නෙම්, අවුරුදු සියක්ම ඎද්‍ධිමය ගමනින් ගොස් ද ලොව කෙළවරට නොපැමිණ අතර (මග)දීම මැරුණෙමි.

“පුදුමයි. ‘ස්වාමීනි, ඉතා පුදුමයි.’ ස්වාමීනි, ‘යමෙක ජාතියෙක්, ජරාවෙක්, මරණයෙක්, චුතවීමෙක්, මැරී නැවත ඉපදීමෙක් නැත්නම් ඒ ලෝක කෙළවර, ගමනින් දතහැක්කැයි, දැක්ක හැක්කැයි, පැමිණිය හැක්කැයි නොකියමි.’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළා කොතරම් සරිද?”

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “එතෙකුදු වුවත් ඇවැත්නි, ලොවේ කෙලවරට නොපැමිණ, දුක් කෙළවර කිරීමක් මම නොකියමි. තවද ඇවැත්නි සංඥා සහිතවූ, සිත සහිතවූ, බඹයක් තරම්වූ මේ ආත්ම භාවයෙහිම, ලෝකයත්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධගාමී ප්‍රතිපත්තියත් පණවමි.”

“ලොව කෙළවරට ගමනෙකින් කිසි කලෙකත් පැමිණිය නොහැක්ක, ලොව කෙළවරට නොපැමිණත් දුකින් මිදීමෙක් නැත.

“එබැවින් ලොව දන්නා, මනා නුවණැති, (සංස්කාර) ලෝකයේ කෙළවරට ගිය, වැස නිමවූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාව ඇති, කෙලෙසුන් සංසිඳුවාලූ (රහත්) පුද්ගලතෙමේ (සංස්කාර) ලෝකයේ කෙළවර දැන, මෙලොවද, පරලොවක්ද, නොපතයි.”

SN 01-02-03-07 නන්ද සුත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු නන්‍ද දෙව්පුත් තෙම බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

‘‘අච්චෙන්ති කාලා තරයන්ති රත්තියො,
වයොගුණා අනුපුබ්බං ජහන්ති;
එතං භයං මරණෙ පෙක්ඛමානො,
පුඤ්ඤානි කයිරාථ සුඛාවහානී’’ති.“කාලයෝ ඉක්මයෙත්. රාත්‍රීහු මරණයට පමුණුවත්.
වයස් රාශීහු පිළිවෙළින් හැර යෙත්.
මේ භය මරණ ලා දක්නේ
සැප ගෙන දෙන පින් කරන්නේය.”

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)

‘‘අච්චෙන්ති කාලා තරයන්ති රත්තියො,
වයොගුණා අනුපුබ්බං ජහන්ති;
එතං භයං මරණෙ පෙක්ඛමානො,
ලොකාමිසං පජහෙ සන්තිපෙක්ඛො’’ති.“කාලයෝ ඉක්මෙත්.
රාත්‍රීහු මරණයට පමුණුවත්.
වයස් රාශීහු පිළිවෙළින් හැර යෙත්.
මේ මරණ භය සලකන්නේ
පරම ශාන්තිය පතා ලෞකික ආශාව දුරලන්නේය
SN 01-02-03-08. නන්‍දිවිසාල සූත්‍රය

.මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් නරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු නන්‍දිවිසාල දෙව්පුත් තෙම බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ නන්‍දිවිසාල දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

‘‘චතුචක්කං නවද්වාරං,
පුණ්ණං ලොභෙන සංයුතං;
පඞ්කජාතං මහාවීර,
කථං යාත්‍රා භවිස්සතී’’ති.‘රෝද සතරක් ඇති, දොර නවයක් ඇති,
අසූචියෙන් පිරුණු ලෝභයෙන් යුක්තවූ,
මඩෙන් උපන් ශරීර යානයාගේ මිදී යෑම
කෙසේ වන්නේද?’

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)

‘‘ඡෙත්වා නද්ධිං වරත්තඤ්ච,
ඉච්ඡාලොභඤ්ච පාපකං;
සමූලං තණ්හමබ්බුය්හ,
එවං යාත්‍රා භවිස්සතී’’ති.“බද්‍ධ වෛර නමැති ලනුවද,
(සෙසු කෙලෙස් නමැති) වරපටද,
නොලත් දෙයෙහි ආශාවද,
ලත් දැයෙහි ආශාවද, සිඳ දමා (අවිද්‍යා නමැති)
මුල සහිත තණ්හාව උදුරා දැමීමෙන්
මෙසේ ශරීර යානයාගේ මිදී යෑම වන්නේය.”
SN 01-02-03-09. සුසිම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

ඉක්බිත්තෙන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ.

පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක ඉඳගත්තේය. එක් පසෙක උන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “ආනන්‍දය, ශාරීපුත්‍ර තෙම තොපටත් රුස්නේද?”

“ස්වාමීනි, බාල නොවූ, දුෂ්ට නොවූ, මූඪ නොවූ, නොපෙරැළුණු සිතැති කාහට නම් ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ නොරුස්නෝද? ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ පණ්ඩිතයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ මහා ප්‍රාඥයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ විශාල (පළල්) ප්‍රාඥයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ බහුල ප්‍රඥාවෙන් යුක්තයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ ජවන (වේලාවන්) පුඥාවෙන් යුක්තයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ තීක්‍ෂන ප්‍රාඥයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ නිර්වේධ (සංස්කාරයන්හි කළකිරීම් බහුලවූ) ප්‍රඥාවෙන් යුක්තයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ (ත්‍රිවිධ) විවේකයෙන් තනිවූහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ කුලයන් හා නොගැටුණහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ සම්පූර්ණකළ වීර්‍ය්‍ය ඇත්තෝය. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දක්‍ෂ කථිකයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ අවවාද ඉවසන සුල්ලෝය. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දොස් පෙන්වන්නාහ, ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ පාපය පිළිකුල් කරන්නාහ. ස්වාමීනි, බාල නොවූ, දුස්ට නොවූ, මූඪ නොවූ, නොපෙරැළුණු සිත් ඇති, කාට නම් ශාරීපුත්‍රයෝ නොරුස්නෝද?”

(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“ආනන්‍දය, ඒ එසේය. ආනන්‍දය, ඒ එසේය. ආනන්‍දය

බාල නොවූ, දුෂ්ට නොවූ, මූඪ නොවූ, විපර්‍ය්‍යාසවූ සිත් නැති කාට නම් ශාරීපුත්‍රයෝ නොරුස්නෝද? ආනන්‍දය ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙම පණ්ඩිතයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ මහා ප්‍රාඥයහ. ආනන්‍දය ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ විශාල (පළල්) ප්‍රාඥයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ බහුල ප්‍රඥාවෙන් යුක්තයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ ජවන (වේලාවන්) පුඥාවෙන් යුක්තයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ තීක්‍ෂන ප්‍රාඥයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ නිර්වේධ (සංස්කාරයන්හි කළකිරීම් බහුලවූ) ප්‍රඥාවෙන් යුක්තයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ (ත්‍රිවිධ) විවේක යෙන් තනිවූහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ කුලයන් හා නොගැටුණහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ සම්පූර්ණකළ වීර්‍ය්‍ය ඇත්තෝය. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දක්‍ෂ කථිකයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ අවවාද ඉවසන සුල්ලෝය. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දොස් පෙන්වන්නාහ, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ පාපය පිළිකුල් කරන්නාහ. ආනන්‍දය, බාල නොවූ, දුෂ්ට නොවූ, මූඪ නොවූ, විපර්‍ය්‍යාසවූ සිත් නැති, කාට නම් ශාරීපුත්‍රයෝ නොරුස්නෝද?”

එසෙමෙහි සුසීම දෙව්පුත් ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේගේ ගුණ කියවෙන කල්හි මහ දෙවි පිරිසෙකින් පිරිවැරුණේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය, පැමිණ, වැඳ එක්පසෙක සිටියේය.

එක් පසෙක සිටි සුසීම දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“භාග්‍යවතුන් වහන්ස, ඒ එසේමය, සුගතයන් වහන්ස, ඒ එසේමය, ස්වාමීනි, බාල නොවූ, දුෂ්ට නොවූ, මූඪ නොවූ, නොපෙරැළුණු සිතැති, කාහට නම් ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ නොරුස්නෝද? ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ පණ්ඩිතයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ මහා ප්‍රාඥයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ විශාල (පළල්) ප්‍රාඥයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ බහුල ප්‍රඥාවෙන් යුක්තයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ ජවන (වේලාවන්) පුඥාවෙන් යුක්තයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ තීක්‍ෂන ප්‍රාඥයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ නිර්වේධ (සංස්කාරයන්හි කළකිරීම් බහුලවූ) ප්‍රඥාවෙන් යුක්තයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ (ත්‍රිවිධ) විවේකයෙන් තනිවූහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ කුලයන් හා නොගැටුණහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ සම්පූර්ණකළ වීර්‍ය්‍ය ඇත්තෝය. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දක්‍ෂ කථිකයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ අවවාද ඉවසන සුල්ලෝය. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දොස් පෙන්වන්නාහ, ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ පාපය පිළිකුල් කරන්නාහ. ස්වාමීනි, බාල නොවූ, දුෂ්ට නොවූ, මූඪ නොවූ, නොපෙරැළුණු සිත් ඇති, කාට නම් ශාරීපුත්‍රයෝ නොරුස්නෝද?”

“ස්වාමීනි, මමත් යම් යම් දෙව්පුත් පිරිසක් කරා පැමිණෙම්ද ඒ හැම තැනදීම
“ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ පණ්ඩිතයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ මහා ප්‍රාඥයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ විශාල (පළල්) ප්‍රාඥයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ බහුල ප්‍රඥාවෙන් යුක්තයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ ජවන (වේලාවන්) පුඥාවෙන් යුක්තයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ තීක්‍ෂන ප්‍රාඥයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ නිර්වේධ (සංස්කාරයන්හි කළකිරීම් බහුලවූ) ප්‍රඥාවෙන් යුක්තයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ (ත්‍රිවිධ) විවේකයෙන් තනිවූහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ කුලයන් හා නොගැටුණහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ සම්පූර්ණකළ වීර්‍ය්‍ය ඇත්තෝය. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දක්‍ෂ කථිකයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ අවවාද ඉවසන සුල්ලෝය. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දොස් පෙන්වන්නාහ, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ පාපය පිළිකුල් කරන්නාහ.” යන මේ ශබ්දයම බොහෝ සෙයින් අසමි. ස්වාමීනි, බාල නොවූ, දුෂ්ට නොවූ, මූඪ නොවූ, විපර්‍ය්‍යාසවූ සිත් නැති, කාහට නම් ශාරීපුත්‍රයන් වහන්සේ නොරුස්නෝද?”

එකල්හි සුසීම දෙව්පුතුගේ දෙව්පුත් පිරිස ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේගේ ගුණ කියවෙන කල්හි සතුටුවූ සිත් ඇත්තාහු, ප්‍රීති වූහු, හටගත් ප්‍රීති සොම්නස් ඇත්තාහු, නොයෙක් වර්‍ණයන් පහළ කෙරෙත්.

සුන්දරවූ, ජාතිසම්පන්නවූ, සේදීම් ආදියෙන් හොඳින් පිරියම් කළ, රතු පළසෙක තබනලද, අටැස් වෙරළුමිණෙක් යම්සේ බබළාද, දිලිසේද, ප්‍රභා විහිදුවාද, එසේම ආයූෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේගේ ගුණ කියවෙන කල්හි සුසීම දෙව්පුතුගේ දෙව්පුත් පිරිසද සතුටුවූ සිතැත්තෝ, ප්‍රීති ඇත්තෝ, ප්‍රීති සොම්නස් ඇත්තෝ, නොයෙක් වර්‍ණයන් පහළ කෙරෙති.

දක්‍ෂ කර්‍මකාර පුත්‍රයකු විසින් කෝවෙහි පිස මොනවට ශුද්‍ධකැරුණු දඹරන්මුවා නිකෙක් රතු පළසෙක තබන ලද්දේ යම්සේ බබළාද, දිලිසේද, ප්‍රභා විහිදුවාද එසේම සුසීම දෙව්පුතුගේ දෙව්පුත් පිරිස සතුටුවූ සිතැත්තෝ, ප්‍රීති ඇත්තෝ, ප්‍රීති සොම්නස් ඇත්තෝ, නොයෙක් වර්‍ණයන් පහළ කෙරෙති.

රෑ අලුයම්හි පහන් තරුව යම්සේ ප්‍රභා විහිදුවාද, දිලිසේද, බබළාද, එසේම සුසීම දෙව්පුතුගේ දෙව්පුත් පිරිස සතුටුවූ සිතැත්තෝ, ප්‍රීති ඇත්තෝ, ප්‍රීති සොම්නස් ඇත්තෝ, නොයෙක් වර්‍ණයන් පහළ කෙරෙති.

සරත් කාලයෙහි අහස පහවූ වළාකුළු ඇතිව පැහැදිලිවූ කල්හි හිරුතෙම ඉහළ නගින්නේ අහසෙහිවූ සියපු අඳුර දුරලා රැස් විහිදුවාද, දිලිසේද, බබළාද, එපරිද්දෙන්ම සුසීම දෙව්පුතුගේ දෙව්පුත් පිරිස සතුටුවූ සිතැත්තෝ, ප්‍රීති ඇත්තෝ, ප්‍රීති සොම්නස් ඇත්තෝ, නොයෙක් වර්‍ණයන් පහළ කෙරෙති.

එවිට සුසීම දෙව්පුත් ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ ගැන භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

“ශාරීපුත්‍ර ඉර්ෂිතෙම පණ්ඩිතයයි, ක්‍රොධ නොකරන සුළුයයි, මෘදු මොළොක්යයි, හිත දමනයවූ තැනැත්තෙකැයි ප්‍රකටය. (හෙතෙම) ශාස්තෘාන් වහන්සේ විසින් ගෙනහැර දැක්වුණු ගුණ ඇත්තෙක.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ ගැන සුසීම දෙව්පුතුට ගාථායෙන් මෙසේ පෙරළා වදාළ සේක:

“ශාරීපුත්‍රතෙම පණ්ඩිතයයි, ක්‍රොධ නොකරන්නෙකියයි, වුවමනා සුළුයයි, මෘදු මොළොක්යයි, හිත දමපයවූ තැනැත්තෙකැයි ප්‍රකටය. ඉතා දැමුණු හෙතෙම දිනපතා මෙහෙකරුවකු සෙයින් (පිරිනිවනට) කල් බලා සිටී.

SN 01-02-03-10. නානාතිර්‍ථය සූත්‍රය


මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක.

එකල්හි වනාහි අසම දෙව්පුත්ද, සහලී දෙව්පුත්ද, නිංක දෙව්පුත්ද, ආකෝටක දෙව්පුත්ද, වේටම්බරී දෙව්පුත්ද, මානවගාමික දෙව්පුත්ද යන නොයෙක් තීර්ත්‍ථක ශ්‍රාවකවූ බොහෝ දෙව්පුත්හු රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීරප්‍රභා ඇත්තාහු සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියාහ.

එක් පසෙක සිටි අසම දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පූරණ කාශ්‍යප (තීර්ත්‍ථංකරයා) ගැන මේ ගාථාව කීය:

‘‘ඉධ ඡින්දිතමාරිතෙ,
හතජානීසු කස්සපො;
න පාපං සමනුපස්සති,
පුඤ්ඤං වා පන අත්තනො;
ස වෙ විස්සාසමාචික්ඛි,
සත්ථා අරහති මානන’’න්ති.“මෙලොව අත් පා ආදිය සිඳීමෙහිත්,
ප්‍රාණ නැසීමෙහිත්, පුද්ගලයාට
පිනක් හෝ පවක් කාශ්‍යපයෝ නොදකිති.
ඒ ශාස්තෘාන් වහන්සේ (මෙසේ) විශ්වාසය වදාරති.
ඒ ශාස්තෘාන් වහන්සේ බුහුමනට සුදුසු සේකි.”

ඉක්බිති සහලී දෙව්පුත් තෙම මක්ඛලීගෝසාලයන් ගැන භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

‘‘තපොජිගුච්ඡාය සුසංවුතත්තො,
වාචං පහාය කලහං ජනෙන;
සමොසවජ්ජා විරතො සච්චවාදී,
න හි නූන තාදිසං කරොති පාප’’න්ති.“(පව් පිරිහෙලන තපසින් හෙවත් කය තැවීමෙන්) හොඳින් වසාගත් ආත්ම ඇති,
විවාද හැර ජනයා හා සමවූ පැවතුම් ඇති,
වැරැදි දෙයින් වැළකුණු, සත්‍යවාදීවූ, ශ්‍රේෂ්ඨවූ
ඔහු ඒකාන්තයෙන් පවු නොම කෙරෙති.”

ඉක්බිති නංක දෙව්පුත් තෙම නිඝණ්ඨනාථපුත්‍රයන් ගැන භාග්‍යවතුන් වහන්සේ වෙත මේ ගාථාව කීය:

‘‘ජෙගුච්ඡී නිපකො භික්ඛු,
චාතුයාමසුසංවුතො;
දිට්ඨං සුතඤ්ච ආචික්ඛං,
න හි නූන කිබ්බිසී සියා’’ති.“කයට දුක් දෙමින් කෙලෙසුන් පිරිහෙලන,
පණ්ඩිතවූ, සතර සංවරයෙන් වැසුනාවූ,
දුටු දේත්, ඇසූ දේත්, නොසඟවා කියන,
සසර භය දක්නා නිඝණ්ඨනාථපුත්‍රයන් වහන්සේ
පව් ඇතියෝඇතියෝ නම් නොවන්නාහුමය.”

ඉක්බිති ආකෝටක දෙව්පුත් නානා තීර්ත්‍ථකයන් ගැන භාග්‍යවතුන් වහන්සේ වෙත්හි මේ ගාථාව කීය:

‘‘පකුධකො කාතියානො නිගණ්ඨො,
යෙ චාපිමෙ මක්ඛලිපූරණාසෙ;
ගණස්ස සත්ථාරො සාමඤ්ඤප්පත්තා,
න හි නූන තෙ සප්පුරිසෙහි දූරෙ’’ති.“පකුධ (කත්‍යායනයන්) වහන්සේද,
නිගණ්ඨ (නාතපුත්‍රයන්) වහන්සේද
, මක්ඛලී, පූරණ යන යම් කෙනෙක් වෙත් නම්
ඒ මේ දෙදෙනා වහන්සේද යන ශ්‍රාවක ගණයාගේ අනුශාසකවූ,
මහණදමෙහි කෙලවරට පැමිණි ඒ ශාස්තෲහු
ඒකාන්තයෙන් සත්පුරුෂයන් කෙරෙන් දුරු නොවෙත්”

එවිට වේටම්බරී දෙව්පුත් තෙම ආකෝටික දෙව්පුතුට ගාථායෙන් (මෙසේ) පෙරලා කීය:

‘‘සහාචරිතෙන , සගාරවෙනාපි ඡවො සිගාලො ,
න කොත්ථුකො සීහසමො කදාචි;
නග්ගො මුසාවාදී ගණස්ස සත්ථා,
සඞ්කස්සරාචාරො න සතං සරික්ඛො’’ති.“නීචවූ කළු සිවලා සිංහයාට බඳු
(ආචාරයෙනුත්) පැවතුම්වලින් කිසිම කලෙක
සිංහයාට සම නොවන්නේය.
(එසේම) නිර්‍වස්ත්‍රවූ, බොරු තෙපලන ගති ඇති,
කසලට බඳු නින්දිත හැසුරුම් ඇති,
ගණශාසකයා බුද්‍ධාදී සත්පුරුෂයන් හා සම නොවන්නේය.”

එකල පව්කාර මාරතෙම වේටම්බරී දෙව්පුතුට වැහී (ආවේසව) භාග්‍යවතුන් වහන්සේ වෙත මේ ගාථාව කීය:

‘‘තපොජිගුච්ඡාය ආයුත්තා, පාලයං පවිවෙකියං;
රූපෙ ච යෙ නිවිට්ඨාසෙ, දෙවලොකාභිනන්දිනො;
තෙ වෙ සම්මානුසාසන්ති, පරලොකාය මාතියා’’ති.“යම් කෙනෙක් තපෝ ජුගුප්සායෙන් යුක්තවූවෝ,
(චතුර්විධ) ප්‍රවිවේකය රක්නාහු,
තෘස්ණාදෘෂ්ඨීන්ගේ වශයෙන් රූපයෙහි බැඳී සිටියාහු,
දෙව්ලොව පතන්නෝ වෙත්ද,
ඒ සත්හු පරලොව යහපත පිණිස
හොඳින් අනුශාසන කෙරෙත්මය.”

(කෙස් සිඳීම, නිර්වස්ත්‍රව සිටීම, බල්ලන් මෙන් කෑම කෑම, කටු ඇඳන්වල නිදීම)

එකල භාග්‍යවතුන් වහන්සේ ‘මේ පව්කාර මාරයා’ යි දැන මෙසේ ගාථායෙන් ඔහුට පෙරලා වදාළ සේක,

‘‘යෙ කෙචි රූපා ඉධ වා හුරං වා,
යෙ චන්තලික්ඛස්මිං පභාසවණ්ණා;
සබ්බෙව තෙ තෙ නමුචිප්පසත්ථා,
ආමිසංව මච්ඡානං වධාය ඛිත්තා’’ති.“මෙහි හෝ අන් ලොවක හෝ අහසෙහි
හෝ ප්‍රභාසම්පන්න යම් රූපයක් වෙත්ද,
මාරය, ඒ සියලු රූපයෝ
මසුන් මරන්නට දැම්මාවූ ඇමක් වැන්න.”

ඉක්බිති මානවගාමිය දෙව්පුත්රයා භාග්‍යවතුන් වහන්සේ ගැන උන්වහන්සේ ළඟ සිට මේ ගාථා කීය:

‘විපුලො රාජගහීයානං,
ගිරිසෙට්ඨො පවුච්චති;
සෙතො හිමවතං සෙට්ඨො,
ආදිච්චො අඝගාමිනං.“රජගහ නුවරවූ පර්‍වතයන් අතුරෙහි වෛපුල්‍යගිරිය ශ්‍රේෂ්ඨයයිද,
හිමවත් වැටියේ කඳු අතරෙහි කෛලාශය ශ්‍රේෂ්ඨයයිද,
අහස හැසිරෙන්නවුන් අතුරෙහි හිරු ශ්‍රේෂ්ඨයයිද කියනු ලැබේ.”‘සමුද්දො උදධිනං සෙට්ඨො,
නක්ඛත්තානඤ්ච චන්දිමා ;
සදෙවකස්ස ලොකස්ස,
බුද්ධො අග්ගො පවුච්චතී’’ති.“ජලාධාරයන් අතුරෙහි මුහුද ශ්‍රේෂ්ඨයයිද,
නකත් තරු අතරෙහි සඳු ශ්‍රේෂ්ඨයයිද,
දෙවියන් සහිත ලොවෙහි බුදුරජ
ශ්‍රේෂ්ඨයයිද කියනු ලැබේ.”

...more
View all episodesView all episodes
Download on the App Store

SINHALA TIPITAKABy