SINHALA TIPITAKA

SN 02-06-03


Listen Later

සසර බිය දකින නැණවතා පස් කම් සැපයට වහල්ව් ජීවිතය ගිහිව ඉන්නවා වෙනුවට සසරින් මිදෙන මගක් සොයා පැවිද්ද තෝරා ගනී. මේ උත්සාහය නොකඩවා කරගෙන යාමට දැඩි වීරයයක් අවශ්‍ය වේ. පැවිද්දා තුල තිබිය යුතු උත්සාහය ගැනත් ප්‍රඥාව ගැනත් බොහෝ තැන්වල සඳහන් වේ. පැවිදිවූ පසු ලැබෙන කීර්ති ප්‍රසංශා නිසා ගමන නොගොස් වල්මත් වන පැවිද්දෝ එදාත් උන්හ. අදත් සිටී. ලාභ සත්කාර සංයුක්තයේ ඇති සුත්‍ර තිහම මේ නපුර ගැන භික්ෂුව දැනුවත් කරයි.

SN 02-06-03-01. මාතුගාම සූත්‍රය
SN 02-06-03-02. කල්‍යාණි සූත්‍රය
SN 02-06-03-03. පුත්‍ර සූත්‍රය
SN 02-06-03-04. ධීතු සූත්‍රය
SN 02-06-03-05. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය.
SN 02-06-03-06. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
SN 02-06-03-07. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
SN 02-06-03-08. ඡවි සූත්‍රය
SN 02-06-03-09. රජ්ජු සූත්‍රය
SN 02-06-03-10. භික්ඛු සූත්‍රය

SN 02-06-03-01. මාතුගාම සූත්‍රය

SN 02-06-03-01. මාතුගාම සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙම ධර්මය වදාළසේක.

“මහණෙනි,
යමෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබන්නේ නම් ඉන් වන හානිය ඉතා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, යමෙකුගේ සිත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලින් මැඩගෙන සිටින්නේද, එය , තනිව සිටින්නාවූ පිරිමියෙකුගේ සිත ස්ත්‍රියක් මැඩගෙන සිටිනවාට වඩා අන්තරාදායකය.

“මහණෙනි,
මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා තොප මෙසේ හික්මිය යුතු වන්නේය.
කෙසේද?

‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු.
උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’

මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.”

(පළමුවෙනි මාතුගාම සූත්‍රය නිමි.)

[තෙවැනි වර්ගයේ පළමු සූත්‍රය – “නතස්ස භික්ඛවෙ මාතුගාමො” යනු එහි පිරිසෙන් වෙන් වූ, හුදකලාව හුන් තැනැත්තාටය. යමකුගේ සිත ලාභසත්කාර, කීර්ති ප්‍රශංසාදියෙහි නියැලීමෙන් විනාශවීමට යන්නේය. එවැනි වූ බරපතල විනාශයක්, ස්ත්‍රියක් ඔහුගේ සිත ගැනීමෙන්, එම ධර්මයෙහි යෙදීමෙන් සිදු නොකරයි.]

SN 02-06-03-02. කල්‍යාණි සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

(එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙම ධර්මය වදාළසේක.

“මහණෙනි,
ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ප්‍රතිඵල සහිතය , කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, යමෙකුගේ සිත ලාභ සත්කාර කීර්තියෙන් මැඩගෙන සිටින්නේ නම් එය හුදෙකලාව සිටින්නාවූ ඔහුගේ සිත ජනපද කල්‍යාණියක් (ජනපදයෙහිවූ උතුම් ස්ත්‍රිය) මැඩගෙන සිටිනවාට වඩා අන්තරාදායකය..

“මහණෙනි,
මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
මහණෙනි, ඒ නිසා මෙසේ හික්මියයුතු වන්නේය,
(කෙසේද?)


‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු,
උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’

මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(දෙවෙනි කල්‍යාණී සූත්‍රය නිමි.)

[ලාභ කීර්ති ප්‍ර‍ශංසා ගැන අපේක්ෂාවක් නැති ව සත්ත්වයන් කෙරෙහි කරුණාව පෙරදැරි කොට ඔවුන් දුකින් මිදවීමේ අදහසින් සත්ත්වයන් සැපතට පැමිණවීමේ අදහසින් තථාගතයන් වහන්සේගේ ධර්මය අන්‍යයන්ට දේශනා කිරීම හා කරවීම ධර්ම දේශනා කුශලය ය. දහම් දෙසීම සැමට ම කළ හැකි පහසු කාර්‍ය්‍යයක් නො වේ.

එක් දවසක් ආයුෂ්මත් උදායි ස්ථවිරයන් මහ ගිහි පිරිසක් පිරිවරා ගෙන ඔවුනට දහම් දෙසනු දැක ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ බව තථාගතයන් වහන්සේට සැල කළ සේක. එකල්හි තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.

‘න ඛො ආනන්ද, සුකරං පරෙසං ධම්මං දෙසෙතුං.
පරෙසං ආනන්ද, ධම්මං දෙසෙන්තෙන පඤ්චධම්මෙ
අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරෙසං ධම්මො දෙසෙ
ධම්මො දෙසෙතබ්බො. අනුද්දයතං පටිච්ච
කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො,
න ආමිසන්තරො කථං කථොස්සාමීති පරෙසං ධම්මො
දෙසෙතබ්බො, අත්තානං ච පරං ච
අනුපහච්ච කථං කථෙස්සාමීති පරෙසං
ධම්මො දෙසෙතබ්බො.
න ඛො ආනන්ද සුකරං පරෙසං ධම්මං දෙසෙතුං
පරෙසං ආනන්ද ධම්මං දෙසෙන්තෙන
ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා
පරෙසං ධම්මො දෙසෙතබ්බො”.

තබ්බො. කතමේ පඤ්ච?
ආනුපුබ්බි කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො.
පරියාය දස්සාවි කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො.
අනුද්දයතං පටිච්ච කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො,
න ආමිසන්තරො කථං 

තේරුම:
ආනන්දය, මෙරමා හට දහම් දෙසීම පහසු නොවේ. ආනන්දය, මෙරමා හට දහම් දෙසන්නාහු විසින් කරුණු පසක් තමා කෙරෙහි ඇති කර ගෙන මෙරමා හට දහම් දෙසිය යුතුය. කවර කරුණු පසෙක් ද යත්, අනුපිළිවෙළින් කතාවක් කරන්නෙමි යි මෙරමා හට දහම් දෙසිය යුතු ය. ඒ ඒ අර්ථයට සෑහෙන කරුණු දක්වා කරන කථාවක් කරන්නෙමි යි මෙරමා හට දහම් දෙසිය යුතු ය. අනුකම්පා නිසා කරන කථාවක් කරන්නෙමි යි මෙරමා හට දහම් දෙසිය යුතුය. ආමිෂයක් බලාපොරොත්තු නොවන කථාවක් කරමි යි මෙරමා හට දහම් දෙසිය යුතු ය. අත්තුක්කංසන පරවම්භනාදියෙන් තමාගේ හා මෙරමාගේ ගුණ නො නසන කථාවක් කරමි යි මෙරමා හට දහම් දෙසිය යුතුය. ආනන්දය, මෙරමා හට දහම් දෙසීම පහසු නො වේ. ආනන්දය, මෙරමා හට දහම් දෙසන්නහු විසින් මේ කරුණු පස තමා කෙරෙහි ඇති කර ගෙන මෙරමා හට දහම් දෙසිය යුතුය යනු යි.]

SN 02-06-03-03 පුත්‍ර සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙම ධර්මය වදාළසේක.

“මහණෙනි,
ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය,
අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය.

අතිපුජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාම්න්වහන්සේ චිත්ත ගෘහපති තුමා ගැන කල දේශනාවක්

මහණෙනි,
ශ්‍රද්ධාවත් උපාසිකාවක් තම ප්‍රියවූ, මනාපවූ, එකම පුතුහට මෙසේ කියන්නීය.
කෙසේද?
‘දරුව, චිත්ත ගහපති තෙමේ සහ හත්ථාලවක තෙමේ යම්සේද,
එසේ වෙව්’ යැයි කියන්නීය.

“මහණෙනි,
මේ චිත්ත ගහපති තෙමේද හත්ථාලවක තෙමේද, මාගේ ශ්‍රාවක උපාසකයන්ගේ තරාදිය වෙයි. මිනුම වෙයි. ‘දරුව, ඉදින් නුඹ වනාහි ගිහිගෙයින් නික්ම, ශාසනයෙහි පැවිදි වන්නෙහි නම් ශාරිපුත්‍ර මොග්ගල්ලාන දෙනම යම්සේද, එසේ වේවයි’ කියන්නීය.

4 “මහණෙනි,
මේ සාරිපුත්ත මොග්ගල්ලානයෝ මාගේ ශ්‍රාවක භික්ෂූන්ගේ තරාදියයි මිනුමයි.
‘දරුව, ශෛක්ෂ්‍යවූ, නොපැමිණි රහත් බැව් ඇත්තාවූ නුඹට වනාහි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෝ නොපැමිණෙත්වායි’ කියන්නීය. මහණෙනි, ඉදින් ශෛක්ෂ්‍යවූ (හික්මෙන්නාවූ) නොලත් රහත් බැව් ඇත්තාවූ, ඒ මහණහට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පැමිණේද, ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඔහුට අන්තරාය පිණිස වෙයි.

“මහණෙනි,
මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ආනිසංස සහිතය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය.

මහණෙනි,
ඒ නිසා තොප මෙසේ හික්මිය යුතු වන්නේය.
කෙසේද?

‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු.
උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’
මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(තුන්වෙනි පුත්‍ර සූත්‍රය නිමි.)

[තෙවැනි සූත්‍රයේ – “සද්ධා” යනු සෝතාපන්න වූ. ඉතිරි පදයන්ගේ අර්ථ ඉතා ප්‍රකටය.]

SN 02-06-03-04. ධීතු සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙම ධර්මය වදාළසේක.

“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ප්රතිඵල සහිතය,
කටුක ඵල දිය හැකිය, ඵරුෂ විපාක ඇත්තේය,
අති උතුම් රහත්ඵලාවබෝධයට බාධා කරන්නේය.

“මහණෙනි,
ශ්‍රද්ධාවත් උපාසිකාවක් තොමෝ ප්‍රියවූ, මනාපවූ, එකම දූහට මනාකොට කියන්නී මෙසේ කියන්නීය. (කෙසේද?)
‘දුවනියෙනි,
ඛුජ්ජුත්තරා උපාසිකාවද, නන්ද මාතෘවූ වේළුකණ්ඩකී උපාසිකාවද යම්සේද, එසේ ජීවත් වෙය.’ කියන්නීය. මහණෙනි, මේ ඛුජ්ජුත්තරා උපාසිකාවත්, වේළුකණ්ඩකී නන්දමාතා උපාසිකාවත් මාගේ ශ්‍රාවිකා උපාසිකාවන්ගේ තරාදිය වෙත්, මිනුම වෙත්. දියෙනියනි, ඉදින් නුඹ වනාහි ගිහිගෙයින් නික්ම, ශාසනයෙහි පැවිදි වන්නෙහි නම්, ඛේමා උප්පලවණ්ණා භික්ෂුණීන් යම්සේද, එසේ වේවයි’ කියන්නීය. මහණෙනි මේ ඛේමා, උප්පලවණ්ණා භික්ෂුණීහු මාගේ ශ්‍රාවිකා භික්ෂුණීන්ගේ තරාදියයි, මිනුමයි. ‘දියෙනියනි, ශෛක්ෂ්‍යවූ, නොපැමිණි රහත් බැව් ඇත්තාවූ නුඹට වනාහි ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා නොපැමිණෙත්වායි’ කියන්නීය.

“මහණෙනි,
ඉදින් ශෛක්ෂ්‍යවූ (හික්මෙන්නාවූ) නොලත් රහත් බැව් ඇත්තාවූ, ඒ භික්ෂුණියට ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවෝ පැමිණෙද්ද ඒ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවෝ ඔහුට අන්තරාය පිණිස වෙයි. මහණෙනි, මෙසේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය.

“මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(සතරවෙනි ධීතු සූත්‍රය නිමි.)

SN 02-06-03-05 . ශ්‍රමණ බ්‍රාහ්මණ 1 සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙම ධර්මය වදාළසේක.

“මහණෙනි,
යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රහ්මණයෙක් හෝ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද ඇතිපරිදි නොදනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද, ඇතිවීම, ඇති පරිදි නොදනිත්ද, ලාභ, සත්කාර කීර්ති, ප්‍රශංසාවගේ ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද, නැතිවීම, ඇති පරිදි නොදනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද, නැති කිරීමට ගමන් කළයුතු මාර්ගය ඇති පරිදි නොදනිත්ද (ඔවුහු) තමන් දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකරත්.

“මහණෙනි,
යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද ඇති පරිදි දනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද, ඇතිවීම ඇති පරිදි දනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද, නැතිවීම, ඇතිපරිදි දනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ආශ්වාදයද, ආදිනවද, නිස්සරණයද නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය ඇතිපරිදි දනිත්ද (ඔවුහු) තමන් දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කරත්.”

(පස්වෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය නිමි.)

SN 02-06-03-06. ශ්‍රමණ බ්‍රාහ්මණ 2 වන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක්කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

‘මහණෙනි,
යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ඇතිවීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද ඇතිපරිදි නොදනිත්ද, (ඔවුහු) තමන් දැන ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකරත්.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ සමුදය (ඇතිවීම) ද විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද ඇති පරිදි දනිත්ද, (ඔවුහු) තමන් දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කරත්.

(හයවෙනි ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය නිමි.)

SN 02-06-03-07. ශ්‍රමණ බ්‍රාහ්මණ තෙවන සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) මෙම ධර්මය වදාළසේක.

“මහණෙනි,
යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා සිව්පස නොදනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ හේතුව නොදනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ නැතිවීම නොදනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා නැතිකිරීමට පැමිණෙන මාර්ගය නොදනිත්ද, (ඔවුහු) තමන් දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකෙරෙත්.

“මහණෙනි,
යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාව දනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ඇතිවීමේ හේතුව දනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ නැතිවීම දනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා නැතිකිරීමට පැමිණෙන මාර්ගය දනිත්ද (ඔවුහු) තමන් දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙති.”

[සත්වන සූත්‍රයේ – “සමුදයං” යනාදියේ පූර්ව කර්මයත් සමගම, සිටුපුතෙක් බඳු ආත්මභාවයේ කීර්ති ප්‍රශංසා, සුන්දරත්වය, යහපත් කථික හැකියාව, ස්ථිර ගුණ පැතිරවීම්, පිරිවර සම්පත් මේ ආදී ලාභ සත්කාරයගේ හටගැනීමයි. සමුදය ප්‍රත්‍ය වශයෙන් නොදනිති. නිරෝධය ද ප්‍රතිපදාව ද නිරෝධ සත්‍යය හා මාර්ග සත්‍යය ලෙසම දතයුතුයි.

SN 02-06-03-08 ඡවි සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙම ධර්මය වදාළසේක.

‘මහණෙනි,
ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණුය. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ, සම සිඳියි, සම සිඳ, මස් සිඳියි. මස් සිඳ, නහර සිඳියි. නහර සිඳ, ඇට සිඳියි. ඇට සිඳ, ඇටමිඳුලුවල හැපී සිටියි. මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය.

“මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මියයුතු වන්නේය.
(කෙසේද?)

‘උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු.
උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි’
මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(අටවෙනි ඡවි සූත්‍රය නිමි.)

[ටවන සූත්‍රයේ – යම්හෙයකින් ලාභසත්කාර කීර්ති ප්‍රශංසා නිසා නරකාදියෙහි උපදින්නෝ මුලු මහත් අත්බවම නසාගනිති. මෙලොවදීද මරණයට හෝ මරණ සමාන දුකට පත්වෙති. එනිසා “ජීවිතං ඡින්‍දති” යනාදිය කියන ලදී.

SN 02-06-03-09 . රජ්ජු සූත්‍රය


මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.

‘මහණෙනි,
ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ, සම සිඳියි. සම සිඳ, මස් සිඳියි. මස් සිඳ, නහර සිඳියි. නහර සිඳ, ඇට සිඳියි. ඇට සිඳ, ඇටමිඳුලුවල හැපී සිටියි.

‘මහණෙනි,
යම්සේ වනාහි බලවත් පුරුෂයෙක්තෙම අශ්ව කෙඳිවලින් කළ රෑනකින් (කකුලේ) කෙණ්ඩය වෙළා තද කරන්නේ නම්ත ඒ රැහැන සිවිය සිඳින්නේය. සිවිය සිඳ, හම සිඳින්නේය. හම සිඳ, මස් සිඳින්නේය. මස් සිඳ නහර සිඳින්නේය. නහර සිඳ, ඇට සිඳින්නේය. ඇට සිඳ, ඇටමිදුලුවල හැපී සිටින්නේය.

හණෙනි, එසේම වනාහි ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ, සම සිඳියි. සම සිඳ, මස් සිඳියි. මස් සිඳ, නහර සිඳියි. නහර සිඳ ඇට සිඳියි. ඇට සිඳ ඇටමිඳුලුවල හැපී සිටියි.

“මහණෙනි, මෙසේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු. උපන්නාවූ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා අපගේ කුසල්සිත විනාශ නොකෙරේවා’ යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.

(නවවෙනි රජ්ජු සූත්‍රය නිමි.)

[නවවන සූත්‍රයේ “වාළ රජ්ජුයා” යනු නූල් ආදියෙන් කරන ලද රැහැන මෘදු හෝ සියුම් වේ. දළ අස්කෙඳි රැහැන කර්කෂ වේ. පරුෂය. එනිසා මෙම නූලම ගන්නා ලදී.

SN 02-06-03-10. භික්ඛු සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙම ධර්මය වදාළසේක.

“මහණෙනි,
ආශ්‍රවයන් ක්ෂය කළාවූ, රහත්වූ, භික්ෂුවකට වුවද, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අන්තරාය පිණිස වේය”යි මම කියමි.” මෙසේ දේශනා කළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් භාග්‍යවතුන්වහන්සේට මෙසේ කීයේය.

“ස්වාමීනි,
කවර හෙයකින් ක්ෂීණාශ්‍රව මහණහුට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අන්තරාය පිණිසවේද?”
“ආනන්දය ඒ රහත් භික්ෂුවගේ වෙනස් නොවන සුළු අර්හත් ඵල නම්වූ චේතො විමුක්තිය ට , ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා අන්තරාය කරයයි මම නොකියමි.

“ආනන්දය, අප්‍රමාදවූ, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තාවූ, නිවන කරා යවන ලද සිත් ඇත්තාවූ, ඵල සමාපත්තියට පැමිණ වාසය කරන්නාවූ (දිට්ඨ ධම්ම සුඛවිහාරා අධිගතා), ශ්‍රමණයෝ වෙත්ද, ඒ ශ්‍රමණයන්හට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අන්තරාය පිණිස වේයයි මම කියමි.

“මහණෙනි,
මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය.

“ආනන්දය,
ඒ නිසා මෙහිදී මෙසේ හික්මියයුතු වන්නේය.
කෙසේද? යත්:
‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා, දුරු කරන්නෙමු.
උපන්නාවූ, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි,’

මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(දසවෙනි භික්ඛු සූත්‍රය නිමි.)

[දසවන සූත්‍රයේ – “දිට්ඨධමම සුඛ විහාරා” යනු ඵලසමවත් සුවයෙන් වසන යනුයි. “තෙසාහමස්ස” යනු “තෙසං අහං අස්ස” යනුයි. රහතන් වහන්සේ වනාහී ප්‍රත්‍ය ලබනුයේ, පිනින් යුක්ත වූයේ වෙයි. කැඳබත් කැවිලි ආදිය රැගෙන පැමිණි පුද්ගලයන්ට පුණ්‍යානුමෝදනා කරන සේක. ධර්මදේශනා කරමින් ප්‍රශ්න විසඳන සේක. ඵල සමවතට නොඑළඹ සිටීමට ඉඩකඩ නොදෙයි. එම කරුණ සඳහා මෙය කියන ලදී.

...more
View all episodesView all episodes
Download on the App Store

SINHALA TIPITAKABy