Sign up to save your podcasts
Or

SN 04-01-18-01. සමුද්‌ද සූත්‍රය
SN 04-01-18-02. දුතිය සමුද්‌ද සූත්‍රය
SN 04-01-18-03. බාලිසිකොපම සූත්‍රය
SN 04-01-18-04. ඛීරරුක්‌ඛොපම සූත්‍රය
SN 04-01-18-05. කොට්ඨිත සූත්‍රය
SN 04-01-18-06. කාමභූ සූත්‍රය
SN 04-01-18-07. උදායී සූත්‍රය
SN 04-01-18-08 ආදිත්‌ත පරියාය සූත්‍රය
SN 04-01-18-09. හත්‌ථපාදූපම සූත්‍රය
SN 04-01-18-10. දුතිය හත්‌ථපාදූපම සූත්‍රය
ජීවත්වීම යනු අපේ ඉන්ද්‍රිය සයෙන් බාහිර අරමුණු හා සම්බන්ධවීමය. ඒ ඒ ආරම්මණ තම තමාගේ සන්තානයේ ස්වභාවය අනුව (අපේ default setting එක අනුව ) අප සන්තානයේ බොහෝ විට දෙආකාරයක සිතිවිලි ඇති කරයි. ඒ දෙආකාර නම් කැමැත්ත හෝ අකමැත්තය. එනම් ලෝභ හෝ දෝස සිතුවිලිය. ඒ දෙකම අකුසල නිසා අපි ජීවත්වනවාය කියා කරන්නේ අකුසල රැස් කිරීම මිස අන් කිසිවක් නොවේ.
මේ ශ්‍රී සද්ධර්මයේ සසරින් එගොඩවන ක්‍රියා පටිපාටිය උගන්වයි. ඒ පිණිස ලෝබ දෝස මෝහ යන අකුසල මුල් තුනම සිඳිය යුතුය. අරමුණු වලට කැමතිත් නොවී අකමැතිත් නොවී ඉඳීම පිණිස අරමුණු උපේක්ඛාවෙන් ගැනීම කල යුතුය. ඒ මන්දයත් අරමුණ අපේ input එක මේ තුන් ආකාර ( කැමති / අකැමැති හෝ උපේක්ඛා ) යෙන් එකක් ලැබෙන තුරු ඉන්නා නිසාය. මේ සමුද්‍ර වග්ගයේ සුත්‍ර දහයෙන්ම කියැවෙන්නේ ලෝකයේ ආරම්මන කැමැති – අකැමැති ලෙස නොගෙන උපේක්ෂාවෙන් ගන්නා හැටිය.
යෝනිසෝ මනසිකාරයෙන් ආරම්මණ දකින්නට පුරුදුවී සතියෙන් ඉන්නා විට මේ උපේක්ෂා ගුණය සිතේ default setting එක කර ගන්නට පුළුවන.
මහණෙනි,
සමුද්‍රය! සමුද්‍රය!!” යි අශ්‍රුතවත් පෘථග්ජනයා කියයි.
මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රය නොවේ.
මහණෙනි මෙය ඉතා විශාල ජල ස්කන්ධයක් පමණකි.
“මහණෙනි, ඇස සත්වයාට සමුද්‍රය වේ.
ඇස දකින රූපයන්ගෙන් හටගත් රළ එහි වේගය වේ.161
යමෙක් ඒ රූපයන්ගෙන් හටගත් රළවේගය
(රාගාදී ක්ලේශයන්ගෙන් වෙන්වී ) ඉවසයිද;
මහණෙනි, ඔහු කෙලෙස් නමැති රළ වේග162 සහිතවූ,
කෙලෙස් දිය සුළි සහිතවූ,
කෙලෙස් නමැති මිනි මෝරුන් ඇති,
කෙලෙස් රකුසන් සහිතවූ
ඇස නමැති සමුද්‍රය තරණය කෙළේය.
එසේ තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණයා
ගොඩබිමට පැමිණ සිටීයයි කියනු ලැබේ.
[161:- චක්‍ඛුං භික්‍ඛවෙ පුරිසස්ස සමුද්දො = යම් සේ පිරවීමට අපහසුය යන අරුතෙන් හෝ එසේ නැතහොත් උඩට මතු වේය යන අරුතෙන් සමුද්ද යන පදය සෑදී ඇත. ඇසම සමුද්‍රය වෙයි. එහිදී පොළවේ සිට අකනිටා බඹලොව දක්වා එක් රැස් වී ඇති නීලාදී අරමුණු පිරිපුන් බවක් ඇති කිරීමට අසමත් වේ. මෙසේ පිරවීමට අපහසුය යන අරුතින් ද ”සමුද්ද” නම් වේ. ඇස ද ඒ ඒ නීල ආදී අරමුණු කෙරෙහි යොමු වීමේදී අසංවර වී. එහි බැස ගෙන කෙලෙස් ඉපදීමට හේතුවන සේ දොස් සහිත ගමනින් යන්නේයයි, මතුවේ යයි, යන අරුතින් ද සමුද්ද නම් වේ. තස්ස රූපමයො වෙගො = සමුද්‍රයේ අප්‍රමාණ වු රළ පෙළින් හටගත් වේගය මෙන් ඒ ඇස නමැති සමුද්‍රයේ ද රැස් වන නීල ආදී භේද ඇති ආරම්මණයන්ගේ වශයෙන් බොහෝ වූ රූපමය වු වේගයක් යයි දත යුතුය. යො තං රූපමයං වෙගං සහති = යමකු තම ඇස් නමැති සමුද්‍රයෙහි රැස් වූ ඒ රූපමය වු වේගයන් කෙරෙහි ප්‍රිය මනාප වීමෙහිදී රාගයද, අප්‍රිය අමනාප වීමෙහිදී දෝෂය ද, ඒ පිළිබඳ විමංසනය යොමු නොවූ කල්හි මෝහයද උපදින අතර, මෙසේ රාග ආදී කෙළෙස් නො උපදින්නේ නම් උපේක්ෂා භාවයෙන් ඉවසීම ද සිදු වේ..]
[162:- ස ඌමිං” (හෙවත් රළ සහිත) යන ආදියෙහි කෙලෙස් රළ සහිත වූ යන අදහසින් සඌමිං යයි යෙදේ. කෙලෙස් නමැති දියසුලි යන අදහසින් සාවට්ටං යි යෙදිණ. කෙළෙස් ග්‍රහණය සහිත යන අදහසින් සගාහං යි යෙදිණ. කෙලෙස් රකුසන් සමග යන අදහසින් සරක්‍ඛසං යි යෙදිණ. ක්‍රෝධ සහ සිත් තැවුල් යන අරුත් වශයෙන් ද ”සඌමී” යන්න යෙදේ.
මෙසේ ද කියන ලද්දේය. “මහණෙනි. ඌමී භය (හෙවත් රළ මතු වීමේ බිය) යන මෙය වනාහී කොධුපනායාස (හෙවත් ක්‍රෝධය හා සිත් තැවුල) යන්නට තවත් නමකි
“කාම ගුණ (හෙවත් ඉන්‍ද්‍රිය ගෝචර අරමුණු) වශයෙන් සාවට්ටං (හෙවත් කෙලෙස් නමැති දිය සුලි) යී යෙදේ. මෙසේත් කියා ඇත. “මහණෙනි, (කෙලෙස් නමැති දිය සුලි ග්‍රහණය යන අරුත් ඇති “ආවට්ටග්ගහ” යනු රූප, ශබ්ද ආදී කාම ගුණ පඤ්චකයට තවත් නමකි” මාතුගාම (හෙවත් ස්ත්‍රිය) වශයෙන් “සරක්‍ඛසං” (හෙවත් රකුසා සහිත) යි යෙදේ. මෙසේද කියා ඇත. “මහණෙනි, (රකුසා සමඟ යන අරුත් ඇති) “සාරක්‍ඛසං” යන මෙය (ස්ත්‍රිය යන අරුත ඇති) මාතුගාම යන්නට තවත් නමකි”
සෙසු (කන්, නාස් ආදී) දොරටු පිළිබඳව ද මේ පිළිවෙළම වේ. ඌමීභයං දුත්තරං අච්චතරි කෙලෙස් රළට බියෙන් ඉක්මවීමට අපහසු වූ බිය සහිත බව ඉක්මවීය. ලොකන්තගූ = සංස්කාර ලෝකයේ කෙළවරට ගියේ. පාරං ගතො වුච්චති = නිවනට ගියේ යයි කියනු ලැබේ.]
[“පහස්සරමිදං භික්ඛවේ චිත්තං” යි වදාරා ඇති පරිදි සත්ත්වයාගේ සිත ප්‍රකෘතියෙන් පිරිසිදුය. මඩ දැලි කෙළ සෙම් සොටු මල මුත්‍ර ආදිය එක් වීමෙන් ශුද්ධ ජලය අපවිත්‍ර වන්නාක් මෙන් රාගාදි පාප ධර්මයන් එකතු වීමෙන් පිරිසිදු සිත කිලිටි වේ. කුණු වේ. සිත කිලිටි වූ කල්හි ඒ පුද්ගලයා හට තමාට විය හැකි අර්ථානර්ථයන් නොදැනෙන්නේ ය. අනුන්ට විය හැකි අර්ථානර්ථයන් ද නොදැනෙන්නේ ය. කළ යුත්ත නොකළ යුත්ත නො දැනෙන්නේ ය. කිලිටි වූ සිතෙන් කිසි කලෙක යහපතක් සිදු නොකෙරේ. කෙරෙතොත් කෙරෙන්නේ තමාට හා අන්‍යයන්ට නපුරක් වන දෙයක් පමණෙකි. කිලිටි නොවන පරිදි සිත ආරක්‍ෂා කර නොගත් පුද්ගලයෝ දුකින් දුකටම පත් වෙති. එබැවින් මහාකාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ විසින් සිත ආරක්‍ෂා කර ගැනීම සඳහා බොහෝ අනුශාසනයන් කර ඇත්තේය. අනේකාකාරයෙන් නොයෙක් උපමා දක්වමින් අනුශාසනා කර ඇත්තේ ය. ]
“මහණෙනි, කන පුරුෂයාට සමුද්‍රය වේ.
ශබ්දයන්ගෙන් හටගත් රළ වේගය වේ.
යමෙක් ඒ ශබ්දයන්ගෙන් හටගත් රළවේගය ඉවසයිද;
ඔහු කෙලෙස් නමැති රළවේග සහිතවූ,
කෙලෙස් දියසුළි සහිතවූ,
කෙලෙස් නමැති මිනීකන මෝරුන් බඳු සතුන් ඇති,
කෙලෙස් රකුසන් සහිතවූ
කන නමැති සමුද්‍රය තරණය කෙළේය.
තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණයා
ගොඩ ගියේය’යි කියනු ලැබේ.
“මහණෙනි, නාසය පුරුෂයාට සමුද්‍රය වේ.
බාහිර ගන්‍ධයන්ගෙන් හටගත් රළ වේගය වේ.
යමෙක් ඒ ගන්‍ධයන්ගෙන් හටගත් රළවේගය ඉවසාද;
මහණෙනි, හෙතෙම කෙලෙස් නමැති රළවේග සහිතවූ,
කෙලෙස් දියසුළි සහිතවූ,
කෙලෙස් නමැති අල්වාගන්නා සතුන් ඇති,
කෙලෙස් රකුසන් සහිතවූ නාසය නමැති සමුද්‍රය තරණය කෙළේය.
තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණයා
ගොඩට ගියේ යයි කියනු ලැබේ.
“මහණෙනි, දිව පුරුෂයාට සමුද්‍රය වේ.
එහි රසයන්ගෙන් හටගත් රළ වේගය වේ.
යමෙක් ඒ රසයන්ගෙන් හටගත් රළවේගය ඉවසාද;

කෙලෙස් රකුසන් සහිතවූ දිව නමැති සමුද්‍රය තරණය කෙළේය.
තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණයා
ගොඩබිමට ආවේයයි කියනු ලැබේ..
“මහණෙනි, කය පුරුෂයාට සමුද්‍රය වේ.
එහි ස්පර්‍ශයන්ගෙන් හටගත් රළ වේගය වේ.
යමෙක් ඒ ස්පර්‍ශයන්ගෙන් හටගත් රළවේගය ඉවසාද;

කෙලෙස් රකුසන් සහිතවූ කය නමැති සමුද්‍රය තරණය කෙළේය.
තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණයා
ගොඩබිම සිටීයයි කියනු ලැබේ..
“මහණෙනි,
සිත පුරුෂයාට සමුද්‍රය වේ.
සිතෙහි හටගත් ධර්‍මයන් එහි රළ වේගය වේ.
යමෙක් ඒ ධර්‍මයන්ගෙන් හටගත් රළවේගය ඉවසාද;

කෙලෙස් රකුසන් සහිතවූ සිත නමැති සමුද්‍රය තරණය කෙළේය.
තරණය කළාවූ පරතෙරට ගියාවූ බ්‍රාහ්මණයා
ගොඩබිම සිටීයයි කියනු ලැබේ..
එසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ගාථා වදාළ සේක.
“යමෙක් කෙලෙස් නමැති අල්වාගන්නා සතුන් සහිතවූ,
කෙලෙස් රකුසන් සහිතවූ, රළ භය සහිතවූ,
තරණය කිරීමට දුෂ්කරවූ මහා සමුද්‍රය තරණය කෙළේද,
ඔහු වේදයන්ගේ පරතෙරට ගියාවූ
වැස නිමවන ලද බඹසර ඇත්තාවූ
සංස්කාර ලෝකයාගේ කෙලවරට ගියාවූ
නිර්‍වාණයට පැමිණියෙකැයි කියමි.
දෙවියන්, මාරයන්, බ්‍රහ්මයන් සහිතවූ,
මේ සක්වල හැසිරෙන්නාවූ ශ්‍රමනයන් හා බ්‍රාහ්මණයන්
අවුල්වූ පැටලැවුන නුල් පන්දම් සේ,
දුකෙහිම ගිලෙමින්, දුකෙහිම ගැලෙමින්
අපායේ, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ
අපමණ දුක් විඳිමින් සසරම සැරිසරයි.
යයි (වදාළ සේක.)
[164:- Ee wrongly takes the first verse below to be prose and makes it the first paragraph of the next sutta.
Woodward, at KS 4:99, has been misled by this division. The verses are also at It 57-58.]
මහණෙනි,
සමුද්‍රය සමුද්‍රයයි අශ්‍රුතවත් පෘථග්ජනයා කියයි.

චක්ඛු විඤ්ඤාණයෙන් දැන ගත යුතුවූ ඉෂ්ටවූ කාන්තවූ
මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ
ඇලුම් කටයුතුවූ රූප ඇත.
මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රයයි කියනු ලැබේ.
මේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝවැසි,
මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සහිතවූ
මේ ලෝකයේ සත්‍ව ප්‍රජාව
බොහෝ සෙයින් ගිලී නූල් ගුලියක් මෙන් පැටලී ,
රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් ගුලියක් මෙන් ගැටගැසී,
මුදු තණ බබුස්තණ පදුරක්මෙන් අවුල්වී
සැපයෙන් පහවූ විෂමව වැටෙන්නාවූ
දුර්‍ගති නම් සංසාරය නොඉක්මවයි.
“මහණෙනි,
සෝත විඤ්ඤාණයෙන් දැන ගත යුතුවූ
ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ
ප්‍රිය ස්වභාව ඇත්තාවූ
කම්සැප එලවන්නාවූ
ඇලුම් කටයුතුවූ ශබ්ද ඇත්තාහ.

දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සහිතවූ මේ ලෝකයේ සත්‍ව ප්‍රජාව බොහෝ සෙයින් ගිලී නූල් ගුලියක් මෙන් පැටලී රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් ගුලියක් මෙන් ගැටගැසී මුදු තණ බබුස්තණ පදුරක්මෙන් අවුල්වී සැපයෙන් පහවූ විෂමව වැටෙන්නාවූ දුර්‍ගති නම් සංසාරය නොඉක්මවයි.
“මහණෙනි,
ඝාණ විඤ්ඤාණයෙන් දැන ගත යුතුවූ
ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ
ප්‍රිය ස්වභාව ඇත්තාවූ
කම්සැප එලවන්නාවූ
ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ ඇත්තාහ.

දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සහිතවූ මේ ලෝකයේ සත්‍ව ප්‍රජාව බොහෝ සෙයින් ගිලී නූල් ගුලියක් මෙන් පැටලී රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් ගුලියක් මෙන් ගැටගැසී මුදුතණ බබුස්තණ පදුරක්මෙන් අවුල්වී සැපයෙන් පහවූ විෂමව වැටෙන්නාවූ දුර්‍ගති නම් සංසාරය නොඉක්මවයි.
“මහණෙනි,
ජිව්හා විඤ්ඤාණයෙන් දැන ගත යුතුවූ
ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ
ප්‍රිය ස්වභාව ඇත්තාවූ
කම්සැප ඇති කරවන්නාවූ
ඇලුම් කටයුතුවූ රස ඇත්තාහ.

දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ සහිතවූ , මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සහිතවූ මේ ලෝකයේ සත්‍ව ප්‍රජාව බොහෝ සෙයින් ගිලී නූල් ගුලියක් මෙන් පැටලී රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් ගුලියක් මෙන් ගැටගැසී මුදුතණ බබුස්තණ පදුරක්මෙන් අවුල්වී සැපයෙන් පහවූ විෂමව වැටෙන්නාවූ දුර්‍ගති නම් සංසාරය නොඉක්මවයි.
“මහණෙනි,
කාය විඤ්ඤාණයෙන් දැන ගත යුතුවූ
ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ
ප්‍රිය ස්වභාව ඇත්තාවූ
කම්සැප එලවන්නාවූ
ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ.

දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ
මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ මේ ලෝකයේ සත්‍ව ප්‍රජාව බොහෝ සෙයින් ගිලී නූල් ගුලියක් මෙන් පැටලී
රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් ගුලියක් මෙන් ගැටගැසී
මුදුතණ බබුස්තණ පදුරක්මෙන් අවුල්වී
සැපයෙන් තොරවූ විෂමව වැටෙන්නාවූ
දුර්‍ගති නම් සංසාරය නොඉක්මවයි.
“මහණෙනි,
මනෝ විඤ්ඤාණයෙන් දැන ගත යුත්තාවූ
ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ
කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ධර්‍මයෝ ඇත්තාහ.

මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ
මේ ලෝකයේ සත්‍ව ප්‍රජාව බොහෝ සෙයින් ගිලී
නූල් ගුලියක් මෙන් පැටලී

දුර්‍ගති නම් සංසාරය නොඉක්මවයි”., වදාළ සේක.
(1) යමෙකු සිය සන්තානයේ
ලෝබයද, දෝසයද, මෝහයද දුරු කරගත්තේනම් ,
ඔහු කෙලෙස් නම් මිනි මෝරුන් සහිතවූ,
කෙලෙස් රකුසන් සහිතවූ,
ක්ලේශ නමැති රළ භය සහිතවූ,
තරණය කිරීමට දුෂ්කරවූ මේ සමුද්‍රය
සැබෑවින් තරණය කෙළේය.
(2) ඇලීම ඉක්මවූ, මරුන් දුරුකළාවූ
උපධි රහිතවූ දුක්ඛයන්ගේ අස්තයට ගියාවූ
ඔහුට නැවත ඉපදීමක් නොවෙයි.
ඔහු මාරයාගෙන් ගැලවුනේයයි කියමි”
යි’ (වදාළ සේක.)
[163:- සමුද්දො = මතුවේය යන අරුතින් සමුද්ද නම් වේ.
තෙමෙන්නේ ය යන අරුතින් ද එසේ කියවේ.
යෙභූය්‍යෙන = ආර්ය ශ්‍රාවකයන් හැර සමුන්නා = තෙත් වු, වැඩියෙන් තෙත් වු, දියෙහි ගිලුනාවු
තන්නාකුලක – ජාතා = කලින් යට විස්තර කළ කරුණුම වේ.
මච්චු ඡහො – මාරයන් තිදෙන බැහැර කොට සිටියේ අනුපධි = උපධි තුනකින් බැහැර වු
අපුනබ්භවාය = නිවන සඳහා අමොභයි මච්චු – රාඡං = ඔහු ගිය තැන පිළිබඳව දැනගැනීමට නො හැකිවන සේ හෙතෙම මාරයා මුලා කොට ගියේ තෙවැන්න පෙර කියන ලද අයුරින්ම දත යුතුය.
මහණෙනි,
මසුන් මරන්නෙක් ඇමක් අමුණා බිලි කොක්කක්
ගැඹුරු දියෙහි ලන්නේය,
ඇම දුටුවාවූ මත්ස්‍යයෙක් එය ගිලින්නේය.
මහණෙනි, මෙසේ ඇම නම් බිලිය ගිල්ලාවූ මත්සයා
විනාශ වන්නේය.
ඒ බිලිබාන්නාට කැමති දෙයක් ඌට කළ හැකිවේ.
මහණෙනි, එපරිද්දෙන්ම ලෝකයෙහි සත්‍වයන්ගේ විනාශය පිණිස
සියලු ප්‍රාණීන්ගේ පීඩාව පිණිස ඇම සයක් ඇමිණු බිලිකටු සයක් වෙත්.
ඒ කවර සයක්ද යත්,
රුප , ශබ්ද, ඝන්ද, රස, ස්පර්ශ, මනෝභාව යන සයය.
“මහණෙනි,
චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ
ප්‍රිය ස්වභාව ඇත්තාවූ සතුට ඇති කරවන්නාවූ
ඇලුම් ඇති කරවන්නා වූ රූප ඇත
.ඉදින් යමෙක් එබඳු රූප පතයිද,
එවාට ප්‍රියයයි මනාපයයි කියයිද,
එවාහි ගැලී සිටීද, 164
මහණෙනි, ඔහු මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ
විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ,
මරුවාගේ ගොදුරක් වූවේයයි කියමි.
[164: නන්දියති, අභිවඩති, , අජෝසාය තිට්ඨති
මහණ, තෘෂ්ණා දෘෂ්ටි සහගතව ප්‍රමාදයට හෙතුවන ප්‍රපංචයෝ මිනිසෙකු තුල පවතියි ද දොළොස් ආයතනයන් කෙරෙහි සතුටු විය යුත්තක් නැත්තේද, මමය මාගේ යයි කිව යුත්තක් නැත්තේද ඒ අරමුණු සුඛ, නිත්‍ය හා ආත්ම ලෙස ලෙස ගෙන අභිනන්දනය කලෙත් ද අභිවඩාද, අජෝ සාය තිට්ටති ලෙස නැවත නැවත සංස්ඛාර වඩාද එයින් ක්ලේශයන්ගේ වර්ධනයම වන්නේය.LINK.]
“මහණෙනි,
සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ

සතුට ඇති කරවන්නාවූ කන්කළු ශබ්ද ඇත.
ඉදින් යමෙක් එම ශබ්ද පතයිද,
එයට ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද,
මහණෙනි, ඔහු මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ
විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ,
මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ.
“මහණෙනි,
ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ

සතුට ඇති කරවන්නාවූ ඇලුම් කටයුතුවූ සුඝන්ධ ඇත.
ඉදින් යමෙක් සුවඳක් පතයිද,
එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද,
මහණෙනි, ඔහු මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ
විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ,
මරුවාගේ ගොදුරක් වේ.
“මහණෙනි,
ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ

සතුට ඇති කරවන්නාවූ ඇලුම් කටයුතුවූ රස ඇත.
ඉදින් යමෙක් ඒ රස පතයිද,
එම රසට ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද,
මහණෙනි, ඔහු මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ
විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ,
මරුවාගේ ගොදුරක් වේ” යැයි කියනු ලැබේ.
“මහණෙනි,
කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ

කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ස්පර්‍ශ ඇත.
ඉදින් යමෙක් එම ස්පර්‍ශ පතයිද,

මරුවාගේ ගොදුරක් වේයයි කියනු ලැබේ.
“මහණෙනි,
මනෝ විඤ්ඤාණයෙන් දත යුතුවූ

සතුට ඇති කරවන්නාවූ ඇලුම් කටයුතුවූ ධර්‍ම ඇත.
ඉදින් යමෙක් එම ධර්ම පතයිද,
එවා ප්‍රියයයි මනාපයයි කියයිද, එවායෙහි ගැලී සිටීද,
මහණෙනි, ඔහු මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ
විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ,
මරුවාගේ ගොදුරක් වේ”යයි කියනු ලැබේ.
“මහණෙනි,
ඇසට පෙනෙන ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ
ප්‍රිය ස්වභාව ඇත්තාවූ දැකුම් කළු.
සතුට ඇති කරවන්නාවූ රූප, යමෙක් නොපතයිද,
එය ප්‍රියයයි මනාපයයි නොකියයිද, එහි ගැලී නොසිටීයිද,
මහණෙනි,
ඔහු මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය.
විනාශයට නොපැමිණියාවූ, ව්‍යසනයට නොපැමිණියාවූ,
මරුවා ගෙන් ගැලවුන අයෙක්යයි කියනු ලැබේ.
“මහණෙනි,
කනට ඇසෙන ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ
ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ
ඇලුම් කටයුතුවූ ශබ්ද ඇත.
ඉදින් යමෙක් ඒ ප්‍රිය ශබ්ද නොපතයිද,
ඒ ශබ්ද ප්‍රියයයි මනාපයයි නොකියයිද, එවයේහි ගැලී නොසිටීද,
මහණෙනි, මේ භික්‍ෂුව මාරයාගේ බිලිය ගිල නොගත්තේය.
මාරයාගේ බිලිය බින්දේය.

නහයට දැනෙන ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ
ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ
සුගන්‍ධයෝද ඇත. ඉදින් යමෙක් එම සුඝන්ධ නොපතයද,
එම ඝන්ධ ප්‍රියයයි මනාපයයි නොකියයිද,
එ සුගන්දේහි ගැලී නොසිටීද,
මහණෙනි, ඔහු මාරයාගේ බිලිය බින්දේය.
විනාශයට නොපැමිණියේය ව්‍යසනයට නොපැමිණියේය,
මරුවා ගෙන් ගැලවුන අයෙක්යයි කියනු ලැබේ.
“මහණෙනි,
දිවට දැනෙන කාන්තවූ මනාපවූ
ප්‍රිය ස්වභාව ඇත්තාවූ සතුට ඇති කරවන්නාවූ
ඇලුම් කටයුතුවූ රස ඇත.
යමෙක් ඒවා නොපතයිද,
එවාට ප්‍රියයයි මනාපයයි නොකියයිද,
එම රසයන්හි ගැලී නොසිටීද,
මහණෙනි,
ඔහු මාරයාගේ බිලිය නොගිල,
මාරයාගේ බිලිය බින්දේය.
විනාශයට නොපැමිණ, ව්‍යසනයට නොපැමිණ,
මරුවා ගෙන් ගැලවුන අයෙක්ය යි කියනු ලැබේ.
“මහණෙනි,
කයට දැනෙන ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ
ප්‍රිය ස්වභාව ඇත්තාවූ
සතුට ඇති කරවන්නාවූ ඇලුම් කටයුතුවූ ස්පර්‍ශද ඇත.
ඉදින් යමෙක් එම ස්පර්ශ නොපතයිද,
එය ප්‍රියයයි මනාපයයි නොකියයිද,
එහි ගැලී නොසිටීද,
මහණෙනි, ඔහු මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය.

මරුවා ගෙන් ගැලවුන අයෙක්යයයි කියනු ලැබේ.
“මහණෙනි,
මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ
ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ධර්‍ම ඇත.
ඉදින් යමෙක් එම ධරම නොපතයිද,
එවා ප්‍රියයයි මනාපයයි නොකියයිද, එහි ගැලී නොසිටීද,
මහණෙනි, ඔහු මරුවා ගෙන් ගැලවුන අයෙක්ය යි, (වදාළ සේක.)
“මහණෙනි,
තොප රූපයන් කෙරෙහි ඇති කැමැත්ත දුරුකර නොගත්තේද,
දෝසය දුරුකර නොගත්තේද ,
මෝහය දුරුකර නොගත්තේද,
අල්පවු මුත් කාම ,දොස හෝ මෝහ ස්වභාව තොප තුල වේනම්
තොපගේ නෙතට හමුවන ඉතා සුළු හීන රූපයකින් පවා
තොපගේ සන්තානය කැළඹේ.
ඉතා ප්‍රිය රුපයක් නෙත් ගැටුණු විට කෙසේ සිත නොකැළඹේද?
[165:- මෙහි – ප්‍රහීන නොවූයේ අරුතින් පවතී. ඒ නිසා මෙසේ කියන ලදී. හේ ප්‍රහීන නොවූයේ වෙයි. පරිත්තා = පර්වතයක් පමණ වූ හෝ රූපයක් අප්‍රිය වූවක් හෝ සිත් නො ගන්නා දෙයක් හෝ සුළු දෙයක් ලෙස හැඟී යාමක් හෝ බවට පත් විය හැක. එසේ වුවද රූපයන් ඔහුගේ සිත ග්‍රහණය කරගනී යයි දක්වයි.
කො පන වාදො අධිමත්තානං ප්‍රිය අරමුණක් වන සිත් ගන්නා වස්තුව සිත බැඳගන්නේය. යන මේ අදහසෙහි කවර නම් කථාවක් ද? නිය පිටට ගත හැකි තරම් ප්‍රමාණවත් වන්නා වු මිණිමුතු ආදී සිත් ගන්නා වස්තුවක් වුව ද (යමකුට) පමණ ඉක්ම වු අරමුණක් විය හැකියයි දත යුතුය. සාරො ආදීවූ පද තුන ද එකිනෙකට සමානාර්ථ ඇත්තේය භින්‍දෙය්‍ය = පහර දෙන්නේය හෝ පලන්නේය. පස්වැන්නෙහි – තදුභයං = ඒ දෙකය සයවැන්න පහසු වේමය.]
“මහණෙනි,
යමෙක් ශබ්ද කෙරෙහි ඇති කැමැත්ත දුරුකර නොගත්තේද,
දෝසය දුරුකර නොගත්තේද ,
මෝහය දුරුකර නොගත්තේද,
අල්පවු මුත් කාම ,දොස හෝ මෝහ ස්වභාව
ඔහු තුල වේනම් ඔහුගේ සවනට ඇසෙන
ඉතා සුළු ශබ්දයකින් පවා ඔහුගේ සන්තානය කැළඹේ.
ඉතා ප්‍රිය කන්කළු ශබ්ද අසුනු විට ඔහු කෙසේ නොකැළඹේද?
ඊට හේතු කවරේද යත්,
මහණෙනි, ඔහු තුල කැමැත්ත ඉතිරිව ඇති නිසාය.
. ඔහු තුල අකැමැත්ත ඉතිරිව ඇති නිසාය..
ඔහු තුල මෝහය ඉතිරිව ඇති නිසාය.
කාමය ප්‍රහීන නොවූ නිසාය. දෝෂයක් ප්‍රහීන නොවූ නිසාය.,
මෝහය ප්‍රහීන නොවූ නිසාය..
“මහණෙනි,
භික්‍ෂුවක් සුඝන්ධයන් කෙරෙහි ඇති කැමැත්ත දුරුකර නොගත්තේද,
දුර්ඝන්ධයන්කෙරෙහි දෝසය දුරුකර නොගත්තේද ,
මෝහය දුරුකර නොගත්තේද, අල්පවු මුත් කාම ,දොස හෝ
මෝහ ස්වභාව ඔහු තුල වේනම්
ඔහුගේ නාසයට දැනෙන ඉතා සුළු ඝන්ධයකින් පවා
ඔහුගේ සන්තානය කැළඹේ.
ඉතා ප්‍රිය කන්කළු සුවඳක් දැනුනු විට ඔහු කෙසේ නොකැළඹේද?
“මහණෙනි,
යමෙක්ට ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන්
කෙරෙහි කැමැත්ත ඇත්තේද, අකමැත්ත ඇත්තේද , මෝහය ඇත්තේද,
රස රාගය ප්‍රහීන නොවූයේද, දෝසය වේද, අකමැත්ත ප්‍රහීන නොවූයේද,
මෝහය ප්‍රහීන නොවූයේද,
ඔහුගේ දිවට අනිෂ්ටවූද ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ
රස හමුවෙතදී , ඒවා ඔහුගේ සිත විනාශ කරන්නාහ.
ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද.
ඊට හේතු කවරේද යත්,
මහණෙනි, ඔහු තුල කාමය ඉතිරිව ඇති නිසාය.
දෝසය ඉතිරිව ඇති නිසාය.. මෝහය ඉතිරිව ඇති නිසාය.
ලෝභය ප්‍රහීන නොවූයේය. දොසය ප්‍රහීන නොවූයේය.
මෝහය ප්‍රහීන නොවූයේය. එම නිසාය.
“මහණෙනි,
යමෙකුට කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයන් කෙරෙහි
කැමැත්තක් වේද ඒ ලෝභය වේ,
අකමැත්තක් වේද, ඒ දෝසය වේ,
ඒ කැමැත්ත යනු ලොභයබව අකමැත්ත දෝසය බව
නොදකියිද, ඒ මෝහය වේ.
ඒ ලෝභය ප්‍රහීන නොවූයේද, දෝෂයක් ප්‍රහීන නොවූයේද,
මෝහය ප්‍රහීන නොවූයේද,
ඔහුගේ කයට අනිෂ්ටවූද කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ
ස්පර්‍ශ හමුවෙත්දී , ඔහුගේ සිත විනාශ කරන්නාහ.
ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද.
ඊට හේතු කවරේද යත්,
මහණෙනි,මහණෙනි, ඔහු තුල කාමය ඉතිරිව ඇති නිසාය.

මෝහය ප්‍රහීන නොවූ නිසාය.
“මහණෙනි,
යමෙකුට මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්‍මයන් කෙරෙහි
කැමැත්තක් වේද ඒ ලෝභය වේ,
අකමැත්තක් වේද, ඒ දෝසය වේ,
ඒ කැමැත්ත යනු ලොභය බව
අකමැත්ත දෝසය බව නොදකියිද,
ඒ මෝහය වේ.
ඒ ලෝභය ප්‍රහීන නොවූයේද,
දෝෂය ප්‍රහීන නොවූයේද,
මෝහය ප්‍රහීන නොවූයේද,
ඔහුගේ සිතට අනිෂ්ටවූ ධර්ම හමුවෙත්දී ,
ඔහුගේ සිත විනාශ වෙන්නේය.
ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද.
ඊට හේතු කවරේද යත්,
මහණෙනි, ඔහු තුල කාමය ඉතිරිව ඇති නිසාය.
දෝසය ඉතිරිව ඇති නිසාය.
මෝහය ඉතිරිව ඇති නිසාය.

“මහණෙනි, ඇසතු හෝ නුග හෝ පුලිල හෝ දිඹුල් හෝ
තරුණ ලපටි කිරි ඇති ගසක් ඇත,
යම් පුරුෂයෙක් තියුණුවූ කෙටේරියෙන් ඒ ගසෙහි
තැනකින් සිඳින්නේනම් ඉන් කිරි ගලන්නේද?,
“එසේය, ස්වාමීනි. කිරි ගලයි,
“ඊට හේතු කවරේද?
“ස්වාමීනි, ඒ ගසෙහි කිරි ඇති හෙයිනි.,
“මහණෙනි,
එපරිද්දෙන්ම යමෙකු රූප කෙරෙහි
කැමැත්ත /ආසාව පහ නොකළේද ,
සමහර රුප කෙරෙහි අකමැත්ත, මද ලෙස හෝ ඉතිරිව ඇත්තේද,
මෝහය ඉතිරිව ඇත්තේද,
රාගය ප්‍රහීන නොවූයේද, දොසය ප්‍රහීන නොවූයේද,
මෝහය ප්‍රහීන නොවූයේද,
ඔහුගේ ඇසට අනිෂ්ටවූ රූප හමුවෙත්දී පවා ,
ඒවා ඔහුගේ සිත විනාශ කරන්නාහ. 166
ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද.
ඊට හේතු කවරේද යත්,
මහණෙනි, මහණෙනි, ඔහු තුල කාමය ඉතිරිව ඇති නිසාය.

[166:- බෙදා ඒ ඒ කොටස් වෙන්ව ගනියි. මේ ග්‍රාහකයෝ දෙදෙනා ම එක් ජවන වාරයකදීම (නිමිත්ත) ලබත් ජවන වාර කීපයකදී නම් කිව යුත්තක්ම නැත. (හෙවත් වැඩියෙන් නිමිති ගනීත්මය) නිමිත්තස්සාදෙ ගථිතං = නිමිත්ත ආස්වාදනයෙන් ඒ හා ගැට ගැසේ. බැඳේ.
විඤ්ඤාණං = කර්මය පිළිබඳව දැන ගැනීම.
තස්මිඤ්චෙ සමයෙ කාලං කරෙය්‍ය – කිලිටි වු සිතින් කාල ක්‍රියා කරන්නාවූ කිසිවෙක් හෝ ඇත්තේ නැත. සියළු සත්ත්වයන්ගේ ම කාලක්‍රියා කිරීම භවාංගයෙන්ම සිදු වේ. කෙලෙස් බිය දක්වන්නෝ මෙසේ කීහ. (එසේ නැතහොත්) මතවාද වශයෙන් හෝ මෙසේ කියන ලදී. ඇස නමැති දොරටුවෙහි වනාහී අරමුණ ගැටුණ කල්හි රාග සිතක් හෝ ද්වේෂ සිතක් හෝ මෝහ සිතක් හෝ ගැටුණ අරමුණු රසය විඳ ගෙන භවාංගයට බැස ගනියි. භවාංගයෙහි සිට කාල ක්‍රියා කරයි. එසමයෙහි කලුරිය කරන්නාට ගති දෙකක් බලාපොරොත්තු විය හැක. එම මතවාදය වශයෙන් (කිලිටි වූ සිතින් කාල ක්‍රියා කරන්නා වූ කිසිවෙක් හෝ නැත යන) මේ මතය කියන ලදී.]
“මහණෙනි, යමෙකුට යම් ශබ්දයන් කෙරෙහි කැමැත්තක් වේද.
යම් අන්‍ය ශබ්ද කෙරෙහි අකමැත්ත ලෙසින් දොස සිත් වේද,
ශබ්ද හුදු ශබ්ද ලෙස නොව,
මම කැමති මම අකමැති ශබ්ද ලෙස ගන්නා,
මෝහය වේද,
ශබ්ද ලොබ කාම, ශබ්ද කැමති සිත් ප්‍රහීන නොවූයේද,
ශබ්ද අකමැත්ත ලෙස එන ශබ්ද දෝසය ප්‍රහීන නොකලේද ,
ශබ්ද මෝහය ප්‍රහීන නොවූයේද,
ඔහුගේ කනට අනිෂ්ටවූද ශබ්දයෝ හමුවෙත්දීද
ඒවා ඔහුගේ සිත විනාශ කරන්නාහ.
ඉෂ්ටාරම්මණ ගැන කියනුම කවරේද.
ඊට හේතු කවරේද යත්,
මහණෙනි,
ඔහු තුල ශබ්ද කාමය ඉතිරිව ඇති නිසාය.
ශබ්ද දෝසය ඉතිරිව ඇති නිසාය.
ශබ්ද මෝහය ඉතිරිව ඇති නිසාය.
ශබ්ද ලෝභය ප්‍රහීන නොවූයේය.
ශබ්ද දොසය ප්‍රහීන නොවූයේය.
ශබ්ද මෝහය ප්‍රහීන නොවූයේය.
එම නිසාය.
“මහණෙනි,
යමෙකුට සුගන්‍ධයන් කෙරෙහි කැමැත්තක් ඇත්තේද,
දුරඝන්ධයක් කෙරෙහි නොසතුට ලෙස දෝසය වේද,
සුඝන්ධයහෝ දුර්ඝන්ධය හුදු ඝන්ධයක් ලෙස නොව ,
මා කැමති, මගේ එකක් ලෙස හෝ
මා අකමැති, අනුන්ගේ දෙයක් ලෙස ගන්නා මෝහය දුරු නොකළේද,
ඔහුගේ නාසයට අනිෂ්ටවූද ඝන්ධ හමුවෙත්දීද
ඒවා ඔහුගේ සිත විනාශ කරන්නාහ.
ඉෂ්ටාරම්මණවූ ඝන්ධ ගැන කියනුම කවරේද.
ඊට හේතු කවරේද යත්,
මහණෙනි, මහණෙනි, ඔහු තුල ඝන්ධ කාමය ඉතිරිව ඇති නිසාය.
ඝන්ධ දෝසය ඉතිරිව ඇති නිසාය.
ඝන්ධ මෝහය ඉතිරිව ඇති නිසාය.
ඝන්ධ ලෝභය ප්‍රහීන නොවූයේය.
ඝන්ධ දොසය ප්‍රහීන නොවූයේය.
ඝන්ධ මෝහය ප්‍රහීන නොවූයේය.
එම නිසාය
“මහණෙනි, යමෙකුට දිවෙන් දැනෙන රසයන් කෙරෙහි
කැමැත්තක් ආසාවක් රස නිසා සතුටුවන ස්ව්වභාවය ඇත්තේද,
යම් රස කෙරෙහි අකමැත්තක්, නොසතුටක් ලෙස දොසයක් වේද,
දිවෙන් දැනෙන රස හුදු රස ලෙස නොව ,

ඔහුගේ දිවට අනිෂ්ටවූද රස හමුවෙත්දීද
ඒවා ඔහුගේ සිත විනාශ කරන්නාහ.
ඉෂ්ටාරම්මණවූ රස ගැන කියනුම කවරේද.
ඊට හේතු කවරේද යත්,
මහණෙනි,
ඔහු තුල රස කාමය ඉතිරිව ඇති නිසාය.

රස ලෝභය ප්‍රහීන නොවූයේය. රස දොසය ප්‍රහීන නොවූයේය.
රස මෝහය ප්‍රහීන නොවූයේය. එම නිසාය.
“මහණෙනි,
යමෙකුට කාය විඤ්ඤාණයෙන් දැනෙන ස්පර්‍ශයන් කෙරෙහි
කැමැත්තක්, ආසාවක් ලෙස වන ලෝභයවේද,
අකමැත්ත , නොසතුට ලෙස වන දොස සිත් වේද,
ප්‍රිය ස්පර්‍ශය හෝ අප්‍රිය ස්පර්‍ශයක් ලෙස නොව ,
මම කැමති ස්පර්‍ශය ලෙස මම අකමැති ස්පර්‍ශ ලෙස,
මට දැනෙනා ස්පර්‍ශ ලෙස ගන්නා මෝහය ඇත්තේද,
කැමැත්ත නම් ලෝබය ප්‍රහීන නොවූයේද,
අකමැත්යත නම් දෝසය ප්‍රහීන නොවූයේද,
මෝහය ප්‍රහීන නොවූයේද,
ඔහුගේ කයට අනිෂ්ටවූ ස්පර්‍ශයෝ හමුවෙත්දී පවා,
ඒ ස්පර්ශ , ඔහුගේ සිත විනාශ කරන්නාහ.
ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද.
ඊට හේතු කවරේද යත්,
මහණෙනි, ඔහු තුල ස්පර්‍ශ කාමය ඉතිරිව ඇති නිසාය.
ස්පර්‍ශ දෝසය ඉතිරිව ඇති නිසාය..
ස්පර්‍ශ මෝහය ඉතිරිව ඇති නිසාය.
ස්පර්‍ශ ලෝභය ප්‍රහීන නොවූයේය. ස්පර්‍ශ දොසය ප්‍රහීන නොවූයේය.
ස්පර්‍ශ මෝහය ප්‍රහීන නොවූයේය.
එම නිසාය. ය.
“මහණෙනි,
යමෙකුට සිතට දැනෙන ධර්‍මයන් කෙරෙහි
කැමැත්තක්, ලොබයක්වේද.
යම් ධර්ම කෙරෙහි අකමැත්තක්, නොමනාපයක් ලෙස දෝසය වේද,
මම කැමති, මම අකමැති ලෙස
ධර්ම ආත්ම ලෙස දකීද එසේ ගන්නා මෝහය වේද,
ඔහුගේ සිතට අනිෂ්ටවූ ධර්‍මයෝ පවා හමුවෙත්දී,
ඒ ධර්ම ඔහුගේ සිත විනාශ කරන්නාහ.
ඉෂ්ටාරම්මණ ධර්මයන ගැන කියනුම කවරේද.
ඊට හේතු කවරේද යත්,
මහණෙනි, ඔහු තුල ධම්ම කාමය ඉතිරිව ඇති නිසාය.
ධම්ම දෝසය ඉතිරිව ඇති නිසාය..
ධම්ම මෝහය ඉතිරිව ඇති නිසාය.
ධම්ම ලෝභය ප්‍රහීන නොවූයේය.
ධම්ම දොසය ප්‍රහීන නොවූයේය.
ධම්ම මෝහය ප්‍රහීන නොවූයේය.
එම නිසාය. ය..
“මහණෙනි,
යමෙකුට රූපයන් කෙරෙහි රුප රාගය නැත්තේද,
අකමැත්ත ලෙස රුප දෝසය නැත්තේද,
රුප පිලිබඳ මෝහය නැත්තේද,
රුප රාගය ප්‍රහීණවූයේද,
රුප දොස ප්‍රහීන වූයේද,
රුප පිලිබඳ මෝහය ප්‍රහීන වූයේද,
ඔහුගේ ඇසට ඉදින් ඉෂ්ටවූද රූපයෝ හමුවෙත්ද,
ඒ රුප ඔහුගේ සිත විනාශ නොකරත්මය.
අනිෂ්ට රූපයක් ගැන කියනුම කවරේද,
ඊට හේතු කවරේද යත්,
මහණෙනි, ඔහු සන්තානයේ රාගයක් නැත්තේය.
දෝසයක් නැත්තේය.
මෝහයක් නැත්තේය.
රාගය ප්‍රහීන වූයේය.
දොසය ප්‍රහීන වූයේය.
මෝහය ප්‍රහීන වූයේය.
(එහෙයිනි.)
“මහණෙනි,
යමෙකුට ශබ්දයන් කෙරෙහි කැමැත්තක් රාගයක් නැත්තේද,
ශබ්දයන් කෙරෙහි අකමැත්තක් දෝෂයක් නැත්තේද,
ශබ්දයන් කෙරෙහි මෝහයක් නැත්තේද,
ශබ්දයන් කෙරෙහි කැමැත්ත ප්‍රහීණවූයේද,
ශබ්දයන් කෙරෙහි දොසය ප්‍රහීණ වූයේද,
ශබ්දයන් පිලිබඳ මෝහය ප්‍රහීණවූයේද,
ඔහුගේ කනට ඉදින් ඉෂ්ටවූ ශබ්දයෝ හමුවෙත්දීද ,
ඒ නිසා ඔහුගේ සිත විනාශ නොකරත්මය.
අනිෂ්ටවූ ශබ්දයක් ගැන කියනුම කවරේද,
ඊට හේතු කවරේද යත්,
මහණෙනි, ඔහු සන්තානයේ රාගයක් නැත්තේය.
යම් ද්වේෂයක්වේද, එය නැත්තේය.
යම් මෝහයක් වේද, එය නැත්තේය.
යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය.
යම් දෝෂයක් වේද, එය ප්‍රහීන වූයේය.
යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.
(එහෙයිනි.).
“මහණෙනි,
යමෙකුට ගන්‍ධයන් කෙරෙහි යම් කිසිම කැමැත්තක් නැත්තේද,
අකමැත්තක් ලෙස වන දෝසය නැත්තේද,
ගන්‍ධයන් පිලිබඳ මෝහය නැත්තේද,
සුගන්‍ධයන් වෙත කැමැත්ත ප්‍රහීන වූයේද,
දුර්ගන්‍ධයන් නිසා ඇතිවන අකමැත්ත
ලෙස වන දෝසය ප්‍රහීන කලේද,
ගන්‍ධයන් පිලිබඳ මෝහය ප්‍රහීන වූයේද,
ඔහුගේ නාසයට ඉදින් ඉෂ්ටවූ ගන්‍ධයෝ හමුවෙත්දීද,
ඒ ඝන්ධයන් ඔහු ගේ සිත විනාශ නොකරත්මය.
අනිෂ්ට ගන්‍ධයක් ගැන කියනුම කවරේද,
ඊට හේතු කවරේද යත්,
මහණෙනි, ඔහු සන්තානයේ රාගයක් නැත්තේය.
යම් ද්වේෂයක්වේද, එය නැත්තේය.
යම් මෝහයක් වේද, එය නැත්තේය.
යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය.
යම් දෝෂයක් වේද, එය ප්‍රහීන වූයේය.
යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.
(එහෙයිනි.).
“මහණෙනි,
යමෙකුට දිවෙන් දැනෙන රසයන් කෙරෙහි කැමැත්තක් නැත්තේද,
අකැමැත්තක් ලෙස දොසය නැත්ද,
රසය නම් හුදු රසයක් ලෙස ලෙස නොදන්නා මෝහය නැත්තේද,
රස රාගය ප්‍රහීන වූයේද, රස දෝසය ප්‍රහීන වූයේද,
රස මෝහය ප්‍රහීන වූයේද,
ඔහුගේ දිවට ඉදින් ඉෂ්ටවූ රසයෝ හමුවෙත්දීද ,
ඔහුගේ සිත ඉන් විනාශ නොකරත්මය.
අනිෂ්ටවූ රසයක් ගැන කියනුම කවරේද,
ඊට හේතු කවරේද යත්,
මහණෙනි, ඔහු සන්තානයේ රාගයක් නැත්තේය.
යම් ද්වේෂයක්වේද, එය නැත්තේය.
යම් මෝහයක් වේද, එය නැත්තේය.
යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය.
යම් දෝෂයක් වේද, එය ප්‍රහීන වූයේය.
යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.
(එහෙයිනි.).
“මහණෙනි,
යමෙකුට ස්පර්‍ශයන් කෙරෙහි යම් කැමැත්තක් ලොබයක් නැත්තේද,
යම් ස්පර්‍ශයන් කෙරෙහි අකැමැත්තක්දොසයක් නැත්තේද,
ස්පර්‍ශයන් හුදු ස්පර්‍ශයන් ලෙස නොදකින මෝහය නැත්තේද,
ස්පර්‍ශ රාගය ප්‍රහීන වූයේද, ස්පර්‍ශ ද්වේෂය ප්‍රහීන වූයේද,
ස්පර්‍ශ මෝහය ප්‍රහීන වූයේද,
ඔහුගේ කයට ඉදින් ඉෂ්ටවූ ස්පර්‍ශයෝ හමුවෙත්දීද ,
ඉන් ඔහුගේ සිත විනාශ නොකරත්මය.
අනිෂ්ටවූ ස්පර්‍ශයක් ගැන කියනුම කවරේද,
ඊට හේතු කවරේද යත්,
මහණෙනි, ඔහු සන්තානයේ රාගයක් නැත්තේය.
යම් ද්වේෂයක්වේද, එය නැත්තේය.
යම් මෝහයක් වේද, එය නැත්තේය.
යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය.
යම් දෝෂයක් වේද, එය ප්‍රහීන වූයේය.
යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.
(එහෙයිනි.).
“මහණෙනි,
යමෙකුට කිසි ධර්‍මයන් කෙරෙහි කැමැත්තක් නැත්තේද,
අකමැත්තක්ම ලෙස දොස නැත්තේද,
ධර්‍මයන් හුදු ධර්‍මයන් ලෙස නොදන්නා මෝහය නැත්තේද,
ධර්‍ම ලෝභය ප්‍රහීන වූයේද, ධර්‍ම දෝසය ප්‍රහීන වූයේද,
ධර්‍ම මෝහය ප්‍රහීන වූයේද,
ඔහුගේ සිතට ඉදින් ඉෂ්ටවූ ධර්‍මයෝ හමුවෙත්දීද,
ඒ ධර්ම ඔහුගේ සිත විනාශ නොකරත්මය.
අනිෂ්ටවූ ධම්මාරම්මණයන් ගැන කියනුම කවරේද,
ඊට හේතු කවරේද යත්,
මහණෙනි, ඔහු සන්තානයේ රාගයක් නැත්තේය.
යම් ද්වේෂයක්වේද, එය නැත්තේය.
යම් මෝහයක් වේද, එය නැත්තේය.
යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය.
යම් දෝෂයක් වේද, එය ප්‍රහීන වූයේය.
යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.
(එහෙයිනි.).
“මහණෙනි,
යම් පුරුෂයෙක් තියුණුවූ කෙටේරියෙන් ගෙනවුත්
ඇසතු හෝ නුග හෝ පුලිල හෝ දිඹුල් හෝ
වියලුනාවූ මැලවුනාවූ දිරා ගියාවූ කිරි ගසක්
සිඳින්නේනම් ඒ තැනින් කිරි එන්නේද? “
“ස්වාමීනි එය නොවේමැයි,
“ඊට හේතු කවරේද?
“ස්වාමීනි, වීයලුනු ගසේ කිරක් නැති හෙයිනි.,
“මහණෙනි,
යමෙකු තමා දකිනා රූප කෙරෙහි රාගය නැත්තේද,
දෝෂයක් නැත්තේද,
මෝහයක් නැත්තේද,
රාගය ප්‍රහීණවූයේද,
දෝෂය ප්‍රහීන වූයේද,
මෝහය ප්‍රහීන වූයේද,
ඔහුගේ ඇසට ඉදින් පෙනෙන ඉෂ්ට රූපයෝ හමුවෙත්දීද,
ඔහුගේ සිත විනාශ නොවෙත්මය.
අනිෂ්ට රූපයක් ගැන කියනුම කවරේද,
ඊට හේතු කවරේද යත්,
මහණෙනි, ඔහු සන්තානයේ රාගයක් නැති නිසාය.
දෝෂයක් නැති නිසාය..
මෝහයක් නැති නිසාය..
රාගය, ප්‍රහීන වූයේය.
දෝෂය ප්‍රහීන වූයේය.
මෝහය ප්‍රහීන වූයේය.
(එහෙයිනි.).
“මහණෙනි,
යමෙකු අසන ශබ්දයන් කෙරෙහි
කැමැත්තක් නැත්තේද,
අකමැතක් නැත්තේද, මෝහය නැත්තේද,
රාගය ප්‍රහීණවූයේද, දෝෂය ප්‍රහීණවූයේද,
මෝහය ප්‍රහීණවූයේද,
ඔහුගේ කනට ඉදින් ඉෂ්ටවූද ශබ්දයෝ හමුවෙත්දීද ,
ඔහුගේ සිත විනාශ නොකරත්මය.
අනිෂ්ටවූ ශබ්දයක් ගැන කියනුම කවරේද,
ඊට හේතු කවරේද යත්,
මහණෙනි, ඔහු සන්තානයේ රාගයක් නැති නිසාය..
දෝෂයක් නැති නිසාය..
මෝහයක් නැති නිසාය..
රාගයක් නැති නිසාය..
යම් දෝෂයක් වේද, එය ප්‍රහීන වූයේය.
යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.
(එහෙයිනි.).
“මහණෙනි,
යමෙකුට නාසයෙන් දැනෙන ගන්‍ධයන්
නිසා කැමැත්තක්, ආසාවක් රාගයක් නැත්තේද,
දෝෂයක් නැත්තේද, මෝහය නැත්තේද,
රාගයක් ප්‍රහීන වූයේද, දෝෂය ප්‍රහීන වූයේද,
මෝහය ප්‍රහීන වූයේද,
ඔහුගේ නාසයට ඉදින් ඉෂ්ටවූද ගන්‍ධයෝ හමුවෙත්දීද,
ඔහුගේ සිත විනාශ නොකරත්මය.
අනිෂ්ට ගන්‍ධයක් ගැන කියනුම කවරේද,
ඊට හේතු කවරේද යත්,
මහණෙනි, ඔහු සන්තානයේ රාගයක් නැත්තේය.
යම් ද්වේෂයක්වේද, එය නැත්තේය.
යම් මෝහයක් වේද, එය නැත්තේය.
යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය.
යම් දෝෂයක් වේද, එය ප්‍රහීන වූයේය.
යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.
(එහෙයිනි.).
“මහණෙනි,
යමෙකුට දිවෙන් දැනෙන රසයන් කෙරෙහි
කැමැත්ත රාගයක් නැත්තේද,
නොමනාපයක් දෝෂයක් නැත්තේද,
මෝහයක්වේ නැත්තේද, රාගය ප්‍රහීන වූයේද,
දෝෂය ප්‍රහීන වූයේද, මෝහය ප්‍රහීන වූයේද,
ඔහුගේ දිවට ඉදින් ඉෂ්ටවූ රසයෝ හමුවෙත්දීද,
ඔහුගේ සිත විනාශ නොකරත්මය.
අනිෂ්ටවූ රසයක් ගැන කියනුම කවරේද,
ඊට හේතු කවරේද යත්,
මහණෙනි, ඔහු සන්තානයේ රාගයක් නැත්තේය.
යම් ද්වේෂයක්වේද, එය නැත්තේය.
යම් මෝහයක් වේද, එය නැත්තේය.
යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය.
යම් දෝෂයක් වේද, එය ප්‍රහීන වූයේය.
යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.
(එහෙයිනි.)..
“මහණෙනි,
යමෙකුට කයට දැනෙන ස්පර්ශ නිසා
කැමැත්තක් රාගයක් නැත්තේද,
නොමනාපයක් දෝෂයක් නැත්තේද,
මෝහයක්වේ නැත්තේද, රාගය ප්‍රහීන වූයේද,
දෝෂය ප්‍රහීන වූයේද, මෝහය ප්‍රහීන වූයේද,
ඔහුගේ කයට ඉදින් ඉෂ්ටවූ ස්පර්ශ හමුවෙත්දීද,
ඔහුගේ සිත විනාශ නොකරත්මය.
අනිෂ්ටවූ ස්පර්ශ ගැන කියනුම කවරේද
ඊට හේතු කවරේද යත්,
මහණෙනි, ඔහු සන්තානයේ රාගයක් නැත්තේය.
යම් ද්වේෂයක්වේද, එය නැත්තේය.
යම් මෝහයක් වේද, එය නැත්තේය.
යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය.
යම් දෝෂයක් වේද, එය ප්‍රහීන වූයේය.
යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.
(එහෙයිනි.).
“මහණෙනි,
යමෙකුට සිතට දැනෙන ධර්‍මයන් කෙරෙහි
කැමැත්ත රාගයක් නැත්තේද,
නොමනාපයක් දෝෂයක් නැත්තේද,
මෝහයක්වේ නැත්තේද, රාගය ප්‍රහීන වූයේද,
දෝෂය ප්‍රහීන වූයේද, මෝහය ප්‍රහීන වූයේද,
ඔහුගේ සිතට ඉදින් ඉෂ්ටවූ සිතිවිලි ඒත්දීද,
ඔහුගේ සිත විනාශ නොකරත්මය.
අනිෂ්ටවූ සිතිවිලි ගැන කියනුම කවරේද.
ඊට හේතු කවරේද යත්,
මහණෙනි, ඔහු සන්තානයේ රාගයක් නැත්තේය.
යම් ද්වේෂයක්වේද, එය නැත්තේය.
යම් මෝහයක් වේද, එය නැත්තේය.
යම් රාගයක් වේද, එය ප්‍රහීන වූයේය.
යම් දෝෂයක් වේද, එය ප්‍රහීන වූයේය.
යම් මෝහයක් වේද, එය ප්‍රහීන වූයේය.
(එහෙයිනි.).
[167:- ඉමං ඛ්වාහං – භික්ඛවෙ ආදීනවං = බොහෝ වූ වර්ෂ ලක්ෂ ගණන් නිරයෙහි විඳිය යුතු දුක් දකින්නෙම් මෙසේ කියමි. කෙසේ ද යත් “රත් වූ යකඩ කූරකින් ඇස්වල අඳුන් ගෑමට කැමැත්තේද” යනුයි. මේ පිළිවෙළින් සියළු තන්හිම අරුත් දත යුත්තේය. අයොසඞ්කුනා = යකඩ උලකින් සම්‍යලිමට්ඨං දෙකන් සිදුරු විනිවිද පොළව දක්වා යැවීම් වශයෙන් “සම්පලි මට්ඨං”යි කියන ලදී.]
එක් කලෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේද බරණැස් නුවර මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. දිනක් ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිර යෝ සවස් වේලෙහි ඵල සමවතින් නැගීසිටියේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවියයුතු සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හිඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට මෙය සැල කෙළේය.
“ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, කිමෙක්ද?
“ඇස රූපයන්ට සංයෝජනය වේද,
රූපයෝ ඇසට සංයෝජන වෙත්ද?
කන ශබ්දයන්ට සංයෝජනය වේද,
ශබ්දයෝ කනට සංයෝජන වේද?
නාසය ගන්‍ධයන්ට සංයෝජනය වේද,
ගන්‍ධයෝ නාසයට සංයෝජන වේද?
දිව රසයන්ට සංයෝජනය වේද,
රස දිවට සංයෝජන වේද?
කය ස්පර්‍ශයන්ට සංයෝජනය වේද,
ස්පර්‍ශයෝ කයට සංයෝජන වේද?
සිත ධර්‍මයන්ට සංයෝජනය වේද,
ධර්‍මයෝ සිතට සංයෝජන වෙත්ද?, කියායි.
“ඇවැත්නි,
කළු ගවයෙක්ද, සුදු ගවයෙක්ද,
එක දම්වැලකින් හෝ ලණුවකින් හෝ බඳින ලද්දේද,
යමෙක් ” කළු ගවයා සුදු ගවයාට බන්‍ධනය වී ඇත” හෝ
“සුදු ගවයා කළු ගවයාට බන්‍ධනය වී ඇත’ කියා කියන්නේ නම්
හෙතෙම සත්‍යයක් කියන්නේද?
“ඇවැත්නි, එය නොවේමැයි.,
“ඇවැත්නි,
කළු ගවයා සුදු ගවයාගේ බන්‍ධනය නොවේ.
සුදු ගවයා කළු ගවයාගේ බන්‍ධනය නොවේ.
ඔවුහු එක දම්වැලකින් හෝ එක් ලණුවකින් හෝ බඳින ලද්දේ නම්,
ඒ සංයෝජනය උන්ගේ බැඳීම (බන්‍ධනය) වේ.
“ඇවැත්නි, එපරිද්දෙන්ම
ඇස රූපයන්ට නොබැඳේ
රූපයෝ ඇසට නොබැඳේ.
ඒ දෙක නිසා ඡන්‍ද රාගය උපදී,
එය එහි සංයෝජනය වේ.
“කන ශබ්දයන්ට නොබැඳේ.
ශබ්දයෝ කනට නොබැඳේ
ඒ දෙක නිසා ඡන්‍ද රාගය උපදී,
එය එහි සංයෝජනය වේ.
“නාසය ගන්‍ධයන්ට නොබැඳේ.
ගන්‍ධයෝ නාසයට නොබැඳේ.
එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදී.
එය එහි සංයෝජනය වේ.
“දිව රසයන්ට නොබැඳේ.
රසයෝ දිවට නොබැඳේ.
ඒ දෙක නිසා ඡන්‍ද රාගය උපදී,
එය එහි සංයෝජනය වේ.
කය ස්පර්‍ශයන්ට නොබැඳේ.
ස්පර්‍ශයෝ කයට නොබැඳේ.
ඒ දෙක නිසා ඡන්‍දරාගය උපදී,
එය එහි සංයෝජනය වේ.
“සිත ධර්‍මයන්ට නොබැඳේ.
ධර්‍මයෝ සිතට නොබැඳේ.
සිත හා ධර් ම යන දෙක නිසා ඡන්‍දරාගය උපදී,
එය එහි සංයෝජනය වේ.
[ කැමැත්ත නොහොත් චන්ද රාගය ]
රූප ඡන්දරාගය, ශබ්ද ඡන්දරාගය, ගන්ධ ඡන්ද රාගය, රස ඡන්දරාගය, ස්ප්‍රෂ්ටව්‍ය ඡන්දරාගය, ධර්ම ඡන්දරාගය යි ඡන්දරාග සයෙකි. රාග යනු ප්‍රීතිය හා බැඳුණු තණ්හාවය. දරුවකු සුරතල් කරන මවකට පියකුට ඒ අවස්ථාවෙහි දරුවා ගැන ඇති වන සප්‍රීතික තණ්හාව රාගය ය. මුණුපුරකු සුරතල් කරන මුත්තකුට මිත්තනියකට ඒ අවස්ථාවෙහි මුණුපුරා ගැන ඇති වන සප්‍රීතික තණ්හාව රාගය ය. අඹු සැමියන් ඔවුනොවුන් සතුටු වන අවස්ථාවන්හි ඇති වන සප්‍රීතික තණ්හාව රාගය ය. ප්‍රියමනාප කිනම් වස්තුවක් නිසා වුවද ඇති වන සප්‍රීතික තණ්හාව රාගය ය. රාගය, සොයා ගැනීමේ ලබා ගැනීමේ රැස් කර තබා ගැනීමේ අයත් කර ගෙන සිටීමේ තණ්හාවට වඩා වෙනස් වූ තණ්හාවෙකි. මේ ෂට්කයෙහි දැක්වෙන්නේ සාමාන්‍ය රාගය නොව බලවත් වූ රාගය ය. බලවත් රාගය ඇතියෝ අඹු දරු ආදි රාග වස්තූන් නට කල්හි හඬති. විලාප කියති. හිසට පපුවට ගසා ගනිති. බිම පෙරළෙති. සිහි නැති වී වැටෙති. සමහර විට එයින් නැසෙති. මේ රාගය ගිහි පැවිදි කාහට ද ඇතියකි. එහෙත් පැවිද්දන් හිතවතුන්ගේ මරණවලදී වස්තු හානිවලදී බලාපොරොත්තු සුන්වීම්වලදී ගිහියන් මෙන් මහ හඬින් විලාප කියනු හිසට පපුවට ගසනු සිහි නැතිව වැටෙනු බිම පෙරළෙනු නො දක්නා ලැබේ. එයින් සැලකිය යුත්තේ ගිහියන්ට තරමේ බලවත් රාගයක් පැවිද්දන්ට නැතය කියා ය. බලවත් රාගය ගිහියන්ට ඇති වන්නක් බැවින් එයට ගේහසිත රාගය යි කියනු ලැබේ.
මනාප වූ රූපයන් ගැන ඇති වන ගේහසිත රාගය මනාප වූ ශබ්දයන් ගැන අති වන ගේහසිත රාගය මනාප වූ ගන්ධයන් ගැන ඇති වන ගේහසිත රාගය මනාප වූ රසයන් ගැන ඇති වන ගේහසිත රාගය මනාප වූ ස්ප්‍රෂ්ටව්‍යයන් ගැන ඇති වන ගේහසිත රාගය යන මේ සය මේ ෂට්කයේ දැක්වෙන කෙලෙස් සය ය.
මෙහි ධර්මය යි කියනුයේ රූප ශබ්ද ගන්ධ රස ස්ප්‍රෂ්ටව්‍ය යන පස හැර සත්ත්වයනට ප්‍රියමනාප අන් සියල්ල ය. උගත්කම උපාධි ගරුනාම තනතුරු කීර්ති ප්‍රශංසා ශූරභාවය වීරභාවය ශීල සමාධි ප්‍රඥා යනාදි සත්ත්වයන්ට ප්‍රියමනාප සියල්ල පිළිබඳ වූ ගේහසිත රාගය, ධර්මයන් ගැන ඇති වන ගේහසිත රාගය යි දත යුතු.]
“ඇවැත්නි,
ඇස රූපයන්ට සංයෝජනය වන්නේ නම්
රූප හෝ ඇසට සංයෝජනය වන්නේ නම්
මේ බ්‍රහ්මචර්‍ය්‍යාව දුක් නැතිකිරීම පිණිස නොවන්නේය.
ඇවැත්නි,
ඇස රූපයන්ට සංයෝජනය නොවෙන නිසා ,
රූපයෝ ඇසට සංයෝජනය නොවෙන නිසා
ඒ දෙක නිසා උපදින ඡන්‍දරාගය ම
එහි සංයෝජනය වේ,
එහෙයින් මේ බ්‍රහ්මචර්‍ය්‍යාව දුක් නැතිකිරීම පිණිසම හේතු වෙයි.
“ඇවැත්නි,
කන ශබ්දයන්ට සංයෝජනය වන්නේ නම් හෝ
ශබ්ද කනට සංයෝජනය වන්නේ නම්
මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් දුක් නැති කිරීම නොවන්නේය.
ඇවැත්නි,
කන ශබ්දයන්ට සංයෝජනය නොවෙත්,
ශබ්දයෝ කනට සංයෝජනය නොවෙත්,
එහි ඒ දෙක නිසා ඡන්‍දරාගය උපදී,
ඒ එහි සංයෝජනය වේ,
එහෙයින් බ්‍රහ්මචර්‍ය්‍යාවාසය දුක් නැතිකිරීම පිණිස වේයි.
“ඇවැත්නි,
නාසය ගන්‍ධයන්ට සංයෝජනය වන්නේ නම් හෝ
ගන්‍ධ නාසයට සංයෝජනය වන්නේ නම්
මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි විසීමෙන් දුක් නැතිකිරීමක් නොවන්නේය.
ඇවැත්නි,
නාසය ගන්‍ධයන්ට සංයෝජනය නොවේ,
ගන්‍ධයෝ නාසයට සංයෝජනය නොවෙත්
ඒ දෙක නිසා උපදීන ඡන්‍දරාගය එහි සංයෝජනය වේ,

දිව රසයන්ට සංයෝජනය වන්නේ නම් හෝ
රස හෝ දිවට සංයෝජන වන්නේ නම්,
දුක් නැති කිරීම පිණිස මේ බ්‍රහ්මචර්‍ය්‍යා වාසය හේතු නොවන්නේය.
ඇවැත්නි දිව රසයන්ට සංයෝජනය නොවේ,
රසයෝ දිවට සංයෝජනය නොවෙත්.

එහෙයින් මේ බ්‍රහ්මචර්‍ය්‍යාවාසය දුක් නැතිකිරීම පිණිස හේතු වේ.
“ඇවැත්නි,
කය ස්පර්‍ශයන්ට සංයෝජනය වන්නේ නම් හෝ
ස්පර්‍ශ කයට සංයෝජනය වන්නේ නම්
මේ බ්‍රහ්මචර්‍ය්‍යාව දුක් නැතිකිරීම පිණිස හේතු නොවන්නේය.
ඇවැත්නි,
කය ස්පර්‍ශයන්ට සංයෝජනය නොවේ,
ස්පර්‍ශයෝ කයට සංයෝජනය නොවෙත්.

එහෙයින් මේ බ්‍රහ්මචර්‍ය්‍යාව දුක් නැතිකිරීම පිණිස හේතු වෙයි.
“ඇවැත්නි,
සිත ධර්‍මයන්ට සංයෝජනය වන්නේ නම්
ධර්‍මයෝ සිතට සංයෝජනය වෙත් නම්
මේ බ්‍රහ්මචර්‍ය්‍යාව පිරීමෙන් දුක් නැතිකිරීමක් නොවන්නේය.
ඇවැත්නි,
සිත ධර්‍මයන්ට සංයෝජනය නොවේ,
ධර්‍මයෝ සිතට සංයෝජනය නොවෙත්
එහි ඒ දෙක නිසා ඇතිවන ඡන්‍දරාගය එහි සංයෝජනය වේ,
එහෙයින් බ්‍රහ්මචර්‍ය්‍යාවාසය දුක් නැසීම පිණිස වෙයි.
“ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි.
ඇස රූපයන්ට සංයෝජනය නොවේ,
රූපයෝ ඇසට සංයෝජනය නොවෙත්,
ඒ දෙක නිසා උපදින ඡන්‍දරාගය එහි සංයෝජනය වේ.
“ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි.
කන ශබ්දයන්ට සංයෝජනය නොවේ,
ශබ්දයෝ කනට සංයෝජනය නොවෙයි,
ඒ දෙක නිසා ඇතිවන ඡන්‍දරාගය එහි සංයෝජනය වේ.
“ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි.
නාසය ගන්‍ධයන්ට සංයෝජනය නොවේ,
ගන්‍ධයෝ නාසයට සංයෝජනය නොවෙයි,

ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි.
දිව රසයන්ට සංයෝජනය නොවේ,
රස දිවට සංයෝජනය නොවෙයි,
එහි ඒ දෙක නිසා ඇතිවන ඡන්‍දරාගය එහි සංයෝජනය වේ.
“ඇවැත්නි ඒ මේ කාරණයෙනුත් මෙය දත යුතුයි.
කය ස්පර්‍ශයන්ට සංයෝජනය නොවේ,
ස්පර්‍ශයෝ කයට සංයෝජනය නොවෙයි,

ධර්‍මයෝ සිතට සංයෝජනය නොවේ,

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේට ඇස විද්‍යාමාන වේ. භාග්‍යවතුන් වහන්සේ ඇසින් රූප දකිත්. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයක් නැත්තේය. භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් මිදුනු සිත් ඇති සේක.
“ඇවැත්නි,
භාග්‍යවතුන් වහන්සේට කන විද්‍යාමාන වේ.
භාග්‍යවතුන් වහන්සේ කනෙන් ශබ්ද අසත්.
භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයක් නැත්තේය.
භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන්ගේන් මිදුනු සිත් ඇති සේක.
“ඇවැත්නි,
භාග්‍යවතුන් වහන්සේට නාසය විද්‍යාමාන වේ.
භාග්‍යවතුන් වහන්සේ නාසයෙන් ගන්‍ධයන් ආඝ්‍රාණය කරත්.
භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයක් නැත්තේය.
භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් මිදුනු සිත් ඇති සේක.
“ඇවැත්නි,
භාග්‍යවතුන් වහන්සේට දිව ඇත්තේමය.
භාග්‍යවතුන් වහන්සේ දිවෙන් රස විඳිත්.
භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයක් නැත්තේය.
භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන්ගෙන් මිදුනේ වේ.
“ඇවැත්නි,
භාග්‍යවතුන් වහන්සේට කය විද්‍යාමාන වේ.
භාග්‍යවතුන් වහන්සේ කයෙන් ස්පර්‍ශ කරත්.

භාග්‍යවතුන් වහන්සේට සිතක් ඇත්තේය.
භාග්‍යවතුන් වහන්සේට සිතින් ධර්‍මාරමුණු දනිත්.
භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගය නැත්තේය.
භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන්ගෙන් මිදුනු සිත් ඇත්තාහ.
“ඇවැත්නි,
මේ ප්‍රකාරයෙන්ද මෙය දත යුතුයි.
ඇස රූපයන්ට සංයෝජනය නොවේ,
රූපයෝ ඇසට සංයෝජනය නොවෙයි,
ඒ දෙක නිසා ඇතිවන ඡන්‍දරාගය එහි සංයෝජනය වේ,
“කන ශබ්දයන්ට සංයෝජනය නොවේ,
ශබ්දයෝ කනට සංයෝජනය නොවේ,
ඒ දෙක නිසා උපදින ඡන්‍දරාගය එහි සංයෝජනය වේ,
“නාසය ගන්‍ධයන්ට සංයෝජනය නොවේ,
ගන්‍ධයෝ නාසයට සංයෝජනය නොවේ,

“දිව රසයන්ට සංයෝජනය නොවේ,
රසයෝ දිවට සංයෝජනය නොවේ,

“ කය ස්පර්‍ශයන්ට සංයෝජනය නොවේ,
ස්පර්‍ශයෝ කයට සංයෝජනය නොවේ,

“සිත ධර්‍මයන්ට සංයෝජනය නොවේ,
ධර්‍මයෝ සිතට සංයෝජනය නොවේ,
ඒ දෙක නිසා ඇතිවන ඡන්‍දරාගය එහි සංයෝජනය වේ”
යයි, වදාළේය.
එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කාමභූ ස්ථවිරයන් වහන්සේද, කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වාසය කරති. දිනක් ආයුෂ්මත් කාමභූ ස්ථවිරයෝ සවස් වේලෙහි විවේකයෙන් නැඟී සිටියේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ වෙත පැමිණ සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හිඳ මෙසේ සැල කෙළේය.
“ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයෙනි,
“ඇස රූපයන්ගේ සංයෝජනය වේද,
රූපයෝ ඇසට සංයෝජන වෙත්ද?
කන ශබ්දයන්ගේ සංයෝජනය වේද,
ශබ්ද කනට සංයෝජන වේද?
නාසය ගන්‍ධයන්ට සංයෝජනය වේද,
ගන්‍ධයෝ නාසයට සංයෝජන වේද?
දිව රසයට සංයෝජනය වේද,
රස දිවට සංයෝජන වේද?
කය ස්පර්‍ශයන්ගේ සංයෝජනය වේද,
ස්පර්‍ශයෝ කයට සංයෝජන වේද?
සිත ධර්‍මයන්ට සංයෝජනය වේද,
ධර්‍මයෝ සිතට සංයෝජන වෙත්ද?, කියායි.
ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක
“ආයුෂ්මත් කාමභූ ස්ථවිරයෙනි,
ඇස රූපයන්ගේ සංයෝජනය නොවේ.
රූපයෝ ඇසට සංයෝජන නොවෙත්.

“කන ශබ්දයන්ගේ සංයෝජනය නොවේ.
ශබ්දයෝ කනට සංයෝජන නොවෙත්.
ඒ දෙක නිසා උපදින ඡන්‍දරාගයකුත් එහි සංයෝජනය වේ.
“නාසය ගන්‍ධයන්ගේ සංයෝජනය නොවේ.
ගන්‍ධයෝ නාසයට සංයෝජන නොවෙත්.

“දිව රසයන්ගේ සංයෝජනය නොවේ.
රසයෝ දිවට සංයෝජන නොවෙත්.

“කය ස්පර්‍ශයන්ගේ සංයෝජනය නොවේ. ස්පර්‍ශයෝ කයට සංයෝජන නොවෙත්. එහි ඒ දෙක නිසා යම් ඡන්‍දරාගයකුත් උපදීද, ඒ එහි සංයෝජනය වේ.
“සිත ධර්‍මයන්ගේ සංයෝජනය නොවේ.
ධර්‍මයෝ සිතට සංයෝජන නොවෙත්.

එක දම්වැලකින් හෝ ලණුවකින් හෝ බඳින ලද විට ,
යමෙක් “කළු ගවයා සුදු ගවයාට බන්‍ධනය විය” හෝ
” සුදු ගවයා කළු ගවයාට බන්‍ධනය වෙයි’ කියන්නේ නම්
හෙතෙම සත්‍යයක් කියන්නේද?
“ඇවැත්නි, එය නොවේමැයි.,
“ඇවැත්නි,
කළු ගවයා සුදු ගවයාගේ බන්‍ධනය නොවේ.
සුදු ගවයා කළු ගවයාගේ බන්‍ධනය නොවේ.
ඔවුහු යම් එක දම්වැලකින් හෝ එක් ලණුවකින්
බඳින ලද්දාහුද, එය එහි සංයෝජනය (බන්‍ධනය) වේ.
“ඇවැත්නි,
එපරිද්දෙන්ම ඇස රූපයන්ගේ බන්‍ධනය නොවේ.
රූපයෝ ඇසට සංයෝජන (බන්‍ධන) නොවෙත්.
ඒ දෙක නිසා උපදීන ඡන්‍ද රාගය එහි සංයෝජනය වේ.
“කන ශබ්දයන්ගේ බන්‍ධනය නොවේ.
ශබ්දයෝ කනට සංයෝජන (බන්‍ධන) නොවෙත්.

“නාසය ගන්‍ධයන්ට බන්‍ධනය නොවේ.
ගන්‍ධයෝ නාසයට සංයෝජන (බන්‍ධන) නොවෙත්.
ඒ දෙක නිසා උපදීන ඡන්‍ද රාගයකුත් එහි සංයෝජනය වේ.
“දිව රසයන්ගේ බන්‍ධනය නොවේ.

“කය ස්පර්‍ශයන්ගේ බන්‍ධනය නොවේ.
ස්පර්‍ශයෝ කයට සංයෝජන (බන්‍ධන) නොවෙත්.
ඒ දෙක උපදීන ඡන්‍ද රාගයකුත් එහි සංයෝජනය වේ.
“සිත ධර්‍මයන්ට බන්‍ධනය නොවේ.
ධර්‍මයෝ සිතට සංයෝජන (බන්‍ධන) නොවෙත්.

එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේද , ආයුෂ්මත් උදායී ස්ථවිරයන් වහන්සේද, කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වාසය කල සේක. දිනක් ආයුෂ්මත් උදායී ස්ථවිරයන් වහන්සේ සවස් වේලෙහි විවේකයෙන් නැඟී සිට, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථා කොට නිමවා එක් පසෙක හිඳ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ගෙන් මෙසේ අසා වදාළේය.
“ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයෙනි,
මේ ආකාරයෙන්ද, මේ ආකාරයෙන්ද
ශරීරය අනාත්මයයි භාග්‍යවතුන් වහන්සේ විසින්
මේ ශරීරය නොයෙක් ප්‍රකාරයෙන් වදාරණ ලද්දේය,
විවරණ කරන ලද්දේය, ප්‍රකාශ කරන ලද්දේය,
එපරිද්දෙන් මෙසේ මේ විඤ්ඤාණය අනාත්මයයි දක්වන්නට
දේශනා කරන්ට පණවන්ට පිහිටුවන්ට විවරණය කරන්ට
විභාග කරන්ට ප්‍රකට කරන්ට හැකිද?,
“ආයුෂ්මත් ස්ථවිරයෙනි,
මේ ශරීරය අනාත්මයයි නොයෙක් ආකාරයෙන් යම් පරිද්දෙකින් වදාරණ ලද්දේය, විවරණ කරන ලද්දේය, විස්තර කරන ලද්දේය, එපරිද්දෙන්ම ,
මේ විඤ්ඤාණය අනාත්මයයි දක්වන්නට
දේශනා කරන්ට පණවන්ට පිහිටුවන්ට විවරණ කරන්ට විභාග කරන්ට ප්‍රකට කරන්ට හැක්කේය.
“ඇවැත්නි,
ඇසද රූපයන්ද නිසා චක්ඛු විඤ්ඤාණය උපදීද?
“ඇවැත්නි, එසේය,”
“ඇවැත්නි,
චක්ඛු විඤ්ඤාණයේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද,
ඒ හේතුවද ඒ ප්‍රත්‍යයද සියලු ආකාරයෙන් සර්‍වප්‍රකාරයෙන්
ඉතිරි නොවී නිරුද්ධවන්නේ නම්
එකල්හි චක්ඛු විඤ්ඤාණයක් දක්නහුද?
“ඇවැත්නි, එය නොවේමැයි.,”
“ඇවැත්නි,
මේ ආකාරයෙන්ද භාග්‍යවතුන් වහන්සේ විසින්
මේ විඤ්ඤාණය මෙසේ අනාත්මයයි,
වදාරණ ලදී. විවරණ කරන ලදී. ප්‍රකාශ කරන ලදී.
“ඇවැත්නි, කනද, ශබ්දයන්ද, නිසා සෝත විඤ්ඤාණය උපදීද?
“ඇවැත්නි, එසේය”.,
“ඇවැත්නි,
සෝත විඤ්ඤාණයේ ඇති වීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද ඒ ප්‍රත්‍යයද සියලු ආකාරයෙන් සර්‍වප්‍රකාරයෙන් ඉතිරි නොවී නිරුද්ධවන්නේ නම් එකල්හි සෝත විඤ්ඤාණයක් දකින්නේද? “
“ඇවැත්නි, එය නොවේමැයි.,
“ඇවැත්නි,
මේ ආකාරයෙන්ද භාග්‍යවතුන් වහන්සේ විසින්
මේ විඤ්ඤාණය අනාත්මයයි, වදාරණ ලදී.
විවරණ කරන ලදී. විස්තර කරන ලදී.
“ඇවැත්නි,
නාසයද, ගන්‍ධයන්ද, නිසා ඝාණ විඤ්ඤාණය උපදීද?
“ඇවැත්නි, එසේය”
“ඇවැත්නි, ඝාණ විඤ්ඤාණය ඇතිවීමට
යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද,
ඒ හේතුවද ඒ ප්‍රත්‍යයද සියලු ආකාරයෙන්
සර්‍වප්‍රකාරයෙන්, ඉතිරි නොවී නිරුද්ධවන්නේ නම්
එකල්හි ඝාණ විඤ්ඤාණයක් දක්නහුද?
“ඇවැත්නි, එය නොවේමැයි. “
“ඇවැත්නි,
මේ ආකාරයෙන්ද භාග්‍යවතුන් වහන්සේ විසින්
මේ විඤ්ඤාණය මෙසේද අනාත්මය” යැයි,
වදාරණ ලදී. විවරණ කරන ලදී. විස්තර කරන ලදී.
“ඇවැත්නි,
දිවද, රසයන්ද, නිසා ජිව්හා විඤ්ඤාණය උපදීද?
“ඇවැත්නි, එසේය.,
“ඇවැත්නි,
ජිව්හා විඤ්ඤාණය ඇතිවීමට
යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද,
ඒ හේතුවද ඒ ප්‍රත්‍යයද සියලු ආකාරයෙන්
සර්‍වප්‍රකාරයෙන් ඉතිරි නොවී නිරුද්ධවන්නේ නම්
එකල්හි ජිව්හා විඤ්ඤාණයක් දක්නහුද?
“ඇවැත්නි, එය නොවේමැයි.,
“ඇවැත්නි,
මේ ආකාරයෙන්ද භාග්‍යවතුන් වහන්සේ විසින්
මේ විඤ්ඤාණය මෙසේද අනාත්මයයි,
වදාරණ ලදී. විවරණ ලදී. ප්‍රකාශ කරන ලදී.
“ඇවැත්නි,
කයද, ස්පර්‍ශයන්ද, නිසා කාය විඤ්ඤාණය උපදීද?
“ඇවැත්නි, එසේය.,”
“ඇවැත්නි,
කාය විඤ්ඤාණයේ ඇතිවීමට යමක් හේතුවේද,
යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද ඒ ප්‍රත්‍යයද
සියලු ආකාරයෙන් සර්‍වප්‍රකාරයෙන් ඉතිරි නොවී
නිරුද්ධවන්නේ නම්
එකල්හි කාය විඤ්ඤාණයක් දක්නහුද?

සිතද, ධර්‍මයන්ද, නිසා මනෝ විඤ්ඤාණය උපදීද?
“ඇවැත්නි, එසේය.,
“ඇවැත්නි,
මනෝ විඤ්ඤාණය ඇතිවීමට

එකල්හි මනෝ විඤ්ඤාණයක් දක්නහුද? “
“ඇවැත්නි, එය නොවේමැයි.” ‘,
“ඇවැත්නි,
මේ ආකාරයෙන්ද භාග්‍යවතුන් වහන්සේ විසින්
මේ විඤ්ඤාණය මෙසේද අනාත්මයයි, වදාරණ ලදී.
විවරණ කරන ලදී. ප්‍රකාශ කරන ලදී. “
“ඇවැත්නි,
යම්සේ හරයෙන් ප්‍රයෝජන කැමති
හරය ඇති ගසක් සොයන්නාවූ පුරුෂයෙක්,
පොරවක් ගෙන වනයකට යන්නේය.
හෙතෙම එහි සෘජුව වැඩුණු අළුත් නොපීදුනාවූ
කෙසෙල් කඳක් දැක, එය මුලින්ම සිඳින්නේය.
මුලින් සිඳ අගින්ද සිඳින්නේය.
අග සිඳ පත්වැටි (පතුරු) නගන්නේය.
හෙතෙම එහි ඵලයක් නොලබන්නේය.
කෙසෙල් කඳක කෙසේ හරයක් ලබන්නේද?
ඇවැත්නි,
එපරිද්දෙන්ම තොපට තොපගේ සවැදෑරුම් වූ ස්පර්‍ශ ආයතනයන්හි මම” කියන්නට කිසිවෙක් දැකිය හැකි නොවේ. “මගේ”ය කියන්නට දෙයක්ද දැකිය හැකි නොවේ. මෙසේ නොදක්නේනම් ලෝකයෙහි කිසිවක් තෘෂ්ණාවෙන් අල්වා ගන්නට (උපාදාන කරගන්නට) සුදුසු නොවන්නෙය.
උපාදාන කර නොගන්නේ නම් කලබලයට පත් නොවේ. තැති නොගනී. එසේ සමාධිමත් වන නිර්වාන ධාතුව සාක්ෂාත් කර ගන්නේය.
ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතරමගින් කළයුතු දෙය කරන ලදී. මෙයින් අන්‍ය ආත්මභාවයක් නැතැයි දැනගණියයි, (වදාළ සේක.)
[ අනෙක පරියායෙන = නොයෙක් කරුණුවලින් ඉතිපායං = මෙය මෙසේ ද (විය හැක) මේ සූත්‍රයෙහි අනිත්‍ය භාවයෙන් අනාත්ම ලක්ෂණය කියන ලදී.]
“මහණෙනි,
තොපට ආදිත්ත පරියාය නම් වූ ධර්‍ම දේශනාවක් කරන්නෙමි.
එය අසව්.
මහණෙනි,
ආදිත්ත පරියාය නම්වූ ධර්‍ම දේශනාව කවරේද?
“මහණෙනි,
ඇසින් දකින රූපයන් ගේ අත් ලක්‍ෂණය පා ලක්‍ෂණය යනාදී (අනුව්‍යඤ්ජන)165 සටහන් ගැනීමට වඩා රත්කොට ගිනියම්වූ
යකඩ කූරකින් ඇසට ඇන ගැනීම හොඳය.
මන්දයත් ශරීරය ලක්‍ෂණයයි සටහන් ආශ්වාදනය කිරීමෙන් (නිමිත්තාස්වාදයෙහි) බැඳුනාවූ හෝ අත්පාදි ලක්‍ෂණයයි ගන්නා සටහන් ආශ්වාදනය කිරීමෙහි (අනුව්‍යඤ්ජනාස්වාදයෙහි) බැඳුනාවූ හෝ සිත ඇතිව යමෙක් මියගියොත් ඔහු නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන දෙක අතුරෙන් එකක උපදින නිසාය. මහණෙනි, මම මේ දෝෂය දැක ඒසේ කියමි.
[තෙවන වර සම්‍යලිමට්ඨං යනු නිඛාදනය (හෙවත් හාරන ආයුධය) පොළව තුළට යවා උඩට ඔසවා සොලවමින් කඩා බිඳ ඉවතට විසි කිරීම් වශයෙන් “සම්‍යලිමට්ඨං” යී කියන ලදී. සිවුවන වර සම්පලිමට්ඨං යනු බැම්මෙහි මුල සිඳ හෙලීම් වශයෙන් යන අදහසින් සම්පලිමට්ඨං” යි කියන ලදී. පස්වන වර සම්පලිමට්ඨං යනු තියුණු අවියකින් ශරීරයේ ස්පර්ශය හඳුනන සංවේදී ප්‍රදේශ උපුටා දැමීම වශයෙන් “සම්පලිමට්ඨං” යී කියන ලදී. සතති = ලොකුමිටක් සහිත දැලි පිහියක් යයි මෙහිදී දත යුතුයි. සොත්තං = වැතිර ගෙන නින්දට පිවිසීමයි. යථා රූපානං විචක්කානං වසංගතො සඞ්ඝං භින්‍දෙය්‍ය මෙයින් සිතුවිලිවල සංඝ භේදය දක්වා පාපකර්ම ගෙනදීමක් දක්වන ලදී. මෙහි සෙස්ස පහසුවෙන් අවබෝධ වන්නේය.]
“මහණෙනි,
ඇසෙන ශබ්දයන් මිහිරිය යනාදී වශයෙන් නිමිති ගැනීමට වඩා ඇවිල දිළිසෙන තියුණුවූ යකඩ හුලක් කන් පසාරු කරගෙන යනසේ ඇන ගැනීම හොඳය. .
මන්දයත් අසන ශබ්ද ආශ්වාදනය කිරීමෙන් (නිමිත්තාස්වාදයෙහි) බැඳුනාවූ හෝ මිහිරියයි ගන්නා සටහන් ආශ්වාදනය කිරීමෙහි (අනුව්‍යඤ්ජනාස්වාදයෙහි) බැඳුනාවූ හෝ සිත ඇතිව යමෙක් මියගියොත් ඔහු නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන දෙක අතුරෙන් එකක උපදින නිසාය. මහණෙනි, මම මේ දෝෂය දැක ඒසේ කියමි.
“මහණෙනි, නාසයෙන් දැනෙන ගන්‍ධයන් සුවඳය මිහිරිය යනාදී වශයෙන් නිමිති ගැනීමට වඩා ඇවිල ගත්තාවූ දිළිසෙන්නාවූ ගිණිදැල් සහිතවූ නියනකින් නාසය උළුප්පා දැමීම හොඳය.
“මහණෙනි,
මන්දයත් ඝන්දයන්, සුවඳය ආදී සටහන් ආශ්වාදනය කිරීමෙන් (නිමිත්තාස්වාදයෙහි) බැඳුනාවූ හෝ අමිහිරිය කටෝරය ආදී ලෙස සටහන් ආශ්වාදනය කිරීමෙහි (අනුව්‍යඤ්ජනාස්වාදයෙහි) බැඳුනාවූ හෝ සිත ඇතිව යමෙක් මියගියොත් ඔහු නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන දෙක අතුරෙන් එකක උපදින නිසාය. මහණෙනි, මම මේ දෝෂය දැක ඒසේ කියමි.
“මහණෙනි, දිවෙන් දැනුන රසයන් කෙරෙහි රසය මධුරය යනාදී වශයෙන් ගැනීමට වඩා ඇවිල ගත්තාවූ දිළිසෙන්නාවූ ගිණිදැල් සහිතවූ සියුම්වූ දැලි පිහියකින් දිව කපා දැමීම හොඳය.
මන්දයත් රසය ප්‍රනීතය ලෙස ආහාරයේ සටහන් ආශ්වාදනය කිරීමෙන් (නිමිත්තාස්වාදයෙහි) බැඳුනාවූ හෝ ගන්නා සටහන් ආශ්වාදනය කිරීමෙහි (අනුව්‍යඤ්ජනාස්වාදයෙහි) බැඳුනාවූ හෝ සිත ඇතිව යමෙක් මියගියොත් ඔහු නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන දෙක අතුරෙන් එකක උපදින නිසාය. මහණෙනි, මම මේ දෝෂය දැක ඒසේ කියමි.
“මහණෙනි, කයට දැනෙන ස්පර්‍ශයන් මෘදුය මොලොක්ය යනාදීන් නිමිති ගැනීමට වඩා ඇවිල ගත්තාවූ දිළිසෙන්නාවූ ගිණිදැල් සහිතවූ තියුණුවූ මහත්වූ වෑයකින් කය හැස දැමීම හොඳය.
“මහණෙනි,
මන්දයත් ශරීරය ලක්‍ෂණයයි සටහන් ආශ්වාදනය කිරීමෙන් (නිමිත්තාස්වාදයෙහි) බැඳුනාවූ හෝ අත්පාදි ලක්‍ෂණයයි ගන්නා සටහන් ආශ්වාදනය කිරීමෙහි (අනුව්‍යඤ්ජනාස්වාදයෙහි) බැඳුනාවූ හෝ සිත ඇතිව යමෙක් මියගියොත් ඔහු නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන දෙක අතුරෙන් එකක උපදින නිසාය. මහණෙනි, මම මේ දෝෂය දැක එසේ කියමි.
“මහණෙනි,
නිදාගැනීම හොඳය.
මහණෙනි, නිදාගැනීම ජීවිතයේ වඳවීමයයි කියමි.
ජීවිතයාගේ නිශ්චල භාවයයි කියමි.
ජීවිතයාගේ මුළාවීමකැයි කියමි.
විතර්‍කයන්ගේ වසඟයට පැමිණ සංඝයා භේදකරවන්නාවූ
ආකාරයට කල්පනා කිරීම එතරම්ම නිහීනය
මහණෙනි, මම මේ දෝෂය දැක එසේ කියමි.
“මහණෙනි,
ප්‍රඥාවන්ත ආර්‍ය්‍යශ්‍රාවකයා මෙසේ සලකයි.
‘ඇවිලෙන රත්වූ යකඩ කූරකින් ඇසට ඇන ගැනීම වෙනුවට මම මෙසේ මෙනෙහි කරමි.
“ඇස අනිත්‍යය. ඇසට පෙනෙනා රූපයෝද අනිත්‍යයය.
චක්ඛු විඤ්ඤාණය අනිත්‍යය. චක්ඛු සම්ඵස්සය අනිත්‍යය.
චක්ඛු සම්ඵස්සය නිසා දැනෙන සැප හෝ දුක් හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් වින්දනයක් වේද එයද අනිත්‍යය.
‘ඇවිලෙන රත්වූ යකඩ කූරකින් කනට ඇන ගැනීම වෙනුවට
මම මෙසේ මෙනෙහි කරමි.
“කන අනිත්‍යය. කනට ඇසෙන ශබ්දද අනිත්‍යයය.
සෝත විඤ්ඤාණයද අනිත්‍යය.
සෝත සම්ඵස්සයද අනිත්‍යය.
සෝත සම්ඵස්සය නිසා දැනෙන්නාවූ සැප
හෝ දුක්හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ වින්දනයක් වී නම් එයද අනිත්‍යයි.
“‘ඇවිලෙන රත්වූ යකඩ පිහියකින් නාසය කපා දැනීම වෙනුවට
මම මෙසේ මෙනෙහි කරමි.
“නාසය අනිත්‍යය. ගන්‍ධයෝ අනිත්‍යය.
ඝාණ විඤ්ඤාණය අනිත්‍යය.
ඝාණ සම්ඵස්සය අනිත්‍යය.
ඝාණ සම්ඵස්සය නිසා දැනෙන සැප හෝ දුක හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් විදීමක් වේද, එයද අනිත්‍යයි.
“‘ඇවිලෙන රත්වූ යකඩ ආයුධයකින් දිව කපා ගැනීම වෙනුවට
මම මෙසේ මෙනෙහි කරමි. ,
“දිව අනිත්‍යය. රසද අනිත්‍යය.
ජිව්හා විඤ්ඤාණය අනිත්‍යය. ජිව්හා සම්ඵස්සය අනිත්‍යය.
ජිව්හා සම්ඵස්සය නිසා සැප හෝ දුක හෝ දුක්ද නොවූ
සැපද නොවූ හෝ යම් විඳීමක් උපදීද, එයද අනිත්‍යයි.
“‘ඇවිලෙන රත්වූ යකඩ වැයකින් මගේ කය සැස ගැනීම වෙනුවට
මම මෙසේ මෙනෙහි කරමි.
” මහත් වෑයකින් කය හැස දැමීම තිබේවා, මම මෙයම මෙනෙහි කරමි.
“කය අනිත්‍යය. ස්පර්‍ශයෝ අනිත්‍යයය.
කාය විඤ්ඤාණය අනිත්‍යය. කාය සම්ඵස්සය අනිත්‍යය.
කාය සම්ඵස්සය නිසා දැනෙනා සැප හෝ දුක් වූ
හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් විඳීමක් වේද ,
එයද අනිත්‍යයි.
“කොතැනක හෝ වැදහෙව නිදාගැනීම තිබේවා.
මම මෙසේ මෙනෙහි කරමි.
“සිත අනිත්‍යය. ධර්‍මයෝ අනිත්‍යයය.
මනෝ විඤ්ඤාණය අනිත්‍යය.
මනෝ සම්ඵස්සය අනිත්‍යය.
මනෝ සම්ඵස්සය නිසා ඇතිවන සැප හෝ දුක
හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් ව්දීමක් වේද,
මෙයද අනිත්‍යයි.
“මහණෙනි,
මෙසේ දක්නා වූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකයා
ඇස කෙරෙහි කලකිරෙයි.
රූපයන් කෙරෙහිද කලකිරෙයි.
චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි.
චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි.
චක්ඛු සම්ඵස්සය නිසා වන සැප හෝ දුක හෝ
දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් ව්දීමක් වේද,
එය කෙරෙහිද කලකිරෙයි.
කන කෙරෙහිද කලකිරෙයි.
ශබ්දයන් කෙරෙහිද කලකිරෙයි.
සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි.
සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි.
සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ
දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් ව්දීමක් උපදීද,
එය කෙරෙහිද කලකිරෙයි.
නාසය කෙරෙහිද කලකිරෙයි.
ගන්‍ධයන් කෙරෙහිද කලකිරෙයි.
ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි.
ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි.
ඝාණ සම්ඵස්සය නිසා වන සැප හෝ දුක හෝ

දිව කෙරෙහිද කලකිරෙයි.
රසයන් කෙරෙහිද කලකිරෙයි.
ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි.
ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි.
ජිව්හා සම්ඵස්සය නිසා ඇතිවන සැප හෝ දුක හෝ

එය කෙරෙහි කලකිරෙයි.
කය කෙරෙහිද කලකිරෙයි.
ස්පර්‍ශයන් කෙරෙහිද කලකිරෙයි.
කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි.
කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි.
කාය සම්ඵස්සය නිසා සැප හෝ දුක හෝ

සිත කෙරෙහිද කලකිරෙයි.
ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි.
මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි.
මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි.
මනෝ සම්ඵස්සය නිසා සැප හෝ දුක හෝ
දුක්ද නොවූ සැපද නොවූ යම් ව්දීමක් වේද,
එය කෙරෙහිද කලකිරෙයි.
කලකිරෙන්නේ නොඇලෙයි.
නොඇල්මෙන් මිදෙයි.
මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ.
ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය.
සතර මාර්‍ගයෙන් කළයුත්ත කරන ලදී.
මෙයින් අන්‍ය වූ අනෙක් ආත්මභවයක් නැතැයි දැනගනියි.
මහණෙනි, මේ වනාහි ආදිත්තපරියාය
දේශනාව වේයයි, (වදාළ සේක.)
අතිපුජනීය කටුකුරුන්දේ ඥානානන්ද මහා ස්වාමින්වහන්සේ කල දේසනාවක්
“මහණෙනි,
අත් ඇති කල්හි ගැනීම හා තැබීම පැනවෙයි. .
පා ඇති කල්හි ඉදිරියට යාම පස්සට යාම පැනවෙයි.
හන්දි ඇති කල්හි හැකිලීම දිගහැරීම පැනවෙයි.
කුස (බඩ) ඇති කල්හි බඩගිනි පිපාස දෙක පැනවෙයි. .
“මහණෙනි, එපරිද්දෙන්ම
ඇස ඇති කල්හි චක්ඛු සම්ඵස්සය නිසා සැප දුක උපදියි.
කන ඇති කල්හි සෝත සම්ඵස්සය නිසා සැප හා දුක උපදියි.
නාසය ඇති කල්හි ඝාණ සම්ඵස්සය නිසා සැප හා දුක උපදියි.
දිව ඇති කල්හි ජිව්හා සම්ඵස්සය නිසා සැප හා දුක උපදියි.
කය ඇති කල්හි කාය සම්ඵස්සය නිසා සැප හා දුක උපදියි.
සිත ඇති කල්හි මනෝ සම්ඵස්සය නිසා සැප හා දුක උපදියි.
“මහණෙනි,
අත් නැති කල්හි ගැනීම හෝ තැබීම නොපැනවෙයි.
පා දෙක නැති කල්හි යාම ඒම නොපැනවේයි.
හන්දි නැති කල්හි හැකිලීම දිගහැරීම නොපැනවෙයි.
කුස නැති කල්හි බඩගිනි පිපාස නොපැනෙවෙයි.
“මහණෙනි, එපරිද්දෙන්ම 172
ඇස නැති කල්හි චක්ඛු සම්ඵස්සය නැති නිසා සැප දුක නූපදියි.
කන නැති කල්හි සෝත සම්ඵස්සය නැති නිසා සැප හා දුක නූපදියි.
නාසය නැති කල්හි ඝාණ සම්ඵස්සය නැති නිසා සැප හා දුක නූපදියි.
දිව නැති කල්හි ජිව්හා සම්ඵස්සය නැති නිසා සැප හා දුක නූපදියි.
කය නැති කල්හි කාය සම්ඵස්සය නැති නිසා සැප හා දුක නූපදියි.
සිත නැති කල්හි මනෝ සම්ඵස්සය නැති නිසා සැප හා දුක නූපදීයයි,
(වදාළේය.)“
මහණෙනි,
අත්දෙක ඇති කල්හි ගැනීම බහා තැබීම පැනවෙයි.
පා දෙක ඇති කල්හි ඉදිරියට යාම පස්සට යාම පැනවෙයි.

ඇස ඇති කල්හි චක්ඛු සම්ඵස්සය නිසා සැප හා දුක උපදියි.

අත් නැති කල්හි ගැනීම බහා තැබීම නොපැනවෙයි.
පා නැති කල්හි යාම ඒම නොපැනවෙයි.

කුස නැති කල්හි බඩගිනි පිපාස දෙක නොපැනවෙයි.

(වදාළේය.)
[172:-මේ සුත්‍රයේද ඊලග සුත්රයෙද සංසාරගත පැවැත්ම සිදුවන සැටි හා පැවැත්මේ නැවත්වීම කර්මානුකුල සැප හා දුක අනුව සිදුවන බව දැක්වේ.]
“මහණෙනි,
අත්දෙක ඇති කල්හි ගැනීම බහා තැබීම වේ,
පා දෙක ඇති කල්හි යාම ඒම සිදු වේ,
සන්දි ඇති කල්හි හැකිලීම දිගහැරීම වේ,
කුස ඇති කල්හි සා පිපාස දෙක වේ,
“මහණෙනි, එපරිද්දෙන්ම
ඇස ඇති කල්හි චක්ඛු සම්ඵස්සය හේතුවී සැප හෝ දුක උපදියි.
කන ඇති කල්හි සෝත සම්ඵස්සය හේතුවී සැප හා දුක උපදියි.
නාසය ඇති කල්හි ඝාණ සම්ඵස්සය හේතුවී සැප හා දුක උපදියි.
දිව ඇති කල්හි ජිව්හා සම්ඵස්සයහේතුවී සැප හා දුක උපදියි.
කය ඇති කල්හි කාය සම්ඵස්සය හේතුවී සැප හා දුක උපදියි.
සිත ඇති කල්හි මනෝ සම්ඵස්සය හේතුවී සැප හා දුක උපදියි.
“මහණෙනි,
අත් නැති කල්හි ගැනීම හෝ තැබීම නොවේ,
පා නැති කල්හි යාමක් ඒමක් සිදු නොවේ,
හන්දි නැති කල්හි නැවීමක් දිගහැරීම නොවේ,
කුසක් නැති කල්හි කුස ගින්නහෝ සා පිපාසය නොවේ,
“මහණෙනි, එපරිද්දෙන්ම
ඇස නැති කල්හි චක්ඛු සම්ඵස්සය නැති නිසා
සැපක් හෝ දුකක් නූපදියි.
කන නැති කල්හි සෝත සම්ඵස්සය නැති නිසා සැපක් හෝ දුකක් නූපදියි. නාසය නැති කල්හි ඝාණ සම්ඵස්සය නැති නිසා සැප හෝ දුක නූපදියි. දිව නැති කල්හි ජිව්හා සම්ඵස්සය නැති නිසා සැප හෝ දුක නූපදියි.
කය නැති කල්හි කාය සම්ඵස්සය නැති නිසා සැප හෝ දුක නූපදියි.
සිත නැති කල්හි මනෝ සම්ඵස්සය නැති නිසා සැප හා දුක නූපදීයයි, (වදාළ සේක.)
උපේක්ෂාව බොහෝ විට අපට හඳුනා ගන්නට දුෂ්කර මනෝභාවයක්. ශ්‍රද්ධාව, ප්‍රඥාව වගේම මනසේ ආකාරයට අවධිවන විශේෂ ලක්ෂණ තිබෙන ගුණාංග අපට හඳුනා ගන්නට පහසුයි. නමුත් උපේක්ෂාව හුඟක් වෙලාවට හඳුනා ගන්නට අපහසු වෙන්නේ එහි තිබෙන මධ්‍යස්ථභාවය නිසායි. ඒ මධ්‍යස්ථභාවය නිසාම බොහෝවිට උපේක්ෂාව අප වැරැදි ආකාරයට හඳුනා ගන්නවා.
බොහෝවිට කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව ඉන්න ගතිය යම් උපේක්ෂාවක් කියා ඇතැමුන් සිතනවා. ඒ නිසා උපේක්ෂාව ගැන කාථාකරන විට එහි ගති ලක්ෂණ අනුව දෙයාකාරයකින් හඳුනාගත හැකියි. ඒ අඥාන උපේක්ෂාව සහ ඤණසම්ප්‍රයුක්ත උපේක්ෂාව ලෙසයි. අඥාන උපේක්ෂාව කියන්නේ සමහර අය නොදැනුවත්කම නිසා, මෝහය නිසා හැඟීමක් නැතිකම නිසා සමහර දේ ගැන අඩු තක්සේරුවකින් හිතනවා. මොනවා වුණත් අපට ගැටළුවක් නැහැ වෙන දෙයක් වුණාදෙන් කියා නිහඬවන අවස්ථා තිබෙනවා.
අපි හිතමු මුහුද ගොඩ ගැලුවට පස්සේ අපේ ඥාතීන් එයට හසුවෙලා, කරදරයක් වෙලා. නැත්නම් අපි කියනවා ඕක ලෝක ධර්මතාවයක්. කවද හිටියත් මැරෙනවානේ. වුණදේ වුණා මොනවා කරන්න ද? කියමින් කෙනෙකුට නිහඬ වෙන්න පුළුවන්. නමුත් තමාගේ කෙනෙකු ඒ මුහුදු රැල්ලට හසුවුණා නම්, එහෙම කියන්නේ නැහැ. ඊට වඩා කලබල වෙනවා. අපේ කෙනෙක් එයට හසුවුණේ නැති නිසා එය අපට අදාළ නැති නිසා අපි හිතනවානම් කිසි දෙයකට කම්පා වෙන්න ඕන නැහැ කියලා සමහර විට එය අඥාන උපේක්ෂාවක්.
ඒ වගේම ශාසනය පිළිබඳව කථාකරන විට කෙනෙක් කියනවා නම් ශාසනය මේක විතර ද? මේ ශාසනය අහිමි වෙනකොට තව බුදු කෙනෙක් පහළ වෙනවා මේවට සැලෙන්න හොඳ නැහැ හැම දෙයක්ම අනිත්‍යයි කියා සමහර අය ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශ කරන්නේ සැබෑවටම උපේක්ෂාවෙන් ද? එසේ නැත්නම් මුලාව නිසා ඇතිවන උපේක්ෂාව නිසාද කියා අප ටිකක් විමසිල්ලෙන් බලන්න ඕන. හඳුනා ගන්නට තිබෙන හොඳම ක්‍රමය තමා ඒ පිරිසට ඒක අදාල වෙනවානම් ඒ අය ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොම ද කියා විමසා බැලීමයි.
තව සමහරු නිනව් නැති නිසාත් උපේක්ෂාවෙන් වගේ ඉන්නවා. අප හිතමු පාරේ වාහනයක අප යනකොට මී හරක් රංචුවක් පාරේ මැද ඉන්නවා. කෙතරම් නළාව ශබ්ද කළත් කිසිදු වගක් නැතුව තමන්ගේ පාඩුවේ යනවා. ළඟටම ගිහින් නළාව ශබ්ද කළත් , තමන්ගේ ගමන් වේගය වෙනස් කරන්නේ නැහැ. නමුත් මිනිසුන් පිරිසක් පාරේ ඉන්න විට වාහනයක නළාව ශබ්ද කළත් ,කලබල වෙනවා. එහෙනම් මිනිස්සු තරම් මේ සත්තු කලබල වෙන්නේ නැහැ. ලොකු උපේක්ෂාවක් එතැන තිබෙනවා කියා හිතෙන්න පුළුවන්. එතැනත් යම් උපේක්ෂාවක් තිබෙනවා. ඒ අඥානකමින් නිනව් නැතිනිසා ඇතිවෙන උපේක්ෂාව. මෙහි තිබෙන අනතුර, බරපතලකම තේරෙන්නේ නැහැ. සිද්ධවෙන විනාශය තේරෙන්නේ නැහැ. ඒවා පිළිබඳව කිසිම සංඥාවක් නැති නිසා පවතින්නට පුළුවන්. ඒ වගේම මිනිසුත් ඉන්නවා. ඒ උපේක්ෂාව නිවන් දකින්නට උපකාරි වෙන්නේ නැහැ.
ඤාණසම්ප්‍රයුක්ත උපේක්ෂාව කියන්නේ හැමවිටම ප්‍රඥාවෙන් යුක්තව හේතුඵල හඳුනාගෙන උපේක්ෂාසහගත වීමයි. හේතුඵලය හඳුනාගන්න කොට ඇයි උපේක්ෂාසහගත වෙන්නේ? ක්‍රියාත්මකවීම ඵල රහිත නිසා. යමක් හේතුඵල වශයෙන් වෙනස් කරන්න පුළුවන්නම් එය වෙනස් කිරීම ඥානවන්තයාගේ ස්වභාවය යි . නමුත් මේවන කොට වෙනස් කරන්න බැරිනම් හේතුඵල හරියට හඳුනා ගත්ත පුද්ගලයා දඟලන්නේ නැතුව නිහඬ වෙනවා. හේතුඵල කිව්වාම වෙනස් කළහැකි හේතු තිබෙනවා. වෙනස්කළ නොහැකි හේතු තිබෙනවා.
ඒ තමා අප මේ වෙනකොට මනුෂ්‍ය ආත්මභාවයක ඉපදිලා ඉන්නේ. මේ උපන්නා වූ ආත්මභාවයේ අප සංසාරික යම් යම් ගති ලක්ෂණ උරුම කරගෙන ඇවිත් තිබෙනවා. ස්ත්‍රියක් වෙලා හෝ පුරුෂයෙක් වෙලා හෝ මේ ජීවිතයට යම් යම් බලපාන කරුණු කාරණා තිබෙනවා. එසේ උරුම කරගෙන ඵල දරලා තිබෙන ඒවා දැන් අපට වෙනස් කරන්න බැහැ. ඒවා සම්බන්ධයෙන් අඬල දොඬලා වැළපිලා මොකටද? මම ඇයි කාන්තාවක් හෝ පිරිමියෙක් වුණේ කියලා ඒවා පිළිබඳව කලබල වෙලා දැන් තේරුමක් නැහැ. ලැබිලා තිබෙන තත්ත්වය අපට දරාගන්නට සිදුවෙනවා. ඒක අපට දැන් වෙනස් කරන්නට බැරි ඉපදිලා ඉවර නිසා. ඒ වගේම යම් රූප සම්පත්තියක්, නිරෝගිකමක් අප මේ ජීවිතයේ දී උරුම කරගෙන තිබෙනවානම් දැනට අපට ඒකත් සර්ව සම්පූර්ණයෙන් වෙනස් කරන්න බැහැ. අපට කරන්න පුළුවන් ඒ රූපය නඩත්තු කර ගැනීමක් පමණයි. එලෙස ඤාණවන්තයා හේතුඵල හඳුනා ගන්නවා. වෙනස් කරන්න බැරි දේ ගැන කලබල නොවී වෙනස් කරන්න පුළුවන් දේ පමණක් වෙනස් කරන්නට ඒ තැනැත්තා ක්‍රියාත්මක වෙනවා.
ලෝකයේ මොනවා තමන් අකැමැතියි කියලා හිතෙන දෙයක් වෙනස් වෙන්න ඕන කියලා හිතන තාක්කල් අපට සන්සුන් වෙන්න බැහැ. මැදහත් වෙන්න බැහැ. උපේක්ෂාසහගත වෙන්න බැහැ. එයින් අදහස් වෙන්නේ ඥානවන්තයෝ ලෝකයට කුමක් වුවත් කමක්නැහැ කියලා තමන්ගේ දෙයක් බලාගෙන ඉන්නවා කියන එක නොවේ. ප්‍රඥාවෙන් යුක්තව හැම වෙලාවකම ක්‍රියාත්මක වෙනවා. නමුත් නොකළ හැකිනම් ඒ අවස්ථාවේදී මැදහත් වෙනවා. නැතිනම් නිහඬ වෙනවා. ඒ ගුණ දෙකම අප සතුව තිබෙන්න ඕන. අත්‍යවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක වෙන්නත් ඕන. ක්‍රියාත්මක වීම සුදුසු නැතිනම් එහිදී නිෂ්ක්‍රීය විය යුතු වෙනවා. ඒ නිෂ්ක්‍රීය භාවය ප්‍රඥාවෙන් යුක්තව කෙරෙන්න ඕන. එතැන තමා මූලික වශයෙන් උපේක්ෂා ගුණය වැඩෙන්නේ.
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ ශාක්‍යයන් විනාශ කරන්න විඩුඪභ කුමාරයා ගියා. පළමුවැනි පාර බුදුන් වහන්සේ පෙනී සිටියා විඩුභඪ හැරී ගියා. දෙවැනි අවස්ථාවේත් උන්වහන්සේ පෙනී සිටියා. විඩුභඪ හැරී ගියා. තුන්වැනි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. මේක වළක්වන්න බැරි නිසයි උන්වහන්සේ උපේක්ෂාසහගත වුණේ. එහිදී හොඳින් ප්‍රඥාවෙන් හේතුඵල දකිනවා. දකින නිසා ඒක වෙනස් කරන්න බැරිනිසා එහිදී නිහඬ වෙනවා.
ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ දෙපාරකම මරන්න හොරු ආවිට යතුරු සිදුරෙන් සහ කැණිමඩලෙන් නික්ම ගියා. නමුත් තුන්වැනි වර දකිනවා මේක සංසාරික අකුසල කර්මයක්. මේක වෙනස් කරන්න බැහැ. වෙනස් කරන්න බැරි දෙයකට ගැටිලා හෝ ඇලිලා තේරුමක් නැහැ. උන්වහන්සේ රහත්වෙලා සිටි නිසා මනසේ එබඳු දුබලකම් මතුවෙන්නේ නැහැ. අන් අයට වුනත් ඒවා ප්‍රඥාවෙන් දකිනකොට ප්‍රඥාව අවධිවනවිට මේ සංස්කාරයන්ගේ ස්වභාවය දැනගෙන ලොකු ගට්ඨනයක් ඇති නොවී පවත්වන්නට පුළුවන්. නෛෂ්ක්‍රම්‍යයත් , ප්‍රඥාවත් නැතිනම් හැමවිටම අප හැඟීම්වලට වහල් වෙනවා. මට ඕන ආකාරයටම ඒ දේවල් වෙන්න ඕන, මම අකැමැති කිසි දෙයක් නොවිය යුතුයි කියා අප වහා නැඟී සිටිනවා. ඒ වගේම වහා ගැටිලා ප්‍රතික්ෂේප කරන ස්වභාවයට මනස පත්වෙනවා.
අප අකැමැති දේ නැත්නම් හොඳයි. නමුත් ඒවා වෙනස් කරන්න පුළුවන්ද? බැරිද? කියා සොයන්න ඕන. ඒ නිසා හැබෑම උපේක්ෂාව ඇති කරගන්න ප්‍රඥාව අත්‍යවශයි. ප්‍රඥාව තිබෙන තරමට තමා පුද්ගලයාගේ උපේක්ෂා ගුණය වර්ධනය වෙන්නේ.
තෙරුවන් සරණයි!
කුකුල්පනේ සුදස්සී හිමි –
බුදුසරණ අන්තර්ජාල කලාපය
By SN 04-01-18-01. සමුද්ද සූත්‍රය