Sign up to save your podcasts
Or

SN 05-01-03-01 මිච්ඡත්ත සූත්‍රය
SN 05-01-03-02 අකුසලධම්ම සූත්‍රය
SN 05-01-03-03 පඨම පටිපදා සූත්‍රය
SN 05-01-03-04 දුතිය පටිපදා සූත්‍රය
SN 05-01-03-05 පඨම අසප්පුරිස සූත්‍රය
SN 05-01-03-06 දුතිය අසප්පුරිස සූත්‍රය
SN 05-01-03-0 7 කුම්භ සූත්‍රය
SN 05-01-03-08 සමාධි සූත්‍රය
SN 05-01-03-09 වේදනා සූත්‍රය
SN 05-01-03-10 උත්තිය සූත්‍රය
මේ සම්මා සම්බුද්ධ සාසනයේ එකම අරමුණ සසරින් ගැලවීමය. භාග්‍යවතුන් වහන්සේ පන්සාලිස් වසරක් ගමින් ගමට ගොස් මේ දේසනා කල ධර්මය ඒ පිණිසමය. සසරින් මිදීමට කල යුත්ත අංග අටකින් යුක්ත උතුම් මාර්ග ක්‍රමය ය. එනම් සම්මාදිට්ඨි ආදි මේ ධර්ම අටය. නිවනට පැමිණීමේ නිවන් ලැබීමේ ප්‍රතිපත්තිය ය. එබැවින් එයට “දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා” යැයි ද කියනු ලැබේ. ඒ ප්‍රතිපත්තිය නිවන ලබා ගැනීමේ උපාය ය. ලෝකයෙහි මිනිසුන් ගමන් කරන්නා වූ මාර්ග ඒ ඒ තැනට පැමිණීමට උපකාර වන්නාක් මෙන් මේ ප්‍රතිපත්තිය නිවන් ලැබීමට නිවනට පැමිණීමට උපකාර වන බැවින් එයට (මග්ග) මාර්ගය යි කියනු ලැබේ. මෙහි මග්ග යන්නෙහි තේරුම ප්‍රතිපදාවය – උපායය යනු යි. ඒ ප්‍රතිපදාවෙහි ධර්ම අටක් හෙවත් අංග අටක් ඇති බැවින් එයට (අට්ඨංගික මග්ග) අෂ්ටාංගික මාර්ගය යි කියනු ලැබේ. අංග අටක් ඇත්තා වූ ඒ මාර්ගයෙන් කෙලෙස් දුරු කරනු ලැබේ. පුද්ගලයා ආර්‍ය්‍ය භාවයට පමුණුවනු ලැබේ. පුද්ගලයාට ආර්‍ය්‍ය ඵලය ලබා දෙනු ලැබේ. එ බැවින් ඒ මාර්ගයට (අරිය අට්ඨංගික මග්ග) ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යි කියනු ලැබේ.
ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යන මෙයට තේරුම් තුනක් කිය හැකි ය.
1.“කෙලෙසුන් කෙරෙන් දුරු වූ අංග අටක් ඇත්තා වූ ප්‍රතිපත්තියය”.
2.“ඒ ප්‍රතිපත්තිය පුරන පුද්ගලයා ආර්‍ය්‍යභාවයට පමුණුවන අංග අටක් ඇත්තා වූ ප්‍රතිපත්තිය”
3. “පිළිපදින්නා වූ පුද්ගලයාට, ආර්‍ය්‍යඵලයක් ලබා දෙන අංග අටක් ඇත්තා වූ ප්‍රතිපත්තිය”
යනු ඒ තේරුම් තුනය
(මේ වර්ගයේ සූත්‍ර දහයෙන්ම කියැවෙන්නේ මේ අරි අටන්ග මග ගැනය. මෙහි වෙනි සූත්‍රය හැර අනික් සූත්‍ර දෙවෙනි වර්ගයේ 4 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි,
තොපට වැරදි ස්වභාවයද
යහපත් ස්වභාවයද දේශනා කරන්නෙමි.
එය අසව්.
මහණෙනි,
වැරදි ස්වභාවය කුමක්ද?
ඒ මෙසේයි.
මිථ්‍යා දෘෂ්ටිය,
මිථ්‍යා සංකල්පය,
මිථ්‍යා වචනය,
මිථ්‍යා කර්මාන්තය,
මිථ්‍යා ආජීවය,
මිථ්‍යා ව්‍යායාමය,
මිථ්‍යා සතිය,
මිථ්‍යා සමාධිය යන
මේවායි.
මහණෙනි,
මේ වැරදි ස්වභාවයයි කියනු ලැබේ.
[මිච්ඡාදිට්ඨි
යනු නත්ථි දින්නං නත්ථි යිට්ඨං යනාදීන් දැක්වෙන දශවස්තුක මිථ්‍යා දෘෂ්ටිය ය. එයද විස්තර කර ඇත.. 1. නත්ථි දින්නං 2. නත්ථි යිට්ඨං 3. නත්ථි හුතං 4. නත්ථිසුකත දුක්කතානං කම්මානං ඵලං විපාකො 5. නත්ථි අයං ලෝකෝ 6 නත්ථි පරෝ ලෝකෝ 7. නත්ථි මාතා 8. නත්ථි පිතා 9. නත්ථි සත්තා ඕපපාතිකා 10. නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්ති.
මිච්චා සංකප්ප:
බොහෝය. සමහරක් නම්:
මිච්චා මාන
ප්‍රාණඝාතාදි පාපක්‍රියාවන්හි දක්ෂතාව නිසා එයින් තමා උසස්ය කියා ඇති වන මානය මිච්ඡාමාන නම් වේ. ඇතැම්හු වෙඩි තැබීමට බෝම්බ දැමීමට මසුන් මැරීමට වනසතුන් මැරීමට සොරකමට පරදාර සේවනයට අනුන් රැවටීමට කේලාම් කීමට දක්ෂයෝ ය. කඩු කිණිසි තුවක්කු දැල් ආදී ප්‍රාණවධය සඳහා ගන්නා උපකරණ තැනීමේ දක්ෂයෝ ය. ඇතැම්හු කොඩිවින සූනියම් වස්කවි ආදියට දක්ෂයෝ ය. ඔවුන්ට මේ කරුණු සම්බන්ධයෙන් තමා උසස් කොට ගන්නා මිථ්‍යාමානය ඇති වේ. නැටීමෙහි ගැයුමෙහි වැයුමෙහි දක්ෂතාව නිසා ද මිථ්‍යාශීල මිථ්‍යාව්‍රත මිථ්‍යාදෘෂ්ටි නිසා ද තමා උසස් කොට ගන්නා මිථ්‍යාමානය ඇති වේ.
ඤාති විතක්ක
අසවල් පවුල පොහොසත් ය, අසවල් පවුල දිළිඳුය, අසවල් පවුල දියුණු වන්නේය, අසවල් පවුල පිරිහෙන්නේය, අසවලාට විවාහයක් කර දිය යුතුය, අසවලාට රැකියාවක් සොයා දිය යුතුය යනාදීන් ඤාතීන් සම්බන්ධයෙන් ඇති වන තෘෂ්ණා සහගත කල්පනාව ඤාති විතක්ක නම් වූ ක්ලේශය ය. අපගේ බොහෝ නෑයෝ මළහ, බොහෝ නෑයෝ සැදැහැවත්හු ය, සිල්වත්හුය, දන් දෙන්නෝය, භාවනා කරන්නෝය, වෙනත් පින්කම් කරන්නෝය යනාදීන් ඥාතීන් ගැන කල්පනා කිරීම ක්ලේශ කොට්ඨාසයට අයත් නො වේ.
ජනපද විතක්ක
අපගේ ජනපදය සරුය, මිනිසුන් සුවසේ ජීවත් වන්නාහ. මේ ජනපදයේ සියල්ලම ඇත යනාදීන් ජනපදය සම්බන්ධයෙන් ඇති වන ගෘහාශ්‍රිත තෘෂ්ණාවෙන් යුක්ත කල්පනාව ජනපද විතක්ක නම් වේ. අපගේ ජනපදය නිශ්ශ්‍රීකය, මෙහි වෙසෙන්නෝ කාලකණ්ණීහුය, සොරුය, පව්කාරයෝ ය යනාදීන් ජනපදය ගැන ඇති වන ද්වේෂ සහගත කල්පනාව ද ක්ලේශයෙකි. අපගේ ජනපද වැසියෝ සත්පුරුෂයෝ ය, පින් පව් දන්නෝ ය, පින් කරන්නෝය යනාදීන් ජනපදය සම්බන්ධයෙන් ඇතිවන කල්පනාව ක්ලේශයක් නො වේ.
අමර විතක්ක
දුක් විඳීමෙන් කළ පව් ගෙවා නො මැරෙන තත්ත්වයට පැමිණීම සඳහා ඇතැම් මිසදිටුවන් කරන දුෂ්කර ක්‍රියා සම්බන්ධයෙන් හා දෘෂ්ටි සම්බන්ධයෙන් ඇතිවන මිථ්‍යා සංකල්පය අමරවිතක්ක නම් වේ. ඇතැම් මිසදිටුවෝ උක්කුටියෙන් හිඳීම්, කටුමත හිඳීම්, අව්වේ සිටීම්, ගිනිගොඩවල් සමීපයේ සිටීම්, ආහාර වර්ජනය කිරීම් ආදියෙන් දුක් විඳ කළ පව් ගෙවා අවසන් කොට නො මැරෙන දේවත්වයට පැමිණීමට උත්සාහ කරති. දුෂ්කර ක්‍රියා කරති. ඔවුනට ඒ දුෂ්කර ක්‍රියා සම්බන්ධයෙන් ඇතිවන මිථ්‍යාවිතර්කය නො මැරීම පිළිබඳ විතර්කයක් බැවින් අමර විතක්කය නම් වේ. අමර යනු ආඳාට ද නමෙකි. ඌට දිය ගොඩ දෙකෙහි ම හැසිරිය හැකිය. ඌ ඇල්ලීම දුෂ්කරය. ඒ මේ අත පැන ඌ මස් මරන්නන්ගෙන් ගැලවෙයි. ආඳා මෙන් මඇතැම් දෘෂ්ටිගතිකයෝ සත්ත්වයා මරණින් මතු ඇත් දැ යි ඇසුව හොත් ඇතය යි ද නො කියමි යි කිය යි. නැත දැ යි ඇසුව හොත් නැතය යි ද නො කියමි යි කිය යි. මෙසේ කුමකට වත් හසු නො වී ඒ මේ අත පැන, හසු නොවී බේරෙන දෘෂ්ටිගතිකයාගේ ඒ දෘෂ්ටිය පිළිබඳ මිථ්‍යා විතර්කය ද අමරවිතක්ක නම් වේ.
පරානුද්දයතා පටිසංයුත්තෝ විතක්ක
ගෘහාශ්‍රිත ප්‍රේමයෙන් ගිහියන් හා සම්බන්ධකම් පැවැත්වීමට පැවිද්දන්ට නුසුදුසුය. ඇතැම් භික්ෂූහු සතුටු විය යුත්තෙහි ගිහියන් හා එක්ව සතුටු වෙති. ශෝක කළ යුත්තෙහි ගිහියන් හා එක්ව ශෝක කෙරෙති. ගෙවල් සෑදීම, ඉඩම් ගැනීම, ආවාහ විවාහ කිරීම, රැකියා සෙවීම ආදි ගිහියන්ගේ කටයුතුවලට සහභාගි වෙති. එසේ කරන පැවිද්දන්ට ගිහි කටයුතු සම්බන්ධයෙන් ඇතිවන ගෘහාශ්‍රිත විතර්ක පරානුද්දයතා පටිසංයුත්ත විතක්ක නම් වේ. දයාව කුශලපක්ෂයට අයත් ධර්මයෙකි. මෙහි අදහස් කරන දයාව කරුණාවේ මුහුණු වර ඇති තණ්හාව ය. කරුණාවේ හෙවත් දයාවේ මුහුණුවර ඇති තණ්හාවෙන් යුක්ත කල්පනාව පරානුද්දයතා පටිසංයුත්ත විතක්කය ය. ගිහියන්ට ධර්මය තේරුම් කරදීම ඔවුන් ශීලයෙහි පිහිටවීම, භාවනාවෙහි යෙදවීම ආදිය සම්බන්ධයෙන් ඇතිවන පරානුද්දයතා පටිසංයුක්ත විතක්කයන් ද ඇත. එය ක්ලේශයක් නොව කුශල ධර්මයෙකි.
ලාභ සක්කාර සිලෝක පටිසංයුත්තෝ විතක්ක
ලාභ ඇති ලාභ සත්කාර කීර්තිය පිළිබඳව හා ලැබීමට බලාපොරොත්තු වන ලාභ සත්කාර කීර්තීන් පිළිබඳව ද ඇති වන තෘෂ්ණා සහගත මිථ්‍යා විතර්කය ලාභසත්කාර සිලෝක පටිසංයුත්ත විතක්ක නම් වේ.
අනවඤ්ඤත්ති පටිසංයුත්තෝ විතක්ක
ජාතියෙන් හා කුලයෙන් හෝ ගෝත්‍රයෙන් හෝ ධනයෙන් ශිල්පයෙන් ශාස්ත්‍රයෙන් හෝ අන් කරුණකින් හෝ අන්‍යයෝ මා පහත් කොට නො සිතත්වා. පහත් කොට කථා නො කෙරෙත්වා. පහත් කොට බැහැර නො කෙරෙත්වා. උසස් කොට හෝ සම කොට හෝ සලකත්වා. මා පිළිගනිත්වා යි ඇතිවන තෘෂ්ණා සහගත වූ මාන සහගත වූ හෝ මිථ්‍යා කල්පනාව “අනවඤ්ඤත්ති පටිසංයුක්ත විතක්ක” නම් වේ.
මේ විභංග පාලියේ එක බැගින් දක්වා ඇති කෙලෙස් තෙසැත්තෑව ය.
මිච්චා වාචා
(1). නොදැන නොවිමසා ගුණ නොකිව යුත්තාගේ ගුණ කියන්නී වෙයි.
(2). නොදැන නොවිමසා ගුණ කිව යුත්තාගේ නුගුණ කියන්නී වෙයි.
(3). මිථ්‍යා වචන , බොරු කීම්, කේලාම් කීම, දොස් කීම, ස්ම්පප්ප්‍රලාප් යන වාග් දුච්චරිත සතරය්
මිච්ඡා කම්මන්ත
“තත්ථ කතමො සම්මා කම්මන්තො? පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී, අයං වුච්චති සම්මා කම්මන්තො” ය-යි විභංග පාළියෙහි වදාරා තිබේ. “එහි සම්මා කම්මන්තය නම් කවරේද?
ප්‍රාණඝාතයෙන් වෙන්වීම ය, අදත්තාදානයෙන් වෙන් වීම ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වීම ය යන මෙය සම්මා කම්මන්ත නම් වේ” ය යනු එහි තේරුම යි. මේ නොකටයුතු කම්මන්තවල යෙදීම මිච්චා කම්මන්ත යයි.
ප්‍රාණඝාතාදි පාපයන්ගෙන් වළක්නා අදහසින් “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යනාදීන් සිකපද සමාදන් වන්නා වූ ද, ප්‍රාණඝාතාදිය නො කිරීමට ඉටන්නා වූ ද, ප්‍රාණඝාතාදිය කිරීමට අවස්ථාව පැමිණි කල්හි ආදීනව සලකා ඒවා අත්හරින්නා වූ ද තැනැත්තන්ගේ සිත්හි එසේ කරන්නා වූ අවස්ථාවන්හි ප්‍රාණඝාතාදියෙන් වළකින්නා වූ ප්‍රාණඝාතාදිය දුරු කරන්නා වූ ප්‍රාණඝාතාදියට විරුද්ධ වූ එක්තරා ශක්ති විශේෂයක් හට ගන්නේ ය. මේ මාර්ග සත්‍යයෙහි සම්‍යක් කර්මාන්ත යයි කියනු ලබන්නේ ඒ ශක්ති විශේෂයට ය. එය දෙපනස් චෛතසිකයන් අතුරෙන් සම්මා කම්මන්ත නම් වූ චෛතසිකය යි.
එය ප්‍රාණඝාතාදි අකුශල කාය කර්ම තුනෙන් වළක්නා ආකාරයෙන් පවත්නා බැවින් බුදුරජාණන් වහන්සේ විසින් “පාණාතිපාතා වේරමණී” යනාදීන් ප්‍රාණඝාතාදියෙන් වැළකීම ය, අදත්තාදානයෙන් වැළකීම ය, පරදාරසේවනයෙන් වැළකීම ය යන මේ තුන සම්‍යක් කර්මාන්තය යි වදාරන ලදි. එය ප්‍රාණඝාතාදීන්ගේ ආදීනව සලකා ඒවායින් වැළකීමෙන් පුරුදු කළ යුතු ය. එසේ පුරුදු කළ තැනැත්තාට ලෝකෝත්තර මාර්ග චිත්තය පහළ වන අවස්ථාවෙහි දී ලෝකෝත්තරත්වයට පැමිණ මාර්ගයාගේ අංගයක් ව පහළ වන්නේ ය. එයින් කායික දුශ්චරිත තුන සමුච්ඡේද ප්‍රහාණයෙන් ඒකක්ෂණයෙහි ම ප්‍රහාණය කරනු ලැබේ.
මිච්චා ආජීවය
මජ්ක්‍ධිම නිකායේ මහාචත්තාරීසක සූත්‍රයේ මිච්ඡා ආජීවය යනු කුමක් දැයි පැහැදිලි කොට තිබේ. එනම්, “මහණෙනි, මිථ්‍යා ආජීවය කුමක් ද: ත්‍රිවිධ කුහනවස්තුවෙන් නැති ගුණ පෙන්වීම, ලාභ සත්කාර ආශාවෙන් කථා කිරීම, නිමිති දැක්වීම, ගුණමකුබව, ලාභයෙන් ලාභ සොයන බව යන මේවා මිථ්‍යා ආජීවය නම් වේ.” මෙම කරුණු භික්‍ෂූන් වහන්සේගේ මිච්ඡා ආජීවය සම්බන්ධයෙනි. ජීවිකාව පැවැත්වීම සඳහා කාය-වාග් දුශ්චරිතවලින් යුක්තවීම සහ නො කළයුතු වෙළඳාම්වල නියුතු වීම ගිහියන්ගේ මිච්ඡාආජීවය යි.
මිච්චා වායාම
සංසාරගත සත්වයා පෙළන්නාවූ ජාති ජරා ව්‍යාධි මරණාදී රෝග තත්වයෙන් අත් මිදීම නම් වූ නිර්වාණාවබෝධය සඳහා ද උපයෝගී වන්නේ එකී සම්මා වායාමයි. එකී පරම නිෂ්ඨාව සඳහා ඍජු ලෙසම පුද්ගලයා මෙහෙයවන බල ශක්තිය හඳුන්වන්නේ ‘සම්මා වායාම’ යනුවෙනි. ඉන් පිටස්තරව අප කාන සියලු වායාමයන් මිච්චා නැතිනම් නිෂ්ඵල වායාමයන් ලෙස ගත හැක.
මිච්ඡා සතිය
කියා විශේෂ චෛතසිකයක් නැත. අකුශලකරණයම මිච්ඡාසතිය ය.
මිච්ඡා සමාධිය
අකුශල චිත්තසම්ප්‍රයුක්ත වූ ඒකාග්‍රතාව මිච්ඡා සමාධිය ය. එය සියලු අකුශල චිත්තයන්හි ඇත්තේ ය. ]
“මහණෙනි,
යහපත් ස්වභාවය කෙසේද?
ඒ මෙසේයි
සම්‍යක් දෘෂ්ටිය,
සම්‍යක් සංකල්පය,
සම්‍යක් වචනය,
සම්‍යක් කර්මාන්තය,
සම්‍යක් ආජීවය,
සම්‍යක් ව්‍යායාමය,
සම්‍යක් සතිය,
සම්‍යක් සමාධිය
යන මේවායි.
මහණෙනි, මේ සම්‍යක් ස්වභාවයයි කියනු ලැබේ.
[මිච්ඡත්තං = මිථ්‍යා ස්වභාවය
සම්මත්තං = යහපත් ස්වභාවය
මිච්ඡා පටිපත්තාය කරණ හේතු = වැරදි ප්‍රතිපත්ති පිළිපැදීමේ හේතු
යම් හේතුවකින් මිථ්‍යා ප්‍රතිපත්ති අනුව ක්‍රියා කරයි ද ඒ හේතුව නිසා යන අර්ථයයි.
නාරාධකො = සපයන්නෙක් නැත.
ඤායං ධම්මං = ආර්ය මාර්ග ධර්මය.
මිච්ඡා ඤාණි = වැරදි නුවණ වැරදි ලෙස සිතා බලන්නා.
මිච්ඡා විමුත්ති = අසත්‍ය ලෙස වටහා ගත් විමුක්තිය.
තුන් වැන්න ආදියෙහි නෛර්යාණික නොවන විමුක්තිය යන අදහසයි.]
මේ සූත්‍ර සතරෙහිදී (සසරෙහි) පැවැත්ම හා
ඉන් මිදීම (නො පැවැත්ම) කියන ලදී.
මෙහි පසු කොටස් දෙකෙහි වනාහි පුද්ගලයා (ගෙන්) විමසන ලද්දේ ධර්මය බෙදන ලදී.
මෙසේ ධර්මය විසින් පුද්ගලයා දක්වන ලදී.
සුප්පවත්තියො = මනාව පැවැත්විය යුතු.
යම්සේ කැමති කැමති දිසාවට යොමු කරවමින් දුවයි ද එසේ පැවතීමට හැකි වේය යන අර්ථයයි.
සවූපනිසං සපරික්‍ඛාරං = ප්‍රත්‍ය සහිත වූයේ, පිරිවර සහිත වූයේය.
“මහණෙනි,
තොපට අකුසල ධර්මයන්ද
කුසල ධර්මයන්ද
දේශනා කරන්නෙමි.
එය අසව්.
මහණෙනි,
අකුසල ධර්ම මොනවාද?
ඒ මෙසේයි.
මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා සංකල්පය, මිථ්‍යා වචනය,
මිථ්‍යා කර්මාන්තය, මිථ්‍යා ආජීවය,
මිථ්‍යා ව්‍යායාමය, මිථ්‍යා සතිය,
මිථ්‍යා සමාධිය යන මේවාය.
මහණෙනි,
මේවාට අකුසල ධර්ම යයි කියනු ලැබේ.
“මහණෙනි,
කුසල ධර්ම මොනවාද?
කුසල ධර්ම නම්.
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය,
සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය,
සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය
යන මේවාය.
මහණෙනි,
මේවාට කුසල ධර්මයැයි කියනු ලැබෙත්
මහණෙනි,
තොපට සාවද්‍ය ප්‍රතිපදාව ද,
නිරවද්‍ය ප්‍රතිපදාවද,
දේශනා කරන්නෙමි.
එය අසව්.
මහණෙනි,
වැරදි පිළිපැදීම
සාවද්‍ය ප්‍රතිපදාව යනු,

මහණෙනි, මේ වැරදි පිළිපැදීමයයි කියනු ලැබේ.
“මහණෙනි,
යහපත් ප්‍රතිපදාව කුමක්ද?
ඒ මෙසේයි
සම්‍යක් දෘෂ්ටිය,
සම්‍යක් සංකල්පය,
සම්‍යක් වචනය,
සම්‍යක් කර්මාන්තය,
සම්‍යක් ආජීවය,
සම්‍යක් සතිය,
සම්‍යක් සමාධිය
යන මේවායි.
මහණෙනි,
මේ යහපත් පිළිපැදීමයයි කියනු ලැබේ.
“මහණෙනි,
මම ගිහියාගේ හෝ පැවිද්දාගේ
වැරදි පිළිවෙත වර්ණනා නොකරමි.
මහණෙනි,
වරදවා පිළිපදින ගිහියා හෝ පැවිද්දා
පිළිපැදීම වැරදි නිසා කුසල වූ
ආර්ය මාර්ගයේ නොයයි.
මහණෙනි,
වැරදි පටිපදාව කුමක්ද?
ඒ මෙසේයි.
මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා සංකල්පය,
මිථ්‍යා වචනය, මිථ්‍යා කර්මාන්තය,
මිථ්‍යා ආජීවය, මිථ්‍යා ව්‍යායාමය,
මිථ්‍යා සතිය, මිථ්‍යා සමාධිය
යන මේවාය.
මහණෙනි,
මේ වැරදි පටිපදාව යයි කියනු ලැබේ.
මහණෙනි,
මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ
වැරදි පිළිපැදීම වර්ණනා නොකරමි.
මහණෙනි,
වැරදි පිළිවෙතේ යෙදෙන ගිහියා හෝ පැවිද්දා
පිළිපැදීම වැරදි නිසා කුසල වූ ආර්ය මාර්ග ධර්මය
නොපුරයි. සම්පූර්ණ නොකරයි.
“මහණෙනි,
මම ගිහියාගේ හෝ පැවිද්දාගේ
යහපත් පටිපදාව වර්ණනා කරමි.
මහණෙනි,
පටිපදාව යහපත්ව පිළිපදින්නා වූ ගිහියා
හෝ පැවිද්දා පිළිවෙත යහපත් නිසා
කුසල වූ ආර්ය මාර්ග ධර්මය සම්පූර්ණ කරයි.
මහණෙනි,
යහපත් පටිපදාව කුමක්ද?
ඒ මෙසේයි.
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය,
සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය,
සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය,
සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය
යන මේය.
මහණෙනි,
මේ යහපත් පිළිපැදීම යයි කියනු ලැබේ.
මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ
හෝ යහපත් පිළිපැදීම වර්ණනා කරමි.
මහණෙනි,
යහපත් වූ ප්‍රතිපදාව පුරන ගිහියා හෝ පැවිද්දා
යහපත් පිළිපැදීම හේතුකොට ගෙන කුසල වූ
ආර්ය මාර්ගය සම්පූර්ණ කරයි..
පෘතක්ජන මනුෂ්‍යයා ඉන්නේ මිත්‍යා දෘෂ්ඨියකය. ඔහු කැරකෙන්නේ අවිද්‍යාව මුලික පටිච්ච සමුප්පාද චක්‍රයෙයි. ඒ නිසා මිත්‍යා දෘෂ්ඨියක් කිව්වෙ මම සහ බාහිර නිත්‍ය, සත්‍ය, ලෝකයක් තිබෙනවාය. මම ඉපදෙන්න පෙරත් මේ ලෝකය තිබුනාය. මම මැරුනට පස්සෙත් ඒ ලෝකය තියනවාය කියන දෘෂ්ඨියයි. ඒ නිසාය මිනිස් ඉතිහාසය, බුදුන් ඉපදුන තැන, පරිනාම වාදය ආදී සංකල්ප වල ඉන්නෙ. ඒවා ඔහුට පරම සත්‍යයි. ඒකනෙ පරම සත්‍ය දෙසනව කියන අයත් ඔය කතා කියන්නෙ.
මිත්‍යා දෘෂ්ඨිය මුලික වෙනකොට ඔහුගෙ ජීවිතයම ක්‍රියාත්මක වෙන්නෙ අනාර්ය වු මිත්‍යා මගකයි. ඒ මගත් අංග 8 කට බෙදා දැක්වෙනව ඒ අනාර්ය අෂ්ඨාංගික මගයි. මිත්‍යා දෘෂ්ඨිය නිසා උපදින්නෙ මිත්‍ය සංකල්ප. මිත්‍ය සංකල්ප නිස මිත්‍ය වාචා. මේ විදියට මිත්‍ය ආජීව,මිත්‍යා කම්මන්ත,මිත්‍යා මිත්‍යා වායාම,මිත්‍යා සති,මිත්‍ය සමාධි ලෙස දැක්වෙනව.
මේව වෙන වෙනම විස්තර කලොත් ලිපිය දිග වැඩි වෙනව.ඒ නිසා මම කියන්න යන මුලික කරුණටයි යොමු වෙන්නෙ.ආර්ය අෂ්ඨාංගික මග කියන තව එකක් විස්තර කරනව ධර්ම ග්‍රන්ථ වල.ඒ අනුගමනය කල යුතු කරුණු අටක්. ඒවත් ලෞකිකයි.
සැබවින්ම ආර්ය අෂ්ඨාංගික මග හෙවත් ලෝකෝත්තරව ගත් කල මේ අංග 8 ම නිෂේධනය වෙනව.
ඒ කියන්නෙ සම්මා දිට්ඨිය කියන්නෙ කිසිම දෘෂ්ඨියක් නැති බවයි.
දෘෂ්ඨි, මතවාද සියල්ලම ලෞකිකයි.එහෙයින්ම ඒව ඔක්කොම මිත්‍යායි.මොකද ලෝකෝත්තර දර්ශනයේදී සතර මහා භූත ඇතුලුව සම්පුර්ණ දෘශ්‍යමාන ලෝකයම හමු නොවන නිසාය.ඒ සියල්ලම හුදු මනසින්ම මවා ගත් දෘෂ්ඨිම වන නිසාය.
දැකීම හෙවත් දෘෂ්ඨිය මැකුන විට ඉතිරි අංග 7 ම මැකී යයි.එහෙයින්ම ලෝකෝත්තරයේදී සම්මා දිට්ඨිය යනු දෘෂ්ඨි නැති බවයි.{මේක කියන්න වෙන වචන නැහැ.මොකද හුගක් පන්ඩිතයො එල්ලෙන්නෙ වචන වල නිසා කිව්වෙ}
දැකිමක් නැතිවිට සංකල්ප හෙවත් සිතීමක්ද නැති වෙයි.දැකිමක් ,සිතීමක් නැත්නම් වචන කතා කිරීමක් නැත.අනිත් අංගද මැකී යයි.
අනාර්ය අංග 8 සම්පුර්ණයෙන්ම අහෝසි වීමයි ආර්ය අෂ්ඨාංගික මග වෙන්නෙ.මේ මගේම දැකීමක් නිසා බොහෝ දෙනෙක් විරුද්ධවීම අපේක්ෂිතයි.ඒත් මෙහෙම එකක් අහපු එකත් ඔබට ඕඝ තරණයට උපකාරී වෙයි.ධර්මය පහුරක් කර ගත්තොත් මේවත් වැටහෙයි. ]
මහණෙනි,
තොපට අසත්පුරුෂයා හා සත්පුරුෂයා
කවරෙකු දැයි දේශනා කරන්නෙමි.
එය අසව්.
මහණෙනි,
අසත්පුරුෂයා කවරෙක්ද?
මහණෙනි,
යමෙක් මිථ්‍යා දෘෂ්ටි ඇත්තේද
මිථ්‍යා සංකල්ප ඇත්තේද
මිථ්‍යා වචන ඇත්තේද
මිථ්‍යා කර්මාන්ත කරත්ද
මිථ්‍යා ආජීවහි යෙදේද
මිථ්‍යා ව්‍යායාම ඇත්තේද
මිථ්‍යා සතිය ඇත්තේද
මිථ්‍යා සමාධිය ඇත්තේද,
මහණෙනි,
මොහුට අසත්පුරුෂයා යයි කියනු ලැබේ.
“මහණෙනි,
සත්පුරුෂයා කවරෙක්ද?
මහණෙනි,
යමෙකුට සම්‍යක් දෘෂ්ටිය ඇත්තේද
සම්‍යක් සංකල්පය ඇත්තේද
සම්‍යක් වචනය ඇත්තේද
සම්‍යක් කර්මාන්ත ඇත්තේද,
සම්‍යක් ආජීවය ඇත්තේද
සම්‍යක් ව්‍යායාමය ඇත්තේ ද
සම්‍යක් සතිය ඇත්තේද
සම්‍යක් සමාධිය ඇත්තේද
මහණෙනි,
මොහුට සත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි,
තොපට අසත්පුරුෂයාද
අසත්පුරුෂයාට වඩා පහත් අසත්පුරුෂයාද
දේශනා කරන්නෙමි.
සත්පුරුෂයාද
සත්පුරුෂයාට වඩා උතුම් සත්පුරුෂයාද
ගැන දේශනා කරන්නෙමි.
එය අසව්.
මහණෙනි,
අසත්පුරුෂයා කවරෙක්ද?
මහණෙනි,
යමෙක් මිථ්‍යා දෘෂ්ටි ඇත්තේද
මිථ්‍යා සංකල්ප ඇත්තේ ද
මිථ්‍යා වචන දොඩයිද
මිථ්‍යා කර්මාන්තය කරයිද
මිථ්‍යා ආජීවය ඇත්තේ වේද
මිථ්‍යා ව්‍යායාම ඇත්තේ ද
මිථ්‍යා සතිය ඇත්තේ ද
මිථ්‍යා සමාධියක් ද
මහණෙනි, මොහුට
අසත්පුරුෂයා යයි කියනු ලැබේ.
මහණෙනි,
අසත්පුරුෂයාට වඩා පහත් අසත්පුරුෂයා
කවරෙක්ද?
යමෙකු මිථ්‍යා දෘෂ්ටි ඇත්තේ ද
මිථ්‍යා සංකල්පය ඇත්තේ ද
මිථ්‍යා වචනය ඇත්තේ ද
මිථ්‍යා කර්මාන්තය ඇත්තේවේද
මිථ්‍යා ආජීවය ඇත්තේ වේද
මිථ්‍යා ව්‍යායාමය ඇත්තේ වේද
මිථ්‍යා සතිය ඇත්තේ වේද
මිථ්‍යා සමාධිය ඇත්තේවද
මිථ්‍යා ඤාණය ඇත්තේ ද
මිථ්‍යා විමුක්තිය ඇත්තේද
මහණෙනි,
මොහු අසත්පුරුෂයාටද වඩා අතිශයින් පහත් අසත්පුරුෂයායයි කියනු ලැබේ.
“මහණෙනි,
සත්පුරුෂයා කවරෙක්ද?
මහණෙනි,
යමෙක් සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ ද
සම්‍යක් සංකල්ප ඇත්තේ ද
සම්‍යක් වචන ඇත්තේ ද
සම්‍යක් කර්මාන්තය ඇත්තේ ද
සම්‍යක් ආජීවය ඇත්තේ ද
සම්‍යක් ව්‍යායාම ඇත්තේ ද
සම්‍යක් සතිය ඇත්තේ ද
සම්‍යක් සමාධිය ඇත්තේද
මහණෙනි,
මොහුට සත්පුරුෂයා යයි කියනු ලැබේ.
මහණෙනි,
සත්පුරුෂයාට වඩා අතිශයින්ම් උතුම් පුරුෂයා කවරෙක්ද?
මහණෙනි,
යමෙකුට සම්‍යක් දෘෂ්ටිය ඇත්තේද,
සම්‍යක් සංකල්පය ඇත්තේද,
සම්‍යක් වචනය ඇත්තේද,
සම්‍යක් කර්මාන්තය ඇත්තේද,
සම්‍යක් ආජීවය ඇත්තේද
සම්‍යක් ව්‍යායාමය ඇත්තේද
සම්‍යක් සතිය ඇත්තේද
සම්‍යක් සමාධිය ඇත්තේද
සම්‍යක් ඤාණය ඇත්තේද
සම්‍යක් විමුක්තිය ඇත්තේද
මහණෙනි,
ඔහු සත්පුරුෂයාට වඩා අතිශයින්ම සත්පුරුෂය වූ පුරුශයා යයි කියනු ලැබේ.”
“මහණෙනි,
යම් සේ ආධාරයක් මත නොතබන ලද කළය
කැමති කැමති දිසාවකට පහසුවෙන් පෙරලෙයි
ආධාරයක් මත තබන ලද කළය කැමති දිගකට
පහසුවෙන් නොපෙරලෙයි
මහණෙනි,
එමෙන්ම ආධාර රහිත සිත
පහසුවෙන් පෙරලෙන්නේය.
ආධාර සහිත සිත පහසුවෙන් නොපෙරලෙන්නේය.
“මහණෙනි,
සිතට ආධාරය කුමක්ද?
මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයයි.
හේ කවරේද යත්?
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය,
සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය,
සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය,
සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය
යන මේවායි.
මහණෙනි,
මේ සිතට ආධාර යයි කියනු ලැබේ.
මහණෙනි, යම් සේ ආධාර රහිත කළය
කැමති කැමති දිගකට පහසුවෙන් පෙරලෙන්නේද
ආධාර සහිත කළය පහසුවෙන් නොපෙරලෙන්නේද
එමෙන් මහණෙනි,
ආධාර රහිත සිත පහසුවෙන් ය.
ආධාර සහිත සිත පහසුවෙන් නොපෙරළෙන්නේයයි”
වදාළසේක.
“මහණෙනි,
ප්‍රත්‍යය සහිත පිරිවර සහිත
ආර්ය වූ සම්‍යක් සමාධිය දේශනා කරන්නෙමි.
එය අසව්.
මහණෙනි,
ප්‍රත්‍යය සහිත පිරිවර සහිත ආර්ය සමාධිය කුමක්ද?

සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය යනුයි.
මහණෙනි, මේ අංග සතින් යුක්ත වූ
චිත්තයේ එකඟ බවක් පිරිවර සහිත බවක් වේද?
මහණෙනි,
ආර්ය සමාධිය ප්‍රත්‍යය සහිත යයි කියාද පිරිවර සහිතයයි කියාද කියනු ලැබේ.
[ වේදනා යන පාලි වචනය සිංහලෙන් අපි කියනා කායික දුක් වේදනාව නොව, වින්දනය ලෙස ගතබ් යුතුය. විඳීම ලෙස ද කියත හැක.]
“මහණෙනි,
වේදනා තුනෙකි.
කවර තුනක්ද යත්?
සුඛ වේදනාය,
දුක්ඛ වේදනාය,
උපේක්ෂා වේදනා”ය කියායි.
මහණෙනි,
මේ තුන් ආකාරවූ වේදනා ය.
මහණෙනි,
මේ ත්‍රිවිධ වේදනාවන් පිළිබඳ දැනීම සඳහා
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.
ඒ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කුමක්ද?
ඒ මෙසේයි.
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය,
සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය,
සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය,
සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය
යන මේවායි.
මහණෙනි,
මේ ත්‍රිවිධ වේදනාවන් පිරිසිඳ දැන ගැනීම සඳහා
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
පුජ්‍ය හෙන්පිටගෙදර ඥාණසීහ මහා තෙරණුවන් කල දේසනාවක්
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් උත්තිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් උත්තිය ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි,
හුදෙකලාව විවේකීව ඉන්නා විටෙක මාගේ සිතෙහි මෙබඳු අදහසක් පහළවිය.
“භාග්‍යවතුන් වහන්සේ විසින් පඤ්චකාම ගුණයෝ වදාරණ ලදහ’
භාග්‍යවතුන් වහන්සේ විසින් කවර නම් පඤ්චකාම ගුණයක් වදාරණ ලද්දේද?”
“උත්තිය, යහපති, යහපති, උත්තිය,
මා විසින් මේ කාමගුණ පසක් වදාරණ ලදහ.
කවරනම් පසක්ද?
උත්තිය,
මේ පඤ්චකාම ගුණ මා විසින් කියන ලදහ.
උත්තිය, මේ පඤ්චකාමයන් ප්‍රහාණය පිණිස
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නම් කුමක්ද?
ඒ මෙසේයි.
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය සහ සම්‍යක් සමාධියයි.
උත්තිය,
මේ පඤ්ච කාමයන් ප්‍රහාණය පිණිස
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය”
යි වදාළසේක.
By SN 05-01-03-01 මිච්ඡත්ත සූත්‍රය