Sign up to save your podcasts
Or

SN 05-01-04-01 පටිපත්ති සූත්‍රය
SN 05-01-04-02 දුතිය පටිපන්න සූත්‍රය
SN 05-01-04-03 විරද්ධ සූත්‍රය
SN 05-01-04-04 පාරංගම සූත්‍රය
SN 05-01-04-05 පඨම සාමඤ්ඤ සූත්‍රය
SN 05-01-04-06 දුතිය සාමඤ්ඤ සූත්‍රය
SN 05-01-04-07. පඨම බ්‍රහ්මඤ්ඤ සූත්‍රය
SN 05-01-04-08. දුතිය බ්‍රහ්මඤ්ඤ සූත්‍රය
SN 05-01-04-09. පඨම බ්‍රහ්මචරිය සූත්‍රය
SN 05-01-04-10 දුතිය බ්‍රහ්මචරිය සූත්‍රය
මේ ජීවත්වීමය යන “පැවැත්ම” හුදු මායාවක් බව නුවණැති මනුෂ්‍යයා අවබෝධ කර ගනී. ඉතා සුළු කාලයකට මේ ලෝකයට් පැමිණ තිරිසන් සතුන් මෙන්, කමින් බොමින්, පරපුර ගෙනයමින් සිට මිය යාමට වඩා වැදගත් යමක් ඇති බව අවබෝධ කරගෙන එයට කල යුත්තේ කුමක්දැයි සොයයි. බුද්ධ කාලයේද ඊට පෙරද භාරතයේ එවැන්නෝ ගිහි සැප හැරදා සත්‍යය සොයමින් එක් එක් ගුරුවරුන් ගෙන් බණ ඇසුහ. ඒ නොයෙක් ගුරුවරු නොයෙක් මාර්ග ඉගැන්වුහ. දෙසැටක් මිත්‍යා දෘෂ්ටින් තිබුනේය කියා අප අසා ඇත. මේවා වැරදි මාර්ගය කියා අද අප කියමු. ඒ අප බෞද්ධයන්ය කියා අපම විස්වාස කරන නිසාය. මේ ගුරුවරුන් එදා කිවුවේ තම තමන් උගන්වන ප්‍රතිපත්ති මාර්ගය පිරීමෙන් පමණක් විමුක්තිය අත්වෙන බවය. අදත් බොහෝ මිනිසුන් විවිධ ප්‍රතිපත්ති පුරයි. ඒවා මිච්චා ප්‍රතිපදාය කියා අපි අවඥාවෙන් කියන්නේ අපේ බෞද්ධ ප්‍රතිපත්තිය පමණක් විමුක්තියට හේතුවෙනවාය කියා අපි විස්වාස කරන නිසාය.
අවාසනාවකට මෙන් අපිත් බෞද්ධයන් ලෙස අද පිළිපදින ප්‍රතිපදාව ගෞතම බුදුන් වහන්සේ දේසනා කල පටිපදාවට වඩා බොහෝ වෙනස්වූ එකක් බවත් අපි බෞද්ධ ප්‍රටිපදාවය කියා බදාගෙන ඉන්නේත් මිච්චා ප්‍රතිපදාවක් බවත් පහත ඇති පුජ්‍ය මීමුරේ ධම්මාවාස හිමියන් කල දේසනාවෙන් පැහැදිලි කෙරේ.
මේ මිනිස් ජීවිතයෙන් ගත හැකි හොඳම ප්‍රයෝජනය නම් මේ මැරෙමින් දුක්විදිමින් ඉඳ යලි මැරී දුක්විඳින්නට සිදුවන යලි ඉපිදීම නවත්වා ගැනීමය. ඒ සදහා භාග්‍යවතුන් වහන්සේ කියා දුන්නේ එක ප්‍රතිපත්තියකට අනුව ජීවත්වෙමින් පිළිවෙත පිරීමය. මේ පිළිවෙත , ප්‍රතිපදාව, ක්‍රමය අංග අටකින් යුතු ආර්ය මාර්ගය ය. මේ පටිපදා වග්ගයේ සුත්‍ර දහයෙන් මේ අටඟ පිළිවෙත හඳුන්වාදීම පමණක් සිදු වේ.
ගිරව් කියවනවා සේ සම්මා දිට්ඨියේ සිට සම්මා සමාධිය දක්වා කියවාගෙන යනවා වෙනුවට මේ එක එක අංගයක් වැඩීම කුමක් පිණිසද, කියා පළමුව විමර්ශනය කර සොයා බැලීම ඉතා වැදගත් වේ
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා ඒ භික්ෂූහු ඇමතූසේක.
‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි,
මිථ්‍යා ප්‍රතිපත්තියද
සම්‍යක් ප්‍රතිපත්තියද
දේශනා කරන්නෙමි.
එය අසව්.
මහණෙනි,
මිථ්‍යා ප්‍රතිපත්තිය නම් කුමක්ද?
[මිච්ඡා පටිපත්තිං = වැරදි ප්‍රතිපත්තිය
මිච්ඡා පටිපන්නං = වැරදි මගට පිළිපන්. ]
ඒ මෙසේයි.
මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා සංකල්පය, මිථ්‍යා වචනය, මිථ්‍යා කර්මාන්තය, මිථ්‍යා ආජීවය, මිථ්‍යා ව්‍යායාමය, මිථ්‍යා සතිය සහ මිථ්‍යා සමාධියයි.
“මහණෙනි,
මේ මිථ්‍යා ප්‍රතිපත්තියයි කියනු ලැබේ.
[ මිත්‍යා දිට්ඨිය යනු මවට පියාට සැලකීමේ ඵලක් නැත, නැවත ඉපදීමක් නැත …. ආදී ලෙස අප කුඩා කාලයේ පාසලේ ඉගෙන ගත් මිච්චා ප්‍රතිපදාවට වඩා ගැඹුරු කාරනාවක් බවත් , සසර අප බැඳ තබන කාම, දෝස මෝහ දුරු කරගන්ට කරන මහා සටනේදී අප වඩාගත යුතු, අනුගමනය කලයුතු ප්‍රතිපදාව, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස භාග්‍යවතුන් දෙසනා කර ඇති බව සිතේ දරාගෙන මේ පටිපදා වග්ගයේ සුත්‍ර කියවා අවබෝධ කරගන්නට උත්සාහ කරමු.]
මහණෙනි,
සම්‍යක් ප්‍රතිපත්තිය නම් කුමක්ද?
ඒ මෙසේයි.
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්
“මහණෙනි,
තොපට වැරදි ප්‍රතිපදාව පිළිපදින්නාද
නිවැරදි ප්‍රතිපදාව පිළිපදින්නාද ගැන
දේශනා කරන්නෙමි.
එය අසව්.
මහණෙනි,
වැරදි ප්‍රතිපත්ති පිළිපදින්නා කවරෙක්ද?
මහණෙනි,
ඇතමෙක් මිථ්‍යා දෘෂ්ටියෙන් පිළිවෙත් පුරයි.
මිථ්‍යා සංකල්ප ඇතිව ජීවත් වේ.
මිථ්‍යා වචන දොඩයි.
මිථ්‍යා කර්මාන්තයෙන් ජීවත්වේ ,
මිථ්‍යා ආජීවය ඇත්තේ වේ,
මිථ්‍යා ව්‍යායාමය ඇත්තේවේ,
මිථ්‍යා සතිය ඇත්තේවේ,
මිථ්‍යා සමාධිය ඇත්තේවේ,
මහණෙනි, මොහු වැරදි පටිපදාවක ඉන්නෙකි..
“මහණෙනි, නිවැරැදි ප්‍රතිපදාව පිළිපදින්නා කවරෙක්ද?
මහණෙනි,
යමෙක් සම්‍යක් දෘෂ්ටිය ඇතිව, සම්‍යක් සංකල්පය ඇතිව, සම්‍යක් වචන ඇතිව, සම්‍යක් කර්මාන්තයක ඇතිව, සම්‍යක් ආජීවය ඇතිව, සම්‍යක් ව්‍යායාමය ඇතිව,, සම්‍යක් සතිය ඇතිව, සම්‍යක් සමාධිය ඇත්තේද, මහණෙනි,
ඔහු නිවැරැදි පිළිවෙත පුරන්නේය.”යි
වදාළ සේක.
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක්වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන නිවැරදි පිළිවෙතය..
“මහණෙනි, මේ සම්‍යක් ප්‍රතිපත්තියයි කියනු ලැබේ.

තොපට වැරදි මගට පිළිපන්නා ගැනද
නිවැරදි මගට පිළිපන්නා ගැනද දේශනා කරන්නෙමි.
එය අසව්.
මහණෙනි,
වැරදි මගට පිළිපන්නහු නම් කවරෙක්ද?
යමෙක් මිථ්‍යා දෘෂ්ටි ඇත්තේද, මිථ්‍යා සංකල්පය ඇත්තේද, මිථ්‍යා වචන ඇත්තේද, මිථ්‍යා කර්මාන්තය ඇත්තේද, මිථ්‍යා ආජීව ඇත්තේද, මිථ්‍යා ව්‍යායාමය ඇත්තේද, මිථ්‍යා සතිය ඇත්තේද, මිථ්‍යා සමාධිය ඇත්තේද, මහණෙනි, මොහු වැරදි මගක යන්නේය.
“මහණෙනි,
නිවැරැදිව පටිපදාව පිළිපදින්නා කවරෙක්ද?
මහණෙනි,
යමෙකුට සම්‍යක් දෘෂ්ටිය ඇත්තේද,
සම්‍යක් සංකල්පය ඇත්තේද,
සම්‍යක් වචනය ඇත්තේද,
සම්‍යක් කර්මාන්තය ඇත්තේද,
සම්‍යක් ආජීවය ඇත්තේද,
සම්‍යක් ව්‍යායාමය ඇත්තේද,
සම්‍යක් සතිය ඇත්තේද,
සම්‍යක් සමාධිය ඇත්තේද,
මහණෙනි,
මොහු නිවැරැදි පිලිවෙට පිළිපදින්නාහුය” වදාළසේක.
[ධර්‍මානුධර්‍මප්‍රතිපන්න (නව ලොවුතුරා දහම් ලබනු සඳහා පූර්‍වභාග ප්‍රතිපත්තිධර්‍මය පිළිපන්) මහණහට මේ තෙමේ ධර්‍මානුධර්‍මප්‍රතිපන්නයැ යි කියනුවට මේ යෝග්‍ය වූ ස්වභාවයෙක් වෙයි. මෙම සාසනයේ පැවිදිවූ භික්සුව සම්‍යක් දිට්ඨිය ඇති නිසාම අන්‍ය ලබ්ධීන් තෝරා නොගත් සේය.
හෙතෙම කියනුයේ දශ කථාවස්තු ධර්‍මය ම කියයි. (මහිච්ඡතාදිය වඩා ලන) අධර්‍ම කථාවක් නොකියයි.
දසකථාවන් සිදු කිරීම අනුදැන වදාළහ. කර්මස්ථානය නොවඩා නොයෙක් කල්පනාවන්ට වැටී නිහඬ වීම අනුමත නොකරන බුදුරදුන් දස කථා හඳුන්වා දී ඇත්තේ කථා කරන ඇත්තන්ගේ යහපත උදෙසා ය.
දස කතා
මෙකී කරුණු දහය ගැන හෝ කිහිපයක් ගැන කථා කිරීම මගින් ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව, සීලය, ධර්ම ඤාණය, සමාධිය, ප්‍රඥාව ඍජුව ම දියුණු වන බව කිව යුතු ය. එනිසාම බුදුරජාණන් වහන්සේ එකී දස කථා සිදු කිරීම සදහා ශ්‍රාවකයන් දිරිමත් කළහ.
මෙසේ එක් සූත්‍රයක් ධර්මය වශයෙන්ද, (තවත්) එක් සූත්‍රයක් පුද්ගල වශයෙන් ද දේසනා කරන ලදී.
අපාරාපාරං = සසරින් නිවනට යාම.
පාරගාමිතො = මෙහි පරතෙරට යමෙක් ගියාහු ද, යමෙක් යත් ද. යමෙක් (මතුවට) යන්නෝද ඒ සියල්ලෝම පාරගාමීහුය (පරතෙරට යන්නෝය) යි දත යුත්තේය.]

යමෙක් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය ටපිවිසුනේ නැතිද,
ඔහු දුක් කෙළවර කරන මාර්ගයට එළඹ නැත.
මහණෙනි,
යමෙක් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයට පිවිසුනේද
ඔහු දුක් කෙළවර කරන මාර්ගයට එළඹුණේය.
කවර නම් මාර්ගයක්දයත් යත්?
මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයයි.
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය,
සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය,
සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය,
සම්‍යක් සතිය සහ සම්‍යක් සමාධියයි.
කියනා මාර්ගයයි.
“මහණෙනි,
යමෙකු මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයට නොපිවිසුනේද ,
ඔහු දුක් කෙළවර කරන මාර්ගය පටන් නොගන්නා ලද්දේ වේ.
මහණෙනි,
යම් කිසිකෙනෙකුන් විසින් මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය
පටන්ගන්නා ලද්දේද, ඔහු දුක් කෙළවර කරන
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය පටන්ගන්නාලද්දේය”
යි වදාළසේක.

ධර්මයෝ අටක් වැඩු විට
ඒ ධර්ම අට නිතොර නිතොර ප්‍රගුණ කළහොත්
සසරින් එතෙරට යාමට මනුෂ්‍යයකුට හැකි වේ.
කවරනම් ධර්ම අටක්ද යත්..
“.සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය,
සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය,
සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යනුයි.
මහණෙනි, වඩනලද්දාවූ බහුල කරන ලද්දාවූ
මේ ධර්ම අට සසරින් එතර කිරීම පැමිණීම පිණිස පවතිත්ය”
යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
මෙය වදාරා අනතුරුව සුගතයන් වහන්සේ
මේ ගාථාවන් වදාළසේක.
“සසරින් ගොඩවන මිනිසුන් අල්පය.
බොහෝ දෙනා සසරම ඇවිදිති.”
“සුගත දේසනාවෙහි ධර්මය
වටහා එහි හැසිරෙන ජනයා.
එතෙරවනු දුෂ්කර වූ මරුවාට අයත්වූ
මෙලොව හැර එතෙරට යති.”
“සසරින් එතෙරව නිවන් ලබනු රිසි,
නුවණැති මිනිසා නොකරයි අකුසල්,
කුශල්ම කරමින් කරයි නිවනම අරමුණු,
ලිහමින් කාම බන්ධන මකයි නීවරණ,
දුරුකරයි උපාදාන කරයි සිත පිරිසිදු.
“ සිත ධර්මයන් මනාකොට වඩන ලද්දේද
සතර උපාදානයන්ගෙන් අල්වා නොගෙන
උපාදානයන් දුරුකළාවූ නිවනෙහි ඇලුනේද
එබඳු ආශ්‍රව රහිත උත්තමයෝ පිරිනිවෙත්” යයි වදාළේය.

තොපට ශ්‍රමණ භාවයද,
ශ්‍රමණ භාවයේ ඵලයන්ද දේශනා කරන්නෙමි.
එය අසව්.
මහණෙනි,
ශ්‍රමණභාවය නම් කුමක්ද?
මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයයි.
ඒ මෙසේයි.
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය,
සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය,
සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය සහ
සම්‍යක් සමාධියයි.
මහණෙනි,
මෙය ශ්‍රමණ භාවයයි කියනු ලැබේ.
මහණෙනි,
ශ්‍රමණ බවේ ඵල මොනවාද?
සෝවාන් ඵලය,
සකෘදාගාමි ඵලය,
අනාගාමී ඵලය,
අර්හත් ඵලය යන මේ සතර ඵලයි.
මහණෙනි,
මේ ශ්‍රමණභාවයේ ඵල”යයි කියත්.”
යයි වදාලසේක.
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා ඒ භික්ෂූහු ඇමතූසේක.

තොපට ශ්‍රමණ බව යනු කුමක්ද? හා
ශ්‍රමණ භාවයා කුමක් පිණිසද යන්න
දේශනා කරන්නෙමි.
එය අසව්.
මහණෙනි,
ශ්‍රමණ භාවය නම් කුමක්ද?
මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි.
ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය,
සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය,
සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය,
සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මේ අටයි.
මහණෙනි, මේ ශ්‍රමණ භාවයයි කියනු ලැබේ.
“මහණෙනි,
ශ්‍රමණ භාවය කුමක් පිණිසද?
මහණ වන්නේ කුමටද ?
මහණෙනි,
මහණ වන්නේ
රාගය නැතිකිරීමටය.,
දෝසය නැති කිරීමටය.,
මෝහය නැතිකිරීමටය.,,
මහණෙනි,
මෙය ශ්‍රමණ භාවයේ අර්ථයයි කියනු ලැබේ”යයි වදාළසේක

තොපට ශ්‍රේෂ්ඨභාවයද
ශ්‍රේෂ්ඨභාවයාගේ ඵලයද දේශනා කරන්නෙමි.
එය අසව්. මහණෙනි, ශ්‍රේෂ්ඨ භාවය නම් කුමක්ද?

සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය,
සම්‍යක් සමාධිය යන මේවායි.
මහණෙනි,
මේ ශ්‍රේෂ්ඨභාවයයි කියනු ලැබේ.
“මහණෙනි,
ශ්‍රේෂ්ඨ බවේ ඵලය කවරේද?
සෝවාන් ඵලය,
සකෘදාගාමි ඵලය,
අනාගාමී ඵලය,
අර්හත් ඵලය යන මේයි.
මහණෙනි,
මේ ශ්‍රේෂ්ඨ භාවයේ ඵලයයි කියනු ලැබේයයි’ වදාළසේක.

තොපට ශ්‍රේෂ්ඨ බවද
ශ්‍රේෂ්ඨ භාවයේ අර්ථයද
දේශනා කරන්නෙමි.
එය අසව්.
මහණෙනි,
ශ්‍රේෂ්ඨ බව නම් කුමක්ද?
මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි.
ඒ නම් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය,
සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය,
සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය,
සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය
යන මේ අෂ්ඨ ධර්මයෝමය..
මහණෙනි, මේ ශ්‍රේෂ්ඨ බවයයි කියනු ලැබේ.
“මහණෙනි,
ශ්‍රේෂ්ඨභාවය කුමක් පිණිසද ?
මහණෙනි,
රාගය නැතිකිරීමට
දෝසය නැති කිරීමට
මෝහය නැතිකිරීමට
එනම් නිර්වාණය ම
ශ්‍රේෂ්ඨ භාවයේ අර්ථයයි කියනු ලැබේයයි”
වදාළසේක.
[මහනුවර, අස්ගිරි මහා විහාරීය පිරිවෙන්වාසී
බංග්ලාදේශයේ අස්සජි හිමි ලියා දුන් …
සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග තුන සීල ශික්ෂාව විසින්ද,
සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග තුන සමාධි ශික්ෂාව විසින්ද,
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන අංග දෙක ප්‍රඥා ශික්ෂාව විසින් ද සංග්‍රහ කරනු ලබයි.
ත්‍රි ශික්ෂාවෙහි පිළිවෙළ සීල, සමාධි, ප්‍රඥා යනුවෙන් දැක්වුවද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මූලික වන්නේ සම්මා දිට්ඨියයි. එසේ නම් ආර්ය පිළිවෙත ප්‍රඥාවෙන් ඇරඹි සමාධියෙන් කෙළවර වේද? නැත. ආර්ය මාර්ගය කෙළවර වන්නේ ප්‍රඥා ශික්ෂාවෙන් හෙවත් ප්‍රඥාස්කන්ධයෙනි. සම්මා දිට්ඨියෙන් හා සම්මා සංකප්පයෙන් ඉහත දැක්වූ පරිදි ප්‍රඥාව සම්පූර්ණ නොවන අතර, එය පරිපූර්න වනුයේ සම්මා ඤාණ හා සම්මා විමුක්ති යන අංග ද්වය ද සම්පූර්ණ වීමෙනි. ඒ අනුව මුල් අංග අටෙන් ප්‍රකට වන්නේ සේඛ ප්‍රතිපදාවය. (අට්ඨාංග සමන්නාග තො සෙඛො) සම්මා ඤාණ හා සම්මා විමුක්ති යන අංග සම්පූර්ණ වූ විට අරහත් ඵලයද ලැබේ. (දසංග සමන්තාගතො අරහා හොති) මජ්ඣිම නිකායේ මහාචත්තාරීසක සූත්‍රය මූලාශ්‍රය කොට ගෙන මෙකී ආර්ය මාර්ගය පුද්ගලයා තුළ වැඩෙන අයුරු විමසා බැලීම ඉතා වටනේය. ඒ අනුව එම මාර්ගයේ මුල් අංග පහ සාස්‍රව හා අනාස්‍රව වශයෙන් පවතී. කෙලෙස් සහිත වූද පින් පැත්තට නැඹුරු වන එමෙන්ම උපතට ද හේතුවන අංශය සාස්‍රව නම් වෙයි. (සාසවා පුඤ්ඤභාගියා උපධි මෙපතතා) අනෙක් අංශය ආශ්‍රව සහිත නොවන්නේ ලෝකෝත්තර නිවන් මගට හේතුවන පැත්තය. (අරියා අනාවස ලෝකුත්තර මග්ගංගා) මෙහිදී සාස්‍රව හා අනාස්‍රව බව හඳුනා ගැනීම වැදගත් වේ.
01. සම්මා දිට්ඨිය
සම්‍යක් දෘෂ්ටිය, සාස්‍රව සම්මා දිට්ඨිය හා අනාස්‍රව සම්මා දිට්ඨිය යන්නෙන් දෙපරිදිය. ‘’සම්මා දිට්ඨිම්හං භික්ඛවෙ ද්වයං වදාමි. අත්ථි භික්ඛවෙ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා අත්ථි භික්ඛවෙ සම්මා දිට්ඨි අරියා අනාසවා ලොකුත්තර මග්ගංගා’’
ආස්‍රව සම්මා දිට්ඨිය යනු ‘’දුන් දෙයහි විපාකයක් ඇත. හොඳ නරක දෙකේහි විපාක ඇත, මෙලොව ඇත, පරලොව ඇත, මව ඇත, පියා ඇත’ යනුවෙන් පිළිගැනීමයි. එහෙත් මෙම දිට්ඨිය තුළින් නිවන් දැකිය නොහැකිය. එනම් පුණ්‍ය විපාක වශයෙන් සුගතිගාමී විය හැකි බවය.
එනමුත් අනාස්‍රව සම්මා දිට්ඨිය තුළින් ලෝකෝත්තර මාර්ගය වඩමින් යම් ප්‍රඥා ඉන්ද්‍රියක්, ප්‍රඥා බලයක්, ධම්ම විචය සම්බෝධි අංගයක් ලැබීමයි. පඤ්ඤා යනු මැනවින් දුක් කෙළවර කොට අවශ්‍ය පරිදි සංස්කාරන්ගේ ඇතිවීම (සමුදය) නැතිවීම (නිරෝධය) දන්නා නුවණයි. එනම් විදර්ශනා නුවණයි. භවයෙන් එතෙරවීමට අවශ්‍ය සම්මා දිට්ඨිය එයයි. එනම් අනාවස සම්මා දිට්ඨියයි.
02. සම්මා සංකප්ප
කාම, ව්‍යාපාද, විහිංසා යන සංකල්පනාවන් දුරුකිරීම සම්මා සංකප්පය නම් වේ. මේවා වෙනුවට නෙක්ඛම්ම, අව්‍යාපාද , අවිහිංසා යන සංකල්පයන් වැඩිය යුතු බව කල්පනා කිරීමයි. සම්‍යක් සංකල්පනාවන් පිළිබඳ අරමුණු වහා සිතින් අවබෝධ වන ‘විතර්කය’ නම් වූ වචී සංඛාරය අනාස්‍රව සම්‍යක් කල්පනාවයි.
03. සම්මා වාචා
බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස්වචන කීම, යනු වාග් මිථ්‍යාවයි. මෙම චතුර්විධ වූ වාග් දුශ්චරිතයෙන් මිදීම සම්‍යක් වචනයයි. එය අනාස්‍රව සම්‍යක් වචන බවට පත් වනුයේ ලෝකෝත්තර ආර්ය මාර්ගයට ප්‍රඥාවෙන් ප්‍රවිෂ්ට වීම තුළිනි.
04. සම්මා කම්මන්ත
පරපණ නැසීම, නොදුන් දෙය ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම යන මේවා කාය දුශ්චරිත මිථ්‍යා කර්මාන්තයයි. මේවයෙන් පුද්ගලයා නැවත නැවත සසරට තල්ලු කරයි. මේවායෙන් මිදීම සම්මා කම්මන්තයයි. මෙය අනාස්‍රව සම්මා කර්මාන්තයක් වන්නේ් ලෝකෝත්තර ආර්ය මාර්ගාංගයක් ආර්ය සිත් ඇතිව වැඩීම තුළිනි.
05. සම්මා ආජීව
මිච්ඡා ආජීවයෙන් මිදීමය. මිච්ඡා ආජීව යනු
1. නැති ගුණ ඇති බව පෙන්වීම
2. විශ්මයජනක වචන කීම/ කටයුතු කිරීම
3. ලාභය උදෙසා ඇඟවීම් කිරීම
4. ලාභයෙන් ලාභය සෙවීම
ඒ අනුව ඉහත කී කරුණු වලින් මිදීම/ වෙන්වීම සම්මා ආජීවයයි.
මෙය ලෝකෝත්තර ආර්ය සිතැතිව වැඩීම තුළින් අනාස්‍රව සම්මා ආජීව තත්ත්වයට පත්වේ.
දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව යන අංගවල වැරදි පැත්ත ‘මිථ්‍යා’ වශයෙන්ද, හරි පැත්ත ‘සම්මා’ වශයෙන් ද හඳුනාගත හැක්කේ් සම්මා දිට්ඨියෙනි. ඒ අනුව මෙකී ප්‍රතිපදාවන්ගේ් නිවැරදි බව දැකීම සඳහා සම්‍යක් දෘෂ්ටිය වැදගත් වේ.
වරක් බුදුරදුන් සැරියුත් මහරහතන් වහන්සේට මේ පිළිබඳ යම් වැටහීමක් ලබා දෙයි. ‘සාරිපුත්තය, යම් බඳු වූ දෘෂ්ටි ප්‍රතිලාභයක් ඇසුරු කරන කල්හි අකුසල් ධර්ම පිරිහේද /දුරු වේද, කුසල ධර්ම වැඩේද එබඳු වූ දෘෂ්ටි ප්‍රතිලාබයක් ඇසුරු කරන්න’’ යනුවෙනි. ඒ අනුව මෙකී මාර්ග ප්‍රතිපදා වැඩෙන්නේ් නුවණින් දකින විට බව මෙයට කදිම නිදසුනකි.
06. සම්මා වායාම
මාර්ගාංග නිවැරැදිව නුවණින් වැඩීම සඳහා දරන උත්සාහය සම්මා ව්‍යායාමයයි. ඒ තුළින් මිථ්‍යා දෘෂ්ටිය දුරු කිරීමටත් සම්‍යක් දෘෂ්ටිය උපදවීමටත් යොදවන උත්සාහය මෙයයි. ඒ බව මජ්ඣිම නිකායේ මහාචත්තාරීසක සූත්‍රයේ දැක්වෙන ‘සො මිච්ඡා දිට්ඨියා පහානාය වායමති සම්මා දිට්ඨියා උපසම්පදාය ස්වාස්ස හොති සම්මා වායාමො’’ යන්නෙන් මනාව පැහැදිලි වේ. මේ අයුරින් සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව යන අංග වැඩීමට ඇති උත්සාහය සම්මා වායාමයයි.
07. සම්මා සති
මනා වූ සිහිනුවණින් යුක්තව මිථ්‍යා දෘෂ්ටිය දුරු කරන්නටත් සම්‍යක් දෘෂ්ටියට හෙවත් නිවැරැදි අවබෝධයට ප්‍රවිෂ්ට වී සිටීමත් සඳහා අවශ්‍ය වන මූලිකාංගය සම්මා සතියයි.
සො සතො මිච්ඡා දිට්ඨිං පජහති සතො සම්මා දිට්ඨිං උපසම්පජ්ජි විහරති සාස්ස හොති සම්මා සති යන සඳහනින් ඒ බව මොනවට ප්‍රකට කරයි. ආර්ය මාර්ගයේ මුල් අංග පහටම මනා වූ සිහිනුවණින් එළැඹ සිටීම සම්මා සතියයි.
මේ අනුව සම්මා දිට්ඨියත්, සම්මා වායාමයත්, සම්මා සතියත් මඟින් මුල් ආර්ය මාර්ග පහ වැඩීම සිදුවේ.
ඉතිස්සිමෙ තයො ධම්මා සම්මා දිට්ඨිං අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති, සෙය්‍යථිදං සම්මා දිට්ඨි, සම්මා වායාමො, සම්මා සති.
08. සම්මා සමාධි
මහාචත්තාරිසක සූත්‍රයේ ප්‍රධාන ඉලක්කය සම්මා සමාධිය කුමක් ප්‍රත්‍ය කොට කුමක් පරිවාර කොට පවතී ද යන්න විමසා බැලීමය. ‘අරියං සම්මා සමාධිං’.
මහණනි, ප්‍රත්‍ය සහිත වූ පරිවාර සහිත වූ ආර්ය සම්මා සමාධිය කුමක්ද? ඒ මෙසේය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, යන අංග සතෙහි සිතේ යම් ඒකාග්‍රතාවක් පරිවාර බවක් පවතීද, මහණනි, එම ආර්ය සම්‍යක් සමාධිය ප්‍රත්‍ය සහිත වූත් පරිවාර සහිතවූත් බව පිළිගනී

තොපට මම බ්‍රහ්ම චරියාව දේශනා කරන්නෙමි.
බ්‍රහ්මචරියාවේ ඵලයන්ද දේශනා කරන්නෙමි.
එය අසව්.
[බ්‍රහ්ම චරියාව :
වචන වශයෙන් ගතහොත් උතුම් හැසිරීමයි. විස්තර ලෙස ගතහොත් උතුම් අරමුණ සාධනය කරගන්නට කරන ප්‍රතිපත්ති පිරීමය.]
“මහණෙනි,
බ්‍රහ්මචරියාව නම් කුමක්ද?
මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි.
ඒ මෙසේයි.
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය,
සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය,
සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය,
සම්‍යක් සතිය සහ සම්‍යක් සමාධියයි.
මහණෙනි, මෙය බ්‍රහ්ම චරියාවයයි කියනු ලැබේ.
“මහණෙනි,
බ්‍රහ්මචරියාවේ ඵල නම් කවරහුද?
සෝවාන් ඵලය,
සකෘදාගාමි ඵලය,
අනාගාමී ඵලය,
අර්හත් ඵලය යන මේවායි.
මහණෙනි,
මේවා බ්‍රහ්මචරියාවේ ඵලයෝ ය”

තොපට මම බ්‍රහ්ම චරියාවද
බ්‍රහ්ම චරියාවේ අරමුණද දේශනා කරන්නෙමි.
එය අසව්.
මහණෙනි,
බ්‍රහ්මචරියාව නම් කුමක්ද?
මහණෙනි,
රාගය ක්ෂය කිරීම අරමුණු කරගත්,
දෝෂය ක්ෂය කිරීම අරමුණු කරගත්,
මෝහය ක්ෂය කිරීමඅරමුණු කරගත්,
ප්‍රතිපදාව උතුම් ප්‍රතිපදාවයි. බ්‍රහ්ම චර්යාවයි.
ඒ නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි.

බ්‍රහ්මචරියාවේ අරමුණ කවරේද?
රාගය ක්ෂය කිරීම ,
දෝසය ක්ෂය කිරීම ,
මෝහය ක්ෂය කිරීම
බ්‍රහ්මචරියාවේ අරමුණය යි.
By SN 05-01-04-01 පටිපත්ති සූත්‍රය