SINHALA TIPITAKA

SN 05-01-05

Listen Later

SN 05-01-05-01. විරාග සූත්‍රය
SN 05-01-05-02. සංයෝජන පහාණ සුත්‍රය
SN 05-01-05-03, අනුසය සුත්‍රය

SN 05-01-05-04. අද්ධාන සුත්‍රය
SN 05-01-05-05. ආසවක්ඛය සුත්‍රය
SN 05-01-05-06. විජ්ජාවිමුත්ති සුත්‍රය
SN 05-01-05-07. ඤාණදස්සන සුත්‍රය
SN 05-01-0508 . අනුපාදා සුත්‍රය.

SN 05-01-05-01 විරාග සුත්‍රය

[රාගය:- රාගය ලෙස බොහෝ දෙනා කියන්නේ, ස්ත්‍රී පුරුෂයන් එකිනෙකා කෙරෙහි ඇති කරගන්නා කැමැත්ත, ආලය, සෙනෙහස , කාමය , කාම රාගය ලෙසය. සමහරු ලිංගික සංසර්ගය රාගය ලෙස වරදවා දක්වත්. රාගයේ මුල කැමැත්ත ලෙස දකින්නේ නම් ඒ ලින්ගිකත්වයට වඩා ඔබ්බට ගිය සියලු පංච කාම ආරම්මණ කෙරෙහි ඇතිවන කැමැත්ත ලෙස දැක්ක හැක. තෘෂ්ණාවට මුල් වෙන මේ කැමැත්තම රාගය ලෙස දැකීම වඩා සුදුසුය.]

§1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්හ. එක්පසෙක හුන්නාහු ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

§2. “මහණෙනි,
ඉදින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන්
ඇවැත්නි,
ශ්‍රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත
කුමක් පිණිස බ්‍රහ්මචරියාවෙහි වෙසෙන්නේද?”

කියා අසන්නට හැක.

§3. “මහණෙනි,
මෙසේ අසන ලද්දාවූ විට ඒ තීර්ථකයින්ට
ඇවැත්නි,
රාගය නැතිකිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ
කෙරෙහි බ්‍රහ්මචරියාවෙහි වසන්නේයයි” කියව්.

§4. “මහණෙනි,
ඉදින් තොපගෙන් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ
ඇවැත්නි,
රාගය නැතිකිරීම පිණිස මාර්ගයක් තිබේද?
ප්‍රතිපදාවක් තිබේදැයි’

මෙසේ අසන්නාහු නම් ඔවුන්ට
‘ඇවැත්නි,
රාගය නැතිකිරීම පිණිස මාර්ගයක් ඇත,
ප්‍රතිපදාවක්ද ඇතැයි’ කියව්.

[රාගය:- රාගය ලෙස බොහෝ දෙනා කියන්න ස්ත්‍රී පුරුෂයන් එකිනෙකා කෙරෙහි ඇති කරගන්නා කැමැත්ත, ආලය, සෙනෙහස , කාමය , කාම රාගය ලෙස දක්වතත්, රාගයේ මුල කැමැත්ත ලෙස දකින්නේ නම් ඒ ලින්ගිකත්වයට වඩා ඔබ්බට ගිය සියලු පංච කාම ආරම්මණ කෙරෙහි ඇතිවන කැමැත්ත ලෙස දැක්ක හැක.]

මහණෙනි,
රාගය නැති කිරීම පිණිස පවත්නා මාර්ගය නම් කුමක්ද?
ප්‍රතිපදාව නම් කුමක්ද?
මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි.

§5. ඒ කෙසේද යත්?
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මේ අටයි.

§6. “මහණෙනි,
රාගය නැති කිරීම පිණිස පවත්නා මාර්ගය මෙයයි.
ප්‍රතිපදාව මෙයයි. මෙසේ අසන ලද්දාදවූ තෙපි
අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කියව්යයි” වදාළසේක.

[ඤ්ඤ තිත්‍ථිය පෙය්‍යාලයෙහි (හෙවත් අන්‍ය තීර්ථක සංක්‍ෂෙප කරණයෙහි) අද්ධාන පරිඤ්ඤත්‍ථං = සංසාර දීර්ඝ මාර්ගය (ඉක්මවා) නිවනට පැමිණ පිරිපුන් දැනුමක් ලබා ගත්තේ නම් වෙයි. එහෙයින් නිර්වාණ මාර්ගය පූර්ණ ලෙස දැන ගන්නා ලද්දේ යයි කියනු ලැබේ. ඒ සඳහාය යන අර්ථයයි. 
අනුපාදා පරිනිබ්බාණාත්‍ථං = හේතු රහිත වන නිර්වාණය සඳහා මෙසේ මෙම පෙය්‍යාලයෙහි (සංක්‍ෂෙප කරණයෙහි පඤ්චාභිඥා සහිත) විද්‍යාඥානය ඇතුළත් විමුක්ති ඵලයෙන් අර්හත්වය කියන ලදී. ඥාන දර්ශනයෙන් නුවණින් සලකා බැලීම කියන ලදී. සෙසු කරුණු වලින් “නිවන” කියන ලදී.]

SN 05-01-05-02 සංයෝජන පහාණ සුත්‍රය

§1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්හ. එක්පසෙක හුන්නාහු ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

§2. “මහණෙනි,
ඉදින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන්
ඇවැත්නි,
ශ්‍රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත
කුමක් පිණිස බ්‍රහ්මචරියාවෙහි වෙසෙන්නේද?”

කියා අසන්නට හැක.

§ 3. “මහණෙනි,
මෙසේ අසන ලද තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට
‘ඇවැත්නි,
සංයෝජනයන් පහකරනු පිණිස
භාග්‍යවතුන් වහන්සේ වෙත
බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නේ යයි’ කියව්.

§4. “මහණෙනි, ඉදින් තොපගෙන් ඒ අන්‍ය තීර්ථකයෝ
‘ඇවැත්නි,
සංයෝජනයන් පහකරනු පිණිස මාර්ගයක් තිබේද?
ප්‍රතිපදාවක් තිබේදැයි’
අසන්නේ නම් මහණෙනි,
මෙසේ පිළිතුරු දෙව්.

‘ඇවැත්නි,
සංයෝජනයන් පහකරනු පිණිස මාර්ගයක් ඇත්තේය.
ප්‍රතිපදාවක් ඇත්තේයයි’ කියව්.

මහණෙනි,
කිනම් මාර්ගයක් කිනම් ප්‍රතිපදාවක්
සංයෝජන පහකිරීම පිණිස පවත්නේද?
මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි.

§5. ඒ කෙසේද යත්?
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මේයි.

§6, “මහණෙනි,
මෙය සංයෝජනයන් පහකිරීම පිණිස පවත්නා මාර්ගය වෙයි.
ප්‍රතිපදාව වෙයි.

SN 05-01-05-03. අනුසය සුත්‍රය

පුජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේගේ දේසනාවක්

§1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්හ. එක්පසෙක හුන්නාහු ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

§2. “මහණෙනි,
ඉදින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන්
ඇවැත්නි,
ශ්‍රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත
කුමක් පිණිස බ්‍රහ්මචරියාවෙහි වෙසෙන්නේද?”

කියා අසන්නට හැක.

§3 . “මහණෙනි,
මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට
“ඇවැත්නි,
අනුසය ධර්මයන් නැසීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත
බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නේයයි’ කියව්.

§4 . “මහණෙනි,
ඉදින් ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන්
‘ඇවැත්නි,
අනුසය ධර්මයන් නැසීම පිණිස මාර්ගයක් ඇත්තේද,
ප්‍රතිපදාවක් ඇත්තේදැයි අසන්නාහු නම් මහණෙනි,
තෙපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට
‘අනුසය ධර්මයන් නැසීම පිණිස මාර්ගයක් ඇත,
ප්‍රතිපදාවක්ද ඇතැයි’ කියව්.

මහණෙනි,
අනුසය ධර්මයන් නැසීම පිණිස පවත්නා මාර්ගය කුමක්ද?
ප්‍රතිපදාව කුමක්ද?
මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි.

§5. ඒ කෙසේද යත්?
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මේයි.

§6. “මහණෙනි,
අනුසය නැසීම පිණිස මේ මාර්ගය වෙයි.
මේ ප්‍රතිපදාවවෙයි. මහණෙනි,
මෙසේ අසන ලද තෙපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට
මෙසේ කියව්යයි” වදාළසේක.

SN 05-01-05-04. අද්ධාන සුත්‍රය

§1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්හ. එක්පසෙක හුන්නාහු ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

§2. “මහණෙනි,
ඉදින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන්
ඇවැත්නි,
ශ්‍රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත
කුමක් පිණිස බ්‍රහ්මචරියාවෙහි වෙසෙන්නේද?”

කියා අසන්නට හැක.

§3. “මහණෙනි,
මෙසේ අසන ලද තෙපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ට
“ඇවැත්නි,
සංසාර ගමන නැති කිරීම පිණිස
භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර
හැසිරෙන්නේය’ කියව්.

§4. “මහණෙනි,
ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ ඉදින් තොපගෙන්
‘ඇවැත්නි,
සසර ගමන නැති කිරීම පිණිස මාර්ගයක් තිබේද?
ප්‍රතිපදාවක් තිබේදැයි මෙසේ අසන්නාහු නම්, මහණෙනි,
මෙසේ අසන ලද තෙපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට,
‘ඇවැත්නි, සසර ගමන නැතිකිරීම පිණිස මාර්ගයක් ඇත
ප්‍රතිපදාවක්ද ඇතැයි’ යයි කියව්.

මහණෙනි,
සසර ගමන නැති කිරීම පිණිස පවත්නා මාර්ගය කුමක්ද?
ප්‍රතිපදාව කුමක්ද?
ඒ මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි.

§5. ඒ කෙසේද යත්?
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මේයි.

[6] “මහණෙනි, සසර ගමන නැති කිරීම පිණිස මේ මාර්ගය, මේ ප්‍රතිපදාව වෙයි. මහණෙනි, මෙසේ අසනලද තොපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ට මෙසේ කියව්යයි” වදාළසේක.

SN 05-01-05-05. ආසවක්ඛය සුත්‍රය

§1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්හ. එක්පසෙක හුන්නාහු ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

§2. “මහණෙනි,
ඉදින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන්
ඇවැත්නි,
ශ්‍රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත
කුමක් පිණිස බ්‍රහ්මචරියාවෙහි වෙසෙන්නේද?”

කියා අසන්නට හැක.

§3. “මහණෙනි,
ඒසේ අසන ලද විට ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට
‘ඇවැත්නි, ආශ්‍රවයන් ක්ෂයකිරීම පිණිස
භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වෙසෙන්නේයයි
’ කියව්.
මහණෙනි,
ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන්
‘ඇවැත්නි ආශ්‍රව නැති කිරීම පිණිස
මාර්ගයක් තිබේද? ප්‍රතිපදාවක් තිබේදැයි.” අසයි.

§4. “මහණෙනි,
මෙසේ අසන්නාහු නම් මෙසේ අසන ලද විට ඒ පරිබ්‍රාජකයින්ට
“ඇවැත්නි ආශ්‍රවයන් නැතිකිරීම පිණිස මාර්ගයක් ඇත.
ප්‍රතිපදාවක් ඇත.

මහණෙනි,
ආශ්‍රවයන් නැතිකිරීම පිණිස ඇති මාර්ගය කුමක්ද?
ප්‍රතිපදාව කුමක්ද?
ඒ මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි.

§5. ඒ කෙසේද යත්?
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මේයි.

§6. “මහණෙනි,
ආශ්‍රව නැති කිරීම පිණිස මේ මාර්ගය වෙයි.
මේ ප්‍රතිපදාව වෙයි.

මහණෙනි,
මෙසේ අසනලද තෙපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ට ඒසේ කියව්යයි” වදාළ සේක.

SN 05-01-05-06. විජ්ජාවිමුත්ති සුත්‍රය

§1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්හ. එක්පසෙක හුන්නාහු ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

§2. “මහණෙනි,
ඉදින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන්
ඇවැත්නි,
ශ්‍රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත
කුමක් පිණිස බ්‍රහ්මචරියාවෙහි වෙසෙන්නේද?”

කියා අසන්නට හැක.

§3. “මහණෙනි,
මෙසේ අසන ලද්දාවූ විට ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට
‘ඇවැත්නි,
විජ්ජා විමුක්ති ඵලය (රහත් බව) අවබෝධ කිරීම පිණිස
භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර හැසිරෙන්නේයයි’ කියව්.

§4. “මහණෙනි,
ඉදින් වනාහි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන්
‘ඇවැත්නි, විද්‍යා විමුක්ති ඵලය (රහත් බව) අවබෝධ කිරීම පිණිස
මාර්ගයක් තිබේද? ප්‍රතිපදාවක් තිබේදැයි’
මෙසේ අසන්නාහු නම් මෙසේ කියව්.
‘ඇවැත්නි,
විද්‍යා විමුක්ති ඵලය (රහත් බව) අවබෝධ කිරීම පිණිස මාර්ගයක් ඇත.
ප්‍රතිපදාවක් ඇතැයි’ කියව්.

මහණෙනි,
විද්‍යා විමුක්ති ඵලය (රහත් බව) ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස
මාර්ගය කුමක්ද?
ඒ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය මැයි.

§5. ඒ කෙසේද යත්?
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මේයි.

§6. “මහණෙනි,
මේ විද්‍යා විමුක්ති ඵලය (රහත් බව) අවබෝධකිරීම
පිණිස මාර්ගය වෙයි. ප්‍රතිපදාව වෙයි.

මහණෙනි,
එසේ අසන ලද තෙපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ට මෙසේ කියව්යයි” වදාළසේක.

SN 05-01-05-07. ඤාණදස්සන සුත්‍රය

§1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්හ. එක්පසෙක හුන්නාහු ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

§2. “මහණෙනි,
ඉදින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන්
ඇවැත්නි,
ශ්‍රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත
කුමක් පිණිස බ්‍රහ්මචරියාවෙහි වෙසෙන්නේද?”

කියා අසන්නට හැක.

§3. “මහණෙනි, “
මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට
‘ඇවැත්නි, ඤාණ දර්ශනය පිණිස
භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර හැසිරෙන්නේයයි’ කියව්.

§4. “මහණෙනි,
ඉදින් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන්
‘ඇවැත්නි, ඤාණදර්ශනය පිණිස මාර්ගයක් තිබේද?
ප්‍රතිපදාවක් තිබේදැයි’ අසන්නාහු නම්
මහණෙනි, මෙසේ අසනලද්දාවූ විට ඔවුන්ට මෙස් කියව්.

‘ඇවැත්නි, ඤාණදර්ශනය පිණිස මාර්ගයක් ඇත්තේය.
ප්‍රතිපදාවක් ඇත්තේය’යි කියව්.

මහණෙනි,
ඤාණදර්ශනය පිණිස පවත්නා මාර්ගය කුමක්ද?
ප්‍රතිපදාව කුමක්ද?
මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය මැයි.

§5. ඒ කෙසේද යත්?
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මේයි.

§6. “මහණෙනි,
ඤාණදර්ශනය පිණිස මේ මාර්ගය වෙයි.
මේ ප්‍රතිපදාව වෙයි.

මහණෙනි,
මෙසේ අසනලද තෙපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ට එසේ කියව්යයි” වදාළසේක

SN 05-01-05-08. අනුපාදා සුත්‍රය

§1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්හ. එක්පසෙක හුන්නාහු ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

§2. “මහණෙනි,
ඉදින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන්
ඇවැත්නි,
ශ්‍රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත
කුමක් පිණිස බ්‍රහ්මචරියාවෙහි වෙසෙන්නේද?”

කියා අසන්නට හැක.

§3.. “මහණෙනි
මෙසේ අසන ලද තෙපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ට
“ඇවැත්නි,
‘අනුපාදා පරිනිර්වාණය පිණිස භාග්‍යවතුන් වහන්සේ
වෙත බ්‍රාහ්මචර්යාවෙහි හැසිරෙන්නේ යයි කියව්.

§4. “මහණෙනි,
ඉදින් තොපගෙන් ඒ පරිබ්‍රාජකයෝ
‘ඇවැත්නි,
අනුපාදා පරිනිර්වාණය පිණිස මාර්ගයක් තිබේද?
ප්‍රතිපදාවක් තිබේදැයි’
අසන්නාහු නම් මහණෙනි,
මෙසේ අසනලද තෙපි ඒ පරිබ්‍රාජකයින්ට
‘ඇවැත්නි,
අනුපාදා පරිනිර්වාණය පිණිස මාර්ගයක් තිබේ.
ප්‍රතිපදාවක් තිබේයයි’ කියව්.

මහණෙනි,
අනුපාදා පිරිනිවීම පිණිස පවත්නා මාර්ගය කුමක්ද?
ප්‍රතිපදාව කුමක්ද?
ඒ මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයයි.

§5. ඒ කෙසේද යත්?
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මේයි.

§6. “මහණෙනි,
මේ අනුපාදා පරිනිර්වාණය පිණිස ඇති මාර්ගය වෙයි.
මේ ප්‍රතිපදාව වෙයි.
මෙසේ අසන ලද තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කියව්යි” යයි වදාළසේක.

...more
View all episodesView all episodes
Download on the App Store

SINHALA TIPITAKABy