SINHALA TIPITAKA

SN 05-01-06

Listen Later

SN 05-01-06-01. කල්‍යාණමිත්ත සූත්‍රය
SN 05-01-06-02. සීල සූත්‍රය
SN 05-01-06-03. ඡන්‍ද සූත්‍රය
SN 05-01-06-04. අත්ත සූත්‍රය
SN 05-01-06-05.දිට්ඨි සූත්‍රය
SN 05-01-06-06. අප්පමාද සූත්‍රය
SN 05-01-06-07. යෝනිසෝ සූත්‍රය
SN 05-01-06-08. දුතිය කල්‍යාණමිත්ත සූත්‍රය
SN 05-01-06-09-දුතිය සීල සූත්‍රය
SN 05-01-06-10  දුතිය ඡන්‍ද සූත්‍රය
SN 05-01-06-11  දුතිය අත්ත සූත්‍රය
SN 05-01-06-12 දුතිය දිට්ඨි සූත්‍රය
SN 05-01-06-13. දුතිය අප්පමාද සූත්‍රය
SN 05-01-06-14. දුතිය යෝනිසෝ සූත්‍රය

SN 01-05-06-01. කල්‍යාණ මිත්ත සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

[2] “මහණෙනි,
අරුණෝදය, උදාවන සූර්යයාට පෙරටු වන්නේය.
එය පෙර නිමිත්ත වන්නේය.
මහණෙනි,
එමෙන්ම කල්‍යාණ මිත්‍රයින් ඇති බව
භික්ෂුවට ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයට පිවිසීම
පිණිස පූර්වංගම වන්නේය.
එය පූර්වනිමිත්ත වන්නේය.

මහණෙනි,
කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව විසින්
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත
වැඩිය යුතුය. (බහුලීකත කලයුතුය.)

මහණෙනි,
කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කෙසේ වැඩිය යුතුද?
නැවත නැවත කෙසේ වැඩිය යුතුද?

[3] “මහණෙනි,
භික්ෂුවක් විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් සංකල්ප වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් වචන භවිතා කල යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් කර්මාන්තය වඩයි,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් ආජීවයෙන් විසිය යුතුය.,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණු
සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සතිය වඩයි,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සමාධිය වැඩිය යුතුය, .

[4] “මහණෙනි,
කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
මේ මාර්ගය නැවත නැවත වැඩිය යුතුය.”යි
වදාළසේක.

[කල්‍යාණ මිත්‍රතාවය අරුණෝදයෙහි ආරම්භය මෙනි. කල්‍යාණ මිත්‍ර ස්වභාවයෙහි සිට උපන් බැවින් විදර්ශනා සහිත ආර්ය මාර්ගය සූර්යයාගේ පහළ වීම වැනි යයි කියනු ලැබේ. යමෙක් තමන්ට ආශ්‍රයට කල්‍යාන මිත්‍රයෙක් ඉන්නේනම් හොඳයැයි සිතා කල්‍යාන මිතුරෙකු සෙව්වත් ඔහුට තම සන්තානයේ කල්‍යාන ගුණ නැත්නම් කවදාවත් කල්‍යාන මිතුරෙක් හමු නොවේ. තමා තුල කල්‍යාන මිත්‍ර ගුණ ඇති නම් ඔහුට එවන් මිතුරන් නිබඳව ආකර්ෂණය වෙයි. කිරට කිරි එකතුවන්නා සේ කල්‍යාන මිතුරෝ ඔහු හා එක වෙයි. තමා අසල ඉන්නේ කුමන දුරගුන ඇති කෙනෙක් වුවත්, ඔහු කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් මිත්‍රත්වයෙන් සලකන මනුෂ්‍යායා නිසා සමාජයම කල්‍යාන මිතුරන් වේ. ]

SN 01-05-06-02. සීලසම්පදා සූත්‍රය

[සීල සම්පදා = චතු පාරිශුද්ධි ශීලය. ]

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි,
අරුණෝදය උදාවන සූර්යයාට පූර්වංගමය.
පූර්ව නිමිත්තය.

මහණෙනි,
එමෙන්ම භික්ෂුවක සීල සම්පත්තිය,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය ඉපදීම පිණිස පූර්වංගමය.
පූර්ව නිමිත්තය.

මහණෙනි,
සීල සම්පන්න භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
නැවත නැවත වැඩිය යුතුය.

මහණෙනි,
චතුපාරිශුද්ධි සීලයෙන් යුක්ත භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කෙසේ වඩන්නේද?
කෙසේ නැවත නැවත වඩන්නේද?

[3] “මහණෙනි,
භික්ෂුවක් විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් සංකල්ප වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් වචන භවිතා කල යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් කර්මාන්තය වඩයි,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් ආජීවයෙන් විසිය යුතුය.,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණු
සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සතිය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සමාධිය වැඩිය යුතුය,

“මහණෙනි,
මෙසේ සීලයෙන් යුක්තව වසන භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
මේ අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය.”
යි වදාළසේක.

[සීලය : පාතිමොක්ඛසංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීවපාරිසුද්ධි සීලය, පච්චයසන්නිස්සිත සීලය කියා සීල සතරක් ඇත්තේය. ඒ සතර සීලයට චතුපාරිසුද්ධි සීලයයි කියනු ලැබේ. මේ සතර සීලය සාමණේර උපසම්පදා දෙපක්ෂයට ම සාධාරණය වෙනස සාමණේරයන් ගේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙහි සිකපද අඩුවීම පමණෙකි.
1. ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය
තථාගතයන් වහන්සේ විසින් පනවා ඇති විනය සිකපදයන් පිළිබඳ වූ ශීලය ප්‍රාතිමෝක්ෂ සංවරශීල නමි. සාමණේරයන් විසින් රැකිය යුතු සිකපද සමූහය සාමණේරයන් ගේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ය. උපසම්පන්නයන්ට පනවා ඇති සිකපද සමූහය උපසම්පන්නයන් ගේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ය. READ MORE
2. ඉන්ද්‍රිය සංවර ශීලය‍,
චක්ඛු – සෝත – ඝාන – ජිව්හා – කාය – මන කියා රූපාදි අරමුණු ගන්නා ඉන්ද්‍රිය සයක් ඇත්තේ ය. රූප – ශබ්ද – ගන්ධ – රස – ස්ප්‍ර‍ෂ්ටව්‍ය – ධර්ම යන මේවා චක්ෂුරාදි ඉන්ද්‍රිය සයෙන් ගන්නා අරමුණු ය. සිහියෙන් යුක්ත නො වන ධර්මසංඥාවෙන් තොර ව වාසය කරන්නා වූ පුද්ගලයන්ට චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ගෙන් ගන්නා රූපාදිය සම්බන්ධයෙන් බොහෝ සෙයින් ඇති වන්නේ ඇලීම හෝ විරෝධය ය. ඇලීමය කියනුයේ ලෝභ නම් වූ අකුශල මූලය ය. විරෝධ යයි කියනුයේ ද්වේෂ නම් වූ අකුශල මූලය ය.
යම්කිසි අරමුණක් ගැන ඇලීම හෝ විරෝධය ඇති වුව හොත් එය අනුව අකුශලචිත්ත පරම්පරාවක් ම ඇති වෙයි. ඒ නිසා තමා රක්නා ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ද බිඳී යා හැකි ය. ඉන්ද්‍රියයන් කරණ කොට ගන්නා ලද රූපාදිය සම්බන්ධයෙන් තෘෂ්ණා ද්වේෂයන් මුල් කොට ඇති අකුශලයන් ඇති නො වන පරිදි සිහියෙන් යුක්ත වීම – පරෙස්සම් වීම ඉන්ද්‍රිය සංවර ශීලය ය.
ඇසට රූපයක් හමු වූ කල්හි එය රූපයක් වශයෙන් සලකා නැවතුන හොත් එය සම්බන්ධයෙන් කෙලෙස් ඇති නොවේ. අකුසල් ඇති නො වේ. රූපාදිය නිසා කෙලෙස් ඇති වන්නේ ඒවායේ නිමිති හා අනුබ්‍යඤ්ජනයන් ගැනීමෙනි. ඇසින් රූපයක් දුටු කල්හි මේ තරුණයෙක, තරුණියක, මහල්ලෙක, මැහැල්ලෙක, ලස්සන එකෙක, කැත එකෙක, සතුරෙක, සැතිරියක, මිතුරෙක, මිතුරියක යනාදීන් ගැනීම රූප නිමිත්ත ගැනීම ය. එය ගත් කල්හි හොඳය ලස්සනය යනාදීන් සලකා ඇලීමත් නරකය. කැතය යනාදීන් සලකා විරෝධයත් නරක ය. කම්මුල් තොල් දත් ඇස් අත් පා ළය යනාදීන් කොටස් වශයෙන් ගැනීම ව්‍යඤ්ජන වශයෙන් ගැනීම ය. ඒ ඒ කොටස් ලස්සනය හොඳය කියා ද නරකය කැතය කියා ද ගැනීමෙන් ඇල්ම හා විරෝධය ඇති වේ.
පෙර අනුරාධපුරයෙහි විසූ ස්ත්‍රියක් සැමියා හා කලහ කර යන්නී, පෙර මඟ වඩනා මහා තිස්ස තෙරුන් වහන්සේ දැක මහ හඬින් සිනා සුනා ය. තෙරුන් වහන්සේ ඇගේ දත් ඇට ටික දැක ඒ රූපය ඇට සැකිල්ලක් සේ සලකා ගත්හ. ඇය සොයා ඒ මඟ ආ ඇගේ සැමියා තෙරුන් වහන්සේ දැක, “ස්වාමීනි, මේ මඟ ස්ත්‍රියක යනු දුටු සේක්දැ”යි විචාළේය. එකල්හි තෙරුන් වහන්සේ “පින්වත, ස්ත්‍රියක පුරුෂයෙක කියා නො දනිමි. මේ මඟ ඇට සැකිල්ලක් නම් ගියේ ය” යි කීහ. උන්වහන්සේට ස්ත්‍රිය ස්ත්‍රියක් වශයෙන් නො දැනුණේ උන්වහන්සේගේ උසස් ඉන්ද්‍රිය සංවරය නිසා ය. ඉන්ද්‍රිය සංවර ශීලය රැකිය යුත්තේ ඒ මහා තිස්ස තෙරුන් වහන්සේ මෙන් ය. මෙය රැකීමට ඉතා දුෂ්කර ශීලයෙකි. එබැවින් ඒ සම්බන්ධයෙන් සිකපද පනවා නැත. පැවිද්දන් විසින් සැම කල්හි ම ඉන්ද්‍රිය සංවරයෙන් තොර ව වාසය නො කොට, හැකි පමණින් මේ ශීලය ද රැක තමන්ගේ ශ්‍ර‍මණභාවය උසස් කර ගත යුතු ය.
3. ආජීවපාරිශුද්ධි ශීලය
ගිහියන් සතුටු කොට ඔවුන්ගෙන් ප්‍ර‍ත්‍යය ලබනු පිණිස කරන, බුද්ධාදීන් විසින් පිළිකුල් කරන නො මනා ක්‍රියාවලීන් වැලකී පිඬුසිඟා ගැනීම් ආදියෙන් දැහැමින් ජීවත් වීම ආජීවපාරිශුද්ධි ශීලය ය.
සතුටු කිරීම සඳහා ගිහියන්ට යම් යම් දේ දීම, වෙදකම් කිරීම, කේන්ද්‍ර‍ය බලා පලාපල කියා දීම, අතබලා පලාපල කියා දීම, නැකැත් සාදා දීම, මන්ත්‍ර‍ගුරුකම් කිරීම රස්සාවල් සොයා දීම, ගිහියන් එනු දුටු කල්හි පෙර මඟට ගොස් පිළිගැනීම, ඔවුනට පසු ගමන් කිරීම, හිතවත්කම දක්වා චාටු බස් කීම, ඉදිරියෙහි ඉන්නා අයට ස්තුති කිරීම, නැති අයගේ අගුණ කිරීම, පමණට වඩා ගරු නම්බු දී කථා කිරීම, බොරු හැබෑ මිශ්‍ර‍ කොට කථා කිරීම, ගිහියන්ගේ දරුවන් සුරතල් කිරීම, පණිවිඩ ගෙන යෑම් ආදි ගිහියන්ගේ වැඩ කිරීම, තමාගේ ගුණ ඇඟවීම, නැති ගුණ දැක්වීම, වැඩිපුර ලැබීමට සිතා දෙන දෙය ප්‍ර‍තික්ෂේප කිරීම යනාදිය කිරීමෙන් ප්‍ර‍ත්‍යය ලබා ජීවත්වීම මිථ්‍යා ජීවිකාව බව දත යුතු ය.
4. ප්‍ර‍ත්‍යය සන්නිශ්‍රිත ශීලය
පිඬු සිඟා ගැනීම් ආදියෙන් දැහැමින් වුව ද ලද සිවු පසය ප්‍රයෝජනය වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ප්‍ර‍තිකූල වශයෙන් හෝ ප්‍ර‍ත්‍යවේක්ෂා කොට පරිභෝග කරන බව ප්‍ර‍ත්‍යයසන්නිශ්‍රිත ශීලය ය. ප්‍ර‍ත්‍යවේක්ෂාව ඉහත දක්වා ඇත……..
ශාසනාවතරණය – රේරුකානේ මහා ස්වාමින්වහන්සේ

SN 01-05-06-03. ඡන්‍ද සූත්‍රය

[ඡන්‍ද සම්පදා = සසරින් මිදෙනු පිණිස ක්‍රියා කරනු පිණිස ඇතිවෙන කැමැත්ත,
 දිට්ඨි සම්පදා = ඥාන සම්පත්තිය. අප්පමාද සම්පදා = ක්‍රියා කරවන අප්‍රමාද සම්පත්තිය = යොනිසො මනසිකාර සම්පදා = පිළිවෙළ මෙනෙහි කිරීමේ සම්පත්තිය නැවත “කල්‍යාණ මිත්තතා” යන ආදිය සම්මා දිට්ඨි ආදියට වෙනස්වූ ආකාරයකින් ද අදහස් දැක්වීම පිණිස කියන ලදී.

ඡන්‍ද සම්පත්තිය නැත්තා මුළු ජීවිතයම සිඟමින් ජීවත්වන හිඟන්නකු සේ ඒ ඒ දවසේ බඩ ගින්නට යමක් සොයන්නා සේ ඒ ඒ ජීවිතයේ ඇති හීන ප්‍රාර්ථනා සපුරා ගන්නට පමණක් උත්සාහ කරන්නේය. සසර බිය නොදකින පෘතග්ජන පුරුෂයා සසරින් මිදීමක් ඇති බවක් නොදනී. කෙසේ නම් ඊට චන්දයක්, කැමැත්තක් ඇති වන්නේද?.]

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි,
අරුණෝදය , උදාවන සූර්යයාට පූර්වංගමවේ.
පූර්වනිමිත්ත වේ.

මහණෙනි,
එසේම ඡන්ද සම්පත්තිය සහිත වූ භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
නැවත නැවත වැඩිය යුතුය.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ භික්ෂුවට පූර්වංගමය.
පූර්ව නිමිත්තය වේ

මහණෙනි,
ඡන්ද සම්පත්තියෙන් යුත් භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
මේ මාර්ගය නැවත නැවත වැඩිය යුතුය. .

මහණෙනි,
ඡන්ද සම්පත්තියෙන් යුක්තවූ භික්ෂුවක්
කෙසේ නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කෙසේ නැවත නැවත වැඩිය යුතුද?

[3] “මහණෙනි,
භික්ෂුවක් විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් සංකල්ප වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් වචන භවිතා කල යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් කර්මාන්තය වඩයි,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් ආජීවයෙන් විසිය යුතුය.,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණු
සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සතිය වඩයි,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සමාධිය වැඩිය යුතුය,

“මහණෙනි,
මෙසේ ඡන්ද සම්පත්තියෙන් යුක්තවූ භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
නැවත නැවත වැඩිය යුතුය.” යයි වදාළසේක.

[ලෞකික සම්පත්, කොපමණ පානය කළත් පිපාසය නො සන්සිඳවන, පානය කරන්නට කරන්නට පිපාසය වර්ධනය වන සමුද්‍රජලය මෙන් සැලකිය යුතු. පිපාසය සංසිඳවා ගැනීමට යමෙක් සමුද්‍ර ජලය පානය කෙළේ නම් කොපමණ පානය කළත් ඔහු පිපාසය තිබියදී ම මිය යන්නේ ය. එමෙන් කොපමණ මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම රාජ සම්පත් වින්දේ වී නමුත් සත්ත්වයෝ සම්පත් විඳිනු කැමති බව යයි කියන ලද තෘෂ්ණා පිපාසය තිබියදී ම කළුරිය කරන්නාහු ය. සංස්කාර ධර්මයන් අතුරෙන් අතිප්‍රණීත ධර්මය වූ අර්හත් ඵල සුඛය ද විඳිමින් සිටියදී ම බිඳී යන ධර්මයකි. එහෙයින් අර්හත් ඵලය ද අභිනව අර්හත් ඵල සුඛ උපදවා විඳිනු කැමති බව යයි කියන ලද ඡන්ද ප්‍රාර්ථනාව සහිත වූ ධර්මයක් වේ. ඡන්ද ප්‍රාර්ථනාව ද තෘෂ්ණා ප්‍රාර්ථනාව මෙන් ඖදාරික වූ ගින්නක් නො වන මුත් සියුම් වූ ගින්නකි. මෙසෙයින් සකල සංස්කාර ධර්මයෝ ම ප්‍රාර්ථනාග්නියෙන් දිලිසෙන සප්‍රණිහිත ධර්ම බව දතයුතු. අනුපාදිශේෂ නිර්වාණයට පැමිණීමෙන් සකල ප්‍රාර්ථනාවෝ නිරුද්ධ වෙති. එහෙයින් ක්ලේශ ස්කන්ධ නිරෝධයයි කියන ලද්දා වූ අසංඛත ධාතුවට අප්‍රණිහිත නිර්වාණයයි කියනු ලැබේ. මෙසේ සුඤ්ඤතය, අනිමිත්තය, අප්පණිහිතය යන නාමත්‍රයෙන් දක්වන ලද්දේ ඒකාන්තයෙන් වෙන් වෙන් වූ නිර්වාණත්‍රයක් නොවේ. ඒ වනාහි සකල පළිබෝධයන්ගෙන් හිස් වීම, සංස්ථානයෙන් හිස්වීම, ප්‍රාර්ථනාවන් ගෙන් හිස් වීම යන ගුණත්‍රයාගේ වශයෙන් එකම අසංඛත ධාතුව මැයි.
යමෙක් තෙම ත්‍රෛයිභූමික ධර්මයන්හි පවත්නා වූ ප්‍රයත්න කළයුතු බව නමැති පළිබෝධයන් දුඃඛයකැයි දැන ගත්තේ වේ නම් :- ඔහුට නිර්වාණයාගේ සුඤ්ඤත ගුණය ඉතා ප්‍රණීත ගුණයක් වේ. නිත්‍ය වූ එක ම නිර්වාණ ධාතුව පමණක් සකල පළිබෝධයන්ගෙන් හිස් වූ හෙයිනි.
යමෙක් තෙම ජරා භය, මරණ භය, රාජ භය, චෝර භයාදි අනේක භය වලින් ද අනේක උපද්‍රව වලින් ද නිරතුරුව පීඩා ලබමින් ත්‍රෛභූමික ධර්මයන් පවත්නා බව අවබෝධ කරගත්තේ නම් ඔහුට නිර්වාණයෙහි අනිමිත්ත ගුණය අතිශයින් ප්‍රණීත වූ ගුණයක් වේ. කුමක් හෙයින්ද යත් ජරා මරණාදි භය සමූහය විසින් කුදු මහත් සටහන් ඇත්තා වූ ද්‍රව්‍ය පිණ්ඩයන් වූ සංස්කෘත ධර්මයෝ ම පෙළනු ලබත්. සටහනක් නැත්තා වූ අද්‍රව්‍ය වූ අජටාකාශයෙහි ගිනි සුළං, ආයුධ, සෙන ආදි කිසිවකට සැපිය හැකි නො වන හෙයින් එය නිරුපද්‍රිත වූවක් මෙන් සටහනක් නැති අද්‍රව්‍ය වූ නිර්වාණ ධාතුව රාජ චෝරාදි අසාධාරණ භය වලින්ද ජාති, ජරා, මරණ යන සාධාරණ භය වලින්ද මිදී පවතී. එහෙයිනි.
යමෙක් ත්‍රෛභූමික ධර්මයන්ගේ මධ්‍යයෙහි පඤ්චකාමය ප්‍රාර්ථනා කරන්නා වූ කාම තෘෂ්ණාව නමැති ගින්නෙන්ද, යහපත් බව ප්‍රාර්ථනා කරන්නා වූ භව තෘෂ්ණාව නමැති ගින්නෙන් ද තැවි තැවී සිටීම දුක බව අවබෝධ කර ගත්තේ වේ නම් ඔහුට නිර්වාණයාගේ අප්පණිහිත ගුණය ඉතා ප්‍රණීත වේ. නිර්වාණයෙහි එබඳු ගිනි නැති හෙයිනි. නිර්වාණයේ සුඤ්ඤත ගුණය හා අනිමිත්ත ගුණය උත්සන්න වූ භව තෘෂ්ණාව ඇති පුද්ගලයන්ට නිරර්ථක වූවක් මෙන් වැටහේ. අප්‍රණිහිත ගුණය උත්සන්න වූ කාම තෘෂ්ණාව ඇත්තා වූ පුද්ගලයන්ට නිරර්ථකාකාරයෙන් වැටහේ. මේ ගුණ තුන අවබෝධ කර නොගත් පුඟුලන්ට නිර්වාණය තුච්ඡ වූවක් සේ වැටහේ.]

SN 01-05-06-04. අත්ත සූත්‍රය

[අත්ත සම්පදා = සමෘද්ධ වූ සිත් ඇති බව,

චිත්ත සම්පත්තිය යනු අනුන් සතු දෙයට ආශා නොකිරීම. දොස සහගත සිතින් තොරවීම. මෝහය මැඩලන සේ යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ලොව ජීවත්වීමය.]

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි,
අරුණෝදය උදාවන සූර්යයාට පූර්වංගමවේ,
පූර්ව නිමිත්ත වේ.
මහණෙනි,
එසේම චිත්ත සම්පත්තිය,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නට පූර්වංගමය, පූර්වනිමිත්තය. මහණෙනි,
චිත්ත සම්පත්තියෙන් යුත් භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය,,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය,”
යයි වදාළසේක.?

මහණෙනි,
චිත්ත සම්පත්තියෙන් යුත් භික්ෂුව කෙසේ නම්
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?.
කෙසේ නම් නැවත නැවත වැඩිය යුතුද .”

[3] “මහණෙනි,
භික්ෂුවක් විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් සංකල්ප වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් වචන භවිතා කල යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් කර්මාන්තය වඩයි,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් ආජීවයෙන් විසිය යුතුය.,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණු
සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සතිය වඩයි,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සමාධිය වැඩිය යුතුය,

“මහණෙනි,
මෙසේ චිත්ත සම්පත්තියෙන් යුක්තවූ භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
නැවත නැවත වැඩිය යුතුය.” යයි වදාළසේක.

SN 01-05-06-05. දිට්ඨි සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි,
අරුණෝදය උදාවන සූර්යයාට පූර්වංගමවේ.
පූර්ව නිමිත්තවේ.

මහණෙනි,
එමෙන්ම ඤාණ සම්පත්තිය,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නාවූ භික්ෂුවට
පූර්වංගම වේ. පූර්ව නිමිත්ත වේ.

මහණෙනි,
ඤාණ සම්පත්තියෙන් යුත් භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය,

මහණෙනි,
ඤාණසම්පත්තියෙන් යුත් භික්ෂුව
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
කෙසේ නැවත නැවත වැඩිය යුතුද?

[3] “මහණෙනි,
භික්ෂුවක් විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් සංකල්ප වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් වචන භවිතා කල යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් කර්මාන්තය වඩයි,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් ආජීවයෙන් විසිය යුතුය.,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණු
සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සතිය වඩයි,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සමාධිය වැඩිය යුතුය,

“මහණෙනි,
මෙසේ ඤාණ සම්පත්තියෙන් යුත් භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය,,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය,” වදාළසේක.

SN 01-05-06-06. අප්පමාද සූත්‍රය

අති පුජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාමින්වහන්සේ කල දේසනාවක්

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි,
අරුණෝදය උදාවන සූර්යයාට පූර්වංගම වේ.
පූර්ව නිමිත්ත වේ.

මහණෙනි
එමෙන්ම අප්‍රමාද සම්පත්තිය
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නාවූ භික්ෂුවට
පූර්වංගමවේ, පූර්ව නිමිත්ත වේ.

මහණෙනි,
අප්‍රමාද සම්පත්තියෙන් යුත් භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය,.
ආර්ය මාර්ගය නැවත නැවත වැඩිය යුතුය,”

“මහණෙනි,
අප්‍රමාද සම්පත්තියෙන් යුත් භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කෙසේ වැඩිය යුතුද?
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත කෙසේ වැඩිය යුතුද?

[3] “මහණෙනි,
භික්ෂුවක් විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් සංකල්ප වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් වචන භවිතා කල යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් කර්මාන්තය වඩයි,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් ආජීවයෙන් විසිය යුතුය.,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණු
සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සතිය වඩයි,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සමාධිය වැඩිය යුතුය,

“මහණෙනි,
මෙසේ අප්‍රමාද සම්පත්තියෙන් යුත් භික්ෂුව
භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
නැවත නැවත වැඩිය යුතුය.” යයි වදාළසේක.

[අප්පමාද යන පදය මහත්වූ යන අරුත ගෙන දෙයි. මහත්වූ අර්ථයක් ගෙන සිටියි. සියලු ත්‍රිපිටක බුද්ධවචනය ගෙන හැර පා කියන විට අප්පමාද යන පදයම යොදනු ලැබේ. එහෙයින් මෙසේ කියා ඇත –
මහණෙනි, යම්සේ ජංගම වූ සියලු ප්‍රාණීන්ගේ පියවරවල් ඇද්ද? ඒ සියල්ල ඇත්පා සටහන තුළ ඇතුළත් කළහැකි වේද, එහෙයින්ම එය සියලු සතුන්ගේ පියවර සටහන්වලට වඩා විශාල යය කියනු ලැබේ. ඒ එය මහත් වූ එකක් හෙයිනි. එසේම මහණෙනි, සියලු කුසල් දහම් අප්‍රමාදය මුල්කොටම පවතී. අප්පමාද යන්නෙහි අන්තර්ගත වෙයි. අප්පමාදය ඒ දහම්වලට අග්‍ර යයි කියනු ලැබෙයි.
ඒ වනාහි සිහියෙන් තොර නොවී සිටීම යන තේරුමයි. මේ වනාහි සිහියෙන් තොර නොවී සිටීමයි. අප්පමාදං යන මෙහි අමෘතය නම් නිර්වාණයයි. එය නූපන්නක් හෙයින් නොදිරයි, නොමැරෙයි, එහෙයින් අමෘත යයි කියනු ලැබේ. මෙයින් පැමිණේ යන අරුතින් පද නම් වේ. අමෘතයට පැමිණෙත් යනු අර්ථයි. අමෘතයට අධිගම උපාය යයි කියූ ආකාරයයි. පමාදො යනු ප්‍රමාද වීමේ ස්වභාවයයි. මුට්ඨස්සති නම් වූ සිහිය හැර දැමීමට මෙය නමකි. මච්චුනො යනු මරණයට නමකි. පදං යනු උපායයි, මාර්ගයයි. පමාවන්නා ඉපදීම නොඉක්මවයි. උපන් තැනැත්තා දිරීමටත් මරණයටත් පත්වන හෙයින් පමාදො මච්චුනෝපදං, ප්‍රමාදයෙන් මරණයට පත්වෙයි, හෙවත් මැරෙයි. අප්පමත්තා න මීයන්ති යනු සිහියෙන් යුතු අප්‍රමාදී පුද්ගලයා නොමැරෙයි. අජරාමර වෙත් යයි නොසැලකිය යුතුයි. අජරාමර තත්ත්වයට පැමිණෙන කිසිම සතකු නැත. පමා වූවහුගේ සසර පැවැත්මේ අවසානයක් නැත. අප්‍රමාදියාගේ අවසානයක් ඇත. එහෙයින් ප්‍රමාද වන්නෝ ඉපදීම් ආදියෙන් නොමිදුණු හෙයින් ජීවත් වුවත් මළාහුම වෙති. අප්‍රමාදීහු වනාහි අප්‍රමාද ලක්ෂණ දියුණු කර ගනිමින් වහා මගපල සාක්ෂාත් කොට දෙවෙනි තෙවෙනි ආත්මභාවවලින් පසු නූපදිත්. එහෙයින් ඔවුහු ජීවත් වුවත් මළත් නොමැරෙත්මය.
යෙ පමත්තා යථා මතා යනු යම් සත්ව කෙනෙක් ප්‍රමාද නම් ඔවුහු ප්‍රමාද මරණයෙන් මළ හෙයින්, යම්සේ ජීවිතේන්ද්‍රිය ආයුප්‍රමාණයන් අවසන් ව මැරෙන්නහු දරකඳක් මෙන් පහවූ විඤ්ඤාණය ඇතිව මැරෙත්. ඒ ඒ ආකාරවලින් මැරුණාක් වැනි ගිහියන්ට, දන් දෙන්නෙමු. සිල් රකින්නෙමු, පෙහෙවස් වසන්නෙමු ආදි එක් සිතකුදු නූපදී යයි යන මතයෙහි පිහිටියා වූ ඔවුහු නොයෙක් අදහස් ඇති කර ගත්තාහු වෙති. යෙ පමත්තා යථා මතා යයි කීයේ එහෙයිනි.
එතං විසෙසතො ඤත්ත්වා යනු පමා වන්නාහට වට්ට නම් වූ සංසාර දුකෙන් මිදීමක් නැත. අප්‍රමාදී පුද්ගලයාට පමණක් එය ඇත යන අදහසයි. මේ විශේෂත්වය විශේෂයෙන් ම දැනගෙන යනු ද මෙහි අදහසකි.
කවරෙක් නම් මේ විශේෂය දැනගනිත්ද? 
අප්පමාදම්හි පණ්ඩිතා යනු (ඒ දැනගන්නා පුද්ගලයන්ය.) යමෙක් පණ්ඩිත නම්, දැන ගැනීමේ නුවණින් යුක්ත නම්, ප්‍රඥාවන්ත නම් ස්වකීය අප්‍රමාදී පිළිවෙතෙහි සිට එය වර්ධනය කර ගනිත්. ඔවුහු මෙසේ ඒ විශේෂ කාරණය දැන ගනිත්. අප්පමාදො පමොදන්ති යනු, මෙසේ දැනගෙන ඒ දැනගත් ස්වකීය අප්‍රමාද ප්‍රතිපත්තිය පිළිබඳව විශේෂයෙන් ප්‍රීතියට පත්වෙති. ප්‍රබෝධමත් සිනාමුසු මුහුණින් තුටුපහටු වෙත්. අරියානං ගොචරෙ රතා යනු මෙසේ ඒ ආකාරයෙන් අප්‍රමාදයෙන් ප්‍රමෝදයට පත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ අප්‍රමාදී ප්‍රතිපදාව තවදුරටත් වඩා ආර්ය වූ බුදුපසේබුදුමහරහතන් වහන්සේලාගේ ගෝචර සංඛ්‍යාත සතරසතිපට්ඨානාදි භේදගත සත්තිස්බෝධිපාක්ෂික ධර්මයන් හා නවවිධලෝකෝත්තරධර්මයන්හි ඇළෙමින් ඒවාහි නිරත වෙමින් වාසය කෙරෙත් යනු අර්ථයයි.
තෙ ඣායිනො යනු ඒ අප්‍රමාදී පණ්ඩිත පුද්ගලයෝ අෂ්ටසමාපත්ති සංඛ්‍යාත වූ ආරම්මණ උපනිජ්ඣාන ලක්ෂණ කොට ඇති (අරමුණු නිරීක්ෂණය කිරීම) විදර්ශනාමාර්ගඵල සංඛ්‍යාත වූ ලක්ෂණ නිරීක්ෂණය කිරීම යන ද්විවිධ වූ ධ්‍යාන මගින් ධ්‍යානලාභී වූවාහු. සාතතිකාති යනු අභිනිෂ්ක්‍රමණයේ පටන් අර්හත්මාර්ගය දක්වා නිරන්තරව පවත්වනලද කායික චෛතිසක වීර්යයෝයි. නිච්චං දළ්හපරක්කමාති යනු යම් ඒ පුරුෂබලයෙන්, පුරුෂ වීර්යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු තැනට නොපැමිණි වීර්යයාගේ එකතු කිරීම (ගෙතීම) වන්නේ යයි මෙබඳු වීර්යයෙන් අතරතුර පසු නොබැස දැඩි උත්සාහයෙන් නිති පවත්වා ගන්නා වීර්යයෙන් යුක්ත වීමයි.]

SN 01-05-06-07. යෝනිසෝ සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි,
අරුණෝදය, උදාවන සූර්යයාට පූර්වංගම වේ.
පූර්ව නිමිත්ත වේ.

මහණෙනි,
එසේම උපාය මනසිකාරය
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ භික්ෂුවට
පූර්වංගම වේ. පූර්වනිමිත්ත වේ.

[කුසල් උපදින සේ සුදුසු පරිදි මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරයයි. මෙතන්හි ගැනෙනුයේ විදර්ශනාව පිළිබඳ යෝනිසෝ මනසිකාරය යි. එනම්, ඇතිවෙමින් පවත්නා නාමරූප ධර්මයන් ස්වභාව ලක්ෂණ වශයෙනු ත් ඇති වී ම හා නැතිවීම යන අනිත්‍ය ලක්ෂණ ආදී වශයෙනුත් මෙනෙහි කිරීම හා මෙනෙහි කොට දැන ගැනීම යෝනිසෝමනසිකාරය යි. ප්‍රත්‍යක්‍ෂ ඥානය මෝරවා දියුණු කරගත් කල්හි ප්‍රත්‍යක්ෂ කොට නොදක්නා ලද නාම රූප ධර්මයන් ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දක්නා ලද නාම රූපයන් හා සසඳා මෙනෙහි කොට හැකි වීම හෝ විනිශ්චය කරන්ට හැකි වීම යෝනිසෝමනසිකාරය මැ යි. මතු මතු විදර්ශනා ඥාන විශේෂයන්ට හා මාර්ග ඵලයන්ටත් උපකාරීවන නියම මාර්ගය වු උපාය මනසිකාරය යි. එහෙයින් අටුවාවෙහි:
යෝනිසෝමනසිකාරො නාම උපාය මනසිකාරො,
පථමනසිකාරො, අනිච්චෙ අනිච්චන්ති වා දුක්ඛෙ
දුක්ඛන්ති වා අනත්තන්ති අනත්තාති වා
අසුභෙ අසුභන්ති වා මනසිකාරො. ය යි කීහ.
එහි අදහස :-
යෝනිසෝමනසිකාරය නම් දුක් සංසිඳ වීමට උපකාරී වන නියම නය ක්‍රමය අනුව මෙනෙහි කිරීමය.

මග්ග වග්ගයේ ඇති කාණ්ඩ දහසයේ සුත්‍ර සියල්ලම ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම, එයට උපකාරවන ධර්ම ආදිය ගැන විස්තර කෙරෙනු ඒවාය. සමස්තයක් ලෙස ගත හොත් මේ ආර්ය මාර්ගයේ අට අංගයන් ගොනු තුනකට දමා , එනම් සීල සමාධි සහ ප්‍රඥා ලෙස දක්වනු දැකිය හැක. මේ සියලු ශාස්ත්‍රීය විමසුම් අමතක කොට, බුද්ධ ධර්මයේ ඒකායන අරමුණ ගැන සිතා මේ අරි අටඟ මග මෙසේ මම දකිමි.
“සත්වයා ගේ යලි උපත හෙවත් භවය නැති කිරීම කල හැක්කේ බාහිර පුද පුජා, යාග හෝම, වත් පිළිවෙත් වලින් නොව තම තමාගේ මනස සුද්ධ කරගෙන, මනස දියුණු කර ගැනීමෙනි. මේ ධර්මය, මනස ගැන උගන්වන, මනස දියුණු කරගන්නා විදි උගන්නන ධර්මයය.
අපේ යලි උපත ඇති කර ගන්නේ අපිම හදාගන්නා සංඛාර නිසාය. මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග එකින් එක ගෙන විමසා බැලුවහොත් මිනිසෙකුගේ මනස විසින් ඔහුගේ සියලු ක්‍රියා කාරකම් මෙහෙයවන බව දැකිය හැක. ජීවත් වීමේදී කරන සියලු ක්‍රියා පිරිසිදු මනසකින් කරන්නට නම් මේ අටෙන් බොහොමයක් ඒවා අවශ්‍යම බව පෙනේ. ඒ නිසා මනස පිරිසිදුව දියුණු කරගන්නට මේ අරි අටඟ මග යා යුතු බව දකිමින් නිතර නිතර විමසමින් නිවන් දකින්නට ඕනෑකමක් ඇතිව ජීවත්වීමට මේ සුත්‍ර ගොනුවත් උපකාර වේවා.

හරි මගින් මෙනෙහි කිරීමය. උපදිමින් නැසෙමින් පවත්නා නිත්‍ය නො වන වස්තුන්වෙහි අනිත්‍ය ය යි කියා හෝ එය ම භයට හේතුවන බැවින් දුකය යි කියා හෝ එහි ම ආත්මසාරයක් නැති හෙයින් අනාත්මය යි කියා මහා අසෝභන වූ කුණු සිරුරෙහි අසුභය යි කියා හෝ නුවණින් මෙනෙහි කිරීමය.

මහණෙනි,
උපාය මනසිකාරයෙන් යුත් භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
නැවත නැවත වැඩිය යුතුය.” යයි වදාළසේක.

මහණෙනි,
උපාය මනසිකාරයෙන් යුත් භික්ෂුව
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය
නැවත නැවත වැඩිය යුතුද?

[3] “මහණෙනි,
භික්ෂුවක් විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් සංකල්ප වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් වචන භවිතා කල යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් කර්මාන්තය වැඩිය යුතුය,,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් ආජීවයෙන් විසිය යුතුය.,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණු
සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සතිය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සමාධිය වැඩිය යුතුය,

“මහණෙනි,
මෙසේ උපාය මනසිකාරයෙන් යුත් භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
නැවත නැවත වැඩිය යුතුය.” යයි වදාළසේක.

[යෝනිසො මනසිකාරය නම් උපාය මනසිකාරයයි පථ මනසිකාරයයි. අනිත්‍යයෙහි අනිත්‍ය යයිද, දුකෙහි දුකයයිද අනාත්මයෙහි අනාත්ම යයි ද, අශුභයෙහි අශුභ යයි ද මෙනෙහි කිරීමයි. අනාත්ම යයි ද, අශුභයෙහි අශුභ යයි ද මෙනෙහි කිරීමයි. ඒ යොනිසො මනසිකාරය එම අශුභ අරමුණෙහි බහුලකොට පවත්වන්නහුට කාමච්ඡනය ප්‍රහීණ වෙයි. එයින් වදාළහ. භාග්‍යවත් බුදු රදහුද,

SN 01-05-06-08. දුතිය කල්‍යාණමිත්ත සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

[2] “මහණෙනි,
අරුණෝදය උදාවන සූර්යයාට පූර්වාංගමවේ.
පූර්ව නිමිත්තවේ.
මහණෙනි, එසේම කල්‍යාණ මිත්‍රයින් ඇතිබව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන භික්ෂුවට
පූර්වංගමය, පූර්ව නිමිත්තය.

මහණෙනි,
කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය ඇති භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.”
ආර්ය මාර්ගය නැවත නැවත වැඩිය යුතුය.”

[3] “මහණෙනි,
කළ්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
ආර්ය මාර්ගය නැවත නැවත කෙසේ වැඩිය යුතුද?

“මහණෙනි,
භික්ෂුව රාගය දුරු කිරීම කෙළවරකොට ඇති,
දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුය,

රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් සංකල්පය වැඩිය යුතුය,

රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දොසය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරු කිරීම කෙළවරකොට ඇති
සම්‍යක් වචනය වැඩිය යුතුය,’

රාගය දුරු කිරීම කෙළවරකොට ඇති,
දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් කර්මාන්තය වැඩිය යුතුය,

රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දොසය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් ආජීවය වැඩිය යුතුය,

රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දොසය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය,

රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් සතිය වැඩිය යුතුය,

රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් සමාධිය වැඩිය යුතුය,.

[4] “මහණෙනි,
කළ්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව මෙසේ
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
නැවත නැවත වැඩිය යුතුය.” යයි වදාළසේක.

SN 01-05-06-09. දුතිය සීල සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි,
අරුණෝදය උදාවන සූර්යයාට පූර්වංගමවේ.
පූර්ව නිමිත්තවේ.

මහණෙනි,
සීල සම්පත්තිය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය
උදාවන්නාවූ භික්ෂුවට පූර්වංගම වේ.
පූර්වනිමිත්ත වේ.

මහණෙනි,
සීල සම්පත්තියෙන් යුත් භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය,..
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය,.

මහණෙනි,
සීල සම්පත්තියෙන් යුත් භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කෙසේ වැඩිය යුතුද?
කෙසේ නැවත නැවත වැඩිය යුතුද?

[3] “මහණෙනි,
භික්ෂුව විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් සංකල්ප වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් වචන භවිතා කල යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් කර්මාන්තය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් ආජීවයෙන් විසිය යුතුය.,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණු
සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සතිය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සමාධිය වැඩිය යුතුය,

“මහණෙනි,
මෙසේ සීල සම්පත්තියෙන් යුත් භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
නැවත නැවත වැඩිය යුතුය.” යයි වදාළසේක..

SN 01-05-06-10. දුතිය ඡන්‍ද සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි,
අරුණෝදය උදාවන සූර්යයාට පූර්වංගම වේ.
පූර්ව නිමිත්ත වේ.

මහණෙනි,
එමෙන්ම ඡන්ද සම්පත්තිය ,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ
මහණහට පූර්වංගම වේ. පූර්ව නිමිත්ත වේ.

මහණෙනි
ඡන්දසම්පත්තියෙන් යුත් භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවතවැඩිය යුතුය,

“මහණෙනි,
ඡන්ද සම්පත්තියෙන් යුත් භික්ෂුව
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
කෙසේ නැවත නැවත වැඩිය යුතුද?

[3] “මහණෙනි,
භික්ෂුව විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් සංකල්ප වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් වචන භවිතා කල යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් කර්මාන්තය වඩයි,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් ආජීවයෙන් විසිය යුතුය.,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණු
සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සතිය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සමාධිය වැඩිය යුතුය,

(මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)

“මහණෙනි,
මෙසේ ඡන්ද සම්පත්තියෙන් යුත් භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
නැවත නැවත වැඩිය යුතුය.” යයි වදාළසේක.

SN 01-05-06-11. දුතිය අත්ත සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි,
අරුණෝදය උදාවන සූර්යයාට පූර්වංගම වේ.
පූර්ව නිමිත්ත වේ.

මහණෙනි,
එමෙන්ම චිත්ත සම්පත්තිය
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නා වූ
මහණහට පූර්වංගම වේ, පූර්ව නිමිත්ත වේ.

මහණෙනි,
චිත්ත සම්පත්තියෙන් යුත් භික්මෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය,.
නැවත නැවත වැඩිය යුතුය.

මහණෙනි,
චිත්ත සම්පත්තියෙන් යුත් භික්ෂුව
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
කෙසේ නැවත නැවත වැඩිය යුතුද?

[3] “මහණෙනි,
භික්ෂුව විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් සංකල්ප වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් වචන භවිතා කල යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් කර්මාන්තය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් ආජීවයෙන් විසිය යුතුය.,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණු
සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සතිය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සමාධිය වැඩිය යුතුය,

“මහණෙනි,
මෙසේ චිත්ත සම්පත්තියෙන් යුක්ත වූ භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
නැවත නැවත වැඩිය යුතුය.” යයි වදාළසේක.”

SN 01-05-06-12. දුතිය දිට්ඨි සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

මහණෙනි,
අරුණෝදය උදාවන සූර්යයාට පූර්වංගම වේ.
පූර්ව නිමිත්තවේ.

මහණෙනි,
එලේසින්ම ඤාණසම්පත්තිය
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ
මහණහට පූර්වංගමවේ. පූර්වනිමිත්තවේ.

මහණෙනි,
ඤාණසම්පත්තියෙන් යුත් භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නේය,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත උපදවන්නේය
මහණෙනි ඤාණ සම්පත්තියෙන් යුත් භික්ෂුව
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
කෙසේ නැවත නැවත වැඩිය යුතුද?

[3] “මහණෙනි,
භික්ෂුව විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් සංකල්ප වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් වචන භවිතා කල යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් කර්මාන්තය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් ආජීවයෙන් විසිය යුතුය.,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණු
සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සතිය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සමාධිය වැඩිය යුතුය,

“මහණෙනි,
මෙසේ ඤාණ සම්පත්තියෙන් යුත් භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
නැවත නැවත වැඩිය යුතුය.” යයි වදාළසේක.

[විමුක්ති ප්‍රතිපදාවෙහි ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය නියෝජනය කරන මාර්ග සත්‍යය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි යනුවෙන් අංග අටකින් සමන්විත වේ. එම අංග අට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ දී ශීල, සමාධි, ප්‍රඥා යනුවෙන් ත්‍රිවිධ ශික්‍ෂාව යටතේ සම්පිණ්ඩනය කර ඇත. සසර දුක නිර්මාණය වන ප්‍රධානතම හේතුව වන තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙහිලා අනුගත ප්‍රතිපදාව ආචාර විද්‍යාත්මක (ශීල) මනෝවිද්‍යාත්මක (සමාධි) හා දාර්ශනික (ප්‍රඥා) යනුවෙන් පදනම් තුනකින් සමන්විත වේ.
විමුක්තිය උදෙසා පමණක් නොව එදිනෙදා ජීවිතයේ දී භෞතික දියුණුව අපේක්‍ෂා කරන සැම අයකුටම අරි අටගි මග අනුගමනයෙන් වර්තමාන ජීවිතයේ දී ම සසර දුක නිමා කළ හැකි අතරම, ලෞකික සමෘද්ධිය ද අත්පත් කර ගත හැකිය.
ඒ අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපයෝගීතාව විමුක්තිය උදෙසා පමණක් නොව සමාජ ආර්ථික දියුණුව උදෙසා ද ඉවහල් වන බව විවිධ අධ්‍යයනයන් යටතේ පැහැදිලි කර තිබේ.
ආර්ය අෂ්ටංගික මාර්ගයේ අංග අට පිළිවෙලින් වෙන්කොට දැක්වුව ද එය ප්‍රායෝගිකව අනුගමනය කිරීමේ දී අංග සියල්ලම එකවර ක්‍රියාවට නැංවීම වැදගත් වේ. අංග අට අතුරින් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප දෙක පුද්ගලයාගේ දැක්ම හා චින්තනය නිවැරැදි මාර්ගයට යොමු කිරීමට අත්‍යවශ්‍ය වේ. කෙනෙකුගේ සම්‍යග් දෘෂ්ටිය සැකසෙන්නේ නිවැරැදි අවබෝධය අනුවයි. ඒ අනුව චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය නිවැරැදි දැක්ම හෙවත් සම්‍යග්දෘෂ්ටිය යි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් එයින් අදහස් වන්නේ යමක හේතුඵල සම්බන්ධය වටහා ගැනීම යි. මහාචත්තාරීසක සුත්‍රයෙහි ආර්ය මාර්ගය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ කදිම විවරණයක් ඇතුළත් වේ. ඒ අනුව දසවස්තුක සම්‍යග් දෘෂ්ටියෙන් යුක්ත ලෞකික සම්‍යග් දෘෂ්ටිය හා ආර්ය මාර්ගය හා සම්බන්ධ ලෝකෝත්තර සම්‍යග් දෘෂ්ටිය වශයෙන් ප්‍රභේද දෙකකි. පුද්ගලයකුගේ දැක්ම හා දෘෂ්ටිය සම්පූර්ණවීමට මෙම අංග දෙකම අවශ්‍ය වේ. කිසියම් පුද්ගලයකුගේ ආකල්ප හා අදහස් සිතුම් පැතුම් අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම සහගත සිතිවිලිවලින් යුක්ත නම් එම තැනැත්තා යහපත් චින්තනයකින් හා අකාල්පවලින් සමන්විත අයකු ලෙස සැලකේ. එවැන්නකුගේ චින්තනය සැකසෙන්නේ කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්‍ෂාව හා පරිත්‍යාගය යන උදාර පුරුෂාර්ථවලිනි. වධක චේතනාවෙන් හා හිංසා සහගත ආකල්පවලින් යුක්තව ලෝකය අත්පත්කර ගැනීමෙහිලා තෘෂ්ණාවෙන් භරිතව කටයුතු කරන පුද්ගලයා මිථ්‍යා අදහස් හා සංකල්පවලින් සමන්විත, එමෙන්ම සමාජයට මෙන්ම තමන්ට ද අහිතවත් පුද්ගලයෙකි. මිනිසා ප්‍රචණ්ඩත්වයට මෙන්ම පංචකාම ලෝකය අත්පත් කර ගැනීමෙහිලා යොමුවන්නේ මිථ්‍යා සංකල්පය හා සම්බන්ධ සිතිවිලිවල පෙළඹවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ආර්ය මාර්ගයේ මුල් අංග දෙකින් පුද්ගලයාගේ ප්‍රඥා පෞරුෂය පෝෂණය වන අතර කෙනකු ප්‍රඥාවන්ත යැයි නිගමනය කළ හැක්කේ යථෝක්ත අංග දෙකට අයත් නිවැරැදි දැක්ම හා නිවැරැදි චිත්තනය අනුවය.
ආර්ය මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත හා සම්මා ආජීව යන තුනෙන් පුද්ගලයාගේ කායික හා වාචසික සංවරය මෙන්ම නිවැරදි දිවි පැවැත්ම අර්ථවත් වේ. සම්මා වාචා යනු අදහස් හා සිතිවිලි ප්‍රකාශයට පත්කිරීමේදී ඇති කර ගත යුතු සන්නිවේදන සදාචාරය යි. ඒ යටතේ වචනය හා සම්බන්ධ සියලු දුශ්චරිතවලින් වැළකී සාදාචාරාත්මක වශයෙන් යහපත් අයුරින් අදහස් ප්‍රකාශනයෙහිලා සංයමයක් ඇතිකර ගැනීම අවධාරණය කර ඇත. ප්‍රාණඝාතය, සොරකම හා කාමයෙහි වරදවා හැසිරීම ආදි කායික චර්යාවලින් වැළකීම සම්මා කම්මන්ත යටතේ නිර්දේශිත ය. තුන්වැන්න වන සම්මා ආජීව මගින් නිවැරැදි මෙන්ම නීතිගරුක හා යුක්තිගරුක දැහැමි ජීවනෝපායක නිරතව දිවිපැවැත්ම තහවුරු කරගැනීම යෝජනා කරයි.
මේ අනුව ශීලය හා සම්බන්ධ මෙම ක්‍රියාකාරකම් තුන සදාචාරවත් විනය ගරුක ජීවිතයක මෙන්ම ආධ්‍යාත්මික විමුක්ති කාර්යයෙහි පදනම වශයෙන් පිළිගෙන තිබේ.
ආධ්‍යාත්මික විමුක්ති මාර්ගයේ මානසික සංවර්ධනය අවධාරණය කෙරෙන්නේ සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි යන අංග තුන යටතේ ය. අකුසල සහගත සිතිවිලි බැහැර කොට කුසල සහගත සිතිවිලි වර්ධනය කිරීමට ගන්නා මානසික උත්සාහය හා උනන්දුව සම්මා වායාම යි. සෙසු අංග දෙකින් සිහිය හා මානසික ඒකාග්‍රතාව වර්ධනය කර ගැනීම අදහස් කර ඇත. මේ අංග තුනම මානසික සංවර්ධනය හා සම්බන්ධ වේ.
විමුක්තිය සාක්‍ෂාත් කිරීම සඳහා පමණක් නොව සමාන්‍ය වශයෙන් යහපත් හා නීරෝගී මනසක් ඇති කර ගැනීම සඳහා මෙම අංග තුන හේතු වේ. සමථ හා විපස්සනා භාවනාව මෙන්ම සතර සතිපට්ඨානය යටතේ අවධාරණය කෙරෙන්නේ මෙකී මානසික සංවර්ධනය යි. ඒ අනුව භාවනාව එක් අතකින් විමුක්තිය පිණිස හේතුවන අතර, අනික් අතින් ලෞකික ජීවිතයේ මානසික සුවය සඳහා අත්‍යවශ්‍ය වේ. චිත්ත සමාධිය ප්‍රඥාව සාක්‍ෂාත් කිරීම කෙළවර කොට පවතී(සාමාධි පරිභාවිතො පඤ්ඤා). ආර්ය මාර්ගයේ නිෂ්ඨාව සම්මා ඤාණ හා සම්මා විමුක්ති යන අංග දෙකින් පරිසමාප්තියට පත්වේ. ඒ අනුව අංග අටකින් යුක්ත ප්‍රතිපදාව අනුගමනය කරන තැනැත්තා සේඛ හෙවත් ශික්‍ෂණය වන්නා හෙවත් පුහුණුවන්නා යනුවෙන් හඳුන්වන්නේ ඔහු තවදුරටත් ආර්ය මාර්ගය ප්‍රතිපදාවක් ලෙස අනුගමනය කරන හෙයිනි.
අංග අටකින් යුත් මාර්ගය සම්පූර්ණ කොට විමුක්තිය සාක්‍ෂාත් කළ පුද්ගලයා සම්‍යග් ඤාණයෙන් හා සම්‍යග් විමුක්තියෙන් යුක්ත හෙයින් අසේඛ හෙවත් ශික්‍ෂණය සම්පූර්ණ කළ තැනැත්තා යනුවෙන් හැඳීන්වේ. එසේ විමුක්තිය සාක්‍ෂාත් කළ රහතන් වහන්සේ ප්‍රඥාවේ මෙන්ම සාදාචාරයේ පරිසමාප්තියට පත් උත්තම පුද්ගලයා වේ.
ශීල, සමාධි, ප්‍රඥා යනුවෙන් අංගත්‍රයකින් යුක්ත මාර්ග සත්‍ය යටතේ ඉදිරිපත් කෙරෙන්නේ දුක්ඛ නිරෝධය සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය යි. ශීලය මඟින් කායික වාචසික සදාචාරය අර්ථවත් වේ. මානසික ඒකාග්‍රතාව අවසන් කොට ඇති චිත්ත සමාධිය අර්ථවත් වන්නේ සාමාධි අංගයෙනි. ප්‍රඥා යන්නෙන් අදහස් කෙරෙන්නේ සම්‍යග් දෘෂ්ටියෙන් හා සම්‍යග් චින්තනයෙන් පරිපූර්ණත්වයට පත්වීමයි. එය පුද්ගලයාගේ දැක්ම හා චින්තනය නිවැරැදිව ගොඩනැඟීමට උපකාරී වේ. ප්‍රඥා ශික්‍ෂාවට අයත් සම්‍යග් දෘෂ්ටිය සෙසු අංග හතටම පදනම වන හෙයින් එය විමුක්ති කාර්යයෙහිලා පූර්ව අවශ්‍යතාවක් වේ.

ත්‍රිවිධ ශික්‍ෂාව අනුගමනය කිරීමෙන් සදාචාරාත්මක ශික්‍ෂණය, මානසික සංවර්ධනය හා ප්‍රඥාව (විදසුන් නුවණ) සම්පූර්ණ වේ. එය පිළිවෙලින් පරිපුර්ණත්වයට පත්කිරීම යනු විමුක්ති සාධනය යි. සසර දුක හා එය ඇතිවන හේතුව පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධය උදෙසා ඉදිරිපත් කළ ප්‍රතිපදාව මාර්ග සත්‍යයි. එය දැනුම සඳහා නොව භාවිතය සඳහා ය. එබැවින් මාර්ග සත්‍ය දුක්ඛ නිරෝධය උදෙසා ප්‍රායෝගිව ක්‍රියාවට නැංවිය යුතු ය(භාවේතබ්බ).

SN 01-05-06-13. දුතිය අප්පමාද සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි,
අරුණෝදය උදාවන සූර්යයාට පූර්වංගමවේ.
පූර්ව නිමිත්තවේ.

මහණෙනි,
එලෙසම අප්‍රමාද සම්පත්තිය ආර්ය අෂ්ටාඩ්ගික
මාර්ගය උපදවන්නාවූ භික්ෂුවට පූර්වංගමවේ.
පූර්ව නිමිත්ත වේ.

මහණෙනි,
අප්‍රමාද සම්පත්තියෙන් යුත් භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
නැවත නැවත උපදවයි.

මහණෙනි,
අප්‍රමාදසම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවයිද, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත උපදවයිද?

[3] “මහණෙනි,
භික්ෂුවක් විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ
කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් සංකල්ප වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් වචන භවිතා කල යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ
කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් කර්මාන්තය වඩයි,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් ආජීවයෙන් විසිය යුතුය.,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණු
සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සතිය වඩයි,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සමාධිය වැඩිය යුතුය,

“මහණෙනි,
මෙසේ අප්‍රමාද සම්පත්තියෙන් යුතුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
නැවත නැවත වැඩිය යුතුය. ” වදාළසේක.

SN 01-05-06-14. දුතිය යෝනිසෝ සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

මහණෙනි,
අරුණෝදය උදාවන සූර්යයාට පූර්වංගමය.
පූර්වනිමිත්තය.

මහණෙනි,
එලෙසම උපාය මනසිකාරය
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන
භික්ෂුවට පූර්වංගමවේ. පූර්ව නිමිත්තවේ.

[කුසල් උපදින සේ සුදුසු පරිදි මෙනෙහි කිරීම යෝනිසෝමනසිකාරය යි. මෙතන්හි ගැනෙනුයේ විදර්ශනාව පිළිබඳ යෝනිසෝ මනසිකාර ය යි. එනම්, ඇතිවෙමින් පවත්නා නාමරූප ධර්මයන් ස්වභාව ලක්ෂණ වශයෙනු ත් ඇති වී ම හා නැතිවීම යන අනිත්‍ය ලක්ෂණ ආදී වශයෙනුත් මෙනෙහි කිරීම හා මෙනෙහි කොට දැන ගැනීම යෝනිසෝමනසිකාරය යි. ප්‍රත්‍යක්‍ෂ ඥානය මෝරවා දියුණු කරගත් කල්හි ප්‍රත්‍යක්ෂ කොට නොදක්නා ලද නාම රූප ධර්මයන් ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දක්නා ලද නාම රූපයන් හා සසඳා මෙනෙහි කොට හැකි වීම හෝ විනිශ්චය කරන්ට හැකි වීම යෝනිසෝමනසිකාරය මැ යි. මතු මතු විදර්ශනා ඥාන විශේෂයන්ට හා මාර්ග ඵලයන්ටත් උපකාරීවන නියම මාර්ගය වු උපාය මනසිකාර ය යි. එහෙයින් අටුවාවෙහි:
“යෝනිසෝමනසිකාරො නාම උපාය මනසිකාරො,
පථ මනසිකාරො, අනිච්චෙ අනිච්චන්ති වා දුක්ඛෙ දුක්ඛන්ති වා
අනත්තන්ති අනත්තාති වා අසුභෙ අසුභන්ති වා මනසිකාරො.” ය යි කීහ.

මහණෙනි,
උපාය මනසිකාරයෙන් යුත් භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය,
නැවත නැවත වැඩිය යුතුය,

මහණෙනි,
උපාය මනසිකාරයෙන් යුත් භික්ෂුව
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
නැවත නැවත කෙසේ වැඩිය යුතුද?

[3] “මහණෙනි,
භික්ෂුවක් විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් සංකල්ප වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ
සම්‍යක් වචන භවිතා කල යුතුය,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් කර්මාන්තය වඩයි,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් ආජීවයෙන් විසිය යුතුය.,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණු
සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය, ,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සතිය වඩයි,

විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ
නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
සම්‍යක් සමාධිය වැඩිය යුතුය,

“මහණෙනි,
මෙසේ උපාය මනසිකාරයෙන් යුත් භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
නැවත නැවත වැඩිය යුතුය.” වදාළසේක.

...more
View all episodesView all episodes
Download on the App Store

SINHALA TIPITAKABy