SINHALA TIPITAKA

SN 05-01-08

Listen Later

 දුතිය
ඒකධම්ම
පෙය්‍යාලය

SN 05-01-08-01. කල්‍යාණ මිත්ත සූත්‍රය
SN 05-01-08-02. සීල සම්පදා සුත්ත
SN 05-01-08-03. ඡන්‍ද සූත්‍රය
SN 05-01-08-04. අත්ත සූත්‍රය
SN 05-01-08-05. දිට්ඨි සූත්‍රය
SN 05-01-08-06. අප්පමාද සූත්‍රය
SN 05-01-08-07. යොනිසො මනසිකාර සූත්‍රය
SN 05-01-08-08. දුතිය කල්‍යාණමිත්ත සූත්‍රය
SN 05-01-08-09. දුතිය සීල සම්පදා සූත්‍රය
SN 05-01-08-10.දුතිය ඡන්‍ද සූත්‍රය
SN 05-01-08-11. දුතිය අත්ත සූත්‍රය
SN 05-01-08-12. දුතිය දිට්ඨි සූත්‍රය
SN 05-01-08-13. දුතිය අප්පමාද සූත්‍රය
SN 05-01-08-14.  දුතිය යෝනිසෝ සූත්‍රය.

SN 05-01-08-01 . කල්‍යාණ මිත්ත සූත්‍රය

පුජ්‍ය පියදස්සි මහා ස්වාමින් වහන්සේ

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙම දේශනාව වදාළ සේක.

[2] “මහණෙනි,
නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවීමට , උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණකර ගැනීමට, කල්‍යාණ මිත්‍රයින් තරම් ආධාරවන අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි.

මහණෙනි,
කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව නිසැකයෙන්ම
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය.

මහණෙනි,
කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කෙසේ නැවත නැවත වැඩිය යුතුද?

[3] “මහණෙනි,
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සංකල්පය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් වචනය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් කර්මාන්තය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් ආජීවය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් ව්‍යායාමය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සතිය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සමාධිය වඩව්

[4] “මහණෙනි,
කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුවේ..
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුවේය”යි වදාළසේක.

SN 05-01-08-02 . සීල සූත්‍රය

පුජ්‍ය කළුකොඳයාවේ පංඥාසේකර මහා ස්වාමින් වහන්සේ

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කල සේක. එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි”යි කියා ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙම ධරමය වදාළසේක.

[2] “මහණෙනි,
නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවීමට, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ කර ගැනීමට, සීල සම්පදාව තරම් ආධාරවන අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි.

මහණෙනි,
සීල සම්පදාවෙන් යුත් ඇති භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුවේ..
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය
නැවත නැවත වැඩිය යුතුවේය”යි වදාළසේක.

මහණෙනි,
සීල සම්පදාවෙන් යුත් භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද,
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

[3] “මහණෙනි,
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් දෘෂ්ටිය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් සංකල්පය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් වචනය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් කර්මාන්තය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් ආජීවය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් ව්‍යායාමය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් සතිය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් සමාධිය වඩව්.”

“මහණෙනි,
සීල සම්පදාවෙන් යුත් භික්ෂුව එලෙස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
එලෙස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය.” යයි වදාළසේක.

SN 05-01-08-03. ඡන්‍ද සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ……. ජේතවනාරාමයෙහිදී …භාග්‍යවතුන් වහන්සේ මෙම ධරමය වදාළ සේක.

[2] “මහණෙනි,
නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවීමට , උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණවීමටද, ඡන්ද සම්පදාව තරම් ආධාරවන අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි.

“මහණෙනි,
ඡන්ද සම්පදාවෙන් යුත් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුවේ..
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුවේය”යි වදාළසේක.

මහණෙනි,
ඡන්ද සම්පත්තියෙන් යුත් භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කෙසේ නැවත නැවත වැඩිය යුතුද?

[3] “මහණෙනි,
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් දෘෂ්ටිය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් සංකල්පය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් වචනය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් කර්මාන්තය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් ආජීවය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් ව්‍යායාමය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් සතිය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් සමාධිය වඩව්.”

“මහණෙනි,
ඡන්ද සම්පදාව ඇති භික්ෂුව එලෙස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුවේ..
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය එලෙස නැවත නැවත වැඩිය යුතුවේය”යි වදාළසේක.

SN 05-01-08-04. අත්ත සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ……. ජේතවනාරාමයෙහිදී …භාග්‍යවතුන් වහන්සේ මෙම ධරමය වදාළ සේක.

[2] “මහණෙනි,
නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවීමට , උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණවීමටද, චිත්ත සම්පදාව තරම් ආධාරවන අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි.

“මහණෙනි,
චිත්ත සම්පත්තියෙන් යුත් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුවේ..
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුවේය”යි වදාළසේක.

මහණෙනි,
චිත්ත සම්පත්තියෙන් යුත් භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කෙසේ නැවත නැවත වැඩිය යුතුද?

[3] “මහණෙනි,
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් දෘෂ්ටිය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් සංකල්පය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් වචනය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් කර්මාන්තය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් ආජීවය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් ව්‍යායාමය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් සතිය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් සමාධිය වඩව්.”

“මහණෙනි,
චිත්ත සම්පත්තියෙන් යුත් භික්ෂුව මෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය මෙසේ නැවත නැවත වැඩිය යුතුය.” යයි වදාළසේක.

SN 05-01-08-05. දිට්ඨි සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ……. ජේතවනාරාමයෙහිදී …භාග්‍යවතුන් වහන්සේ මෙම ධරමය වදාළ සේක.

[2] “මහණෙනි,
නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවීමට , උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණවීමටද, ඤාණ සම්පදාව තරම් ආධාරවන අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි.

“ ඤාණ සම්පත්තියෙන් යුත් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුවේ..
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුවේය”යි වදාළසේක.

මහණෙනි
ඤාණ සම්පත්තියෙන් යුත් භික්ෂුව
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

[3] “මහණෙනි,
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් දෘෂ්ටිය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් සංකල්පය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් වචනය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් කර්මාන්තය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් ආජීවය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් ව්‍යායාමය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් සතිය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් සමාධිය වඩව්.”

“මහණෙනි,
ඤාණ සම්පත්තියෙන් යුත් භික්ෂුව එසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
එසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය.” යයි වදාළසේක.

SN 05-01-08-06. අප්පමාද සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ……. ජේතවනාරාමයෙහිදී …භාග්‍යවතුන් වහන්සේ මෙම ධරමය වදාළ සේක.

[2] “මහණෙනි,
නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවීමට, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණවීමටද, අප්‍රමාද සම්පදාව තරම් ආධාරවන අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි.

“මහණෙනි,
මහණෙනි, අප්‍රමාද සම්පත්තියෙන් යුත් ඇති භික්ෂුව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුවේ.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුවේය”යි වදාළසේක.

මහණෙනි,
අප්‍රමාද සම්පත්තියෙන් යුත් භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

[3] “මහණෙනි,
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් දෘෂ්ටිය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් සංකල්පය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් වචනය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් කර්මාන්තය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් ආජීවය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් ව්‍යායාමය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් සතිය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් සමාධිය වඩව්.”

“මහණෙනි
අප්‍රමාද සම්පත්තියෙන් යුත් ඇති භික්ෂුව එලෙස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුවේ..
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය එලෙස නැවත නැවත වැඩිය යුතුවේය”යි වදාළසේක.

SN 05-01-08-07 යෝනිසෝ සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ……. ජේතවනාරාමයෙහිදී …භාග්‍යවතුන් වහන්සේ මෙම ධරමය වදාළ සේක.

[2] “මහණෙනි,
නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවීමට , උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණවීමටද, උපාය මනසිකාර සම්පත්තිය තරම් ආධාරවන අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි.

“මහණෙනි,
උපාය මනසිකාරයෙන් යුත් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුවේ..
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුවේය”යි වදාළසේක.

උපාය මනසිකාරයෙන් යුත් භික්ෂුව
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

[3] “මහණෙනි,
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් දෘෂ්ටිය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් සංකල්පය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් වචනය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් කර්මාන්තය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් ආජීවය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් ව්‍යායාමය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් සතිය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් සමාධිය වඩව්.”

“මහණෙනි,
උපාය මනසිකාරයෙන් යුත් භික්ෂුව එසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය”යි වදාළසේක.

SN 05-01-08-08. දුතිය කල්‍යාණමිත්ත සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ……. ජේතවනාරාමයෙහිදී .
..භාග්‍යවතුන් වහන්සේ මෙම ධරමය වදාළ සේක.

[2] “මහණෙනි,
නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවා ගන්නට,
උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩා ගැනීමට
කල්‍යාණ මිත්‍රයින් ඇති බව බඳුවූ අන් එකම ධර්මයකුදු
නුවණැසින් මම නොමදකිමි.

මහණෙනි,
කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩා ගනී..
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩා ගනී”යි වදාළසේක.

මහණෙනි,
කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

මහණෙනි!
රාගය දුරු කිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් දෘෂ්ටිය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් සංකල්පය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරු කිරීම කෙළවරකොට ඇති
සම්‍යක් වචනය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවර කොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් කර්මාන්තය වඩව්.
රාගය දුරුකිරීම කෙළවර කොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් ආජීවය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරු කිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති
සම්‍යක් ව්‍යායාමය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් සතිය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් සමාධිය වඩව්..”

[4] “මහණෙනි,
කල්‍යාණ මිත්‍රයින් ඇති ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුවේ..
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුවේය”යි වදාළසේක.

SN 05-01-08-09. දුතිය සීල සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ……. ජේතවනාරාමයෙහිදී …භාග්‍යවතුන් වහන්සේ මෙම ධරමය වදාළ සේක.

“මහණෙනි,
නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවීමට,
උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට
සම්පූර්ණ බවට පැමිණවීමට,
සීල සම්පත්තිය බඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොමදකිමි.

මහණෙනි,
සීලසම්පත්තියෙන් යුත් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුවේ..
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුවේය”යි වදාළසේක.

මහණෙනි,
සීල සම්පත්තියෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කෙසේ වැඩිය යුතුද?
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

මහණෙනි!
රාගය දුරු කිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් දෘෂ්ටිය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් සංකල්පය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරු කිරීම කෙළවරකොට ඇති
සම්‍යක් වචනය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවර කොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් කර්මාන්තය වඩව්.
රාගය දුරුකිරීම කෙළවර කොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් ආජීවය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරු කිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති
සම්‍යක් ව්‍යායාමය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් සතිය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් සමාධිය වඩව්..”

“මහණෙනි,
සීලසම්පත්තියෙන් යුත් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුවේ..
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුවේය”යි වදාළසේක.

SN 05-01-08-10. දුතිය ඡන්‍ද සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ……. ජේතවනාරාමයෙහිදී …භාග්‍යවතුන් වහන්සේ මෙම ධරමය වදාළ සේක.

“මහණෙනි,
නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවීමට , උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණවීමට , මහණෙනි, ඡන්ද සම්පත්තිය බඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි.

මහණෙනි,
ඡන්ද සම්පත්තියෙන් යුත් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුවේ..
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුවේය”යි වදාළසේක.

මහණෙනි,
ඡන්ද සම්පත්තියෙන් යුත් භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවතවැඩිය යුතුද?

මහණෙනි!
රාගය දුරු කිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් දෘෂ්ටිය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් සංකල්පය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරු කිරීම කෙළවරකොට ඇති
සම්‍යක් වචනය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවර කොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් කර්මාන්තය වඩව්.
රාගය දුරුකිරීම කෙළවර කොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් ආජීවය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරු කිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති
සම්‍යක් ව්‍යායාමය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් සතිය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් සමාධිය වඩව්..”

මහණෙනි,
ඡන්දසම්පත්තියෙන් යුත් ඇති භික්ෂුව එසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුවේ..
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය එසේ නැවත නැවත වැඩිය යුතුවේය”යි වදාළසේක.

SN 05-01-08-11. දුතිය අත්ත සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ……. ජේතවනාරාමයෙහිදී …භාග්‍යවතුන් වහන්සේ මෙම ධරමය වදාළ සේක.

“මහණෙනි,
නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවීමට, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණවීමටද, චිත්ත සම්පත්තිය බඳු අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි.

මහණෙනි,
චිත්තසම්පත්තියෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය.

“මහණෙනි,
චිත්ත සම්පත්තියෙන් යුත් භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

මහණෙනි!
රාගය දුරු කිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් දෘෂ්ටිය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් සංකල්පය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරු කිරීම කෙළවරකොට ඇති
සම්‍යක් වචනය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවර කොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් කර්මාන්තය වඩව්.
රාගය දුරුකිරීම කෙළවර කොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් ආජීවය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරු කිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති
සම්‍යක් ව්‍යායාමය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් සතිය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් සමාධිය වඩව්..”

“මහණෙනි,
චිත්ත සම්පත්තියෙන් යුත් ඇති භික්ෂුව එලෙස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුවේ..
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය එලෙස නැවත නැවත වැඩිය යුතුවේය”යි වදාළසේක.

SN 05-01-08-12. දුතිය දිට්ඨි සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ……. ජේතවනාරාමයෙහිදී …භාග්‍යවතුන් වහන්සේ මෙම ධරමය වදාළ සේක.

“මහණෙනි,
නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවීමට,
උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීදියුණු කිරීමට
සම්පූර්ණ බවට පැමිණවීමට , ඤණසම්පත්තිය බඳු අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොම දකිමි.

මහණෙනි,
ඤාණසම්පත්තියෙන් යුත්ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුවේ..
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුවේය”යි වදාළසේක.

“මහණෙනි,
ඤාණ සම්පත්තියෙන් යුත් භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද,
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

මහණෙනි!
රාගය දුරු කිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් දෘෂ්ටිය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් සංකල්පය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරු කිරීම කෙළවරකොට ඇති
සම්‍යක් වචනය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවර කොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් කර්මාන්තය වඩව්.
රාගය දුරුකිරීම කෙළවර කොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් ආජීවය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරු කිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති
සම්‍යක් ව්‍යායාමය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් සතිය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් සමාධිය වඩව්..”

“මහණෙනි,
ඤාණසම්පත්තියෙන් යුත් ඇති භික්ෂුව එලෙස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුවේ..
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය එලෙස නැවත නැවත වැඩිය යුතුවේය”යි වදාළසේක.

SN 05-01-08-13. දුතිය අප්පමාද සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ……. ජේතවනාරාමයෙහිදී …භාග්‍යවතුන් වහන්සේ මෙම ධරමය වදාළ සේක.

“මහණෙනි,
නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවීමට උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණවීමට අප්‍රමාද සම්පත්තියම බඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි.

මහණෙනි,
අප්‍රමාද සම්පත්තියෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයවැඩිය යුතුය,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය” .

මහණෙනි,
අප්‍රමාද සම්පත්තියෙන් යුත් භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

මහණෙනි!
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් දෘෂ්ටිය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් සංකල්පය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරු කිරීම කෙළවරකොට ඇති
සම්‍යක් වචනය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවර කොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් කර්මාන්තය වඩව්.
රාගය දුරුකිරීම කෙළවර කොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් ආජීවය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරු කිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති
සම්‍යක් ව්‍යායාමය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් සතිය වඩව්.
රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
දෝෂය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
සම්‍යක් සමාධිය වඩව්..”

“මහණෙනි,
අප්‍රමාද සම්පත්තියෙන් යුත් ඇති භික්ෂුව එලෙස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුවේ..
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය එලෙස නැවත නැවත වැඩිය යුතුවේය”යි වදාළසේක.

SN 05-01-08-14. දුතිය යෝනිසෝ සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ……. ජේතවනාරාමයෙහිදී …භාග්‍යවතුන් වහන්සේ මෙම ධරමය වදාළ සේක.

“මහණෙනි,
නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවීමට
උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ කිරීමට,
උපකාරවන උපාය මනසිකාර සම්පත්තිය
බඳුවූ අන් එකම ධර්මයකුදු මම නොදකිමි.

මහණෙනි,
උපායමනසිකාර සම්පත්තියෙන් යුත් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුවේ..
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුවේය”යි වදාළසේක.

මහණෙනි,
උපාය මනසිකාර සම්පත්තියෙන් යුත් භික්ෂුව
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

[3] “මහණෙනි,
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් දෘෂ්ටිය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් සංකල්පය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් වචනය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් කර්මාන්තය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් ආජීවය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් ව්‍යායාමය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් සතිය වඩව්
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ
නිවනම අරමුණුකොට සම්‍යක් සමාධිය වඩව්.”

“මහණෙනි,
උපාය මනසිකාර සම්පත්තියෙන් යුත් ඇති භික්ෂුව එලෙස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුවේ..
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය එලෙස නැවත නැවත වැඩිය යුතුවේය”යි වදාළසේක.

...more
View all episodesView all episodes
Download on the App Store

SINHALA TIPITAKABy