SINHALA TIPITAKA

SN 05-01-13

Listen Later

SN 05-01-13-01. පඨම අප්පමාද සූත්‍රය
SN 05-01-13-02. දුතිය අප්පමාද සූත්‍රය
SN 05-01-13-03-තතිය අප්පමාද සූත්‍රය

SN 05-01-13-04. චතුත්ථ අප්පමාද සූත්‍රය
SN 05-01-13-05. පංචම අප්පමාද සූත්‍රය
SN 05-01-13-06 ඡට්ඨ අප්පමාද සූත්‍රය

SN 05-01-13-07. සත්ත අප්පමාද සූත්‍රය
SN 05-01-13-08. අට්ඨම අප්පමාද සූත්‍රය
SN 05-01-13-09. නවම අප්පමාද සූත්‍රය
SN 05-01-13-10 දසම අප්පමාද සූත්‍රය

අප්පමාදය යන පදයෙන් කියැවෙන්නේ
ප්‍රමාද නොවීමය.
අපේ අරමුණ විය යුත්තේ සසරින් එතෙර වීමය.
යලි යලිත් උපතක් නොලැබීමය.
ඒ පිණිස කලයුත්තක් ඇත.
යලි යලි ඉපදීම ගැන විස්වාස නොකරන්නාට සහ
මේ උපත නිසා විඳින සැප මෙන් දස දහස්
කෝටි ප්‍රකෝටි දුක්ඛ වේදනා අප විඳිනවාය
කියා නොදන්නා මිනිසා ප්‍රමාද වෙන මිනිසාය.
සසරින් ගැලවීමට කළයුත්ත භාග්‍යවතුන් වහන්සේ
ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස නම් කොට,
පන් සාලිස් වසරක් පා ගමනින් ගමින් ගමට ගොස්
කියා දුන් සේක.
ඒ ධර්මය නොඅසන , ඒ ඇසුවත් පිළිපදින්නේ නැති
මනුෂ්‍යයා ප්‍රමාද වූ වෙක්ය.

SN 05-01-13- 01
01. පඨම අප්පමාද සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

§ 2. “මහණෙනි,
පා නැත්තාවූ හෝ දෙපා ඇත්තාවූ හෝ
සිව්පාවූ හෝ බොහෝ පා ඇත්තාවූ හෝ
රූපීවූ හෝ අරූපී හෝ
සඤ්ඤිවූ හෝ අසඤ්ඤිවූ හෝ
නෙවසඤ්ඤි නාසඤ්ඤිවූ හෝ
යම් පමණ සත්වයෝ වෙද්ද,
ඔවුන් අතුරෙන් අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ
තථාගතයන්ම ශ්‍රේෂ්ඨ වෙයි.

[එවමෙව ඛො = මෙහි යම් සේ සකල සත්ත්වයන්හට සම්මා සම්බුද්ධයන් වහන්සේ අග්‍රවෙත් ,
එසේ සකල කුසල ධර්මයන්හට ද ඒවා කරවන්නා වූ අප්‍රමාදය (නම් තැනැත්තා) අග්‍රයයි දැක්විය යුතුය. ]

මහණෙනි,
එසේම යම් කිසි කුසල ධර්මයෝ වෙද්ද,
ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ.
අප්‍රමාදයෙහි ඇතුළත් වෙත්.
ඒ සියලු කුසල ධර්මයන්ට අප්‍රමාදය අග්‍රවෙයි.

[ ලෞකික කුශල ධර්ම ලෝකෝත්තර නොවේ ද?
මේ කාමාවචර කුශල ධර්ම පවා කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර වශයෙන් චාතුර්භූමික වේ.
මෙය කෙසේ නම් ඒවා අතරේ අග්‍ර වේද?
ලැබෙන පමණින් අප්‍රමාදව ඔව්හු ප්‍රතිලාභ ලබත්.
එහෙයින් අප්පමාදය ඒ ඔවුන් අතරෙහි අග්‍ර වේ.
එබැවින් “ඒ සියල්ල අප්‍රමාදය මුල් කොට ඇත” යන ආදිය කියන ලදී.]

මහණෙනි,
අප්‍රමාද වෙව්. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව්.

මහණෙනි
අප්‍රමාදයෙන් යුක්තව තෙපි
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

§ 3. “මහණෙනි,
විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ
නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
සම්‍යක් දෘෂ්ටිය වඩව්.
විවේකය ඇසුරු කළ ..
.. නිවනට නැමුනු සම්‍යක් සංකල්පය වඩව්.
විවේකය ඇසුරු ……
සම්‍යක් වචනය වඩව්.
……සම්‍යක් කර්මාන්තය වඩව්.
…… සම්‍යක් ආජීවය වඩව්.
….. සම්‍යක් ව්‍යායාමය වඩව්.
……සම්‍යක් සතිය වඩව්.
….. සම්‍යක් සමාධිය වඩව්..

§ 4. “මහණෙනි,
අප්‍රමාදයෙන් යුතුව තෙපිද ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව්” යි වදාළ සේක.

SN 05-01-13-02
02. දුතිය අප්පමාද සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

§ 2.“මහණෙනි,
ගොඩ ඇවිදින සත්වයන්ගේ පාදයෝ
සියල්ල ඇත්පියවරෙහි ඇතුළත් කල හැක.
ඒ සියලු පාදයන් අතුරෙන් ඇත්පිය අග්‍ර වෙයි.

මහණෙනි,
එසේ යම් කිසී කුසල ධර්මයෝ වෙද්ද?
ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ.
අප්‍රමාදයෙහි සංග්‍රහ වෙත්.
ඒ සියලු කුසල ධර්මයන්ට අප්‍රමාදය අග්‍ර වෙයි.

මහණෙනි,
අප්‍රමාද වව්. අප්‍රමාදව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව්.

මහණෙනි
අප්‍රමාදව තෙපි කෙසේ
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

§ 3. “මහණෙනි,
විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ
නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
සම්‍යක් දෘෂ්ටිය වඩව්.
විවේකය ඇසුරු කළ ..
.. නිවනට නැමුනු සම්‍යක් සංකල්පය වඩව්.
විවේකය ඇසුරු ……
සම්‍යක් වචනය වඩව්.
……සම්‍යක් කර්මාන්තය වඩව්.
…… සම්‍යක් ආජීවය වඩව්.
….. සම්‍යක් ව්‍යායාමය වඩව්.
……සම්‍යක් සතිය වඩව්.
….. සම්‍යක් සමාධිය වඩව්..

§ 4. “මහණෙනි,
අප්‍රමාදයෙන් යුතුව තෙපිද ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව්” යි වදාළ සේක.

SN 05-01-11-13-03
03. තතිය අප්පමාද සූත්‍රය.

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

§ 2.“මහණෙනි,
කූටාගාරයක වහලේ පරාලවෙද්ද
ඒ සියල්ල මුදුන් ලීය අනුව ගියාහු වෙත්.
මුදුන් ලීයට නැමුණාහු වෙත්.
මුදුන් ලීයට සංග්‍රහ වේ.
ඒ සියලු පරාලවලට මුදුන් ලීය අග්‍ර වෙයි.

මහණෙනි,
එසේම ලොව යම් කුසල ධර්මයෝ වෙද්ද,
ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ.
අප්‍රමාදයෙහි සංග්‍රහ වෙත්.
කුසලය්න්ට අප්‍රමාදය අග්‍ර වෙයි.

මහණෙනි,
අප්‍රමාද වව්. අප්‍රමාදව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව්.

මහණෙනි
අප්‍රමාදයෙන් යුක්තව තෙපි
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

§ 3. “මහණෙනි,
විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ
නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
සම්‍යක් දෘෂ්ටිය වඩව්.
විවේකය ඇසුරු කළ ..
.. නිවනට නැමුනු සම්‍යක් සංකල්පය වඩව්.
විවේකය ඇසුරු ……
සම්‍යක් වචනය වඩව්.
……සම්‍යක් කර්මාන්තය වඩව්.
…… සම්‍යක් ආජීවය වඩව්.
….. සම්‍යක් ව්‍යායාමය වඩව්.
……සම්‍යක් සතිය වඩව්.
….. සම්‍යක් සමාධිය වඩව්..

§ 4. “මහණෙනි,
අප්‍රමාදයෙන් යුතුව තෙපිද ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව්” යි වදාළ සේක.

SN 05-01-13-04
04 චතුත්ථ අප්පමාද සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

§ 2. “මහණෙනි,
ලොව සුවඳැති මුල් වර්ග වෙද්ද,
ඔවුන් අතුරෙන් කලුවැල් මුල් අග්‍ර වෙයි.

මහණෙනි,
එමෙන්ම ලොව යම් කුසල ධර්මයෝ වෙද්ද?
ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ.
ඒ සියල්ල අප්‍රමාදයෙහි ඇතුළත් වෙත්.
අප්‍රමාදය ඒ කුසල ධර්මයන්ට අග්‍රයයි කියයි.

මහණෙනි,
අප්‍රමාද වව්. අප්‍රමාදව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව්.

මහණෙනි
අප්‍රමාදව යුක්තව තෙපි,
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

§ 3. “මහණෙනි,
විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ
නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
සම්‍යක් දෘෂ්ටිය වඩව්.
විවේකය ඇසුරු කළ ..
.. නිවනට නැමුනු සම්‍යක් සංකල්පය වඩව්.
විවේකය ඇසුරු ……
සම්‍යක් වචනය වඩව්.
……සම්‍යක් කර්මාන්තය වඩව්.
…… සම්‍යක් ආජීවය වඩව්.
….. සම්‍යක් ව්‍යායාමය වඩව්.
……සම්‍යක් සතිය වඩව්.
….. සම්‍යක් සමාධිය වඩව්..

§ 4. “මහණෙනි,
අප්‍රමාද වව්. අප්‍රමාදව තෙපි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව්” යි වදාළ සේක.

SN 05-01-13-05
05 පංචම අප්පමාද සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

§ 2. “මහණෙනි,
යම්සේ යම්කිසි සුවඳැති අරටු වෙත්ද
ඔවුන් අතුරෙන් රත් සඳුන් අග්‍රයයි කියයි.

මහණෙනි,
එමෙන්ම ලොව යම් කුසල ධර්මයෝ වෙත්ද?
ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ.
ඒ සියල්ල අප්‍රමාදයෙහි ඇතුළත් වෙත්.
ඒ ධර්මයන්ට අප්‍රමාදය අග්‍රයයි කියයි.

මහණෙනි,
අප්‍රමාද වව්. අප්‍රමාදව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව්.

මහණෙනි
අප්‍රමාදව තෙපි කෙසේ
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

§ 3. “මහණෙනි,
විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ
නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
සම්‍යක් දෘෂ්ටිය වඩව්.
විවේකය ඇසුරු කළ ..
.. නිවනට නැමුනු සම්‍යක් සංකල්පය වඩව්.
විවේකය ඇසුරු ……
සම්‍යක් වචනය වඩව්.
……සම්‍යක් කර්මාන්තය වඩව්.
…… සම්‍යක් ආජීවය වඩව්.
….. සම්‍යක් ව්‍යායාමය වඩව්.
……සම්‍යක් සතිය වඩව්.
….. සම්‍යක් සමාධිය වඩව්..

§ 4. “මහණෙනි,
අප්‍රමාද වව්. අප්‍රමාදව තෙපිද ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව්” යි වදාළ සේක.

ජඞ්ගමානං = පෘථුවි තලයෙහි හැසිරෙන්නවුන්ගේ පාණානං = පාද සහිත ප්‍රාණීන්ගේ පද ජාතානි පියවරවල් සමොධානං ගච්ඡන්ති = එක් අරමුණකට, එක් තැනකට යති. අග්ගමක්‍ඛායති = ශ්‍රේෂ්ඨ යයි කියති. 
යදිදං මහන්තත්තෙන = මහත් බැවින් අග්‍රයයි කියති, ගුණ වශයෙන් නොවේය යන අර්ථයි.

SN 05-01-13-06
06 ඡට්ඨ අප්පමාද සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

§ 2. “මහණෙනි,
යම්සේ වනාහි යම් ඒ සුවඳ මල් ජාතීහු වෙත්ද?
ඒ සියලු සුවඳ මල් අතුරෙන් දෑසමන් මල් අග්‍රයයි කියයි.

මහණෙනි,
එසේම යම් කුසල ධර්මයෝ වෙත්ද?
ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ.
අප්‍රමාදයෙහි ඒ සියල්ල ඇතුළත් වෙත්.
අප්‍රමාදය ඒ සියලු කුසල ධර්මයන්ට අග්‍ර වෙයි.

මහණෙනි,
අප්‍රමාද වව්. අප්‍රමාදව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව්.

මහණෙනි
අප්‍රමාදව තොප කෙසේ
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

§ 3. “මහණෙනි,
විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ
නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
සම්‍යක් දෘෂ්ටිය වඩව්.
විවේකය ඇසුරු කළ ..
.. නිවනට නැමුනු සම්‍යක් සංකල්පය වඩව්.
විවේකය ඇසුරු ……
සම්‍යක් වචනය වඩව්.
……සම්‍යක් කර්මාන්තය වඩව්.
…… සම්‍යක් ආජීවය වඩව්.
….. සම්‍යක් ව්‍යායාමය වඩව්.
……සම්‍යක් සතිය වඩව්.
….. සම්‍යක් සමාධිය වඩව්..

§ 4. “මහණෙනි,
අප්‍රමාද වව්. අප්‍රමාදව තෙපිද ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව්” යි වදාළ සේක.

SN 05-01-13-07
07 සත්ත අප්පමාද සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

§ 2. “මහණෙනි,
යම් සේ උප රජවූ, කුඩා රජවරු වෙද්ද?
ඒ සියලුදෙනා සක්විති රජුට යටත් වන්නෝය.
ඔවුන් අතුරෙන් සක්විති රජ අග්‍ර වෙයි.

“මහණෙනි,
එසේම ලොව යම් කුසල ධර්මයෝ වෙද්ද,
ඒ සියල්ල අප්‍රමාදය මුල් කොට ඇත්තාහ.
අප්‍රමාදයෙහි ඒ සියල්ල ඇතුළත් වෙත්.
අප්‍රමාදය ඒ සියලු කුසල ධර්මයන්ට අග්‍රයයි කියයි.

මහණෙනි,
අප්‍රමාද වව්. අප්‍රමාදව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව්.

මහණෙනි
අප්‍රමාදව තෙපි කෙසේ
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

§ 3. “මහණෙනි,
විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ
නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
සම්‍යක් දෘෂ්ටිය වඩව්.
විවේකය ඇසුරු කළ ..
.. නිවනට නැමුනු සම්‍යක් සංකල්පය වඩව්.
විවේකය ඇසුරු ……
සම්‍යක් වචනය වඩව්.
……සම්‍යක් කර්මාන්තය වඩව්.
…… සම්‍යක් ආජීවය වඩව්.
….. සම්‍යක් ව්‍යායාමය වඩව්.
……සම්‍යක් සතිය වඩව්.
….. සම්‍යක් සමාධිය වඩව්..

§ 4. “මහණෙනි,
අප්‍රමාද වව්. අප්‍රමාදව තෙපිද ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව්” යි වදාළ සේක.

SN 05-01-13-08
08 අට්ඨම අප්පමාද සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි,
අහසේ ඇති තාරකාවන්ගේ ආලෝකය
චන්ද්‍රාලෝකයෙන් සොළොස්වැනි කලාවකටද නොඅගී.
චන්ද්‍රාලෝකය ඒ සියල්ල අතරෙන් අග්‍ර වෙයි.

මහණෙනි,
එසේම ලොව යම් කුසල ධර්මයෝ වෙද්ද,
ඒ සියලු කුසල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ.
අප්‍රමාදයෙහි ඒ සියල්ල ඇතුළත් වෙත්.
අප්‍රමාදය ඒ සියලු කුසල ධර්මයන්ට අග්‍ර වෙයි.

මහණෙනි,
අප්‍රමාද වව්. අප්‍රමාදව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව්.

මහණෙනි
අප්‍රමාදව තොප කෙසේ
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

§ 3. “මහණෙනි,
විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ
නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
සම්‍යක් දෘෂ්ටිය වඩව්.
විවේකය ඇසුරු කළ ..
.. නිවනට නැමුනු සම්‍යක් සංකල්පය වඩව්.
විවේකය ඇසුරු ……
සම්‍යක් වචනය වඩව්.
……සම්‍යක් කර්මාන්තය වඩව්.
…… සම්‍යක් ආජීවය වඩව්.
….. සම්‍යක් ව්‍යායාමය වඩව්.
……සම්‍යක් සතිය වඩව්.
….. සම්‍යක් සමාධිය වඩව්..

§ 4. “මහණෙනි,
අප්‍රමාද වව්. අප්‍රමාදව තෙපිද ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව්” යි වදාළ සේක.

SN 05-01-13-09
09 නවම අප්පමාද සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි,
යම්සේ සරත් කාලයෙහි වළාකුල් හා වර්ෂාව නැති
පිරිසිදු අහසට නැඟී සූර්යයා අහසේ අන්ධකාරය
පහකොට ආලෝක කරන්නේය. දිලිසෙන්නේය.
බබලන්නේය.

මහණෙනි,
එමෙන්ම යම් කුසල ධර්මයෝ වෙද්ද?
ඒ සියල්ල අප්‍රමාදය මුල් කොට ඇත්තාහ.
අප්‍රමාදයෙහි ඒ සියල්ල ඇතුළත් වෙත්.
අප්‍රමාදය ඒ සියලු කුසල ධර්මයන්ට අග්‍රය.

මහණෙනි,
අප්‍රමාද වව්. අප්‍රමාදව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව්.

මහණෙනි
අප්‍රමාදයෙන් යුක්තව තෙපි කෙසේ
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

§ 3. “මහණෙනි,
විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ
නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
සම්‍යක් දෘෂ්ටිය වඩව්.
විවේකය ඇසුරු කළ ..
.. නිවනට නැමුනු සම්‍යක් සංකල්පය වඩව්.
විවේකය ඇසුරු ……
සම්‍යක් වචනය වඩව්.
……සම්‍යක් කර්මාන්තය වඩව්.
…… සම්‍යක් ආජීවය වඩව්.
….. සම්‍යක් ව්‍යායාමය වඩව්.
……සම්‍යක් සතිය වඩව්.
….. සම්‍යක් සමාධිය වඩව්..

§ 4. “මහණෙනි,
අප්‍රමාද වව්. අප්‍රමාදව තෙපිද ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව්” යි වදාළ සේක.

SN 05-01-13-10
10 දසම අප්පමාද සූත්‍රය

§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි,
නූල්වලින් වියන සළු අතුරෙන් කසී සළු අග්‍ර වෙයි.

මහණෙනි,
එසේම ලොව කුසල ධර්මයෝ වෙද්ද?
ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ.
ඒ සියල්ල අප්‍රමාදයෙහි ඇතුළත් වෙත්.
අප්‍රමාදය ඒ කුසල ධර්මයන්ට අග්‍රය වෙයි.

මහණෙනි,
අප්‍රමාදයෙන් යුක්තව අප්‍රමාද වව්. අප්‍රමාදව
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව්.

මහණෙනි
අප්‍රමාදව තෙපි කෙසේ
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

§ 3. “මහණෙනි,
විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ
නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
සම්‍යක් දෘෂ්ටිය වඩව්.
විවේකය ඇසුරු කළ ..
.. නිවනට නැමුනු සම්‍යක් සංකල්පය වඩව්.
විවේකය ඇසුරු ……
සම්‍යක් වචනය වඩව්.
……සම්‍යක් කර්මාන්තය වඩව්.
…… සම්‍යක් ආජීවය වඩව්.
….. සම්‍යක් ව්‍යායාමය වඩව්.
……සම්‍යක් සතිය වඩව්.
….. සම්‍යක් සමාධිය වඩව්..

§ 4. “මහණෙනි,
අප්‍රමාද වව්. අප්‍රමාදව තෙපිද ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව්” යි වදාළ සේක.

...more
View all episodesView all episodes
Download on the App Store

SINHALA TIPITAKABy