Sign up to save your podcasts
Or

SN 05- 01-14-01. බල සූත්‍රය
SN 05- 01-14-02. බීජ සූත්‍රය
SN 05- 01-14-03. නාග සූත්‍රය
SN 05- 01-14-04. රුක්ඛ සූත්‍රය
SN 05- 01-14-05. කුම්භ සූත්‍රය
SN 05- 01-14-06. සූඛ සූත්‍රය
SN 05- 01-14-07. ආකාස සූත්‍රය
SN 05- 01-14-08. මේඝ සූත්‍රය
SN 05- 01-14-09. දුතිය මේඝ සූත්‍රය
SN 05- 01-14-10. නාවා සූත්‍රය
SN 05- 01-14-11. ආගන්තුක සූත්‍රය
SN 05- 01-14-02. නදී සූත්‍රය
සීලය – අති පුජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාමින් වහන්සේ
§1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරන ලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා ඒ භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
§2. “මහණෙනි,
කයෙන් කල යුක්තක් ඇතිනම්
ඒ සියලු ක්‍රියා මහ පොළොවේ පය ගසා
පොලොව මත සිටම කල යුතුය.
මහණෙනි,
එසේම තොප සීලයේ පිහිටාම,
සීලය නොසිදා,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය.
මහණෙනි,
සීලයේ පිහිටාම, සීලයම නොසිදාම,
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?
§3. “මහණෙනි,
විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ,
නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සිතින්
සම්‍යක් දෘෂ්ටිය වඩව්.
නිවනට නැමුණු සම්‍යක් සංකල්පය වඩව්.
විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ
නිරෝධය ඇසුරු කළ
නිවනට නැමුනු සිතින් සම්‍යක් වචනම දොඩව්.
විවේකය , විරාගය, නිරෝධය ඇස, සම්‍යක් කර්මාන්තයේ යෙදෙව්.
විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් ආජීවය වඩව්.
විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් ව්‍යායාමය වඩව්. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සතිය වඩව්. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සමාධිය වඩව්.
[විවේකය : විසුද්ධිමග්ගයෙහි කාය විවේක, චිත්ත විවේක, උපධි විවේක යනුවෙන් විවේකය තෙවැදෑරුම් ලෙස සඳහන් වේ. පංචකාම ලෝකයට අයත් පුද්ගලයන් හා වස්තූන් හා එක්ව වාසය කරන්නෙකුට කාය විවේකයක් අත්දැකිය නොහැකි ය. අකුසල චේතනා හෙවත් කෙලෙස් ධර්මවලින් සිත නිදහස් කර ගැනීම චිත්ත විවේකයයි. උපධි විවේකය යනු උපධි සංඛ්‍යාත ආශ්‍රව ධර්මයන්ගෙන් සිත සම්පූර්ණයෙන් නිදහස් කරගැනීමයි. එය විමුක්තිය සාක්‍ෂාත් කළ පුද්ගලයන්ට ආවේණික විවේකයයි. මේ අනුව සාමාන්‍ය ව්‍යවහාරයේ විවේකය යනුවෙන් අදහස් කෙරෙන දෙයට වඩා අතිශයින් ම වැඩි යමක් එයින් අදහස් කොට ඇති බව පැහැදිලි ය.
බුදු සමයට අනුව විවේකය යනු භෞතික ව පමණක් නොව, ආධ්‍යාත්මික වශයෙන් ද හුදුකලාව වාසය කිරීමයි. භෞතික ලෝකය හා සමාජය සමඟ මෙන් ම අකුසල සිතිවිලි හා සම්බන්ධ කෙලෙස් බැදීම් ද සිඳ දැමීම සැබෑ විවේකයයි.
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු මූලික කරගත් භෞතික වස්තු එක් රැස්කොට, ගොඩ ගසාගත් තරමට ම කායික විවේකය අහිමි වේ. කායික වශයෙන් ඒ සියල්ල නඩත්තු කරමින්, පාලනය කරමින්, ඒ ගැන සොයා බලමින් කටයුතු කිරීමට සිදුවන නිසා කායික විවේකයට එයින් බාධා පැමිණේ. චිත්ත විවේකයට බාධා පමුණුවන්නේ සන්තානගත අකුසල චේතනාවන් ය. සිත විවිධ අරමුණු ඔස්සේ හඹා යමින් සංකල්ප, සිතිවිලි, විතර්ක අදහස් ප්‍රතිනිර්මාණය වන විට චිත්ත විවේකයට බාධා පැමිණේ. සිතිවිලි සංකීර්ණ වන තරමට ම මානසික අසහනය හා ආතතිය වර්ධනය වේ.
වර්තමාන මිනිසා ද්‍රව්‍ය එක්රැස් කිරීමේ තරගයේ නිරත ව සිටී. එයින් ඔහු හෝ ඇය කෙතෙක් අවිවේක වී ඇත්ද යනු තම ආහාරය පවා අනුභව කිරීමට අවශ්‍ය විවේකය අහිමි කරගෙන තිබේ. එයට සාපේක්‍ෂ වශයෙන් ආතතිය, අසහනය, කළකිරීම, නින්ද නොයාම ආදී මනසික පීඩාවන්ට ද වර්තමාන මිනිසා ගොදුරු වී සිටී. තම අවිවේකය හා ආතතිය සමනය කරගැනීම සඳහා මත්පැන් මත්ද්‍රව්‍ය ආදියට යොමුවීම හේතුවෙන් ඇතමෙකු මහත් ව්‍යසනයකට පත්ව සිටිති….]
§ 4. “මහණෙනි,
සීලය රකිමින්ම සීලයෙහි පිහිටාම
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
ආර්ය අෂ්ටාංගික මාර්ගය
නැවත නැවත වඩව්යයි” වදාළසේක.
[බල කරණීය වර්ගයෙහි – පාදබල හා බාහුබලයෙන් කළයුතු දිවීම් පැනීම් තැවීම් උසුලාගෙන යාම් ආදී කර්මාන්ත
සීලෙ පතිට්ඨාය = (පාතිමොක්ඛ සංවර, ඉන්‍ද්‍රිය සංවර, ආජීව පාරිසුද්ධි, පච්චය සන්නිසිත යන) චතු පාරිසුද්ධි සීලයෙහි පිහිටා
අට්ඨංගිකං මග්ගං = විදර්ශනාව සහිත ආර්ය මාර්ගය.]
අතිපුජ්‍ය මහෝත්තම මාතර ශ්‍රී ඥාණාරාම ලොකු ස්වාමින් වහන්සේ
§1. මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරන ලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා ඒ භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක..
§2. මහණෙනි,
ලොව ඇති සියලු ගස්වැල් ජාතීහු පැල වී ,
වැඩී, මහත් බවට පැමිණේ.
ඒ සියළු ගස්වැල් පොළොව නිසාම
පොළොවෙහි පිහිටාම එසේ වැඩෙත්.
මහණෙනි,
එසේම තෙපිද සීලය නිසාම, සීලයෙහි පිහිටාම,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්!
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව්!
එසේ පටිපදාවේ හැසිරෙන තොපගේ කුසල ධර්මයන් වැඩේ.
නැඟීමට මහත් බවට පැමිණෙයි.
මහණෙනි,
කෙසේ සීලයේ පිහිටා . ශුද්ධිසීලයෙහි පිහිටා
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන විට
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන විට
කුසල ධර්මයන්හි වැඩීම, නැඟීම, දියුණුවීම සිදු වේද?
§ 3 “මහණෙනි,
විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සිතින්
සම්‍යක් දෘෂ්ටිය වඩව්.
නිවනට නැමුණු සම්‍යක් සංකල්පය වඩව්.
විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් වචනම දොඩව්.
විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් කර්මාන්තයේ වඩව්.

විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් ව්‍යායාමය වඩව්.
විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සතිය වඩව්.
විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සමාධිය වඩව්.]
[විරාගය:– තථාගත ධර්මය කුමක් සඳහාද කියා යම් කෙනෙක් ප්‍රශ්න කළොත් කියන්න තිබෙන සරලම පිළිතුර වන්නේ රාග විරාගය පිණිස බවයි. රාග යනු කැමැත්ත, ආශාවය. විරාගය යනු අකැමැත්ත නොව ආශාව දුරු කිරීමය. කැමැත්ත, ආශාව නැතිකර දැමීමය. වෙනත් ආකාරයකින් කියතොත් අප සියලු දෙනා මූලිකව ලැබුණු ගොඩවල් පහක් තිබේ. එය පඤ්චස්කන්ධය කියා හඳුන්වයි. මිනිසුන්, බ්‍රහ්මයෝ, දෙවියෝ, පේ‍්‍රතයෝ, පිචාසයෝ, තිරිසන්නු යන සියලු දෙනාටම මේ පඤ්ස්කන්ධයක් ඇත. මේ පඤ්චස්කන්ධයට ඇති කැමැත්ත රාගය යනුවෙන්න්න නම් කල හැක.
මේ පඤ්චස්කධයට ඇති කැමැත්ත නිසා පඤ්චස්කන්ධයක් ලැබෙන ආකාරයට සත්ත්වයා කර්ම රැස්කර ගනී. එවිට ඒ කර්මානුරූපව පඤ්චස්කන්ධයක් ලැබෙයි. එසේ ලැබුණ කය ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක්වලට ගොදුරු වීම නියතය. සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා යනු එයය. සැකෙවින් කියනවා නම් මේ පඤ්ච උපාධානස්කන්ධයම දුකයි.
මෙහි ජාති යනු පඤ්චස්කන්ධයේ පහළ වීමයි. ජරා යනු එය කැඩී බිඳී යාම, ව්‍යාධි යනු ලෙඩ රෝගවලට ගොදුරුවීම, මරණ යනු පඤ්චස්කන්ධය බිඳීයාමය. මේ සියලුම දේ දුකට හේතුය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේ සත්ත්වයා දුකෙන් මුදවාගනු පිණිසය. සත්ත්වයා දුකට පත්වුණේ මේ පඤ්චස්කන්ධය නිසා නම්, ආසාව, රාගය නිසා නම් ඒ පංචසකන්ධයට ඇති රාගය නැතිකර ගැනීම සඳහා, පඤ්චස්කන්ධය ඒ තුළ විරාගය ඇතිකර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා මග පෙන්වයි. මේ සදධර්මයේ හරය මූලික ඉලක්කය වන්නේ මේ රාගය හෙවත් ආශාව නැතිකර ගැනීමයි.
ශ්‍රාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි]
“මහණෙනි,
මෙසේ තොප සීලය නිසා සීලයෙහි පිහිටා
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමෙන්,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩීමෙන්,
කුසල ධර්මයන්හි වැඩීම සිදුවේ. ඒවායේ නැඟීමට
මහත් බවට පැමිනීම සිදුවේ”යයි, වදාළසේක.
ජගාම භූතගාම = මෙහි (මූල බීජ, ඛන්‍ධබීජ, අග්ගබීජ, ඵලබීජ, බීජබීජ යන) පස් වැදෑරුම් බීජ “බීජගාම” නම් වේ. එයම පත්‍රවලින් සම්පූර්ණ වූයේ නිල් පැහැති ස්වභාවයෙන් පටන්ගෙන වෘක්ෂ ලතා දක්වා වේ යයි දතයුතු වේ.
– අති පුජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාමින් වහන්සේ
[නාගයෝ :- සෙනෙවිරත්න මහලේකම් මහත්මා බුදුසරණ 2009 ක් වූ ජනවාරි මස 04 වන දා ඉරිදා ට ලියු ලිපියෙන්
ආචාර්ය මන් භූරිදත්ත නමැති විසිවන සියවසේ ජීවත් වූ තෙරුන් වහන්සේ කෙනෙකුගේ යැයි සලකනු ලබන ජීවන චරිතයේ .මන්භූරිදත්ත තෙරුන්වහන්සේ දෙවියන්, බඹුන් ආදීන් පමණක් නොව නාගයින්ද ඇසුරු කොට ඔවුනට දහම් දෙසූ බව අපට අසන්නට ලැබේ. (ඉහත සඳහන් ග්‍රන්ථයේ පිටු, 79, 84 හා 262).
ඓතිහාසික යුගයට පෙර ලංකාවේ ද යක්‍ෂයන් හා නාගයන් විසූ බවක් කියනු ලැබේ. එකළ නාගයන් ලෙස සලකනු ලැබුවේ මුහුදුබඩ හා ගංගා දෝණිවල විසූ මනුෂ්‍යයන් කොටසක් බව ද කියනු ලැබේ.
මන් භූරිදත්ත තෙරුන් වහන්සේ ඇසුරු කළ නාගයින් සාමාන්‍ය මිනිස් ඇසට නොපෙනෙන, දෙවියන්ට මෙන් නොපෙනී සිටීමට හැකියාවක් ඇති, සත්ත්ව කොට්ඨාසයකි. මනුෂ්‍යයන්ටත් භාවනාවේ උපචාර සමාධියට පත් වුවහොත්, දේවතාවුන්, නාගයින් හා භූතයින් ඒ ඒ ලෝක තලවලදී දක්නට හැකිවෙනු ඇතැයි කියනු ලැබේ. (83 පිටුව)
[බුද්ධ චරිතයේ එන සමහර සිද්ධි අපට මේ තොරතුරු හා සංසන්දනය කළ හැකි ය. බුද්ධත්වය ලබා හය වන සතියේ දී ගෞතම බුදුරජාණන් වහන්සේ මුචලින්ද (මිදෙල්ල) වෘක්‍ෂයක් යට සතියක් විවේක සුවයෙන් ගත කළ බව කියනු ලැබේ. ධාරානිපාත වැස්සක් වසිනු ලැබූ ඒ සතිය තුළ දී එක්තරා නාගයෙක් ඔහුගේ දරණ මත බුදුරදුන් වඩා හිඳුවා, ඔහුගේ පෙණයෙන් වැසි සුළං නොවදින සේ බුදුරදුන් ආවරණය කර සිටි බව පාසලේ හා දහම් පාසලේ දී බුද්ධ ධර්ම පාඩම්වලදී අපට ඉගෙනීමට ලැබී ඇත. මා ඇතුළු අප බොහෝ දෙනකු සිතාගෙන ඇත්තේ මුචලින්ද විලෙන් පැමිණි නයෙක් බුදුරජාණන් වහන්සේට ආරක්‍ෂාව සපයා දුන් වග ය.මේ සිද්ධිය ඛුද්දක නිකායේ උදාන පාලියේ මුචලින්ද වග්ගයේ දැක්වෙන පාඨයේ අදහස මෙසේ ය. මෙය මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක බුද්ධත්වයට පත් බුදුන් වහන්සේ උරුවෙල් දනව්වේ නේරංජරා නදී තීරයේ මිදෙල්ල ගසක් මුල විමුක්ති සුවයෙන් විසූ සේක. එකළ සත්දිනක අකල් වැස්සක් ඇති විය. එවිට මුචලින්ද නා රජ තම වාස භවනයෙන් පිටව
“භාග්‍යවතුන් වහන්සේට සීතලක් නොවේවා. භාග්‍යවතුන් වහන්සේට උෂ්ණයක් නොවේවා!, භාග්‍යවතුන් වහන්සේට මැසි මදුරුවන්ගෙන්, සුළඟින්, අව්වෙන්, සර්පයන්ගෙන් කරදරයක් නොවේවා යි සිතමින් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය සන්දරණ පටකින් වෙලාගෙන මහත් වූ පෙණයක් කොට ගෙන සිටියේ ය. සතිය අවසන බුදුන් වහන්සේ සමාධියෙන් නැගී සිටි සේක. වැස්ස නැවතුණු පසු නා රජ, තමන්ගේ දරණ වැල ඉවත් කොටැ, තරුණයෙකුගේ වෙසක් මවාගෙන බුදුරදුන්ට ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටියේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ නිවන් සුවය, නොකිපෙන බව, අවිහිංසාව, කාමයන්ගෙන් ඉවත් වීම හා අස්මිමානයෙන් දුරුවීම සැපයක් බව පිළිබඳ ගාථාවන් දේශනා කළ සේක.”
ඉහත සඳහන් පාඨයෙන් දැක්වෙන නාගයා තිරිසන් නයෙක් නොව විවිධ වෙස් ගැනීමට හැකි දිව්‍යමය ස්වභාවයක් ඇති නාගරාජයකු බව පෙනේ. අපේ බොහෝ බෞද්ධ විහාර බිතු සිතුවම්වල නම් සත්දරණ පටකින් වෙලාගත් පෙණය නගාගත් මුචලින්ද නාග රාජයා දැවැන්ත නාගයකු සේ පෙනේ. මොහු වෙනත් මිනිස් ඇසකට දක්නට ලැබුණේ ද යන්න පිළිබඳව අපට අවබෝධයක් නැත.මිනිස් වෙසින් සිටින නාගයන් මිනිසුන්ට දකින්නට ලැබුණු අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ පළමුවන වර්ෂා සෘතුව බරණැස ඉසිපතනයේ ගත කළ කාලයේ දී අපට දක්නට ලැබේ. ඒ ඒරක පත්‍ර නාගරාජ සමාගමය සිදු වූ අවස්ථාවේදී යි. බුදු රජාණන් වහන්සේ නමක් ලොව පහළ වූ වග මිනිසුන්ගෙන් අසා දැන ගැනීම සඳහා ඒරකපත්‍ර නා රජ උපක්‍රමයක් යෙදී ය. හේ අභිරූපී සිය දියණියට ගාථාවක් උගන්වා බරණැස ගංගා නදිය අසළ ඇය සිටුවා, ඇය ලවා ඒ ගාථාව ගයන්නට සැලැස් විය. ඇය ගයන ගීයට ප්‍රතිගීතයක් ගයන කෙනකුට මහත් වස්තුව සමග ඇය පාවාදෙන බවද ප්‍රසිද්ධ කරවීය. සෑම අඩමසක් පාසාම පොහෝ දිනයන්හී ඇය මේ ගීය ගැයූ අතර බොහෝ කලක් ඉක්ම ගියේ ය.බුදුරජාණන් වහන්සේ ප්‍රථම වස් කාලය ගෙවද්දී එක් පොහෝ දිනක නා රජ දියණිය ගීය ගයන දින උදා විය. තමාගේ ගමනින් යහපතක් සිදුවන බව දුටු භාග්‍යවතුන් වහන්සේ එදින බරණැස ගංගා ඉවුරෙහි රිටිගස්හත පිහිටි තැනට වැඩි සේක. එදා ගීයක් ගයන්නට යන උත්තර නමැති මානවකයා දුටු බුදුන් වහන්සේ ඔහු කැඳවා ඔහුගේ ගීය අසා, එය වැරැදි බැවින් ඔහුට නිවැරැදි ගීයක් හා තවත් ප්‍රතිගීයකුත් ඉගැන් වූ සේක. ගීයෙහි අරුත මෙහි නොදැක් වේ. (එය බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන්ගේ ගෞතම බුද්ධ චරිතය නමැති ග්‍රන්ථයේ 52 – 54 පිටු)
එම ගීතය හා ප්‍රතිගීතය ඇසූ උත්තර මානවකයා සෝවාන් විය.අනතුරුව උත්තර මානවකයා නාග කුමරිය වෙත ගොස් ඇය ඇසූ ප්‍රශ්නවලට අදාළ ගීත ගායනා කෙළේ ය. ඒරකපත්‍ර නාග රාජයා ඒ ගාථාව බුදුවරයකුගේ විසර්ජනයක් බව දැන, උත්තර මානවකයා සමඟම බුදුන් දක්නට ගොස් දහම් ඇසූහ. ඒරකපත්‍ර නාග රාජයාත් ඔහුගේ දියණියත් මිනිස් වෙසින් සිටි නාගයෝ ය. බුදු කෙනෙකුගේ ලොව පහළ වී ඇති බව නාගයන් දැන ගත්තේ ද මිනිසුන්ගෙනි.මිසදිටු ගත් නන්දෝපනන්ද නම් නාග රාජයකු බුදුරජාණන් වහන්සේ විසින් දමනය කළ බවක් බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වේ. ඔහු දමනය කරන ලද්දේ මුගලන් මහරහතන් වහන්සේ විසින් බව කියනු ලැබේ. (අමාවතුරේ නාග දමනය)ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම වීමේ දී ද නාගයන්ගේ අභිවාදනයට ලක් වූ බව කියනු ලැබේ. තාමුලිප්තියේ සිට දඹකොළ පටුනට සමුදායේ නැවෙන් ගමන් ගනිද්දී නාගයෝ ශ්‍රී මහා බෝධිය ලබා ගැනීමට උත්සාහ කළහ. එහිදී බෝ රජුන් භාරව ගමන් ගත් සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ ගුරුළු වෙසක් ගෙන නයින් බිය ගැන්වූහ. අන්තිමේ දී නාගයෝ මහතෙරණියන්ට යාඥා කොට ශ්‍රී මහා බෝධිය ලබා ගෙන එය නාග භවනයට ගෙන ගොස් සතියක් ගෞරව පූජා පවත්වා දඹකොළ පටුනට ගෙන යන දිනයේ එය නැවෙහි තැන්පත් කළහ. (මහාවංශය, 19 වෙනි පරිච්ඡේදය)මණිකණ්ඨ, චම්පෙය්‍ය, පණ්ඩරනාග, භූරිදත්ත හා විදුර වැනි ජාතක කථාවල ද නාගයන් පිළිබඳ තොරතුරු රැඳී ඇත්තේ පැරැන්නන් තුළ ප්‍රබල නාග සංකල්පයක් තිබු නිසා විය හැකි ය.බුදුරජාණන් වහන්සේගේ අත්දැකීම් මගින් ද, බෝධි ආගමනයේ ස¼ඳහන් නාගයන්ගේ ශ්‍රී මහා බෝධි ප්‍රණාමය මගින්ද, ආචාර්ය මන් භූරිදත්ත තෙරුන් වහන්සේගේ අත්දැකීම් ඇසුරෙන්ද ‘නාගයෝ’ යන සත්ව කොට්ඨාසයක් ඇති බව අපට සිතා ගත හැකි ය. අප දකින්නේ අපගේ ලෝකතලය පමණි. සීමිත රටාවක සිටින බැවින්, අපට නොපෙනන නිසා වෙනත් ජීවීන් නැතැයි සිතා ගැනීම වැරැදිය. මිනිස් ඇසට පෙනෙන දේවල් පමණක් සත්‍යයයි සිතා ගැනීම මුළාවකි.]

§ 2. මහණෙනි,
හිමවත් පර්වතය නිසා නාගයෝ කය වඩා ගනිත්. බල ගන්වත්.
ඔව්හු එහිදී කය වඩාගෙන බලගන්වා කුඩා වලවල්වලට බසිත්.
කුඩා වලවල්වලට බැස මහ වලවල්වලට බසිත්.
මහවලවල්වලට බැස කුඩා ගංගාවලට බසිත්.
කුඩා ගංගාවලට බැස මහ ගංගාවලට බසිත්.
මහ ගංගාවලට බැස මහ මුහුදට මහා සාගරයට බසිත්.
ඔව්හු එහිදී කයින් මහත් බවට විශාල බවට පැමිණෙත්.
[බලං ගාගෙන්ති = බලය ගනිත්, ගන්නා ලද ශක්තීන් ස්ථිර ශරීර බවට පත් වේ.
කුස්සුබ්හෙ ඔතරන්තී යන ආදියෙහි මේ අනු පිළිවෙළ කථාවයි.
නාග ස්ත්‍රීහු වනාහී ගැබ් ගන්නා සමයෙහි ගැබ් පිහිටියාහු මෙසේ සිතත්
“ඉදින් අපි මෙහි දරුවන් වදන්නෙමු නම් දියෙහි රළ වේගයටද,
ගුරුළන් හට ද (බියෙන්) දුව පැන පැමිණෙන අපගේ දරුවෝ තම වේගය ඉවසා දරා ගැනීමට නො හැක්කෝ වෙති.”
ඒ නාග ස්ත්‍රීහු මුහුදෙහි ගිලී ගංමෝය සඳහා බිඳුණ ගංමුව දොරට පැමිණ පංච මහා ගංගාවනට පිවිස හිමවතට යති. එහි ගුරුළන් හට නො පැමිණිය හැකි රන් රිදී මැණික් ගුහාවන්හි වසමින් දරුවන් වදා නාග පෝතකයන් (ඔවුන්ගේ) වළලුකර ඇටචල මට්ටම පමණ වූ දියට බස්වා ජල තරණය පුහුණු කරවත්.
ඉක්බිති යම් කලෙක පිළිවෙළින් ඒ නාගයන් හට ගංගා ආදී නදීන්හි මෙතෙරින් එතෙරටද, ඒ තෙරින් මෙතෙරටද එතෙර මෙතෙර යාමට හැකිවේද, එකල්හි “දැන් අපගේ දරුවෝ දිය රළෙහි වේගය ද, ගුරුළන් ගේ වේගය ද ඉවසා දරා ගැනීමට සමත් වන්නාහ යි දැන තම ආනුභාවයෙන් මහා වර්ෂාවක් ඇති කරවා මුළු හිමවතම එකම ජලාශයක් කරමින් වැසි වස්වා රනින් හා රිදියෙන් කළ නැව් මවා මතුයෙහි රන් තරුවලින් විසිතුරු වූ, එක් තැන් කළ ගඳ මල් දම් හා රෙදි වියන් බඳවා සුරා, බත්, ගඳමල් ආදිය ගෙන්වා ගෙන එම නැව්වලින් මහා ගංගා පහ ඉක්මවා ක්‍රමයෙන් මහා සමුද්‍රයට පැමිණෙත්. එහි වෙසෙන්නාවූ ඒ නාගයෝ බඹ සියය, බඹ දහස, බඹ ලක්ෂය යන ප්‍රමාණයන්ට වැඩෙන්නාහු මහත් බවට, විශාල බවට පැමිණෙත්.]
§3. මහණෙනි,
එසේම තොපද සීලය සරන කොටගෙන සීලයෙහි පිහිටා
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේද,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේද,
ධර්මයන්හි මහත් බවට හා විශාල බවට පැමිණේ.
මහණෙනි,
කෙසේ සීලය නිසා සීලයෙහි පිහිටා
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේද?
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේද?
කුසල ධර්මයන් මහත් හා විශාල කර ගන්ණේද?
§ 3. “මහණෙනි,

[නිරෝධය:- තෘෂ්ණාව ප්‍රහීණ කිරීම නිර්වාණය ලෙස කෙටියෙන් දැක්වුව ද අවිජ්ජා, සංඛාර ආදි හේතු ප්‍රත්‍යයන් ගේ නිරෝධය ද ඊට අදාළ වන බව සැලකිය යුතුය. නිර්වාණය නම් කුමක්දැයි පරිබ්‍රාජකයකු සැරියුත් හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේගේ පිළිතුර වූයේ බුදුරදුන් පැවසු පරිදි ‘රාගය නැතිවීම, ද්වේශය නැතිවීම හා මෝහය නැතිවීම නිර්වාණයයි’ යනුවෙනි
චතුරාර්ය සත්‍යයේ තෙවැනි සත්‍ය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි. අනන්ත කාලයක් සසර දුක්විඳින සත්වයාට සසර දුකෙන් මිදීමට හැකියාවක් ද සසර දුකෙන් මිදීමේ ක්‍රමයක්ද ඇති බව පෙන්වා දුන් බැවින් බුදුන් වහන්සේ මිනිසා අනාථ අසරණ තත්ත්වයෙන් මුදාගෙන ඇත. ලෝකයේ දුක්ඛ ස්වභාව ගැන හෙළිකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකොට ඇති නිසා බුදුදහම කෙනකු සර්ව අශුභවාදයක් ලෙස හැඳින්වුවද දුක්ඛ නිරෝධයක් හෙවත් දුක නැතිකිරීමක් ඇති බව පෙන්වා දෙන බැවින්, බුදුදහම සර්ව අශුභවාදයක් නොවන බව වටහාගත යුතුය.
චතුරාර්ය සත්‍ය හෙවත් සත්වයාගේ සංසාර දුක පිළිබඳ සත්‍යය ලොවට පැහැදිලි කෙරෙන්නේ පටිච්ච සමුප්පාදය නම් වූ, බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රීය ඉගැන්වීම වන හේතුඵලවාදය පදනම් කරගනිමිනි.
ඒ අනුව, සියල්ල පවතින්නේද බිහිවන්නේද පවතින දෙය වෙනස් වන්නේද හේතු ප්‍රත්‍ය ධර්මයන්ට අනුකූලව නිසා මිනිසාට එය වටහාගැනීමට ද ඒ ගැන ක්‍රියාත්මක වීමටද හැකියාවක් ඇත්තේය. දුක පිළිබඳ ගැටලුව විසඳා ගැනීමේ හැකියාවක් මිනිසාට ඇත්තේ දුක ප්‍රතීත්‍ය සමුත්පන්න නිසාය. එනම් හේතුඵල ධර්මයට අනුව පවත්නා නිසාය.
මෙසේ මිනිසාට හේතු ප්‍රත්‍ය ධර්ම අනුව දුක්ඛ නිරෝධයක්ද ඇති බව පනවන බැවින් මිනිසා අනාථ අසරණ සත්වයෙකු නොවන බවත්, දුකෙන් නිදහස් වන්නේ මිනිසා තුළින්ම හටගත් හේතු මිනිසා විසින්ම වටහාගනු ලැබ ඒ හේතු ඉවත්කිරීමෙන් පමණක් බවත් බුදුදහම අවධාරණය කරයි.]

වැඩි දියුණුවීම සිදුවේ”යයි” වදාළසේක.
[එවමෙව ඛො = මෙහි හිමාලය පර්වතය මෙන් චතුපාරිශුද්ධි ශීලය දැක්විය යුතුය. නාග පෝතකයන් මෙන් යෝගාවචරයන් ද, කුඩා විල්මෙන් ආර්ය මාර්ගය ද, මහා සමුද්‍රය මෙන් නිර්වාණය ද දැක්විය යුතුය. යම් සේ නාගපෝතකයෝ හිමවතෙහි පිහිටා කුඩා විල් ආදියෙන් මහ සමුදුරට පැමිණ ශාරීරිකව මහත් බවට පැමිණෙත් ද, එසේම යෝගීහු සීලය ආධාර කොට ගෙන, සීලයෙහි පිහිටා ආර්ය මාර්ගයෙන් නිවනට පැමිණ අර්හත් මාර්ගයෙන්ම පැමිණි අභිඥධර්මයන් ඇති කල්හි ගුණශරීර වශයෙන් මහත් බවට පැමිණෙත්.

පෙරදිගට නැමුනු පෙරදිගට හැරුණු,
පෙරදිගට බරවූ වෘක්ෂයයක්,
මුල් කැපූ කල කිනම් පැත්තකට වැටෙන්නේද?
“ස්වාමීනි, යම් දිසාවකට නැමුනේද?
යම් දිගකට හැරුණේද යම් දිගකට බරව පවත්නේද?
ඒ දිසාව ට වැටෙයි.”
“මහණෙනි,
එසේම යමෙක් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ නම්,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නම්,
නිවනට නැමුන සිත් ඇතිව ප්රතිපදාවේ හැසිරේනම් ,
සිත නිවනටම හැරුණේනම් ඔහුගේ අරමුණ ඉටුවේ..
මහණෙනි,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන
තොප කෙසේ නිවනට නැමෙන්නේද?
නිවනට හැරෙන්ණේද? නිවනට බර වේද?

මෙසේ තොප ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත මාර්ගය වැඩිය යුතුය.
එවිට තොප නිවනට නැමුණේ වෙයි.
නිවනට හැරුණේ වෙයි.
නිවනට බරවූයේ වේයයි” වදාළසේක.
[නිවනට යොමු කල සිත:
නිවනට පැමිණීමට කළ යුතු එක ම දෙය නම් සත්ත්වයා හට නැවත නැවත ස්කන්ධ ලබා දෙන ඒ තෘෂ්ණාව නැති කිරීමය. තෘෂ්ණාව ද යම්කිසි හේතුවක් නැතිව ඉබේ ම ඇති වන්නක් නොව යම් කිසි හේතුවක් නිසා ම ඇති වන දෙයකි. ඒ හේතුව සොයා එය නැති කිරීමෙන් ම මිස අන් ක්‍රමයකින් එය නැති කළ නොහැකිය. දන් නොදීම වත් සිල් නොරැකීම වත් තෘෂ්ණාව ඇති වීමේ හේතු නොවන බැවින් දන් දීමෙන් හෝ සිල් රැකීමෙන් හෝ ඒ තෘෂ්ණාව දුරු කළ නොහේ. දන් දීමෙන් ද එක්තරා විදියක තෘෂ්ණාවක් දුරු වන බව නම් සත්‍යයකි. එහෙත් මතු ඉපදීමට හේතු වන ප්‍රධාන තෘෂ්ණාව ඉන් දුරු නොවේ. ඉන් දුරු වන්නේ දෙන වස්තුව පිළිබඳ තෘෂ්ණාව පමණකි. දීම කර්මයක් වන හෙයින් එය මතු භවයෙහි උපදවන ප්‍රධාන තෘෂ්ණාවට මරණින් මතු දෙවන ජාතියකට පැමිණ වීමට උපකාර වන දෙයක් ම වේ.
තෘෂ්ණාව ඉපැදීමේ හේතුව නම් පඤ්චස්කන්ධයා ගේ සැබෑ තත්ත්වය වසන්නා වූ ඒ සත්ත්වයා හට දැන ගන්නට නොදෙන්නා වූ බොහෝ සෙයින් ඒ තෘෂ්ණාව හා එක්ව පවතින්නා වූ මෝහයයි. පඤ්චස්කන්ධයෙහි මඳ ආස්වාදයක් ද මහා ආදීනවයක් ද ඇත. පඤ්චස්කන්ධයෙහි ඇත්තා වූ ප්‍රීතියට හා සොම්නසට හේතුවන ස්වභාවය එහි ආස්වාදයයි. උපදවා ගැනීමට දුක්විය යුතු බව, දුකින් ම උපදනා බව, උපන් පසු බොහෝ දුක් ගෙන රක්ෂා කළ යුතු බව, කොතෙක් උත්සාහ කොට කොතෙක් වෙහෙසී කොතෙක් දුක් ගෙන ආරක්ෂා කළත් දිරන බිඳෙන බව, අනේක දුඃඛයන්ට වස්තු වන බව, එය පවත්නා තාක් නිදහසක් නොලැබිය හැකි බව යන ආදිය පංචස්කන්ධයා ගේ මහා ආදීනව රාශියයි. තවත් ක්‍රමයකින් කියතහොත් සංස්කාර දුඃඛ, විපරිණාම දුඃඛ, දුඃඛ දුඃඛ සංඛ්‍යාත ත්‍රිවිධ දුඛයෙන් නිරන්තරයෙන් ම පෙළෙන බව, සත්ත්වයන් විසින් ඇතය යි සිතන නිත්‍ය සුඛ සුහ ආත්ම ස්වභාවයන් එහි නැති බව, පඤ්චස්කන්ධයාගේ ආදීනව රාශියයි.
පඤ්චස්කන්ධය මෙසේ මහා ආදීනව රාශියකින් යුක්ත බැවින් ඇලුම් කළ යුත්තක් නොව බිය විය යුත්තකි. සතුටු විය යුත්තක් නොව පිළිකුල් කටයුත්තකි. බිය විය යුතු පිළිකුල් කළ යුතු වූ පඤ්චස්කන්ධයට සත්ත්වයන් බිය නොවී ඇලුම් කරන්නේ නො කලකිරෙන්නේ, බිය යුතු බව පිළිකුල් කළ යුතු බව වූ එහි සැබෑ තත්ත්වය වසා ගෙන සිටින මෝහය නිසාය. පඤ්චස්කන්ධයාගේ සැබෑ තත්ත්වය මෝහයෙන් වසා සිටින බැවින් සත්ත්වයා හට පඤ්චස්කන්ධය පඤ්චස්කන්ධයක් හැටියට නොව සත්වයකු පුද්ගලයකු හැටියට පෙනෙන්නේය. ප්‍රීති විය යුතු දෙයක් ඇලුම් කළ යුත්තක් සැටියට පෙනෙන්නේය. මෝහයෙන් පඤ්චස්කන්ධ තත්ත්වය වසා සිටින තාක් ම සත්ත්වයා කෙරෙහි ඒ වැරදි වැටහීම, වැරදි හැඟීම පවතින්නේය……more]

§ 2. “මහණෙනි,
යටිකුරුකල කළය ජලය වගුරුවයි. එහි ජලය නොරඳයි.
මහණෙනි,
යමෙක් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේනම්,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේනම්,
ලාමක අකුසල ධර්මයන් ඔහුගේ සිත නොරඳයි.
මහණෙනි,
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන විට,
කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩනවිට,
තොප කෙසේ ලාමක අකුසල ධර්මයන් වමාරාද,
ලාමක අකුසල ධර්මයන් සිත නොරඳාද?

තොප එසේ අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේනම්,

ලාමක අකුසල ධර්මයන් වැමැරෙයි.
සන්තානයේ ලාමක අකුසල ධර්මයන් නොරඳයි”යි වදාළසේක.
[කුම්හො = දිය කළය. නො පච්චාවමති = ආපසු නො හැරෙයි, ඇතුළට නොපිවිසෙයි යන අර්ථයි.]

මනාව කෙළින් තැබූ හැල් වී නණ්ඩුවක් හෝ
යව වී නණ්ඩුවක් අතින් ඇල්ලුකල හෝ
පයින් පෑගුන කල අත හෝ පය කැපෙයි.
ලේ ගලයි. ඊට හේතු කවරේද?
මහණෙනි,
නණ්ඩුව මනාකොට තබන ලද හෙයිනි.
එමෙන්ම ඒකාන්තයෙන් යමෙක්
තම දෘෂ්ටිය නිවැරදි කර ගනීද,
මනාකොට තබනලද මාර්ග භාවනාවෙන්
අවිද්‍යාව සිඳියි. විද්‍යාව උපදවයි.
නිවන ප්‍රත්‍යක්ෂ කරයි.
ඊට හේතු කවරේද යත්.
මහණෙනි, දෘෂ්ටිය මනාකොට සෘජු කරගත් හෙයිනි.
මහණෙනි,
මනාකොට පිහිටුවන ලද දෘෂ්ටියෙන්
මනාකොට පිහිටුවනලද මාර්ග භාවනාවෙන්
තොප කෙසේ අවිද්‍යාව සිඳීද? විද්‍යාව උපදවයිද?
නිර්වාණය ප්‍රත්‍යක්ෂ කෙරේද?
[දශවස්තුක සම්‍යග් දෘෂ්ටිය
සම්මා දිට්ඨිකො හොති අවිපරීත දස්සනො, අත්ථි දීන්නං, අත්තියිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරොලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි ලොකෙ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී”ති.
යනුවෙන් දශවස්තුක සම්‍යග්දෘෂ්ටිය ප්‍රකාශිතය. මෙයින් දන්දීමේ විපාක ඇති බවය, පූජා කිරීමේ විපාක ඇති බවය, ගුණවතුන්ට පුද පඬුරු යැවීමේ විපාක ඇති බවය, කරන හොඳ නරක ක්‍රියාවල විපාක ඇති බවය, පරලොව සිටින්නන් නැවත මෙලොව ඉපදීම් වශයෙන් පැමිණෙන බවය, මෙලොව සිටින්නන් ඉපදීම් වශයෙන් පරලොවට පැමිණෙන බවය, මවට කරන හොඳ නරක දෙක්හි විපාක ඇති බවය, පියාට කරන හොඳ නරක දෙක්හි විපාක ඇති බවය, මරණින් මතු නැවත උපදින සත්ත්වයන් ඇති බවය, යහපත් මාර්ගයෙහි ගියා වූ යහපත් පිළිවෙත්හි පිළිපන්නා වූ මෙලොව පරලොව දෙක තෙමේ ම ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන මෙලොව පරලොව දෙක ලොවට ප්‍රකාශ කරන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ඇති බවය යන කරුණු දසය පිළිබඳ නිවැරදි දැනීම සම්‍යග්දෘෂ්ටිය බව දක්වන ලදි.
සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ සිහිනුවණට වඩා විශිෂ්ට වූ සිහි නුවණ හා කොතරම් අමාරු දෙයකට වුවත් නො පසුබස්නා වීර්‍ය්‍යය ද කොතරම් දුකක් වුවත් ඉවසන්නා වූ ස්වභාවය ද, උත්පත්තියෙන් ම පිහිටන්නා වූ උත්තම පුරුෂයෝ ලෝකයෙහි කලාතුරකින් උපදනාහු ය. එබඳු උත්තම පුරුෂයන්ගෙන් සමහර කෙනෙක් පැවිදිව මහත් වූ උත්සාහයෙන් ධ්‍යාන වඩා සාමාන්‍ය මනුෂ්‍යයන් විසින් ඇසේ උපකාරයෙන් දක්නා දේවල් ඇසේ උපකාරය නොමැතිව දැකිය හැකි වන්නා වූ ද, සාමාන්‍ය මනුෂ්‍යයන් විසින් කනින් අසා දැන ගන්නා වූ දේවල් කනින් නො අසා ම දත හැකි වන්නා වූ ද, පෙර ජාති වල දී පවා සිටි සැටි හා කළ කී දේ සිහි කළ හැකි වන්නා වූ ද, මැරෙන්නා වූ සත්ත්වයන්ගේ ඒ ඒ තැන්වල ඉපදීව කිය හැකි වන්නා වූ ද අභිඥාව ය යි කියනු ලබන විශිෂ්ට ඥානය උපදවා ගනිති.
ඒ ඥානය උපදවා ගත්තා වූ මහෝත්තමයෝ එයින් මිනිසුන්ගේ ප්‍රකෘති ඇසින් නො දැකිය හැකි සූක්ෂ්ම ශරීර ඇත්තා වූ දිව්‍ය බ්‍රහ්මාදි සත්ත්වයන් ඇසින් දක්නාක් මෙන් ම දක්නාහු ය. අපගේ ලෝකයට ඉතා දුරින් පිහිටි අපාය ලෝක හා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ද ඒ තැන්වලට පැමිණ බලන්නකු විසින් දක්නා පරිද්දෙන් පිරිසිදුව දක්නාහු ය. නොයෙක් ආකාර සැප දුක් ඇති ඒ ඒ ලෝකවල ඉපිද සිටින සත්ත්වයන්ගේ උත්පත්තියට හේතු වූ කර්ම ද දක්නාහු ය. එසේ දක්නා වූ ඒ මහෝත්තමයෝ තමාගේ දැකීම පරිදි දිව්‍ය බ්‍රහ්මයන් ඇති බව ද ප්‍රේතයන් හා නේරයික සත්ත්වයන් ඇති බව ද ඔවුන්ගේ සැටි හා ඔවුන් විඳිනා සැප දුක් ද ඔවුන්ගේ වාසස්ථාන වූ ලෝක ද ප්‍රකාශ කරන්නා හ. පින් පව් ඇති බව ද පින් පව්වල ඵල-විපාක ඇති බව ද ප්‍රකාශ කරන්නාහු ය.
ලෝකයෙහි ඉතා දීර්ඝ කාලයකින් පහළ වන්නා වූ සමහර උත්තම පුද්ගලයෝ ඒ අභිඥා සංඛ්‍යාත ඥානය අර්හත්වයත් සමග සියල්ල දක්නා ඥානයත් සමග ද උපදවා ගන්නාහු ය. එබඳු පුද්ගලයන්ට බුදුවරයෝ ය යි කියනු ලැබේ. බුදුවරයෝ වනාහි අභිඥාව පමණක් උපදවා ගත්තවුන්ට නො පෙනෙන්නා වූ ඉතා දුර පිහිටි ලෝකයන් හා නිර්වාණයත් නිර්වාණ මාර්ගයත් සියල්ල දැන විශිෂ්ට වූ ධර්මයක් දේශනා කරන්නාහු ය. ඒ විශිෂ්ට ඥානය ඇති කරගෙන සිටින්නා වූ මහෝත්තමයන්ට එබඳු ඥානයක් ඇති බව පිළිගැනීම ද, උන් වහන්සේලා විසින් පවසන පරිදි තවත් ලෝක ඇති බව පිළිගැනීම ද, දිව්‍ය බ්‍රහ්මාදි වූ මිනිස් ඇසින් දැකිය නොහෙන ඕපපාතික සත්ත්වයන් ඇති බව පිළිගැනීම ද සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත නවලෝකෝත්තර ධර්මය ඇති බව පිළිගැනීම ද නිර්වාණයට පැමිණිය හැකි ප්‍රතිපත්ති හා ඒ ප්‍රතිපත්තියෙන් නිවනට පැමිණිය හැකි බව පිළිගැනීම ද අත්ථි ලොකෙ සමණ බ්‍රාහ්මණා-පෙ-පවෙදෙන්ති යනුවෙන් දැක්වෙන සම්‍යක් දෘෂ්ටිය යි.
අත්ථි දින්නං අත්ති යිට්ඨං යනාදීන් දක්වන ලද පූර්ව සම්‍යක් දෘෂ්ටි නවය ද අත්ථි ලොකෙ සමණ බ්‍රාහ්මණා යනාදීන් දක්වන මේ දසවන සම්‍යග්දෘෂ්ටියට ඇතුළත් වේ. එබැවින් මේ අන්තිම සම්‍යක් දෘෂ්ටිය කියන ලද සම්‍යග්දෘෂ්ටි වශයෙන් ප්‍රධාන සම්‍යග්දෘෂ්ටිය වන්නේය. පින් පව් හා ඒවායේ ඵල විපාක ඇති බව ද මතු ඉපදීමක් ඇති බව ද, අපාය හා දිව්‍ය බ්‍රහ්ම ලෝක ඇති බව ද, උගන්වන්නා වූ ඇතැම් අන්‍යාගම්වල ද මේ දශවස්තුක සම්‍යග් දෘෂ්ටිය ඇත්තේ ය. එහෙත් බුද්ධාගමෙහි තිබෙන දශවස්තුක සම්‍යග් දෘෂ්ටිය සේ අන්‍යාගම්වල තිබෙන ඒ සම්‍යග්දෘෂ්ටිය පිරිසිදු ද නැත. සම්පූර්ණ ද නැත. බුදුසස්නෙන් පිටත පවත්නා වූ ඒ සම්‍යග් දෘෂ්ටිය ස්වර්ගයට පැමිණීමට මිස නිවනට පැමිණීමට උපකාරක නො වේ. ඒ ආගම්වල නිවනක් නො දක්වන බැවිනි. බුද්ධාගම වනාහි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකයන් හා නිර්වාණය ද දක්වන්නා වූ ධර්මයක් බැවින් බුද්ධාගමෙහි ඇති දශවස්තුක සම්‍යග් දෘෂ්ටිය ස්වර්ග මෝක්ෂ දෙක ම ලබා ගැනීමට උපකාර වන්නේ ය.
දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය යි කියන ලද ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවන අංගය වූ සම්‍යග් දෘෂ්ටිය මේ දශවස්තුක සම්‍යග් දෘෂ්ටිය නො වේ. එයට චතුස්සත්‍යය සම්‍යග් දෘෂ්ටිය යි කියනු ලැබේ. එය මේ දස වස්තුක සම්‍යග් දෘෂ්ටියට වඩා බොහෝ උසස් සම්‍යග් දෘෂ්ටියකි. දශ වස්තුක සම්‍යග් දෘෂ්ටිය මෙහි දක්වන ලදුයේ පළමුව එහි නො පිහිටා චතුස්සත්‍යය සම්‍යග් දෘෂ්ටිය උපදවා ගන්නට හෝ නිවනට පැමිණෙන්නට ද නුපුළුවන් බැවින් එය ද වුවමනා බැවිනි. සසර දුකින් මිදී නිවනට පැමිණෙනු කැමති තැනැත්තන් විසින් පළමු කොට ශාසනික දශ වස්තුක සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටිය යුතු ය. බුද්ධාගමට එන්නා වූ තැනැත්තන් පළමුකොට ම තිසරණයෙහි පිහිටුවන්නේ ඔවුනට තිසරණය සමාදන් කරවන්නේ ඔවුන් මේ ශාසනික දශ වස්තුක සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටුවීම පිණිස ය. යමෙක් ත්‍රිවිධ රත්නය සරණ යෑමෙන් දශ වස්තුක සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටියේ නම් එයට බැස ගන්නේ වේ නම් එය නිර්වාණ ගාමිනී මාර්ගයට පළමු පියවර තැබීම වන්නේය.
පළමුව දශ වස්තුක සම්‍යග් දෘෂ්ටියෙහි නො පිහිටා මාර්ග ඵලාධිගමනය කොට නිවන් ගිය කෙනෙක් නැත්තේ ය. යමෙක් පෙර සසර දුකින් මිදී නිවනට පැමිණියාහු නම් ඒ සියල්ලෙන් ම නිවනට පැමිණියේ පළමු දශවස්තුක සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටා පිළිවෙත් පිරීමෙන් ය. අනාගතයෙහි යමකුට නිවනට පැමිණිය හැකි වන්නේ නම් එසේ හැකි වන්නේ ද මේ සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටා පිළිවෙත් පිරීමෙන් ය. එබැවින් සසර දුකින් මිදෙනු කැමති සෑම දෙනා විසින් ම සම්‍යග් දෘෂ්ටිය පිරිසිදු කර ගත යුතුය. අපායක් නැත, දෙව්ලොවක් නැත යනාදීන් ඇතමුන් පවසන මිථ්‍යා මතවලට මුළා නොවිය යුතුය. යම් යම් කරුණක් ගැන සැක ඇති වුවහොත් එය සිඳීමට තරම් බණ දහම් දැනුම ඇති නියම සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටා සිටින උතුමකු වෙත එළඹ කරුණු විචාරා සැක දුරු කර ගෙන දෘෂ්ටිය පිරිසිදු කරගත යුතු ය. මෙකල ගිහියන් අතර පමණක් නොව බෞද්ධ භික්ෂූන් අතර ද මිථ්‍යාමතධාරීන් නැත්තේ නො වේ. ඔවුන්ගෙන් පරෙස්සම් වෙත්වා. අපාය භයින් මිදීමට ස්වර්ග මෝක්ෂ සම්පත් ලබා ගැනීමට සම්‍යග් දෘෂ්ටිය සේ උපකාරක අන්‍ය ධර්මයක් නැත.
“නාහං භික්ඛවෙ! අඤ්ඤං එක ධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා කුසලා ධම්මා භීය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති. යථයිදං භික්ඛවෙ සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිකස්ස භික්ඛවෙ! අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති; උප්පන්නා ච කුශලා ධම්මා භීය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති”
“මහණෙනි, සම්‍යග් දෘෂ්ටිය පමණ නූපන්නා වූ කුශල ධර්මයන් ඉපදීමට හේතුවන්නා වූ ද උපන් කුශල ධර්මයන් වැඩීමට හේතු වන්නා වූ ද අන් ධර්මයක් නො දනිමි. මහණෙනි, සම්‍යක් දෘෂ්ටිකයා හට නූපන් කුශලයෝ ද උපදනාහ. උපන් කුශලයෝ ද වැඩෙන්නාහු ය” යනු මෙහි තේරුමයි.
… චතුරාර්ය සත්‍යය – මහෝපාධ්‍යාය රේරුකානේ චන්දවිමල මහා ස්වාමින්වහන්සේ]
§ 3. “මහණෙනි,
විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය
ඇසුරු කළ නිවනට නැමුනු සිතින්

§4. “මහණෙනි,
මෙසේ මනාකොට තොපගේ දෘෂ්ටිය ඍජු කර ගනිව්.
මනාකොට මාර්ග භාවනාව කරමින් අවිද්‍යාව සිඳලව්.
විද්‍යාව උපදවා ගනිව්.
නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගනිව්”.යයි වදාළසේක.

අහසෙහි නොයෙක් දෙසින් සුලන් හමත්,
පෙරදිගින්ද සුලන් හමත්, බටහිරෙන් සුලන් හමත්,
උතුරුදිගින්ද සුලන් හමත්. දකුණු දිගින්ද සුලන් හමත්.
දූලි සහිත සුලන්ද හමත්. දූලි රහිත සුලන්ද හමත්.
සීත සුලන්ද හමත්. උෂ්ණ සුලන්ද හමත්.
මද සුලන්ද හමත්. මහත් කුනාටු සුළි සුලන්ද හමත්.
මහණෙනි,
එසේම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන තොපට
සතර සතිපඨානයෝ වැඩීමට සම්පූර්ණ කරගැනීමට හැකිවෙත්.
සතර සම්‍යක් ප්‍රධාන වීර්යයද…සම්පූර්ණකරගැනීමට හැකිවෙත්.
සතර සෘද්ධිපාදයෝද වැඩීමට සම්පූර්ණකරගැනීමට හැකිවෙත්.
පඤ්චින්ද්‍රියෝද වැඩීමට කරගැනීමට හැකිවෙත්.
පඤ්ච බලයෝ .. සම්පුර්ණ කරගැනීමට හැකිවෙත්.
සත්තබොජ්ඣංගයෝද සම්පූර්ණවීමට පැමිණෙත්.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන
තොප කෙසේ සතර සතිපඨානයෝද, සතර සම්‍යක් ප්‍රධානයෝද, සතර ඍද්ධිපාදයෝද, පඤ්චින්ද්‍රියයෝද, පඤ්චබලයෝද, සත්තබොජ්ඣංගයෝද වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙත්ද?

මෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණකුට
සතර සතිපඨානයෝද, සතර සම්‍යක් ප්‍රධානයෝද,
සතර සෘද්ධිපාදයෝද, පඤ්චින්ද්‍රියයෝද,
පඤ්ච බලයෝද, සත්තබොජ්ඣංගයෝද
වැඩේ. සම්පූර්ණ වේ.”යැයි වදාළසේක.
[පුරත්‍ථිමා = නැගෙනහිර දෙසින් පැමිණි වාතය පච්ඡිම ආදියෙහි ද මේ පිළිවෙළම වේ. චත්තාරොපි සතිපට්ඨානා = යම් සේ වනාහී පෙරදිග ආදී වශයෙන් වෙන්වූ මෙම වාතයන්ගේ එක්වීම අහසෙහිදී සිදු වේද, එසේම මෙහිද සතර සතිපට්ඨානයන්ය යන ආදී වශයෙන් කියන ලදී. බෝධිපාක්ෂික ධර්මයෝ විදර්ශනාව සහිත ආර්ය මාර්ගයාගේ භාවනාව සඳහා වර්ධනය වෙති. ඒ නිසා මෙය කියන ලදී.]

§ 2, මහණෙනි,
ගිම්හාන ඍතුවෙහි අවසාන (ඇසළ) මාසයෙහි
රත්වූ පොළොවෙන් දූවිලි කඳන් අහසට නඟින්නේය.
අකලට වැස්සක් වැස්සොත් ඒ දූවිලි කඳන්
නැතිව යයි. අතුරුදහන් වේ, සංසිඳවයි,
මහණෙනි,
එමෙන්ම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන
තොපගේ සන්තානයේ උපන් උපන්
ලාමක අකුසල ධර්මයන් සම්පූර්ණයෙන් නැති වේයි.
සංසිදී යයි..
මහණෙනි,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩනවිට
කෙසේ උපන් උපන් ලාමක අකුසල ධර්මයන්
සම්පූර්ණයෙන් අතුරුදහන් වේද? සංසිඳේද?

මෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩනවිට
මෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩනවිට,
තොප සිත උපන් උපන් ලාමක අකුසල ධර්මයන්
සම්පූර්ණයෙන් අතුරුදහන් වේයි. සංසිඳවේ”යැයි වදාළසේක.
[ගිම්හානං පච්ඡිමෙ මාසෙ = ඇසළ මාසයෙහි. උපහතං = දෙපාවුන්ගේ හා සිවුපාවුන්ගේ පා පහරින් පොළෝ තලයෙහි නැඟී සිට ඉහළට යොමු වී (පහන්) වැටී ආකාරයට පත් වී අහසෙහි විහිදෙන රජොජල්ලං = (ඇඟේ තැවරී ඇති) පස් දුවිලි තට්ටුව.

මහ වැස්සක් ඇතිකරන්නට තරම් විසාල කළු වැහි වලාකුලක්,
හදිසියේ ඇතිවෙන සැඩ සුළඟක් නිසා නැති වේ..
සංසිඳවයි,
මහණෙනි,
එසේම ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය වඩනවිට
ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය නැවත නැවත වඩනවිට
තොප සන්තානයේ උපන් උපන්
ලාමක අකුසල ධර්මයන් අතරතුරදීම
අතුරුදහන් කරයි. සංසිඳවයි.
මහණෙනි,
ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය වඩන විට
ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය නැවත නැවත වඩනවිට,
උපන් උපන් ලාමක අකුසල ධර්මයන්
කෙසේ අතුරුදන් වේද, සංසිඳුවේද?

මෙසේ ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය වඩමින්
ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය නැවත නැවත වඩමින්
උපදින ලාමක අකුසල ධර්මයන් අතුරුදන් කර ගනිව්යයි,
සංසිඳවා ගනිව්යයි” වදාළසේක.

ලී දඬු යොදා තැනු සය මාසයක්ම මහ මුදේ ගිය
රුවල් නැවක් හේමන්ත කාලයෙහි ගොඩට ඇද
ගොඩබිම තැබුවහොත් අවුවෙන් සුළඟින්
වියලීගිය බැමි මහා වැස්සෙන් ලෙහෙසියෙන් ලිහී යන්නේය,
ලනු බැමි දිරා යන්නේය.
මහණෙනි,
එසේම ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය වඩන විට
ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය නැවත නැවත වඩන විට,
තොපගේ සංයෝජනයෝ ලෙහෙසියෙන්ම සංසිඳේ.
ඒ දිරා යත්.
මහණෙනි,
ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය වඩනවිට
ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය නැවත නැවත වඩනවිට
සංයෝජනයෝ කෙසේ සංසිඳී යත්ද, දිරා යත්ද?

මෙසේ ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය වඩනවිට,

මහණහුගේ සංයෝජනයෝ පහසුවෙන් සංසිඳීමට යත් දිරීමටයත්යයි” වදාළසේක.

යම් නගරයක තානායමක් ඇත.
බස්නාහිර පළාතින් එන ආගන්තුකයෝද එහි ලැගුම් ගනී. නැගෙනහිර පළාතින්. උතුරු පළාතින්, දකුණු .පළාතින් එන ආගන්තුකයෝද එහි ලැගුම් ගනී.
ක්ෂත්‍රියය වංශයේ ආගන්තුකයෝද එහි ලැගුම් ගනී. බ්‍රාහ්මණ වංශයේ, වෛශ්‍යය වංශයේ, ශුද්‍ර වංශයේ ආගන්තුකයෝද එහි ලැගුම් ගනී.
§3. “මහණෙනි,
එසේම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නා වූ භික්ෂුව
මේ මාර්ගය නිරතුරුව වඩන්නේ නම්
යම් ධර්මයක් විශේෂ ඥානයෙන් පිරිසිඳ දැනගත යුතුද
ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් පිරිසිඳ දැනගනී.
යම් ධර්මයක් විශේෂ ඥානයෙන් දැන පහකළ යුතුද,
ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් දැන පහකරයි.
යම් ධර්මයක් විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතුද,
ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කරයි.
යම් ධර්මයක් විශේෂ ඥානයෙන් දැන වැඩිය යුතුද,
ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් දැන වඩයි.
§ 4
. “මහණෙනි,
කවර ධර්මයක් විශේෂ ඥානයෙන් පිරිසිඳ දැනගතයුතුද,
පංච උපාදානස්කන්ධයෝය. .
කවර පසෙක්ද?
.රූප උපාදානස්කන්ධය,
වේදනා උපාදානස්කන්ධය,
සඤ්ඤා උපාදානස්කන්ධය,
සංඛාර උපාදානස්කන්ධය,
විඤ්ඤාණ උපාදානස්කන්ධය යන ධර්ම පහය.
“මහණෙනි,
මේ ධර්මයෝ විශේෂ ඥානයෙන් පිරිසිඳ දැනගතයුත්තාහුය.
[උපාදන ස්කන්ධ පඤ්චකය, එයට ඇලුම් කරන්නවුන්ට යට දුඃඛ සත්‍ය කතාවෙහි දැක්වුණු පරිදි අනේකාකාරයෙන් පීඩා කරන්නා වූ ද රාග ද්වේෂ මෝහ ජාති ජරා මරණාදි ගිනිවලින් දැවෙන්නා වූ ද මහා දුඃඛස්කන්ධයක් වේ නම් සත්ත්වයනට එපා විය යුතුය. එයට බියක් මිස කලකිරීමක් මිස ඇල්මක් සතුටක් ඇති නොවිය යුතුය. එසේ නොවී සත්ත්වයන් තුළ මේ උපාදාන ස්කන්ධ පඤ්චකය ගැන දෘඪ තෘෂ්ණාවක් හටගන්නේ කවර හේතුවකින් ද? සත්‍ය වශයෙන් එහි දුක් බවෙක් නැති නිසා ද? යන බව මෙහිදී කල්පනා කළ යුතු කරුණෙකි.
මේ උපාදානස්කන්ධ පඤ්චකයෙහි ආස්වාදයක් ඇත්තේ ය. ආදීනවයකුත් ඇත්තේ ය. යමක යම්කිසි සුවයක් හෝ සතුටක් හට ගනී නම් එය එහි ආශ්වාදය යි. යමකින් යම්කිසි නපුරක් වේ නම් එය එහි ආදීනවය යි. සත්ත්වයන් උපාදානස්කන්ධ පඤ්චකයට මෙපමණ ඇලුම් කරන්නේ එහි ආශ්වාදයක් ඇති නිසා ය. එහි ඇත්තේ ආශ්වාදය පමණක් ම නම් එයට කිසිවෙක් නො කලකිරෙන්නේ ය. එය කිසිවකුට එපා නො වන්නේ ය. ඒ ගැන හට ගන්නා තෘෂ්ණාව කිසිවකුට නැසිය හැකි නො වන්නේ ය. ස්කන්ධ පඤ්චකය ගැන කලකිරී ස්කන්ධ පඤ්චකය එපා වී, ඒ ගැන සතුටු වන්නා වූ එහි ඇලෙන්නා වූ තෘෂ්ණාව සිඳ ස්කන්ධ පඤ්චකය හැර නිවනට පැමිණියා වූ බුද්ධාදි උත්තමයෝ ද බොහෝ ය. ඒ උත්තමයන්ට තෘෂ්ණාව නැසිය හැකි වූයේ ද ස්කන්ධයන්හි සත්‍ය වශයෙන් මහත් වූ ආදීනවයකුත් ඇති නිසා ම ය.
මේ ස්කන්ධ පඤ්චකය විෂ මිශ්‍ර කේක් ගෙඩියක් වැනි ය. විෂ මිශ්‍ර වූ කේක් ගෙඩිය දකින කල්හි සිතට සුවයක් හා සතුටක් වන්නේ ය. සුවඳ ආඝ්‍රාණය කරන කල්හි ද රසය ආශ්වාදනය කරන කල්හි ද එසේ ම සිතට සුවයක් හා සතුටක් වන්නේ ය. එය එහි ආශ්වාදය යි. යමෙක් එය වැළඳුවහොත් ඔහුට මරණය හෝ වන්නේ ය. නො එසේ වී නම් ඔහු මාස ගණනක් මුළුල්ලෙහි හෝ වර්ෂ ගණනක් මුළුල්ලෙහි හෝ විඳිය යුතු මහත් දුකකට භාජනය වන්නේය. එබැවින් එය ඇලුම් නො කළ යුතු වූ දුරින් ම දුරු කළ යුතු වූ බිය විය යුතු වූ දෙයකි. දුර ගෙන ගොස් පොළොවෙහි වළලා දැමිය යුතු දෙයකි. මෙය විෂ මිශ්‍ර කේක් ගෙඩියෙහි ඇති ආදීනවය යි. විෂ මිශ්‍ර කේක් ගෙඩියෙහි ඇති මේ ආශ්වාදාදීනව දෙකින් ආදීනවය කොතෙක් මහත් වුව ද එය වැසී පවතී. එය ඒ ගැන පරීක්ෂණයක් පවත්වන ශාස්ත්‍රඥයකුට මිස අනිකකුට නො දත හැක්කේ ය. ආශ්වාදය ඉතා මඳ වුව ද එය මතු වී පවතී. බලන බලන බැල්මට කාට වුව ද පෙනෙනුයේ එහි මතු වී තිබෙන ආශ්වාදයම ය. එබැවින් විෂ මිශ්‍ර වූ කේක් ගෙඩිය දක්නවුන්ට ඒ ගැන බියක් නො හට ගෙන තෘෂ්ණාවෙන් ඔවුහු එය වළඳා මරණයට හෝ මහා දුඃඛයට හෝ පැමිණෙති.
විෂ මිශ්‍ර කේක් ගෙඩියෙහි මෙන් පඤ්චස්කන්ධයෙහි ද ආශ්වාදාදීනව දෙක ම ඇත්තේ ය. පඤ්චස්කන්ධය නිසා වරින් වර ඇතිවන මඳ වූ ද ඇසිල්ලකින් ම නැති වී යන්නා වූ ද සැපය හා සතුට එහි ආශ්වාදය යි. එහි ආදීනවය ඉතා මහත් ය. නිතර නිතර ගෙවි ගෙවී යන බැවින් ආහාර පානාදියෙන් නැවත නැවත අනුබල දිය යුතු බව එහි එක් ආදීනවයකි. නිතර ම දිරන බව එක් ආදීනවයකි මැරෙන බව එක් ආදීනවයකි. නොයෙක් රෝග හටගන්නා බව එක් ආදීනවයකි. නොයෙක් විට නොයෙක් දෙයින් නොයෙක් රිදුම් වන බව එක් ආදීනවයකි. ප්‍රිය වස්තූන්ගේ විනාශයෙන් ශෝක කරන්නට හඬන්නට වන බව ය, ඕනෑ කරන දේවල් නො ලැබීමෙන් ශෝක කරන්නට හඬන්නට සිදුවන බවය යන ආදිය ද එහි ආදීනවයෝ ය.
තව ද මේ පඤ්චස්කන්ධය ඒ ඒ පුද්ගලයා නොයෙක් වාරයෙහිදී තිරිසන් බවට පමුණුවා බොහෝ දුක් ගෙන දීමට සමර්ථ වූ ද, ප්‍රේත බවට පමුණුවා වර්ෂ දහස් ගණන් ලක්ෂ ගණන් මුළුල්ලෙහි දුක් ගෙන දීමට සමර්ථ වූ ද, සඤ්ජීව කාලසූත්‍රාදී මහා නරකයන්ට පමුණුවා වර්ෂ ලක්ෂ කෝටි ගණන් මුළුල්ලෙහි මහ දුක් ගෙන දීමට සමර්ථ වූ ද සත්කායදෘෂ්ටි ලෝභ මානාදි විෂ බීජයෝ: දුඃඛ බීජයෝ යට වී පවත්නාහ. ඒ නිසා භවාග්‍රයට ද පැමිණ සිටින්නා වූ සත්ත්වයා සිටිනුයේ නැවත තිරිසන් බවට ප්‍රේත බවට නරකයට පැමිණෙන ස්වභාවය ඇතිවය. මේ සත්කාය දෘෂ්ටි ලෝභ මානාදී විෂයෝ කේක් ගෙඩියේ විෂයට වඩා සියක් දහස් වාරයෙන් උග්‍ර වූ විෂයෝ ය.
මෙබඳු උග්‍ර විෂ සහිත බව ද මේ පඤ්චස්කන්ධයාගේ මහත් වූ ආදීනවයකි.
පඤ්චස්කන්ධයෙහි ආදීනව රාශියක් ඇත ද කේක් ගෙඩියෙහි විෂය මෙන් එය වැසී යටව පවත්නේ ය. එය පෙනෙනුයේ ස්කන්ධයන්ගේ ඇතුළ විනිවිද දැකිය හැකි ධර්මඥාන චක්ෂුස ලබා ගත්තවුන්ට පමණෙකි. සෙස්සන්ට නො පෙනේ. එබැවින් සත්ත්වයෝ කොතෙක් ආදීනව ඇතත් ස්කන්ධයන් ගැන නො කලකිරෙති. ස්කන්ධ ඔවුනට එපා නොවෙති. විෂ මිශ්‍ර කේක් ගෙඩියේ මෙන් ස්කන්ධයන්ගේ ආශ්වාදය නිතර ම මතු ව පවතී. එබැවින් එය ම සත්ත්වයාට මහත් මහත් ව පෙනේ. එබැවින් ඒ ආශ්වාදයෙහි ස්කන්ධයන් ගැන තෘෂ්ණාව උපදී. සත්ත්වයෝ මෙය මාගේ ය යි ගෙන එයට අතිශයින් ඇලුම් කරති. මේ ආදීනව සහිත වූ ස්කන්ධ පඤ්චකය ගැන තෘෂ්ණාව ඉපදෙන ආකාරයයි.
ලෝකයෙහි එක ම හේතුවකින් හටගන්නා වූ කිසිවක් නැත. උපාදානස්කන්ධ සංඛ්‍යාත සත්ත්වයාගේ උත්පත්තියට හෙවත් ස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධයාගේ නැවත නැවත හටගැනීමට ද බොහෝ හේතූහු ඇත්තාහ. එයින් ප්‍රධාන හේතුව වනුයේ තෘෂ්ණාවය. තෘෂ්ණාව නමැති මේ එක ම ධර්මය නැසුවහොත් කර්මාදි අවශේෂ හේතූන් කොතෙක් ඇතත් දුඃඛස්කන්ධයා ගේ නිරෝධය වන්නේය. තෘෂ්ණාව තිබෙන තාක් දුක්වල නිවීමෙක් ද නො වන්නේ ය. තෘෂ්ණාව තිබිය දී මතු උත්පත්තියට හේතුවන කර්මාදිය නැසිය නො හැකිය. කර්‍මාදි හේතූන් තිබියදී ම තෘෂ්ණාව නැසිය නොහැකි ය. තෘෂ්ණාව නැසෙනු සමග ම කර්මාදි හේතූන් ද සමග ඒ භවයෙන් මත්තට තිබෙන දුඃඛස්කන්ධය නිවී යන්නේය. එබැවින් දුඃඛෝත්පත්තියේ හේතුව දක්වන්නා වූ තථාගතයන් වහන්සේ මේ ආර්‍ය්‍ය සත්‍ය දේශනාවෙහි දී කර්මාදි හේතූන් ගණනට නොගෙන තෘෂ්ණාව වූ එක ධර්මයක් පමණක් දුඃඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය කොට වදාළ සේක.
තෘෂ්ණාව දුකට හේතුවන සැටි මෙසේය :- වැසිකිලි වල උපදින පණුවාගේ පටන් අවීචි මහා නරකයෙහි උපදින නිරිසතාගේ පටන් සෑම සත්ත්වයකුට ම සෑම මිනිසකුට ම සෑම දෙවියකුට ම ස්කන්ධ පඤ්චක සංඛ්‍යාත තමාගේ ආත්ම භාවය ලෝකයෙහි ඇති උසස් ම දෙය සැටියට පෙනෙන්නේ ය. ඒ ආත්ම භාවයට මාරු කළ හැකි කිසි ම දෙයක් ඔහුට තුන් ලොවෙහි ම නැත්තේය. මේ ස්කන්ධ පඤ්චකය ගැන පළමුව තෘෂ්ණාව උපදනා ආකාරය යි. ඉක්බිති ඒ ආත්ම භාව සංඛ්‍යාත ස්කන්ධ පඤ්චකය නැසෙන්නට නොදී ආරක්ෂා කරන්නට පවත්වන්නට ඕනෑය යන දෘඪ තෘෂ්ණාව පහළ වේ. ඔහුගේ චක්ෂු-සෝත-ඝාණ-ජිව්හා-කාය-මන යන ආයතන සයෙහි රූප ශබ්දාදි ආරම්මණයන් ගැටුණු කල්හි ඒවා ද හොඳය කියා ප්‍රථම තෘෂ්ණාව පහළ වන්නේ ය. පසුව ඒවා නැවත නැවතත් ලබා ගන්නට ඕනෑය යන දෘඪ තෘෂ්ණාව පහළ වේ. ආහාරාදි නොයෙක් දේ එළවමින් අමාරුවෙන් පැවැත්විය යුතු වූ නිතර ඇද වැටෙන සුළු වූ ස්කන්ධ පඤ්චකය, පවතිනවාට කැමැත්ත තිබූ පමණින් නිකම් ම නො පවත්නේය. ආහාර පානාදිය එළවමින් එය පැවැත්විය යුතුය. ආශා කරන්නා වූ ඉෂ්ට රූප ශබ්දාදිය ද ඔහුට ආශාව තිබූ පමණින් නිකම්ම නො ලැබෙන්නේ ය. නො ලැබෙන කල්හි ආත්ම භාවය පවත්වා ගන්නට ඕනෑ ය යන තෘෂ්ණාව විසින් ද, ඉෂ්ට රූප ශබ්දාදීන් ලබන්නට ඕනෑය යන තෘෂ්ණාව විසින් ද ඒ ඒ දේ සෙවීමෙහි සත්ත්වයා මෙහෙයවනු ලබන්නේ ය. තෘෂ්ණාවෙන් මෙහෙයවනු ලැබූ සත්ත්ව තෙමේ දිවි පැවැත්මට ඕනෑ කරන උපකරණ සෙවීම සඳහා ද ජීවිතයට අහිත දෑ දුරු කිරීම සඳහා ද ආශ්වාදනීය රූප-ශබ්ද-ගන්ධ-රස-ස්පර්ශයන් ලබනු සඳහා ද ක්‍රියා කරන්නට පටන් ගන්නේය.
මනුෂ්‍යයකුට එක බත් පිඟානක් ලබනු සඳහා කරන්නට තිබෙන වැඩ අපමණ ය. ඒ සඳහා කුඹුරු කොටන්නට සිදු වන්නේය. සී සාන්නට සිදු වන්නේය. වී වපුරන්නට සිදු වන්නේය. වපුළ ගොයම මාස ගණනක් රැක බලා ගන්නට ද, ගොයම කපන්නට ද, ගොයම මඩවන්නට ද, වී වියළා පිරිසිදු කර්නනට ද, ගෙවල් වලට ගෙන ගොස් ආරක්ෂා කර තබා ගන්නට ද, වී තම්බන්නට ද වියළන්නට ද, කොටන්නට ද, පොළන්නට ද, පැන් ගෙනෙන්නට ද, සහල් සෝදන්නට ද, ගරන්නට ද, ගිනි මොළවන්නට ද සිදු වන්නේ ය. කවරකු විසින් වුව ද මේ වැඩ සමූහය නො කළ හොත් බතක් ඇති නො වන්නේය.
ඇඳුමක් පැළඳුමක් ඇති වීමට ද මෙසේ ම වැඩ රාශියක් කරන්නට සිදු වන්නේ ය. වාසයට ගෙයක් ඇති කර ගැනීමට ගිය කල්හි කරන්නට තිබෙන වැඩ මෙයට වඩා දහස් ගුණයකි. මේ එක එක වැඩකට ම වෙහෙසීම දුකෙකි. බොහෝ වෙහෙසෙන්නට සිදු වීමෙන් සිත-කය දෙකට බොහෝ රිදුම් ද වන්නේ ය.
ඒ ඒ දේ ලැබීම සඳහා කරන්නා වූ ක්‍රියා සෑම කල්හි ම සාර්ථක නො වන්නේ ය. නොයෙක් විට ඒවා ව්‍යර්ථ වන්නේ ය. කරන වැඩ ව්‍යර්ථ වීමෙන් වන්නා වූ සිත් රිදුම් ද ඉතා බොහෝය. වෙහෙසී සපයා ගත් දේවල් නොයෙක් විට විනාශ වන්නේ ය. සොරුන් විසින් සතුරන් විසින් හෝ පැහැර ගන්නේ ය. එසේ වීමෙන් බොහෝ සෙයින් රිදුම් ද වන්නේ ය.
“මහණෙනි,
කවර ධර්මයක් විශේෂ ඥානයෙන් පහකළ යුතු ද?
මහණෙනි,
අවිද්‍යාවද,
භව තෘෂ්ණාවද යන මේ දෙකයි.
මහණෙනි,
මේ ධර්මයෝ විශේෂ ඥානයෙන් පහකළ යුත්තාහුය.
[අවිද්‍යාව,
සත්‍යය වසන්නා වූ ස්වභාවයෙන් අවිද්‍යාව අන්ධකාරයක් වැනි ය. කාරණය වරදවා දක්වන්නා වූ ස්වභාවයෙන් පාට කන්නාඩියක් වැනි ය. නිල් කන්නාඩියකින් ලෝකය බලන්නා හට හැම දෙයක් ම නිල් පැහැයට පෙනේ. එමෙන් අවිද්‍යාසහගත සිතින් තමාගේ පඤ්චස්කන්ධය හා බාහිර ලෝකයත් බලන්නා වූ හෙවත් සිතන්නා වූ තැනැත්තාට ඇති සැටියට නොව අවිද්‍යාපටලයේ සැටියට ඒවා අන් ආකාරයකට පෙනේ. දුඃඛ සත්‍යය වසන අවිද්‍යාවෙන් යුක්ත වූ සිතින් තමා ගේ හා අනුන් ගේ ස්කන්ධයන් බලන්නා වූ තැනැත්තා හට, ජාති ජරා ව්‍යාධි මරණාදි ගිනිවලින් වෙළී ඒ ගිනිදැල් මැද ගිනි පෙනෙල්ලක් සේ පවත්නා වූ, කිසිම හරයක් නැත්තා වූ, නිතර ම දුක් ගෙන දෙන්නා වූ පඤ්චස්කන්ධය, පරම සුන්දර දෙයක් ලෙස පෙනෙන්නේ ය. ලෝකයෙහි ඇති ඉතා ම උතුම් දෙය ඉතා ම වටිනා දෙය සැටියට පෙනෙන්නේ ය. එසේ පෙනීමෙන් ඔහුට ස්වකීය පඤ්චස්කන්ධය කෙරෙහි මහත් ඇල්මක් ඇති වේ. අන්‍ය ඇතැම් පුද්ගලයන්ගේ පඤ්චස්කන්ධයන් පිළිබඳව ද එයට දෙවැනි තරමේ හෝ ඒ තරමේ ම හේ ඇල්මක් ඇති වේ.
සමුදය සත්‍ය වසන මෝහය අප්‍රහීණ බැවින් ඔහුට ඒ ඇල්ම දුක් ඇතිවීමේ හේතුව බව නො පෙනෙන්නේ ය. ඔහුට පෙනෙන්නේ ඒ ඇලම සැපයට හේතුවක් ලෙසය. ඒ ඇල්ම උතුම් කොට ගන්නා වූ තැනැත්තේ සමහරවිට එයින්, “මම දරුවන්ට ආලය ඇත්තා වූ නෑයන්ට – මිතුරන්ට – රටට – ජාතියට ආලය ඇත්තා වූ කෙනෙක් වෙමිය” යි තමා ගැන ආඩම්බර ද වෙයි. ආලයක් නැතියවුන් පහත් කොට ද සිතයි. දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්‍රතිච්ඡාදනය කරන අවිද්‍යාවෙන් වැසීම නිසා සත්ත්වයා හට ඒ දුක් ගොඩක් වූ පඤ්චස්කන්ධයාගේ පැවැත්ම ම සුවයක් සැටියට පෙනේ.
දුඃඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය වසන අවිද්‍යාව නිසා සත්ත්වයා හට, ඒ පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධය පවත්වා ගැනීම සඳහා ද, සුවපත් කරනු සඳහා ද, මතු මතු ද, පඤ්චස්කන්ධය ලැබීම සඳහා ද, කරන්නා වූ ක්‍රියා රාශිය, සැපය ඇතිකර ගැනීමේ මාර්ගය සැටියට පෙනෙන්නේ ය. අවිද්‍යාව නිසා සිදුවන මේ වැරදි හැඟීම් නිසා සත්ත්ව තෙමේ වර්තමාන ස්කන්ධ පඤ්චකය පෝෂණය කිරීම සඳහා ද ආරක්‍ෂා කිරීම සඳහා ද ක්‍රියා කරන්නට වන්නේය. ඒ ක්‍රියා අවිද්‍යාව නිසා ඇතිවන සංස්කාරයෝ ය.
[භව තෘෂ්ණාව :- කාමරාග රස,ආශ්වාදනය වශයෙන් ගනු ලබන එම අරමුණම යම් කලෙක ධූවය එක්නාතය සැපය නිත්‍ය සදාකාලිකයයි කියන ලද ශාස්වතාදෘෂ්ටිය සමඟ පවතින්නේද එකල්හි භව තෘෂ්ණාව නම් වේ. භවය පැතීම වශයෙන් නැසීමත් විනාශවීමක් නැතිව නිත්‍ය සුඛ ආත්ම වශයෙන් පවත්නේ නම් මැනැවැයි සිතාගෙන දැඩි ලෙස අල්වාගෙන ආශාවෙන් එල්බ , භවයම ප්‍රාර්ථනා කරයි නම් එයම භවතෘෂ්ණාව නම් වන්නේය.]
“මහණෙනි,
කවර ධර්ම විශේෂ ඥානයෙන් දැන
ප්‍රත්‍යක්ෂ කළයුතුද?
මහණෙනි.
මාර්ග ඵල, නිර්වාණ යන මේවාය.
මේ ධර්මයෝ විශේෂ ඥානයෙන් දැන
ප්‍රරත්‍යක්ෂ කළ යුත්තාහුය.
[මාර්ග ඵල, නිර්වාණ:-සෝවාන් මාර්ගඵල ලාභී වීම යනු සීලය සම්පූර්ණ වීමයි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිත්වයෙන් සීලය සම්පූර්ණ වීමයි. සෝවාන් ඵලයේදී සීලය සම්පූර්ණ වුවද සමාධිය හා ප්‍රඥාව වැඩෙමින් පවතී. සෝවාන් වූ මාර්ගඵල ලාභීන්ට ගිහි ජීවිතයේ බිරිඳ හා දරුවන් සමග එකට ජීවත් වීමේ හැකියාවක් ඇත. එම සෝවාන් වූ අය ගිහි ජීවිතයේ රැඳුණද නිරන්තරයෙන් සිතට පැමිණෙනුයේ සියල්ල අස්ථීර බව හා මේ ලෝකයේ අස්ථිර බවයි. සෝවාන් වූ අයගෙන් වැරදි වීමට ඉඩ තිබුණ ද ඒ අයගේ වරද තමන්ගේ වරදක් බව අවබෝධකර ගෙන නැවත එම වරද නොකර සිටී. මෙහිදී වැරදි ලෙස හඳුන්වනු ලැබුවේ ආනන්තරීය පාපකර්ම හා අමනුෂ්‍යය ගති ඇති මිනිසුන් කරනා වැරදි ක්‍රියා නොවෙති. නිදසුනක් ලෙස සෝවාන් වූ පුද්ගලයෙකු සපාකෑමට සුනඛයෙකු දිව පැමිණේ. එවිට එම සෝවාන් පුද්ගලයා සුනඛයා ගෙන් බේරීමට ගලකින් ගසයි. එය සිදුවිය හැක්කකි. මන්ද සෝවාන් වීමේදී සීලය සම්පූර්ණ වූවා මිස භය, භීතිය නැතිකරේ නැත. ජීවිතයට ඇති ආසාව නැතිකරේද නැත. ජීවිතයට ඇති ආසාව නැතිවනුයේ වේදනාව (පංචස්කන්දයට අයත් වේදනාව) නැතිකර දැමූ විටය. එය නැතිවනුයේ අරහත් බවයේදීය. එතෙක් කුමන මාර්ගඵලයේ සිටිය ද වේදනාවන් දැනෙනු ලබයි. සීලය සම්පූර්ණ වුවද බිය, ශරීරය රැකගැනීමේ ආසාව නැති නොවූ එහෙත් එම සෝවාන් මාර්ගඵලලාභී උතුමන් අතින් එම වරද සිදුවනුයේ එක් අවස්ථාවකි. නැවත ඔහු ජීවිතයට හානියක් වුවද එම වරද නොකරනු ලබයි. සෝවාන් මාර්ගඵලලාභී උතුමන් සීලය සම්පූර්ණ කළද රාගය 100% ක් පමණි. නමුත් එම රාගය පරපුරුෂ සේවනයකට හෝ පර ස්ත්‍රී සේවනයකට අදාළ රාගයක් නොවෙති. අසම්මත රාගයක් ද නොවෙති. එම නිසාවෙන් ගිහි ජීවිතයේ දරුවන්, ස්වාමිපුරුෂයා, භාර්යාව සමග වාසය කළ හැකිය. සෝවාන් වුවද රාගය, භීතිය, වේදනාව ආදිය ප්‍රහීණ වී නැත. සිදුවී ඇත්තේ සීලය පමණක් සම්පූර්ණ වීමය. තමන් සෝවාන් වුවාද කියා පහසුවෙන් බලාගත හැකි ක්‍රමයක් වේ. තමන් සේවාන් වූ විට එය කිසිවෙකු ගෙන් අසා දැනගත යුතු නොවේ. තමන්ටම සොයාගත හැකිය. තමා සෝවාන්ද යන්න බලා ගැනීමේ ක්‍රමවේදය ඉතා පහසුය. නමුත් එය කළ හැක්කේ භාවනා කර සිත දියුණු කළ අයට පමණි. එම ක්‍රමවේදය නම් තමන් භාවනා කරන විට තම සිත බැලීමට පුරුදු වීමයි. තමන් සෝවාන් වී නම් තමාගේ සිත සමාධියේ පවතින විට බලා ගත හැකිය. සෝවාන් වීමේදී තම සිත සිතුවිලි පැමිණෙන. එම සිතුවිලි 03 සදාකාලිකවම සිත තුළ නතර වන සිතුවිලිය. එම සිතුවිලි 03 මොනවාද යන්න මෙහි නොදක්වනු ලබයි. මන්ද එවිට සෝවාන් නොවූ අයද එය තම වාසියට හරවා ගන්නා නිසාය. සමාධියේ සිට තමන් සොවාන්ද යන්න බැලීමේදී සිතෙහි ඉතිරි වී ඇති කෙලෙස් ප්‍රමාණය හා බිඳී ගිය කෙලෙස් ප්‍රමාණය පෙනී යයි. මෙය භාවනා නොකර බලාගැනීමේ හැකියාවක් නොමැත. සෝවාන්ද යන්න බැලීමේදී නිමිත්තක් සිතට දක්නට ලැබේ. එය යමක් මත යමක් තැබුවා වැනි නිමිත්තකි. ඒ පිළිබඳවද මෙහි නොදක්වනු ලබයි.
සිත බලනවා යැයි කියනුයේ තමන්ගේ ජීවිතයේ සිදුකළ සියලු දේ නැවත මතක ශක්තියෙන් මතක්කර බැලීමක් හෝ මතකය අවුස්සා බැලීමක් නොවන බව කරුණාවෙන් සිහිපත් කරමි. මෙම ක්‍රමවේදයේ තමන් රහත් ඵලයට යාම දක්වා සිත බලා, තමන් ධර්ම මාර්ගයේ සිටිනා තැන හා භාවනා කර සිත දියුණු කළ ප්‍රමාණය ද සොයාගත හැකිය. මෙලෙස සිත බලා සිය නිවන් මාර්ගයේ අඩුපාඩු සකසා ගැනීම ‘දහම් කැඩපත’ යැයි කියනු ලබයි. කැඩ පතකින් සිදුවනුයේ සිය අඩුපාඩු බලා සකසා ගැනීමය. එලෙසම දහම් කැඩපත තුළින් සිය ලෝකෝත්තර අංශයේ අඩු-පාඩු සකසා ගත හැකිය.
මාර්ගඵලවල දෙවැනි මාර්ග ඵලය සකෘදාගාමී මාර්ගඵලයයි. මෙම මාර්ගඵලයේදී සීලය තව තවත් සම්පූර්ණ වන අතර (සෝවාන් මාර්ගඵලයේදී සම්පූර්ණ වූ සීලය තව තවත් ශක්තිමත් වෙමින් වැඩි දියුණු වීම) මෙම සකෘදාගාමී මාර්ග ඵලයේදී සමාධිය 60% ක් දක්වා වැඩිවන අතර ප්‍රඥාව පෙරපරිදි වැඩෙමින් පවතී. මෙම සකෘදාගාමී මාර්ගඵලය වන විට රාගය 50% දක්වා අඩු වී ඇති අතර ආසාවල් අතහැරී නැත. මෙම දෙවැනි මාර්ගඵලය තමන්ට ලැබී ඇත්දැයි දැනගත හැක්කේ තමන්ගේ සිත බලා බිඳීගිය කෙලෙස් ප්‍රමාණය හා ඉතිරි වී ඇති කෙලෙස් ප්‍රමාණය දැකීමෙනි. මෙය ද කළ හැක්කේ භාවනා කර ධර්මය අවබෝධ කිරීමෙන් පමණි. පළමු හා දෙවැනි මාර්ගඵල දෙක එක ළඟින් පිහිටයි.
මෙම දෙවැනි මාර්ගඵලයට මදක් දුරස්ථව තුන්වන මාර්ග ඵලය වන අනාගාමී මාර්ගඵලය පවතී. මෙම අනාගාමී මාර්ගඵලයේදී තමන්ගේ සිතුවිලි බොහෝමයක් වෙනස්වෙයි. එම මාර්ග ඵලයේදී සමාධිය 100% වන අතර ආශාවල් 15% දක්වා අඩුවෙයි. රාග සිතුවිලි 0% කි. 0.% වෙති වටිනාකමක් නැති වුවද අරහත් ඵලයේදී 0% ද ගුණයේ වෙයි. ප්‍රඥාව මේ වන විට හොඳින් පවතින අතර ජීවිතයේ ගෙවන සෑම නිමේෂයක්ම සංසාරෙන් මිදීම සඳහා යොදාගනු ලබයි. මෙම තෙවැනි මාර්ගඵලයේදී ගිහි ජිවිතය පිළිකුල් කරනා අතර ගිහිගෙදරින් මිදී භාවනා කිරීමට සුදුසු ස්ථානයක් වෙත ගමන් කරනු ලබයි. බුදුන් වහන්සේ දේශණා කොට වදාළ නිවන් මාර්ගය අසන පිංවතුන්ට පමණක් කියා දීම අනාගාමී උතුමන්ගේ ලක්ෂණයකි. මෙම තෙවැනි මාර්ගඵලය ලැබීමේදී සිතුවිලි කිහිපයක් සිතට සදාකාලිකවම පැමිණ නතර වීමක් ද නිමිත්තක් පහළ වීමක් ද සිදුවේ. එම සිතුවිලි හෝ නිමිත්තද මෙහි නොදක්වනු ලබයි.
මහා රහතන් වහන්සේලා සහ රහතන් වහන්සේලා යනුවෙන් උතුමන් වහන්සේලා වේ. මහා රහතන් වහන්සේ නමකට සෘද්ධියෙන් ගමන් කළ හැකිය. ප්‍රාතිහාර පෑමේ හැකියාවක් ඇත. මහා රහතන් වහන්සේ නමක් සෘද්ධියෙන් වඩිනා විට එය මිනිසුන්ට නොපෙනේ. සෙමින්ද නොවඩී. ක්ෂණයකින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යා හැකිය. අහසින් පෙනෙන සේ සෙමින් සෙමින් පාවී නොයයි. සෑම රහතන් වහන්සේ නමකටම සෘද්ධි බලය හා ප්‍රාතිහාර පෑමේ හැකියාව නොමැත. එය එක් එක් රහතන් වහන්සේලා සංසාර ගමන තුළ සිදුකළ කුසල කර්මවල ඵල විපාකය මහා රහතන් වහන්සේලා යනු පංචාඅභිඥා ඇති උතුමන්ය. රහතන් වහන්සේලා යනු අභිඥාවක් හෝ අධික ප්‍රඥාවක් ඇති උතුමන්ය. මහා රහතන් වහන්සේලා දැනට වැඩ වාසය කරනුයේ ඉහත සඳහන් කළ පරිදි බෙරගල කන්දේ සමන් දෙවියන්ගේ පළතුරු උයන තුළ පිහිටි පන්සල තුළය. එම උතුමන් වහන්සේලා පස්නම හැර 31 තලය තුළ දැනට කිසිදු රහතන් වහන්සේ නමක් නොමවේ. රහතන් වහන්සේ නමක් බවට පත්වීමේදී ද සිතුවිලි 20 ක් එකවර පහළ වේ. එම සිතුවිලි පහළ වීමත් සමඟම සියලු කෙලෙස් නසා භව ගමන අවසන් කරලයි. එනම් නිවන් අවබෝධ කරගනු ලබයි. රහත්බාවයට පත්වීමේදී ගෙවන් කර්මද, කරන්න කර්ම ද නොමවේය.
සියලු කර්ම අවසන් කරනු ලබයි. රහත් වීමෙන් පසු කිසිදු කර්මයක් ඵල නොදෙති. කර්ම ඵල දෙනු ලබන්නේ නම් රහත් වී නොමැත. එමෙන්ම ආනන්තරීය පාපකර්මයක් ගෙවා අවසන් වන තෙක් රහත්වීමට මෙන්ම සමාදියක් ඇතිවීමවත් සිදුනොවෙති. ආනන්තරීය පාපකර්මයක් පූර්ණ වශයෙන් ගෙවා අවසන් වන තුරු මාර්ගඵල නොලැබෙති. ඇතමුන් මෙලෙස පවසයි. ආනන්තරිය පාපකර්මය ඒ අවස්ථාවේදී ඵල නොදෙන්නේ නම් මාර්ගඵල ලබන බවය. එය වැරදි අදහසකි. ආනන්තරිය පාපකර්ම කඩින් කඩ ඵල නොදෙයි. ඵල දීම එකවර සිදුවේ. ආනන්තරිය පාප කර්මයෙන් කොටසක් ගෙවා ඉතිරි කොටස ගෙවීමට පෙර මාර්ගඵල හෝ අරහත්වයට පත් නොවෙති. එය තවත් පැහැදිලි ලෙස පෙන්වා දෙන්නේ නම්, ආනන්තරියය පාපකර්මයක විපාකය 100% ක් යැයි උපකල්පනය කළහොත් එම කර්මයෙන් 50% ගෙවා අවසන් වීමෙන් හෝ 75%ක් ගෙවා අවසන් වීමෙන් හෝ 99% ක් ගෙවා අවසන් වීමෙන් හේ 99.99% ක් ගෙවා අවසන් වීමෙන් හෝ මාර්ගඵල අරහත්බාවය නොලැබෙයි. ආනන්තරිය පාපකර්මය 100% ම පූර්ණන වශයෙන් ගෙවා අවසන් නම් පමණක් සිය උත්සාහය, වීර්යය හා කුසල ශක්තිය මත අරහත්වයට පත්වෙයි. ප්‍රබල කුසල කර්මයන් කර තිබුණ ද ආනන්තරිය පාපකර්මය ගෙවා අවසන් වන තෙක් එම ප්‍රබල කුසල කර්ම විපාකයට නොපැමිණෙයි. ආනන්තරිය පාප කර්මයන් දිට්ඨ ධම්මවේදණීය වශයෙන් ඵල දීම නිසා එය කළ මොහොතේ සිට පළ දීමක් සිදුවන බව දතයුතුය.]
“මහණෙනි,
කවර ධර්මයක් විශේෂ ඥානයෙන් දැන වැඩියයුතුද?
ඒ, සමථයද, විදර්ශනාවද වෙයි.
මහණෙනි, මේ සමථයද, විදර්ශනාවද
විශේෂ ඥානයෙන් දැන වැඩිය යුතුය.
[සමථ භාවනා හා විදර්ශනා භාවනා :-. චිත්තපාදාදි යට පරිච්ඡෙද අටින් නාමරූපාදීන් පිළිබඳ විශේෂ විස්තර දක්වන ලද්දේ ය. ධ්‍යාන අභිඥා ලබා සමෘද්ධිමත් වනු කැමැත්තවුන් විසින් ද මාර්ග ඵල ලබා සමාධිමත් වනු කැමැත්තවුන් විසින් ද මාර්ග ඵල ලබා නිවන් අවබෝධ කරනු කැමැත්තවුන් විසින් ද ඒ නාමරූපාදීන් අතුරෙන් කිසිවක් අරමුණු කොට ගෙනැ භාවනා කළ යුතු ය. භාවනා නම් වැඩීඹය-නැවත නැවත සිහිකිරීම ය. ඒ භාවනා පිළිබඳ විශේෂ විභාග කර්මස්ථාන පාදය යන නමින් මෙහි දක්වනු ලැබේ.
භාවනා වනාහි සමථ භාවනා විදර්ශනා භාවනා ය යි ද්විවිධ වේ. සමථ භාවනා නම් කාමච්ඡන්‍දාදි කෙලෙස් හෝ විතර්කාදි ඖදාරික ධර්ම හෝ සන්සිඳුවන භාවනා ය. සමථ යන්නෙන් එකාග්‍රතා සංඛ්‍යාත සමාධිය කියවෙන බව දත යුතු. ඒ සමථ භාවනායෙන් ධ්‍යාන අභිඥා ලද හැකි ය. විදර්ශනා භාවනා නම් විශේෂයෙන් බලන භාවනා ය. විශේෂයෙන් බැලීම නම් සාමාන්‍ය ලෝකයා සේ පඤ්ච ස්කන්ධාදිය ස්ත්‍රී පුරුෂාදි වශයෙන් හෝ නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් හෝ නො බලා ස්කන්ධාදි වශයෙන් ද, අනිත්‍ය, දුඃඛ, අනාත්ම වශයෙන් ද බැලීම ය. විදර්ශනා යන්නෙන් ප්‍රඥාව කියවෙන බව දත යුතු. ඒ විදර්ශනා භාවනායෙන් නිවන් ලද හැකිය.
සමථ හෝ විදර්ශනා භාවනා කරන්නේ යෝගී හෙවත් යෝගාවචර ය යි කියනු ලැබේ. භාවනාවට බස්නා යෝගි ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධිකයකු විය යුතුය. පිරිසිදු සිල්වතකු විය යුතුය. ආවාසාදි දස විධ පළිබෝධයෙන් දුරු විය යුතු ය. කර්මස්ථාන දෙන කල්‍යාණ මිත්‍රයකු වෙත එළඹිය යුතු ය. භාවනාවට නුසුදුසු විහාර හැරැ පියා සුදුසු විහාරයෙක විසිය යුතු ය. කුඩා පළිබෝධ සිඳැ ලිය යුතු ය. නියමිත භාවනා විධි නොපිරිහෙළා භාවනා කළ යුතු ය…. more.]
මහණෙනි,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන තොප
කෙසේ විශේෂ ඥානයෙන් දැන යම් ධර්ම පිරිසිඳ දැනගන්නේද ? ,
යම් ධර්ම පහ කරන්නේද, ප්‍රත්‍යක්ෂ කරන්නේද?
වඩන්නේද?
[3] “මහණෙනි,

§4. “මෙසේ තොප ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන විට

පිරිසිඳ දතයුතු ධර්මයන් විශේෂ ඥානයෙන් පිරිසිඳ දැනගනී.
යම් ධර්මයක් විශේෂ ඥානයෙන් පහකළ යුත්තාහුද?
ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් පහකරයි.
යම් ධර්මයන් විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කළයුතුද,
ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරයි.
යම් ධර්මයක් වැඩිය යුත්තාහුද,
ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් වැඩේන්නේ යයි” වදාළසේක,

ගංගා ගඟ නැගෙනහිර දෙසට හැරෙමින්, නැගෙනහිර දෙසට නැමෙමින්, නැගෙනහිර දෙසටම ගලායයි. මෙසේ පවත්නා කල්හි මිනිසුන් පිරිසක් උදලු හා කූඩා රැගෙන ‘අපි මේ ගංගා නදිය බ්ස්නාහිර දිශාවට ගලන්නට හරවන්නෙමු’ එන්නේය.
“මහණෙනි,
ඒ ගැන නුඹලා කුමක් සිතව්ද?
ඒ මිනිසුන්ට ගංගා නම් මහ නදිය නැගෙනහිර පැත්තට නොව
බටහිර පැත්තට හරවන්නට හැකි වේද?”
“ස්වාමීනි, එය එසේ කල හැකි නොවේ.”
“ඊට හේතුව කවරේද?”
“ස්වාමීනි, ගංගා නදිය පෙරදිගට නැමී,
පෙරදිගට හැරී, පෙරදිගට බරව ගලන්නේය
එය පශ්චිම දිසාවට නැමී පශ්චිම දෙසට හැරී,
පශ්චිම දිසාවට බරව ගැලීම සිදුකිරීම ලෙහෙසි නැත.
ඒ කරන්හුනට වෙහෙස ක්ලාන්තවීම පමණක් වන්නේය.”
“මහණෙනි,
එසේම යමෙකු ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේනම්
එය බහුලීකත කරන්නේ නම්,
රජවරු හෝ රජමහ ඇමතියෝ හෝ
මිත්‍රයෝ හෝ අසල්වැස්සෝ හෝ
නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ
‘පින්වත් පුරුෂය,
මෙසේ කුමක් හෙයින් නුඹ කසා වස්ත්‍ර දරන්නෙහිද?
කුමක් හෙයින් හිස මුඩුකොට කබලක් ගෙන සිඟමින් හැසිරෙන්නෙහිද?
එව, ගිහියෙක්ව, භෝග සම්පත්ද අනුභව කරව. පිංද කරවයි’
කියන්නාහු නම්
මහණෙනි,
ඒකාන්තයෙන් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නාවූ
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නාවූ
ඒ භික්ෂුව ශික්ෂාව (උපසම්පදාව) ප්‍රතික්ෂේපකොට
ගිහි බවට පෙරළෙන්නේය යන්න සිදු නොවෙයි.
ඊට හේතුව කවරේද?
මහණෙනි,
ඔහුගේ සිත බොහෝ කලක් මුළුල්ලෙහි
විවේකයට නැමුණු විවේකයට හැරුණු
විවේකයට බරවූ, නිවනම අරමුණු කල සිතක් නිසාය.
මහණෙනි,
තොප කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත මාර්ගය වැඩිය යුතුද?

මෙසේ තොපද ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩව් යයි” වදාළසේක.
By SN 05- 01-14-01. බල සූත්‍රය