SINHALA TIPITAKA

SN 05-01-15


Listen Later

ඒසනා වර්ගය
ඒසනා වර්ගයෙහි – 
කාමෙසනා = කාමයන් සෙවීම, සොයා බැලීම, පරීක්ෂාව, ප්‍රාර්ථනා කිරිම. 
භවෙසනා = භවයන් සෙවීම. 
බ්‍රහ්මචරියෙසනා = මිථ්‍යාදෘෂ්ටි සංඛ්‍යාත බ්‍රහ්මචර්යාව සෙවීම.
(විවේක නිශ්‍රිත ආදී වශයෙන් අභිඤ්ඤා, පරිඤ්ඤා, පරික්ඛය, පහාන වශයෙන් ද, එක් එක් සූත්‍රයක් දහසය අයුරින් දහසය අයුරින් කොට එක්සිය සැට සූත්‍ර දේශනාවන් විස්තර කළ යුත්තේය.)

SN 05-01-15-01. ඒසනා සූත්‍ර
SN 05-01-15-02. විධා සූත්‍ර
SN 05-01-15-03. ආසව සූත්‍ර
SN 05-01-15-04. භව සූත්‍ර
SN 05-01-15-05. දුක්ඛතා සූත්‍ර
SN 05-01-15-06. ඛීල සූත්‍ර
SN 05-01-15-07. මල සූත්‍ර
SN 05-01-15-08. නීඝ සූත්‍ර
SN 05-01-15-09. වේදනා සූත්‍ර
SN 05-01-15-10. තණ්හා සූත්‍ර

SN 05-01-15-01. ඒසනා සූත්‍රය

[ඒසනා :
පෙර කල පුණ්‍ය පාරමී ඇති, බුද්ධිමත්, මනුෂ්‍යයන් ලොව ඉතා අල්පය. ඉතා බොහෝ පිරිස මෙලොව ඉපිද පස් කම් සැප හැර අන් සැපයක් ගැන නොදන්නා නිසා තිරිසන් සතුන් මෙන් ජීවත්ව දරු පරපුරක් තනා ඔවුනට ද සැප සලසමු යයි කියමින් සල්ලි හම්බ කරමින්ම පරලොව යයි. පෙර කී ස්වල්ප දෙනා මේ ලොව ගැන එසේ ඇලුම් නොකොට මෙහි කුමක් හෝ අවුලක් ඇති බව දැනී ඒ මොන අවුලක්දැයි සොයයි. ඒ සෙවීම “ඒසනා” වයි. ප්ර්යේෂනයයි. එසනා කරන්නේ පින් ඇත්තෝමය.

ඉන් ඉතා සුළු කොටසක් හැර බොහෝ දෙනා පළමු කාණ්ඩයට එක්ව පංච කාමයන් වැළඳීම හෝ පංච කාමයන් හා මුළුමනින් උරණවීමට පෙළඹෙයි. සමහරෙක් මීළඟ භවය හොඳ එකක් කර ගන්නට පිළිවෙතක් සොයයි. ඒ දෙවන කාණ්ඩයේ සොයන්නෝය. සමහරෙක් යම් කිසි ආචාර්යවරයෙකු ගේ ධර්මයක් අසා ඉන් පැහැද මේ නම් හරි මාර්ගය යයි පිළිගෙන නොමග යයි. බුදුන් කල හුන් ෂඩ් සාස්තෘන් අනුගමනය කල නැණවතුන් උගතුන් එදා බොහෝය. අද කාලයේද අධර්මය දෙසනා කරන වන්චනිකයන් රහතුන් ය බුදුන්ය කියමින් රැවටෙන්නෝ බොහෝය. ඒ මෙහි සඳහන් තුන් වල කණ්ඩායමය.]

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්හ. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

[2] “මහණෙනි,
මේ සෙවීම් තුනකි.
කවර තුනක්ද?

  • කාමයන්ගේ සෙවීම,
  • භවයාගේ සෙවීම,
  • (මිථ්‍යාදෘෂ්ටි සංඛ්‍යාත)
    බ්‍රහ්මචරියාවන් සෙවීම
  • කියායි.

    මහණෙනි, මේ වනාහි ත්‍රිවිධ ඒසනාවෝයි (සෙවීම් තුනයි).

    [කාමය සෙවීම:

    භාර්යාවෝය, දූ දරුවෝ ය, සහෝදර සහෝදරියෝ ය, ඥාති මිත්‍රයෝ ය, ආහාරපාන වස්ත්‍රාභරණයෝ ය, යාන වාහන හා නොයෙක් ආකාර පරිභෝග භාණ්ඩයෝ ය, ගී නැටුම් – ගැයුම් හා නොයෙක් ආකාර ක්‍රීඩාවෝ ය, රන් රිදී මුතු මැණික් හා මිල මුදල් ය යන මේ ආදි සත්ත්වයන් ඇලුම් කරන සොයන යමක් වේ නම්, ඒ සියල්ලට ම ‘කාමය’ යි කියනු ලැබේ. ඒ සියල්ල රූප – ශබ්ද – ගන්ධ – රස – ස්ප්‍ර‍ෂ්ටව්‍ය යන පසට ඇතුළු කොට ‘පඤ්චකාමය’ යි කියනු ලැබේ. එක් අතෙකින් මේ පඤ්ච කාමය ඉතා ආස්වාදනීය දෙයකි. තවත් අතෙකින් ඒ පඤ්චකාමය සත්ත්වයන්ට ඇති මහත් ම නපුර ද වේ.

    සසර කලකිරී මහත් පරිත්‍යාගයන් කොට බුදු සස්නෙහි පැවිදි වන කුලපුත්‍ර‍යන්ට පසු කලකදී ශාසනයෙන් බැහැර වීමට හේතු වන්නේ ද, පැවිදි ව සිට ගෙන නොයෙකුත් දුෂ්ප්‍ර‍තිපත්වලට යෙදෙන්නට හේතු වන්නේ ද මේ පඤ්ච කාමය ම ය. වරක් පඤ්ච කාමාශාව දුරු කොට පැවිදි වුව ද සිහියෙන් යුක්ත නො වන කාමයන් ගේ ආදීනවය නැවත නැවත සිහි නො කරන පැවිද්දන්ට අත්හළ කාමය ගැන නැවත ආශාව ඇති වී සිවුරු හැර යන්නට සිදුවිය හැකි ය. ශාසනය තුළ සිට ගෙන දුෂ්ප්‍ර‍තිපත්තියෙහි යෙදෙන්නට ද සිදු විය හැකි ය. එසේ නො වනු පිණිස පැවිද්දන් විසින් කාමයන් ගේ ආදීනවය හොඳින් දැන ගත යුතු ය. වරින් වර එය සිහි කළ යුතු ය. කාමයන් ගේ ආදීනවය තථාගතයන් වහන්සේ මෙසේ වදාරා ඇත්තේ ය…. MORE]

    [භව එසනාව්:
    භවගත වූ සත්වයෙකුට මුහුණපෑමට සිදුවන දුක භව දුක්ඛය හෙවත් භව දුක නමින් හැඳින්වේ. මෙම භව දුක හඳුනා ගැනීම සඳහා “භව“ යන්නෙන් අදහස් වන්නේ කුමක්දැයි පැහැදිලි කර ගැනීම අවශ්‍යය. භවය යන පදයත් සමඟ දුක යන අත්දැකීම ද එකට බැඳී ඇත. එකක් අනෙකෙන් වෙන්කොට විග්‍රහ කළ නොහැකි ය. අනෙක් අතින් භවය හා ජාතිය (ඉපදීම) යන පද දෙකෙන් ජාති දුක්ඛය තේරුම් ගැනීම පහසු වන අතර භව දුක්ඛය තේරුම් ගැනීම එතරම් පහසු නැත. එහෙයින්ම ‘භවදුක්ඛ’ යන යෙදුම බුද්ධ දේශනාවේ බහුලව යෙදී නැත. ඒ වෙනුවට භවතණ්හා, භවනෙත්ති යනාදී පදවලින් භවය විස්තර කොට දුක්ඛ යන තනි පදයෙන් සමස්ත භවයම දුකක් බව පෙන්වා දී ඇත. ඉන් එක් අවස්ථාවක් ලෙස “ මහණෙනි, ස්වල්පමාත්‍ර වූ ද අශුචි දුගඳ වේ, මහණෙනි, මෙබඳු වූ භවය ස්වල්ප මාත්‍රයක් වත්, ඇසිල්ලක් තරම් කාලයක්වත් වර්ණනා නො කරමි” යනුවෙන් බුදුරදුන් විසින් කරන ලද ප්‍රකාශය දැක්විය හැකිය. භවය දුකක් වන්නේ කෙසේදැයි ආගමික දාර්ශනික හා මනෝවිද්‍යාත්මක ආදී පසුබිම් ඔස්සේ පරීක්ෂා කිරීමෙන් අවබෝධ කර ගත හැකි ය.

    මහණෙනි,
    මේ ත්‍රිවිධ ඒසනාවන් දැනගැනීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.
    කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද?

    [3] “මහණෙනි,

    • විවේකය , විරාගය , නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩව්.
    • විවේකය , විරාගය , නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සංකල්පය වඩව්.
    • විවේකය , විරාගය , නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් වචනය වඩව්.
    • විවේකය , විරාගය , නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් කර්මාන්තය වඩව්..
    • විවේකය , විරාගය , නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් ආජීවය වඩව්..
    • විවේකය , විරාගය , නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් ව්‍යායාමය වඩව්.
    • විවේකය , විරාගය , නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සතිය වඩව්..
    • විවේකය , විරාගය , නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සමාධිය වඩව්.
    • [4] “මහණෙනි,
      මේ ත්‍රිවිධ සෙවීම් දැනගැනීම පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.

      [නිවන් ලැබීමට ඇත්තා වූ එක ම නොවරදින මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයය. නිවන් පසක් කරනු කැමති සත්පුරුෂයන් විසින් කල්‍යාණ මිත්‍ර‍යන් වූ බුදුවරයන් බුද්ධ ශ්‍රාවකයන් ඇසුරු කොට, පින් පව් හා පින් පව්වල විපාක හැඳින ගත යුතු ය. චතුරාර්ය සත්‍ය ධර්මය සැකෙවින් මුත් උගත යුතු ය. එසේ කර ගැනීම පළමුවන මාර්ගාඞ්ගය වූ සම්‍යග් දෘෂ්ටිය ඇති කර ගැනීමය. (චතුරාර්ය සත්‍යය මැනවින් දනු කැමැත්තෝ මෙම කතෘන් වහන්සේගේම “චතුරාර්ය සත්‍යය” පොත බලත්වා!)

      ඉක්බිති දෙවන මාර්ගාංගය සම්පූර්ණ කරනු පිණිස කාමයන් හළ යුතු ය. කාමයන් හැර දැමීම නම් ගිහි ගෙයින් නික්ම පැවිදි වීම ය. එක වරට ම සියලු කාමයන් නො හැරිය හැකි පින්වතුන් විසින් පෙහෙවස් සමාදන් වීම් ආදියෙන් නෛෂ්ක්‍ර‍ම්‍යය පුරුදු කළ යුතු ය. නෛෂ්ක්‍ර‍ම්‍යයෙන් ලෝභය දුරුවේ. ද්වේෂය දුරු වනු පිණිස සකල සත්ත්වයනට මෙත් වැඩීම ද, දුඃඛිත සත්ත්වයනට කරුණා කිරීම ද පුරුදු කළ යුතු ය. එසේ කිරීමෙන් සම්‍යක් සංකල්ප මාර්ගාඞ්ගය පිරේ.

      ඉක්බිති වචනයෙන් සිදු වන පව් සතර හැර වාක් කර්මය ද කයින් සිදුවන පව් තුන හැර කාය කර්මය ද පිරිසිදු කර ගත යුතු ය. දිවි පැවැත්වීමට පව්කම් නො කොට ආජීවය පිරිසිදු කර ගත යුතුය. එසේ කිරීමෙන් සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යගාජීවය යන අංග තුන පිරේ.

      කාමයන් හැර සිල් රක්නා සත්පුරුෂයා විසින් පව් නො කිරීම නිසා කොතරම් අමාරුකම් ඇති වුවත් ඒවා ඉවසමින් මහත් වූ වීර්‍ය්‍යයෙන් ශීලය රක්ෂා කළ යුතු ය. පව් හැර ජීවත්වන්නහුට සමහර විට ආහාර පානාදිය දුර්ලභ විය හැකි ය. එසේ වූ කල්හි සාගින්න ඉවසිය යුතුය. පිපාසාව ඉවසිය යුතු ය. කොතරම් නීරස ආහාරයක් වුව ද වැළඳීමට මැළි නො විය යුතු ය. භික්ෂුවක් නම් වැස්සේ තෙමෙමින් වුව ද පිඬු සිඟා ගැනීමට මැළි නො විය යුතු ය. පහසුව සඳහා පාපයක් නො කළ යුතු ය. එසේ වීර්යයෙන් ශීලය රක්ෂා කිරීම ද වත පිළිවෙත කිරීම ද භාවනාවෙහි යෙදීම ද සම්‍යග් ව්‍යායාමය පිරීම ය.

      නිවන් සොයන තැනැත්තා විසින් සිල් රැකීමෙන් ම නො නැවතිය යුතුය. පෘථග්ජනයාගේ ශීලය ස්ථිර වූවක් නො වේ. පෘථග්ජනයා කාමයන් හැර පැවිදිව කොතරම් උග්‍ර‍ තපස් ඇතියකු වුව ද නැවත පස්කම් සුව විඳින්නකු විය හැකි ය. දුශ්ශීලයකු විය හැකිය. එබැවින් සිල් රකිමින් ම මතු නූපදනා පරිදි කෙලෙසුන් නැති කිරීම සඳහා කළ යුතු වැඩවල වහ වහා යෙදිය යුතු ය. මතු ඇති නොවන පරිදි කෙලෙසුන් නැසිය හැක්කේ ලෝකෝත්තර මාර්ගය ඇති කර ගැනීමෙනි. ලෝකෝත්තර මාර්ගය ඇති කර ගනු පිණිස කර්මස්ථාන දායක ආචාර්යවරයකුගේ උපදෙස් පිට භාවනාවෙහි යෙදිය යුතු ය. සතිපට්ඨාන භාවනාවෙහි යෙදීමෙන් සම්‍යක් ස්මෘති මාර්ගාඞ්ගය පිරේ.

      සතිපට්ඨාන භාවනාවෙහි යෙදීමෙන් දීර්ඝ කාලයක් නානාරම්මණයන්හි වික්ෂිප්ත ව පැවැත්තා වූ සිත බොහෝ දුරට සන්සිඳීමට පැමිණේ. ඉන්පසු සමාධිය දියුණු කරමින් ප්‍ර‍ථමධ්‍යාන සමාධිය, ද්විතීයධ්‍යාන සමාධිය, තෘතීයධ්‍යාන සමාධිය, චතුර්ථධ්‍යාන සමාධිය යන සමාධීන් අතුරෙන් එක් සමාධියක් හෝ සියල්ල ම හෝ උපදවා සම්‍යක් සමාධිය සම්පූර්ණ කළ යුතු ය. සතිපට්ඨාන හා සමාධි වැඩීම ලෙහෙසියෙන් කළ හැකි නොවේ. සැප විඳීමේ ආශාව හා අධික නින්ද ද හැර මහන්සි නො බලා භාවනාවෙහි යෙදෙන්නා හට සම්‍යක් සමාධිය පිරේ.

      මෙසේ ඒ ඒ මාර්ගාංග වෙන් වෙන් ව වඩා විදර්ශනා භාවනාවෙහි ක්‍ර‍මානුකූල ව යෙදෙන්නා වූ තැනැත්තාට මාර්ගාංග වැඩී සියලු ම මාර්ගාංග එක විට ම ලෝකෝත්තරත්වයෙන් පහළ වන්නා වූ අවස්ථාවක් පැමිණේ. එසේ පළමුවර පහළවීම සෝවාන් වීමය. දෙවන වර පහළවීම සකෘදාගාමී වීම ය. තුන්වන වර පහළවීම අනාගාමී වීම ය. සතර වන වර පහළවීම රහත් වීම ය. රහත්වීම නිවන් ලැබීම සඳහා පුරන ප්‍ර‍තිපත්තියේ අවසානය ය.

      ආර්ය අෂ්ටාංගික මාර්ගය සංක්ෂේප කළහොත් ශීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්‍ර‍ඥාස්කන්ධය යන මේ ස්කන්ධ තුන වේ. සම්‍යග්වචනය සම්‍යක්කර්මාන්තය සම්‍යගාජීවය යන මාර්ගාංග තුන සීලස්කන්ධයට ඇතුළු වේ. සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධිය යන මේ තුන සමාධිස්කන්ධයට ඇතුළු වේ. සම්‍යග් දෘෂ්ටිය සම්‍යක් සංකල්පය යන දෙක ප්‍ර‍ඥාස්කන්ධයට ඇතුළු වේ.

      SN 05-01-15-02 ඒසනා පරිඤ්ඤා සූත්‍රය

      ….. සම්මා දිට්ඨිය නැත්නම් දැක්ම නිවන් දකින්න , බණ භාවනා කරන්න යන ක්‍රමය හොඳට හදා ගන්න. ඔන්න මෙතනයි අපට අවශ්‍යම කාරණාව. මෙතනමයි අවශ්‍යම යතුර. මම පෙන්වන විශේෂම කාරණාවක්. නිවන් දකින්න, භාවනා කරන්න කියලා කරන්නේ අවශ්‍ය වන්නේ කුමක්ද කියන එක හොඳට දකින්න. දුක පිරිසිඳ දැකල, සමුදය දුරු කළ යුතුයි. මට ඕනෑ විදිහට තණ්හාව නැති කරන්න බැහැ. දුක පිරිසිඳ දැකලා, සමුදය දුරු කරලා, නිරෝධය සාක්ෂාත් කළ යුතුයි කියලා, මෙන්න මේකයි සම්මා දිට්ඨිය කියලා දැක්කා. ඉස්සෙල්ලාම සත්‍ය ඥානය , ඊට පස්සේ කෘත්‍ය ඥානය, කළයුතු වැඩසටහනක් තියෙනවා. ඔන්න දැන් මේ සත්‍ය දැනගත්තට පස්සේ දැන් මාර්ගය වඩන්න හම්බවෙන්නේ කොහොමද? READ

      (මෙතැන් සිට ඇති මේ වර්ගයේ සියලු සූත්‍රවල 1 වෙනි ඡේදය මේ වර්ගයේ මුල් සූත්‍රයේ 1 වෙනි ඡේදය මෙනි)

      “මහණෙනි,
      සෙවීම් තුනකි.
      කවර නම් තුනක්ද?
      කාමයන්ගේ සෙවීම,
      භවයාගේ සෙවීම,
      (මිථ්‍යාදෘෂ්ටි සංඛ්‍යාත)
      බ්‍රහ්මචර්යාවගේ සෙවීම කියායි.
      මහණෙනි, මේ වනාහි ත්‍රිවිධ සෙවීමය.

      මහණෙනි,
      මේ ත්‍රිවිධ සෙවීම් පිරිසිඳ දැනීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.
      කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද?

      මහණෙනි, මේ ත්‍රිවිධ සෙවීම් පිරිසිඳ දැනීම පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.

      [පරිඥඥා:
      (Pariññā) යනු යථාර්ථය හෙවත් ස්වභාවධර්මයේ සත්‍යය මැනවින් අවබෝධ කර ගැනීමයි. එය ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන විට දුක්ඛ සත්‍යයට අයත් නාම-රූප ධර්මයන්ගේ ලක්ෂණ මනා කොට පිරිසිඳ දැන ගැනීම සඳහා යොදා ගන්නා ප්‍රධානතම කෘත්‍යයකි. [1]

      පරිඥා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට (ත්‍රිවිධ පරිඥා) බෙදා දැක්වේ: [1]

      ඤාත පරිඥා:
      ලෝකයේ පවතින ස්කන්ධ, ධාතු ආදී සියලු දේ ස්වභාවයෙන්ම වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමයි (උදා: මෙය රූපයකි, මෙය වේදනාවකි ලෙස).
      තීරණ පරිඥා:
      හඳුනාගත් එම කරුණු සම්බන්ධයෙන්ම, ඒවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයට යටත් බවට මනාව විමසා තීරණයකට එළඹීමයි.
      ප්‍රහාණ පරිඥා:
      එම අවබෝධය තුළින් සංසාරික බැඳීම්වලට හේතු වන මායාවන්ගෙන් (උදා: නිත්‍ය යැයි ගැනීම) මිදී, කෙලෙස් දුරු කිරීමයි.

      SN 05-01-15-03 ඒසනා පරික්ඛය සූත්‍රය

      [පරික්ඛය යනු , ක්ෂය, විනාශවී යාම, ටිකෙන් ටික විනාශවී යාම.]

      “මහණෙනි,
      මේ සෙවීම් තුනකි.
      කවරනම් තුනක්ද?
      කාමයන්ගේ සෙවීම,
      භවයාගේ සෙවීම,
      (මිථ්‍යාදෘෂ්ටි සංඛ්‍යාත) බ්‍රහ්මචරියාවගේ සෙවීම කියායි.
      මහණෙනි, මේ වනාහි සෙවීම් තුනය.

      මහණෙනි,
      මේ ත්‍රිවිධ සෙවීම් ක්ෂය කිරීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
      කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද?

      “මහණෙනි, මේ ත්‍රිවිධ සෙවීම් ක්ෂයකිරීම පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.

      SN 05-01-15-04 ඒසනා පහාන සූත්‍රය

      “මහණෙනි,
      මේ සෙවීම් තුනකි. කවරනම් තුනක්ද?

      කාමයන්ගේ සෙවීම,
      භවයාගේ සෙවීම,
      (මිථ්‍යාදෘෂ්ටි සංඛ්‍යාත)
      බ්‍රහ්මචරියාවගේ සෙවීම යනුයි.

      මහණෙනි,
      මේ වනාහි ත්‍රිවිධ සෙවීම්ය.
      මහණෙනි, මේ ත්‍රිවිධ සෙවීම් පහකිරීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.

      කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්?

      “මහණෙනි, මේ ත්‍රිවිධ සෙවීම් පහකිරීම පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.

      SN 05-01-15-04 ඒසනා පහාන සූත්‍රය


      “මහණෙනි, මේ මානය පිළිබඳ කොටස් තුනකි. කවරනම් තුනක්ද යත්, ශ්‍රේෂ්ඨයෙක් වෙමි යන මාන කොටස, සමානයෙක් වෙමි යන මාන කොටස, හීනයෙක් වෙමි යන මාන කොටස යන මොහුයි. මේ වනාහී ත්‍රිවිධ මාන කොට්ඨාසයෝයි. මහණෙනි, මේ ත්‍රිවිධ කොට්ඨාසයන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂයකිරීම පිණිස ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්?

      (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)

      “මහණෙනි, මේ ත්‍රිවිධ මාන කොට්ඨාසයන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂයකිරීම පිණිස ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.


      SN 05-01-15-03. ආසව සූත්‍ර
      “මහණෙනි, මේ ආසවයෝ තිදෙනෙකි. කවරනම් තිදෙනෙක්ද යත්? කාමාසවය, භවාසවය, අවිජ්ජාසවය යන මොහුය. මහණෙනි, මේ ආසවයන් තිදෙනාගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂයකිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්?

      (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)

      “මහණෙනි, මේ ත්‍රිවිධ ආශ්‍රවයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂයකිරීම පිණිස, ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක


      SN 05-01-15-04. භව සූත්‍ර
      හණෙනි, මේ භව තුනකි. කවරනම් තුනෙක්ද යත්? කාම භවය, රූප භවය, අරූප භවය කියායි. මහණෙනි, මේ වනාහි භව තුනයි. මහණෙනි, ත්‍රිවිධ භවයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්?

      (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි)

      “මහණෙනි, මේ ත්‍රිවිධ භවයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි වදාළසේක.


      SN 05-01-15-05. දුක්ඛතා සූත්‍ර
      “මහණෙනි, මේ දුක්ඛ ස්වභාවයෝ තුනෙකි. කවර නම් තුනෙක්ද යත්? දුක්ඛ දුක්ඛ ස්වාභාවය, සංඛාර දුක්ඛ ස්වභාවය, විපරිනාම දුක්ඛ ස්වභාවය කියායි. මහණෙනි, මේ වනාහි දුක්ඛ ස්වභාවයෝ තුනය. මහණෙනි, මේ ත්‍රිවිධ දුක්ඛ ස්වභාවයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්?

      (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි)

      “මහණෙනි, මේ ත්‍රිවිධ දුක්ඛ ස්වභාවයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළ සේක.


      SN 05-01-15-06. ඛීල සූත්‍ර
      “මහණෙනි, මේ හුල් තුනෙකි. කවර නම් තුනෙක්ද යත්? රාගය නැමැති හුල, ද්වේෂය නැමැති හුල, මෝහය නැමැති හුල කියායි. මහණෙනි, මේ වනාහි හුල් තුනයි. මහණෙනි, මේ ත්‍රිවිධ හුල් දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්?

      (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි)

      “මහණෙනි, ත්‍රිවිධ උල් දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.


      SN 05-01-15-07. මල සූත්‍ර
      “මහණෙනි, මේ මල තුනකි. කවර නම් තුනක්ද යත්? රාග නමැති මලය, ද්වේෂය නමැති මලය, මෝහ නමැති මලය යන මොහුයි. මහණෙනි, මේ වනාහි මලයෝ තුනවේ. මහණෙනි, මේ ත්‍රිවිධ මලයන් දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්?

      (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි)

      “මහණෙනි, මේ ත්‍රිවිධ මල දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.


      SN 05-01-15-08. නීඝ සූත්‍ර
      “මහණෙනි, මේ උවදුරු තුනකි. කවරනම් තුනක්ද යත්? රාග නැමති උවදුර, ද්වේෂ නැමති උවදුර, මෝහ නැමති උවදුර යන මොහුය. මහණෙනි, මේ වනාහි උවදුරු තුනයි. මහණෙනි, මේ ත්‍රිවිධ උවදුරු දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්?

      (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.)

      “මහණෙනි, මේ ත්‍රිවිධ උවදුරු දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.


      SN 05-01-15-09. වේදනා සූත්‍ර
      “මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර නම් තුනක්දයත්? සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛ අදුක්ඛම සුඛ වේදනාව යන මොහුයි. මහණෙනි, මේ වනාහි වේදනා තුනයි. මහණෙනි, මේ ත්‍රිවිධ වේදනාවන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්දයත්?

      (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි)

      “මහණෙනි, මේ ත්‍රිවිධ වේදනාවන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩියයුතු යයි” වදාළසේක


      SN 05-01-15-10. තණ්හා සූත්‍ර
      “මහණෙනි, මේ තණ්හා තුනකි. කවරනම් තුනක්ද යත්? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන මොහුයි. මහණෙනි, මේ වනාහි තණ්හා තුනයි. මහණෙනි, මේ තෘෂ්ණා තුන දැනීම පිණිස, පිරිසිඳ දැනුම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්දයත්?

      (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි)

      “මහණෙනි, මේ ත්‍රිවිධ තෘෂ්ණාවන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුත්තේ යයි” වදාළසේක.

      SN 05-01-15-11. තසිනාසුත්තං

      තිස්සො 
      ඉමා, භික්ඛවෙ, තසිනා. කතමා තිස්සො? කාමතසිනා, භවතසිනා, විභවතසිනා. ඉමාසං ඛො, භික්ඛවෙ, තිස්සන්නං තසිනානං අභිඤ්ඤාය පරිඤ්ඤාය පරික්ඛයාය පහානාය…පෙ…. 
      රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං…පෙ…. අමතොගධං අමතපරායනං අමතපරියොසානං…පෙ…. 
      නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං. ඉමාසං ඛො, භික්ඛවෙ, තිස්සන්නං තසිනානං අභිඤ්ඤාය පරිඤ්ඤාය පරික්ඛයාය පහානාය…පෙ…. අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො’’ති. එකාදසමං.

      ...more
      View all episodesView all episodes
      Download on the App Store

      SINHALA TIPITAKABy