Sign up to save your podcasts
Or

SN 05-02-07-01 . අට්ඨික සූත්‍රය
SN 05-02-07-02. පුළවක සූත්‍රය
SN 05-02-07-03. විනීලක සූත්‍රය
SN 05-02-07-04. විච්ඡිද්දක සූත්‍රය
SN 05-02-07-05. උද්ධුමාතක සූත්‍රය
SN 05-02-07-06. මෙත්තා සූත්‍රය.
SN 05-02-07-07. කරුණා සූත්‍රය
SN 05-02-07-08. මුදිතා සූත්‍රය.
SN 05-02-07-09. උපෙක්ඛා සූත්‍රය
SN 05-02-07-10. ආනාපානසති සූත්‍රය.
SN 05-02-07-01 . අට්ඨික සූත්‍රය
ඇට ම අට්ඨික ය. පිළිකුල් බැවින් කුත්සිත ඇට හෝ අට්ඨික ය.
ඇටසැකිල්ල ට ද එක ඇටයකට ද මේ නමි.
“මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව (ඇටය යන හැඟීම) මහත් ඵල ඇත්තී වෙයි.
මහත් අනුසස් ඇත්තීවෙයි.
මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ
කෙසේ බහුල ලෙස වඩන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව මහත්ඵල වේද ,
මහත් අනුසස් ඇති වෙයිද?
“මහණෙනි,
“මහණෙනි,
මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල ලෙස වඩන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව මහත්ඵල වෙයි. මහත් අනුසස් වෙයි

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ පුළවක සඤ්ඤාව (පණුවන් පිරුණාවූ මළසිරුර යන හැඟීම) මහත් ඵල ඇත්තී වෙයි.
මහත් අනුසස් ඇත්තීවෙයි.
මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ
කෙසේ බහුල ලෙස වඩන ලද්දාවූ පුලවක සඤ්ඤාව මහත්ඵල වේද ,
මහත් අනුසස් ඇති වෙයිද?
“මහණෙනි,
“මහණෙනි,
මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල ලෙස වඩන ලද්දාවූ පුළවක සඤ්ඤාව මහත්ඵල වෙයි. මහත් අනුසස් වෙයි.
SN 05-02-07-03. විනීලක සූත්‍රය
විනීලක නම් විපරිභිත්න වර්‍ණ ඇත්තේය. හෙවත් සුදු-රත් ආදියෙන් මිශ්‍ර වර්‍ණ ඇත්තේ යි. පූර්‍ව වර්‍ණයෙන් පෙරලි ගිය වර්‍ණ ඇත්තේ හෝ විනීල ය. විනීලය ම හෝ කුත්සිත විනීල හෝ විනීලක ය. මෙයින් උස් මස් ඇති තන්හි රත් පැහැ වූ, පූයා රැස් වැ සිටි තන්හි සුදු පැහැ වූ, බොහෝ සෙයින් නිල් පැහැති තන්හි නිල් පට පෙරවියාක් බඳු වූ මළ සිරුර කී නියා දත යුතු.

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ විනීලක සඤ්ඤාව (වෙනස්වූ වර්ණ ඇති මළ සිරුර යන හැඟීම) මහත් ඵල ඇත්තී වෙයි.
මහත් අනුසස් ඇත්තීවෙයි.
මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ
කෙසේ බහුල ලෙස වඩන ලද්දාවූ විනීලක සඤ්ඤාව මහත්ඵල වේද ,
මහත් අනුසස් ඇති වෙයිද?
“මහණෙනි,
“මහණෙනි,
මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල ලෙස වඩන ලද්දාවූ විනීලක සඤ්ඤාව මහත්ඵල වෙයි. මහත් අනුසස් වෙයි
SN 05-02-07-04. විච්ඡිද්දක සූත්‍රය
දෙකඩ කොටැ කැපීමෙන් වෙන් කරන ලද්දේ විච්ඡිද්ද ය. විච්ඡිද්ද ම හෝ කුත්සිත විච්ඡිද්ද හෝ විච්ඡිද්දක ය. මැදින් කපා ලූ මළ සිරුරට මේ නමි.

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ විච්ඡිද්දක සඤ්ඤාව (දෙකඩකොට වෙන්කරන ලද මළසිරුරය යන හැඟීම) මහත් ඵල ඇත්තී වෙයි.
මහත් අනුසස් ඇත්තීවෙයි.
මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ
කෙසේ බහුල ලෙස වඩන ලද්දාවූ විච්ඡිද්දක සඤ්ඤාව මහත්ඵල වේද ,
මහත් අනුසස් ඇති වෙයිද?
“මහණෙනි,
“මහණෙනි,
මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල ලෙස වඩන ලද්දාවූ විච්ඡිද්දක සඤ්ඤාව මහත්ඵල වෙයි. මහත් අනුසස් වෙයි
SN 05-02-07-05. උද්ධුමාතක සූත්‍රය
[සුළං පිරිණු සමක් මෙන් මරණින් පසු අනුක්‍රමයෙන් නැගුණු ඉදිමීමෙන් යුක්ත වූයේ උද්ධමාත ය. උද්ධමාතය ම උද්‍ධුමාතක ය. පිළිකුල් හෙයින් කුත්සිත් වූ උද්ධුමාතය හෝ උද්ධුමාතක ය. මුල කීයේ ස්වාර්ථයෙහි ක ප්‍රත්‍යය ය. දෙ වැනි වැ කීයේ කුත්සිතාර්ථයෙහි ක ප්‍රත්‍යය යි. මෙයින් ඉදිමි ගිය මළ සිරුර කී නියා දත යුතු.]

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ උද්ධුමාතක සඤ්ඤාව (ඉදිමුනු මළසිරුර යන හැඟීම) මහත් ඵල ඇත්තී වෙයි.
මහත් අනුසස් ඇත්තීවෙයි.
මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ
කෙසේ බහුල ලෙස වඩන ලද්දාවූ උද්ධුමාතක සඤ්ඤාව මහත්ඵල වේද ,

උද්ධුමාතක අසුභය වඩන ආකාර
උද්ධුමාතක සරීරයෙහි (ද්‍විවිධ වූ) උද්ධුමාතක නිමිති උපදවා උද්ධුමාතක සංඛ්‍යාත ධ්‍යානය වඩනු කැමැති යෝගී විසින් පඨවි කසිණයෙහි කී සේ ප්‍රිය ගුරුභාවනීයාදි ගුණ සම්පන්න ආචාර්‍ය්‍යයන් විසිනුදු ඒ යෝගි හට අසුභ නිමිත්ත සඳහා යා යුතු සැටි ද, මළකුණ හාත්පස නිමිති සැලකිය යුතු සැටි ද, එකොළොස් ආකාරයෙන් නිමිති ගතයුතු සැටි ද, යන එන මඟ සැළකිය යුතු සැටි දැයි මෙසේ අර්‍ථණාවශාන කොටැ ඇති සියල්ල කියා දිය යුතු. යෝගී විසිනු දු සියල්ල මනා වැ ඉගෙනැ නාතිදූරාදි පෙර කී ආකාර සේනාසනයක් කරා එළඹැ උද්ධමාතක නිමිත්තයක් සොයමින් විසිය යුතු ය. එසේ වසන්නාහු විසිනු දු අසවල් ගම් දොර හෝ වල්මුව හෝ මඟ හෝ පර්‍වත පාදයෙහි හෝ රුක් මුල හෝ සොහොනෙහි හෝ උද්ධුමාතක සරීරයක් ඇතැයි කියන්න වුන්ගේ බස් අසා පිරුණු නදී ආදියට නො තොටින් බස්නකු සේ ලහි ලහියේ නො යා යුතු. කුමක් හෙයින් ද මළ මිනියට චණ්ඩ මෘගයෝ හෝ අමනුෂ්‍යයෝ හෝ අරක් ගෙනැ සිටිති. එයින් ඔහුගේ ජීවිත විනාශය හෝ වන්නේ ය. තව ද ගමන් මඟ ගම් දොරින් නගන තොටින් හෝ කුඹුර අද්දරින් හෝ විණි නම් හැල් ගෙවිලිය ආදි විසභාග රූප හෝ ආපාථයට එන්නේ ය. ඇතැම් විට ඒ සිරුර ම විසභාග වන්නේ ය. පුරුෂයා හට ස්ත්‍රී ශරීරය ද ස්ත්‍රීහට පුරුෂ ශරීරය ද විසභාග ය. එය අළුත මළ එකක් නම් ශුභ වශයෙන් වැටහී යාමෙන් බ්‍රහ්ම චරියන්තරාය හෝ වන්නේ ය. “මා වැන්නේකුට මෙය බැරි නොවේ ය” යි ඉදින් තමා සැලකේ නම් එවැන්නක් විසින් විසභාගා රමමණය කරා ද යා යුතු. එසේ යන්නහු විසින් සංඝස්ථවිරයන්ට හෝ අන්‍ය ප්‍රසිද්ධ භික්‍ෂුවකට හෝ දන්වා යා යුතු. කුමක් හෙයින් ද සොහොනෙහි අමනුෂ්‍යයන්ගේ හෝ සිංහ ව්‍යාඝ්‍රාදීන්ගේ හෝ රූප ශබ්දාදි අනිෂ්ටාරම්මණයකින් පීඩිත වූ ඒ යෝගී භික්‍ෂුහුගේ අඟ පසඟ හෝ වෙවුලා නම් කෑ අහර හෝ නැඟී ඒ නම් අන්‍ය ආබාධයෙක් හෝ වේ නම් ඒ සංඝස්ථවිර හෝ අන්‍ය ප්‍රසිද්ධ භික්‍ෂු හෝ ඔහු සතු විහාරයෙහි සිව්රු රැක ගනිති. දහර භික්‍ෂූන් හෝ සාමණේරයන් හෝ යවා පිළියම් කරවති. තවද සොහොන් භූමිය නම් නිසැක තැනෙකැ යි සිතා සොරකම් කළා වූ ද නොකළා වූ ද සොරු එහි රැස් වෙති. මිනිසුන් විසින් ලුහුබඳනා ලද සොරු භික්‍ෂු ළඟ බඩු දමා ලා පලා යෙති. මිනිස්සු බඩු සහිත සොරා දුටුම්හ යි ඔහු අල්ලා ගෙනැ පෙළා ලති. එබන්දෙක් විණි නම් ඒ තෙරහු “මේ භික්‍සුහට පීඩා නො කරවු. මේ අපට දන්වා මෙ බඳු වැඩක් සඳහා එහි ගියේ ය”යි කියා මිනිසුන්ට දන්වා සැනසුම් ලබා දෙති. දන්වා යාමෙහි මේ අනුසයි. එබැවින් යට දැක්වුණු සේ භික්‍ෂු නමකට දන්වා අසුභ නිමිත්තයක් දැකීමෙහි අභිලාෂ ඇත්තහු විසින් අභිෂේක ශාලාවට යන ක්‍ෂත්‍රියකු සේ යාග ශාලාවට යන යාජකයකු සේ නිධි ස්ථානයට යන දුගියකු සේ ප්‍රීති සොම්නස් උපදවා අටුවාහි දැක්වුණු සැටියෙන් යා යුතු.
අටුවායෙහි මෙසේ දක්වන ලදී.
“උද්ධුමාතකං අසුභනිමිත්තං උග්ගණහන්තො එකො අදුතියො ගච්ඡති, උපට්ඨිතාය සතියං අපම්මුට්ඨාය, අන්තොගතෙහි ඉන්‍ද්‍රියෙහි අබහිගතෙන මානසෙන ගතාගතමග්ගං පච්චවෙක්ඛමානො, යස්මිං පදෙසෙ උඬුමාතකං අසුභ නිමිත්තං නික්ඛිත්තං හොති. තස්මිං පදෙසෙ පාසාණං වා වම්මික වා රුක්ඛං වා ගච්ඡං වා ලතං වා සතිමිත්තං කරොති. සාරම්මණං කරොති. සනිමිත්තං කත්‍වා සාරම්මණං කත්‍වා උඬුමාතකං අසුභ නිමිත්තං සභාවභාවතො උපලක්ඛෙති. වණ්ණතො පි ලිඞ්ගතො පි සණ්ඨානතො පි දිසතො පි ඔකාසතො පි පරච්ඡෙදතො පි සන්‍ධිතො පි විවරතො නින්නතො ථලතො සමන්නතො. සො තං නිමිත්තං සුග්ගහිතං කරොති. සූපධාරිතං උපධාරෙති. සුවවත්‍ථිතං වවත්‍ථපෙති. සො තං නිමිත්තං සුග්ගහිතං කත්‍වා සූපධාරිතං උපධාරෙත්‍වා සුවවත්‍ථිතං වවත්‍ථපෙත්‍වා එකො අදුතියො ගච්ඡති උපට්ඨිතාය සතියා අසම්මුට්ඨාය අන්තොගතෙහි ඉන්‍ද්‍රියෙහි අබහිගතෙන මානසෙන ගතාගත මග්ගං පච්චවෙක්ඛමානො. සො චද්‍ධකමන්තො පි තබ්හා ගියඤ්ඤෙච වඞ්කමං අධිට්ඨාති. නිසීදන්තො පි තබ්හාගියඤ්ඤෙච ආසනං පඤ්ඤාපෙති.
මෙහි සංක්‍ෂිප්තාර්‍ථය මෙසේ ය:-
‘උද්ධුමාතක අසුභ නිමිත්ත උගන්නා යෝගාවචර නො මුළා වැ එළඹැ සිටි සිහියෙක් යුක්ත වැ සංවර වූ ඉන්‍ද්‍රියයෙන් යුක්ත වැ බැහැරැ නුලු සිතින් යුක්ත වැ ගිය – ආ මඟ සලකමින් හුදෙකලා වැ යන්නේ ය. ඒ උද්ධුමාතක නිමිත්ත තිබුණු පෙදෙසෙහි පිහිටි ගල හෝ තුඹස හෝ රුක හෝ පඳුර හෝ වැල හෝ සනිමිත්ත කරන්නේ ය. සාරම්මණ කරන්නේ ය. සනිමිත්ත කොටැ සාරම්මණ කොටැ ඒ අසුභ නිමිත්ත සභාග හෙයින් සලකුණු කරන්නේ ය. හේ එය වර්‍ණ, ලිඞ්ග, පණ්ඨාන, දිසා, ඔකාස, පරිච්ඡේද, සන්‍ධි, විවර, නින්න, ඵල, සමන්ත යන ආකාරයෙන් සුග්ගහීත-සූපධාරිත-සුවවත්‍ථිත කරන්නේ ය. එසේ සුග්ගහීත-සූපධාරිත-සුවවත්‍ථිත කොටැ නො මුළා වැ එළඹ සිටි සිහියෙන් සංවර වූ ඉන්‍ද්‍රියයෙන් බැහැර නො වූ සිතින් ආ ගිය මඟ සලකමින් හුදෙකලා වැ යන්නේ ය. හේ සක්මන් කරන්නේ ද ඒ අසුභ නිමිත්ත මනස්කාර සහිත වැ ම සක්මන කරන්නේ ය. හිඳින්නේ ද ඒ මනස්කාර සහිත වැ ම හිඳින්නේ ය.
හාත්පස නිමිති සලකුණු කැරැ ගැන්ම කවර අර්‍ථයක් ආනිසංසයක් පිණිස ද, අසමේමාහ පිණිස ය අසමේමාහානිසංස පිණිස ය.
එකොලොස් ආකාරයෙන් නිමිති ගැන්ම කවර අර්‍ථයක් ආනිසංසයක් පිණිස ද, අසූභාරම්මණයෙහි සිත එළවා බැඳීම පිණිස ය. ඒ ආනිසංස පිණිස ය.
ආ ගිය මඟ සැලකීම කවර අර්‍ථයක් කවර ආනිසංසයක් පිණිස ද, කර්‍මස්ථාන වීථියට මනා කොටැ පිළිපැදීම පිණිස ය. එම ආනිසංස පිණිස ය.
ඒ යෝගාවචර ආනිසංස දක්මින් රත්න සංඥා වැ ගෞරව උපදවා ප්‍රිය කරමින් “ඒකාන්තයෙන් මම මේ ප්‍රතිපදායෙන් ජරා මරණයෙන් මිදී ගන්නේමි”යි ඒ අරමුණෙහි සිත බැඳැලන්නේ ය. හේ වස්තුකාම කේලශකායෙන් වෙන් වැ -පෙ- ප්‍රථම ධ්‍යානය ලබා ගෙනැ වාසය කරන්නේ ය. ඔහු විසින් මෙසේ රූපාවචර ප්‍රථම ධ්‍යානය ලබා ගන්නා ලද්දේ වේ දිව්‍ය විහරණය ද භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තු ද ලබා ගන්නා ලද්දේ වෙයි.”
මේ අර්‍ථය ම මතු විස්තර කරති.
අටුවායෙහි මෙසේ දැක්වුණු හෙයින් යමෙක් තමාගේ අසංයත වූ සිත දමනය කැරැ ගැන්ම සඳහා මළ සිරුරු දක්නට යන්නේ නම් හේ ගෙඩිය ගසා ගණයා රැස් කරවා ගෙනැ ද යේවා. කර්‍මස්ථාන ශීර්‍ෂයෙන් යන්නහු විසින් එසේ නො කොටැ දෙවන්නකු හෝ නො ගෙනැ එකලා වැ මූල කර්‍මස්ථානය සිතින් නො හැරැ එම සිහි කරමින් සොහොනෙහි සුනඛාදීන්ගෙන් වන උපද්‍රව වළකනු සඳහා සැරයටිය හෝ අන්කිසි යෂ්ටියක් හෝ ගෙනැ මූල කර්‍මස්ථානය මෙනෙහි කිරීමෙන් නුමුළා සිහි ඇති වැ චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයන් මනා ව සංවර කොටැ ගෙනැ බැහැර නො ගිය සිහි ඇති වැ ගමන් කළ යුතු. |
විහාරයෙන් නික්මෙත් ම අසුවල් දිගැ අසුවල් දොරින් නික්මුණෙමි යි ද්වාරය සිහියේ තබා ගත යුතු. ඉක්බිති යම් මඟකින් යන්නේ නම් ඒ මඟ “මෙය නැගෙනහිරට අභිමුඛ ව ගියේ ය, මෙය බස්නාහිරට අභිමුඛ වැ ගියේ ය, මෙය උතුරු දිගට – මෙයට දකුණු දිගට – මෙය සතර අනු දිගට අභිමුඛ වැ ගියේ ය යි ව්‍යවස්ථා කැරැ ගත යුතු. තවද මෙතැන දී වමට ගියේ ය, මෙතැන දී දකුණට ගියේ ය, මෙ තැන ගල ය, මෙ තැන තුඹස ය, මෙ තැන රුක ය, මෙ තැන ගස ය, මෙ තැන වැල යයි මෙසේ ගමන් මඟ ව්‍යවස්ථා කැරැ ගනිමින් නිමිත්ත ස්ථානයට යා යාතු ය. එසේ යත ද උඩු සුළඟට නො යා යුතු. කුමක් හෙයින් ද උඩු සුළඟට යත් ම කුණු ගඳ නැහැයේ වැදී හිස් මුල් හෝ අලළන්නේ ය. ආහාර හෝ නංවන්නේ ය. මේ නියා කුණප ස්ථානයකට ආයෙමි යි විපිළිසර හේ දනවන්නේ ය. එබැවින් උඩු සුළඟ හැරැ යටි සුළඟට යා යුතු අතර ප්‍රපාතයෙක් හෝ පර්‍වතයෙක් හෝ පහණෙක් හෝ වැටෙක් හෝ කටුලැහැබෙක් හෝ දියකඩෙක් හෝ මඩ බිමෙක් හෝ වේ නම් එයින් උඩු සුළඟට යා නො හැකි නම් සිවුරු කනින් නැහැය වසා ගෙනැ යා යුතු.
මේ ඒ යෝගී හට ගමන් වත යි.
එසේ ගියහු විසින් ලා හෙලා අශුභ නිමිත්ත නො බලා දිසා ව්‍යවස්ථා කැරැ ගත යුතු. ඇතැම් දිසා භාගයෙක සිටියහුට අරමුණ විභූත වැ නො වැටහෙයි. සිත ද භාවනාවට යෝග්‍ය නො වෙයි. එබඳු දිසාභාග හැරැපියා අරමුණ විභූත වැ වැටහෙන සිත ද භාවනාවට යෝග්‍ය වන දිසාභාගයෙක සිටිය යුතු. එසේම වාතයට මුහුණ ලා ද පිටු පා ද නො සිටිය යුතු. වාතයට මුහුණ ලා සිටුත් ම කුණු ගඳින් පෙළීමෙන් සිත වික්‍ෂිප්ත වෙයි. වාතයට පිටුපා සිටුත් හොත් කුණපයට අධිගෘහිත අමනුෂ්‍යයෝ වූ නම් ඔහු කිපී අනර්ථ කරති. එබැවින් මඳක් අයින් වැ ඉතා අනුවාතයෙහි නො සිටිය යුතු. එසේ සිටින්නහු විසිනුදු ඉතා දුර වැ ද ඉතා ළං වැ ද නො සිටිය යුතු. පා ළඟ හෝ හිස ළඟ හෝ නො සිටිය යුතු. කුමක් හෙයින් ද ඉතා දුර වැ සිටින කල්හි අරමුණ විභූත නොවේ. ඉතා ළංවැ සිටින කල්හි බිය උපද්දි පාළඟ හෝ ඉස ළඟ හෝ සිටි කල්හි අසුභය මුළුල්ල නො පෙනෙයි. එබැවින් ඉතා දුරත් නොවැ ඉතා ළඟත් නොවැ පහසුයෙන් බැලිය හැකි මැද හරියේ සිටිය යුතු. එසේ සිටැ “තස්මිං පදෙසෙ පාසාණං වා -පෙ- ලතං වා සනිමිත්තං කරොති” යි අටුවායෙහි කී පරිදි නිමිති සැලකිය යුතු.
…. උද්ධුමාතක අසුභය වඩන ආකාර ..වීසුද්ධි මග්ගය
SN 05-02-07-06. මෙත්තා සූත්‍රය.
මා විසින් මෙසේ අසන ලදී.

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ‘මෛත්‍රිය මහත් ඵල ඇත්තී වෙයි.
මහත් අනුසස් ඇත්තීවෙයි.
මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ
කෙසේ බහුල ලෙස වඩන ලද්දාවූ ‘මෛත්‍රි භාවනාව මහත්ඵල වේද , ‘මෛත්‍රි භාවනාව
මහත් අනුසස් ඇති වෙයිද?
“මහණෙනි,
“මහණෙනි,
මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල ලෙස වඩන ලද්දාවූ මෛත්‍රිය මහත්ඵල වෙයි. මහත් අනුසස් වෙයි
මෛත්‍රී භාවනාව
අන්‍යයන්ට දුක් නො වෙනවාට සැප ඇති වෙනවාට යහපතක් වෙනවාට අනුන්ගේ යහපත් අදහස් ඉටු වෙනවාට අනුන් දියුණු වෙනවාට උසස් වෙනවාට කැමති බව මෛත්‍රිය ය. අන්‍යයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා යනාදීන් මෛත්‍රිය අන්‍යයන් කෙරෙහි නැවත නැවත පැතිරවීම: තවත් ක්‍රමයකින් කියත හොත් ස්වකීය චිත්තයෙන් අන්‍යයන්ට සෙත් කිරීම මෛත්‍රී භාවනාව නම් වේ. එය නොබෝ කලකින් ම ඵල දැකිය හැකි වන්නා වූ චතුර්ථ ධ්‍යානය තෙක් ගෙන යා හැක්කා වූ භාවනාවෙකි.
අන්‍යයන්ගේ සැපතට දියුණුවට විරුද්ධ ස්වභාවය වූ ඊර්ෂ්‍යාව උත්පත්තියෙන් ම පිහිටා තිබෙන්නා වූ මේ සත්ත්වයෝ ස්වභාවයෙන් ම අනුන්ගේ යහපතට නො කැමැත්තෝ ය. එබැවින් සත්‍ය වූ මෛත්‍රිය ඇති කර ගැනීම පහසු නො වේ. තමන්ගේ අඹුදරු ආදීන්ගේ සැපයට යහපතට කැමති බවක් මිනිසුන් කෙරෙහි ඇත්තේ ය. එය මෛත්‍රිය නොව මෛත්‍රියේ මුහුණුවර ඇති රාගය ය. එය මෛත්‍රියට සතුරු ධර්මයෙකි. වැඩිය යුත්තක් නො ව දුරු කළ යුත්තකි. “අපේ කෙනෙක අපට හොඳ කෙනෙක” යන ඇල්ම වූ හිතවත් බව රාගය ය. අල්පමාත්‍ර ඇල්මකුදු නැති ව අනුන්ගේ යහපත කැමති බව ම සැබෑ මෛත්‍රිය ය. මෛත්‍රිය යි වරදවා ගෙන තමාගේ අඹු දරු ආදීන් පිළිබඳ වූ රාගය දියුණු කරන්නට නො යනු. සත්‍ය වශයෙන් අනුන් සුවපත් කරවීමේ කැමැත්ත නැති ව “සත්ත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා” යි කොතෙක් කීව්ත සිතුවත් එයින් ඵලයක් නො දැකිය හැකිය. මෛත්‍රිය වනාහි වඩන තැනැත්තා ය, මෙත් කරනු ලබන සත්ත්වයෝ ය, යන දෙපක්ෂයට ම ලැබෙන ඵල ඇති භාවනාවෙකි. දෙපක්ෂයට ම ඒ ඵල ලැබෙන්නේ සත්‍ය වූ මෛත්‍රියෙනි. සත්‍ය වූ මෛත්‍රිය වැඩිය යුතු සැටි:
“මාතා යථා නියං පුත්තං –ආයුසා ඒක පුත්ත මනුරක්ඛෙ
එවම්පි සබ්බ භූතේසු– මානසං භාවයේ අපරිමාණං”
යනුවෙන් මෛත්‍රී සූත්‍රයෙහි වදාරා තිබේ. “දරුවාගේ යහපත පිණිස තමාගේ ජීවිතය වුව ද පරිත්‍යාග කරන්නා වූ එක් දරුවකු ඇති මවක ඒ දරුවාට ඇති හිතවත් බව බඳු වූ මෛත්‍රිය සකල සත්ත්වයන් කෙරෙහි පැවැත්විය යුතු බව එයින් දක්වන ලදි. එක දරුවකු ඇති මවකගේ ඒ දරුවාට හිතවත් බව ඇත්ත වශයෙන් ම ඇති අවංක හිතවත් බවෙකි. එසේ අවංක වූ මෛත්‍රිය වඩතහොත් එයට ලක් වන සත්ත්වයෝ සුවපත් වෙති. එය තමාගෙන් අන්‍යයන්ට ලැබෙන මෛත්‍රී ඵලය ය. “සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා”යි කීමෙන් හා සිතීමෙන් අන්‍යයන්ට සුවයක් නොවේ නම් එය හිස් වැඩකි. හිස් නොවන්නට නම් ඇත්ත වශයෙන් ම එයින් අන්‍යයන්ට සුවයක් ලැබිය යුතු ම ය. සත්‍ය වශයෙන් මෛත්‍රිය කරත හොත් එයින් අන්‍යයන්ට සුවයක් ලැබේ. බොහෝ සතුන් ලක් කොට කරන මෛත්‍රියෙන් ඒ සත්ත්වයනට ලැබෙන සුවය අත්‍යල්ප බැවින් එය නො දත හැකි ය. එක් පුද්ගලයකුට පමණක් වැඩි වේලාවක් මෙත් වැඩුව හොත් ඒ පුද්ගලයාට ප්‍රකට වන තරමට සුවයක් ලැබේ. හොඳට ම ප්‍රකට ව සුවය ලැබෙන්නේ රෝගාතුරයන්ට ය. යම් කිසි රෝගියකුට වැඩි වේලාවක් මෙත් වැඩුව හොත් එයින් ඔහුට ගුණ ලැබේ. සමහර රෝගියෝ එයින් ම සුව වෙති. එක් සත්ත්වයකුට මෙත් වැඩූ කල්හි එයින් සුවයක් ලැබෙනු දැකීමෙන් බොහෝ සත්ත්වයන්ට මෙත් කිරීමෙන් ද මෛත්‍රී චිත්ත ශක්තියේ සැටියට මඳ වූ සුවයක් නමුත් ලැබෙන බව පිළිගත යුතු ය. එය එසේ ම පිළිගනෙ සත්ත්වයනට යහපතක් කිරීමේ අදහසින් යහපතක් කිරීමක් වශයෙන් මෙත් වැඩීම කළ යුතු ය.
මෙත් වැඩීම සඳහා භාවිතයට සුදුසු වචන බොහෝ ය. ඒවායින් එක් වචනයක් හෝ කීපයක් හෝ බොහෝ ගණනක් හෝ ගෙන තමාගේ කැමැත්තේ සැටියට මෙත් වැඩීම කළ හැකිය. එහෙත් තමාට නො තේරෙන වචන එයට සුදුසු නැත.
වෛර නැත්තෝ වෙත් වා!
දොම්නස් නැත්තෝ වෙත් වා!
නිදුක් වෙත් වා!
සුවපත් වෙත් වා!
යන වචනවලින් මෙහි භාවනා ක්‍රමය දක්වනු ලැබේ. පියදාස නමැත්තා හට මෙත් කරනවා නම් “පියදාස වෛර නැත්තේ වේවා. දොම්නස් නැත්තේ වේවා. නිදුක් වේවා. සුවපත් වේවා” යි මෙත් කරනු. “පියදාස වෛර නැත්තේ වේවා” යන්නෙන් අදහස් කළ යුත්තේ අන්‍යයන් නිසා පියදාසගේ සිත්හි හටගත් වෛර ඇත්නම් ඒවා ද පියදාස ගැන අන්‍යයන්ගේ සිත්හි හටගත් වෛර ඇත්නම් ඒවා ද, පියදාස ගැන අන්‍යයන්ගේ සිත්හි හටගත් වෛර ඇත්නම් ඒවා ද නැති වී, අලුත් වෛර ද ඇති නො වී පියදාස සම්පූර්ණයෙන් වෛරයන් ගෙන් මිදුනෙක් වේවා කියා ය.
පියදාසගේ සිත්හි අන්‍යයන් ගැන වෛර ඇති නම් ඒ අය දකින සිහි වන අවස්ථාවල පියදාසට ඇති වන්නේ දොම්නසකි. නො සතුටකි. එසේ ම පියදාසට වෛර කරන අන්‍යයන් නිසා ද ඔහුට ඇති වන්නේ දොම්නස් ය. “පියදාස දොම්නස් නැත්තේ වේවා” යනුවෙන් අදහස් කළ යුත්තේ තමාගේ හා අන්‍යයන්ගේ වෛර නිසා ඇති විය හැකි වූ ද අන් කරුණු නිසා ඇති විය හැකි වූ ද දොම්නස්වලින් මිදී පියදාස සතුටින් වාසය කරන්නෙක් වේවා කියා ය.
සමූහයකට මෙත් කිරීමේ දී වෛර නැත්තෝ වෙත් වා යනුනේ අදහස් කරනුයේ ඒ සමූහයට අයත් එක් එක් පුද්ගලයකුගේ සිත්හි අන්‍යයන් ගැන ඇති වූ ද ඇති වන්නා වූ ද ඒ එක් එක් අයකු ගැන අන්‍යයන්ගේ සිත්වල ඇති වූ ද ඇති වන්නා වූ ද වෛරවලින් ඒ සෑම දෙනාම මිදෙත් වා කියා ය.
මෙසේ මෙත් පැතිරවීම සඳහා භාවිත කරන වචන වල වගන්තිවල අර්ථය හොඳින් තේරුම් ගෙන සිය බසින් ම භාවනා කළ යුතු ය. මේ මෛත්‍රී භාවනාව සතර ඉරියව්වෙන් ම පහසුවෙන් කළ හැකි භාවනාවෙකි. එය කරන කල්හි ද්වේෂයේ හා නො ඉවසීමේ ද වෛරයේ ද ආදීනව හා මෛත්‍රියෙහි අනුසස් ද සලකා පළමු කොට තමාට ම මෛත්‍රිය කරගත යුතු ය. සෑම දෙන ම තමන්ගේ සැපයට තමන්ගේ යහපතට කැමතියන් වන බැවින් පහසුවෙන් තමාට මෛත්‍රිය කරගත හැකිය.
“මම වෛර නැත්තේ වෙම්වා! –දොම්නස් නැත්තේ වෙම් වා!
නිදුක් වෙම්වා! –සුවපත් වෙම්වා!” යි
කීප වාරයක් තමාට ම මෛත්‍රිය කර ගෙන, තමා මෙන් ම අන්‍යයන් ද සැපයට කැමති බව හා දුකට නො කැමති බව ද තමා කෙරෙහි මෙන් ම අන්‍ය සත්ත්වයන් කෙරෙහි ද මෛත්‍රී පතුරුවන්නට පටන් ගත යුතු ය. ධ්‍යාන ලැබීමේ බලාපොරොත්තුව ඇතිව මෙත් වඩන්නවුන් විසින් පටන් ගැන්මේ දී හැමට ම මෙත් වඩන්නට නො ගොස් පහසුවෙන් මෛත්‍රිය කළ හැකලි එක් යහපත් පුද්ගලයකු තෝරා ගෙන ඒ තැනැත්තාට ම මෛත්‍රිය කළ යුතු ය. සාමාන්‍යයෙන් මෙත් වඩන්නවුන් විසින් ද එක්වරට ම සැම සතුන්ට මෙත් කරන්නට නො ගොස් සත්ත්වයන් කොටස් වලට බෙදා ගෙන මතු දැක්වෙන පරිදි මෙත් වැඩිය යුතුය.
භාවනා වාක්‍යය
ප්‍රදේශ වශයෙන් මෙත් වැඩීම
(වෛර නැත්තෝ වෙත්වා යනාදිය යොදාගත යුතු)
දිසා වශයෙන් මෙත් වැඩීම.
වෛර නැත්තෝ වෙත්වා, දොම්නස් නැත්තෝ වෙත්වා, නිදුක් වෙත් වා, සුවපත් වෙත් වා.
තම තමන්ගේ කැමැත්තේ සැටියට මෙසේ නැවත නොයෙක් ක්‍රමවලට සත්ත්වයන් කොටස් කොට මෙත් වැඩිය හැකි ය. කෙසේ කළත් වරදක් නැත. නිදුක් වෙත් වා, නීරෝගී වෙත් වා, සුවපත් වෙත් වා යන වගන්ති තුනෙන් මෙත් වැඩීම ද යහපති.
මෙත් වැඩීමේ අනුසස්
මෙත් වැඩීමේ අනුසස් එකොළොසක් ඇති බව අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතයේ මෛත්‍රී සූත්‍රයේ දක්වා තිබේ. ඒ මෙසේ ය.
මෙත් වඩන්නා වූ විශාඛ ස්ථවිරයන් වහන්සේ සිතුල් පව්වේ විහාරයක සාර මසක් වැස, පසු දින අන් තැනකට වන්නට සිතා රාත්‍රියේ සැතපුණු කල්හි එහි ගසක වෙසෙන දෙවියෙන් උන්වහන්සේගෙන් වෙන්වීම ගැන ශෝකයෙන් විහාරයේ පඩි පෙළ උඩ සිට හැඬුවේ ය.
මෙත් වඩමින් වනයේ විසූ සාම කුමාරයාණන් හා ඒ වනයෙහි විසූ සිංහ ව්‍යාඝ්‍රාදි චණ්ඩ මෘගයෝ ද මිතුරු ව වාසය කළෝය.
සිරිමා නමැති ගණිකාව විසින් හිස මත හෙලූ උණු තෙලින් මෙත් සිතින් විසූ උත්තරා උපාසිකාවගේ හිස නො දැවුණේ ය.
උදේන රජු විසින් සාමාවතී දේවිය ප්‍රධාන කොට ඇති පන්සියයක් ස්ත්‍රීන් පෙළට සිටුවා එක ඊ පහරින් ම මරණු පිණිස විද යැවූ ඊය ඔවුන්ගේ මෛත්‍රී බලයෙන් පොල් කොළයක් සේ ම බිම වැටුණේ ය.
අප මහා බෝසතාණන් වහන්සේ එක් ජාතියක දී සත් වසක් මෙත් වඩා ඒ පිනෙන් සත් කපක් මිනිස් ලොවට නො පැමිණ බඹලොව විසූහ. සතිස් වරෙක සක් දෙව් රජ වූහ. වාර සියගණනක සක්විති රජ වූහ. බොහෝ ජාතිවල දඹදිව අග රජ වූහ.
“ස්‍යෙථාපි භික්ඛවේ රත්තියා පච්චූස සමයං ඔසධි තාරකා භාසතො ච තපතෙ ච විරොචති ච, එවමෙව ඛො භික්ඛයෙනි කානිචි ඔපයිකානි පඤ්ඤකිරිය වත්ථූනි සබ්බානි තානි මෙත්තාය චෙතො විමුත්තියා කලං නාග්ඝති සෝළසිං. මෙත්තායෙව තානි චෙතොවිමුත්ති භාසතෙ ච තපතෙ ච විරොචති ච”
මහණෙනි, රාත්‍රියේ අවසාන කාලය වූ බලවත් උදෑසන කාලයේ ඕෂධී තාරකාව යම් සේ ආලෝකවත් ව බබළා ද, මහණෙනි; එ පරිද්දෙන් (මෙත්තා චේතෝ විමුක්තිය බබළා) භවභෝග සම්පත් ගෙන දෙන්නා වූ යම් කිසි පුණ්‍ය ක්‍රියා වස්තූහු වෙත් ද ඒ සියල්ලෝ ම මෙත්තා චේතෝ විමුත්තියේ සොළොස්වන කලාව පමණට නො අගනාහ. මේ චේතෝ විමුත්තිය ම ඒවා ඉක්මවා ආලෝකවත් ව බබළාය යනු එහි තේරුම යි.
තව ද මෙත් වඩන භික්ෂුවට දෙන්නා වූ දානය දායකයාට විශේෂයෙන් ම මහත්ඵල වන බව ද, මෙත් වඩන භික්ෂුවට සිව් පසයෙන් උවටැන් කරන දායකයා මහා සාගරයේ ජලස්කන්ධය සේ මහත් වූ පුණ්‍යස්කන්ධයක් ලබන බව ද මෙත් වඩන භික්ෂුව, සිව්පසය සපයන දායකයන්ට ණය කාරයකු නො වී රහතන් වහන්සේ කෙනකු මෙන් ස්වාමිත්වයෙන් සිව්පසය වළඳන බව ද,
“අච්ඡරා සඞ්ඝාත මත්තම්පි චේ භික්ඛවෙ භික්ඛු මෙත්තං චිත්තං ආසෙවති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අරිත්තජ්ඣානො විහරති සත්ථු සාසනකරො ඔවාද පටිකරො අමොඝං රට්ඨපිණ්ඩං භුඤ්ජති කො පන වාදො යෙ නං බහුලීකරොන්ති”
යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශිත ය. “මහණෙනි, යම් මහණෙක් අසුරු සැණක් පමණ කාලයෙහි මුත් මෛත්‍රී චිත්තය සේවනය කෙරේ ද, මහණෙනි, ඒ මහණ ධ්‍යානයෙන් නො හිස් ව වාසය කරන්නේ ය යි ද, ශාස්තෘන් වහන්සේගේ අවවාදය පිළිපදින්නේ යයි ද, රටුන් දෙන ආහාර නොසිස් කොට වළඳන්නේ යයි ද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ මෛත්‍රිය බොහෝ කොට කෙරෙත් නම් ඔවුන් ගැන කියනු ම කවරේ ද? යනු එහි තේරුම යි.
“ඒකම්පි චෙ පාණ මදුට්ඨචිත්තො–මෙත්තායති කුසලී තෙන හොති,
සබ්බේ ච පාණෙ මනසානුකම්පි–පහුතමයයෝ පකරොති පුඤ්ඤං
ඉදින් අදුෂ්ට චිත්තයෙන් එක් සත්ත්වයකු හට ද මෙත් කෙරේ නම් එයින් පින් ඇත්තේ වේ. සකල සත්ත්වයන්ට සිතින් අනුකම්පා කරන්නා වූ (මෙත් කරන්නා වූ) ආර්‍ය්‍ය තෙමේ බොහෝ පින් කෙරේ ය යනු එහි තේරුමයි.

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ කරුණාව මහත් ඵල ඇත්තී වෙයි.
මහත් අනුසස් ඇත්තීවෙයි.
මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ
කෙසේ බහුල ලෙස වඩන ලද්දාවූ කරුණාව මහත්ඵල වේද ,
මහත් අනුසස් ඇති වෙයිද?
“මහණෙනි,
“මහණෙනි,
මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල ලෙස වඩන ලද්දාවූ කරුණා භාවනාව මහත්ඵල වෙයි. මහත් අනුසස් වෙයි
කරුණා භාවනාව:
තමාට දුක් ඇතිවීම නො ඉවසන්නාක් මෙන් අනුන්ට දුක් ඇතිවීමත් නො ඉවසන ස්වභාවය, දුඃඛිතයන් දුකින් මුදවනු කැමති ස්වභාවය, අනුන්ගේ දුක් ගැන කම්පා වන ස්වභාවය කරුණාව ය. කරුණා සහගත සිත් නැවත නැවත පැවැත්වීම කරුණා භාවනාව ය.
එය කරනු කැමති යෝගාවචරයා විසින් පළමුවෙන් අත්පා කැඩීමක් නිසා හෝ සුව නො වන රෝගයක් නිසා හෝ කිසි රැකියාවක් කර ගත නො හෙන, අනුන්ගෙන් යමක් ඉල්ලා කා ජීවත්වන පරම දුඃඛියකු සොයා ඔහුගේ දුක නුවණින් සලකා “මහා දුකට පැමිණ සිටින මේ අසරණයා දුකින් මිදේවා! මිදේවා!” යි ඔහු කෙරෙහි කරුණාව පැවැත්විය යුතු ය. ඉක්බිති දුකට පත් තමාගේ ප්‍රිය පුද්ගලයන් කෙරෙහි ද මධ්‍යස්ථයන් කෙරෙහි ද සතුරන් කෙරෙහි ද කරුණාව පැවැත්විය යුතු ය. තමා ගැනත් තමාගේ හිතවතුන් ගැනත් මධ්‍යස්ථයන් ගැනත් සතුරන් ගැනත් සම කරුණාව ඇති කර ගෙන භාවනාවෙහි යෙදෙන්නවුන්ට දුඃඛිත සත්ත්වයන් අරමුණු කොට කරුණා ධ්‍යානය උපදී.
සාමාන්‍යයෙන් කරුණා භාවනාව කරන්නවුන් විසින් ඒ ඒ සත්ත්වයන්ගේ දුක් නුවණින් සලකා “මේ සත්ත්වයෝ මේ දුක්වලින් මිදෙත්වා!” යි කරුණාභාවනාව කළ යුතු ය. කරුණාවට ලක් කර ගත නො හෙන සත්ත්වයෙක් නැත. සුඛිතයන් වශයෙන් සලකන සත්ත්වයන්ට ද බොහෝ දුක් නැත්තේ ය. නොයෙක් පව් කම් කරමින් පස්කම්සැප විඳිමින් ප්‍රීති වන ජනයා සැප විඳින්නන් සේ පෙනෙතත් මරණින් මතු ඔවුහු මහ දුකට පත්වන්නාහ. ඒ බව සලකා ඔවුන් කෙරෙහි කරුණාව පැවැත්විය හැකිය. මහත් සම්පත්තියෙන් කල් යවන සිටුවරු රජවරු ද කලක දී මැරී ඒ සම්පත්තියෙන් පිරිහෙන්නාහු ය. දහස් ගණන් දෙවඟනන් පිරිවරාගෙන සිත්කලු විමන්වල හා නන්දනාදි උයන්වල කම් සැපයෙන් ප්‍රීති වන දෙවිවරු ද, මහ ගිනිකඳන් සේ දිලෙන කල්ප ගණන් ආයු ඇති බ්‍රහ්ම රාජයෝ ද පින් කෙළවර වීමෙන් ඇද වැටෙන්නාහ. මෙසේ නුවණින් සලකා සැම දෙනා කෙරෙහි ම “මේ සත්ත්වයෝ දුකින් මිදෙත්වා” යි කරුණාව පැවැත්විය යුතු ය

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මුදිතා භාවනාව මහත් ඵල ඇත්තී වෙයි.

මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල ලෙස වඩන ලද්දාවූ මුදිතා භාවනාව මහත්ඵල වෙයි. මහත් අනුසස් වෙයි
[මුදිතා භාවනාව:
සුඛිත පුද්ගලයන් ගැන සතුටුවන ස්වභාවය මුදිතා භාවනාව ය. ධ්‍යාන ලැබීම සඳහා එය කරනු කැමති යෝගාවචරයා විසින් ප්‍රිය මනාප දූ දරුවන් ඇතිව යහපත් නෑ මිතුරන් ඇතිව, සුන්දර ගෘහ-යාන-වාහන-වස්ත්‍රාභරණ-ආහාර-පාන ඇතිව, නිරෝගීව, කාය චිත්ත, සුඛයෙන් වෙසෙන ප්‍රිය පුද්ගලයකු අරමුණට ගෙන “මොහු කිසිවකින් අඩු පාඩුවක් නැතුව, කිසි කාය චිත්ත, පීඩාවක් නැතිව, සුවසේ වාසය කරනවා. අනේ හොඳා! අනේ හොඳා!!” යි මුදිතා භාවනාව කළ යුතුය. මෙසේ එක් කෙනෙකුගෙන් පටන් ගෙන ක්‍රමයෙන් මුදිතාව මහත් කළ යුතු ය. මොහු නිසා මොහුගේ අඹු දරුවෝ සැපසේ වෙසෙන්නාහ යි සලකා ඔවුන් කෙරෙහි මුදිතාව පැවැත්විය යුතු ය. මොහු නිසා මොහුගේ නෑ මිතුරෝ අසල්වැසියෝ සුවසේ වෙසෙන්නාහ යි ඔවුන් කෙරෙහි මුදිතාව පැවැත්විය යුතු ය. මෙසේ ක්‍රම ක්‍රමයෙන් තමාගේ හිතවතුන් කෙරෙහි ද, මධ්‍යස්ථයන් කෙරෙහි ද සතුරන් කෙරෙහි ද මුදිතාව පැවැත්විය යුතු ය. සෑම දෙනා කෙරෙහි ම මුදිතාව සමව පැවැත් විය හැකි තත්ත්වයකට පැමිණීමෙන් පසු මුදිතා ධ්‍යානය ලැබිය හැකි ය.
සාමාන්‍ය ක්‍රමයට මුදිතාව වඩනු කැමැතියන් විසින් සත්ත්වයන්ගේ සුඛිත භාවය කල්පනා කර “මේ සත්ත්වයෝ සුවසේ වෙසෙන්නාහ. අනේ හොඳය: අනේ හොඳය” කියා මුදිතාව පැවැත්විය යුතු ය. සුඛිතයකු වශයෙන් නො සැලකිය හැකි සත්ත්වයෙක් ද නැත. බ්‍රහ්ම ලෝකයෙහි මහානුභාව සම්පන්න බ්‍රහ්ම රාජයෝ ප්‍රීතිය ම ආහාර කොට ඉතා සුවසේ කල්ප දහස් ගණන් ජීවත් වන්නාහ. චාතුර්මහාරාජිකාදි දිව්‍ය ලෝකයන්හි බොහෝ දෙවිවරු රත්නයන් ගෙන් බබලන පරම සුන්දර විමානයන්හි අප්සරාවන් පිරිවරා ඉන්ද්‍රියයන් පිනවමින් සුවසේ වෙසෙන්නාහ. මිනිස් ලොව රජවරු සිටුවරු හා සාමාන්‍ය ධනවත්හු ද හොඳින් කා බී ඇඳ පැළඳ ස්වකීය ඥාති මිත්‍රයන් හා ප්‍රීතියෙන් වෙසෙන්නාහ. දුප්පත් ජනයා ද කෙසේ හෝ ඔවුන්ට උවමනා ආහාර පානාදිය ලබා ගෙන ප්‍රීති වන්නාහ. ආපායික සත්ත්වයෝ ද කවදා හෝ ඒ දුකින් මිදී ප්‍රීති වන්නාහ. මෙසේ ඒ ඒ සත්ත්වයන්ගේ සුඛිතත්වය නුවණින් සලකා සියල්ලන් ගැන ම මුදතාව වැඩිය හැකිය.
….අභිධර්ම මාර්ගය.]

වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ උපෙක්ඛාව’ (සියළු සත්වයන් කෙරෙහි මැදහත් බව)මහත් ඵල ඇත්තී වෙයි.
මහත් අනුසස් ඇත්තීවෙයි.
මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ
කෙසේ බහුල ලෙස වඩන ලද්දාවූ උපේක්ඛාව මහත්ඵල වේද ,
මහත් අනුසස් ඇති වෙයිද?
“මහණෙනි,
“මහණෙනි,
මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල ලෙස වඩන ලද්දාවූ උපේක්ඛා භාවනාව මහත්ඵල වෙයි. මහත් අනුසස් වෙයි
[උපේක්ෂා භාවනාව
සත්ත්වයන් ගැන පවත්වන මධ්‍යස්ථතාව උපේක්ෂාව ය. උපේක්ෂා භාවනාවෙන් ලැබිය හැක්කේ පඤ්චම ධ්‍යානය පමණෙකි. උපේක්ෂාව වඩා පඤ්චම ධ්‍යානය ලැබිය හැක්කේ ද කලින් අන් භාවනාවකින් ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යානයන් ලබා ඇති යෝගාවචරයනට පමණෙකි.
උපේක්ෂාව වඩනු කැමතියන් විසින් ලෝක තත්ත්වය නුවණින් සලකා සත්ත්වයන් ගැන මධ්‍යස්ථ විය යුතු ය. ලාභාලාභාදි ලෝක ධර්ම අට සැම සත්ත්වයන්ට ම පැමිණෙන්නේ ය. ලෝකස්වභාවය කෙනකුගේ කැමැත්තේ සැටියට වෙනස් නොවන්නේ ය. “සැම දෙනා ම ලෝක ධර්මයට යටත් වන්නාහ. ලෝකයා තමාගේ කැමැත්තේ සැටියට පැවැත්වීමට සමතෙක් නැත. මේ සත්ත්වයෝ තම තමන්ගේ කර්මානුරූපව සුව දුක් ලබන්නෝ ය. නො මග යාමෙන් සත්ත්වයෝ දුකට පත් වන්නාහ. සුමග ගමන් කිරීමෙන් සැපතට පත් වන්නාහ. කෙනකු විසින් සුවපත් වෙත්වා යි පැතීමෙන් ඔවුහු සුවපත් නො වන්නාහ. දුකින් මිදෙත්වා යි පැතීමෙන් දුකින් නො මිදෙන්නාහ. එබැවින් ලෝක විචාරණය පලක් නැති මහන්සි වීමකි: මෙසේ ලෝක තත්ත්වය සලකා “මේ සත්ත්වයෝ තම තමන්ගේ කර්මය පරිදි සුව දුක් ලබන්නාහ” යි උපේක්ෂාව වැඩිය යුතු ය.]

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ‘ආනාපාන සතිය’ (ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිහිය) මහත් ඵල ඇත්තී වෙයි.
මහත් අනුසස් ඇත්තීවෙයි.
මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ
කෙසේ බහුල ලෙස වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත්ඵල වේද ,
මහත් අනුසස් ඇති වෙයිද?
“මහණෙනි,
“මහණෙනි,
මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල ලෙස වඩන ලද්දාවූ ආනාපාන සති භාවනාව මහත්ඵල වෙයි. මහත් අනුසස් වෙයි
ආනාපානසති භාවනාව
ආන යනු ආශ්වාසයට (නාසයෙන් ශරීරය තුළට ඇද ගන්නා වාතයට) නමෙකි. අපාන යනු ප්‍රශ්වාසයට (නාසයෙන් පිට කරන වාතයට) නමෙකි. ආන අපාන යන වචන දෙක සන්ධි වීමෙන් ආනාපාන කියා වේ. ආශ්වාස ප්‍රශ්වාස දෙක අරමුණු කොට පවත්නා සිහිය ආනාපානසති නම් වේ. නැවත නැවත පැවැත්වීම් වශයෙන් ඒ සිහිය දියුණු කිරීම ආනාපානසති භාවනාව ය. සියලු ම ලොව්තුරා බුදුවරයන් බුදුබවට පැමිණෙන්නේ ආනාපානසති භාවනාව පදනම කරගෙන ය. ආනාපාන සතියේ මාර්ගයෙන් ලොව්තුරා බුදුබවට හා පසේ බුදුබවට ද රහත් බවට ද පැමිණියා වූ උත්තම පුද්ගලයන්ගේ ප්‍රමාණයක් නැත්තේ ය. මේ ආනාපාන සති සමාධිය බුදුන් වහන්සේ විසින් වර්ණනා කර තිබෙන්නේ මෙසේ ය.
අයම්පි ඛො භික්ඛවෙ, ආනාපානසතිසමාධි භාවිතො බහුලීකතො සන්තො චෙව පණිතො ච අසෙචනකො ච සුඛරො ච විහාරො උප්පන්නුප්පන්නෙ ච පාපකෙ අකුසලෙ ධම්මේ ඨානසො අන්තරධාපෙති වූපසමෙති.
මහණෙනි, වඩනා ලද්දා වූ නැවත නැවත පුරුදු කරන ලද්දා වූ මේ ආනාපාන සති සමාධිය ශාන්ත ද වේ. ප්‍රණීත ද වේ. ස්වභාවයෙන් ම මිහිරි ද වේ. කායික චෛතසික සුඛයට හේතු ද වේ. උපනුපන් ලාමක වූ අකුශල ධර්මයන් සැණෙකින් අතුරුදහන් කෙරේය සන්සිඳුවාය යනු එහි තේරුම යි.
මේ භාවනාව කරන්නට බලාපොරොත්තු වන සත්පුරුෂයා විසින් පළමු කොට ආශ්වාස ප්‍රශ්වාස දෙක ගැන දැන ගත යුතු ය. නාසයේ අග මහත් ය. ඒ මහත් කොටස අඟලකුත් ඇති නැති තරම් ය. ඊට උඩින් ඇත්තේ කුඩා සිදුරෙකි. ඒ සිදුරෙන් පිටතට එන වායු ධාරාව වතුර පිරුණු බඳුනක කුඩා සිදුරකින් පිටතට විදින ජලධාරාවක් වැනි ය. ඒ වායුධාරාව දික් නාසය ඇතියවුන්ගේ නාසයේ අග ඇතුළු පැත්තේ සැපෙමින් පිට වන්නේ ය. නාසගේ අග පහතට නැමී ඇති අයට එය වඩාත් ප්‍රකට ය. එසේ පහතට නො නැමුණු නාස්වල එය සැපෙන්නේ ඉතා ස්වල්ප වශයෙනි. එ බැවින් නො නැමුණු නාස් ඇතියවුන් විසින් එය බොහෝ පරීක්ෂාකාරීව සිට තේරුම් ගත යුතු ය. පුඩු මහත් වූ කෙටි නාස් ඇතියවුන් ගේ නාස් අග්වල ඒ වායුධාරාව නො සැපේ. එය ඔවුන්ගේ උඩුතොලේ අග සැපේ. එය ද තොල්වල හා නාසයේ පිහිටීමේ සැටියෙන් සමහරුන්ගේ තොල් අග තදින් ද සමහරුන්ගේ තොල් අග තේරුම් ගන්නට බැරි පුළුවන් තරමට ද සැපේ.
භාවනාවට පටන් ගන්නා සෑම දෙනා විසින් ම පළමුකොට තදින් හුස්ම ඉහළ පහළ ගෙන වායුධාරාව සැපෙන තැන සොයා ගත යුතු ය. තේරුම් ගත යුතු ය. ආනාපාන භාවනාව පුරුදු කර නැතියවුන්ට වායුධාරාව සැපෙන තැන දත හැකි වන්නේ තදින් හුස්ම හෙළන විට ය. තදින් හුස්ම හෙළා එය සැපෙන තැන දැන ගත් පසු සිහි කල්පනාවෙන් සිටියාම සෙමින් එන වායුධාරාව ද සැපෙනු දත හැකි ය. සැපෙන තැන දැන ගැනීමට නිතර ම තදින් හුස්ම හෙළමින් භාවනා කරන්නට ගිය හොත් ඉක්මනින් වෙහෙසට පත් වී භාවනා නො කළ හැකි තැනට පත් වන නිසා නියම භාවනාවට බසින්නට මත්තෙන් ම ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාස වායුව තේරුම් ගත හැකි වන තැනට පුරුදු කරගත යුතු ය. වෙහෙස නැති ව භාවනාවෙහි යෙදිය හැකි වන්නේ ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාස දෙක සිතට හසු කර ගැනීමට සමර්ථ වූ විට ය.
නාසයෙන් ඇතුළු වන වායුව එක් නළයක් දිගේ ගොස් දෙකට බෙදී පෙණහලුවලට ඇතුළු වන නමුත් යෝගාවචරයන්ට වැටහෙන්නේ එක ම ධාරාවක් වශයෙන් පෙකණිය දක්වා බැස ගොස් නැවත ඉහළ එන සේ ය. භාවනාවේ පරමාර්ථය ආශ්වාස ප්‍රශ්වාස වායුව ගමන් කිරීමේ ආකාරය සත්‍ය වශයෙන් සෙවීම නොව සිත එකඟ කිරීම ය.
එ බැවින් සිතට වැටහෙන පරිදි එක ධාරාවක් වශයෙන් පෙකණිය දක්වා බැස යන්නක් සැටියට ම සැලකිය යුතු ය. නාස් සිදුරු දෙකින් නිරතුරු ව ම එක ගණනට ම වායුව එහා මෙහා ගමන් කරන්නේ ද නො වේ. ඒ දෙකින් එකක් නිතරම වාගේ වැසී පවතී. එකකින් වායුව එහා මෙහා ගමන් කරයි. සමහර අවස්ථාවලදී දෙකින් ම සමව ද වායුව ගමන් කරයි. එබඳු අවස්ථා අඩු ය. ඒ ගැන වැඩි විස්තර දැන ගනු කැමති නම් නළ ශාස්ත්‍ර පොත්වලින් දත යුතු ය. භාවනා කිරීමේදී වායුධාරා දෙකක් නාස් පුඬු දෙකින් වෙන වෙන ම නික්මෙන ඇතුළු වන සැටියට වැටහේ නම් එසේ මෙනෙහි කරනු. එක ම වායුධාරාවක් සැටියට වැටහේ නම් එසේ එක් ධාරාවක් සැටියට මෙනෙහි කරනු.
ආශ්වාස ප්‍රශ්වාස වායුව සැපෙන තැන තේරුම් ගත්තා වූ තැනැත්තා විසින් භාවනාවට යෝග්‍ය තැනකට ගොස් භාවනාවට පටන් ගත යුතු ය. ශබ්ද නො ඇසෙන්නා වූ මැසි මදුරුවන් නැත්තා වූ පවිත්‍ර වාතය ඇත්තා වූ ස්ථානය භාවනාවට සුදුසු තැන ය. ශබ්දය සමාධියට බාධක ය. එබැවින් ශබ්දය ඇති තැන භාවනාවට නුසුදුසු ය. ලෝකයෙහි සර්වාකාරයෙන් ශබ්දයක් නො ඇසෙන තැනක් නම් නො ලැබිය හැකි ය. එ බැවින් සමාධියට බාධක ශබ්ද අඩු තැන සුදුසු තැන සැටියට සැලකිය යුතු ය. මැසි මදුරුවෝ ශබ්දයට ද වඩා සමාධියට බාධකයෝ ය. මැසි මදුරුවන් එළවමින් භාවනා කොට සමාධියක් නො ලැබිය හැකිය. එබැවින් භාවනා කරන තැන මැසි මදුරුවන් බහුල තැනක් නම් දුම් ගැස්වීම් ආදී යම්කිසි ක්‍රමයකින් උන් පලවා හැර භාවනාවට පටන් ගත යුතු ය. තමන් සමීපයට උන්ට නො පැමිණෙන ලෙස මදුරුදැල් ආදියෙන් ආවරණයක් හෝ ඇති කර ගත යුතු ය.
අපවිත්‍ර වාතය යයි කියන ලද්දේ දුර්ගන්ධ වාතයට ය. නිකම්ම සිටීමේ දී නොදැනෙන ඉතා මඳ ගන්ධය පවා ආනාපාන භාවනාව කරන කල්හි තදින් දැනෙන්නට වන්නේ ය. පවිත්‍ර වාතය ඇති තැනක් සොයා ගත යුතු වන්නේ ඒ කරදරය ද සමාධියට බාධාවක් නිසා ය. නගරවල ගෙවල් බහුල තැන්වල ආනාපාන භාවනාව කිරීමේ දී ගද දුර්ගන්ධයක් දැනේ. ඒ ප්‍රදේශවල නිතර ම පවත්නේ ගන්ධය ය. එහෙත් භාවනා නො කරන්නවුන්ට එය නො දැනේ. ගෙවල් අඩු ප්‍රදේශවල වාතය පවිත්‍ර ය. ඒ ප්‍රදේශවල දී එ බඳු ගඳ නො දැනෙන්නේ ය. තමා ගේ ශරීරය හා වස්තු ද පිරිසිදු ව තබා ගත යුතු ය. භාවනා නො කරන කල නො දැනෙන භාවනාවට පටන් ගත් කල දැනෙන්න ට පටන් ගන්නා ගන්ධයන් සමහර විට තමා ගේ ශරීරයේ වස්ත්‍රවල තිබිය හැකි ය. භාවනා කරන ස්ථාන සමීපයේ සුවඳ වර්ග තිබීම හොඳ ය.
මේ භාවනාව සඳහා වාඩිවීමට සම්කඩ ඉතා හොඳ බව යෝගාවචරයෝ කියති. සම්වලින් ද දිවිසම හා මුව සම වඩා යහපත් බව කියති. පෙර යෝගාවචරයන් ද සම්කඩක් පාවිච්චි කර තිබෙන බව පොත පතේ නොයෙක් තැන්වල සඳහන් වේ. බුදුන් වහන්සේ පවා සම්කඩක් පාවිච්චි කළ බව ඇතැම් කරුණුවලින් පෙනේ. “එවං අනුපහට්ඨන්තෙන පන තස්මිං න තෙන භික්ඛුනා උට්ඨායාසනා චම්මක්ඛණ්ඩං පප්ඵොටෙත්වා ගන්තබ්බා” යන විශුද්ධි මාර්ග පාඨයෙන් ද පෙර යෝගාවචර භික්ෂූන් වහන්සේලා සම්කඩක් පාවිච්චි කළ බව පෙනේ. එය පාවිච්චි කර තිබෙන්නේ එහි යම් කිසි ගුණ විශේෂයක් ඇති නිසා විය හැකිය. එහෙත් සම්කඩක මිස අනිකක හිඳ භාවනා නො කළ යුතු ය යන නියමක් නැත. සම්කඩෙහි යම් කිසි ගුණ විශේෂයක් ඇතද නැත ද යන බව ස්ථිරව ම කියන්නට අපි නො දනිමු. සම්කඩක හිඳ ද අනෙකක හිඳ ද භාවනා කොට එය යෝගාවචරයන් විසින් විමසිය යුතු ය. උස් අසුනකට වඩා භාවනාවට පොළොව සුදුසු බව ද කියති. එය ද විමසිය යුත්තකි.
සුදුසු තැනට එළඹ පර්‍ය්‍යංකය බැඳ වාඩි වී ශරීරය ඉදිරියට හෝ පස්සට බර නො වන සැටියට කෙළින් තබා ගෙන, රත්නත්‍රයේ ගුණ මෙනෙහි කිරීම් ආදි පූර්ව කෘත්‍යය කොට භාවනාවට පටන් ගත යුතු ය. භාවනාවේ පූර්වකෘත්‍යය විදර්ශනා භාවනා ක්‍රමය නමැති පොතෙන් උගත යුතු ය. පර්‍ය්‍යංකය බැඳ වාඩිවීම දෙ පරිද්දෙකින් කළ හැකි ය. බුදුපිළිම තනා තිබෙන ක්‍රමයට දෙපතුල් කලවා දෙක මත සිටින සේ වාඩිවීම එක් ක්‍රමයෙකි. එයට පද්මාසනය යි ද කියති. යෝගයට වාඩිවීමේ ක්‍රමවලින් උසස් ම ක්‍රමය එය ය. එහෙත් හැම දෙන ම පද්මාසනයෙන් හිඳීමට සමත් නො වෙති. එසේ හිඳීම අපහසු පින්වතුන් විසින් පතුල් දෙක කලවා දෙකට යටවන පරිදි වාඩි විය යුතු ය. මේ ක්‍රම දෙකින් එකකටවත් වාඩි වීමට අසමත් අය වඩා උස් නො වන, වාඩි වූ කල දෙපතුල් බිම සිටින තරමේ අස්නක පා බිම තබා වාඩි වී ශරීරය කෙළින් තබා ගෙන භාවනා කළ යුතු ය. ස්ත්‍රීන්ට ද මේ ක්‍රමය සුදුසු ය. ඉහත කී වාඩි වීමේ ක්‍රම දෙක ස්ත්‍රීන් ට අයෝග්‍ය ය. අර්ධ පර්‍ය්‍යංකය යි කියනු ලබන දෙපතුල් පිටිපසට නමා වාඩිවීමේ ක්‍රමය ද ස්ත්‍රීන් ට යෝග්‍ය ය.
මේ ආනාපාන භාවනාව සිහි නුවණින් යුක්තව කියන ලද පරිදි ක්‍රමය නොඉක්මවා කර ගෙන යන්නා වූ යෝගාවචරයා ගේ සන්තානයෙහි ක්‍රමයෙන් සමාධිය හා ඥානය වැඩෙන්නේ ය. කාමච්ඡන්දාදි නීවරණයෝ තුනී වන්නාහ. සමාධි ප්‍රඥාවන්ගේ වැඩීම හා නීවරණයන්ගේ තුනීවීම නිසා ඒ යෝගාවචරයා හට යම් කිසි දිනකදී ආනාපාන ප්‍රතිභාග නිමිත්ත වැටහෙන්නේ ය. අනුබන්ධන ක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාස වායුව අනුව සිත ගමන් කරමින් සිටින්නා වූ යෝගාවචරයා හට ඒ වායුව පළමු වැටහෙමින් තිබූ ආකාරයට වෙනස් වූ දීප්තිමත් වූ අතිශයින් ප්‍රියංකර වූ ආකාරයකට වැටහෙන්නේ ය. ප්‍රතිභාග නිමිත්තය යි කියනුයේ ඒ වැටහෙන දෙයට ය. එය ආශ්වාස ප්‍රශ්වාස වායුව නො වේ. ඒ වායුව නිසා යෝගාවචරයා ගේ සිතට ඇති සැටියට දැනෙන සත්‍ය වශයෙන් නැති දෙයකි. එය යෝගාවචරයා විසින් කලින් ලෝකයෙහි දැක තිබෙන සෑම වර්ණයකට ම වඩා ශෝභන අතිශයින් ප්‍රියංකර වර්ණයෙකි. එහි ඇති අධික ප්‍රියංකරත්වය නිසා යෝගාවචරයාට බලවත් ප්‍රීතිය ඇති වේ. අධික ප්‍රීතිය හේතු කොට ඇති වන කම්පනය නිසා සමහර විට එකෙණෙහි ම ඒ නිමිත්ත යෝගාවචරයා ගෙන් අතුරුදහන් වෙයි.
ආනාපාන ප්‍රතිභාග නිමිත්ත කසිණ ප්‍රතිභාග නිමිති සේ සෑම දෙනාට ම සමාන ව වැටහෙන්නක් නො වේ. ශරීරවල පිහිටීම අනුව ද අදහස් අනුව ද යෝගාවචරයනට ආනාපාන ප්‍රතිභාග නිමිත්ත අනේකාකාරයෙන් වැටහේ. එය ඒ ඒ පුද්ගලයන්ට තාරකාවක් සේ ද, මැණිකක් සේ ද, මුතු ගුලියක් සේ ද, ක්‍රෑර ස්පර්ශයෙන් යුක්ත ව කපු ඇට පෙළක් සේ ද, ලී කූරක් සේ ද, නූලක් සේ ද, මල්දමක් සේ ද, දුමක් සේ ද, මකුළු දැලක් සේ ද, වළාකුලක් සේ ද, නෙළුම් මලක් සේ ද, රෝදයක් සේ ද, හිරුමඬල සේ ද, සඳමඬල සේ ද, වැටහෙන බව විශුද්ධි මාර්ගයේ දක්වා තිබේ. තාරකාදියට සමාන ව නිමිත්ත වැටහෙන බව කියා තිබෙන බැවින් සර්වාකාරයෙන් ම තාරකාදියට සමාන නිමිති බලාපොරොත්තු නො විය යුතු ය. මේ නිමිති පිළිබඳ නිශ්චිත විස්තරයක් දීමට අපි සමත් නො වෙමු. ඒවා භාවනාවෙහි යෙදී තම තමන් විසින් ම සොයා ගත යුතු ය. යෝගාවචරයා හට කවර ආකාරයක් හෝ ඇති ප්‍රතිභාග නිමිත්තක් පහළ වූයේ නම් එයින් තමා කෙරෙහි තිබූ නීවරණයන් යටපත් වූ බව ද, ක්ලේශයන් සන්සිඳුණු බව ද, සිහිය දියුණු වූ බව ද, උපචාර සමාධිය ලැබූ බව ද දත යුතු ය.
මේ ප්‍රතිභාග නිමිත්ත ලෙහෙසියෙන් ලැබිය හැක්කක් නොවේ. එහෙත් මනා කොට රැක නො ගත හොත් වහා නැති වන්නකි. වරක් ලැබ නැති වූ කල්හි ද එය නැවත පහසුවෙන් නො ලැබිය හැකි ය. එ බැවින් එය ලැබූ තැනැත්තා විසින් උන් තැනින් නැඟී නො ගොස් එතැන ම හිඳ ගෙන, ඒ ආරම්මණයෙහි ධ්‍යාන උපදවා ගැනීමට වීර්‍ය්‍ය කළ යුතු ය. ඒ අවස්ථාවේදී ධ්‍යාන නො ලැබිය හැකි වී නම් අගනා මැණික් පොට්ටනියක් ලත් කෙනකු එය රක්නාක් මෙන් නිමිත්ත ආදරයෙන් ආරක්ෂා කර ගත යුතු ය. අන් වැඩවලට කාලය යෙදුව හොත් නිමිත්ත නැති විය හැකි ය. එ බැවින් අන් සියල්ල ම හැර හැකි තාක් භාවනාවෙහි ම යෙදිය යුතු ය. අසත්ප්‍රාය ස්ථාන පුද්ගලාදීන් හැර සත්ප්‍රාය ස්ථාන පුද්ගලාදීන් සේවනය කළ යුතු ය.
ආනාපාන භාවනාව පිළිබඳ වූ වායුවෙහි අනේකාකාර ඇත්තේ ය. ආශ්වාසයේ ආකාරය අනෙකකි. ප්‍රශ්වාසයේ ආකාරය අනෙකකි. ඒ එක එකක ද දික් බව කෙටි බව ඖදාරික බව සියුම් බව ආදී තවත් ආකාර ඇත්තේ ය. බොහෝ ඇති බව ධ්‍යානය ඇති වීමට බාධාවෙකි. එ බැවින් ආශ්වාස ප්‍රශ්වාසයෙහි ධ්‍යානය නූපදී. ප්‍රතිභාග නිමිත්තෙහි අනේකාකාර නැත්තේ ය. එක් පුද්ගලයකු ලබන නිමිත්තෙහි ඇත්තේ එක ම ආකාරයෙකි. අනේකාකාර නැති බැවින් එහි ධ්‍යානය ලැබිය හැකි ය. එ බැවින් ධ්‍යාන ලැබීමට ප්‍රතිභාග නිමිත්ත ලැබිය යුතු ම ය. ප්‍රතිභාග නිමිත්ත ලත් යෝගාවචරයා විසින් ආශ්වාස ප්‍රශ්වාසයන් මෙනෙහි කරන්නට නො යා යුතු ය. ඒ යෝගාවචරයා විසින් පියවි ඇසින් යම් කිසිවක් දෙස බලා සිටින්නාක් මෙන් ස්වකීය චිත්තය නිමිත්තට යොමු කර ගෙන නිමිත්තෙහි පිහිටුවා ගෙන විසිය යුතු ය. එය ඔහු විසින් කළ යුතු භාවනාව ය.
නිමිත්ත අතුරුදහන් වුව හොත් සිත ආශ්වාස ප්‍රශ්වාසයන්ට යොමු කළ යුතු ය. ආශ්වාස ප්‍රශ්වාසයන් අනුව සිත පවත්වා ගෙන සිටින කල්හි නැවත නිමිත්ත පෙනෙන්නට වන්නේ ය. එය ඇසට පෙනීමක් නො වන බව ද සැලකිය යුතු ය. ප්‍රතිභාග නිමිත්තෙහි සිත තබා ගෙන සිටින කල්හි ධ්‍යානය නො ලැබේ නම් දශ වැදෑරුම් වූ අර්පණා කෞශල්‍යය සම්පාදනය කරනු. ප්‍රතිභාග නිමිත්ත ලැබීමෙන් පසු පිළිපැදිය යුතු ක්‍රමය පිළිබඳ දත යුතු කරුණු බොහෝ ය. ඒවා විශුද්ධිමාර්ගාදි පොත්වලින් හෝ ගුරුවරයන්ගෙන් හෝ උගත යුතු ය. ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා ගෙන සිටින කල්හි ඉන්ද්‍රිය සමත්වාදි එයට වුවමනා අන්‍ය කරුණු ද සම්පූර්ණ වූ අවස්ථාවකදී යෝගාවචරයා හට ඒ ආරම්මණයෙහි විතර්කාදි පඤ්චාංගයෙන් යුක්ත වූ ප්‍රථම ධ්‍යානය උපදින්නේ ය. ඉන්පසු යෝගාවචරයාගේ උත්සාහයේ සැටියට ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යානයෝ ද ඔහුට උපදනාහ. චතුර්ථධ්‍යානය දක්වා ධ්‍යාන උපදවා ගැනීම ආනාපාන භාවනාව පිළිබඳ සමථ ක්‍රමයේ මස්තකප්ප්‍රාප්තියය, හෙවත් අවසානය ය.
ධ්‍යානයක් උපදවා ගත් තැනැත්තාට එයින් නො පිරිහී වාසය කළ හොත් ඒ රූපාවචර කුශල බලයෙන් මරණින් මතු බ්‍රහ්මලෝකයට යා හැකි වන්නේ ය. ධ්‍යාන ලබා බ්‍රහ්මලෝකයෙහි ඉපදීම ද නිවන් දැකීමට ඇති එක් මගෙකි. බ්‍රහ්මලෝකවල ආයුෂය ඉතා දීර්ඝ ය. ඒවායේ ආයුඃ ප්‍රමාණය පිරිසිදෙන්නේ වර්ෂ වලින් නොව කල්ප වලිනි. අති දීර්ඝ බැවින් ඒවායේ ආයුෂය වර්ෂවලින් නො පිරිසිඳිය හැකි ය. අප බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය ඇසීමෙන් ම අටළොස් කෝටියක් බ්‍රහ්මයින් සෝවාන් මගට පැමිණ නිවන් දුටු බව ධර්මචක්‍ර සූත්‍ර අටුවාවේ දක්වා තිබේ. තවත් තැන්වලදී බොහෝ බ්‍රහ්මයන් මඟ ඵල ලබා නිවන් දුටු බව සඳහන් කොට තිබේ. බ්‍රහ්මයන්ගේ ආයුෂයේ සැටියට බුදුන් වහන්සේ පිරිනිවීමෙන් පසු ගත වී තිබෙන වර්ෂ දෙදහස් ගණන ඉතා කෙටි කාලයෙකි. එදා මඟ පල ලැබූ බ්‍රහ්මයන්ගෙන් ඉතා වැඩි ගණනක් බ්‍රහ්මයෝ අදත් එහි වාසය කෙරෙති.
බ්‍රහ්මයෝ වනාහි කාමලෝකයේ දෙව් මිනිසුන් මෙන් කෑමෙන් බීමෙන් නැටුමෙන් ගැයුමෙන් ප්‍රීතිවෙමින් කල් යවන කොටසක් නොව ධ්‍යාන සුවයෙන් කල් යවන කොටසෙකි. සමාධිය, නුවණ ඇති වීමට නුවණ දියුණු තියුණු වීමට හේතුවෙකි. ධ්‍යාන සමාධිය ඇත්තා වූ ඒ බ්‍රහ්මයනට තියුණු නුවණ ඇත්තේ ය. එ බැවින් ධර්මය අසන්නට ලද හොත් ඔවුනට එය වහා අවබෝධ වන්නේ ය. බුදුන් වහන්සේ සියැසින් දැක උන් වහන්සේගෙන් දහම් අසා මඟ පල ලබා සිටින බ්‍රහ්මයන්ගෙන් ශුද්ධ වූ ධර්මය බ්‍රහ්ම ලෝකයෙහි උපනුවන්ට අසා ගත හැකි ය. එ බැවින් ධ්‍යාන ලබා බ්‍රහ්ම ලෝකයෙහි උපන හොත් බුදුන් දැක දහම් අසා මඟ පල ලබා නිවන් පසක් කර ගෙන සිටින බ්‍රහ්මයන්ගෙන් දහම් අසා ඔවුන් ඇසුරු කොට විදසුන් වඩා මඟ පල ලබා නිවන් දැකිය හැකිය.
මේ කාලයේ මිනිස් ලොව බුදුන් දුටු බුදුන්ගෙන් දහම් ඇසූ කෙනෙක් නැත. ධර්මයට අනුව පිළිපැද මඟ පල ලබා සිටින කෙනකු සොයා ගැනීම ද පහසු නැත. අපට තිබෙන්නේ පරම්පරා ගණනක් අතින් අතට ආ ධර්මයෙකි. සියැසින් බුදුන් දැක දහම් අසා ඒ ධර්මය අවබෝධ කරගෙන සිටින අය අතර තිබෙන ධර්මය අතිශයින් පරිශුද්ධ ය. එ බැවින් බ්‍රහ්මලෝකයෙහි ඉපද බ්‍රහ්මයන් අතර තිබෙන ධර්මය ඔවුන් ගෙන් අසා ගැනීම නිවන් දැකීමට මේ කාලයේ තිබෙන ඉතා ම හොඳ ක්‍රමය බව ද නො වරදින ක්‍රමය බව ද කිය යුතු ය.
මෙතේ බුදුන් දැක නිවන් දැකීමට බලාපොරොත්තු වන පින්වතුන්ට එය සිදු කර ගැනීමට ඇති නො වරදින මාර්ගය ධ්‍යාන වඩා බ්‍රහ්මලෝකයෙහි ඉපදීම ය. එහි උපන හොත් මෙතේ බුදුන් ලෝ පහළ වන තුරු ම ජීවත්විය හැකි ය. මෙතේ බුදුන් පහළ වීම දක්වා ඉදිරියට ඇති කාලය ඉතා දීර්ඝ ය. එහි ප්‍රමාණය වර්ෂවලින් නො පිරිසිඳිය හැකි ය. කාමස්වර්ගයෙහි ඉතා දීර්ඝ ආයුෂය ඇති තැන වූ පරනිර්මිත වශවර්ති දිව්‍ය ලෝකයෙහි වුව ද දහස් වරක් දස දහස් වරක් නියම ආයුෂය ගෙව ගෙවා මැරි මැරී උපනත් මෛත්‍රෙය බුදුන් උපදනා කාලය නො පැමිණේ. ඒ කාලය තවත් ඉදිරියේ ය.
අද මෙතේ බුදුන් පතන්නෝ කාමලෝකයෙහි උපදින්නාහු නම් ඒ අත ඔවුනට උපදින්නට මැරෙන්නට සිදු වන වාර ගණන සමහර විට ලක්ෂ ගණන ද ඉක්මවන ගණනක් විය හැකි ය. ඒ කාලයේ ඔවුනට කුමක් සිදු වේ දැ යි කාට කිව හැකි ද? සමහර විට සසර පව්කම් කොට මෙතේ බුදුන් පහළ වන කාලයේ දී ඔවුන්ගෙන් බොහෝ දෙනකු අපායවලට වී සිටිනුවන් විය හැකි ය. මෙතේ බුදුන් උපදනා කාලයේ අපායට වැටී සිටින්නට වුවහොත් උන් වහන්සේ නො දැකිය හැකි ය. දැකිය හැකි වූයේ ද නිවන් නො දැකිය හැකි ය. එ බැවින් ඒ බුදුසස්න ද ඔවුනට පලක් නැතිව ඉක්මෙන්නේ ය. බ්‍රහ්ම ලෝකයෙහි උපන හොත් ඒ වැරදීම නො වන්නේ ය. එ බැවින් මෙතේ බුදුන් දැක නිවන් දැකීමට ඇති නො වරදින මාර්ගයත් ධ්‍යාන වඩා බ්‍රහ්මලෝකයෙහි ඉපදීම බව කිය යුතු ය.
ධ්‍යාන ලැබීමෙන් බ්‍රහ්මලෝකයේ ඉපදිය හැකි වෙනවා මිස නිවන් නො දැකිය හැකි ය. සසර දුකින් මිදී නිවන් දැකිය හැකි වන්නේ ලෝකෝත්තර මාර්ග ඵලයන් ලබා ගැනීමෙනි. ඒවා ලැබිය හැක්කේ විදර්ශනා භාවනාවෙනි. ආනාපාන භාවනාව සමථ භාවනාවෙකි. ආනාපාන භාවනාවෙන් ම හෝ වේවා අන් ක්‍රමයකින් හෝ වේවා, කවර ක්‍රමයකින් වුවත් සමාධිය ඇති කර ගතහොත් ඒ සමාධිය විදර්ශනා භාවනාවට අත්තිවාරමක් වේ. එ බැවින් බොහෝ යෝගාවචරයෝ පළමු කොට සමාධිය ඇති කරගෙන පසු ව විදර්ශනා වඩති. ආනාපාන භාවනාව කොට සමාධිය ඇති කර ගත් තැනැත්තා එයින් විදර්ශනා භාවනාවට අඩිතාලම ඇති කර ගත්තේ වේ. එය කර ගත් යෝගාවචරයා විසින් එ පමණින් නො නැවතී ලෝකෝත්තර මාර්ග ඵලයන්ට පැමිණෙනු පිණිස භාවනාව විදර්ශනාවට හරවා ගත යුතු ය. ආනාපාන භාවනාව දෙයාකාරයකින් විදර්ශනාවට ගෙන යා හැකි ය. එයින් එක් ආකාරයක් ආශ්වාස ප්‍රශ්වාස වායුව මුල් කර ගෙන විදසුන් වැඩීම ය. දෙවන ආකාරය ආනාපාන ධ්‍යානය මුල් කර ගෙන විදසුන් වැඩීම ය.
ආශ්වාස ප්‍රශ්වාස වායුව මුල් කොට විදර්ශනා වැඩිය යුත්තේ මෙසේ ය. එය කරනු කැමති සත්පුරුෂයා විසින් සමාධියෙන් නැගිට මේ ආශ්වාස ප්‍රශ්වාස වායුව කුමක් ඇසුරු කොට පවත්නේදැ යි එහි නිශ්‍රය ය සෙවිය යුතු ය. විමසන්නා වූ යෝගාවචරයා හට ආශ්වාස ප්‍රශ්වාස වායුව ශරීරය ඇසුරු කොට පවත්නා බව පෙනෙන්නේ ය. ඉක්බිති ශරීරය කුමක් ද? කුමකින් නිර්මිත වී තිබෙන දෙයක් ද? යන බව විමසිය යුතු ය. විමසන්නා වූ යෝගාවචරයා හට ශරීරය රූප ධාතු ගොඩක් බව වැටහෙන්නේ ය. රූප ධාතු සමූහය හොඳින් තේරුම් ගත් පසු යෝගාවචරයා විසින් මේ රූපයන් සොයන්නේ රූපයන් පිරිසිදෙන්නේ රූපයන් දැනෙන්නේ හැඳින ගන්නේ කවරෙක් ද? කෙසේද? යන බව සෙවිය යුතු ය. සොයන්නා වූ යෝගාවචරයා හට රූපයන් දැන ගන්නා වූ හැඳින ගන්නා වූ විඥානයන් පහළ වනු මිස ඒවා දැන හැඳින ගන්නා වූ සත්ත්වයකු පුද්ගලයකු නැති බව දැනෙන්නේ ය.
ඉක්බිති යෝගාවචරයා විසින් ශරීරය වූ පෘථිවි ධාත්වාදි සමූහය රූපය යි ද, ඒවා දැන ගන්නා වූ දක්නා වූ අරමුණු කොට උපදින්නා වූ චිත්ත ස්පර්ශ වේචනා සංඥා චේතනාදි ධර්ම සමූහය නාමය යි ද, වෙන් වෙන් වශයෙන් සිතට ගත යුතු ය. නාම රූප දෙකින් අන්‍ය වූ මම ය කියා කිසිවකු සත්‍ය වශයෙන් නැති බව තේරුම් ගත යුතු ය. එසේ තේරුම් ගැනීම දෘෂ්ටි විශුද්ධිය ය. ඉක්බිති ඒ නාමරූප ධර්ම සමූහය කෙසේ ඇති වූවක් දැ යි ඒවායේ ඇති වීමේ හේතු සෙවිය යුතු ය. කිසි හේතුවක් ප්‍රත්‍යයක් නැති ව ඉබේට ම මේ නාමරූප ධර්ම රාශියට ඇති විය නොහෙන බව ඔහුට අවබෝධ වන්නේ ය. දිව්‍ය බ්‍රහ්මාදීන් ද නාම රූප ධර්ම රාශීන් ම වන බැවින් ඔවුන් මේ නාම රූපයන් ගේ උත්පාදකයන් නො වන බව ඔහුට වැටහෙන්නේ ය. නාම රූපයන් ඇති වූ සැටි ඇති වන සැටි තේරුම් ගැනීම පිණිස පටිච්චසමුප්පාදය මෙනෙහි කළ යුතු ය.
පටිච්චසමුප්පාදය මෙනෙහි කරන්නා වූ යෝගාවචරයා හට මේ නාම රූප ධර්ම සමූහය, ප්‍රත්‍යය වූ ද ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ ද ධර්ම සමූහයක් බව වැටහෙන්නේ ය. ඔහුට මේ නාම රූප ධර්ම රාශිය අතීතයේ දී ද අවිද්‍යාදි ප්‍රත්‍යයන්ගෙන් හට ගැනුණු බව ද දැනුදු හටගන්නා බව ද අනාගතයේදීත් එසේ ම හට ගන්නා බවත් පෙනී කාලත්‍රයට අයත් සකල සංස්කාරයන් ගේ ම උත්පත්ති හේතූන් පිළිබඳ වූ මම අතීතයේත් සිටියෙම් ද, අනාගතයෙහිත් සිටින්නෙම් ද, යනාදීන් පවත්නා වූ සියලු සැක දුරු වන්නේ ය. එය කඞ්ඛා විතරණ විසුද්ධිය ය. ඉක්බිති ඒ සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කරමින් බලමින් සිටීමෙන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන සතර මාර්ග සතර ඵලයන්ට පිළිවෙලින් පැමිණ ඒ යෝගාවචරයා හට සියලු දුක් නසා නිවනට පැමිණිය හැකි වන්නේ ය. මේ ආශ්වාස ප්‍රශ්වාස වායුව මුල් කොට විදසුන් වඩා රහත් වන ආකාරය යි.
ධ්‍යානය මුල් කොට විදසුන් වඩන ආකාරය මෙසේ ය. ධ්‍යාන ලාභී යෝගාවචරයා විසින් ධ්‍යානයට සමවැදී ඉන් නැගිට ධ්‍යානාංගයන් මෙනෙහි කොට මේ ධ්‍යානාංග කුමක් ඇසුරු කොට පවත්නේ දැ යි විමසිය යුතු ය. විමසන්නා වූ ඔහුට ශරීරය ධ්‍යානාංගයන් පවත්නා ස්ථානය සැටියට පෙනෙන්නේ ය. ඉක්බිති ශරීරයට අයත් රූපයන් හැඳින ගෙන, නාම රූප දෙක වෙන් කර ගෙන, ඒවායේ ප්‍රත්‍යයන් සොයා ගෙන නාම රූප ධර්ම සමූහය අනිත්‍යාදි වශයෙන් බලන්නට පටන් ගත යුතු ය. එසේ කිරීමෙන් පිළිවෙලින් සතර මාර්ග සතර ඵලයට පැමිණ නිවන් දක්නේ ය.
ධ්‍යාන සැම දෙනාට ම නො ලැබිය හැකි ය. ධ්‍යාන ලබා ම විදර්ශනා වඩන්නට සිටිය හොත් මේ ජීවිතයේ එය කරන්නට නො ලැබී යා හැකි ය. ධ්‍යාන ලැබීමය මඟ පල ලැබීමය යන දෙකින් ප්‍රධාන දෙය මඟ පල ලැබීම ය. ධ්‍යාන නො ලබා එය ලැබිය හැකි ය. එ බැවින් ධ්‍යාන ලැබෙන තුරු නො සිට ශමථ විදර්ශනා දෙක ම එකට ම කර ගෙන යාම වඩා සුදුසු ය. ශමථය නැති ව ශුද්ධ විදර්ශනාව ම වුව ද කර ගෙන යාම හොඳ ය. පටන් ගැනීමේ දී තරමක් දුරට ශමථය පුරුදු කොට විදර්ශනාවට පටන් ගැනුම ද සුදුසු ය. මෙතෙකින් ආනාපාන භාවනා විස්තරය නිමියේ ය.
“
By SN 05-02-07-01 . අට්ඨික සූත්‍රය