SINHALA TIPITAKA

SN 05-03-04. අනනුස්සුත වර්ගය


Listen Later

SN 05-03-04-01 අනනුස්සුත සූත්‍රය.
SN 05-03-04-02 විරාග සූත්‍රය
SN 05-03-04-03. විරජ්ජ සූත්‍රය.
SN 05-03-04-04. භාවිත සූත්‍රය
SN 05-03-04-05. සතෝ සූත්‍රය
SN 05-03-04-06. අඤ්ඤා සූත්‍රය.
SN 05-03-04-07. ඡන්‍ද සූත්‍රය
SN 05-03-04-08. පරිඤ්ඤාත සූත්‍රය
SN 05-03-04-09. භාවනා සූත්‍රය.
SN 05-03-04-10. විභඞ්ග සූත්‍රය

SN 05-03-04-01 අනනුස්සුත සූත්‍රය.

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

[2] “මහණෙනි,
කයෙහි කායානුපස්සනාව
යයි මම පෙර නොඇසූ විරූ ධර්මයක් නුවණැස පහළවිය. ඥානය ඇතිවිය, විද්‍යාව ඇතිවිය, ආලෝකය පහළවිය. මහණෙනි, මේ කයෙහි කායානුපස්සනාව වැඩිය යුතුයයිද පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය, ඥානය පහළවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය. මහණෙනි, මේ කයෙහි කායානුපස්සනාව වඩන ලද්දේයයිද මට පෙර නොඇසූවිරූ ධර්මයන් කෙරෙහි නුවණැස පහළ විය, ඥානය ඇතිවිය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළවිය.

[කායානුපස්සනාව
සතර සතිපට්ඨානයන් අතුරෙන් බොහෝ යෝගාවචරයන් පුරුදු පුහුණු කරන්නා වූ ද, යෝගාවචරයනට භාවනා කිරීමට පහසු වන්නා වූ ද සතිපට්ඨානය කායානුපස්සනා සතිපට්ඨානය ය. එ බැවින් පළමුවෙන් භාවනාවට බසින්නා වූ පින්වතුන් විසින් කායානුපස්සනා සතිපට්ඨානය ම භාවනා කළ යුතු ය. සතිපට්ඨානය යි කියනුයේ යෝගාවචරයන් විසින් තමන් ගේ සිත තබා ගැනීමට බලාපොරොත්තු වන ආශ්වාස ප්‍ර‍ශ්වාසාදි අරමුණක යටත් පිරිසෙයින් පැය භාගයක් පැය කාලක් පමණ වත් අන් අරමුණකට නොයන පරිදි සිත නැවැත්විය හැකි වන පරිදි දියුණු වූ සිහියට ය. ආදියෙහි භාවනාවට බට යෝගාවචරයාගේ සිත ඉතා ඉක්මණින් ම භාවනාව කරන අරමුණෙන් බැහැරට යන්නේය.

ආශ්වාස ප්‍ර‍ශ්වාසාදි ආරම්මණයෙන් බැහැරට ගියා වූ සිත උත්සාහයෙන් නැවත නැවත ඒ ආශ්වාස ප්‍ර‍ශ්වාසාදි ආරම්මණයට ගනිමින් සිත පුරුදු කරන කල්හි ක්‍ර‍මයෙන් සිහිය වැඩෙන්නේය. සිහිය වැඩුණු වැඩුණු පමණට යෝගාවචරයා හට වඩ වඩා දික් කාලයක් ආශ්වාස ප්‍ර‍ශ්වාසාදියෙහි සිත නවත්වා ගත හැකි වන්නේ ය. දියුණු වූ සිහිය යෝගාවචරයා ගේසිතට ආශ්වාස ප්‍ර‍ශ්වාසාදි ආරම්මණය නැවත නැවත මතු කර දෙන්නේ ය. සිතට ඉන් බැහැරට යන්නට නො දෙන්නේ ය. යෝගාවචරයාට සිත වැඩි වේලාවක් වුවමනා අරමුණෙහි තැබිය හැකි වන්නේ දියුණු වූ ඒ සිහියට ය. සතිපට්ඨාන භාවනාවය යි කියනුයේ ඒ තත්ත්වයට පැමිණෙන සැටියට සිහිය දියුණු කිරීමටය.

කායානුපස්සනා සතිපට්ඨානය යි කියනුයේ ආශ්වාස ප්‍ර‍ශ්වාසාදි කායයන් මගින් දියුණු කර ගන්නා ලද සිහියට ය. සතර සතිපට්ඨානයෙන් එක් සතිපට්ඨානයක් භාවනා කිරීම ම නිවන් දැකීමට ප්‍ර‍මාණ වේ. එක් සතිපට්ඨානයක් ඇති කර ගත් කල්හි ඉතිරි සතිපට්ඨාන තුන ද ඇති කර ගත්තා වැනි වේ. එ බැවින් මෙහි කායානුපස්සනා සතිපට්ඨානය ගැන පමණක් සංක්ෂේප විස්තරයක් කරනු ලැබේ. මහා සතිපට්ඨාන සූත්‍රයෙහි කායානුපස්සනා සතිපට්ඨාන භාවනා ක්‍ර‍ම තුදුසක් වදාරා තිබේ. ඒ තුදුස නම් :- ආශ්වාස ප්‍ර‍ශ්වාස මෙනෙහි කිරීම ය, ගමනාදි ඊර්‍ය්‍යාපථයන් මෙනෙහි කිරීම ය, චතුසම්පජඤ්ඤ වශයෙන් භාවනාව ය, ප්‍ර‍තික්කූල මනස්කාරය ය, ධාතුමනස්කාරය ය, සීවථිකයන් පිළිබඳ වූ මනස්කාර නවය ය යන මොහු ය. ඒ තුදුස අතුරෙන් ද බොහෝ යෝගාවචරයන් පුරුදු කරනුයේ ආශ්වාස ප්‍ර‍ශ්වාස මනස්කාරය, ප්‍ර‍තිකූල මනස්කාරය, ධාතුමනස්කාරය යන තුන ය. ඒ තුනෙන් ධාතු මනස්කාරය කළ යුතු සැටි අප විසින් සම්පාදිත විදර්ශනා භාවනා ක්‍ර‍මය පොතේ දක්වා ඇත.

[READ:

[කායේ කායානුපස්සී විහරති : යන යෙදුම වචනාර්ථයෙන් තෝරන්නට යාමෙන් බොහෝ විට සාවද්‍යය තේරුම් දක්වනු පෙනේ. පුජනීය බෝධි හිමියන් එය තේරුම් කරන්නේ කය පිළිබඳව සතිය .පැවත්වීමෙදී ,වේදනා නොහොත් වින්දන ගැන නොසලකා , ධම්ම ගැන නොසලකා, සිතුවිලි ගැන නොසලකා කයේ ක්‍රියාකාරිත්වය ගැන පමණක් සතිය පැවැත්වීමය. සතර සති පට්ඨානය වෙන වෙනම වැඩීමෙන් ඒවායේ හටගැන්ම පැවැත්ම හා නැසීයාම සම්පුර්නව දැක ගත හැකි වේ. ]

[3] “මහණෙනි,
වේදනාවෙහි වේදනානුපස්සනාව
යයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය, ඥානය පහළ විය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළ විය. මහණෙනි මේ වේදනාවෙහි වේදනානුපස්සනාව වැඩිය යුතු යයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය, ඥානය පහළවිය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. මහණෙනි, මේ වේදනාවෙහි වේදනානුපස්සනාව වඩන ලදැයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළ විය, ඥානය පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.

[සුඛ වේදනාව, දුඃඛ වේදනාව ය, අදුඃඛමසුඛ වේදනාව ය යි වේදනා තුනෙකි. සාමාන්‍ය ජනයා විසින් සැපය ය කියා ද, සනීපය කියා ද සමහර විට හොඳ ය කියා ද, ව්‍යවහාර කරන්නා වූ ඉවසීමට ලැබීමට පිළිගැනීමට කැමති වන්නා වූ ස්වභාවය සුඛ වේදනාව ය. දුක ය කියා ද, රිදුම ය කියා ද, නරකය කියා ද, ව්‍යවහාර කරන්නා වූ ඉවසීමට දුෂ්කර වූ පිළිගැනීමට ලැබීමට නො කැමති වන්නා වූ ස්වභාවය දුඃඛ වේදනාව ය. සැපත් නො වන දුකත් නො වන මධ්‍යස්ථ ස්වභාවය අදුක්ඛමසුඛ වේදනාව ය. උපේක්ෂා වේදනාව යනු ද එයට ම කියන අනෙක් නමෙකි. තෙ වැදෑරුම් වූ ම මේ වේදනාව සිත හා බැඳී උපදනා වූ පවත්නා වූ එක්තරා ස්වභාවයෙකි. තවත් ක්‍ර‍මයකින් කියතහොත් චෛතසික ධර්මයෙකි. වේදනා තුනෙන් සුඛ දුඃඛ වේදනා දෙක ඉතා ප්‍ර‍කට ය. උපේක්ෂා වේදනාව අප්‍ර‍කට ය. එබැවින් එයට ජනයා වැඩි සැලකිල්ලක් නො දක්වති. උපේක්ෂා වේදනාව සුඛ වේදනා දුඃඛ වේදනා දෙකට අනුව සිතා දත යුත්තෙකි. සුඛ වේදනා දුක්ඛ වේදනා දෙකින් එකකුදු නැති කල්හි සිත්හි ඇති ස්වභාවය උපේක්ෂා වේදනාවය.

වේදනාව සැම දෙනා ම හඳුනන සැම දෙනාට ම ඉතා ප්‍ර‍කට දෙයක් වුව ද එහි සැබෑ තත්ත්වය සාමාන්‍ය ජනයා නො දනිති. එ බැවින් මම සැප විඳිමි ය, මම දුක් විඳිමි ය, අසවලා සැප විඳීය, අසවලා දුක් විඳීය යි වේදනාව ගැන ආත්ම සංඥාව ද, සත්ත්ව පුද්ගල සංඥාව ද, ඔවුනට ඇති වේ. විඳින්නේ මම ය කියා සත්කාය දෘෂ්ටිය ඇති වේ. තවත් ලෝභාදි බොහෝ ක්ලේශයෝ ද වේදනාව නිසා උපදිති. සුඛ වේදනාව ලැබීම සඳහා ද දුඃඛ වේදනාවෙන් මිදීම සඳහා ද සත්ත්වයෝ නොයෙක් පව් කම් කරති. බොහෝ දුක් ඇත්තා වූ සසරට, සුඛ වේදනාව නිසා ඇලුම් කෙරෙති. අනිත්‍ය වූ සුඛ වේදනාවේ අභාවප්‍රාප්තිය ගැන දුක් වෙති. තැවෙති. අනිත්‍ය වූ සුඛ වේදනාව නිත්‍ය කර ගැනීමට වෙහෙසෙති. වේදනාව පිළිබඳ වූ මුලාව නිසා සත්ත්වයනට සසර දුකින් මිදී නිවන් දැකීමට දුෂ්කර වී තිබේ.

පස් කම් සුවයෙහි ඇලී ගැලී සිටින එය ම සොයමින් සිටින ගිහියන්ට තබා, සසර කලකිරී පැවිදි ව වන ගත ව වෙසෙන පැවිද්දන්ට ද, වරින් වර ඔවුන් කෙරෙහි ඇතිවන්නා වූ සුඛ දුඃඛ වේදනාවන් නිසා තෘෂ්ණා මාන දෘෂ්ට්‍යාදි බොහෝ ක්ලේශයෝ උපදිති. දුඃඛ වේදනාව නිසා බොහෝ යෝගාවචරයෝ යෝගය හැර දමති. යෝගාවචරයනට සුඛ වේදනාව නිසා කාමච්ඡන්ද නීවරණය ඇති වේ. දුඃඛ වේදනාව නිසා ව්‍යාපාද නීවරණය ඇති වේ. උපේක්ෂා වේදනාව නිසා ථීනමිද්ධ නීවරණය හා අවිද්‍යා නීවරණය ඇති වේ. සාමාන්‍යයෙන් වේදනාව නිසා නීවරණ සියල්ල ම ඇති වන බව කිය යුතුය. ඒ සියල්ල ම වන්නේ වේදනාවේ සැබෑ තත්ත්වය නො දැනීම නිසා ය. වේදනා පිළිබඳ මුළාව දුරු වීම පිණිස සැම දෙනා විසින් ම එක්තරා ප්‍ර‍මාණයකින් වේදනානුපස්සනා සතිපට්ඨානය වැඩිය යුතු ය. එය යෝගාවචරයන් හට මූල කර්මස්ථානය කර ගැනීමට සුදුසු නැත. කායානුපස්සනාව මූල කර්මස්ථානය කරගත යුතු ය. වේදනානුපස්සනාව අතිරේක භාවනාවක් වශයෙන් කළ යුතු ය. වේදනානුපස්සනා භාවනාවය යනු වේදනාවෙහි සැබෑ තත්ත්වය සොයා ගෙන, එය නැවත නැවත මෙනෙහි කිරීමය.

වේදනාවේ සැබෑ තත්ත්වය මෙසේ ය. වේදනාව සත්ත්වයෙක් පුද්ගලයෙක් නො වේ. සත්ත්වයකු පුද්ගලයකු විසින් උපදවන්නක් ද නො වේ. සත්ත්වයකු විසින් ඉපදවිය හැකියක් ද නො වේ. එය හේතූන්ගේ සංයෝගයෙන් ඇති වන්නකි. ඇති වූ වහා බිඳී යන්නකි. නො බිඳී පැවතිය හැකි ශක්තියක් වේදනාවට නැත. උපන් වේදනාවකට බිදෙන්නට නොදී පැවැත්විය හැකි, රැකිය හැකි, ශක්තියක් කාහටවත් නැත. වේදනාව අනිත්‍ය ධර්මයෙකි. දුක්ඛ ධර්මයෙකි. අනාත්ම ධර්මයෙකි.

ආලෝකය ඇති කල්හි ඇස ඉදිරියේ තිබෙන වස්තු පෙනෙන්නේ ය. පෙනීම ය යනු ඒ ඒ වස්තූන් පිළිබඳ ව දැනුමක් ඇති වීම ය. ඒ දැනුමට ආගමික පොත්වල දැක්වෙන නම චක්ඛුවිඤ්ඤාණය යනු යි. චක්ඛුවිඤ්ඤාණයට ලෝකයෙහි දැකීම යයි ද පෙනීම ය යි ද කියති. ඒ පෙනීම කිසිවකු විසින් ඇති කරන්නා වූ දෙයක් නො වේ. කිසිවකු විසින් ඇති කළ හැකි දෙයක් ද නො වේ. මම දකිමි යි සිතීම වැරදි හැඟීමෙකි. අනිකා දැකීම යි සිතීම ද වැරදි හැඟීමෙකි. මේ දැකීම පුද්ගලයා විසින් කරන්නක් නම්, චක්ඛුවිඤ්ඤාණය පුද්ගලයා විසින් උපදවන්නක් නම්, පුද්ගලයාට දැකීම සිදුවන්නට නො දී, චක්ඛු විඤ්ඤාණයට උපදින්නට නො දී සිටිය හැකි විය යුතුය.

ඇස ඇත්නම්, ආලෝකය ඇත්නම්, ඇස ඉදිරියේ රූප ඇති නම්, දැකීම සිදුවීම පුද්ගලයාට වැළැක්විය නො හැකි ය. චක්ඛුවිඤ්ඤාණයේ ඉපදීම පුද්ගලයාට වැළැක්විය නො හැකි ය. නො පෙනේවා යි කොතෙක් සිතුවත් පෙනීම සිදුවන්නේ ම ය. ඉදින් දැකීම හෙවත් චක්ඛුවිඤ්ඤාණය පුද්ගලයා විසින් උපදවන්නක් නම් ඔහුට එය නූපදවා සිටිය හැකි විය යුතු ය. ඔහුට එය නො වැළැක්විය හැක්කේ, ඇස ඉදිරියේ ඇති රූප නො දැක සිටිය නො හැක්කේ, දැකීම හෙවත් චක්ඛුවිඤ්ඤාණය පුද්ගලයා විසින් උපදවන්නක් නො ව, අන් හේතුවකින් ඇති වන්නක් බැවිනි.

චක්ඛුවිඤ්ඤාණය පුද්ගලයා විසින් උපදවන, පුද්ගලයා අයත් දෙයක් නම් දුර තිබෙන රූප ද ඔහුට දැකිය හැකි විය යුතු ය. එය නො කළ හැකි වන්නේ ද චක්ඛුවිඤ්ඤාණය පුද්ගලයා විසින් උපදවන පුද්ගලයාට අයත් දෙයක් නො වන බැවිනි. මේ දැකීම හෙවත් චක්ඛුවිඤ්ඤාණය, ඇසත් රූපයත් නිසා ඇති වන්නකි. එය සත්ත්වයෙක් පුද්ගලයෙක් නො වේ. දැකීම නමැති ක්‍රියා විශේෂයෙකි. තවත් ක්‍ර‍මයෙකින් කියත හොත් විඤ්ඤාණයෙකි. මම දකිමි ය, අනෙක දකීය ය යි කියනුයේ මම නො වූ අනිකකු නොවූ ධාතු මාත්‍ර‍යක් වූ චක්ඛුවිඤ්ඤාණය මම ය කියා ද, අනිකාය කියා ද වරදවා තේරුම් ගැනීමෙනි.

වේදනාව ද චක්ඛුවිඤ්ඤාණය වැනි වූ අරූප ධර්මයෙකි. චක්ඛුවිඤ්ඤාණය සේ ම ප්‍ර‍ත්‍යයන්ගේ සංයෝගයෙන් හට ගන්නා ධර්මයෙකි. චක්ඛුවිඤ්ඤාණය සත්ත්වයා පුද්ගලයා නො වන්නාක් මෙන් ම වේදනාව ද සත්ත්වයෙක් පුද්ගලයෙක් නො වේ. පුද්ගලයකුට චක්ඛුවිඤ්ඤාණය ඉපදවිය නො හැකි වන්නාක් මෙන් ම වේදනාව ද පුද්ගලයකු විසින් නො ඉපද විය හැකි ය. ප්‍ර‍ත්‍යයන්ගේ සංයෝගය ඇති වුව හොත් චක්ඛුවිඤ්ඤාණයේ ඉපදීම පුද්ගලයාට නො වැළැක්විය හැකිවාක් මෙන් ම ප්‍ර‍ත්‍යයන්ගේ සංයෝගය ඇති වුවහොත් වේදනාව ඉපදීම ද පුද්ගලයාට නො වැළැක්විය හැකිය. කියන ලද කරුණු නැවත නැවත නුවණින් සලකා බලා වේදනාවේ සැටි හොඳින් තේරුම් ගත යුතු ය. හොඳින් තේරුම් ගෙන තමා ගේ සන්තානයේ ඇති වන්නා වූ ද අනුන්ගේ සන්තානවල ඇති වන්නා වූ ද, සුඛාදි වේදනාවන් ගැන අවකාශ ඇති පරිදි භාවනා කළ යුතු ය. තමා ගේසන්තානයෙහි උපදනා සුඛාදි වේදනාවන් ගැන භාවනා කළ යුත්තේ මෙනෙහි කළ යුත්තේ මෙසේ ය.

භාවනා වාක්‍යය
මේ සුඛ වේදනාව මා විසින් උපදවන ලද්දක් නො වේ. අනිකකු විසින් උපදවන ලද්දක් ද නොවේ. මේ සුඛ වේදනාව මම ද නො වේ. මාගේ ද නොවේ. අනිකෙක් ද නොවේ. අනිකකුගේ ද නොවේ. එය ආරම්මණාදි ප්‍ර‍ත්‍යයන් නිසා ඇතිවන්නා වූ එක්තරා අරූප ධර්‍මයෙකි. සිත කය දෙක නිසා ඇති වන්නා වූ අරූප ධර්‍මයෙකි. එය ප්‍ර‍ත්‍යයන් නිසා ඉපද බිඳී යන බැවින් ද පරම්පරාව සිඳී යන බැවින් ද අනිත්‍ය ධර්‍මයෙකි. අනිත්‍ය නිසා ම දුඃඛ ධර්‍මයෙකි. දුක නිසා ද හරයක් නැති නිසා ද අනාත්ම ධර්‍මයෙකි.

ඉතිරි වේදනා දෙක ගැන ද කියන ලද්දට අනුව වාක්‍ය යොදා ගෙන භාවනා කරනු. දුඃඛ වේදනාව පිළිබඳ භාවනාවේ දී අනිත්‍ය නිසා දුඃඛ ධර්මයකැයි නො කියා ඉවසීමට දුෂ්කර නිසා නො මනා නිසා දුඃඛ ධර්මයෙකැයි වාක්‍යය යොදා ගත යුතු ය. උපේක්ෂා වේදනාව පිළිබඳ භාවනාවේ වෙනසක් කරන්නට දෙයක් නැත. සුඛ වේදනාව දුක වන්නේ බිදෙන නිසා ය. සුඛය නැති වී යාම දුකෙකි. දුඃඛ වේදනාවේ බිඳීම අභාවප්‍රාප්තිය සැපයෙකි. පැවැත්ම එහි දුක ය. කලින් කල මෙසේ වේදනාව පිළිබඳව භාවනා කරන යෝගාවචරයා හට වේදනාව නිසා ඇති වන තෘෂ්ණා මාන දෘෂ්ට්‍යාදීන් ගේ ඇති වීම මඳ වන්නේ ය. වේදනාව නිසා සිදු වන පව් සිදු නො වන්නේ ය. මූල කර්මස්ථානය වඩා ඔහුට ලෝකෝත්තර මාර්ගයට පැමිණීම පහසු වන්නේ ය. වේදනානු පස්සනාව දියුණු කොට චතුස්සත්‍යයට නඟා භාවනා කිරීමෙන් අර්හත්වයට ද පැමිණිය හැකි ය. එහෙත් එය පහසු නො වන බැවින් වේදනානුපස්සනාවෙන් මඟ පල ලබන්නට බලාපොරොත්තු නොවිය යුතු ය.

[4] “මහණෙනි,
චිත්තයන්හි චිත්තානුපස්සනාව
යයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළවිය, ඥානය පහළ විය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළ විය. මහණෙනි, මේ චිත්තයන්හි චිත්තානුපස්සනාව වැඩිය යුතුයයි මට නුවණැස පහළවිය, ඥානය පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. මහණෙනි, චිත්තයන්හි චිත්තානුපස්සනාව වඩන ලද්දේයයි මට පෙර නොඇසූවිරූ ධර්මයන් කෙරෙහි නුවණැස පහළ විය, ඥානය පහළ විය, විද්‍යාව පහළවිය, ආලෝකය පහළ විය.

[5] මහණෙනි,
ධර්මයන්හි ධම්මානුපස්සනාව
යයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය, ඥානය පහළවිය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළවිය. මහණෙනි, මේ ධර්මයන්හි ධම්මානුපස්සනාව වැඩිය යුතුයයි මට නුවණැස පහළවිය, ඥානය පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. මහණෙනි, මේ ධර්මයන්හි ධම්මානුපස්සනාව වඩන ලදැයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළ විය, ඥානය පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.

SN 05-03-04-02. විරාග සූත්‍රය

පුජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

[2] “මහණෙනි,
නිතර නිතර නොව හැමවිටම සතියෙන් ජීවිත්වන විට
එසේ නිතොර වඩන ලද්දාවූ, බහුලී කරන ලද්දාවූ
මේ සතර සතිපට්ඨානයෝ
ඒකාන්තයෙන් සසර කෙරෙහි කලකිරීම පිණිස,
ලෝකය හා නොඇලීම පිණිස, නිරෝධය පිණිස,
ක්ලේශ සංසිඳීම පිණිස, සම්පුරණ දැනගැනීම පිණිස,
චතුස්සත්‍යාවබෝධය පිණිස,
නිර්වාණය පිණිස පවතියි.

“කවර සතරක්දයත්?

[3]. මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
මේ ලෝකයෙහි අරමුනු ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
කයෙහි ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[4].“මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
සියලු අරමුනු නිසා වන වින්දන ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
වින්දනයන් හි ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[5].“මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
සියලු අරමුනු නිසා වන සිතිවිලි ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
සිතිවිලි වල ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[සිත ද තදින් ආත්ම දෘෂ්ටිය ඇති වන තැනකි. සිත සම්බන්ධයෙන් ඇති වන ආත්ම දෘෂ්ටිය දුරු කර ගැනීමට චිත්තානුපස්සනා සතිපට්ඨානය වැඩිය යුතු ය. සිත සාමාන්‍යයෙන් එකක් වුව ද එහි ප්‍රභේද බොහෝ ය. මහා සතිපට්ඨාන සූත්‍රයෙහි සිත සොළොස් ආකාරයකට බෙදා දක්වා තිබේ. ඒ මෙසේ ය –

අවිමුත්ත චිත්තය
සරාග චිත්තය
වීත රාග චිත්තය
සදේස චිත්තය
වීත දෝස චිත්තය
සමෝහ චිත්තය
වීත මෝහ චිත්තය
සංඛිත්ත චිත්තය
වික්ඛිත්ත චිත්තය
මහග්ගත චිත්තය
අමහග්ගත චිත්තය
ස උත්තර චිත්තය
අනුත්තර චිත්තය
සමාහිත චිත්තය
අසමාහිත චිත්තය
විමුත්ත චිත්තය.

සරාග චිත්තය යනු රාගය සහිත වූ සිත ය. ආදරය, ආලය, ප්‍රේමය යන වචනවලින් කියැවෙන්නේ රාගය ය. සමහර පුද්ගලයන් සම්බන්ධයෙන් සමහර කෙනකුට රාගය යි කියන ලද ආදරය ඇති වේ. ආදරය ඇති වීම ය යනු රාග සහිත සිත පහළ වීම ය. සරාග සිත පහළ වූ තැනැත්තා මම අසවලාට බොහෝ ආදරය ඇත්තෙමියි සිත යි. කියයි. එසේ සිතන්නේ සරාග චිත්තය ආත්ම වශයෙන් වරදවා ගැනීමෙනි. සරාග චිත්තය ද ඉහත කී චක්ඛුවිඤ්ඤාණය සේ වේදනාව සේ රාගය වඩන අරමුණ හේතු කොට ගෙන සත්ත්ව සන්තානයෙහි ඇති වන්නකි. එය ඇති වූ පසු මම අසවලාට ආදරය ඇත්තෙමි යි කියනු ලැබේ. එසේ කියනුයේ චිත්තය සිතක් සැටියට නො ගෙන තමා සැටියට වරදවා ගැනීමෙනි. සරාග චිත්තය රාගය දියුණු වන අරමුණු නිසා ඇති වන්නක් මිස සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවේ. සරාග සිත සම්බන්ධයෙන් සාමාන්‍ය ජනයාට ඇති වන ඒ සත්ත්ව පුද්ගල සංඥාව හා ආත්ම සංඥාව ඇති නොවන ලෙස සරාග චිත්තය උපන් කල්හි ඒ සිත ගැන මෙනෙහි කිරීම චිත්තානුපස්සනා සතිපට්ඨානය වැඩීම ය. සරාග චිත්තය ගැන කරන භාවනාව මෙසේ ය.

භාවනා වාක්‍යය

මේ සරාග චිත්තය රාගයට හිත වූ අරමුණක් එළඹ සිටීම හේතු කොට උපන් ධර්මයෙකි. එය මම නොවේ. අනිකෙක් ද නො වේ. මාගේ ද නො වේ. අනිකකුගේ ද නො වේ. මා විසින් උපදවන ලද්දේ ද නො වේ. අනිකකු විසින් උපදවන ලද්දේ ද නො වේ. රාගයට හිත අරමුණ එළඹ සිටීමෙන් සරාග සිත තෙමේ ම උපන්නේ ය. එය වහා බිඳී යන බැවින් අනිත්‍ය ධර්මයෙකි. අනිත්‍ය බැවින් ම දුඃඛ ධර්‍මයෙකි. දුක් බැවින් ද හරයක් නො වන බැවින් ද අනාත්ම ධර්‍මයෙකි.

සරාග චිත්තය ආත්ම වශයෙන් හා ආත්මීය වශයෙන් ගන්නා වූ තැනැත්තා ගේ සන්තානයෙහි රාගය වැඩෙන්නේ ය. උපන් සරාග චිත්තය ගැන කියන ලද පරිදි අනිත්‍යාදි වශයෙන් සලකන්නා වූ තැනැත්තා ගේ සන්තානයෙහි එය නො වැඩෙන්නේ ය. භාවනාව හේතු කොට රාගය දුරු වී ඔහුගේ සන්තානයෙහි වීතරාග චිත්තයෝ පහළ වන්නා හ. වීතරාග චිත්තයෝ ය යනු රාග විරහිත චිත්තයෝ ය. වීතරාග චිත්තය කෙරෙහි ද ආත්ම සංඥාව ඇති විය හැකි ය. එය දුරු වීම පිණිස වීතරාග චිත්තය ආත්මයක් නො වන බව ප්‍ර‍ත්‍යයෙන් හට ගන්නා දෙයක් බව තේරුම් ගන්නා ආත්ම සංඥාව දුරු වන ලෙස සිහිය පිහිට විය යුතු ය. භාවනා කළ යුතු ය.

භාවනා වාක්‍යය
මේ වීතරාග චිත්තය අරමුණක් එළඹ සිටීම හේතු කොට උපන් ධර්‍මයෙකි. එය මම ඇති කරගත්තක් නො වේ. මගේ ද නො වේ. අනිකෙක් ගේද නො වේ. අනිකකු ගේ ද නො වේ. එය මා විසින් උපදවන ලද්දේ ද නො වේ. අනිකකු විසින් උපදවන ලද්දේ ද නො වේ. ආරම්මණාදි ප්‍ර‍ත්‍යයන්ගේ සංයෝගයෙන් වීතරාග චිත්තය තෙමේ ම උපන්නේ ය. එය වහා බිඳී යන බැවින් අනිත්‍ය ධර්‍මයෙකි. අනිත්‍ය බැවින් දුඃඛ ධර්මයෙකි. දුක නිසා ද හරයක් නැති නිසා ද අනාත්ම ධර්‍මයෙකි.

සදෝස චිත්ත වීතදෝස චිත්තාදි ඉතිරි සිත් ගැන ද ස්වසන්තානයෙහි සිත් උපදනා සැටි නුවණින් සලකා බලා ඒ ඒ අවස්ථාවල දී භාවනා කරනු. සදෝස චිත්තය යනු ද්වේෂයෙන් යුක්ත සිත ය. වීතදෝස චිත්තය යනු ද්වේෂයෙන් තොර වූ සිත ය. සමෝහ චිත්තය යනු මෝහය සහිත වීම ය. වීතමෝහ චිත්තය යනු මෝහය නැති සිත ය. සංඛිත්ත චිත්තය යනු හැකුළුණු සිත ය. වික්ඛිත්ත චිත්තය යනු නො සන්සුන් සිත ය. මහග්ගත චිත්තය යනු මහත් බවට පැමිණි රූපාවචර අරූපාවචර සිත් ය. අමහග්ගත චිත්තය යනු කාමාවචර චිත්තය ය. ස උත්තර චිත්තය යනු ද කාමාවචර චිත්තය ම ය. අනුත්තර චිත්තය යනු රූපාවචර අරූපාවචර සිත් ය. ලෝකෝත්තර සිත් මෙහි නො ගනු ලැබේ. සමාහිත චිත්තය යනු අප්පණා සමාධි උපචාර සමාධිවලින් යුක්ත චිත්තය ය. අසමාහිත චිත්තය යනු ඒ සමාධි දෙකින් එකකුදු නැති සිත ය. විමුක්ත චිත්තය යනු තදංග වශයෙන් හෝ විෂ්කම්භණ වශයෙන් හෝ කෙලෙසුන්ගෙන් මිදුණු සිත ය. අවිමුත්ත චිත්තය යනු කෙලෙසුන් ගෙන් නො මිදුණු සිත ය.

[6]. “මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
ලොව පවතින සියලු ධම්මයන් ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
ධම්මයන්ගේ ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[7]. “මහණෙනි,
මේ සතර සතිපට්ඨානයෝ නිතිපතා
ජීවිතයම ලෙස පවත්වන විට එය
ඒකාන්තයෙන් මේ ලෝකය කෙරෙහි
සසර පැවැත්ම පිණිස ඇති කැමැත්ත
නැති කරගැනීමට කලකිරීම පිණිස නොඇලීම පිණිස,
නිරෝධය පිණිස, සංසිඳීම පිණිස
විශේෂ ඥානය පිණිස
චතුස්සත්‍ය අවබෝධය පිණිස,
නිර්වාණය පිණිස පවතිත්.”

SN 05-03-04-03 විරජ්ජ සූත්‍රය.

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

[2] “මහණෙනි,
නිතර නිතර නොව හැමවිටම සතියෙන් ජීවිත්වන විට
වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සතර සතිපට්ඨානයෝ
ඒකාන්තයෙන් සසර කෙරෙහි කලකිරීම පිණිස,
ලෝකය හා නොඇලීම පිණිස, නිරෝධය පිණිස,
ක්ලේශ සංසිඳීම පිණිස, සම්පුරණ දැනගැනීම පිණිස,
චතුස්සත්‍යාවබෝධය පිණිස,
නිර්වාණය පිණිස පවතියි.

“මහණෙනි,
තොප අතුරෙන් යමෙක්
සතර සතිපට්ඨානයෝ නොවඩන්නේද
ඔහු දුක් නැතිකිරීම පිණිස මා කියාදුන්
ආර්‍ය්‍ය මාර්ගයේ නොයන්නෙක්ය.
.

මහණෙනි,
යමෙක් සතර සතිපට්ඨානයෝ වඩත්ද,
ඔහු සියළු දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ
ආර්‍ය්‍යමාර්ගය පටන්ගන්නා ලදී.

3]. මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
මේ ලෝකයෙහි අරමුනු ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
කයෙහි ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[4].“මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
සියලු අරමුනු නිසා වන වින්දන ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
වින්දනයන් හි ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[5].“මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
සියලු අරමුනු නිසා වන සිතිවිලි ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
සිතිවිලි වල ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[6]. “මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
ලොව පවතින සියලු ධම්මයන් ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
ධම්මයන්ගේ ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

“මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් මේ සතර සතිපට්ඨානයෝ පටන් නොගන්නා ලද්දාහුද? ඔවුන් විසින් මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ආර්‍ය්‍ය මාර්ගය පටන්නොගන්නා ලදී. මහණෙනි, යම්කිසි කෙනෙකුන් විසින් මේ සතර සතිපට්ඨානයෝ පටන් ගන්නා ලද්දාහුද ඔවුන් විසින් මනාකොට දුක් නැති කිරීම පිණිස පවත්නාවූ ආර්‍ය්‍ය මාර්ගය පටන්ගන්නා ලදී.”

[(i) .නීවරණ සම්මර්ශනය ය, (ii). ස්කන්ධ සම්මර්ශනය ය, (ii).ආයතන සම්මර්ශනය ය, බෝධ්‍යඞ්ග සම්මර්ශනය ය, ආර්‍ය්‍ය සත්‍ය සම්මර්ශනය ය යි ධම්මානුපස්සනා සතිපට්ඨානය පස් ආකාරයකින් මහා සතිපට්ඨාන සූත්‍රාදියේ දක්වා තිබේ.

(i) නීවරණ සම්මර්ශනය ය,
කාමච්ඡන්ද නීවරණය ය, ව්‍යාපාද නීවරණය ය, ථීනමිද්ධ නීවරණය ය, උඬච්ච කුක්කුච්ච නීවරණය ය, විචිකිච්චා නීවරණය යයි නීවරණ ධර්ම පසෙකි. නීවරණයෝ නම් යෝගාවචරයනට ධ්‍යාන මාර්ග ඵල ධර්මයන් උපදවා ගැනීමට ලබා ගැනීමට බාධා කරන ධර්මයෝ ය. නීවරණයන් දුරු කර නො ගෙන ධ්‍යානාදි ධර්මයන් කිසිවකුට නො ලැබිය හැකි ය. ධ්‍යානා දිය ලැබීමේ මහත් බලාපොරොත්තුවෙන් පන්සල් ජීවිතය හැර අරණ්‍යගත ව භාවනා කරන්නා වූ බොහෝ පැවිද්දන්ට අවුරුදු ගණනක් දුක් ගෙන ද උපචාර සමාධි මාත්‍ර‍යක්වත් ලබන්නට නො හැකි වන්නේ ඔවුන් කෙරෙහි ඇති නීවරණයන් නිසා ය.

නීවරණයන් ගෙන් ගහණ වූ සිත් ඇති බොහෝ යෝගාවචරයෝ තමන් කෙරෙහි නීවරණයන් ඇති බව පවා නො දනිති. පන්සල් ජීවිතය හැර අරණ්‍යයට ගියා වූ භික්ෂු තෙමේ අරණ්‍යයට ගිය පමණින් තමා ශුද්ධ වූයේ ය යි සිතයි. නීවරණයන් නිසා සමාධිය නො ලබන්නා වූ ඒ භික්ෂු තෙමේ තමාට සමාධිය නො ලැබීම ගැන අනිකක් සිත යි. මෙය බොහෝ යෝගාවචරයන්ට වරදින කරුණෙකි. නීවරණ දුරු කර ගැනීම තබා තම තමන් කෙරෙහි ඒවා ඇති නැති බව තේරුම් ගැනීම පවා ඉතා දුෂ්කර කාරණයෙකි. කවර ආකාරයකින් වුවත් යෝගාවචරයන් විසින් නීවරණ තුනී කර ගත යුතු ය. එසේ නො කොට කොතෙක් කල් අරණ්‍යයේ සිටියත් කොතෙක් දුක් ගත්තක් කොතෙක් භාවනා කළත් භාවනාවෙන් බලාපොරොත්තු වන ඵලය නො ලැබිය හැකි ය. එබැවින් සෑම යෝගාවචරයකු විසින් ම නීවරණයන් ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු ය. නීවරණ මනස්කාරය භාවනාවක් වශයෙන් දක්වා තිබෙන්නේ ද එ හෙයිනි.

ස්කන්ධ සම්මර්ශනය ය,
ආයතන සම්මර්ශනය ය,
බෝධ්‍යඞ්ග සම්මර්ශනය ය,
ආර්‍ය්‍ය සත්‍ය සම්මර්ශනය ]

SN 05-03-04-04. භාවිත සූත්‍රය.

[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි,
වඩන ලද්දාවූ බහුලීකරන ලද්දාවූ මේ සතර සතිපට්ඨානයෝ (සංසාර සාගරයෙන්) මෙතරින් එතෙරට යෑම පිණිස පවතිත්.

3]. මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
මේ ලෝකයෙහි අරමුනු ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
කයෙහි ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[4].“මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
සියලු අරමුනු නිසා වන වින්දන ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
වින්දනයන් හි ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[5].“මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
සියලු අරමුනු නිසා වන සිතිවිලි ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
සිතිවිලි වල ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[6]. “මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
ලොව පවතින සියලු ධම්මයන් ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
ධම්මයන්ගේ ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

මහණෙනි,
පුරුදු කරන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සතර සතිපට්ඨානයෝ
(සංසාර සාගරයෙන්) මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිත්.

SN 05-03-04-05. සතෝ සූත්‍රය.

[§1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

[§1] . “මහණෙනි,
සතියෙන් යුක්තව නුවණින් යුක්තව වාසය කරව්.
මේ තොපට අපගේ අනුශාසනාවයි.

මහණෙනි,
කෙසේනම් සතිය වැඩිය හැකිද?

3]. මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
විමසුම් නුවනින් අවබෝධ කරගනිමින්,
සතියෙන් යුක්තව,
මේ ලෝකයෙහි අරමුනු ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
කයෙහි ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[4].“මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
සියලු අරමුනු නිසා වන වින්දන ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
වින්දනයන් හි ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[5].“මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
සියලු අරමුනු නිසා වන සිතිවිලි ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
සිතිවිලි වල ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[6]. “මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
ලොව පවතින සියලු ධම්මයන් ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
ධම්මයන්ගේ ඇතිවීම, පැවතීම නැතිවීම
නුවනින් බලමින් වසව්.

“මහණෙනි,
මෙසේ තොප සතිය ඇත්තෙක් වේ.

[§1] මහණෙනි,
කෙසේ නම් නුවණ ඇත්තෙකු වේද?

මහණෙනි,
ප්‍රකටව වේදනාවෝ උපදිත්දී,
ඒ බව නුවනින් දකිව්.
ප්‍රකටව වේදනාවෝ පවතීත්ද,
ඒ බව නුවනින් දකිව්.
ප්‍රකටව වේදනාවෝ විනාශයට යෙත්ද
ඒ බව නුවනින් දකිව්.

ප්‍රකටව විතර්කයෝ උපදිත්ද
ඒ බව නුවනින් දකිව්.
ප්‍රකටව විතර්කයෝ එළඹ සිටිත්ද,
ඒ බව නුවනින් දකිව්.
ප්‍රකටව විතර්කයෝ විනාශයට යත්ද,
ඒ බව නුවනින් දකිව්.

“ප්‍රකටව සඤ්ඤාවෝ උපදිත්ද,
ඒ බව නුවනින් දකිව්.
ප්‍රකටව සඤ්ඤාවෝ එළඹ සිටිත්ද,
ඒ බව නුවනින් දකිව්.
ප්‍රකටව සඤ්ඤාවෝ විනාශවී යත්ද,
ඒ බව නුවනින් දකිව්.

මහණෙනි,
මෙසේ තොපගේ සම්පජන්නය නුවණ වැඩේ.
මහණෙනි,මෙසේ සිහි ඇතිව නුවණ ඇතිව
සති සම්ප්ජංගයෙන් යුතුව වාසය කරව්.

මේ තොපට අපගේ අනුශාසනාවයි.”

[මෙහි – විදිතා වෙදනා = යම් කිසි වින්දනයක් විමසා බලා රහත් බවට පැමිණියේ ද, ඒ තාක් ඔහුට වින්දනය උපදී. වින්දනය (ඔහු කරා) එළඹේ, වින්දනය නිමාවට පත් වන්නේ ද වෙයි. ග්‍රහණය කරගත් වස්තූන් පිළිබඳ වූ අරමුණු කෙරෙහි යම්තාක් වින්දනය පවතී ද ඒ තාක් වින්දනය උපදී, වින්දනය එළඹේ, වින්දනය නිමාවට පත්වන්නේද වෙයි. විතර්ක ආදියෙහිදී ද මේ පිළිවෙළට වේ. සෙස්ස සියලු තන්හි පහසු අරුත් ඇත්තේ වෙයි.]

SN 05-04-04-06. අඤ්ඤා සූත්‍රය.

[§1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙම සුත්යර ධර්මය වදාළසේක.

[§ 2]මහණෙනි,
මේ සතර සතිපට්ඨානයෝ නිරතුරුව වඩන ලද්දාවූ විට ඒකාන්තයෙන් තොපට සසර කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශේෂයෙන් දැනගැනීම පිණිස, චතුස්සත්‍යාවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතිත්.
“කවර සතරක්දයත්?
මේ සතර සතිපට්ඨානයෝ වෙත්. එබැවින්

[§3]. මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
මේ ලෝකයෙහි අරමුනු ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
කයෙහි ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[§ 4].“මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
සියලු අරමුනු නිසා වන වින්දන ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
වින්දනයන් හි ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[§5].“මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
සියලු අරමුනු නිසා වන සිතිවිලි ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
සිතිවිලි වල ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[§6]. “මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
ලොව පවතින සියලු ධම්මයන් ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
ධම්මයන්ගේ ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

“මහණෙනි,
මේ සතර සතිපට්ඨානයන් නිබඳව පුරුදු කළ විට’
බහුල වශයෙන් කරන විට මේ භවයෙහිම
රහත්වීම හෝ ස්කන්ධ ශේෂව ඇතිකල්හි අනාගාමී
බව හෝ යන මේ ඵල දෙක අතරෙන් එක් ඵලයක් ලැබේමය.”

SN 05-04-04-07. ඡන්‍ද සූත්‍රය.

මහණෙනි,
මේ සතර සතිපට්ඨානයෝ නිරතුරුව වඩන ලද්දාවූ විට ඒකාන්තයෙන් තොපට සසර කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශේෂයෙන් දැනගැනීම පිණිස, චතුස්සත්‍යාවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතිත්.
“කවර සතරක්දයත්?
මේ සතර සතිපට්ඨානයෝ වෙත්.
කවර සතරක්ද යත්.

3]. මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
මේ ලෝකයෙහි අරමුනු ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
කයෙහි ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[4].“මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
සියලු අරමුනු නිසා වන වින්දන ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
වින්දනයන් හි ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[5].“මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
සියලු අරමුනු නිසා වන සිතිවිලි ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
සිතිවිලි වල ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[6]. “මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
ලොව පවතින සියලු ධම්මයන් ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
ධම්මයන්ගේ ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, කයෙහි කය නැවත නැවත බලමින් වාසයකරන්නාවූ ඔහුගේ කයෙහි යම් ආශාවක් වේද ඒ ආශාව ප්‍රහීණ වේ. ආශාව ප්‍රහීණකිරීමෙන් (අමෘතය) නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේ.

“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරේද, වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසයකරන්නාවූ ඔහුගේ වේදනාවන් කෙරෙහි යම් ආශාවක් වේද, ඒ ආශාව ප්‍රහීණ වේ. ආශාව ප්‍රහීණකිරීමෙන් (අමෘතය) නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේ.

“කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද, සිතෙහි සිත නැවත නැවත බලමින් වාසයකරන්නාවූ ඔහුගේ සිතෙහි යම් ආශාවක් වේද, ඒ ආශාව ප්‍රහීණ වේ. ආශාව ප්‍රහීණ කිරීමෙන් (අමෘතය) නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේ.

“කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, නීවරණාදී ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නා වූ ඔහුගේ ධර්මයන් කෙරෙහි යම් ආශාවක් වේද ඒ ආශාව ප්‍රහීණවේ. ඒ ආශාව ප්‍රහීණ කිරීමෙන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වෙයි

SN 05-04-04-08. පරිඤ්ඤාත සූත්‍රය.

මහණෙනි,
මේ සතර සතිපට්ඨානයෝ නිරතුරුව වඩන ලද්දාවූ විට ඒකාන්තයෙන් තොපට සසර කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශේෂයෙන් දැනගැනීම පිණිස, චතුස්සත්‍යාවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතිත්.
“කවර සතරක්දයත්?

“මහණෙනි,
මේ සතර සතිපට්ඨානයෝ වෙත්.
“කවර සතරක්දයත්,

3]. මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
මේ ලෝකයෙහි අරමුනු ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
කයෙහි ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[4].“මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
සියලු අරමුනු නිසා වන වින්දන ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
වින්දනයන් හි ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[5].“මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
සියලු අරමුනු නිසා වන සිතිවිලි ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
සිතිවිලි වල ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[6]. “මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
ලොව පවතින සියලු ධම්මයන් ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
ධම්මයන්ගේ ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

මහණෙනි,
මේ ශාසනයෙහි මහණකු කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සතියෙන් යුක්තව මේ ලෝකය කෙරෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවාගෙන කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයිද, කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නාහු විසින් කය මනාකොට දැනගන්නා ලද්දේ වේ. කය මනාකොට දැන ගත් බැවින් නිවන ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේ.

“කෙලෙස් තවන වීර්ය ඇතිව ….

“කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නාහු විසින් ධර්මයෝ මනාකොට දැන ගන්නා ලද්දේ වේ. ධර්මයන් මනාකොට දත් බැවින් නිවන ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වන්නේය.”

SN 05-04-04-09. භාවනා සූත්‍රය.

“මහණෙනි,
සතර සතිපට්ඨානයන් වැඩීම දේශනා කරන්නෙමි.
එය අසව්.

මහණෙනි,
කෙසේ සතර සතිපට්ඨානයන් වැඩීය හැකි ද?

3]. මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
මේ ලෝකයෙහි අරමුනු ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
කයෙහි ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[4].“මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
සියලු අරමුනු නිසා වන වින්දන ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
වින්දනයන් හි ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[5].“මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
සියලු අරමුනු නිසා වන සිතිවිලි ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
සිතිවිලි වල ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

[6]. “මහනෙනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් අවබෝධය ඇතිව,
සතියෙන් යුක්තව,
ලොව පවතින සියලු ධම්මයන් ගැන
කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
ධම්මයන්ගේ ඇතිවීම්, පැවතීම, නැතිවීම
නිබඳව බලමින් වාසය කරව්,

“මහණෙනි,
මේ සතර සතිපට්ඨානයන් වැඩීමයි

  1. SN 05-04-04-10. විභඞ්ග සූත්‍රය.

    [1]. “මහණෙනි,
    මම නුඹලාට සතිපට්ඨානයද,
    සතිපට්ඨාන භාවනාවද,
    සතිපට්ඨාන භාවනා ගාමිණී ප්‍රතිපදාව
    දේශනා කරන්නෙමි.
    එය අසව්.

    මහණෙනි,
    සතිපට්ඨානය නම් කවරේද?

    [2]. මහනෙනි!
    කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් අවබෝධය ඇතිව,
    සතියෙන් යුක්තව,
    මේ ලෝකයෙහි අරමුනු ගැන
    කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
    කයෙහි ඇතිවීම්, පැවතීම, නැතිවීම
    නිබඳව බලමින් වාසය කරව්,

    [3].“මහනෙනි!
    කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
    යහපත් අවබෝධය ඇතිව,
    සතියෙන් යුක්තව,
    සියලු අරමුනු නිසා වන වින්දන ගැන
    කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
    වින්දනයන් හි ඇතිවීම්, පැවතීම, නැතිවීම
    නිබඳව බලමින් වාසය කරව්,

    [4].“මහනෙනි!
    කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
    යහපත් අවබෝධය ඇතිව,
    සතියෙන් යුක්තව,
    සියලු අරමුනු නිසා වන සිතිවිලි ගැන
    කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
    සිතිවිලි වල ඇතිවීම්, පැවතීම, නැතිවීම
    නිබඳව බලමින් වාසය කරව්,

    [5]. “මහනෙනි!
    කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
    යහපත් අවබෝධය ඇතිව,
    සතියෙන් යුක්තව,
    ලොව පවතින සියලු ධම්මයන් ගැන
    කැමැත්ත , අකැමැත්ත සංසිඳවා
    ධම්මයන්ගේ ඇතිවීම්, පැවතීම, නැතිවීම
    නිබඳව බලමින් වාසය කරව්,

    “මහණෙනි, මේ සතිපට්ඨානයයි කියනු ලැබේ.

    “මහණෙනි,
    සතිපට්ඨාන භාවනාව නම් කවරේද?

    මහණෙනි,
    කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව,
    සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි අරමුණු කෙරෙහි
    ලෝභයද අකමැත්තද, සංසිඳවාගෙන
    කයෙහි ඉපදීම ස්වභාව බලමින් වාසය කරව්,

    “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව,
    සතියෙන්සි යුක්තව මේ ලෝකයෙහි
    ලෝභයද, ද්වේෂයද සංසිඳවා
    කයෙහි නැතිවීම් ස්වභාව බලමින් වාසය කරව්,,

    “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව
    යහපත් නුවණ ඇතිව සතියෙන් යුක්තව
    මේ ලෝකයෙහි ලෝභයද, දෝසයද සංසිඳවාගෙන
    කයෙහි ඇතිවීම් ස්වභාවයද නැතිවීම්
    ස්වභාවයද බලමින් වාසය වාසය කරව්,

    “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
    යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව
    මේ ලෝකය කෙරෙහි ලෝභයද, ක්‍රෝධයද
    සංසිඳවාගෙන වේදනාවෙහි ඉපදීම් ස්වභාව බලමින් වාසය කරව්,

    “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
    යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව
    ලෝභයද, දෝසයද සංසිඳවා
    වේදනාවෙහි ඇතිවීම් පැවතීම
    නැතිවීම් ස්වභාව බලව්,,

    “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව
    යහපත් නුවණ ඇතිව සතියෙන් යුක්තව
    මේ ලෝකය කෙරෙහි ලෝභයද,
    දෝසයද සංසිඳවා වේදනාවෙහි
    ඇතිවීම් ස්වභාවයද පැවතීමද
    නැතිවීම් ස්වභාවයද, බලව්,

    “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
    යහපත් නුවණ ඇතිව සතියෙන් යුක්තව
    මේ ලෝකයෙහි ලෝභයද,
    ක්‍රෝධයද සංසිඳවා ගෙන
    සිතෙහි ඉපදීම් ස්වභාව බලව්,,

    “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
    යහපත් නුවණ ඇතිව සතියෙන් යුක්තව
    මේ ලෝකයෙහි ලෝභයද දොසයද සංසිඳවා
    සිතෙහි නැතිවීම් ස්වභාව බලව්,,

    “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව
    යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව
    මේ ලෝකයෙහි ලෝභයද දොසයද සංසිඳවා
    සිතෙහි ඇතිවීම් ස්වභාවයද නැතිවීම් ස්වභාවයද බලව්,

    “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව
    සතියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද,
    දොසයද සංසිඳවා ගෙන
    ධර්මයන්හි ඉපදීම් ස්වභාව,
    පැවතීම් ස්වභාවය,
    නැතිවීම් ස්වභාව බලව්,,

    “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව
    මනා සතියෙන් යුක්තව මේ ලෝකයෙහි අරමුණු කෙරෙහි
    ලෝභයද, දොසයද සංසිඳවා
    ධර්මයෙහි ඇතිවීම්, පැවතීම්,
    නැතිවීම් ස්වභාව බලව්,

    “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
    යහපත් නුවණ ඇතිව සතියෙන් යුක්තව
    මේ ලෝකය කෙරෙහි ලෝභයද, දොසයද සංසිඳවා
    ධර්මයෙහි ඇතිවීම් ස්වභාවයද පැවතීමද
    නැතිවීම් ස්වභාවයද බලමින් වාසය කරව්,,

    මහණෙනි,
    මේ සතිපට්ඨාන භාවනාවයයි කියනු ලැබේ.

    මහණෙනි,
    සතිපට්ඨාන භාවනාවට පැමිණෙන ප්‍රතිපදාව කවරීද?
    මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමය.
    ඒ කවරේද?

    සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මේවායි.

    “මහණෙනි,
    මේ සතිපට්ඨාන භාවනාවට පැමිණෙන ප්‍රතිපදාවයයි කියනු ලැබේ.”

    ...more
    View all episodesView all episodes
    Download on the App Store

    SINHALA TIPITAKABy