Sign up to save your podcasts
Or

DEATHLESS : මරණයක් නැති යන අර්ථයෙන් අමුර්ත නොහොත් අමත වග්ගය ලෙස නම් කර ඇත. ඉපදීම නැතිකිරීම ම මරණය නැතිකළ බවය. මරය පිදීම නැති කරන්නේ නිර්වාණය සාක්ෂාත් කල වුන්ය. අර්හත්වය ලබන්නේ චතුර් ආරය සත්‍යය වටහා ගැනීමෙනි. ඒ පිණිස මග වැඩීම්ට සතර සතිපට්ඨානය වැඩිය යුතුය.
SN 05-03-05-01. අමත සූත්‍රය
SN 05-03-05-02. සමුදය සූත්‍රය
SN 05-03-05-03 මග්ග සූත්‍රය
SN 05-03-05-04. සති සුත්තං
SN 05-03-05-05. කුසලරාසි සූත්‍රය
SN 05-03-05-06. පාතිමොක්ඛ සූත්‍රය
SN 05-03-05-07.දුච්චරිත සූත්‍රය
SN 05-03-05-08.මිත්ත සූත්‍රය
SN 05-03-05-09.වේදනා සූත්‍රය
SN 05-03-05-10.ආසව සූත්‍රය
SN 05-03-05-01 අමත සූත්‍රය
[1] මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි,
තොප සතර සතිපට්ඨානයන්හි මනාකොට සිත් පිහිටුවා වසව්.
නැතිනම් නුඹලාට නිවනක් නොවන්නේය.
කවර සතරෙක්හිද?
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් නුවණ ඇතිව, සතියෙන් යුක්තව
මේ ලෝකයෙහි ලෝභයද දෝසයද සංසිඳවා
කයෙහි කය අනුව බලමින් වාසය කරව්,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් නුවණ ඇතිව සතියෙන් යුක්තව
මේ ලෝකයෙහි ලෝභයද දෝෂයද සංසිඳුවා
විඳීම්හි වින්දනයන් නැවත නැවත බලමින් වාසය කරව්,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් නුවණ ඇතිව සතියෙන් යුක්තව
මේ ලෝකයෙහි ලෝභයද දෝෂයද සංසිඳුවා
සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරව්,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් නුවණ ඇතිව සතියෙන් යුක්තව
මේ ලෝකයෙහි ලෝභයද දෝෂයද සංසිඳුවා
ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කරව්,
[2] “මහණෙනි,
වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සතර සතිපට්ඨානය ඒකාන්තයෙන් (නිබ්බිධාව). සසර කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, සැබෑ දැනගැනීම පිණිස, චතුස්සත්‍යාවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතියි.
[Nibbida) යනු සතර සත්‍යය අවබෝධ කරගැනීමෙන් පසුව පංච උපාදානස්කන්ධය (සංසාරය) කෙරෙහි ඇතිවන කලකිරීම හෝ නිස්සාර බව දැකීමයි. එය හුදෙක් කලකිරීමක් නොව, අවිද්‍යාව දුරුවී ප්‍රඥාව මතු වීමෙන් ඇතිවන, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය දැකීමෙන් හටගන්නා අධ්‍යාත්මික හැරයාමකි.
“මහණෙනි,
සතර සතිපට්ඨානයන්හි සිත් පිහිටුවා වාසය කරව්.
(නැතිනම්) නුඹලාට නිවනක් නොවන්නේය.”
කායානුපස්සනාව ;
සතර සතිපට්ඨානයන් අතුරෙන් බොහෝ යෝගාවචරයන් පුරුදු පුහුණු කරන්නා වූ ද, යෝගාවචරයනට භාවනා කිරීමට පහසු වන්නා වූ ද සතිපට්ඨානය කායානුපස්සනා සතිපට්ඨානය ය. එ බැවින් පළමුවෙන් භාවනාවට බසින්නා වූ පින්වතුන් විසින් කායානුපස්සනා සතිපට්ඨානය ම භාවනා කළ යුතු ය. සතිපට්ඨානය යි කියනුයේ යෝගාවචරයන් විසින් තමන් ගේ සිත තබා ගැනීමට බලාපොරොත්තු වන ආශ්වාස ප්‍රශ්වාසාදි අරමුණක යටත් පිරිසෙයින් පැය භාගයක් පැය කාලක් පමණ වත් අන් අරමුණකට නොයන පරිදි සිත නැවැත්විය හැකි වන පරිදි දියුණු වූ සිහියට ය. ආදියෙහි භාවනාවට බට යෝගාවචරයාගේ සිත ඉතා ඉක්මණින් ම භාවනාව කරන අරමුණෙන් බැහැරට යන්නේය.
ආශ්වාස ප්‍රශ්වාසාදි ආරම්මණයෙන් බැහැරට ගියා වූ සිත උත්සාහයෙන් නැවත නැවත ඒ ආශ්වාස ප්‍රශ්වාසාදි ආරම්මණයට ගනිමින් සිත පුරුදු කරන කල්හි ක්‍රමයෙන් සිහිය වැඩෙන්නේය. සිහිය වැඩුණු වැඩුණු පමණට යෝගාවචරයා හට වඩ වඩා දික් කාලයක් ආශ්වාස ප්‍රශ්වාසාදියෙහි සිත නවත්වා ගත හැකි වන්නේය. දියුණු වූ සිහිය යෝගාවචරයාගේ සිතට ආශ්වාස ප්‍රශ්වාසාදි ආරම්මණය නැවත නැවත මතු කර දෙන්නේ ය. සිතට ඉන් බැහැරට යන්නට නො දෙන්නේ ය. යෝගාවචරයාට සිත වැඩි වේලාවක් වුවමනා අරමුණෙහි තැබිය හැකි වන්නේ දියුණු වූ ඒ සිහියට ය. සතිපට්ඨාන භාවනාවය යි කියනුයේ ඒ තත්ත්වයට පැමිණෙන සැටියට සිහිය දියුණු කිරීමටය.
කායානුපස්සනා සතිපට්ඨානය යි කියනුයේ ආශ්වාස ප්‍රශ්වාසාදි කායයන් මගින් දියුණු කර ගන්නා ලද සිහියට ය. සතර සතිපට්ඨානයෙන් එක් සතිපට්ඨානයක් භාවනා කිරීම ම නිවන් දැකීමට ප්‍රමාණ වේ. එක් සතිපට්ඨානයක් ඇති කර ගත් කල්හි ඉතිරි සතිපට්ඨාන තුන ද ඇති කර ගත්තා වැනි වේ. එ බැවින් මෙහි කායානුපස්සනා සතිපට්ඨානය ගැන පමණක් සංක්ෂේප විස්තරයක් කරනු ලැබේ.
මහා සතිපට්ඨාන සූත්‍රයෙහි කායානුපස්සනා සතිපට්ඨාන භාවනා ක්‍රම තුදුසක් වදාරා තිබේ. ඒ තුදුස නම් :- ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කිරීම ය, ගමනාදි ඊර්‍ය්‍යාපථයන් මෙනෙහි කිරීම ය, චතුසම්පජඤ්ඤ වශයෙන් භාවනාව ය, ප්‍රතික්කූල මනස්කාරය ය, ධාතුමනස්කාරය ය, සීවථිකයන් පිළිබඳ වූ මනස්කාර නවය ය යන මොහු ය. ඒ තුදුස අතුරෙන් ද බොහෝ යෝගාවචරයන් පුරුදු කරනුයේ ආශ්වාස ප්‍රශ්වාස මනස්කාරය, ප්‍රතිකූල මනස්කාරය, ධාතුමනස්කාරය යන තුන ය. ඒ තුනෙන් ධාතු මනස්කාරය කළ යුතු සැටි අප විසින් සම්පාදිත විදර්ශනා භාවනා ක්‍රමය පොතේ දක්වා ඇත.
SN 05-03-05-02. සමුදය සූත්‍රය
“මහණෙනි,
සතර සතිපට්ඨානයන්ගේ ඇතිවීමට හේතුවද
නැතිවීමද දේශනා කරන්නෙමි.
එය අසව්.
මහණෙනි,
කයේ ඇතිවීමට හේතුව කවරේද?
ආහාරය හේතු කොටගෙන කයේ හටගැනීම වේ.
ආහාරය නැතිවීමෙන් කයේ නැතිවීම වේ.
ස්පර්ශය හේතුකොටගෙන විඳීමක් ඇති වේ.
ස්පර්ශය නැතිවීමෙන් වින්දනය නැති වෙයි.
නාම රූපයන් හේතුකොටගෙන චිත්තය හටගැනේ.
නාම රූපයන් නැතිවීමෙන් චිත්තය නැති වෙයි.
මනසිකාරය හේතුකොටගෙන ධර්මයන් හටගැනේ.
මනසිකාරය නැතිවීමෙන් ධර්මයන් නැති වේ.”
[ ආහාර සමුද්දයා කාය සමුද්දයො – ආහාරයේ හේතුවෙන් කය හටගනී.
ආහාරා” යනු ප්‍රත්‍යයයි. හේතුප්‍රත්‍යයෙන් තමඵලය ගෙනයන්නේ යන අරුතින් (ආහාරන්තීති) “ආහාරා” නම් වේ. “භූතානං වා සත්තානං” යනාදියෙහි “භූතා” යනු උපන්නාවූ, ඉපදුනාවූ යන අර්ථයයි. “සම්භවෙසිනො” යනු යමෙක් උපතක්, ජාතියක්, ඉපදීමක් සොයත් ද ගවේෂණය කරත් ද ඔවුහුය. එහි සතර යෝනිවල අණ්ඩජ හා ජලාබුජ සත්ත්වයෝ යම්තාක් කල් බිත්තර කටුව හෝ ගර්භාෂය නොබිඳිත්ද ඒ තාක් ‘සම්භවේසී’ නම් වෙති. බිත්තරයත් ගර්භාෂයත් බිඳ පිටත නික්මෙත් ද එවිට ඔවුහු “භූත” නම් වේ. සංසේදජයෝ ද ඕපපාතිකයෝ ද පළමු චිත්තක්ෂණයෙහි “සම්භවේසී” නම් වෙති. දෙවන චිත්තක්ෂණයේ සිට ඔවුහු ද භූත නම් වෙති. යම් ඉරියව්වකින් පහල වී, එම ඉරියව්ව වෙනස් නොකරන තාක් කල් ඔවුහු සම්භවේසී නම් වෙති. ඉරියවු වෙනස් කළ පසුව ‘භූත’ නම් වෙති. නැතිනම් භූත යනු උපන්-හටගත් සත්ත්වයෝය. එබඳු භූත වූ සත්ත්වයෙක් නැවත නූපදින සංඛ්‍යාවට පැමිණියේ එනම් ක්ෂීණාස්‍රවයන් වහන්සේලාට භාවිත මේ තවත් නමකි. නැවත උපතක් සොයන්නෝ සම්භවේසී නම් වෙති. ප්‍රහීණ නොකල භව සංයෝජන ඇති බැවින් අනාගතයෙහි ද උපතක් සොයන – සේචයන්ට හා පුහුදුන් පුද්ගලයන්ට භාවිත වේ තවත් නාමයකි. මෙසේ සියලුම ආකාරයෙන් මේ පද දෙකින් සෑම සත්ත්වයෙක්ම අදහස් කරනු ලැබේ. (හාත්පසින් ගනු ලැබේ.) “වා” ශබ්දය මෙහිදී සම්පිණ්ඩනය කිරීම් අර්ථයෙන් යෙදී ඇත. එනිසා භූතයෝ ද සම්භවේසියෝ ද යනුවෙන් මෙහි අර්ථ දතයුතුයි.සෙසු තන්හි ද මේ පිළිවෙළම වේ. මනසිකාර සමුදයා = මෙහිදී නුවණින් මෙනෙහි කිරීමේ (යොනිසො මනසිකාර) හේතුවෙන් බොජ්ඣඞ්ග ධර්මයන්ගේ හට ගැනීමද නුවණින් මෙනෙහි නො කිරීමේ හේතුවෙන් නීවරණ ධර්මයන්ගේ හට ගැනීම ද සිදුවෙයි. යනුවෙන් මෙසේ මේ සූත්‍රයෙහි අරමුණු පිළිබඳව සිහිය පැවැත්වීම් (ආරම්මණ සතිපට්ඨාන) ගැන කියන ලදී.]
SN 05-03-05-03. මග්ග සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහුගේ ජේතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළසේක. එහිදී දිනක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
මහණෙනි,
මම බුදුවූ මුල් කාලයෙහි උරුවෙලාවෙහි නෙරඤ්ජරා නදී තීරයෙහි අජපාල නුගරුක මුල වැඩසිටියෙමි. “මහණෙනි, එසේ හුදෙකලාව විවේක සුවයෙන් වැඩ සිටි මට මෙබඳු අදහසක් පහළවිය.
“මහණෙනි, සත්වයාහට සෝක කිරීමෙන්, වැළපීමෙන්, පවතින හා මත්තෙහි ඇතිවෙන දුක් දෝමනස්සයන්ගෙන් වෙන්වන්නට, සත්වයාගේ අධ්‍යාත්මික විසුද්ධිය පිණිස පවත්නාවූ නිර්වාන ධර්මය සාක්ෂාත් කර ගන්නට ඇති සෘජුම මාර්ගය මෙම සතර සතිපට්ඨානය වෙයි.
LINK
‘මේ සතර සතිපට්ඨාන ධර්මයෝ
සත්වයන්ගේ සන්තානය පිරිසිදුවීම පිණිසද,
සෝක කිරීම වැළපීම යන මේවායින් වෙන්වීම පිණිසද,
දුක් දොම්නස් ඉක්මවීම පිණිසද,
ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද,
නිර්වාණය අවබෝධකරගැනීම පිණිසද
ඇති එකම මාර්ගය” ය කියායි.
[3] “කවර සතරක්දයත්?
කායානු පස්සනාව
වේදනානු පස්සනාව
චිත්තානුපස්සනාව,
ධම්මානුපස්සනාව ය.
“මහණෙනි,
ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙමේ ඔහුගේ සිතින් මගේ සිත දැන,
යම්සේ බලවත් පුරුෂයෙක් වක්කරන ලද අතක් දිගු කරන්නේද
දිගුකළ අතක් වක් කරන්නේද,
එපරිද්දෙන් සැනෙකින් බඹලොවින් අතුරුදහන්ව
මගේ ඉදිරියෙහි පහළවිය.
ස්වාමිනි!
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් නුවණ ඇතිව, සතියෙන් යුක්තව
මේ ලෝකයෙහි ලෝභයද දෝෂයද සංසිඳවා
කයෙහි කය අනුව බලමින් වාසය කල යුතුය.,

සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කල යුතුය,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව,
යහපත් නුවණ ඇතිව සතියෙන් යුක්තව
මේ ලෝකයෙහි ලෝභයද දෝෂයද සංසිඳුවා
ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කල යුතුය,
“ඉක්බිති සහම්පතී බ්‍රහ්මතෙමේ උතුරු සළුව ඒකාංශ කොට පෙරවා එතැන්හි ඇඳිලි බැඳ මට මෙසේ කීවේය. ‘භාග්‍යවතුන් වහන්ස, එය එසේය. සුගතයන් වහන්ස, එය එසේය,
මේ සතිපට්ඨාන ධර්මයෝ සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද,
ශෝක කිරීම වැළපීම යන මොවුන්ගේ ඉක්මවීම පිණිසද,
දුක් දොම්නස් ඉක්මවීම පිණිසද
ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද
නිර්වාණය අවබෝධකරගැනීම පිණිසද
ඇති එකම මාර්ගය වන්නේය.” කියායි.
මහණෙනි,
සහම්පතී බ්‍රහ්මතෙමේ මෙසේ කීවේය.
මෙසේ කියා නැවත මෙසේද කීය.
“ජාතිය ක්ෂයකිරීම් සංඛ්‍යාත නිර්වාණය දක්නාවූ හිතානුකම්පීවූ තථාගතයන් වහන්සේ ඒකායන මාර්ගය දන්නා සේක. යම් කෙනෙක් සසරින් එතෙරවූවාහු නම් ඔව්හුද මේ මාර්ගයෙන්ම එතෙරවූහ. අනාගතයෙහි යම් කෙනෙක් සසරින් එතෙර වන්නාහු නම් ඔව්හුද, මේ මාර්ගයෙන්ම එතෙර වන්නාහ. දැන් (මේ කාලයෙහි) යම් කෙනෙක් එතෙරවෙත් නම් ඔව්හුද මේ මාර්ගයෙන්ම එතෙර වෙත්” යනුයි.
[වේදනානුපස්සනා සතිපට්ඨානය
සුඛ වේදනාව, දුඃඛ වේදනාව ය, අදුඃඛමසුඛ වේදනාව ය යි වේදනා තුනෙකි. සාමාන්‍ය ජනයා විසින් සැපය ය කියා ද, සනීපය කියා ද සමහර විට හොඳ ය කියා ද, ව්‍යවහාර කරන්නා වූ ඉවසීමට ලැබීමට පිළිගැනීමට කැමති වන්නා වූ ස්වභාවය සුඛ වේදනාව ය. දුක ය කියා ද, රිදුම ය කියා ද, නරකය කියා ද, ව්‍යවහාර කරන්නා වූ ඉවසීමට දුෂ්කර වූ පිළිගැනීමට ලැබීමට නො කැමති වන්නා වූ ස්වභාවය දුඃඛ වේදනාව ය. සැපත් නො වන දුකත් නො වන මධ්‍යස්ථ ස්වභාවය අදුක්ඛමසුඛ වේදනාව ය. උපේක්ෂා වේදනාව යනු ද එයට ම කියන අනෙක් නමෙකි. තෙ වැදෑරුම් වූ ම මේ වේදනාව සිත හා බැඳී උපදනා වූ පවත්නා වූ එක්තරා ස්වභාවයෙකි. තවත් ක්‍රමයකින් කියතහොත් චෛතසික ධර්මයෙකි. වේදනා තුනෙන් සුඛ දුඃඛ වේදනා දෙක ඉතා ප්‍රකට ය. උපේක්ෂා වේදනාව අප්‍රකට ය. එබැවින් එයට ජනයා වැඩි සැලකිල්ලක් නො දක්වති. උපේක්ෂා වේදනාව සුඛ වේදනා දුඃඛ වේදනා දෙකට අනුව සිතා දත යුත්තෙකි. සුඛ වේදනා දුක්ඛ වේදනා දෙකින් එකකුදු නැති කල්හි සිත්හි ඇති ස්වභාවය උපේක්ෂා වේදනාවය.
වේදනාව සැම දෙනා ම හඳුනන සැම දෙනාට ම ඉතා ප්‍රකට දෙයක් වුව ද එහි සැබෑ තත්ත්වය සාමාන්‍ය ජනයා නො දනිති. එ බැවින් මම සැප විඳිමි ය, මම දුක් විඳිමි ය, අසවලා සැප විඳීය, අසවලා දුක් විඳීය යි වේදනාව ගැන ආත්ම සංඥාව ද, සත්ත්ව පුද්ගල සංඥාව ද, ඔවුනට ඇති වේ. විඳින්නේ මම ය කියා සත්කාය දෘෂ්ටිය ඇති වේ. තවත් ලෝභාදි බොහෝ ක්ලේශයෝ ද වේදනාව නිසා උපදිති. සුඛ වේදනාව ලැබීම සඳහා ද දුඃඛ වේදනාවෙන් මිදීම සඳහා ද සත්ත්වයෝ නොයෙක් පව් කම් කරති. බොහෝ දුක් ඇත්තා වූ සසරට, සුඛ වේදනාව නිසා ඇලුම් කෙරෙති. අනිත්‍ය වූ සුඛ වේදනාවේ අභාවප්‍රාප්තිය ගැන දුක් වෙති. තැවෙති. අනිත්‍ය වූ සුඛ වේදනාව නිත්‍ය කර ගැනීමට වෙහෙසෙති. වේදනාව පිළිබඳ වූ මුලාව නිසා සත්ත්වයනට සසර දුකින් මිදී නිවන් දැකීමට දුෂ්කරවී තිබේ.
පස් කම් සුවයෙහි ඇලී ගැලී සිටින එය ම සොයමින් සිටින ගිහියන්ට තබා, සසර කලකිරී පැවිදි ව වන ගත ව වෙසෙන පැවිද්දන්ට ද, වරින් වර ඔවුන් කෙරෙහි ඇතිවන්නා වූ සුඛ දුඃඛ වේදනාවන් නිසා තෘෂ්ණා මාන දෘෂ්ට්‍යාදි බොහෝ ක්ලේශයෝ උපදිති. දුඃඛ වේදනාව නිසා බොහෝ යෝගාවචරයෝ යෝගය හැර දමති. යෝගාවචරයනට සුඛ වේදනාව නිසා කාමච්ඡන්ද නීවරණය ඇති වේ. දුඃඛ වේදනාව නිසා ව්‍යාපාද නීවරණය ඇති වේ. උපේක්ෂා වේදනාව නිසා ථීනමිද්ධ නීවරණය හා අවිද්‍යා නීවරණය ඇති වේ. සාමාන්‍යයෙන් වේදනාව නිසා නීවරණ සියල්ල ම ඇති වන බව කිය යුතුය. ඒ සියල්ල ම වන්නේ වේදනාවේ සැබෑ තත්ත්වය නො දැනීම නිසා ය. වේදනා පිළිබඳ මුළාව දුරු වීම පිණිස සැම දෙනා විසින් ම එක්තරා ප්‍රමාණයකින් වේදනානුපස්සනා සතිපට්ඨානය වැඩිය යුතු ය. එය යෝගාවචරයන් හට මූල කර්මස්ථානය කර ගැනීමට සුදුසු නැත. කායානුපස්සනාව මූල කර්මස්ථානය කරගත යුතු ය. වේදනානුපස්සනාව අතිරේක භාවනාවක් වශයෙන් කළ යුතු ය. වේදනානුපස්සනා භාවනාවය යනු වේදනාවෙහි සැබෑ තත්ත්වය සොයා ගෙන, එය නැවත නැවත මෙනෙහි කිරීමය.
වේදනාවේ සැබෑ තත්ත්වය මෙසේ ය. වේදනාව සත්ත්වයෙක් පුද්ගලයෙක් නො වේ. සත්ත්වයකු පුද්ගලයකු විසින් උපදවන්නක් ද නො වේ. සත්ත්වයකු විසින් ඉපදවිය හැකියක් ද නො වේ. එය හේතූන්ගේ සංයෝගයෙන් ඇති වන්නකි. ඇති වූ වහා බිඳී යන්නකි. නො බිඳී පැවතිය හැකි ශක්තියක් වේදනාවට නැත. උපන් වේදනාවකට බිදෙන්නට නොදී පැවැත්විය හැකි, රැකිය හැකි, ශක්තියක් කාහටවත් නැත. වේදනාව අනිත්‍ය ධර්මයෙකි. දුක්ඛ ධර්මයෙකි. අනාත්ම ධර්මයෙකි.ලෝකය ඇති කල්හි ඇස ඉදිරියේ තිබෙන වස්තු පෙනෙන්නේ ය. පෙනීම ය යනු ඒ ඒ වස්තූන් පිළිබඳ ව දැනුමක් ඇති වීම ය. ඒ දැනුමට ආගමික පොත්වල දැක්වෙන නම චක්ඛුවිඤ්ඤාණය යනු යි. චක්ඛුවිඤ්ඤාණයට ලෝකයෙහි දැකීම යයි ද පෙනීම ය යි ද කියති. ඒ පෙනීම කිසිවකු විසින් ඇති කරන්නා වූ දෙයක් නො වේ. කිසිවකු විසින් ඇති කළ හැකි දෙයක් ද නො වේ. මම දකිමි යි සිතීම වැරදි හැඟීමෙකි. අනිකා දැකීම යි සිතීම ද වැරදි හැඟීමෙකි. මේ දැකීම පුද්ගලයා විසින් කරන්නක් නම්, චක්ඛුවිඤ්ඤාණය පුද්ගලයා විසින් උපදවන්නක් නම්, පුද්ගලයාට දැකීම සිදුවන්නට නො දී, චක්ඛු විඤ්ඤාණයට උපදින්නට නො දී සිටිය හැකි විය යුතුය.
ඇස ඇත්නම්, ආලෝකය ඇත්නම්, ඇස ඉදිරියේ රූප ඇති නම්, දැකීම සිදුවීම පුද්ගලයාට වැළැක්විය නො හැකි ය. චක්ඛුවිඤ්ඤාණයේ ඉපදීම පුද්ගලයාට වැළැක්විය නො හැකි ය. නො පෙනේවා යි කොතෙක් සිතුවත් පෙනීම සිදුවන්නේ ම ය. ඉදින් දැකීම හෙවත් චක්ඛුවිඤ්ඤාණය පුද්ගලයා විසින් උපදවන්නක් නම් ඔහුට එය නූපදවා සිටිය හැකි විය යුතු ය. ඔහුට එය නො වැළැක්විය හැක්කේ, ඇස ඉදිරියේ ඇති රූප නො දැක සිටිය නො හැක්කේ, දැකීම හෙවත් චක්ඛුවිඤ්ඤාණය පුද්ගලයා විසින් උපදවන්නක් නො ව, අන් හේතුවකින් ඇති වන්නක් බැවිනි.
චක්ඛුවිඤ්ඤාණය පුද්ගලයා විසින් උපදවන, පුද්ගලයා අයත් දෙයක් නම් දුර තිබෙන රූප ද ඔහුට දැකිය හැකි විය යුතු ය. එය නො කළ හැකි වන්නේ ද චක්ඛුවිඤ්ඤාණය පුද්ගලයා විසින් උපදවන පුද්ගලයාට අයත් දෙයක් නො වන බැවිනි. මේ දැකීම හෙවත් චක්ඛුවිඤ්ඤාණය, ඇසත් රූපයත් නිසා ඇති වන්නකි. එය සත්ත්වයෙක් පුද්ගලයෙක් නො වේ. දැකීම නමැති ක්‍රියා විශේෂයෙකි. තවත් ක්‍රමයෙකින් කියත හොත් විඤ්ඤාණයෙකි. මම දකිමි ය, අනෙක දකීය ය යි කියනුයේ මම නො වූ අනිකකු නොවූ ධාතු මාත්‍රයක් වූ චක්ඛුවිඤ්ඤාණය මම ය කියා ද, අනිකාය කියා ද වරදවා තේරුම් ගැනීමෙනි.
වේදනාව ද චක්ඛුවිඤ්ඤාණය වැනි වූ අරූප ධර්මයෙකි. චක්ඛුවිඤ්ඤාණය සේ ම ප්‍රත්‍යයන්ගේ සංයෝගයෙන් හට ගන්නා ධර්මයෙකි. චක්ඛුවිඤ්ඤාණය සත්ත්වයා පුද්ගලයා නො වන්නාක් මෙන් ම වේදනාව ද සත්ත්වයෙක් පුද්ගලයෙක් නො වේ. පුද්ගලයකුට චක්ඛුවිඤ්ඤාණය ඉපදවිය නො හැකි වන්නාක් මෙන් ම වේදනාව ද පුද්ගලයකු විසින් නො ඉපද විය හැකි ය. ප්‍රත්‍යයන්ගේ සංයෝගය ඇති වුව හොත් චක්ඛුවිඤ්ඤාණයේ ඉපදීම පුද්ගලයාට නො වැළැක්විය හැකිවාක් මෙන් ම ප්‍රත්‍යයන්ගේ සංයෝගය ඇති වුවහොත් වේදනාව ඉපදීම ද පුද්ගලයාට නො වැළැක්විය හැකිය. කියන ලද කරුණු නැවත නැවත නුවණින් සලකා බලා වේදනාවේ සැටි හොඳින් තේරුම් ගත යුතු ය. හොඳින් තේරුම් ගෙන තමා ගේ සන්තානයේ ඇති වන්නා වූ ද අනුන්ගේ සන්තානවල ඇති වන්නා වූ ද, සුඛාදි වේදනාවන් ගැන අවකාශ ඇති පරිදි භාවනා කළ යුතු ය. තමා ගේසන්තානයෙහි උපදනා සුඛාදි වේදනාවන් ගැන භාවනා කළ යුත්තේ මෙනෙහි කළ යුත්තේ මෙසේ ය.
භාවනා වාක්‍යය
මේ සුඛ වේදනාව මා විසින් උපදවන ලද්දක් නො වේ. අනිකකු විසින් උපදවන ලද්දක් ද නොවේ. මේ සුඛ වේදනාව මම ද නො වේ. මාගේ ද නොවේ. අනිකෙක් ද නොවේ. අනිකකුගේ ද නොවේ. එය ආරම්මණාදි ප්‍රත්‍යයන් නිසා ඇතිවන්නා වූ එක්තරා අරූප ධර්‍මයෙකි. සිත කය දෙක නිසා ඇති වන්නා වූ අරූප ධර්‍මයෙකි. එය ප්‍රත්‍යයන් නිසා ඉපද බිඳී යන බැවින් ද පරම්පරාව සිඳී යන බැවින් ද අනිත්‍ය ධර්මයෙකි. අනිත්‍ය නිසා ම දුඃඛ ධර්මයෙකි. දුක නිසා ද හරයක් නැති නිසා ද අනාත්ම ධර්‍මයෙකි.
ඉතිරි වේදනා දෙක ගැන ද කියන ලද්දට අනුව වාක්‍ය යොදා ගෙන භාවනා කරනු. දුඃඛ වේදනාව පිළිබඳ භාවනාවේ දී අනිත්‍ය නිසා දුඃඛ ධර්මයකැයි නො කියා ඉවසීමට දුෂ්කර නිසා නො මනා නිසා දුඃඛ ධර්මයෙකැයි වාක්‍යය යොදා ගත යුතු ය. උපේක්ෂා වේදනාව පිළිබඳ භාවනාවේ වෙනසක් කරන්නට දෙයක් නැත. සුඛ වේදනාව දුක වන්නේ බිදෙන නිසා ය. සුඛය නැති වී යාම දුකෙකි. දුඃඛ වේදනාවේ බිඳීම අභාවප්‍රාප්තිය සැපයෙකි. පැවැත්ම එහි දුක ය. කලින් කල මෙසේ වේදනාව පිළිබඳව භාවනා කරන යෝගාවචරයා හට වේදනාව නිසා ඇති වන තෘෂ්ණා මාන දෘෂ්ට්‍යාදීන් ගේ ඇති වීම මඳ වන්නේ ය. වේදනාව නිසා සිදු වන පව් සිදු නො වන්නේ ය. මූල කර්මස්ථානය වඩා ඔහුට ලෝකෝත්තර මාර්ගයට පැමිණීම පහසු වන්නේ ය. වේදනානු පස්සනාව දියුණු කොට චතුස්සත්‍යයට නඟා භාවනා කිරීමෙන් අර්හත්වයට ද පැමිණිය හැකි ය. එහෙත් එය පහසු නො වන බැවින් වේදනානුපස්සනාවෙන් මඟ පල ලබන්නට බලාපොරොත්තු නොවිය යුතු ය.
SN 05-03-05-04. සතෝ සූත්‍රය
“මහණෙනි,
සතියෙන් යුක්තව වාසය කරව්.
මේ නුඹලාට අපගේ අනුශාසනයයි.
“මහණෙනි,
කෙසේනම් සතියෙන්
යුක්තව වාසය කරන්නේද?

ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කරව්.

ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කරව.
“මේ නුඹලාට අපගේ අනුශාසනය වන්නේය.”
[පිරිසිදු කොට හට ගැනීම (සමුදය) ගැන කියනු ලැබීමේදී අවබෝධ කරගන්නවුන්ගේ අදහසින් කියන ලදී.]
[චිත්තානුපස්සනා සතිපට්ඨානය:
සිත ද තදින් ආත්ම දෘෂ්ටිය ඇති වන තැනකි. සිත සම්බන්ධයෙන් ඇති වන ආත්ම දෘෂ්ටිය දුරු කර ගැනීමට චිත්තානුපස්සනා සතිපට්ඨානය වැඩිය යුතු ය. සිත සාමාන්‍යයෙන් එකක් වුව ද එහි ප්‍රභේද බොහෝ ය. මහා සතිපට්ඨාන සූත්‍රයෙහි සිත සොළොස් ආකාරයකට බෙදා දක්වා තිබේ. ඒ මෙසේ ය –
සරාග චිත්තය යනු රාගය සහිත වූ සිත ය. ආදරය, ආලය, ප්‍රේමය යන වචනවලින් කියැවෙන්නේ රාගය ය. සමහර පුද්ගලයන් සම්බන්ධයෙන් සමහර කෙනකුට රාගය යි කියන ලද ආදරය ඇති වේ. ආදරය ඇති වීම ය යනු රාග සහිත සිත පහළ වීම ය. සරාග සිත පහළ වූ තැනැත්තා මම අසවලාට බොහෝ ආදරය ඇත්තෙමියි සිත යි. කියයි. එසේ සිතන්නේ සරාග චිත්තය ආත්ම වශයෙන් වරදවා ගැනීමෙනි. සරාග චිත්තය ද ඉහත කී චක්ඛුවිඤ්ඤාණය සේ වේදනාව සේ රාගය වඩන අරමුණ හේතු කොට ගෙන සත්ත්ව සන්තානයෙහි ඇති වන්නකි. එය ඇති වූ පසු මම අසවලාට ආදරය ඇත්තෙමි යි කියනු ලැබේ. එසේ කියනුයේ චිත්තය සිතක් සැටියට නො ගෙන තමා සැටියට වරදවා ගැනීමෙනි. සරාග චිත්තය රාගය දියුණු වන අරමුණු නිසා ඇති වන්නක් මිස සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවේ. සරාග සිත සම්බන්ධයෙන් සාමාන්‍ය ජනයාට ඇති වන ඒ සත්ත්ව පුද්ගල සංඥාව හා ආත්ම සංඥාව ඇති නොවන ලෙස සරාග චිත්තය උපන් කල්හි ඒ සිත ගැන මෙනෙහි කිරීම චිත්තානුපස්සනා සතිපට්ඨානය වැඩීම ය. සරාග චිත්තය ගැන කරන භාවනාව මෙසේ ය.
භාවනා වාක්‍යය
මේ සරාග චිත්තය රාගයට හිත වූ අරමුණක් එළඹ සිටීම හේතු කොට උපන් ධර්මයෙකි. එය මම නොවේ. අනිකෙක් ද නො වේ. මාගේ ද නො වේ. අනිකකුගේ ද නො වේ. මා විසින් උපදවන ලද්දේ ද නො වේ. අනිකකු විසින් උපදවන ලද්දේ ද නො වේ. රාගයට හිත අරමුණ එළඹ සිටීමෙන් සරාග සිත තෙමේ ම උපන්නේ ය. එය වහා බිඳී යන බැවින් අනිත්‍ය ධර්මයෙකි. අනිත්‍ය බැවින් ම දුඃඛ ධර්‍මයෙකි. දුක් බැවින් ද හරයක් නො වන බැවින් ද අනාත්ම ධර්‍මයෙකි.
සරාග චිත්තය ආත්ම වශයෙන් හා ආත්මීය වශයෙන් ගන්නා වූ තැනැත්තා ගේ සන්තානයෙහි රාගය වැඩෙන්නේ ය. උපන් සරාග චිත්තය ගැන කියන ලද පරිදි අනිත්‍යාදි වශයෙන් සලකන්නා වූ තැනැත්තා ගේ සන්තානයෙහි එය නො වැඩෙන්නේ ය. භාවනාව හේතු කොට රාගය දුරු වී ඔහුගේ සන්තානයෙහි වීතරාග චිත්තයෝ පහළ වන්නා හ. වීතරාග චිත්තයෝ ය යනු රාග විරහිත චිත්තයෝ ය. වීතරාග චිත්තය කෙරෙහි ද ආත්ම සංඥාව ඇති විය හැකි ය. එය දුරු වීම පිණිස වීතරාග චිත්තය ආත්මයක් නො වන බව ප්‍රත්‍යයෙන් හට ගන්නා දෙයක් බව තේරුම් ගන්නා ආත්ම සංඥාව දුරු වන ලෙස සිහිය පිහිට විය යුතු ය. භාවනා කළ යුතු ය.
භාවනා වාක්‍යය
මේ වීතරාග චිත්තය අරමුණක් එළඹ සිටීම හේතු කොට උපන් ධර්මයෙකි. එය මම නො වේ. මගේ ද නො වේ. අනිකෙක් ද නො වේ. අනිකකු ගේ ද නො වේ. එය මා විසින් උපදවන ලද්දේ ද නො වේ. අනිකකු විසින් උපදවන ලද්දේ ද නො වේ. ආරම්මණාදි ප්‍රත්‍යයන්ගේ සංයෝගයෙන් වීතරාග චිත්තය තෙමේ ම උපන්නේ ය. එය වහා බිඳී යන බැවින් අනිත්‍ය ධර්මයෙකි. අනිත්‍ය බැවින් දුඃඛ ධර්මයෙකි. දුක නිසා ද හරයක් නැති නිසා ද අනාත්ම ධර්‍මයෙකි.
සදෝස චිත්ත වීතදෝස චිත්තාදි ඉතිරි සිත් ගැන ද ස්වසන්තානයෙහි සිත් උපදනා සැටි නුවණින් සලකා බලා ඒ ඒ අවස්ථාවල දී භාවනා කරනු. සදෝස චිත්තය යනු ද්වේෂයෙන් යුක්ත සිත ය. වීතදෝස චිත්තය යනු ද්වේෂයෙන් තොර වූ සිත ය. සමෝහ චිත්තය යනු මෝහය සහිත වීම ය. වීතමෝහ චිත්තය යනු මෝහය නැති සිත ය. සංඛිත්ත චිත්තය යනු හැකුළුණු සිත ය. වික්ඛිත්ත චිත්තය යනු නො සන්සුන් සිත ය. මහග්ගත චිත්තය යනු මහත් බවට පැමිණි රූපාවචර අරූපාවචර සිත් ය. අමහග්ගත චිත්තය යනු කාමාවචර චිත්තය ය. ස උත්තර චිත්තය යනු ද කාමාවචර චිත්තය ම ය. අනුත්තර චිත්තය යනු රූපාවචර අරූපාවචර සිත් ය. ලෝකෝත්තර සිත් මෙහි නො ගනු ලැබේ. සමාහිත චිත්තය යනු අප්පණා සමාධි උපචාර සමාධිවලින් යුක්ත චිත්තය ය. අසමාහිත චිත්තය යනු ඒ සමාධි දෙකින් එකකුදු නැති සිත ය. විමුක්ත චිත්තය යනු තදංග වශයෙන් හෝ විෂ්කම්භණ වශයෙන් හෝ කෙලෙසුන්ගෙන් මිදුණු සිත ය. අවිමුත්ත චිත්තය යනු කෙලෙසුන් ගෙන් නො මිදුණු සිත ය.
SN 05-03-05-05. කුසලරාසි සූත්‍රය
[කුසලය යනු කුමක්ද කුමක් පිණිසද යන්න අරිය විමුක්ති හිමියන් ඉහත දෙසනාවේ මුලින්ම අරිය විමුක්ති හිමියන් හොඳින් විස්තර කර දෙයි.]
“මහණෙනි,
යම් ධර්ම කොටසකට කුසල රාසිය යයි කියන්නේ නම්
සතර සතිපට්ඨානයන්ට එසේ කීම
නිවැරදි කීමක් යහපත්කොට කීමක් වන්නේය.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන ධර්මයෝ
සම්පූර්ණයෙන්ම කුසල රාශියකි.
ඒ සතර කවරේද?

ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වසව්.
“මහණෙනි,
යම් ධර්ම කොටසකට කුසල රාශිය යයි කියන්නේ නම්
මේ සතර සතිපට්ඨානයට කීම ම යහපත් කීම වන්නේය.
මේ සතර සතිපට්ඨාන ධර්ම යෝ,
සම්පූර්ණයෙන්ම කුසල රාශියකි.”
[ධම්මානුපස්සනා සතිපට්ඨානය
නීවරණ සම්මර්ශනය ය, ස්කන්ධ සම්මර්ශනය ය, ආයතන සම්මර්ශනය ය, බෝධ්‍යඞ්ග සම්මර්ශනය ය, ආර්‍ය්‍ය සත්‍ය සම්මර්ශනය ය යි ධම්මානුපස්සනා සතිපට්ඨානය පස් ආකාරයකින් මහා සතිපට්ඨාන සූත්‍රාදියේ දක්වා තිබේ.
අනු මාතෘකා
නීවරණ සම්මර්ශනය
කාමච්ඡන්ද නීවරණය
ව්‍යාපාද නීවරණය
ථීනමිද්ධ නීවරණය
උද්ධච්ච කුක්කුච්ච නීවරණය
විචිකිච්ඡා නීවරණය
SN 05-03-05-06. පාතිමොක්ඛ සූත්‍රය
[2] “එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි,
භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් ධර්මය දේශනා කරන සේක්වා.
මම ඒ අසා හුදකලාව හිඳ, තනිව අප්‍රමාදව කෙලෙස්තවන වීර්‍ය්‍ය ඇතිව
සංසිඳුවන ලද සිත් ඇතිව වාසය කරන්නෙමි” කියායි.
[3] “මහණ,
එසේනම් නුඹ කුසල ධර්මයන්හි මුලම පිරිසිදු කරව.
කුසල ධර්මයන්හි මුල කුමක්ද?
මහණ,
ප්‍රාතිමොක්ෂ සංවර ශීලයෙන් යුක්තව වාසය කරව.
ආචාර ගෝචර දෙකින් සමන්විතව
සුළු වරදෙහි පවා භය දක්නා සුළුව
ශික්ෂාපදයන් දැඩිකොට සමාදන්ව හික්මෙව.
[පාතිමොක්‍ඛ සංවර සංවුතො = සතර (සංවර) සීලයන්ගේ ප්‍රධාන සීලය දක්වමින් මෙසේ කීය.
ත්‍රිපිටක චූළනාග ස්ථවිර තෙමේ “ප්‍රාතිමෝක්ෂ සංවරය පමණක්ම සීලයයයි ද, (ඉන්‍ද්‍රිය සංවර, ආජීව පාරිසුද්ධි, පච්චය සන්නිස්සිත යන) ඉතිරි තුන “සීල” යනුවෙන් කියන ලද තැනක් නම් නැත්තේ යයිද කීය. එසේ කියා (ඒ තුන සීලයන්ය යන බව) අනුමත නොකරමින්ම (මෙසේ) කීය. ඉන්‍ද්‍රිය සංවරය යනු දොරටු සය රැක ගැනීම පමණක්මය, ආජීව පාරිසුද්ධිය යනු ධාර්මිකවම සිවු පසය උපදවා ගැනීම පමණක්මය. ප්‍රත්‍ය සන්නිශ්‍රිතය යනු ලැබුණ ප්‍රත්‍යයන්හි ප්‍රයෝජනය මේ යයි නුවණින් සලකා බලා පරිභෝග කිරීම පමණක්මය. වෙනත් සීලයන් හා සමාන බවකින් තොරව ප්‍රාතිමෝක්ෂ සංවරයම පමණක් සීලය වෙයි. යමකුගේ ඒ සීලය බිඳුනේ නම් හිස සිඳුනාක් වැනි මේ පුරුෂයා සෙසු අත් පා රැකගනු ඇතැයි කිව යුත්තේ නොවේ. යමකුගේ හිස නීරෝගීව පවතී ද, නො සිඳුණ හිස ඇති මේ පුරුෂයා සෙසු දෙය ද ප්‍රකෘති තත්ත්වයට පත් කොට ජීවිතය ආරක්ෂා කර ගැනීමට ද සමත් වේ. ඒ නිසා ප්‍රාතිමෝක්ෂ සංවරයම සීලය වෙයි. එබැවින් ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර කරන ලද්දේය යන අදහසින් “පාතිමොක්‍ඛ සංවර සංවුතො” යයි කියනු ලැබේ. (සීලයට) පැමිණියේය, (සීලයෙන්) යුක්ත වූයේය” යන අර්ථය වේ.
[ආචාර ගෝචර සම්පන්නො = ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වැ.
මෙහි විහඞ්ගප්‍රකරණයෙහි මෙසේ විස්තර කරන ලදී.
“ආචාරගෝචර සම්පන්නොති අත්‍ථ ආචාරො අත්‍ථ අනාචාරො.
තත්‍ථකතමො අනාචාරො?
කායිකො වීතික්කමො වාචසිකො වීතික්කමො කායික වාචසිකො වීතික්කමො අයං වුච්චති අනාචාරො. සබ්බංපි දුස්සීල්‍යං අනාචාරො. ඉධෙකච්චො වෙළුදානෙන වා පත්තදානෙන වා පුප්ඵ ඵල – සිනාන – දන්තකට්ඨදානෙන වා චාටුකම්‍යතාය වා මුග්ගසුප්පතාය වා පාරිභට්ටතාය වා ජඞ්ඝපෙසනිකෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන බුද්‍ධපතිකුඨෙන මිච්ඡාජිවෙන ජීවිකං කප්පෙති අයං වුච්චති අනාචාරො.
තත්‍ථ කතමො ආචාරො?
කායිකො අවීතිකකමො වාචසිකො අවිතික්කමො කායික වාචසිකො අවීතික්කමො අයං වුච්චති ආචාරො, සබ්බො පි සිලංසංවරො ආචාරො. ඉධෙකච්චො න වෙළුදානෙන න පත්ත-න පුප්ඵ – ඵල න සිනාන-න දන්තකඨදානෙන න චාටුකම්‍යතාය න මුග්ග සුප්පතාය න පාරිභට්ටතාය න ජඞ්ඝපෙසනිකෙන න අඤ්ඤතරඤ්ඤතරෙන බුද්‍ධපතිකුඨෙන මිච්ඡාජිවෙන ජීවිකං කප්පෙති අයං වුච්චති ආචාරො”[3] යි.
මෙහි භාවය මෙසේ ය.
‘ආචාර ගොචර සම්පන්නො යන මෙහි ආචාරයෙක් ද ඇත. අනාචාරයෙක් ද ඇත.
එහි අනාචාරය යනු කිම?
කයෙන් ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය කිරීම, වචනයෙන් ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය කිරීම,
කයෙන් හා වචනයෙන් ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය කිරීම යන මේ අනාචාරයයි කියනු ලැබේ.
තවද සියලු දුශ්ශීල කර්‍ම අනාචාරය.
ඒ එසේ මැ යි :- මේ සසුන් වන් ඇතැම් පැවිද්දෙක් හුණු, කොළ, මල්, ඵල, නහනු දැවටු ගිහියන් සිත් ගන්නා පිණිස දෙන්නේ ය. චාටුකම්‍යතා, මුග්ගසුප්පතා, පාරිභට්ටකතා, ජඞ්ඝපෙසනිකතා යන මෙයින් ද අන්‍යවූත් බුදුන් විසින් පිළිකුල් කොට වදාළ මිථ්‍යාජීවයෙන් ද ජීවිකා පවත්නේ ය. මෙය ආනාචාරය යි කියනු ලැබේ.
මෙහි චාටුකම්‍යතා නම් :-
භික්‍ෂූන් විසින් ගිහියන්ගේ සිත් ගන්නා පිණිස ගිහියන් උසස් තන්හි තබා තමන් පහත් තන්හි තබා කථා කිරීම ය.
මුග්ගසුප්පතා නම් :- මුං ඇට තැම්බූ කල වැඩි කොටස නො පැසී මඳ කොටසක් පැසී තිබෙන්නා සේ කථා කරන කල්හි වැඩි කොටස අසත්‍ය වීම හා මඳ කොටසක් මැ සත්‍ය වීම ය.
පාරිභට්ටතා නම් :- කිරිමවුන් මෙන් කුඩා දරුවන් වඩා ගෙන ආදර දැක්වීම ආදිය.
ජඞ්ඝපෙසනිකතා නම් :-
ගිහියන්ගේ පණිවිඩ පණත් ගෙන යාමයි. අන්‍ය වූ බුද්‍ධපතිකුඨ මිච්ඡාජීව නම්, වෙදකම් කිරීම් නැකැත් කීම් ආදිය යි.
(මෙය මතු ද විස්තර වශයෙන් දක්වනු ලැබේ)
“ගොචරොති අත්‍ථි ගොචරො, අත්‍ථි අගොචරො. තත්‍ථ කතමො අගොචරො? ඉධෙකච්චො වෙසිය ගොචරොවා හොති, විධව – ථුල්ලකුමාරික – පණ්ඩක – භික්ඛුණී – පානාගාර ගොචරො වා හොති, සංසට්ඨො විහරති, රාජුහි රාජමහාමත්තෙහි තිත්‍ථථියෙහි තිත්‍ථිය සාවකෙහි අනනුලොමිකෙන සංසග්ගෙන, යානි වා පනතානි – කුලානි අස්සද්‍ධානි අප්පසන්නානි අක්කොසක පරිහාසකානි අනත්‍ථකාමානි අහිතකාමානි අඵාසුකාමානි අයොගක්ඛෙමකාමානි භික්ඛුනං භික්ඛුණීනං උපාසකානං උපාසිකානං, තථාරූපානි කුලානි සෙවති භජති පයිරුපාසති. අයං වුච්චති අගොචරො.
තත්‍ථ කතමො ගොචරො? ඉධෙකච්චො න වෙසිය ගොචරො හොති —පෙ— න පානාගාර ගොචරො අසංසටෙඨා විහරති රාජූහි —පෙ— තිත්‍ථිය සාවකෙහි අනනුලොමිකෙන සංසග්ගෙන, යානි වා පන තානි කුලානි සද්‍ධානි පසන්තානි ඔපානභුතානි, අත්‍ථකාමානි —පෙ—- යොගක්ඛෙම කාමානි භික්ඛුනං —පෙ— උපාසිකානං තථාරූපානි කුලානි සෙවති භජති පයිරුපාසති. අයං වුච්චති ගොචරො”[4]
මෙහි භාවය මෙසේ ය.
“ගොචරො” යයි කියූ තන්හි ගෝචරයෙක් ද ඇත. අගේචරයෙක් ද ඇත, එහි අගෝචරය යනු කිම? මේ සසුන්වන් ඇතැම් පැවිද්දෙක් වෙසඟනන්, වැන්දඹු ගැහැනුන්, වැඩිවිය පැමිණ ස්වාමි කුලයට නොගොස් ගෙහි වසන තරුණියන්, පණ්ඩකයන්, භික්ෂුණීන්, මත්පැන් ගෝචර කොට වෙසෙයි. රජුන් හා රාජ මහාමාත්‍යයන් හා තීත්‍ථකයන් හා තීත්‍ථක ශ්‍රාවකයන් හා නුසුදුසු සංසර්‍ගයෙන් හැනී වෙසෙයි භික්‍ෂූන්ට භික්‍ෂුණීන්ට උපාසකයන්ට උපාසිකාවන්ට අකෝසා පරිකෝසාබණින ඔවුන්ට අනත්‍ථ කැමැති අභිත කැමැති අපහසු කැමැති භය කැමැති සැදැහැ පැහැදුම් නැති කුලගෙවල් සේවනය කරයි. භජනය කරයි. පයිරුපාසනය කරයි. මෙය අගෝචර යි කියනු ලැබේ.
(මෙහි වෙසඟනන් ……පෙ….. භික්‍ෂුණීන් ඇසුරු කිරීම ඔවුන් රාගාධිකයන් බැවින් ශ්‍රමණ ධර්‍මයට අන්තරාය කර ය.
රාජරාජාමාත්‍යයන් ඇසුරු කිරීම නුසුදුසු ලාභ සත්කාර උපදවන බැවින් සම්‍යක් ආජීවයට අන්තරාය කර ය.
තීත්‍ථක තීත්‍ථකශ්‍රාවකයන් ඇසුරු කිරීම දෘෂ්ටි විපත්තියට හේතුවන බැවින් සම්‍යක් දෘෂ්ටියට අන්තරාය කර ය. සැදැහැ නැති කුලයන් සේවනය කිරීම ශ්‍රද්ධා හානියට හා චිත්තබේදයට හේතු ය.)
ගෝචර නම් කිම?
මේ සසුන් වන් ඇතැම් පැවිද්දෙක් වෙසඟනන්, වැන්දඹු ගැහැනුන්, වැඩිවිය පැමිණැ ස්වාමි කුලයට නොගොස් ගෙහි වසන තරුණියන්, පණ්ඩකයන්, භික්ෂුණීන්, මත්පැන් සැල් ගෝචර කොට නො වෙසෙයි. රජුන් හා රජ මැතිනියන් හා අත්තොටුවන් (අන්‍යතීර්ථකයන්) හා අත්තොටු සව්වන් හා නුසුදුසු සංසර්‍ගයෙන් හැනී නො වෙසෙයි. භික්‍ෂු ආදි සිවුපිරිසට නිති සිවුපසයෙන් උපස්ථාන කරන – භික්‍ෂු භික්‍ෂුණීන් ගේ කෂාය වස්ත්‍රයෙන් බැබලී ගත් – ඔවුන්ගෙන් නිතර ගැවසී ගත් ඔවුන්ට හිත වැඩ කැමති – ඔවුන්ට පහසු හා නිර්‍භය කැමැති-සැදැහැ පැහැදුම් ඇති කුලයන් සේවනය කරයි. භජනය කරයි. පයිරුපාසනය කෙරෙයි මෙය ගෝචරය යි කියනු ලැබේ.
යට දැක්වූ ආචාරයෙන් හා මේ ගෝචරයෙන් යුක්ත වූ යේ ආචාර ගෝචර සම්පන්නයි.
මේ ආචාර ගෝචරය පිළිබඳ මතු දක්වනු ලබන ක්‍රමය ද දැනගත යුතු.
1. කායික අනාචාරය,
2. වාචසික අනාචාරය යි ලෙස
අනාචාරය ද්‍විවිධ වේ.
1. කායික අනාචාරය :-
මේ සසුන් වැදැ පැවිදි වූ ඇතැම් මහණ කෙනෙක් සඞ්ඝ සභාවට ද එළඹ ස්ථවිර භික්‍ෂූන් කෙරෙහි ගරුසරු නැති වැ ඔවුන් සිව්රෙන් සිව්ර හා ඇඟින් ඇඟ ගටමින් සිටිති. හිඳිති. ඔවුන් අභිමුඛයෙහි ද එසේ මැ සිටිති. හිඳිති. උසසුන්හි දු හිඳ ගනිති. හිස වසා පොරවා ගෙන ද හිඳිති. ගරු සරු නැති වැ සිට ගෙන ද අත් වනමින් ද කථා කෙරෙති. මහතෙරුන් පා වහන් නැති වැ සක්මන් කරන කල තුමු වහන් නැගී ද, මහතෙරුන් පහත් වූ සක්මන් හි සක්මන් කරන කල තුමූ උස් වූ සක්මන් හි නැගී ද සක්මන් කෙරෙති. මහතෙරුන් හිඳිනා තන්හි වැද හිඳිති. නවක භික්‍ෂූන් අසුන්වලින් නෙරපති. ජන්තාඝරයට වැද මහතෙරුන් නොවිචාරා උදුනෙහි දර දමති. දොරවල් ද වසති. පැන් නහනා තොටට ගොස් මහතෙරුන් ඇඟ ගැටෙමින් ඔවුන් ඉදිරියෙහි වෙමින් තොටට බසිති. නහති. තොටින් නැඟෙති. ගමට වදනා කල්හි ද ස්ථවිර භික්‍ෂුන් ඇඟ ගටමින් යෙති. ඔවුන් ඉදිරියෙහි ද ගමන් කරති. කුලස්ත්‍රීන්, කුලකුමාරිකාවන් වසන පිළිසන් ගැබ් ගෙවලට ලා හෙළා වදිති. බාල දරුවන්ගේ හිස පිරිමදිත් මේ කායික ආනාචාරය යි දතයුතු.
2. වාචසික අනාචාරය-
මේ සසුන් වැදැ පැවිදි වූ ඇතැම් මහණ කෙනෙක් මහතෙරුන් නොවිචාර බණ කියති. ප්‍රශ්න විසඳති. ඇතුල් ගෙවලට ද වැද ඒ ඒ කුලස්ත්‍රීන් ගේ කුලකුමාරීන් ගේ නම් ගොත් කිය කියා ආමන්ත්‍රණය කෙරෙමින් “කුමක් තිබේ ද කැඳ තිබේ ද බත් තිබේ ද කැවිලි තිබේ ද කුමක් කම් ද කුමක් බොම් ද කුමක් බුදිම්දැ” යි ශ්‍රමණ සාරුප්‍ය නොවු විකාර කථා කෙරෙත්. මේ වාචසික අනාචාරය යි දතයුතු.
මේ දැක්වූ කායික අනාචාරය හා වාචසික අනාචාර නොකිරීම ආචාරය වන්නේ ය.
තවද යම් කිසි භික්‍ෂු කෙනෙක් සෙසු වැඩිමහලු භික්‍ෂූන් කෙරෙහි ගෞරව හා යටත් පැවතුම් ඇති වැ – ලජ්ජා බියෙන් යුක්ත වැ – මනාකොට හැඳැ පෙරවැ- දුටුවන් පහදනා ගමනා – ගමනයෙන් ආලෝකන විලෝකනයෙන් අත් පා දිගුකිරීමෙන් හැකිලීමෙන් යුක්ත වැ, යට හෙළා ලු ඇස් ඇති වැ මනා ඉරියව්වලින් රැඳී ඉඳුරන් රැකවල් කොට ගෙන පමණ දැනැ වළඳමින් නින්දෙහි තත්පර නොවැ සිහි නුවණෙන් යෙදී අල්පේච්ඡ ව ලත් දෙයින් සතුටු ව අත් නොහළ වීර්‍ය්‍ය ඇති වැ ආභිසමාචරික වත් පිළිවෙත් සකස් වැ පුරමින් ගරුසරු ඇති වැ ආභිසමාචාරික වත් පිළිවෙත් සකස් වැ පුරමින් ගරුසරු ඇති වැ වෙසෙත් නම් එය ද ආචාරය යි කියනු ලැබේ.
ගෝචර වනාහි
1. උපනිස්සය ගොචරය,
2. ආරක්‍ඛ ගොචරය,
3. උපනිබන්‍ධ ගොචර යි ත්‍රිවිධ වේ.
1. උපනිස්සය ගෝචර නම්:-
අල්පේච්ඡ කථා ආදි දශවිධ කථාවන්ට පිහිටි වූ ගුණෙන් යුත් කල්‍යාණ මිත්‍රයායි හේ කෙබඳුවිය යුතු ද යත්? යම්බඳු කල්‍යාණ මිත්‍රයකුගේ ආශ්‍රයෙන් පෙර නොඇසූ විරූ ධර්‍මම අසන්නේ ද, ඇසූවිරූ ධර්‍මම පිරිසිදු කර ගන්නේ ද, සැක තුබූ තන්හි සැක දුරු කර ගන්නේ ද, ස්වකීය දෘෂ්ටිය සෘජුකර ගන්නේ ද, සිත ප්‍රසන්න වන්නේ ද, වැළිත් යම් කළ්‍යාණ මිත්‍රයකු ගේ ආශ්‍රයෙන් ශ්‍රද්ධා ශීල-ශ්‍රැත-ත්‍යාග-ප්‍රඥා යන පංච ධර්‍මමයෙන් තෙමේ වැඩෙන්නේ ද, එබඳු ආචාර්‍ය්‍ය මෙහි කළ්‍යාණ මිත්‍ර – (උපනිස්සය ගොචර) නම් වේ යයි දතයුතු.
2. ආරක්ඛ ගෝචර නම් :-
ඉන්‍ද්‍රියයන් සංවර කර ගැන්මයි. ඒ එසේ මැයි :-
මේ සසුන් වන් පැවිදි තෙමේ ගමට වේවයි, වීථියට වේවයි වන් කල යට හෙළා ලූ ඇස් ඇති වැ වියදඬු පමණ බලමින් සංවර යුක්ත ව ගමන් කරයි ද, ඇතුන්, අසුන්, රථ, පාබලසෙනඟ දිසා බලමින් ස්ත්‍රීන් පුරුෂයන් දිසා බලමින් ගමන් නොකරයි ද, උඩ බලාගෙන හෝ පමණට වඩා බෙල්ල නවා බිම බලාගෙන ම හෝ ගමන් නොකරයි ද, දිසානුදිසාවන් (වටපිට) බල බලා හෝ ගමන් නොකරයි ද මේ ආරක්ඛ ගෝචර යයි දතයුතු.
3. උපනිබන්‍ධ ගෝචර නම් :-
සිත බැඳ තැබීමට – (භාවනාවට) අරමුණු එනම් :- සතර සතිපට්ඨාන යි.
වදාළේ මැ යැ.
“කො ච භික්ඛවෙ භික්ඛුනො ගෝචරො සකො පෙත්තිකො විසයො යදිදං චත්තාරො සතිපට්ඨානා”[5] යි
‘මහණෙනි, භික්‍ෂු හට සිය පිය සතු ගෝචරය කුමක් ද මේ සතර සතිපට්ඨානයෝ ය’ යනු එහි බාවයයි. මේ උපනිබන්‍ධ ගෝචරය යි දතයුතු.
මේ දැක්වූ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ ද ආචාරගෝචර සම්පන්න නම් වේ යයි දතයුතු.
අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී = පරමාණු තරම් වූ ඉතා ස්වල්ප වරදෙහි පවා භය දක්නා සුලු වැ (ඉතා ස්වල්ප වරද නම් නොදන මතක නැති වැ පැමිණෙන සේඛියා ශික්‍ෂාපද ව්‍යතික්‍රමණ හා අකුසල සිත් ඉපදීම් ආදිය එබඳු සුලු වරද පවා පාරාජිකාපත්තියක් තරම් කොට සලකමින් යූ සේයි.)
සමාදාය සික්ඛති සික්ඛාපදෙසු = භික්‍ෂූන් විසින් ශික්‍ෂාපදයන් අතුරෙන් යමක් සමාදන් ව ගෙන රැක්ක යුතු ද ඒ සියල්ල රක්නේය යන අර්‍ථයි.
(මෙහි “පාතිමොක්ඛ සංවරසංවුතො” යන පදයෙන් මැ පුග්ගලාධිට්ඨාන- දේසනා වසයෙන් ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය වදාරන ලදී. සෙසු “ආචාරගෝචර සම්පන්නො” යනාදිය ඒ ශීලය රක්නහුගේ ප්‍රතිපත්ති දක්වන පිණිස වදාරන ලදී. පුග්ගලාධිට්ඨානදේසනා නම්, ශීලය දැක්වුවමනා තන්හි ඒ ශීලය ඇති පුද්ගලයා වර්‍ණනා කොට දැක්වීමයි.)
ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය නිමියේ ය.
මහණ,
නුඹ ප්‍රාතිමොක්ෂ සංවර ශීලයෙන් යුක්තවන්නේද,
ආචාරගෝචර දෙකින් යුක්තව
සුළු වරදෙහි පවා භය දක්නාසුළුව
ශික්ෂා පදයන් දැඩිකොට සමාදන්ව හික්මෙව,
[“සුළු වරදෙහි පවා භය දක්නාසුළුව”
(අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී)
මෙයින් අදහස් කරන්නේ ඉතා සුළු වැරදිවලදී පවා බියක් හෝ ලැජ්ජාවක් ඇති කර ගනිමින් හික්මීමයි.
[4] “මහණ,
නුඹ මෙතැන් පටන් සීලයෙහි පිහිටා
සතර සතිපට්ඨානයන් වඩව.
“කවර සතරක්ද යත්?
[5] “මහණ,
නුඹ ශීලයෙහි පිහිටා මේ සතර සතිපට්ඨානයන් වඩන්නෙහිද,
මහණ, එතැන් පටන් නුඹට කුසල් ධර්මයන්ගේ දියුණුවම වන්නේය.
කුසල ධර්මයන්හි පිරිහීමක් නොවන්නේය.
[6] ඉක්බිති ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුවී අනුමෝදන්ව ආසනයෙන් නැගිට වැඳ ගරුකොට උපහාර කොට පිටව ගියේය.
ඉක්බිති ඒ භික්ෂුව හුදෙකලාව විවේකීව අප්‍රමාදීව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුල පුත්‍රයෝ මනාකොට ගිහි ගෙයින් නික්ම සසුනෙහි පැවිදි වෙත්ද, බඹසර කෙළවරකොට ඇති ඒ උතුම්වූ නිවන මේ ආත්මභාවයෙහිම දැන එයට පැමිණ වාසය කළේය. ඉපදීම ක්ෂයවීය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනික් ආත්මභාවයක් නැතැයි මනාකොට දැනගත්තේය. ඒ භික්ෂූන් වහන්සේද රහතුන් වහන්සේලා අතරින් එක් කෙනෙක් වූහ.
SN 05-03-05-07. දුච්චරිත සූත්‍රය
එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි,
භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් ධර්මය දේශනා කරන සේක්වා. මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා හුදෙකලාව තනිව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නෙමි” යනුයි.
“මහණ, එසේ නම් නුඹ කුසල ධර්මයන්හි මුලම පිරිසිදු කරව.
කුසල ධර්මයන්හි මුල කවරේද?
මහණ,
කාය දුශ්චරිත දුරුකොට කාය සුචරිතය වඩව.
වාක් දුශ්චරිතය දුරුකොට වාක් සුචරිතය වඩව.
මනෝ දුශ්චරිතය දුරුකොට මනෝ සුචරිතය වඩව.
මහණ නුඹ යම් කලෙක පටන්
කාය දුශ්චරිතය දුරුකොට කාය සුචරිතය වඩන්නෙහිද
වාක් දුශ්චරිතය දුරුකොට
වාක් සුචරිතය වඩන්නෙහිද
මනෝ දුශ්චරිතය දුරුකොට මනෝ සුචරිතය වඩන්නෙහිද,
මහණ, නුඹ එතැන් පටන් සීලයෙහි පිහිටා
සතර සතිපට්ඨානයන් වැඩිය යුතු වන්නේය.
ඒ මොනවාද යත්,
මහණ,
නුඹ යම් කලෙක පටන් සීලයෙහි පිහිටා මේ සතර සතිපට්ඨානයන් වඩන්නෙහිද එතැන් පටන් මහණ නුඹට යම් රාත්‍රියක් හෝ දාවලක් පැමිණෙන්නේද කුසල ධර්මයන්හි වෘද්ධියම සිදුවේ. පිරිහීමක් නම් නොවේ.
“ඉක්බිති ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආසනයෙන් නැගිට වැඳ ගරු කොට ගියේය. ඉක්බිති ඒ භික්ෂුතෙම හුදෙකලාව විවේකීව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නේ නොබෝකලකින්ම යමක් සඳහා කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම සසුනෙහි පැවිදි වෙත්ද, බඹසර කෙළවර කොට ඇති ඒ උතුම්වූ නිවන මේ අත්බැව්හිම දැන එයට පැමිණ වාසය කළේය.
ඉපදීම ක්ෂය විය. බඹසර වැස නිමවන ලදි. කළයුත්ත කරන ලදී.
මෙයින් අනික් ආත්ම භාවයක් නැතැයි දැන ගත්තේය.
ඒ භික්ෂූන් වහන්සේද රහතන් වහන්සේලා අතරින් එක්තරා කෙනෙක් වූහ.
SN 05-03-05-08. මිත්ත සූත්‍රය
[උපන්දා සිට මැරෙන තෙක් අපි ජීවත්වෙනවාය කියා කියන්නේ සන්ස්කාර හදන එකටය. වෙන දෙයක් අපි කරන්නෙම නැත. බාහිර අරමුණු ඇතුලට ගෙන ඒවා කැමති අකමැති ලෙස ගෙන කුසල් අකුසල ලෙස ලෝභ දෝස මෝහ ලෙස අල්ලා ගනිමු. මේ සසරින් ගැලවෙන්නට ඕනෑ කරන්නේ මේ ධර්මතාව ගැන වටහාගෙන දේ සංස්කාර නිපදවීම නතර කර ගැනීමය. ඔබගේ ඥාතියෙක් මිත්‍රයෙක් සසරින් ගලවා ගන්නට හැකි නම් එය ඔහුට කෙතරම් වටින්නේද? මාරයාගේ ඉඩමේ නොහැසිරී පියාගේ ඉඩමේ රැදී ඉනානා හැටි උගන්නන්න.]
“මහණෙනි,
යම් කෙනෙකුන්ට අනුකම්පා කරව්ද,
මිත්‍රවූ හෝ හිතවත්වූ හෝ සහලේ නෑවූ
හෝ යම් කිසිවකු ඇසියයුත්තකු කොට සිතන්නහුද,
මහණෙනි,
තොප විසින් ඔවුහු සතර සතිපට්ඨානයන්ගේ වැඩීම පිණිස
සමාදන් කරවිය යුත්තාහ. වැස්විය යුත්තාහ. පිහිටවිය යුත්තාහ.
“මහණෙනි,
යම් කෙනෙකුන්ට අනුකම්පා කරව්ද,
මිත්‍රවූ හෝ හිතවත්වූ හෝ සහලේ නෑවූ හෝ යම්කිසිවකු ඇසියයුත්තක් කොට සිතන්නහුද, මහණෙනි, තොප විසින් ඔවුහු සතර සතිපට්ඨානයන්ගේ වැඩීම පිණිස සමාදන් කර විය යුත්තාහ. වැස්විය යුත්තාහ. පිහිටවිය යුත්තාහ.
SN 05-03-05-09. වේදනා සූත්‍රය
මහණෙනි,
විඳීම් තුනකි.
කවර තුනක්ද යත්?
මහණෙනි,
මොව්හු වේදනාවෝ තිදෙනය.
මහණෙනි, මේ වේදනා තුන මනාකොට දැනගැනීම පිණිස සතර සතිපට්ඨානයෝම වැඩිය යුත්තාහ.
“මහණෙනි,
මේ වේදනාවන් තිදෙනාගේ මනාකොට දැනගැනීම පිණිස තොප
මේ සතර සතිපට්ඨානයෝම නිබඳව වැඩිය යුත්තාහ.
ඒ මොනවාද යත්:”
[වේදනා
හොඳ බවය, නරක බවය, මධ්‍යම බවය යන මේ තුන අතුරෙන් එක් ස්වභාවයක් සැම ධර්මයකම සැම වස්තුවකම ඇත්තේය. ඒවාට ආරම්මණ රසයයි කියනු ලැබේ. ඒ රසය අරමුණ වසාගෙන එහි පැතිර පවත්නා ස්වභාවයකි.
අරමුණ අනෙකකි.
රසය අනෙකකි.
අරමුණ ද්‍රව්‍ය වශයෙන් ද රසය එහි ගුණයක් වශයෙන් ද සැලකිය යුතුය. සිතින් කරනුයේ අරමුණ දැන ගැනීම ය. සිතින් අරමුණ ගන්නා කල්හි එය සමග ම අරමුණ වසා ගෙන සිටින්නා වූ එහි රසය ගැනීමක් ද වේ. රසය අරමුණේ අනෙකක් වන්නාක් මෙන් ම රසය ගැනීම ද අරමුණ ගන්නා විඥානයෙන් අනෙකකි. රසය අරමුණ නිසා වන්නාක් මෙන් ම රසය ගැනීම ද අරමුණ ගැනීම කරන විඥානය නිසා ඒ හා බැඳී පවත්නකි. එබැවින් එය චෛතසිකයෙකි. ඒ රසය ගැනීම රස විඳීමකි. එබැවින් එයට වේදනාව යන නම කියනු ලැබේ. රසයෙන් තොරව අරමුණක් ඇති නොවන්නාක් මෙන් ම අරමුණ වසා සිටින රසය ගන්නා ස්වභාවය වූ වේදනාවෙන් තොරව වේදනාව හා අමිශ්‍රව කිසි කලෙක විඥානයට පමණක් ඇති නො විය හැකි ය. විඥානය සෑම කල්හි ම ඇති වන්නේ වේදනාවත් සමග ම ය. එබැවින් වේදනාව සර්වචිත්ත සාධාරණ චෛතසිකයක් වේ. ඒ වේදනාව තුන් ආකාර වූ ආරම්මණ රසයාගේ වශයෙන් තුන් ආකාර වේ. ආරම්මණයාගේ හොඳ බව ගන්නා වූ වළඳන්නා වූ ස්වභාවය සුඛ වේදනා නම් ද සෝමනස්ස වේදනා නම් ද වේ. ආරම්මණයා ගේ නරක බව ගන්නා වූ විඳින්නා වූ ස්වභාවය දුඃඛ වේදනා නම් ද දෝමනස්ස වේදනා නම් ද වේ. ආරම්මණයාගේ මධ්‍යම ස්වභාවය ගන්නා වූ විඳින්නා වූ ස්වභාවය උපේක්ෂා වේදනා නම් වේ. සායම නිසා වතුරේ ආකාරය වෙනස් වන්නාක් මෙන් වේදනාව නිසා සිතේ ආකාරය වෙනස් වේ.]
SN 05-03-05-10. ආසව සූත්‍රය
“මහණෙනි,
ආශ්‍රවයෝ තුනකි.
කවර තුනෙක්ද?
කාමාශ්‍රවය,
භවාශ්‍රවය,
අවිද්‍යාශ්‍රවය යනුයි.
මහණෙනි මේ ආශ්‍රවයන් තිදෙනාය.
මේ ආශ්‍රවයන් ප්‍රහාණය පිණිස
සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.
(මේ ඡේදය 4 වෙනි අනනුස්සුත වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි)
“මහණෙනි,
මේ ආශ්‍රවයන් තිදෙනාගේ ප්‍රහාණය කිරීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.”
[1. කාමාසවෝ.
2. භවාසවෝ.
3. දිට්ඨාසවෝ.
4. අවිජ්ජාසවෝ.
භාජනවල බහා කලක් පල් කරන ලද මත් කරවන ස්වභාවය ඇති මල්රස ආදිය ආසව නම් වේ. ඒවා පල් කරන කල්හි ඒවා අනුව භාජන ද පල් වේ. කාමාසව භවාසව දිට්ඨාසව අවිජ්ජාසව යන ධර්ම සතර ද සත්ත්වයා ගේ කොනක්දැකිය නොහෙන අතීත භව පරම්පරාවෙහි පර්ය්‍යුත්ථාන වශයෙන් හා අනුශය වශයෙන් ද පැවැතියේය. අතිදීර්ඝ කාලයක් එසේ සත්ත්ව සන්තානයෙහි පැවතීමෙන් ඒවා පල්වූවෝය. සත්ත්ව සන්තානය ද ඒවා නිසා පල් ව ඇත්තේ ය. අතිදීර්ඝ කාලයක් පල්වී ඇති සත්ත්ව සන්තානය අර්හත්මාර්ගඥාන නමැති ජලයෙන් මිස අන් ක්‍රමයකින් පිරිසිදු කළ නොහැකිය. අර්හත්වයට පැමිණ පිරිසිදු වීම දක්වා සත්ත්ව සන්තානයෙහි ආශ්‍රව ධර්ම සතර අනාගතයෙහිත් පවත්නේය. කාම භව දිට්ඨි අවිජ්ජා යන මේ ධර්මයෝ සතර දෙන ඉහත කී ආශ්‍රවයන්ට පල් වීම් වශයෙන් සමාන බැවින් ආසව නම් වෙති.
පුප්ඵාසවාදි ආසවවින් මත් කරවන්නේ මඳ කලකටය.
ඒවායින් වන මත පැය ගණනකින් සන්සිඳෙන්නේ ය.
කාමාසවාදීන් ගෙන් වන මත අති දීර්ඝ කාලයක් පවතී.
අර්හත් මාර්ගයෙන් ඒ කෙලෙස් ප්‍රහාණය කරන තුරුම ඒ මත්වීම් පවතී. එබැවින් කාමාසවාදිය පල් කළ මල්රස අදි ආසවයන්ට වඩා මත් කරවන දෙයක් බව කිය යුතු ය. මත් කරීම් වශයෙන් ද ආසවයන්ට සමාන බැවින් කාම භව දිට්ඨි අවිජ්ජා යන ධර්මයෝ ආසව නම් වෙති.
පැස වූ කුෂ්ඨ වණ ගෙඩිවලින් ගලන ඕජස ද ආසව නම් වේ. පැස වූ කුෂ්ඨය ඇතියහුගේ තුවාල වලින් ඕජාව ගලා හැඳිවත් හා වාසස්ථාන දූෂණය කරන්නාක් මෙන් කාමාසවාදීහු චක්ඛු සෝත ඝාන ජිව්හා කාය මන යන ද්වාර සයෙන් ගලා රූප ශබ්ද ගන්ධ රස ස්ප්‍ර‍්ෂ්ටව්‍ය ධර්ම යන අරමුණු සය දූෂණය කෙරෙති. එ බැවින් ෂට්ද්වාරයෙන් ගලන්නෝය යන අර්ථයෙන් ද කාමභවාදීහු ආසව නම් වෙති.
ස්කන්ධ පරම්පරාව නො සිඳී දිගින් දිගට පවත්නේ මේ ධර්ම සතර නිසාය. සංස්කාර දුඃඛය ඉදිරියට දිගට පවත්වන්නෝය යන අර්ථයෙන් ද කාමාදීහු ආසව නම් වෙති.
මේ ධර්මයෝ සතර දෙන භවාග්‍රය දක්වා ලෝකයත්, මාර්ග චිත්තයට පූර්ව භාගයේ ඇතිවන ගෝත්‍රභු චිත්තය දක්වා ඇති ධර්ම සියල්ලත් අරමුණු කිරීම් වශයෙන් ගලා යට කර ගෙන සිටින බැවින් ද ආසව නම් වේ.
කාම වස්තූහුය, ඒවායේ ඇලෙන තණ්හාවය යන දෙකට ම කාමය යි කියනු ලැබේ. කාමාසව යන මෙහි කාම යනුවෙන් අදහස් කරන්නේ කාම වස්තූන් කෙරෙහි පවත්නා තණ්හාවය, රාගය ය. කාම වස්තූන් සම්බන්ධයෙන් ඇති වන තණ්හාව, රාගය කාමාසවය ය. එය ලෝභය ම ය.
භවාසව යන මෙහි භව යනුවෙන් කියැවෙන්නේ රූපාරූප භවයන්හි උත්පත්තිය සිදුකරන කුශල කර්මයන් හා ඒ කුශල් වලින් උපදවන රූපාරූප භවයන්හි ස්කන්ධයන් පිළිබඳ වූ ද තණ්හාව ය. ඒ තණ්හාව භවාසවය ය.
දිට්ඨාසව යනු මිථ්‍යා දෘෂ්ටීහු ය. අවිජ්ජාසව යනු අවිද්‍යාව ම ය. ධර්ම වශයෙන් බලන කල්හි කාමාසව භවාසව යන දෙකින් ම කියැවෙන්නේ එකම ලෝභය ය. එබැවින් ලෝභය දිට්ඨිය මෝහය කියා ධර්ම වශයෙන් ආශ්‍රවයෝ තිදෙනෙක් ම වෙති.]
ඵස්සයසඤ්ඤාව ඵස්සයසඤ්ඤාව
By DEATHLESS : මරණයක් නැති යන අර්ථයෙන් අමුර්ත නොහොත් අමත වග්ගය ලෙස නම් කර ඇත. ඉපදීම නැතිකිරීම ම මරණය නැතිකළ බවය. මරය පිදීම නැති කරන්නේ නිර්වාණය සාක්ෂාත් කල වුන්ය. අර්හත්වය ලබන්නේ චතුර් ආරය සත්‍යය වටහා ගැනීමෙනි. ඒ පිණිස මග වැඩීම්ට සතර සතිපට්ඨානය වැඩිය යුතුය.