CYBER Wiparama

CYBER Wiparama

By Champike YatagamaTechnology
Download on the App Store

CYBER Wiparama episodes

  • Episode 62: කොරෝනා මේ පාර නම් ගහන්නෙ ඔලුවටමයි..
    Broadcast on 3ZZZ Radio on 12th July 2020

    Visit my blog for full transcript: http://cyberwiparama.blogspot.com

    ජුලි නමය වෙනිදා සිට මෙල්බර්න් නගරය සති හයකට නැවත ලොක් ඩවුන් කරලා.. 
    මේ හේතුවෙන් මෙට්‍රොපොලිටන් මෙල්බර්න් සහ මිචෙල් ශයර‍යේ මිලියන පහක ජනතාව නැවතත් තමන්ගේ නිවෙස් තුල සි‍ර වෙනවා. ඔවුන්ට නිවසින් පිටත්ට පැමිණිය හැක්කේ  අත්‍යවශ්‍ය කාරනා ලෙස ප්‍රාන්ත රජය නම් කර ඇති හේතු කිහිපයක් සඳහා පමනයි..
     
    මාර්තු මාසයේ මෙවැනිම සීමා කිරීමක් කිරීමෙන් පසුව කොරෝනා ආසාදිතයන්ගේ ශීග්‍ර වැඩිවීමක් සමඟ බලදාරීන්ට නැවත මේ සීමා කිරීම් දක්වා යන්නට සිදු වුනා. මේ අතර අනෙක් ප්‍රාන්ත වික්ටෝරියානුවන්ට තමන්ගේ ප්‍රාන්තයට පැමිනීම තහනම් කරලා
    එනිසා ප්‍රාන්තයක් විදියටත්, මෙල්බර්න් නගරයේ නම් පවුල් විදියටත් මේ මොහොතේ අපට දැනෙන්නේ හුදකලා වූ, සමාජ ජීවිතයෙන් දුරස්ථ වූ මානසික තත්වයක්.
    මනෝ වෛද්‍ය වරුන් පෙන්වා දෙන්නේ මෙම අලුත් තත්වය නිසා ඉතා විශාල ලෙස මානසික සෞඛ්‍යයට හානි සිදු විය හැකි බවයි.
     
     
    සිඩ්නි විශ්ව විද්‍යාලයේ මොලය සහ මනස කේන්ද්‍රයේ මහාචාර්‍ය ඉයන් හිකී මහතාට අනුව, මෙම දෙවන වර සීමා කිරීම් මානසිකව අතිශය හානිකර වෙනු ඇත. ඇමරිකාවට, බ්‍රිතාන්‍යට මෙන් නොව ඔස්ට්‍රේලියාවෙ තත්වය යහ්පත් යැයි සිතා නැවත සාමාණ්‍ය ජන ජීවිතයට එන්නට ජනතාව සූදානම් වෙනවාත් සමඟම රැකියා විරහිතවීම්, අවිනිශ්චිත ආර්ථික කාරනා  සහිතව, නැවත නිවෙස් තුල සිර වෙන්නට සිදු වීම කොහෙත්ම ලේසි නැති බවයි මහාචාර්‍යවරයා පවසන්නෙ.
     
    කොරෝනා වසංගත තත්වය උද්ගත වීමෙන් පසුව Lifeline වෙත ලැබුනු දුරකථන ඇමතුම් සංක්‍යාවේ වැඩිවීම 25%. Lifeline යනු සියදිවි නසා ගැනීමට තරම මානසික බිඳ වැටීමට ලක් වූවන් එයින් මුදවා ගැනීම වෙනුවෙන් පිහිටවා තිබෙන ජාතික සහන සැයපුම් සේවාවයි.
    එලෙසින්ම, Depression මානසික තත්ව‍යෙන් පීඩා විඳින්නන්ට සහනය සපයන Beyond Blue වෙත ලැබුනු ඇමතුම් සංඛ්‍යාවේ වැඩිවීම 40% කි. මින් ඔබට පැහැදිලි ඇති මේ මොහොතේ මානසික සෞඛ්‍ය සම්බන්ධව ජාතික මට්ටමෙන් ඇති වී තියෙන භයානක නැඹුරුව..
    Federal රජය මානසික සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් ඩොලර් මිලියන 500ක ප්‍රතිපාදන මෑතකදී නිවේදනය ඒ නිසාවෙන්මයි.
    7 min
  • Episode 61: Black Lives Matter වෙත සයිබර් ප්‍රහාර
    Broadcast on 3ZZZ Radio on 21st June 2020

    Date: මැයි 25 දා
    Place:  MineaPolis, Monesota, USA
    අමානුශික පොලිස් ක්‍රියාකාරකමක් නිසා මහා දවල්, වීදියක කලු ජාතික George Floyd මිය යෑමේ දර්ශන අන්තර්ජාලය හරහා පැතිර ගියේ ලැව් ගින්නක් වගේ.
    කුපිත වුන ජනතාව ආරම්භ කල උද්ඝෝශන පසුව ප්‍රචන්ඩත්වයටත්, කොල්ලකෑම් තත්වයටත් වර්ධනය වුනා. 

    මේ තත්වය  ඉතා ඉක්මනින්ම වෙනත් රටවලටටත් පැතිර යන අයුරු දැන් අපිට පෙනෙනවා.. ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර කිහිපයක, ඇබොරිජිනල් ජනතාවට සහයෝගයක් ලෙස Black Lives Matter තේමාව යටතේ විශාල උද්ඝෝශන කිහිපයක්ම දියත් වුනා. 

    කොවිඩ් සීමා කිරීම් මධ්‍යයේ පවා, එලිමහනේ සිදු වෙන මෙම උද්ඝෝශණ සහ බාධා කිරීම් මාධ්‍යවල නිතර ප්‍රචාරය වුනත්, සත්‍ය කාරනාව වන්නේ මෙම අරගලය ඉතා දරුනු ලෙස ක්‍රියාත්මක වන්නේ සයිබර් කලාපයේ බවයි.

    මූලිකවම මෙම ජනතා නැඟිටීම් ඉතා කෙටි කලෙකින් එක් තැන් කලේ සමාජ මාධ්‍ය ජාලා හරහාය. ඒ සමඟ වතුරේ පහතට බලෙන් ඔබා ගෙන සිටි රබර් බෝලයක්, එක්වරම ඉහලට පොලා පනින්නා සේ මෙම Black Lives Matter නැමති ජනතා ව්‍යාපෘතිය යෝධ ජන පවුරක් සේ නැගී සිටියා.

    Annonymous නැමති ලොව ප්‍රකට hacktivist සංවිධානය මෙම අරගලය සහය පල කරමින්, පොලිස් ආයතන ඉදිරියේදී හැක් කිරීමට ලක් කරන වග සඳහන් කරා.  ඔවුන්ගේ සමාජ ජාලා පිටු සඳහා දින දෙකක් ඇතුලත මිලිගන ගනනින් අනුගාමිකයන් එකතු වෙන්නට එම පනිවිඩය ප්‍රමානවත් වුනා.
    මැයි 31 දා ඔවුන් මිනියාපොලිස් පොලීසියේ වෙබ් අඩවියට ප්‍රහාරයක් එල්ල කරා. උද්ඝෝශකයන්ට බාධා කරන ඕනෑම රජයේ දෙපාර්තමේන්තු වෙබ් අඩවි වලටද එම ඉරණම අත් වෙනු ඇති බව ඔවුන් තව දුරටත් අනතුරු හැඟ වූවා.

    ෆේස්බුක්, ඇමසන්, ගූගල් වැනි ආයතන ප්‍රසිද්ධියේ BLM අරගලයට සහය දැක්වූවා.
    ඇමසන් ආයතනයේ හිමි කරු වන ජෙෆ් බෙසොස් මහතා ඒ වෙනුවෙන් එන විවේචන වලට ප්‍රසිද්දීයේ පිලිතුරු පවා සපයා තිබුනා. 
    Netflix, HBO වැනි streaming සේවාවලින් සමහර චිත්‍රපට පවා දැන් ඉවත් කරනවා ඒවයේ අන්තර්ගතයේ අඩු පාඩු පෙන්වා දෙමින්.  Little Britain, Mighty Boosh, Gone with the wind, එලෙසින් ඉවත් කල චිත්‍රපටි කිහිපයක්.

    මින් අදහස් වන්නේ නැහැ අන්තර්ජාලය හරහා මේ අරගලයට ලැබෙන්නෙ ආශිර්වාද පමනයි කියලා.
    6 min
  • Episode 60: කරටි කඩන Working From Home

    Broadcast on 3ZZZ Radio on 31st May 2020

    Fill transcript at my blog: http://cyberwiparama.blogspot.com/

    නිවසේ සිට රාජකාරි කටයුතු කිරීම නිසා සෞඛ්‍යමය වශයෙන් සැලකිය යුතු වන්නේ මොනවාද ඇසුවොත් පිලිතුර වන්නේ අධික තිර කාලය නිසා ඇස්වලට වෙන හානිය, ව්‍යායාම මදිකම, මානසික සෞඛ්‍ය ගැටලු ආදිය.

     

     

    නමුත් මේ හැම දේකටම කලින් අපට දැනෙන හානියක් තියෙනවා නිසි විදියට සැලකිලිමත් නොවුනොත්..ඒ තමා ගෙල, පිට සහ කොන්ද ආශ්‍රිතව, වැරදි ඉරියව්වේ  දිගටම යෙදීම නිසා වන කශේරුකා අස්ථි ආශ්‍රිත ගැටලු. 
    මේ සම්බන්ධව ඉතා මෑතක රෝගීන් බොහෝ දුරට කශේරු අස්ථි විශේෂඤ්ඤයින් වෙත යොමුවු බව Australia Chiropracters Association (ACA) ආයතනය වාර්තා කරනවා. 
     
    එනිසා අද අපි කතා කරමු, නිවසේ සිට පරිගණක ආශ්‍රිතව වැඩ කිරීමේදී (Working From Home) අප කොහොමද පරෙස්සම් වෙන්නෙ කියලා.
    5 min
  • SBS සිංහල Radio: 'විනිවිද ' මාසික සමාජ මත විමසුම

    Broadcast on SBS Radio on 26th May 2020


    https://www.sbs.com.au/language/sinhala/audio/covid-19-restrictions-are-easing-in-austrelia-what-are-the-community-accountability-to-keep-up-the-protection-of-the-the-society-monthly-panel-discussion

    "ප්‍රාන්ත විසින් කොරෝනා පාලනයට යොදා තිබූ නීති ලිහිල් කිරීමත් සමඟ එයට අනුකූලව අපේ ජීවිත වෙනස්කර ගැනීමේදී පොදු සමාජය විධියට අපට ඇති වගකීම් මොනවාද? මෙවර SBS සිංහල විනිවිද සමාජ මත විමසුම තුලින්අපත් සමග කතා බහට එක් වුයේ ඇඩිලේඩ් හි වෛද්‍ය සරත් සේනාදීර , ක්වීන්ස්ලන්තයේ මහාචාර්ය ජේ වීරවර්ධන , NT හි ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා මිත්‍රත්ව පදනමේ සභාපතිනි ඉනෝකා පින්තූ , මෙල්බන් නුවරින් චම්පික යටගම , සිඩ්නි නුවරින් කැලුම් ඉනාමලුව"

    වැඩසටහන් සම්පාදනය: චරිතා අධිකාරි

    21 min
  • Episode 59: තණමල්විල කොල්ලෙක් සහ Virtual Autism


    "මේ දිනවල ලංකාවේ විකාශය වෙන ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක් අතරින් බොහෝ කතා බහට ලක් වෙන කතාවක් තමා 'තණමල්විල කොල්ලෙක්' කියන්නෙ. '

    ජීවිතයේ අනේක විධ හැල හැප්පීම් වලට ලක් වෙන, අද්‍යාපනය අතරමඟ අවසන් වෙන තරුණයන් පිරිසක්, වැලි ගොඩ දමන බෝට්ටුවල, කංසා හේනේ, නිධන් හාරන තැන, රෝහලේ, පොලිසියේ ,  වැරදි වැරදි ජීවිතය සොයා යන හැටි, පහර කන හැටි, නැවත් අප්‍රතිහත වීර්‍යෙන් නැගී සිටින අයුරු මේ කතාවේ ඉතා සංවේදී ලෙස චිත්‍රනය කරනවා.
    කතා නායකයා, කොලඹ සිට යුරෝපයට සංක්‍රමනය වෙන්නේ ඉතා සාර්ථක කලා කරුවෙක් විදියට- ඔහුට එතනට එන්නට ඔහු මහ පොලොවේ කල සටනත්, තමාගේ ආදරණිය පවුල විසින් ඔහු වෙනුවෙන් කල කැපවීම සහ ආදරය පදනම සැපයූ අයුරුත් එහි  අපි දකිනවා.
     
    අද සයිබර් සටහනට මම කතා කරන්න යන්නෙ මේ ටෙලි නාට්‍යය ගැන නම් නොවේ.. අද දවසෙ මම කතා කරන්න යන ප්‍රස්තුතයට මේ කතාව හරහා ප්‍රවේශයක් ගත්තා පමණයි. 
     
    මම  අද කතා කරන්නෙ ඔබ බොහෝ දෙනෙක් අසාවත් නැති, ලෙඩක් ගැන - ඒකට කියන්නෙ Virtual Autism කියලා. "


    Full transcript published on my blog
    http://cyberwiparama.blogspot.com/
    6 min
  • Episode 58: රූපයක් open කලා විතරයි, මගෙ කම්පැනියම හාන්සියි!

    Donald Duckගෙ රූපෙ තියෙන GIF එකක් ඒ කියන්නෙ අහිංසක animated රූප‍යක් විව්ෘත කිරීමෙන් පමනක් ඔබේ ආයතන‍යේ ජාලය hack වීමකට ලක් විය හැකියි කිව්වොත් ඔබ එය විශ්වාස කරනවද? ඊමේල්, කෙටි පනිවිඩ වල භයානක ලින්ක් එනවා කියලා අහලා තිබුනත්, මෙහෙම රූපයක් විව්ෘත කිරීම එතරම් අනතුරුදායක වෙන්නෙ කොහොමද කියලා ඔබට හිතෙන්න පුලුවන්.

    මම මේ කියන්න යන්නෙ එවැනි අනතුරකින්  Microsoft Teams කියන  Video Conferencing Platform දැවැන්තයත් නූලෙන් බේරුනු විදිය ගැන. 


    Full transcript at my blog.
    http://cyberwiparama.blogspot.com/

    POdcast can be listened via any major podcast app

    6 min
  • Ep 57: COVIDSafe App: දා ගම්දෝ නොගම්දෝ කියලා සිතුනා අයට!

    Broadcast on 3zzz Radio on 3rd May


    Full transcript available in my blog: cyberwiparama.blogspot.com

    අප්‍රේල් 26දා සවස 6ට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් CovidSafe නමින් ඇප් එකක් ජනතාව වෙනුවෙන් මුදා හැරියා. කොරෝනා රෝගය ඉදිරියේදී පාලනය කර ගැණීම් වෙනුවෙන් ජනතාවගෙන් අඩුම ගානෙ 40%ක්වත් මෙම ඇප් එක ඉන්ස්ටෝල් කර ගත ‍යුතු බව රජය පවසනවා. සින්ගප්පුරුවේ සාර්ථකව ක්‍රියාත්මක වූ ඇප් එකකට සමානව මෙය සැලසුම් කල බවයි පැවසෙන්නෙ.


    මෙම ඇප් එක ඉන්ස්ටෝල් කිරීම අනිවාර්‍ය නැහැ නමුත් රජය පසු ගිය සතිය පුරාවට මේ වෙනුවෙන් ජනතාව උනන්දු කිරීමට විශේෂ වෙහෙසක් ගත්තා. එවැනි ඇප් එකක් හරහා ඉතා සක්‍රිය ලෙස ප්‍රජා ව්‍යාප්ති‍ය (community transmission)  හඳුනා ගත හැකි වීමෙන්, අදාල අංශවලට රෝගයට ගොදුරු වූ සහ ගොදුරු වූ අය සමීපයට පැමිනි අය සැලකිය යුතු නිරවද්‍යතාවයකින් හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමේ හැකියාව ලැබෙනවා.

    ඇත්තටම මේ ඇප් එක වැඩ කරන්නෙ කොහොමද?
    ඔබ ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන සිටිනවා නම් එය ඔබ අවට මීටර් 1.5 ක් සමීපයට පැමිණ විනාඩි 15ට වඩා වැඩි වෙලාවක් සිටින අයගෙන් මෙම ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන ඉන්න අය ගැන යම් සටහනක් එන්ක්‍රිප්ට් වීමක් සහිතව ගබඩා වෙනවා. මෙලෙස ගබඩා වෙන්නෙ පුද්ගලික විස්තර නොවේ, එම ඇප් එක ඉන්ස්ටෝල් කර ගත් කෙනාට අදාල ඇප් එක විතරක් දන්නා encrypted ID එකක් පමණයි. මෙලෙසම ඔබ ගැනද ඔබ සමීපයේ සිටි ඇප් එක සහිත අනෙක් පුද්ගලයාගෙ දුරකථන‍යේ සටහන් වෙනවා.

    දැන් මේ විස්තර දිගටම ගබ්ඩා වී තියෙනවද? 
    නැහැ- දවස් 21කට වඩා පැරණි සටහන් ස්යයැංක්‍රීයව මැකී යනවා. ඒ සමඟම ඒ ඔබගේ ෆෝන් එකේ ගබ්ඩා වෙන දත්ත ෆෝන් එකෙන් වෙනත් මධ්‍යම දත්ත ගබඩාවකට  ee mohothe යන්නෙ නැහැ කියල ඔවුන් සහතික වෙනවා.
     
    මේකෙන් කොහොමද රෝග ව්‍යාප්තිය පාලනය වෙන්නෙ?
    අපි හිතමු මේ ඇප් එක භාවිතා කරන මට යම් මොහොතක රෝගය වැලඳුනා කියලා. එවිට සෞඛ්‍ය නිලධරීන් මගෙන් අවසර ඉල්ලනවා මගේ ෆෝන් එකේ දත්ත ඔවුන්ගේ මධ්‍යම දත්ත ගබඩාවට ගන්න පුලුවන්ද කියලා. මම අනුමැතිය දුන්නොත්, ඒ දත්ත මධ්‍යම ගබ්ඩාවට යනවා, එහිදී පද්ධතිය විසින් මා අවට පසුගිය දින 21ක කාලය මා නිසා අවධානමට ලක් වූ ඇප් එක භාවිතා කරන අයට ඒ ගැන දැණුවත් කරනවා වහාම පරීක්ශාවකට ලක් වෙන ලෙස.  ඒ සමඟම ඔවුන්ගෙන් අවසර ඉල්ලනවා ඔවුන්ගේ දත්තත් මධ්‍යම ගබ්ඩාවට ගෙන දින 21ක කාලය තුල ඔවුන්ගේ සමීපයේ සිටි අය හඳුනා ගෙන ඒ අයටත් පරීක්ශාවට ලක් වෙන්න දැණුවත් වීම් කරන්න.
    මින් ඔබට පැහැදිලි ඇති ඇප් එක සාර්ථක වීමට නම් සමාජයේ සැලකිය යුතු ප්‍රමාණයක් මේ ඇප් එක භාවිතා කල යුතු බව. 
    මෙය ලේසි පාසු කටයුත්තක් නොවන බව දැන ගෙන සිටි රජය මේ ගැන විශේෂ ප්‍රචාරයක් ලබා දුන්නා. එහි ප්‍රතිපලයක් ලෙස මුල් පැය 24 ඇතුලත වාර්තාගත ලෙස මිලියන 2 ඉක්මවූ ප්‍රමානයක් ඇප් එක ඉන්ස්ටෝල් කර ගත්තා.
    7 min
  • Episode 56: කොරෝනා යන්නෙ කවද හරි ඔබේ ඇස් දෙකටත් විදලා!

    Broadcast on 26th April on 3ZZZ Community Radio

    කොරෝනා වසංගතය නිසා, මුලු ලෝකයම උඩු යටිකුරු වෙලා කිව්වොත් ඒක අතිශයෝක්තියක් නොවේ.

    රැකියාව කරන්න, පාසල් අද්‍යාපනය ලබන්න විතරක් නෙවෙයි සමීපතම නෑ හිත මිතුරන් එක්ක සුහද කතාබහේ යෙදෙන්නත් වෙලා තියෙන්නෙ අපේම නිවස තුල හිරවෙලා අන්තර්ජාල වීඩියෝ තාක්ශණ හරහා. එකම නිවසෙ මුලු මුලු වලට වෙලා පවුලේ  සියලුම දෙනා පරිගණක ටැබ්ලට් දෙස මුහුන හොවාගෙන දවසෙන් වැඩිම කාලයක් ගෙවීම බොහෝ නිවෙස්වලට සුලබ දසුනක්.

    කොරෝනා සම්බන්ධව ම අපි  උනන්දුවෙන් කරුනු හොයන අතරෙ තවත් භයානක් ව්‍යසනයක් අපේ දෑස් ඉදි‍රියේ තියෙනවා.. හරියටම කිව්වොත් දෑස් ඉදිරියෙත් නොවේ.. මොකද ව්‍යසනය වෙන්න යන්නෙත් දෑස් වලට නිසා..


    Refer my blog for full transcript
    http://cyberwiparama.blogspot.com/

    5 min
  • Episode 55: කොරෝනාව මත්තෙන් බිලි ඉල්ලන සයිබර් නරුමයන්..

    Broadcast on 19th April on 3ZZZ Community Radio

    කොරෝනාව ගෝලීය වසංගතයක් වෙලා..  මිහි මත ජීවත් වෙන හැම මනුස්සයෙක්ම ජීවිත අවධානම, අවිනිශ්චිත බව සමබන්ධයෙන් මේ විදියට තැති ගන්වා තමන්ගේම නිවසේ සිර කර වූ කාල වකවානුවක් අප කිසි කෙනෙකුගේ ජීව්ත කාලයටම අත් නොවිඳි දෙයක්.මේ ඛේදවාචකය එතරම් බිහිසුනුයි. දස දහස් ගණනක් සෞඛ්‍ය සේවයේ යෙදෙන්නන් සහ අත්‍යවශ්‍ය සේවා සපයන්නන්, ජීවිත අවධානම නොතකා, දිවා රෑ නිදි වරාගෙන මේ කතා කරන මොහොතෙත් වෙහෙසෙන බව අපි සැම ගෞරව පූර්වක ක්ෘත්වේදීත්වයෙන් සිහි කරන්න ඕනෙ.ඒ මානව ගුණාංගයන්ගෙන් පිරිපුන්, මනුශ්‍යත්වයේ සුවඳ වහනය වෙන උදාර මිනිසුන් වගේම මේ ඛේදවාචකය තුලින් ඇති කල අලුත්ම තත්වය යොදාගෙන, සයිබර් අවකාශය හරහා මිනිසුන් අමාරුවේ දමන අයත් සිටින වගත් කණගාටුවෙන් වුනත් කියන්න වෙනව. ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයන් මොනවාද යන්නත්, එයින් ඔබට ගැලවිය හැක්කේ කෙලෙසද යන්නත් කෙටියෙන් හෝ අද දවසේ සයිබර් සටහන තුලින් සාකච්ඡා කලහොත් එය මේ සයිබර් විනයන්ගෙන්ොබට පරෙස්සම් වෙන්නට උදව්වක් වේ යයි මම සිතුවා.

    The full transcript available at my blog
    http://cyberwiparama.blogspot.com/

    8 min
  • Episode 54: Coronavirus සහ Working from Home

    Broadcast on 3ZZZ Radio on 15th March 2020

    Podcast link: https://cyberwiparama.blogspot.com/2020/03/episode-54-coronavirus-working-from-home.html

    කොරෝන වෛරසය ලොවම භීතියට පත් කර ඇති මේ මොහොතේ, රටවල් 119කට අධික භූ ගෝලිය වපසරියක් තුල, ලෝ වැසියන් 118,000 ට මේ වන විට රෝගය වැලඳී තිබෙනවා. මරණ සංඛ්‍යාව 4300ක්.  ඔස්ට්‍රේලියාවේ රෝගය වැලඳුනු බවට තහවඋරු වූ පුද්ගලයන් සංඛ්‍යාව 126 පසු කලේ පසු ගියදා. තත්ත්වය තවත්ුත්සන්න විය හැකි බවට අනතුරු හඟවන ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු රජය, මාර්තු 11 වෙනිදා COVID-19 Pandemic Plan වැඩපිලිවෙල එලි දැක්වූවා.

    රෝගය තවමත් වසංගත තත්ත්වයකට වර්ධනය වී නොමැති වුවත්, පෙර නොවී විරූ කැපකිරීම් කරමින් එයට මුහුන දෙන්නට සූදානම් වීමේ අවශ්‍යතාවය මත මෙය එලි දැක්වූ බව වික්ටෝරියානු අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩ්ෲස් තම ෆේස්බුක් ගිනුම හරහා ප්‍රකාශ කර තිබුනා. 

    Corona Virus Disease 2019 යන්න කෙටි වීමෙන් COVID-19 යන විද්‍යාත්මක නාමය එයට ලැබී තියෙනවා.

    නමුත් මම අද කතා කරන්න යන්නෙ මේ රෝගය ගැන නොවේ, සයිබර් අවකාශය මේ රෝග තත්ත්වයෙන් නිම වූ කලබලයට සිසිල් පොද වැස්සක සැනසීමක්  ගෙන එන අයුරු ගැන..

    අද මම කතා කරන්නෙ Working From Home කියන ප්‍රවනතාවයේ නැගුම ගැන..

    Working From Home කියන්නෙ අලුත් සංකල්පයක් නොවේ. පරිගනකය් ආශ්‍රිතව රැකියාවේ නියුතු වෙන අයට, කාර්‍යාලයට නොපැමින අන්තර්ජාලය හරහා, බොහෝ විට Virtual Private Network (VPN) සම්බන්ධතාවයක් හරහා සේවා ස්ථානයේ ජාලයට සම්බන්ධ වී වැඩ කටයුතු කිරීමේ වරප්‍රසාදය මේ නමින්ඝැඳින් වෙනවා. බොහෝ සේවා ස්ථානවලින් එක් එක් පුදගල අවශ්‍යතාවය මත, විශේෂ අවසරයක් මත මේ පහසුකම සමාන්‍යයෙන් ලබා දෙන්නෙ.

     

    නමුත් කොරෝන වෛරසය මේ තත්වෙ වෙනස් කලෙ එක රැයෙන්.. 

    අද වෙන විට ලොව පුරා සෑම විශාල ආයතනයක්ම පාහේ, පරිගණක හරහා ජාල ගත වන තමන්ගේ ශ්‍රම බලකායට නිවසේ සිට වැඩ කරන්නට අනුබල දෙනවා. ඒ සමගම ගුවන් ගමන්, අනතුරු දායක රටවලට ගමන් කිරීම සීමා කොට රැස්වීම ආදිය Video Conferencing  අන්තර්ජාල තාක්ශණය හරහා කරන්නට වැඩි වැඩියෙන් උනන්දු කරනවා මේ දිනවල දක්නට ලැබෙනවා.

    උදාහරනයක් විදියට, මගේ සේවා ස්ථානයේ අපගේ සම්පූර්ණ කන්ඩායමට සම්පූර්ණයෙන්මෙක් දිනක් නිවසේ සිට වැඩ කරන්නට උපදෙස් දී Webex හෝ zoom නම් තාක්ශයණයන් හරහා සම්පූර්ණ කන්ඩායමම එක විට සම්බන්ධ වී පර්‍රික්ශණ රැස්වීමක් පැවැත්වුනා. 

    මේ වන විටත් ලොව තාක්ශණික ලොව දැවැන්තයන් වෙන Google, Apple, Amazon, Twitter වැනි සමාගම් ලොව වටා සිටින තම සේවකයන්ට මෙලෙසින් Working from Home හරහා වැඪ කරන්න නියම කර තිබෙනවා. 

    විශාල සංස්ක්ෘතික උත්සව, ක්‍රීඩා තරඟ ආදිය ඉදිරියේ බොහෝ විට ක්‍රියාතමක කිරීමට ඉඩ ඇති සීමා කිර්‍රිම හමුවේ Facebook Live, Youtube broadcast, Google Hangout, Apple Facetime වැනි තාක්ණයන් හරහා අපට වැඩි වැඩියෙන් නැරඹීමට සිදු වෙනු ඇති බවට අනුමාන කල හැකියි. දැනටමත් විශ්ව විද්‍යාල, අන්තර්ජාතික ශිෂ්‍ය‍යන් වෙනුවෙන් මුල් සති දෙක පාඨමාලා පවත්වන්නේ අන්තර්ජාලය හරහා පමණයි.

    මා දන්නා එක් පාසලක,  බදාදා දවස හඳුන්වන්නේ Digital Delivery Day නමින්. එදිනට ගුරුවරයා Microsoft Teams හරහා ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සමඟ සම්බන්ධ වී අධ්‍යයන කටයුතු කරනවා. එනිසා ඉදිරියේදී පාසල් වසා දැමුවහොත්, අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව කරගෙනා යාමට හැකි තාක්ශණික පදනම පාසලේ දැනටම තියෙනවා. අපට ඉදිරියේදී මෙවැනි තාක්ශණික විධික්‍රම සියලු පාසල් වලට හඳුන්වා දීමක් දකින්න ලැබේවි.

     

    සයිබර් තාක්ශණය මෙලෙසින් සාධනීය ලෙස අධ්‍යපනික, ව්ෘත්තීමය කටයුතු වෙනුවෙන් යොදා ගැනෙන සිදුවීම අතරෙ, සයිබර් අපරාධකරුවන්ද තමන්ගේ මංකොල්ල කෑම් වලට කොරෝනා නම යොදා ගන්නා අයුරුත් ඔය අතරෙ වාර්තා වෙනවා. මිනිසුන් රවටන්නට කොරෝනා සම්බන්ධ ව්‍යාජ තොරතුරු ඇතුලත්, අනතුරු සහගත attachments, links ඇතුලත්ව ඊමේල් හෝ කෙටි පනිවිඩ විදියට මේවා එවන්නෙ. 

    එනිසා කොරෝනා සම්බන්ධව ඔබ දකින සමාජ ජාලා මාධ්‍ය පනිවිඩ, ඊමේල්, කෙටි පනිවිඩ සමබන්ධව අතිශය විමසිලිමත් වෙන්න. රජයේ හෝ වෙනත් විශ්වාසදායි මාධ්‍ය මත පමනක් තොරතුරු වෙනුවෙන් යැපීම වඩා යෝග්‍යයි. මුදල් එකතු කිර්‍රිම එනම් චැරිටි ගැනද හොඳින් කරුනු විමසා ආධාර ලබා දෙන්න.

     

    ඉදිරියෙ තත්වය ගැන අනාවැකි කියන්න අමාරුයි. අප සැම ගෙවන්නේ අනපේක්ශිත සහ අවිනිශ්චිත කාල වකවානුවක්. 

    නමුත් එක දෙයක් පැහැදිලිව කියන්න පුලුවන්.  මිනිසාගෙ කුදු මහත් කටයුතු වෙනුවෙන් අපට එක්ව වැඩ කරන්නට අවස්ථාවක් නොලැබෙන විට තාක්ශනය පැමිණ සයිබර් අවකාශය හරහා අප ව එක් කරමින් ඒ අඩුව පුරවනු ඇත.

    ඒ අවකාශයම අඳුරු බලවේග නි‍ර්ලජ්ජිතව තමන්ගේ වාසිය වෙනුවෙන් යොදාගන්න වෙහෙසෙද්දී, අප මෙලෙසින් දැණුවත් වෙමින් ඒ බලවේග පරදවමින්, තාක්ශණයේ අසිරියෙන් මේ මොහොතේ අභියෝග ජය ගනිමු. 

    6 min

About CYBER Wiparama

From the publisher's feed

Bringing the සිංහල story telling to life in Cyber Space and ALL Cyber Satahana radio episodes