කෙනෙක්ට තව කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් එයා තමන්ට ආදරේ කරන එක නවත්තපු දවසකට විතරයි ..
එහෙම උනාම ආදරේ කරන කෙනා වෙනුවෙන් ලෝකයක් එක්ක උනත් සටන් කරන්න පුලුවන් ..
මොකද එතකොට තමන්ව වැදගත් නොවී අනිත් කෙනාගෙ මූණට හිනාවක් ගේන එක තමයි එකම අරමුණ වෙන්නෙ
සමහරවිට අපි ආදරේ කළාට එයා අපිට ආදරේ නොකරන්න පුලුවන්
අතකින්වත් අල්ලන්න අවස්ථාවක් හම්බ නොවෙන්න පුලුවන්
හැබැයි ඒක ප්රශ්නයක් නෙමෙයි මොකද ආදරේ කියන්නෙ
ගනුදෙනුවක් නෙමෙයි
මං එයාට දුන්නා එයත් මට දෙන්න ඕන තැන නෙමෙයි ආදරේ තියෙන්නෙ
මං එයාට මට පුලුවන් උපරිමෙන් දෙනවා එයාව සතුටින් තියන්න කියන තැනයි ඇත්ත ආදරේ තියෙන්නෙ ...
උඹලා කියයි මෙහෙම කියන මට පිස්සු කියලා ....
ඒත් අදටත් නැද්ද
උඹලට කොහෙහරි යද්දි මතකෙට එන කෙනෙක්
ආසම කෑමක් කද්දි අනේ එයාටක් ටිකක් දෙන්න තිබුනනම් කියලා මතකෙට එන කෙනක්
නිදාගන්න යද්දි එයා එක්ක එක වචනයක් ආයෙ කතාකරන්න තිබ්බනම් කියලා හිතෙන කෙනෙක්
උදේට නැගිට්ටම එයාගෙන් මැසේජ් එකක් ඇවිල්ලද කියලා බලලා මතක් කරන කෙනෙක් .....
ඒකනෙ එහෙනම් මට විතරක් නෙමෙයි පිස්සු .....
ආදරේ කරපු කෙනා වෙන කෙනෙක්ට ආදරේ කරද්දිත්
එයා වෙනුවෙන් දේවල් කරන්න තරම් හිත හයිය මිනිස්සු ඉන්නවා අපිත් එක්කම
ඇයි ඉතින් අපි එහෙම කරන්නෙ නේද ...
එහෙම කරන්නෙ ආදරේ කියන්නෙ දෙන්න තියෙන දෙයක් මිසක් බලෙන් ගන්න පුලුවන් දෙයක් නෙමෙයි නිසා ...
දවසක් එයි සමහරවිට ඒ ආදරේ අපිව හොයාගෙන එන
ඒත් අපි ඒ දවස බලාපොරොත්තු වෙන්න ඕන නෑ
අපි අපිට පුලුවන් විදියට ආදරේට සැලකුවම
හිතට දැනෙන සතුටට පුලුවන් එයාගෙ හිනාව දැකලා
ඇහැට එන්න තියෙන කදුල නවත්තලා දාන්න ...
ආදරේ කරන කෙනාගෙ සතුට වෙනුවෙන් ආදරේ කරන්න නම්
අනිවාර්යෙන්ම අපි අපිට තියෙන ආදරෙත් එයා වෙනුවෙන්ම දෙන්න ඕන ....
එහෙම ආදරයක් ජීවිතේට දෙතුන් පාරක් ඇති වෙන්නෙ නෑ
එහෙම ආදරයක් හිගාකකා ලැබෙනකන් පස්සෙන් යන්න ඕන නෑ
එහෙම ආදරයක් ලැබෙනකන් බල බල ඉන්න ඕනත් නෑ
මොකද අපි හැමෝටම ජීවිතේ එක තැනකදි
එහෙම ආදරයක් හම්බෙනවම තමයි .....
මම මේ කියපු ටික හොඳටම තේරෙන්න
පුලුවන්නම් Hamari Adhuri Kahani ෆිල්ම් එක හොයාගෙන බලන්න ......
මම උඹලගෙ
- ඩිලූ -
A podcast where cinema, music, and real life quietly meet.
Each episode is a feeling, stories told through films, songs, moments, and emotions we often don’t say out loud.
No noise. No rush. Just honest storytelling, reflections, and human connections.
From Sri Lanka to the world ❤️
Hosted on Acast. See acast.com/privacy for more information.