"(යා තා මාතු රක්ඛිතා) මව් විසින් රකින්නා වූ යම් ස්ත්රියක් සිටීද, (පිතු රක්ඛිතා) පියා විසින් රකින්නා වූ යම් ස්ත්රියක් සිටීද, (මාතුපිතු රක්ඛිතා) මව්පියන් විසින් රකින්නා වූ ස්ත්රියක් සිටීද, (භාතු රක්ඛිතා) සහෝදරයා විසින් රකින්නා වූ ස්ත්රියක් සිටීද, (භගිනි රක්ඛිතා) සහෝදරිය විසින් ආරක්ෂා කරන ස්ත්රියක් සිටීද, (ඤාති රක්ඛිතා) නෑදෑයින් විසින් රකින්නා වූ ස්ත්රියක් සිටීද, (ගොත්ත රක්ඛිතා) කුල පරම්පරාවෙන් ආරක්ෂා කරන්නා වූ ස්ත්රියක් සිටීද, (ධම්ම රක්ඛිතා) සීලාදී ගුණධර්ම රකිමින් ඉන්නා වූ ස්ත්රියක් සිටීද, (සස්සාමිකා සපරිදණ්ඩා) විවාහක ස්ත්රියක් සිටීද, (අන්තමසෝ මාලාගුල පරික්ඛිතාති) විවාහ වෙන්න කියලා වෙන්කරපු ස්ත්රියක් සිටීද, (තථා රූපාසු) එබඳු වූ ස්ත්රීන් සමඟ (චාරිත්තං ආපජ්ජිතා හෝති) නොමනා හැසිරීමේ හැසිරුණාද, එබඳු ස්ත්රීන් සමඟ කාම සේවනය කළාද, ඒ තමයි “කාමේසු මිච්ඡාචාරා.”
~ මජ්ඣිම නිකාය , මූල පන්නාසකය , චූල යමක වර්ගය , සාලෙය්යක සූත්රය
~ මජ්ඣිම නිකාය , මූල පන්නාසකය , මූලපරියාය වර්ගය , සම්මාදිට්ඨි සූත්රය
~ අඞ්ගුත්තර නිකාය , දසක නිපාතය , යමක වර්ගය , අවිද්යා සූත්රය
~ Youtube - https://youtu.be/bWdhsYC7TvI
පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-12-08 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය.
Conducted by Ven Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala.
Visit: www.noblepath.net
Youtube: www.youtube.com/c/noblepathnet
Soundcloud: soundcloud.com/noblepath_net
Facebook: www.fb.com//noblepath.net
Instagram: instagram.com/noble_path