“මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භික්ෂුව මෙලොව දී ම සැප සොම්නස් බහුලව වාසය කරයි. ඔහු විසින් ආශ්රවයන් ක්ෂය කිරීමේ වීර්යය අරඹන ලද්දේ වෙයි. ඒ කවර සය කරුණකින් ද යත්,
මහණෙනි, මෙහිලා භික්ෂුව ධර්මයේ ඇලුනේ වෙයි. භාවනාවෙහි ඇලුනේ වෙයි. කෙලෙස් ප්රහාණය කිරීමෙහි අැලුනේ වෙයි. හුදෙකලා විවේකයෙහි ඇලුනේ වෙයි. අව්යාපාදයෙහි ඇලුනේ වෙයි. ප්රපංච රහිත නිවනෙහි ඇලුනේ වෙයි.
මහණෙනි, මේ සය කරුණින් සමන්විත වූ භික්ෂුව මෙලොව දී ම සැප සොම්නස් බහුල ව වාසය කරයි. ඔහු විසින් ආශ්රවයන් ක්ෂය වීම පිණිස පටන් ගත් වීර්යය ද අරඹන ලද්දේ වෙයි.”
~ අඞ්ගුත්තර නිකාය , ඡක්ක නිපාතය , අරහත්ත වර්ගය , සුඛසොමනස්ස සූත්රය
~ Youtube - https://youtu.be/n6bXjYgDRBQ
පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-08-11 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය.
Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala.
Visit: www.noblepath.net
Youtube: www.youtube.com/c/noblepathnet
Soundcloud: soundcloud.com/noblepath_net
Facebook: www.fb.com//noblepath.net
Instagram: instagram.com/noble_path