ස්වාමීනි ඒක මේ වගේ දෙයක්… කළුවර පසට යන සඳක් තියනවා. ඉතින් යම් රැයක් හෝ යම් දහවලක් එලඹෙනවානම් ඒ හඳ පැහැයෙනුත් පිරිහිලා යනවා. රවුමෙනුත් පිරිහිලා යනවා. දීප්තියෙනුත් පිරිහිලා යනවා. ප්රමාණයෙනුත් පිරිහිලා යනවා. අන්න ඒ වගේ තමයි යමෙකුට කුසල් දහම් ගෙන ශ්රද්ධාවක් නැත්නම් කුසල් දහම් නොතිබීම ගැන ලැජ්ජාවක් නැත්නම් කුසල් දහම් නොතිබීම ගැන බයක් නැත්නම් කුසල් දහම් ඇතිකරගැනීම ගැන වීර්යයක් නැත්නම් කුසල් දහම් උපදවා ගැනීමට ප්රඤාවක් නැත්නම් ඔහුට යම් රාත්රියක් එලඹෙහිද යම් දහවලක් එලඹෙයිද කුසල් ධර්මයන්ගේ පිරිහීමක් මිස අභිවෘධියක්නම් කැමති වෙන්න බැහැ…
~ සංයුත්ත නිකාය, නිදාන වර්ගය, කස්සප සංයුක්තය, කස්සප වර්ගය, දෙවන ඔවාද සූත්රය
~ Youtube - https://youtu.be/4Okhe_YDDlE
පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-07-12 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය.
Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala.
Visit: www.noblepath.net
Youtube: www.youtube.com/c/noblepathnet
Soundcloud: soundcloud.com/noblepath_net
Facebook: www.fb.com//noblepath.net
Instagram: instagram.com/noble_path