ඕස්ට්‍රේලියාවේ ඵලදායිතාව වැඩි දියුණු කිරීම පිළිබඳ ජාතික සමුළුවක් කැන්බේරා හි දී පැවැත්වුණා. රටේ ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයන්, ව්‍යාපාරික නායකයන් සහ වෘත්තීය සමිති මේ සඳහා සහභාගී වුණා. අගෝස්තු 19වන දා ඇරඹි මෙම සමුළුව දින තුනක් අවසානයේ, එනම් අගොස්තු 21වන දා අවසන් වුණා. දියුණු ආර්ථිකයක් ඇති අනෙකුත් බොහෝ රටවල මෙන් ඕස්ට්‍රේලියාවද මෑත දශක කිහිපය තුළ අඩු ඵලදායිතා වර්ධනයක් දැක තිබෙනවා. මෙම සමුළුව අවසානයේ මුදුන්පත් කරගන්නා ප්‍රතිඵල පිළිබඳ වඩාත් යතාර්ථවාදී මෙන් ම අපේක්ෂා සහගත බලාපොරොත්තුවක් තිබෙන බව ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාර්මර්ස් කියා සිටියා. අද කාලීන විග්‍රහයේ අවධානය මෙම ආර්ථික සමුළුව පිළිබඳවයි.