ලෝකයේ විවිධ රටවල 'Passports' එහෙම නැතිනම් ගමන් බලපත්‍ර වලට ලැබී ඇති වටිනාකම නිරන්තරයෙන්ම ඇගයීමට ලක්වනවා. යම් රටක ගමන් බලපත්‍රයකින් වීසා ලබා ගැනීමකින් තොරව යන්න පුළුවන් රටවල් ගණන අනුව මේ ගමන් බලපත්‍රයට කෙතරම් බලයක් තියෙනවද කියන කාරණය තීරණය කෙරෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාවත් ලොව ප්‍රබලතම ගමන් බලපත්‍රයක් තියෙන රටක්. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන බොහෝ ශ්‍රී ලාංකිකයිනුත් පසු කාලීනව ඕස්ට්‍රේලියානු ගමන් බලපත්‍රයක් ලබාගන්න කටයුතු කරනවා. ඒ වගේම විවිධ රටවල සංචාරය කරන කොට මේ වගේ බලවත් ගමන් බලපත්‍රයක තියෙන වාසි අත්විඳින්න ඔවුනට හැකි වෙනවා. ඉතින් ලෝකයේ තියෙන ප්‍රබලතම 'Passports' එහෙම නැතිනම් ගමන් බලපත්‍ර ගැනයි අද මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත තොරතුරු ගෙන එන්නේ