ප්රශ්නය - “ජීවන වියදම ඉහළ යන එකට රජය මොකක්ද කරන්නේ?”
පිළිතුර - “දැන් බලන්න අපේ රජය බොහොම අසීරු කාලයක බලයට ඇවිත්,
කවුරුත් වගකීම් බාර ගන්න බැහැ කියපු වෙලාවක බලය අර ගෙන රටේ ආර්ථිකය ස්ථාවර කරල තියනවා,
ණය අර ගන්න පුළුවන් වටපිටාව හදල දීලා තියනවා.”
අපි මේ වගේ ටෝකින් පොයින්ට්ස් වලට දැන හෝ නො දැන අහල තියනවා.
ටෝකින් පොයින්ට් එකක් කියල කියන්නේ දේශපාලනයේ දී තමන්ට එන
ප්රශ්නය හැර අනිත් හැම මඟුලට ම උත්තර දෙන දේශපාලන උපක්රමයක්. මේක දේශපාලන වේදිකාවේ,
සාකච්ඡාවල භාවිත වෙනවා අපි දකිනවා. අද කතා කරන්නේ මේ දේශපාලන උපක්රමය ගැන.