
Sign up to save your podcasts
Or


Hello "Level up community", හැමෝම හොඳින් නේද?. අපි තුන් දෙනාගෙ සුහද කතා බහක් එක්ක එකතු වෙන්න තමයි අද අවස්ථාව. මේ සතියෙ episode එක පිරිල තියෙන්න අපි තුන් දෙනාගෙ විස්තර ගොඩක් සමග. ඒ අතර ඔබ අපෙන් ඇසූ ගැටලු කිහිපයක් ගැන කතිකා කරන්නත් අමතක කලේ නෑ. ඔබෙත් මගෙත් ආදරනීය podcast එක තමයි "Tri-Angle Podcast" කියන්නෙ. මේ ආරාධනය රසවිඳින්න මේ Episode 72. ඔබට ජය !
ටික කාලෙකට පස්සෙ ඔයාලගෙ ඉල්ලීමක් සලකා බලන්න අපි තීරණය කලා. මේ වෙනකොට ඔයාල දන්නව මෙවර episode එකෙන් අපි අරන් එන්නෙ මොනාද කියල. ඔව්, ඔයාල අපිට යොමු කල ප්රශ්න කිහිපයක් ගැන අපි අද කතා කලා. හැමෝටම වැදගත් වන ආකාරයේ ප්රශ්න ගොඩක් අපි දාපු post එකේ comments විදියට ඔබ ඉදිරිපත් කරල තිබුන, ඒ සියල්ල ගැන කතා කරන්න නොහැකි උනත් අපි තීරණය කලා ඉදිරි episode වලදීත් මේ දේවල් ගැන වැඩි විස්තර කියන්න. ඉතින් මේ සුහද ආරාධනය, දිගටම අපිත් එක්ක එකතු වෙන්න. ඔබට ජය !
Tri-Angle Podcast එකේ විශේෂ episode එකකට පසුව එන episode එක තවත් විශේෂයි කියල අපේ අසන්නන් නම් මේ වෙනකොට දන්නව! එහෙම නේද? ඉතින් අපි තුන්දෙනාගෙම full relaxing chat එකක් අරගෙනම තමයි මෙවර අපි ඔබේ ආලින්දයට ගොඩ උනේ. දන්නෙම නැතුව 70වෙනි episode එකත් ඔන්න ඇවිල්ල, ඉතින් මේ හැම දෙයක්ම අපේ රසික ඔබ සැම නිසාවෙන්මයි , හදවතින්ම ස්තුතියි! ඉතින් මේ ඇරයුම එකතුවීමට ශ්රීලංකාවේ #1 Podcast එක සමග! ඔබට ජය 🙌
Tri-Angle podcast එකට විශේෂ දවසක්. විශේෂ අමුත්තෙක් සමග විශේෂ episode එකක්. අපේ ආරාධනය පිළිගෙන අපේ podcast එකට විශේෂ ආලෝකයක් එකතු කලේ දිල්ශාන් අබේගුණවර්ධන මිත්රයා. ඔහුට විශේෂ ස්තුතිය පුදකිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. හැමදාම වගේ වෙනසක් කරන්න ගත් උත්සාහයක් තමයි අද episode එක. ඉතින් ඔබට ආරාධනය එකතුවීමට මේ Tri-Angle Episode 69 !
විශේෂ guest episode එකකට පස්සෙ අපි හැමදාමත් වගේ කල relaxing episode එකක් එක්ක තමයි අද ඔබ සැමට එකතු වෙන්න හැකියාව තියෙන්නෙ. හැම weekend එකේම කොහොම හරි ඔබ හමුවට පැමිණීම තමයි අපේ අරමුණ. විවිධ මාවත් ගොඩක් ගැන කෙරන රසබර කතා බහත් සමගින් එකතු වීමට කෙරෙන ආරාධනයයි මේ. ඔබට ජය !
අද විශේෂ දවසක්, විශේෂ episode එකක් අපේ Tri-Angle පවුලේ කවුරුත් දන්න අදුනන අමුත්තෙක් සමග. අමුත්තෙක්ම කියන්න බැරි අපේ podcast එකට හැමදාමත් වගේ supprot කල සහ ශක්තියක් උන ඒ වෙන කවුරුත් නෙමෙයි, කමාජ් සිල්වා අයියා සමගින් තමයි මෙවර අපි එකතු උනේ. විශේෂ මාතෘකා කිහිපයක් අපිට මෙවර අපේ table එකට ගෙන එන්නට හැකියාව ලැබීම විශේෂයි. ඉතින් ඒ සියල්ල දැනගන්න මෙවර episode එක සමග ඔබට එකතු වෙන්න වෙනවාමයි. මෙවන් අවස්ථාවක් ලැබීම අපට ලොකු ආඩම්බරයක්, ඒ වගේම අපේ රසික ඔබ සැමටත් විශේෂ අවස්ථාවක්. ඉතින් ඔබ සැමට මේ ආරාධනය රසවිඳින්න මේ Tri-Angle Podcast Episode 67 !
සතියක විරාමයකට පසු අපි නැවත නොවරදවාම මුණගැසෙන ඉරිදා දවස තමයි අද. පිටරට විස්තර වගේම අපේ විස්තර එකට කැටි කර ඔබට ගෙන එන්න සතිපතා දරන වෑයමක ප්රතිඵලයක් තමයි අපේ weekly episode එක. මෙවර අපේ කතාවෙන් ඔබ එකතුකරගත් යමක් තිබේ නම් මුණගැසෙමු comment section එකේ. රසවිඳින්න මේ ඇරයුම ඔබට.
වෙනදට වඩා පොඩ්ඩක් එහෙ මෙහෙ උනත් Tri-Angle අපි කොහොම හරි ඔයාල වෙනුවෙන් අපේ weekly episode එක අරන් එන්න අමතක කලේ නෑ. ඉතින් මෙවර ep එකේ අපේ focus එක උනේ අපි තුන්දෙනාගෙ රටවල් තුනේ විස්තර වගේම අපි කියවපු පොත් කිහිපයකම විස්තර ඔබට රැගෙන එන්න. ඉතින් එහෙනම් මේ ඇරයුම රසවිඳින්න මේ Tri-Angle Podcast Episode 65!
ආයුබෝවන් ! කොහොමද පහුගිය සතිය ඔයාලගෙ. අපි තුන් දෙනාගෙම සතියෙ විස්තර දැනගන්න කැමතියි ද? මෙවර episode එක විවිධ පැති ගොඩක් කිව්වොත් මේ සාරාංශය නිවරදියි. විශේෂ වෙන හරබර කතා ගොඩක් මේ අතර තියනව. ඔබත් රසවිඳින්න, අපිට විස්තර කියන්න. මේ Tri-Angle Podcast Episode 64.
සුපුරුදු පරිදි අදත් අපි තුන්දෙනා ඔබ හමුවට ආවේ ටිකක් exciting news ටිකකුත් අරගෙන. පොඩි game එකක් කරන්න කියල ගොඩක් දෙනෙක් ඉල්ලීම් කරල තියන නිසාම ඒ segment එක continue කරන්නත් අපේ අදහසක් තියනව. ඉදිරියටත් අපි තව අලුත් plans කිහිපයක් සමගම එන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. හැමදාම වගේ අප වටා එක් රොක් වන ඔබ සියලු දෙනාම ආදරයෙන් මතක් කරනවා. බලන්න, අහන්න එකතු වෙන්න මේ Tri-Angle Podcast Episode 63!
From the publisher's feed

2 Listeners