
Sign up to save your podcasts
Or


අද දවස විශේෂයි. ඔව් අද ඔබටත් මටත් විශේෂයි. Level up මාවතක සුන්දර මතක සටහනක් සනිටුහන් කරන දවස අදයි. නොකඩවා සති 52ක් පුරාවට කැපකිරීම් රාශියක් මැද, නිදිවර්ජිත රාත්රී මතකයන් පසුකොට, සතුටු සිනහ සතුටු කදුලු පපුවට තද කරන් අපේ ජයග්රාහී මාවතේ වර්ශ පූර්ණ milestone එක පසුකරන දවස අදයි. 2021/04/12 වැනි දින සයිබර් අවකාශයෙහි YouTube වෙත අපේ පළමු video එක රැගෙන ආව. එතැන් පටන් අපි නොනවත්වා සෑම සතියකම ඉරු දින අනිවාර්යයෙන් ඔබත් සමග එකතු උනා. මේ සැමරුම තවත් අරුත් ගන්වනු වස් අපි සූදානම් කෙරූ විශේෂ videoවක් මෙමස 12 වැනි දින රැගෙන එන පොරොන්දුව ඔබට දෙන්න මෙය අවස්ථාවක් කරගන්නවා. ඉතින් මේ සතිය අපි වෙන්කලේ අපේ මතකයන් ගැන කතාබහ කරන්නට. සුන්දර සතුටු කාලයක් අපි තිදෙනා ඔබත් සමග ගත කලා. තවත් වසර ගනනක් පුරාවට ඔබත් මමත් මුණගැසෙන සිතිවිල්ල පෙරදැරි කරගෙන ඔබට මේ ආරාධනය රසවිඳින්න Tri-Angle 1st Anniversary Episode.
අපෙන් හැමෝම අහපු ප්රශ්නයකට උත්තර දෙන්න අපේ අද episode එක වෙන් කලා. ඉතින් ඒ කරුනු තමයි අපි තුන් දෙනා ජීවිත්වෙන neighborhood එක මොන වගේද?, අවට තියන facilities මොන වගේද ?, අවට පරිසරය ඒ වගේම එහි ලස්සන, මේ රටවල් තුනේ රජය විසින් මේ දේවල් හරියට කලමනාකරණය කරන්නෙ කොහොමද වගේ දේවල්. රට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට වැදගත් වේ යැයි සිතෙන කරුනු රැසක් පිළිබඳ කල රසවත් කතාවට set වෙන්න අද episode එකෙන් ඔබට හැකියාව ලැබෙනව. ඔබේ විස්තර අපිට කියන්න එකතුවෙමු comment section එකෙන්. තව සතියකට පසු එලබෙන්නේ විශේෂ දවසක් ! ? Are you guys ready ? Let us know ✌
අද විශේෂ දවසක්. ඔව් අපි 50th Episode Milestone එක reach කරන දවස අද. විශේෂයෙන් මතක් කරන්න ඕන පිරිසක් ඉන්නව, වෙන කවුරුත් නෙමෙයි ! අපේ රසික ඔබ සැමට ස්තුතියි ! ඉතින් අද අපේ කතාවත් අපි තුන්දෙනාගෙම රස කතා වටා ගෙතුන කිව්වොත් අපි නිවරදියි. අවුරුද්ද සපිරෙන්නත් ඉතා කිට්ටුයි, අලුත් වැඩ ගොඩයි. දිගටම එකතු වෙන්න මේ ඇරයුම හදවතින්මයි !
ඔන්න ආයෙත් වෙලාව ඇවිල්ලා තියෙන්නේ ඔබ අපෙන් අහපු ප්රශ්න වලට උත්තර දෙන වෙලාව!
හැම ඉරු දිනකම වගේ පුරුදු විදියටම ඔබත් එක්ක එකතු වෙන්න Tri-Angle අපි ආව අදත්. ඉතින් අද කතාව දිගහැරෙන්නේ හරිම relax mood එකක ඉදන්. අපේ පරන ආගිය මතක පුස්තකාලය පීරමින් එහෙට මෙහෙට ගිහින් අපි නතර උනේ අපිට wow factor උන අපි කවුරුත් කැමති කෑම කිහිපයක් මත. ඉතින් වැඩි විස්තර කියල කතාව spoil නොකර මේ ආරාධනය අද video එක බලල ඔබේ අදහස් අපිට කියන්න. හැමදාම වගේ අපිට දක්වන ආදරයට ඔබ සැමට ස්තුතිවන්ත වන්නේ හදවතින් !
ඇමෙරිකාව කියන්නෙ පොඩි කාලෙ ඉදන් අපි හැමෝගෙම හිත්වල තියන සුන්දර හීනයක් උන සුවිශේෂ රටක්. ඉතින් අද Tri-Angle podcast episode එකට එකතු වෙන්නෙ මේ විශේෂ රටේ ඉදන් සුන්දර අමුත්තියක්. Momma Mandy කිව්වම YouTube community එකේ අපි කවුරුත් හොඳින් අදුනන මන්දිරා තමයි මේ අමුත්තිය. වැදගත්, රසවත් මේ සියල්ල කතා බහ කරන්න අපත් සමග එකතු වීම පිළිබඳ ඇයට ස්තුතිවන්ත වන්නට මෙය අවස්ථාවක් කරගන්නවා. ඉතින් මේ ඇරයුම එකතු වන්නට Episode 47th සමග.
The very first live of Tri-Angle Podcast. Recorded on Feb 20th,2022.
යාලුවො තුන් දෙනෙක්ට සුහද කතා බහක් කියන්නෙම ඉතින් සතුටු සාමීචියක්. අද episode එකත් ටිකක් ඊට සමානයි. පහුගිය අවුරුදු කිහිපය දිහා හැරිල බලන විට කියන්න ඉතිරි උන අපේ කතාවෙ රසමුසු, දුක්මුසු, හරිගිය සහ ජීවිතයට පාඩමක් උන දේ අපි තුන් දෙනා බෙදාහදා ගත්තා. විශේෂ highlight එකක් වෙනුවෙන් අපි රට ආ ගමන් accommodation හොයා ගත්තෙ කොහොමද කියල අද ඔයාලට දැනගන්න පුලුවන්. මේ ඉරිදා සැදෑවෙ ඔබ අප හමුවන මොහොත රසමුසුවක් වනු නොඅනුමානයි. සුභ සතියක් ✌
B12 සහ Tri-Angle සුසංයෝගය, ඔන්න ඉතින් පොරොන්දු උනා වගේම ඔබත් අපිත් මුණගැසෙන ඉරිදා දිනය අද. ඔයාල වගේම අපිත් ගොඩක් ආසාවෙන් බලාසිටි සුන්දර මොහොතක් තමයි අද! ආදරයෙන් මතක් කරනවා චිරන්තන අයියා සහ නදී අක්කාව, වැඩ රාජකාරි ගොඩක් මැදින් අපේ ඉල්ලීම පිළිගෙන අපත් සමග එක් වීම පිළිබඳ. අද කතාව විශේෂ වන්නේ cute little chat එකක්, සුන්දර මිනිසුන් දෙදෙනකු සමග ඉතාම හරවත් සහ රසබර කාලයක් ගත කිරීමට භාග්යය අපිට ලැබුනු නිසාවෙන්මයි. ඉතින් මේ ආරාධනය ඔබ සැමට එකතු වෙන්න අදත්. ඔබේ අදහස් අපිට කියන්න. ඔබට ජය ✌A presto 👋
යාලුවො තුන් දෙනෙක්ට සුහද කතා බහක් කියන්නෙම ඉතින් සතුටු සාමීචියක්. අද episode එකත් ටිකක් ඊට සමානයි. පහුගිය අවුරුදු කිහිපය දිහා හැරිල බලන විට කියන්න ඉතිරි උන අපේ කතාවෙ රසමුසු, දුක්මුසු, හරිගිය සහ ජීවිතයට පාඩමක් උන දේ අපි තුන් දෙනා බෙදාහදා ගත්තා. විශේෂ highlight එකක් වෙනුවෙන් අපි රට ආ ගමන් accommodation හොයා ගත්තෙ කොහොමද කියල අද ඔයාලට දැනගන්න පුලුවන්. මේ ඉරිදා සැදෑවෙ ඔබ අප හමුවන මොහොත රසමුසුවක් වනු නොඅනුමානයි. සුභ සතියක් ✌
From the publisher's feed

2 Listeners