Tri-Angle Podcast

Tri-Angle Podcast

By Tri-Angle PodcastLeisure
Download on the App Store

Tri-Angle Podcast episodes

  • කමාජ් සමඟ LEVEL UP ❤️ | ඩොලර් $700 යෙන් පටන් ගත්ත ශ්‍රී ලාංකික ව්‍යවසායකයා කැනඩාවේ සිට | Tri-Angle Podcast EP 032

    නොකඩවා මාස 8ක් පුරාවට ඔබ සමග එකතු වූ ගමනේ සුවිශේෂී මං සලකුණක් සනිටුහන් කිරීමටයි අද Tri-Angle අපි මේ සූදානම. මේ දවස අපි තුන්දෙනා වගේම අපේ ප්‍රේක්ෂක ඔබත් ඉස්පාසුවෙන් බලා සිටි දිනයක්.  Entrepreneurship කියන්නෙ කුමක්ද ? Hustle Life කියන්නෙ මොකක්ද ? මේ අතර තියන සහ-සම්බන්දය කුමක්ද ? ඒ වගේම තමන්ගෙ Passion එක ස්වකීය රැකියාව බවට පත් කරගන්න පුලුවන්ද? ඔව්, මේ හැම දෙයක්ම මැනවින් පැහැදිලි කරන්න පුලුවන් හොදම පුද්ගලයා තමයි "කමාජ් සිල්වා" කියන්නෙ. ශ්‍රී ලාංකීය තරුණ ව්‍යවසායකයන් අතර ප්‍රමුඛයෙක් වගේම පුරෝගාමියෙක් වන මොහු ශ්‍රී ලාංකීය නාමය ලෝකය අභිමුවට ගෙන ආ නිහතමානී දැවැන්තයෙක්. "Sneaker Tub" හරහා ලොවක් හදුනන කමාජ් අයියා අද ඔහුගේ වටිනා කාලයෙන් බිදක් අපිත් සමග ගත කලේ ඉතාමත් වටිනා දැනුම් කරුණු රැසක් අපත් සමග හුවමාරු කරමින්. කමාජ් අයියාට හදවතින් ස්තුතිවන්ත වෙන ගමන් මතක් කරන්න ඕන කරුනක් තියනව. Level up concept එක ඔබ සැමගේ ජීවිත වලට සමීප කරන්නට වෙහෙසෙන  අපි දිනෙන් දින step by step ලොකු ගමනක් ඇවිදන් යනව කියල දැනෙනව. වෙනද වගේම අදත් රසවත් සහ හරබර episode එකක් අපි ඔබ වෙත රැගෙන එනව. සති 32ක් පුරාවට අපත් සමග අත්වැල් බැඳගත් ඔබ සැමට ජය! ඒ වගේම ඔබේ අදහස් උදහස් අපිට කියන්න, episode එක හොඳයි නම් like කරල share කරන්න. Adios Amigos ✌️

    1 hr 35 min
  • කැනඩාවේ Halloween, නවසීලන්තයේ Guy Fawkes Day සහ ඕස්ට්‍රේලියාවේ Horse Racing | Tri-Angle Podcast EP 031

    Halloween ලංකාවෙ අපිට ටිකක් අලුත් දෙයක්. ඒත් අපි ඉන්න රටවල් තුනේම පොඩි විශේෂත්වයක් එක්ක සමරන ලස්සන දවසක්. Pumpkin carving, Halloween costumes & trick or treat වගේ tradition ගැන දැනගන්න කැමතියි නම් අද video එක බලන්නම වෙනව. කැනඩාවේ Halloween සමරපු ආකාරයත්, නවංග ලගදී සහබාගී උන South African "Braai" bbq එකත්, නවීන් "Melbourne Cup" උත්සවයට සහභාගී වෙන්න සූදානම් වූ ආකාරයත් අද episode එකේ සාරාංශයක් ලෙස හදුන්වන්න පුලුවන්.  ඉතින් ඔව් විස්තර ගොඩයි තමයි. දිය බිඳ බිඳ එකතු වෙලා මහ ගංගාවක් හැදෙන්න වගේ දිනෙන් දින අපි ශක්තිමත් වෙනව කියල අපිට හදවතින් දැනෙනව. හැමදාම ඔබ අපිට එවන messages comments දැක්කම අපි හදවතින් සමීප පව්ලක් වගේ අපිට දැනෙනව. හැමදාම අලුත් දෙයක් එකතු කරන්න වෙහෙස වෙන අපි පොඩි update එකක් දෙනව අද episode  එකෙන්. ඒ මොකක්ද කියල බලන්න නම් අන්තිම වෙනකන් රැදෙන්න කියල ආරාධනය කරනව. ගුන දොස් අපිට කියන්න, comment එකක් දාගෙන යන්න. ලබන සතියෙත් අනිවාර්යයෙන් එකතු වෙන්න. ඔබට ජයෙන් ජය !

    1 hr 14 min
  • කැනඩාවේ Highway එකේ බාපු Plane එක, ග්‍රීක දර්ශනයේ STOICISM සහ සති තිහක Tri-Angle අපේ ගමන | Tri-Angle Podcast EP 030

    Hello Tri-Angle podcast listeners! කොහොමද ඔයාලට? ඉතින් වෙනද වගේම ඉරිදා දවසෙ හැන්දෑවට ඔබේ ආලින්දයට ගොඩ වෙන්නෙ අලුත් තොරතුරු ගොඩක් අරගෙන. ඉතින් මෙවර කාලීන තොරතුරු කිහිපයක් කෙරේ අවධානය යොමු කලා. ඒ වගේම පොඩි පොඩි අපේ විස්තර කිහිපයක් සහ මේ දිනවල අපේ රටවල් තුනේ දේශගුණික වෙනස්කම් ගැන කතා කරන්නත් අමතක කලේ නැහැ. ඉතින් අද අපේ 30වෙනි episode එක, ඔව් ලොකු milestone එකක් අපිට. මේ දක්වා එන්නට අපිට සහයෝගයක් වුනේ අපේ ආදරනීය රසික ඔබ සැමයි. ඉතින් ඔබ සැම වෙනුවෙන් ඉදිරියටත් අපි තව තවත් අලුත් වෙමින් නව මුහුනුවරකින් ඔබ වෙත එන්නට බලාපොරොත්තු වෙනවා. තවත් සතියක විරාමයකින් පසු අපි නැවත හමුවෙමු. ඔබ සැමට සුභ සතියක්.

    1 hr 25 min
  • භාතිය සන්තුශ් සින්දුවෙන් කියවුන අද සැබෑ ලෝකය! | නව ලෝකයේ රැකියා විප්ලවය| සැමටම ඇති මානසික රෝග | Tri-Angle Podcast EP 029

    සතියක විරාමයකට පස්සෙ ඔබ අපි මුනගැසෙන දවස අද. ලෝකයේ රටවල් තුනක ඉදන් අපේ ශ්‍රීලංකාවේ යාලුවො දැකගන්න එන දවස තමයි ඉරිදා කියන්නෙ. මේ වෙද්දී Tri-Angle Podcast එක අපි තුන්දෙනාගෙම ජීවිතයෙ කොටසක් වෙලා හමාරයි. එය ඔබටත් මටත් මේ වන විට නොරහසක්. අපිත් සමග අත්වැල් බැඳගත් ඔබ සැම ඉමහත් ගෞරව පූර්වකව මතක් කරන්නෙ ඒ නිසාවෙන්මයි. ඉතින් අද අපේ කතාවට මාතෘකාවක් දෙන එක පොඩි අමාරු කර්තව්‍යයක්. ඒ මොකද කිව්වොත්, අපේ අද කතාව ඔහේ ගලාගෙන යන්න ඉඩ  දුන් නිසා. වැඩියෙන් රසවත් ඒ වගේම ටිකක් හරවත්, ඔව් එය තමයි අද නිවරදිම අර්ත දැක්වීම. මේ ඇරයුම අසා නරඹා රසවිඳින ලෙස. ඔබේ අදහස් උදහස් සියල්ල අප වෙත යොමු කරන්න. නිරෝගීව සතුටෙන් ඉන්න! ජය වේවා!

    1 hr 3 min
  • ආයෙත් අපි ඔන්න ඔබේ පැනයට පිලිතුරු රැගෙන ආවා! |Tri-Angle Podcast EP 028

    ඔන්න සුපුරුදු විදියට අද  episode එකේදී ඔයාල අපෙන් අහල තියන ප්‍රශ්න ගැන කතා කරන්න අපි හිතුව. සුපුරුදු විදියට කියල කිව්වෙ ඔයාල හැමෝම දන්නව අද අපේ 28වන episode එක කියල. සෑම episodes 7කට වරක් මේ tradition එක continue කරන නිසාම මේ දවස එනකන් ඔයාල මග බලාගෙන ඉන්නා වග අපි දන්නවා. ඒ වගේම අද අපේ කතාව ඔයාලට ගොඩක් වැදගත් විස්තර බොහොමයක් ගැන කරපු  chat taක් කිව්වොත් නිවරදියි. අපිට msg කරල, comment කරල, personally අපිට reach කරල ඔයාලගෙ ගැටලු අපි වෙත යොමු කලාට ගොඩක් ස්තුතියි ! හැම ප්‍රශ්නයක් ම සාකච්ඡා නොකරත් හැමෝම අසා තිබූ දේ ගැන පොදුවේ ආමන්ත්‍රණය කිරීමට අද අපි උත්සාහ කලා. ඉතින් අපේ ගමන සතියෙන් සතිය දිගු වෙනව වගේම අපේ ආදරනීය රසික පවුල දිනෙන් දින ශක්තිමත් වෙනව. සති 28ක් එහෙමත් නැතිනම් මාස 7ක්..... ආ මග කෙටි බවත් යා යුතු මග දුර බවත් සැමවිට පසක් කරන්නේ ආදරනීය ඔබයි,ස්තුතියි ඔබට!  ✌️

    1 hr 31 min
  • අපි ජිවත් වෙන රටවල් තුනේ ALCOHOL CULTURE එක | Wine, cocktail, pubs, party සහ clubs |Tri-Angle Podcast EP 027

    "Drinking Culture" කියන්නෙ අපි ජීවත්වන රටවල් තුනේම, ඒ කියන්නෙ AZ🇦🇺, NZ🇳🇿 & CA🇨🇦 වල සංස්කෘතියේ major role එකක් කිව්වොත් අපි නිවරදියි. ඒ වගේම රසික ඔබගේ one of the most requested topic එකක්.   ඉතින් හැමදාමත් වගේ ඔයාලගෙ ඉල්ලීම ඉටුකරලීමේ බලාපොරොත්තුවෙන් අද Tri-Angle  Podcast Episode 27th හරහා අපි කතා කරන්න හිතුවේ මේ රටවල් තුනේ තියන Drinking Cultures ගැන. Promotional Discussion එකක් නොවන මෙවර episode එක හුදෙක්ම මේ රටවල් ත්‍රිත්වයේ ඉහත කී මාතෘකව පිළිබඳ අපට ඇති අද්දැකීම් බෙදාහදා ගැනීමක් පමනක්ම වන බව ඔබට මතක් කරන්නට කැමතියි. මේහා බැදුනු සාමාජීය වගකීම පිළිබඳ කතාකරන්නත් අපි අමතක කලේ නෑ. ඉතින් ඔබගේ අදහස් උදහස් දැනගන්න අපිත් කැමතියි. අපි comment section එකේ හමුවෙමු. Episode එක හොඳයි නම් 👍 කරල share කරන්නත් අමතක කරන්න එපා.

    1 hr 11 min
  • පිටරට JOBS, SALARY සහ PR | O/L Results සහ Career Paths | Tri-Angle Podcast EP 026

    Hello our Tri-Angle Podcast listners ! කොහොමද ඉතින්?සාදරයෙන් පිළිගන්නවා episode 26th වලට. හැමදාම වෙනස් දේවල් අලුත් දේවල් අරගෙන ආව අපි අද අපේ රසික නංගිල මල්ලිලා වෙනුවෙන් පොඩි ඉඩක් වෙන් කරන්න හිතුව. O/L results ආව නේද මෑතකදි, ඉතින් O/L and A/L කියන්නේ ඔයාගෙ ජීවිතය තීරණය කරන කඩඉමක් ද?, future plans එක්ක මේ දේවල් ගැටෙන්නේ කොහොමද?, life එක ගොඩදාගන්න මේ දේවල් වැදගත් වෙන්නෙ කොහොමද?, මේ කඩඉමට පස්සෙ ඔයාට තියන options මොනවද? වගේ මාතෘකා පිළිබඳ අපේ අද්දැකීම් බෙදාහදාගෙන පොඩි chat එකක් දැම්ම. මේ අතරෙ අපේ එදිනෙදා life එකේ උන දේ හුවමාරු කරගන්නත් අමතක කලේ නෑ අපි.  ඉතින් හැමදාම වගේ අපේ රසික ඔබ සැම ආදරයෙන් මතක් කරනවා. ඔව් අපි දැන් ලොකු පව්ලක්, subscribers ල 5000+ පව්ලක. අපිට සතුටුයි ඒ ඔබ නිසයි. ඔබට ජය !

    1 hr 23 min
  • පොඩි කයියක් ගහමු වරුවක් | Australia, Canada & New Zealand හන්දියේ බෝක්කුව ලඟ දාපු කතාව | Tri-Angle Podcast EP 025

    ඉතින් කොහොමද ? සතියක විරාමයකට පසු නැවතත් ඔබත් අපිත් මුණගැසෙන දිනය තමයි අද! පසුගිය සතියේ අලුත් මුහුණුවරක් ගත් අපේ Tri-Angle Podcast එකට ඔයාල හැමෝම ඉතා හොඳ ප්‍රතිචාර දක්වා තිබීම අපිට ඉමහත් සතුටක් ගෙන දුන්නා. ගොඩක් ස්තුතියි මේ දක්වන ආදරයට. මේ සතියේ අපේ podcast එක ගලාගෙන ගියේ හරියටම කියනව නම් ලස්සන ගංගාවක් වගේ. අපි තිදෙනාගේ එදිනෙදා විස්තර සමගම විවිධ විවිධ මාතෘකා ඔස්සේ ගලාගිය රසවත් පොඩි chat එකක් මේ සතියෙ episode එක ලෙස මෙලෙස ඔබ ඉදිරියේ දිග හැරෙනවා. ඉතින් අදත් වෙනදා වගේම comment section එකේ අපි නැවත හමුවෙමු. අපේ podcast එක හොඳයි සහ තවකෙකුට ප්‍රයෝජනවත් යැයි සිතේ නම් share කරල like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් සතියක විරාමයකට අවසර!

    1 hr
  • PERSPECTIVE හතරක්, රටවල් හතරක්, අද එකම තැනක! | Magic Compass අපේ Buchi එක්ක | Tri-Angle Podcast EP 024

    SHOW LESSTri-Angle අපිට අද විශේෂ දිනයක්,   ඔව් ඒ මොකද කිව්වොත් අපි කාලයක් තිස්සේ මුලපුරමින් සිටි කටයුත්තක් මල්පල ගැන්වෙන දවස ලෙස අද දවස හදුන්වන්න පුලුවන්.  ඉතින් අටුවා ටීකා පසෙකලා කතාව දිගහැරියොත්, PERSPECTIVE, මොකද්ද මේ perspective කියන්නේ? මේ ලෝකේ හැදිලා තියෙන විදිහ එක වුණාට, මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු විවිධාකාරයි, හැඟීම්, දැනීම්, සිතුම් පැතුම්, ලෝකේ දකින විදිය,  එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්, නමුත් මේ වෙනස තුල ගැබ්වෙන්නේ අසීමාන්තික සුන්දරත්වයක්, අන්න ඒ වෙනස හරහා අපි හැමෝම ලෝකය දකින විදිහ තමයි මේ perspective එක කියන්නේ! අපි එක්ක අද එකතුවෙන්නේ ලංකාවේ YouTube කලාවේ දැවැන්තයෙක්, හැබැයි නිහතමානී දැවැන්තයෙක්! ඔහු නමින් අනුරාධ නානායක්කාර. විටෙක කවියෙක් රචකයෙක් කලාකරුවක් වන මොහු තවත් විටෙක DOP වරයෙක්, කැමරා ශිල්පියෙක් සහ multi-talented Youtube නිර්මාපකයෙක්ද වනවා. ඉතින් මේ ආගමනයත් සමග තුන්කොන් දැක්ම, සිව්කොන් වන්නේ නිරායාසයෙන්මයි.  අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නැති Magic Compass සහ Kuchi & Buchi යන channel වලින් අප හමුවට එන අනුරාධ අයියා අද ඔහුගේ perspective එක අපේ Tri-Angle podcast එකට ගෙනැවිත් බොහෝම වටිනා හෝරා කිහිපයක් තුලින් බොහෝමයක් දේ සාකච්ඡා කලා. අනුරාධ අයියාට ස්තුතියි කියන ගමන් අපේ රසික ඔබ සැමට අද episode එක වෙනස්ම අද්දැකීමක් වනු ඇතැයි මතක් කරන්නට කැමතියි. විශේෂ කඩඉම් කිහිපයක්ම පසුකර ඇති මේ මොහොතේ අපට දැනෙන සතුටේ සැබෑ හිමිකරුවන් වන්නේ ප්‍රේක්ෂක ඔබ සැමයි. වැඩි කතා මොකටද නේද, සියල්ල ගැලපෙන්න රසවත් හරවත් දීර්ඝ episode එකක් මෙවර අපි ගෙන එනව. ඔබේ අදහස් උදහස් අපිට කියන්න, episode එක හොදයි නම් like එකක් දාල share කරන්න. ඔබට ජය ✌️  !  PS: ආ... අද episode එකේ සාරාංශය තමයි,"කන්න ඕන, බොන්න ඕන, ආතල් එකේ ඉන්න ඕන මොකද අපි හැමෝම මිනිස්සු".

    1 hr 53 min
  • Does Racism Actually Exist In These Three Countries | Australia | Canada | New Zealand | Tri-Angle Podcast EP 023

    Episode 23rd එක්ක ඔයාලගෙ ආලින්දයට සේන්දු වෙන Tri-Angle අපි අද කතා කරන්නෙ රසික ඔබ සැම අපෙන් request කල hot topic එකක්. Racism අපිට මේ රටවල් තුනේදි කොහොමද දැනුනෙ, ඇත්තටම මෙය කියන තරම් දරුණුයි ද?, එහෙමත් නැති නම් අපි දකින කෝණය වැරදියි ද?, පිටරටකට එන්න බලන් ඉන්න කෙනෙකු මේ පිළිබඳ  දැනගත යුතු කරුණු මොනවද වගේ මේ සම්බන්ධ විස්තර පිළිබඳ අද podcast එකෙන් ඔබව දැනුවත්  කරන්න තමයි අපේ අරමුණ. ඉතින් වෙනදා වගේම රසවත් හරවත් අපේ කතා බහට අලුත් අමුත්තියක් සහභාගී කරගන්නත් අපි කල්පනා කලා. ශකිලගෙ ආදරනීය බිරිඳ ශෙහානි අද අපේ episode එකට අපත් සමග join උනා. ඇයත් ඇගේ අදහස් අපත් සමග හුවමාරු කලා. ප්‍රේක්ෂක ඔබ සැම කල ඉල්ලීම මෙලෙස ඉටු කිරීමට ලැබීම ඉමහත් සතුටක්. දිනෙන් දින විසල් වෙන Tri-Angle  community එකට ගෞරවණීය ස්තුතිය පුදකරන ගමන් මේ ඇරයුම එකතුවීමට අපේ 23වන episode එකත් සමග.

    1 hr 22 min

About Tri-Angle Podcast

From the publisher's feed

Connected from three different countries, representing a friendship long born in one motherland; The “Tri-Angle” is a group of three friends, connected with the shared passion and aspiration of…

More shows like Tri-Angle Podcast

Chooty Malli Podi Malli - OntheGo by OntheGo

Chooty Malli Podi Malli - OntheGo

2 Listeners