
Sign up to save your podcasts
Or


IELTS කියන්නෙ රට යන්න හීන තියන ඕනෑම කෙනෙකුට මුහුණ පාන්නට වෙන ප්රධාන අභියෝග වලින් එකක්. Tri-Angle අපි මෙවර episode එකෙන් මේ exam එක ගැන කතා කරන්න හිතුවෙ රසික ඔබ සැම මේ පිළිබඳ විමසූ නිසාවෙන්මයි. අපි මේ කඩඉම සාර්ථකතකව ජයගත් අයුරු, exam වලට සූදානම් වූ ආකාරය, අපි use කල tips, මේ හා සමාන වෙනත් exam ආදී සහසම්භන්ද කරුනු පිළිබඳ අපි දාපු පොඩි chat එකක් මෙවර episode එක වෙනුවෙන් වෙන් කලා. ඒ විතරක් නෙමෙයි විශේෂ ආරාධිත අමුත්තියක් අද අපිත් සමග එකතු උනා මේ විස්තර බෙදාහදා ගන්න. වෙන කවුරුත් නෙමෙයි අපේ නවීන්ගෙ ආදරනීය wife දේශානි තමයි අද විශේෂ අමුත්තිය! ඇයත් අප සමග මේ topic එක පිළිබඳ ඇගේ අද්දැකීම් share කලා. ඉතින් වැඩි කතා කුමටද? Like එකක් දාලම video එක බලන්න පටන් ගන්න, comment කරල share කරන්නත් අමතක කරන්න එපා.
21 වෙනි episode එක අපි විශේෂයෙන්ම වෙන් කරන්නේ රසික ඔබ වෙනුවෙන්මයි. අපේ community post එක හරහා ඔබ සැම යොමු කල පැනයන් සියල්ල කතිකා කරන්නට මේ කාල වේලාව අපි අද වැය කලා. අපේ post එකට comment කල සියලුම දෙනාව මතක් කරන්නේ ඉමහත් ආදරයෙන්. මෙවර වෙනස් මුහුනුවරක් ගන්න අපේ episode එක් හරබර දැනුම් ගොන්නක සංකලනයක් ලෙස අරුත් ගන්වන්නට පුලුවන්. පූර්විකාවෙන් කියන කතාවේ දිගුවත් සමග එකතු වෙන්න ඔබට කෙරෙන ඇරයුමයි මේ !
සති 20ක් එහෙමත් නැති නම් මාස 5ක්, Tri-Angle අපි දන්නෙම නැතිව තවත් milestone එකකට ලගා වෙලා. ඉතින් අද කතාව අපිට විශේෂයි, නවන්ගගේ ප්රිය බිරිඳ සචින්ත්යා අද ආරාධිත අමුත්තියක් වශයෙන් අපිත් සමඟ එකතු වීම ඊට තවත් හේතුවක්. ප්රේක්ෂක ඔබගේ ඉල්ලීමක් ඉටු කරන්නට ලැබීම තවත් සතුටක්. විවිධ මාවත් පිළිබඳ අපි හතර දෙනාගෙම සිතිවිලි, අදහස් එකම table එකක් මත දිගහැරෙන මෙවර episode එක රසවත් මෙන්ම හරබර වෙතැයි අපි විස්වාස කරනවා. මේ මාස කිහිපය පුරාවට අපත් සමග අත්වැල් බැඳගනිමින් එකතු වන ඔබ සැමට අපේ ගෞරව පූර්ව ස්තුතිය පුදකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා. ඉතින් මේ ආරාධනය රසවිඳින්න Tri-Angle Podcast Episode 20th. ඔබ සැමට ජය !
අද අපි කතා කරන්නේ ටිකක් වෙනස් මාතෘකාවක්! මේක සල්ලී සහ මිනිස්සු අතර තියෙන අමුතු මත, විශේශයෙන්ම අපි පුරුදු වෙලා තියෙන පිටින් මිනිස්සු මැනීම ගැනත්, පිටරටවල ඉන්න සරල මිලියනපතියන් ගැනත් කතා කරනවා! හැමදාම වගේ එක තැනකින් නතර නොවී විශය පථයන් ගණනාවක් අතර අපි අද සැරිසරනවා! ආහ් අද ශකිලට මොකද වුණේ? මනසට රස දෙසන ලංකාවේ NO1 පොඩ්කාස්ට් එක අදත් රස විදින්න ඔබට ආරාධනා!
මේ දිනවල hotම topic එක, Tokyo Olympics වලින් start වෙන අපේ කතාබහ විවිද මාවත් ඔස්සේ ගලාගෙන යනව ඉතින් වෙනද වගේම. අපට සමීප ඔබ සියලු දෙනාම මේ වෙනකොටත් දන්නව මේ රවුම ගහල එන විස්තරේ ගැන. මේ සියල්ල ඉවසමින්, රසවිදිමින් අපේ ගමනට අත්වැලක් වෙන රසික ඔබ සැම ඉමහත් ගෞරවයෙන් අපේ හදවතේ රදව ගන්න දරන වෑයමේ අග්රඵලය ලෙස අප සතිපතා ගෙන එන අපේ Tri-Angle Podcast එක හදුන්වා දෙන්න කැමතියි. ඔබ සියලු දෙනා අපිට ශක්තියක්! ස්තුතියි අපත් සමග සතිපතා අත්වැල් බදින ඔබ සැමට. Australiaවේ ආර්ථිකය, New Zealand විනය හා බැදි සාමාජීය දියුණුව, Canadaවේ නීති රීති සහසම්භන්දය මෙන්ම මේ සියල්ල මේ රටවල දියුණුව කෙරේ බලපා ඇති ආකාරය අද අපේ කතාබහ සාරංශය ලෙස හැදින්වීමට හැකියි. ඉතින් ඇරයුම රසවිදින්න මේ Tri-Angle Episode 18🎙️🎧
ලංකාවෙන් පිටත දුරු රටකට අපි තුන්දෙනාම මුලින්ම ආවෙ තනියම. නුහුරු නුපුරුදු පරිසරයක ජීවිතයට හිමිහිට හුරු වෙද්දී අපිටත් නොදැනිම කාලය ගෙවිල ගිහින්, ඉතින් මේ එක්කෙනා දෙන්න උනාම අපේ ජීවිතයේ තවත් අලුත් පිටුවක් ලියවෙන්න පටන් අරන්. එහෙම අලුත් වෙද්දී අපිට මුහුණ දෙන්න උන මූලික අභියෝගයක් තමයි Money Management. තනියම ඉන්නකොට එච්චර නොදැනුනු responsibility ගොන්නක් එක්ක අපි කොහොමද ගානට මිම්මට හැම දෙයක්ම manage කරන් අපේ වැඩකටයුතු කරන්නෙ කියන දෙය පිළිබඳ කල පොඩිකතාබහක් තමයි අද podcast episode 17 එකෙන් අරගෙන එන්නෙ. Banking, Online banking and systems කොහොමද ලංකාවට සාපේක්ෂව වෙනස් වෙන්නෙ, අපි කොහොමද අපේ salary manage කරන්නෙ, අපේ savings කොහොමද වෙන්නෙ වගේ දේවල් ගැනත් කතා කරන්න අපි අමතක කලේ නෑ. අපේ කතාව අද රසවත් සහ හරවත් යන මාවත් දෙකේම එකතුවක් නිසා රසික ඔබ සැමට වැදගත් වෙයි කියල අපි විශ්වාස කරනව. ඉතින් බලල විස්තර කියන්න අපිට. Comment section එකේ හමුවෙමු. ඔබට ජය !
COVID-19 අපි හැමෝටම එකම විදියට දැනෙනවද? ඔව් ඒක හොද ප්රශ්නයක් ! අපි තුන්දෙනාම ඉන්න රටවල් සහ අපි තුන්දෙනාගෙම මවු රට මේ global pandemic එකට මුහුණ දෙන ආකාරය ගැන කල පොඩි කතා බහක් තමයි අද podcast episode එක. විටින් විට මතුවන covid රැලි හා ඊට අනුකූලව මේ රටවල් තුනේම සංචරණ නීති රීති හිටිහැටියේ වෙනස් වන ආකාරය, border restrictions, ලංකාවේ අපිට නැවත පුරුදු පරිදි මේ රටවල සංචාරය කිරීමට ලැබෙන දිනය? , ඔව් මේ සියල්ල අපිටත් තවම හරි පිලිතුරක් නැති උභතෝකෝටිකයක්. මේ දේ ගැන අපිට දැනෙන ආකාරය ගැන කතා කරන්න මේ සතිය අපි වෙන්කලා. බලාපොරොත්තු තමයි අපේ ජීවිත ගමනට ඉනිවැටක් වෙන්නෙ, ඉතින් රට යන්න ඔයාලට තියන සුන්දර බලාපොරොත්තු නැති කර නොගෙන හොදින් මේ කාලය ප්රයෝජනවත් දෙයකට යොමු කිරීම ගැනත් සදහන් කරන්න අපි අමතක කලේ නැහැ. ඔබ සියලු දෙනා අපට දෙන සහයෝගය තමයි අපිට මේ podcast එක කරගෙන යන්න ශක්තියක් වෙන්නෙ. මේ ඇරයුම රසවිදින්න Tri-Angle Podcast Episode 16.
සතුටුදායක සතියකට පසු අපි නැවත මුනගැසෙනවා ඔයාලගෙ ආලින්දයේ සිට. මේ සියල් සියලු සතුටු කරුනු කෙරේ හේතුව අපේ ආදරනීය රසික ඔබ සැමයි. සෑමවිටම වගේ ඔයාල දෙන සහයෝගයට හදවතින්ම ස්තුතියි. අද අපේ කතාව විවිද දිශාවන් ඔස්සේ ඇදී යනව. මේ කයිය රසවත් වෙන්නෙ අපි කතා කරමින් සිටි ආනතියට සමපාත වෙන දෙයක් අපේ recording එක මද්යයේ උනු නිසාවෙන්මයි. ඒ මොකක්ද කියල දැනගන්න ඔයාලට අද episode එක බලන්නම වෙනව. සති 15ක් පුරාවට ඔයාල එක්ක එකතු උනු අපි ඉදිරියටත් හමුවන පොරොන්දුව සමග ඇරයුම රසවිදින්න මේ Tri-Angle Podcast Episode 15.
අපිට ඔයාල දෙන feedbacks, comments අපිට ලොකු ශක්තියක් ජවයක් කියල ඔයාල දන්නවද? ඉතින් අපි අපේ 7වෙනි episode එකෙන් කතා කලා වගේ අපේ 14 වෙනි episode එක වෙන් කලා ඔයාල හැමෝම අපෙන් අහපු ප්රශ්න වලට උත්තර අරන් එන්න ! මේ episode එක අපිට ගොඩක් විශේෂයි. ඒ මොකද කිව්වොත් මේ වෙනකොටත් ඔයාල දන්නව වගේ අපේ subscriber count එක 1000 කඩඉම පසු කරල ඉන්නේ. මුලින්ම කියන්න ඕන "ඔබ සෑම දෙනාට බොහොම ස්තුතියි 🙏. Tri-Angle Podcast එක කියන්නෙ ඔයාලගෙ podcast එකක් කියල අපි හැම වෙලේම මතක් කරන්නෙ හරිම ගරුසරු ඇතිව ආදරනීය සිතුවිල්ලක් පෙරදැරි කරගෙන! ඔයාල හැමෝටම ගැලපෙන විදියට කතා කරන්න අපි උපරිම උත්සාහ කලා වගේම අපි මේ එපියෙ කතා කල හැම දෙයක්ම අපේ අද්දැකීමානුසාරයෙන් share කරපු තුන්කොන් දැක්මක් බවත් මතක් කරන්න කැමතියි. හැමදාමත් වගේ ඉදිරියත් අපිත් එක්ක එකතු වෙන්න ඔයාල හැමෝටම ආරාධනා කරනව! ප.ලි : මේ සතියෙ අපි ඔයාල ගොඩක් අයගෙ නම් කියනව, බලන්න ඔයාගෙ නමත් කිව්වද කියල ! කිව්වත් නැතත් like, comment, share කරනව කියල අපි දන්නව ! ජය වේවා ! ! !
අද අපි කතා කරන්නේ ගොඩාක් වැදගත් මාතෘකාවක්! ඒ තමයි ලංකාවෙන් මේ අපි ඉන්න රටවල් වෙනස් වෙන ප්රධානම සාධකයක් වෙන විනය ගරුක බව සහ විවිධ systems. මේ systems වැඩ කරන ලස්සන පිලිවෙල සහ ඒවාගෙන් පිට ගියොත් කන්න වෙන දඩ කොච්චර ලොකුද කියලා ඔයාලට මේ episode එකෙන් දැනගන්න පුලුවන්.
From the publisher's feed

2 Listeners