
Sign up to save your podcasts
Or


ඔන්න සුපුරුදු ප්රශ්න උත්තර tradition එක continue කරන්න අද ඔබට එකතු වෙන්න පුලුවන් Tri-Angle Podcast Episode 42 සමග. අපට ප්රශ්න යොමු කල සියලුම දෙනාව මතක් කරනවා ආදරයෙන් ! ඉතින් හැමදාම වගේ අපි කලින් යොමු කල post එකට ඉතාමත් වටිනා feedback ඇවිත් තිබීම සතුටට කරුණක් වගේම අද කතා නොකල ගොඩක් කරුණු ඉදිරි episodes හරහා ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. හැමදාම එකතු වෙන්න! සුභ සතියක්!
අද කතාබහ තරමක් වෙනස්! රටවල් තුනේ අද්දැකීම් හුවමාරුවක්. ලෝකයේ එක් කොනක අයිස් මිදෙන සීතලක්. අනෙක් කොනක සෞම්ය දේශගුණික තත්ත්වයක්. ඉතින් ඔව් අද අපේ chat එක වැදගත් වෙනව AUS,NZ,CA එන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ සියලු දෙනාටම. කමාජ් අයියාගේ ආරාධනාවෙන් අපි තුන් දෙනාම සහභාගී වී කල "Sri Lankan Tag" game එකත් අද video එකෙන් ඔයාලට බලන්න හැකියාව තියනව. ලස්සන fun segment 1ක් එක්ක ආව මෙවර episode එක වෙනසක් වෙයි කියල අපි විශ්වාස කරනව. ඔබට ජය!
පිට රට ගිහින් settle වෙන්න හීන මවන කෙනෙක් ද ඔබ? රට යන්න දින ගනිමින් ලහි ලහියෙ සූදානම් වෙන කෙනෙක් ද ඔබ? ගෙනියන්න අවශ්ය දෑ, ඇදුම්, සපත්තු, පොත් පත් ආදී list එක ගොඩක් දිගයි ද? හරියටම ගෙනියන්න අවශ්ය දේ වගේම මුදල් අපතේ නොයවා මේ කලමනා සියල්ල සූදානම් කරගන්න tips ටිකක් ඕනද? අනිවාර්යයෙන් මේ video එක බලන්න!
සුභ නව වසරක් වේවා ! අලුත් අවුරුද්දක්, අලුත් ප්රාර්ථනා සහ බලාපොරොත්තු රැසක් එක්ක Tri-Angle අපි අද හිතුව ටිකක් අලුත් විදියේ අද්දැකීමක් අරන් ඔබත් සමග එකතු වෙන්න. අපේ ආදරනීය රසික ඔබ සැමට ස්තුතිවන්ත වීමට මේ හොඳම තමයි අවස්ථාව. අපි දැන් ලොකු පව්ලක, ඔව් subscribers 10k කඩඉමත් පසු කරල දවසින් දවස level up වෙන පිරිසක්. ඉතින් මේ ලැබුවා වූ නව වසරේ ඔබ සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටු වෙන, සතුට සාමය සහජීවනය දිනෙන් දින වර්ධනය වෙන සුභම සුභ අවුරුද්දක් වේවා කියල අපි තුන් දෙනාම ප්රාර්ථනා කරනව!
ලැබුවා වූ නත්තල සාමයෙන් සතුටින් පිරී ඉතිරෙන නත්තලක් වේවා යැයි Tri-Angle අපි ප්රථමයෙන් සුභ පතනවා.ඉතින් මේ සුභ නත්තලේ ඔයාලට වටින ත්යාගයක් අරන් තමයි අපි ඔබේ ආලින්දයට මේ සේන්දු වෙන්නෙ. Australiaනු YouTube අවකාශයේ ශ්රී ලාංකීය සන්නාමය "Lankan in Melbourne" මෙවර අපත් සමග එකතු වුනා ඉතාමත් වටිනා සාකච්ඡාවක් කිරීමට. ලොවට උදාවූ මෙවර නත්තල් අසිරිය, වර්තමානයේ YouTube කලාව, content creation vs time management, ගුරුවරයෙකු ගේ කෝණයෙන් දකින අධ්යාපන ක්රමයේ ඇති වෙනස්කම් වගේ වැදගත් points කිහිපයක්ම අපේ table එකට ගෙන එන්නට අපිට හැකි වුනා. අපේ podcast එකට නව ආලෝකයක් ගෙන ආ ඇන්ජි අක්කාට හදවතින්ම ස්තුතියි කියන්න මෙය අවස්ථාවක් කරගන්නවා. ඉතින් අපි කැමතියි ඔබේ අදහස් දැන ගන්නට. අපිට විස්තර කියන්න එකතු වෙමු comment section එකෙන්. සාමයෙන් සතුටින් ආදරයෙන් ඉන්න, ලබන සතියේ මුන ගැසෙමු තවත් අලුත් වෙලා නව වසරක. ඔබ සැමට ජය!
අද වෙන්නෙ අලුත්ම දෙයක්, දැනටමත් ඔයාල මේ ගැන දන්නව. අලුත් මුහුණු තුනක් එක්ක අද podcast එක අලුත් වැඩ ගොඩක්. හැමෝම හරි හරියට සූදානම් වෙන Christmas Season ගැන කතා කරන්න හොදම අපි නෙමෙයි. ඉතින් ඒකයි මේ වෙනසත් එක්ක අපි ඔයාල හමුවට ආවෙ. විවිධ perspectives හරහා අලුත් විස්තර රැසක් එක්ක අපේ රසික ඔබ සැමට අද අලුත් අද්දැකීමක් එකතු කරන්නට හැකි වීම අපිට සතුටක්. ඉතින් වෙනද වගේම ඔබේ අදහස් අපිට කියන්න. මේ අලුත් වෙනස හොඳයි නම් ඒ ගැනත් අපිට කියන්න. අපි නැවත හමු වෙන්නෙ නත්තලෙන් පසුව නිසාවෙන් හදවතින් පතන්නම් ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා!
Tri-Angle Podcast එකට තවත් අලුත් දවසක්, අලුත් අද්දැකීමක් හා වෙනසක් ඒ වගේම අපි තුන් දෙනාටම විශේෂ මොහොතක්. අද අපි ඔබේ ආලින්දයට පැමිණෙන්නේ විශේෂ ආරාධිත අමුත්තෙකු සමගින්. මොහු ශ්රී ලාංකීය Rock සංගීත කලාවේ පුරෝගාමියෙක්. "චකිතය" , "Mrs. Perera", "අනාවැකියක්" වැනි ගීත මොහුගේ සුවිශේෂ ගායන ප්රතිභාව මැනවින් විදහා පාන්නට සමත්කම් දක්වනවා. අටුවා ටීකා කුමටද?, අද අපිත් සමග එකතු වන නිහතමානී දක්ශයා තමයි මිහිඳු ආරියරත්න. ඉතින් ඔව් අපේ අද කතාව සංගීතයට නැඹුරු උනේ නිරායාසයෙන්මයි. Episode 36 විශේෂ වන්නෙත් ඒ නිසාමයි. ඉතින් මෙතෙක් දුර අපිව රැගෙන ආවෙ ප්රේක්ෂක ඔබ සැමයි. ඒ වගේම මිහිඳු අයියාට හදවතින් ස්තුතිවන්ත වෙනව තම වටිනා කාලයෙන් බිඳක් අප සහ රසික ඔබ වෙනුවෙන් වෙන් කර වටිනා අදහස් සහ දැනුම් කරුණු රැසක් share කරගත්තාට. ඔබේ අදහස් අපිට වටිනව, comment section එකේ හමුවෙමු. ඔබත් අපිත් දුර ගමනක මුල් පියසටහන් ගනිමින් සිටින මොහොතක ඔබට සමු දෙන්නම් මිහිඳු ආරියරත්නයන්ගේ ගේය පදයකින්.
"හෙට ඔබ නැතත් හෙට මා නැතත්
ඇස් පියා එන්න දෑතේ පැටලී
යන්න පුලුවන් දුර යන්න
සැතපුමක් දුර නොපෙනෙනා මට
සැතපුමට මොහොතක් උනුහුමට
ඔබෙ ලමැදේ තුරුලු කරගෙන
නිමෙශයකින් බිදක් දෙනවද
ඇස් පියා එන්න දෑතේ පැටලී
යන්න පුලුවන් දුර යන්න"
සුපිරි ප්රශ්න ටිකකට සුපිරි උත්තර ටිකක් අරන් අදත් ඔබේ ආලින්දයට ගොඩ වෙන්න හිතුව. මුලින්ම ස්තුතිය අපිට මේ ප්රශ්න යොමු කල ඔබ සියලු දෙනාට. ඉතින් හැමදාම වගේ අපිට ලැබුන කෙටි කාලසීමාවෙන් පුලුවන් උපරිම cover කරන්න try එකක් දුන්න. ඒ වගේම අද අපි කතා කල සියල්ල ගොඩක් interesting topics කියල අපි විශ්වාස කරනව. මොකද අපි තුන්දෙනා ඉතාම කැමැත්තෙන් තමයි මේ episode එකට සූදානම් උනේ. අපිට උත්තර දෙන්න නොහැකි උන සියලු ගැටලු වලට උත්තර මේ සතිය පුරාවට අපේ Instagram & FB Accounts වලින් stories විදියට අරන් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. ඉතින් ඉක්මනින්ම ගිහින් like කරල සෙට් වෙන්න. ඔබට ජය ! ✌
AUS, NZ & CA එන්න බලන් ඉන්න ගොඩක් දෙනාට මුහුණ දෙන්න උන අලුත්ම අභියෝගය තමයි Covid-19. මේ හේතුවෙන් plans වෙනස් උන, වෙනස් කරගන්නට උන දෙනා මෙන්න මෙච්චරයි කියල, ඉවරකරන්නට බැරි තරම්. මේ රටවල් නැවත open කරල ඒ හීන හැබෑ කරගන්න දවස එනකන් ඔයාල ඇගිලි ගනිමින් බලන් ඉන්න ඇති. මේ සියලු දෙනාටම සුභ පණිවිඩයක් දෙන්න තමයි අපි අද මේ ලෑස්ති වෙන්නෙ. මේ news එක ඇතුලුව අද කතා කල දේවල් සියල්ල ඔබට වැදගත් වේ යැයි අපි සිතනව. ඒ වගේම මේ සම්බන්ධව ඔබ දැනුවත් දේ අපත් සමග බෙදාහදා ගන්න අපි comment section එකේ මුණගැසෙමු.
https://www.health.gov.au/news/additi...
NZ :https://www.health.govt.nz/our-work/d...
CA :https://travel.gc.ca/travel-covid
https://travel.gc.ca/travel-covid/tra...
SHOW LESSජයග්රාහී සුභ සතියකට පසු ඔබත් අපිත් මුණගැසෙන දිනය අද ! Level up කලාව හැමදාම ඔබට ලං කරන්න වෙහෙසෙන අපි මේ සතියෙ පොඩි නිදහස් chat එකක් දාන්න තමයි හිතුවෙ. කාර්යබහුලකම නිසාම අපි තුන් දෙනාටත් නිදහසේ කතා කරන්න ලැබුනෙ අද තමයි. ඉතින් අපේ කතා ගැන ඔයාල දන්නව නෙ නේද ? එහෙට මෙහෙට කොහෙට ගිහින් ආවත් ඔයාලට වැදගත් පණිවිඩයක් අරන් එන්න අමතක කලේ නැහැ. Video එක ඉවර වෙනකන් බලල අද episode එකෙන් ඔයාල ගත්ත දේ ගැන පොඩි comment එකක් දාන්න අමතක කරන්න එපා 🙌 හැමදාම වගේ ඔයාලගෙ ප්රතිචාර අපිට ලොකු සතුටක් ශක්තියක් ගෙන එනව. ඉතින් ඉදිරිය පැහැදිලියි, ගමන සුභයි, අලුත් වැඩ ගොඩයි. දිගටම එකතු වෙන්න. ඔබට ජය ✌
From the publisher's feed

2 Listeners