Tri-Angle Podcast

Tri-Angle Podcast

By Tri-Angle PodcastLeisure
Download on the App Store

Tri-Angle Podcast episodes

  • දැන් සුද්දන්ට ලංකාව පිළිබඳ ඇති හැගීම | Tri-Angle Podcast EP 062

    අද කතා බහ නම් රසබර කතා අහන්න කැමති ඔයාල වෙනුවෙන්මයි. තවත් ප්‍රබෝධමත් වෙන්න අපි පොඩි game එකක් add කරන්නත් අමතක කලේ නෑ. ඉතින් හැමදාම වගේ අපි තුන්දෙනා එකතු වෙලා මේ සතියෙත් ඔයාල සෑමදෙනාම වෙනුවෙන් රැගෙන එන Episode 62 සමග එකතු වන්නට ආදරයෙන් ආරාධනා කරනව. ඔබේ අදහස් උදහස් අපිට ගොඩක් වටිනව. එකතු වෙමු comment එකකින්, ඒ වගේම Audio මාද්‍යයෙන් එකතු වෙන්න කැමති ඔබටත් අපේ podcast එක රසවිඳින්න අවස්ථාව ඇති බව මතක් කරන්නට කැමතියි. ඔබට ජය !

    47 min
  • පිටරට පත්තර විස්තර සහ චන්ද ප්‍රතිඵල | Tri-Angle Podcast EP 061

    අද අපේ කතා බහ නම් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සුහද සතුටු සාමීචියක්. පහුගිය සතියෙ විස්තර, අපේ රටවල චන්දයක් වෙන්නෙ කොහොමද වගේම එහි අපි දකින වෙනස්කම්, පත්තර විස්තර වගේ එකී මෙකී නොකී දේවල් වල එකතුවක්, රසබර කතාවක්. ඉතින් මේ ඇරයුම ඔබට රසවිඳින්න Tri-Angle Podcast Episode 61.

    1 hr 20 min
  • රටවල් තුනයි කරදර ගොඩයි දැන් අපිට 60යි | Tri-Angle Podcast EP 060

    නිකමට හිතන්න අපි තුන් දෙනා දවසක් අවසානයේ නිදාගෙන අලුත් දවසක නැගිටිනව, මෙහෙම නැගිටිනකොට අපේ ශරීර වෙනස් වෙලා නැගිට්ටොත් මොනා වෙයිද ? ඒ කියන්නෙ ශකිල නවීන් වෙලා, නවාංග ශකිල වෙලා, නවීන් නවාංග උනොත් මොනා වෙයිද ? දැනගන්න ඕනද? එහෙනම් අද episode එක ඉවර වෙනකන් බලන්න !

    1 hr 30 min
  • පිට රටවල් වලට වහින වැස්සට තෙමෙන්නෙම නැද්ද?මොකකද මේ කතාව | Tri-Angle Podcast EP 059

    Tri-Angle podcast episode 59 සමග එකතු වෙන සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් සතියක විරාමයකින් පසු නැවතත් අපි මුණගැසෙනවා අද. තරමක වෙනසක් අද episode එකෙන් ඔබට දකින්නට හැකි වේවි. කෙටි නමුත් රසබර කතාවක් ගෙන එන්නට ගත් උත්සාහයක් තමයි මේ. ඉතින් ඔබේ අදහස් අපිට වැදගත්, හමුවෙමු comment section එකෙන්. ඔබට ජය. Stay Strong Sri Lanka 🇱🇰 🖤

    40 min
  • බාධක ජය අරගෙන් කෙටි කාලයක් ඇතුලත කැන්ඩාවට අපේ යාළුවාගේ කතාව| Tri-Angle Podcast EP 058

    කොහොමද ඔයාලට? හොඳින් ඉන්නවා නේද? මේ සතියෙත් අපි තුන් දෙනාම ඔයාල හැමෝම වෙනුවෙන් එකතු වෙන්න අමතක කලේ නහැ. දැන් මේ podcast එක අපේ ජීවිතයේ කොටසක් වෙලා. ඉතින් අද අපේ කයිවාරුව තුලින් ඔබට යමක් ගන්න තියන බව නම් නියතයි. 90% rule එක වගේම රට එන්න  බලන් ඉන්න ඔයාල වෙනුවෙන් success story එකක් share කරන්නත් අපි අමතක කලේ නෑ. ඉතින් එහෙනම් නැවත හමුවෙමු.

    1 hr 3 min
  • ස්වභාවික විපර්යාස මැද අපි කරපු අමතක නොවෙන පොඩ්කාස්ට් එක | ඇසිය යුතුම | Tri-Angle Podcast EP 057

    ආයුබෝවන්! ඉතින් සතියක විරාමයකට පසු නැවත ඔබත් මමත් මුනගැසෙන දවස.  හැම ඉරිදාම සවස සති 56ක් පුරාවට ඔබ හමුවට පැමිණි අපි නැවත මුණගැසෙන 57වෙනි වතාව අද. අද කතාව රසවත් සහ අති විශේෂයි, භූමි කම්පාවක live footage එකක් බලන්න ඕනද? ඒ වගේම පොඩි funny QnA session එක රසවත් බව වැඩි කලා. ඉතින් වැඩි විස්තර බලන්න අද video එක බලන්නම වෙනව ! Stay strong Sri Lanka 🖤🇱🇰

    1 hr 11 min
  • අපි ගිය Trips : සෑම පුංචි මොහොතක්ම තවත් ලස්සන මතකයක් | Tri-Angle Podcast EP 056

    මෙවර episode එකෙන් අපි ඔයාල හමුවට එන්නෙ නිදහස් කතාබහක් සමග. පහුගිය සති කිහිපය පුරාවට විවිධ දිශාවන් ආමන්ත්‍රණය කල අපි හිතුව පොඩ්ඩක් relax වෙන්නත් එක්ක වෙනසක් කරන්න. ඉතින් මෙවර කතාබහ ගෙතුනේ ඒ වටා. අපේ පහුගිය සති ගෙවුනු අයුරු සහ අපේ එදිනෙදා විස්තර කතාකරමින් මේ ගතවු හෝරාව මෙලෙස ඔබ වෙත රැගෙන එන්න අපි සිතුවා. ඉක්මනින්ම QnA session එකත් සමගින් ඔබ හමුවට එන පොරොන්දුව සමග මේ ඇරයුම රසවිඳින්න Tri-Angle Podcast Episode 56! ඔබට ජය. Stay Strong Sri Lanka 🇱🇰 🖤 .

    1 hr 1 min
  • වෙර අරගෙන දුවන්න, LEVEL UP වෙන්න කාලයයි මේ ! | Tri-Angle Podcast EP 055

    අපිට කියන්න, මෙවර අපේ තේමාව වන්නේ මෙයයි. ඔබේ අදහස් අපිට ගොඩක් වටිනව. වෙනද අපේ post එකකට එන comments ආදරනීය ඔබේ ප්‍රතිචාර ලෙස දැක්කත් අද තත්වය ඊට හාත්පසින් වෙනස්. අද ඔබව අපිට සමීපව දැනුන. දුරු රටක සිටියත් මවු රට පිළිබඳ හැගීම එලෙසමයි. එන්න එක්ව නැගිටිමු ! එක්ව ජයගමු ! Stay strong Sri Lanka 🇱🇰 🖤

    1 hr 2 min
  • අරගල මැද මෙවර අවුරුදු සහ මේ පාර අපි කරන ලස්සන වැඩක් | Tri-Angle Podcast EP 054

    අවුරුදු සමය කියන්නෙ ලාංකීය අපිට සතුට පිරුණු විශේෂ කාලයක්. ප්‍රථමයෙන්ම ඔබ සියලු දෙනාටම සතුට සෞභාග්‍යය පිරුණු සුභ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. කෙසේ වෙතත් තරමක් වෙනස් අවුරුද්දක් තමයි ඔබටත් මටත් මෙවර උරුම.  Tri-Angle අපි මේ ගැන සිතන්නේ කෙසේද?, දැනගන්න කැමතියි ද? එහෙනම් මේ episode එකට set වෙන්න.  නවාංග සහ සචින්ත්‍යා මූලිකත්වයෙන් කරන ලස්සන විශේෂ කාරනාවක් තියනවා. මේ අලුත් අවුරුදු කාලයේ දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් වලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත මලු පරිත්‍යාග කරන්න වැඩපිළිවෙලක් අපි කරගෙන යනවා. ඔයාලත් දායක වෙන්න කැමති නම් අද episode එකෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්.  ඔබට ජය ✌Stay Strong Sri Lanka   🇱🇰

    51 min
  • ලංකාව වෙනුවෙන් අපි! | Tri-Angle Podcast EP 053

    අද කතාව අපි හැමෝම සංවේදී කතාවක්. අපේ මව්රට පිළිබඳ කතාවක්. අපේ රටේ නිර්භීත මිනිසුන් පිළිබඳ කතාවක්. මේ මොහොත ඉතාම තීරණාත්මක නිසාම Tri-Angle අපි හිතුව මේ ගැන කතා කල යුතුමයි කියා. පිටරටකට එන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට පොදු හැගීමක් තමයි අපේ රට ගැන ඇතිවන්නවූ මතකයන්, ඒ ආගිය තැන් පිළිබඳ අතීත මතකාවර්ජනය. ඉතින් මේ රට කතන්දරේ සුන්දර මොහොතක් තමයි නැවත මව්රට කරා යන දවස. ඉතින් තවදුරටත් එය සිහිනයක් නොවීම වෙනුවෙන් අපි පොඩි උත්සාහයක් ගත්තා. විස්තර කියන්න comment එකකින්. Stay Strong Sri Lanka 🖤🖤

    46 min

About Tri-Angle Podcast

From the publisher's feed

Connected from three different countries, representing a friendship long born in one motherland; The “Tri-Angle” is a group of three friends, connected with the shared passion and aspiration of…

More shows like Tri-Angle Podcast

Chooty Malli Podi Malli - OntheGo by OntheGo

Chooty Malli Podi Malli - OntheGo

2 Listeners