
Sign up to save your podcasts
Or


අදත් අපිත් එක්ක එකතු වෙන අපේ podcast රසික රසිකාවියන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපේ 12 වෙනි episode එකට. ගිය සතියේ කතා කලා student කාලෙ අපි ගේමක් ගහල සල්ලි පරිස්සමෙන් manage කල විදිය, ඉතින් අද අපි හිතුව එහි දිගුවක් මේ episode එකෙන් ගෙන එන්න ඕන කියල. MENTAL HEALTH එහෙමත් නැති නම් මානසික සෞඛ්ය අපි තුන් දෙනාට විවිධාකාරයෙන් බලපෑ හැටි, අපි ඒ අභියෝගයන්ට මුහුණ දුන් ආකාරය, ඒ වගේම අපි ඒ සියල්ල ජය ගෙන ඉදිරියටම ගිය විදිය ගැන කතා කරන, අපි තුන්දෙනාගෙම experiences share කර ගත් episode එකක් තමයි EP12. ලංකාවේ අපි වැඩිය අවධානය යොමු නොකරන නමුත් මේ රටවල් වල ප්රසිද්ධියේ address කරන real life topic එකක් ගැන අපිට දැනුන විදිය මේ විදියට අපි ගෙන ආව. පොඩි 👍 එකක් දාලම video එක බලන්න පටන්ගන්න, comment section එකේ වැඩි විස්තර කතා කරමු. ජය වේවා!
Follow Shakila - https://www.facebook.com/shakila.kaha... https://www.instagram.com/shaki_kahaw...
Follow The Odd Couple SL - https://www.youtube.com/channel/UCkUu... https://www.facebook.com/theoddcouplesl https://www.instagram.com/theoddcoupl...
Follow Naveen MJ - https://www.youtube.com/channel/UCQ3c... https://www.facebook.com/naveen.mahima/ https://www.instagram.com/mjthestoryt...
ඉතින් අද අපේ podcast episode 11 එකෙන් කතා කරන්න හිතුව අපි student කාලෙ ගේමක් ගහල සල්ලි පරිස්සමෙන් පාවිච්චි කල විදිය ගැන. අපි රෝලක් ගහල අපේ එදිනෙදා වියදම් manage කල විදිය, අපි use කල techniques, නොකා නොබී හිටපු දවස්, summer vacation එකේ උපරිමයෙන් වැඩ කල විදිය වගේ එකී මෙකී නොකී දේ ගැන අපි දාපු පොඩි chat එකක් තමයි ඔයාලට මේ අරගෙන එන්නෙ. අපිත් එක්ක මේ වෙනකන් එකතු උන හැමදෙනාටම ස්තුතියි කියන ගමන් ඔයාලට ආරාධනා කරනවා අපිව subscribe කරල share කරල comment කරල sup එකක් දෙන්න කියල. ඔයාලට තියන ප්රශ්න අපිට comment කරල කියන්න. මේ හැමදෙයක්ම කතා කරන අපිත් එක්ක හැම ඉරිදාම එකතු වෙන්න ඔයාලට පුලුවන්.
අද අපි තුන්දෙනා , නවංග, ශකිල සහ මම MJ අපි තුන්දෙනාගෙම ජීවිතයේ ලොකු සටහනක් තියෙන දවසක්! මොකද අද අපේ Tri-Angle podcast එකේ 10 වෙනි එපිසෝඩ් එක අපි අරන් එනවා! මේක විශේෂ දෙයක් වෙන්නේ මොකුත් හින්දා නෙවෙයි, එක දිගට සති 10ක් මග අරින්නේ නැතුව අනේක විදි බාදා මැද්දේ අපි මේක ඔයාලාට අරං ආපු විදිය දන්නේ අපි විතරක් නිසා! මෙහෙම අමාරුවෙන් එන journey එකේ ලස්සන ප්රතිඵල දකින කොට, ඒ කියන්නේ අපි වටා එක් රොක් වෙලා ඉන්න ඔයාලාව දකිනකොට අපිට දැනෙන්නේ ලොකු සන්තෝසයක්. මොකද මේක අපි හැමෝගෙම podcast එක! ඔයාලාගේ podcast එක. ලංකාවේ No 1 සිංහල පොඩ්කාස්ට් එක! සති දහයක් සනිටුහන් කරන අද දවසේ ඔයාලා වෙනුවෙන් අපි special podcast එකක් අද අරන් ආවා වෙනදා වගේම! දිගටම Tri-Angle podcast එකත් එක්ක ඉන්න ඕනේ!
Winter එකේ මේ රටවල් තුනම හරිම සීතලයි, අපිව වෙව්ල වෙව්ලා වැඩට යනවා, උදේ පාන්දර සීතලේ නැගිටිනවා, හැබැයි ඒ හැමදේම හරිම වෙනස් අලුත් අත්දැකීම් ඒවා ගැන අපි කතා කරනවා! සීතලට මුහුන දෙන්නේ කොහොමද , සීත කාලේ අපි පුරුදු කරගත්ත දේවල් මොනාද, ඒ හැමදේම අපි කතා කරනවා අද episode එකෙන්!
Tri-Angle podcast කරන අපි තුන්දෙනා මෙහෙම හිටියාට අපි ගෙවල් වල කුස්සියේ වැඩට ගොඩාක් අත් උදවු දෙනවා, ඒ රස කතා වගේම මේ රටවල් වල government එකෙන් නිවෙස් වල එකතු වෙන කුණු collect කරන හැටි ඒවා ලස්සන system එකකට manage කරන හැටි ඒ අතරේ වෙන හිනායන අත්දැකීම් අද episode එකෙන් අපි ගේනවා! ඒ වගේම තව වැදගත් දෙයක් අපි අන්තිමට කතා කරනවා! පිටරට ඉගෙනගන්න එන students ලාගේ process එකේ ලොකු role එකක් රට එවන agent handle කරනවා! හැබැයි ඒ අතරේ අපි තේරුම් අරගෙන එන්න ඕන අපේ අතේ ලොකු වගකීමක් තියෙනවා කියලා හැමදේම හොයලා බලන්න අපි ඒ ගැනත් කතා කරනවා අද පොඩ්ඩක් අහලාම බලන්නකෝ! මතක් කරලා like එකක් දාලම අහන්න පටන් අරගෙන comment එකකින් ඔයාලගේ අදහස් පලකරලා හැමෝටම දැනගන්නත් එක්ක අපේ Facebook එකේ share කරමු මතක ඇතුව! ❤️
හැමෝටම උත්තර ගේන podcast episode එකක් තමයි මේක! අපේ podcast එක පටන්ගත්ත දවසේ ඉදං ඔයාලාගේ feedbacks comments ගොඩාක් අපිට හම්බුනා අපි බලාපොරොත්තු වුනාටත් වඩා, ඉතිං අද අපි හිතුවා අපේ Tri-Angle Podcast #007 එකෙන් මෙතෙක්කල් ඔයාලා comments වලිං අපෙන් අහපු ප්රශ්න වලට උත්තර ගේන්න !!! හැබැයි කියන්න ඕන දෙයක් තමයි මේ උත්තර ගේන්නේ අපි අපේ පුද්ගලික අත්දැකීම් අනුසාරයෙන් . ඒ හින්දා 100%ක්ම අපේ උත්තර accurate නොවෙන්නත් පුලුවන් ! කොහොම වුනත්, මේක බලල අනිවාර්යයෙන් like, comment and share කරන්න අමතක කරන්න එපා!!
අපිට පොඩිකාලේ ඉදලා තිබ්බ තාමත් තියෙන සිහිනයක් තමයි වාහන සිහිනය , ඉතිං රට ආපුවම මෙහෙ තියෙන පාරවල් වාහන පහසුකම් දැක්කම ඒ හීනේ පිස්සුවක් වෙන තරමට තද වෙනවා! 😂 කොහොමින් කොහොම හරි අපි හිතුවා වාහන ගැන පොඩ්ඩක් අද podcast episode එකෙන් කතා කරන්න, වාහන කිව්වාම ලයිසන් ගන්නත් එපැයි, ලංකාවේ ලයිසන් එකෙන් මෙහේ වාහන පදින්න පුලුවන්ද, මෙහෙ වාහන වල ගනන් මොන වගේද, අපි මෙතෙක් පැදපු දැන් පදින වාහන මොනාද, එකී මෙකී නොකී දේවල් ගොඩාක් එක්ක රසකතා ගොඩකුත් පොදි බැදගෙන Tri-Angle podcast එකෙන් අපි ආවා ඔයාලගේ නිවහනට මේ සතියෙත්!!
Welcome to Tri-Angle Podcast Episode 005!
අද episode එක අහන්න කලින් ඉක්මනට දුවලා ගිහිං මොනාහරි බඩට දාගෙන එන්න ලමයි ! මොකද අද අපි කතා කරන්නේ අපි මේ ජීවත් වෙන රටවල් තුනේ තියෙන කෑම cultures සහ කෑම වර්ග කීපයක් ගැන. උදේ පාන්දර breakfast එකට ගන්න කෑම ගැන ඉදලා office යද්දී මේ රටවල් වල මිනිස්සු කෑමට ගන්න දේවල් ගැන වගේම coffee culture එක ගැනත් අපි ඒ දේවල් ආභාශයට ගත්ත විදියේ රසවත් කතන්දර ගොඩාක් අද podcast එකෙන් වෙනදා වගේම අපි ගේනවා! අපි එක්ක ඉන්න ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි . එහෙමනං මේ episode එක අහලා හොඳට බඩ පුරවගන්ටකෝ!!
Follow Shakila -
https://www.facebook.com/shakila.kaha...
https://www.instagram.com/shaki_kahaw...
Follow The Odd Couple SL -
https://www.youtube.com/channel/UCkUu...
https://www.facebook.com/theoddcouplesl
https://www.instagram.com/theoddcoupl...
Follow Naveen MJ -
https://www.youtube.com/channel/UCQ3c...
https://www.facebook.com/naveen.mahima/
https://www.instagram.com/mjthestoryt...
Welcome to Tri-Angle Podcast Episode 04!
Follow The Odd Couple SL -
Follow Naveen MJ -
Welcome to Tri-Angle Podcast Episode 03!
From the publisher's feed

2 Listeners