පසුගිය මාස කිහිපයේ අපි අනුරාධපුරයේ විශාල ආරාම සංකීර්ණ ඉලක්ක කරගෙන වැඩසටහන් ගෙන ආවා මතක ඇති. ඒ අතර අපි අභයගිරිය, මිහින්තලය, ඇතුළු නුවර, ථූපාරාමය වගේ ස්ථාන ගැන සාකච්ඡා කළා. ඒ වැඩසටහන් මාලාවට, හිතුවටත් වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණු නිසා අපි හිතුවා අනුරාධපුර පූජා නගරයේ තැන් තැන් වල සහ නගරයෙන් පිටත විසිරිලා තියෙන තවත් පුරාවිද්‍යාත්මක ස්ථාන කිහිපයක් ගැන තොරතුරු ගෙන එන්න. හැබැයි මේවා ආරාම සංකීර්ණ නම් නෙවේ. ගොඩක් වෙලාවට හුදෙකලාව හෝ වෙන් වෙන් වශයෙන් පවතින ස්ථාන…