ඒ කියන්නෙ මේ විහාරය වළගම්බා රජතුමා නිර්මාණය කළා කියලත්, එහෙම නිර්මාණය කළේ ගිරි කියන නිගන්ඨයාගේ ආරාමය තිබුණු තැන කියලත්, කුපික්කලතිස්ස හිමියන් ඇතුළු මහා සංඝරත්නයට විහාරය පූජා කළා කියලත්, මහා විහාරයේ භික්ෂූන්ගේ විරෝධතා මතු වුණා කියලත්, ඒ විරෝධය “පසු කාලෙක” නිකායවල් විදිහට වෙන් වෙන්ව කටයුතු කරන්න හේතු වුණා කියලත්, අභයගිරිය කේන්ද්‍ර කරගෙන ලොකු අධ්‍යාපනික ප්රබෝධයක් ඇති වුණා කියලත්, අභයගිරියට ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ලැබුණා කියලත්, පිටරටවලින් ථේරවාදී වගේම මහායානික හාමුදුරුවරුත් අධ්‍යාපනය ලබන්න වැඩම කළා කියලත්, ධර්මරුචි නිකාය ආරම්භ වුණා කියලත්, අතීතයේ අභයගිරියේ භික්ෂූන් 5000කට වඩා වාසය කළා කියලත් අපි ඉගෙනගෙන තියෙනවා.
අභයගිරිය කිව්වම අපි හුග දෙනෙක්ට මතක් වෙන්නෙ විශාල චෛත්‍යයක් විතරයි. ඒත් ලංකාවේ දෙවනියට විශාල චෛත්‍යය වෙන මේ කියන අභයගිරි චෛත්‍යය හැරුණම, අභයගිරිය කියන්නෙ සුවිශාල ආරාම සංකීර්ණයක් කියලා මතක් වෙන්නෙ බොහොම ටික දෙනෙක්ටයි.
මේකට ප්‍රධානම හේතුව වෙන්නෙ අපේ ගොඩක් අය අනුරාධපුරයේ ගියාම සම්ප්‍රදායික අටමස්ථාන වන්දනාවට විතරක් කොටු වෙලා ඉන්න එක. ඉතින් අපි තීරණය කළා අභයගිරි ආරාම සංකීර්ණයේ අභයගිරි චෛත්‍යය හැරුණු කොට, අභයගිරි ආරාම සංකීර්ණයේ අපිට වර්තමානයේ දැක බලා ගන්න පුලුවන් අනිත් අංග සහ ස්ථාන වලින් “කිහිපයක්” ගැන තොරතුරු ගෙන එන්න.