අද අපේ වැඩසටහනට එකතු වෙන්නෙ සංජය ඇල්විටිගල (Sanjaya Elvitigala) මහත්මයා. ඔහු Maya Creations ආයතනයේ නිර්මාතෘ සහ විධායක නිළධාරීවරයා විදිහට කටයුතු කරන අතරෙම, රාජ්‍ය විශ්වවිද්‍යාල කිහිපයකම භාහිර කථිකාචාර්යවරයෙක් විදිහටත්, ඊට අමතරව දේශකයෙක් විදිහටත් කටයුතු කරන කෙනෙක්. සමාජයේ බොහෝ පිරිසක් එකවරම සංජය මහත්මාව අදුරගත්තෙ, සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වුණු "කෝටියක් වටින අදහසක්" කියන වැඩසටහනෙන්. ඒ වැඩසටහනේදි දක්ෂ ව්‍යවසායකයො බොහෝ පිරිසක් එක්ක කරට කර තරග වැදිලා, අවසන් අටදෙනාගේ වටයට එන්නත් වාසනාව ලැබෙනවා. සංජය මහත්මයා ඒ වැඩසටහනේදී ඉදිරිපත් කළ අදහස, අද වෙනකොට මල් පල ගැන්විලයි තියෙන්නෙ. ඒ තමයි eLearning.lk ආයතනය. ඉතින් අද අපි හිතුවා සංජය මහත්මයත් එක්ක eLearning.lk ආයතනය ගැනත්, කෝවිඩ් 19 වසංගත තත්වය එක්ක ලෝකය පුරාවටම ප්‍රචලිත වුණු දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය ගැනත් සාකච්ඡා කරන්න.